Tuesday, August 25, 2015

පිටසක්වල ත් බ්ලොග් තියනවද

බ්ලොග් සංචාරයේ යෙදෙන විට අපූරු පෝස්ට් කිහිපයක් ඇස ගැටුනි. විද්‍යා ගවේශන  බ්ලොගයේ " තුර්කියේ ෆිර්ජියන් නිම්නයේ දැවැන්ත යුධ රථ ධාවනය කල අතිශය පෞරාණික දියුණු ශිෂ්ඨාචාරයක් තිබුණාද?" යන ශීර්ෂය යටතේ  මෙම ලිපිය පළ වී තිබිණි.
ලිපියේ සඳහන් කරුණු අනුව මීට අවුරුදු මිලියන 12 -14 කට පෙර තුර්කියේ ප්‍රීජියන් ප්‍රදේශයේ ඇතිවූ භූ සටහන් බරවාහන ධවනය නිසා සිදුවූවක් බවට කල්පිතයක් ගොඩ නගා ඇත.මෙය පිටසක්වලයන්ගේ එකක් විය හැකි බව එහිදී කියවේ.මෙම යුගයේ දියුණු ශිෂ්ටාචාරයක් තිබුනානම් එය කිසිසේත්ම මිනිස් ශිෂ්ටාචාරයක් නොවේ. මෙම යුගය හදුන්වන්නේ මයෝසීන යුගය ලෙසය. මිනිසුන්ගේ පූර්වජයන් හා චිම්පන්සින්ගේ පූර්වජයන් එකිනෙකාගෙන් වෙන්වී තම තමන්ගේ පරිණාමික මාවත් වල යාම ඇරඹුවේ මේ කාලයේය.

මෙය කල්පිතයකි.ඇත්තෙන්ම මිනිසාගේ ශිෂ්ටාචාරයට තවම වයස අවුරුදු 10,000 ක් වත් නැත.අවසාන අයිස් යුගය නිමවූ පසු මිනිසා ශිෂ්ටාචාරවත් විය. මුලින්ම තිරිගු වගා කළේද මේ ප්‍රදේශවල බව කියනු ලැබී.දකුණු තුර්කිය ඒ අනුව වැදගත් භූමි ප්‍රදේශයකි.මේවා ලංකාවේ රාවණා කතා මෙන් හාස්‍ය උපදවන ප්‍රවාද නොව සාක්ෂි මත ගොඩනැගූ කල්පිතයන්ය.එහෙත් මේ කිසිවක් කල්පිතයන්ගෙන් ඔබ්බට ගොස් නැත.

රාවණා කතාව වැනි ජනප්‍රවාද බොහෝ රටවල ඇත.අදට වඩා ශ්‍රී විභූතියක් එදා තිබූ බව පිළිගැනීමට මිනිස්සු ස්වාභාවිකවම කැමතිය.රාවණා ප්‍රවාදය ගොඩ නැගී ඇත්තේ  භාෂාවේ වදන් උඩප්පරං ගැසීමෙනි.උදාහරනයකට වාරියපොල හැදී ඇත්තේ රාවණාගේ වායු රිය නැවැත්වූ පොළ එය නිසාලු. වර්ගපූර්නිකාවේ ( එනම් බ්ලොගය ) මේ ගැන ඉතා ලස්සන සරදම් ප්‍රබන්ධ ගොඩ නගා තිබිණි.

යුරෝපයේ ඩැනියුබ් ගඟට ඒ නම වැටී ඇත්තේ දානව නම් හෙළයා නිසා බවත් කැස්පියන් මුහුදට මේ නම වැටී ඇත්තේ කසුබ් නම් හෙළයා නිසා බවත් කීවේ අරිසෙන් අහුබුදුය. ඔහු වර්ගපූර්නිකාවේ මෙන් සරදමට නොව සිරාවටමය. වර්ගපූර්නිකාවේ අප්‍රිකාව ට නම හැදුන හැටි දක්වා තිබිනි. ඒ රාවණාට අප්පිරිය වූ මිනිසුන් ඉන්න රට කියාය. අපේ වහරක හාමුදුරුවෝ බුදුන් උපන්නෙ ලංකාවෙ කියා මේ වච්න සෙල්ලමෙන් පුනර්භවයද ඔප්පුකළ සේක.

බලයට කෑදර මිනිසුන් බළලුන් වී උපදියි.
පොලවට ආස කළ අය මීයන් වෙයි. මී= පොලව
කිඹුලන් වී උපදින අය ගැන හිනා කාල පනයන  කතාවක් හදා ඇත.










මේ විකාර පසෙකින් තබා සාක්ෂි සහිතව යම් කල්පිතයන් සාධනය කිරීමට උත්සාහ කරන විද්වතුන්ගේ අදහස්වලට සවන් දෙමු.ඔවුන් කියන දේවල්වල 80% කට වැඩිය සැකසහිත දේ තිබුනද මට නම් සිතෙන්නේ මේ විශ්වයේ කොහේ හෝ දියුණු ශිෂ්ටාචාරයක් තිබිය හැකි බවයි.

මේ ගැන අපේ ඉස්තේවන් අයිය මොකද කියන්නෙ බලමු.


ඉස්තේවං අයිය නම් බයවෙලාය. කොලොම්බස් දකුණු ඇමරිකාට ආව වගෙ වෙයි කියා සිතයි.  කෘතිම බුද්දියටත් විරුද්ධව ඉස්තේවන් අයිය යාළුවො සෙට් එකක් එක්ක එකතුවෙලා කසුකුසුවක් ගෑවේය .ලියුම් කරදහියකුත් බාර දෙන්න ගියේය.

අගහරු මත දියුණු ශිෂ්ටාචාරයක් තිබී එය පසුකලෙක විනාශවූ බවක් කියන්නෝද වෙති



පෘථිවියට සමාන ග්‍රහලොවක් සොයාගත්තේ මෑතකදීය. ඒ ආලෝක වර්ෂ 1400 කට එපිටිනි. අප ජීවත් වන්නේ ක්ෂීරපථයේ කෙළවරකට වන්නටය. අපේ ක්ශීරපථය තුලම හෝ ජීවයක් තිබෙන්නට ඉඩ තිබේ. 
මෙහිදී මතුවන ගැටළුව නම් එසේ දියුණු ශිෂ්ටාචාරයක් ඇත්නම් ඔවුන් අපකරා නො එන්නේ ඇයිද යන්නයි.


දැනටමත් ඇවිත්ද අපව නිරීක්ෂනය කරන්නේද නැත්නම් අපගේ කටයුතු රිමෝට් කොන්ට්‍රෝලයකින් පාලනයකරන්නේද කියා දන්නේ කවුද

එසේත් නැත්නම් අප මෙන් ලිං මැඩි විශ්වයක සිරවී වෙනත් සක්වල ජීවීන් ගැන කල්පිත ගොඩ නගමින් ඒවා විචාරයට ලක් කරමින් බ්ලොග් කට්ටක් ලියාගෙන දැහැමෙන් සෙමෙන් සිටිනවාද විය හැක.




34 comments:

  1. රාවණා යුරෝපෙට ගිය කාලෙ දැන් ප්‍රංශයෙ Calais නගරය ගණ කැලයක්ලු නේ?

    ReplyDelete
    Replies
    1. //The best proof that there’s intelligent life in outer space is the fact that it hasn’t come here.//
      - Sir Arthur C. Clark .

      Delete
    2. අතැඹුලක් සේ සක්සුදක් සේ පැහැදිලියිනෙ. සුද්දන්ට කට උත්තර නෑ .
      ප්‍රංශය රාවනා යටතෙ තිබුනෙ නැත්නම් කොහොමද කැලේ කියල නම වැටුනෙ.
      ක්ලාක් මහත්තය කියන එකත් ඇත්ත. උන් ආවොත් පිටසක්වල රට රාජ්ජවල නම් අහල එහෙත් රාවණා හිටිය කියල මිරැන්ඩෝල මනමේන්ද්‍රල පත්තරවලට ලිපි ලියයි කියල බයට උන් මෙහෙ එන්නෙ නෑ

      Delete
  2. උන් බ්ලොග් ලියන්නෙ නැතත් කමක් නෑ. කමෙන්ට්ස්වත් දානවානං අඩු ගානෙ. හැක් හැක්

    ReplyDelete
    Replies
    1. ඔය ඇනෝ කොමෙන්ට් දාන්නෙ උන්ද දන්නෙත් නෑ

      Delete
    2. හත්වලාමෙ...කියන්න බෑ තමා.

      Delete
  3. අම්මප ඒව කියන්න බෑ නේද?

    ReplyDelete
    Replies
    1. මමනම් හිතනව පිටසක්වල ජීවයක් ඇති කියල. හැබැයි ඉස්තේවන් අයිය කියන තරම්ම යක්ෂයො වෙන්නත් බෑ.උන් මෙහෙ ආවොත් සමහරවිට අපේ ශිෂ්ටාරය දියුණු වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපි ගොවිපොළ සතුන් හෝ වහල් සිරකරුවන් වෙන්නත් පුළුවන්.
      අපි තරම් දියුණු නැති ජීවීන් තවම බිලිපූජා කර කර ඉන්නව වෙන්නත් පුළුවන්. අපි එහෙ ගියොත් අපිව දෙයියන්ට වගෙ සළකයි. දෙවිවරුය කියන අයත් පිටසක්වල ජීවීන්ය කියල මතයක් තියනව

      Delete
  4. රාවනා කතාවල නම් දෙපැත්තක් තියෙනවා.
    එක කට්ටියක් මහා ශ්‍රේෂ්ඨ රාවනා යුගයක් ගැන විස්වාස කරනවා.
    තව පිරිසක් දෙමල ඒකීය පුද්ගලයෙක්ගේ පොඩි හොඳක් දැක්කාම "අපේ සිංහල මිනිස්සු වගේ නෙමෙයි දෙමෙල්ලු හරීරීරී හොඳයි" කියා ඕනෑවට වඩා පැහැදෙනවා. මේ දෙකටම හේතුව දූපත්වාදී මානසිකත්වය. වැඩිපුර ඉන්නෙ දෙවැනි පිරිස.

    ReplyDelete
    Replies
    1. මම නම් දෙමළ හෝ මුස්ලිම් විරෝධියෙක් නෙමෙයි.
      හැබැයි ඒකීය පුද්ගලයන්ගෙ හොඳ හෝ නරක දැකල ජාතීන් විනිශ්චය කරන එක නම් මට්ට මෝඩ කමක්.
      දෙමළ කතාව යි රාවණා කතාවයි සම්බන්ධ වෙන්නෙ කොහොමද
      මම නම් හිතන්නෙ රාවණා කියන්නෙ වාල්මිකීගෙ හිතේ ඇදුන චරිතයක් විතරයි.

      Delete
    2. මුල් කාරණය දූපත්වාදී අධි මානය ආනක දූපත්වාදී හීනමානය

      Delete
    3. ජගත් ඔබ හරි .අධිමානය සහ හීනමානය තමයි. මේ දෙකම එකම කාසියෙ දෙපැත්ත නේද

      Delete
  5. මොකැ අයියේ එක එක උඩ පෝස්ට් දාන්නෙ

    ReplyDelete
    Replies
    1. මමත් ආස නෑ . ඒත් අරුණිගෙයි ටෙරන්ස්ගෙයි පෝස්ට් දෙකකම කතා කරන්න දෙයක් තිබුන නිසා එකක් දාල අනික පස්සෙ දාන්න ගියොත් ඒ නිව්ස් එක පිළුනු වෙන නිසා එකටම දැම්ම

      Delete
    2. උඹට පිස්සු බං , පැය විසිහතරක් ඉවසහංකෝ

      Delete
  6. විද්‍යා ගවේෂණ ලියන එකා අලි ඔලුවෙක් ඌ කාදාවත් අපි දාන කොමෙන්ට් පබ්ලිෂ් කරන්නේ නෑ ඌ ලියන්නේ ඌටම බලාගන්න

    ReplyDelete
    Replies
    1. ටෙරන්ස් මහතා මහන්සිවෙලා විද්‍යාව තාක්ෂණය ගැන බ්ලොග් එකේ පෝස්ට් හදල දානව. මල් කැකුළු ඇරුනම මේ වගෙ බ්ලොග් තියෙන්නෙ මං දන්න තරමින් අතලොස්සකටත් අඩුවෙන්.මං පොරට ගරු කරනව ඒ සේවයට.

      ටෙරන්ස් කියන්නෙ වීර පුරුෂයෙක් .අපි වගෙ බාලයන්ගෙ ඇසුර අප්‍රිය කරනවද දන්නෙත් නෑ නේද .දෙවිවරු පොලවට බහින්නෙ නෑ කියනවනෙ .

      ඒක නෙමෙයි .පොරට බිසි ඇති බන් .ඒකයි එහෙම කරන්නෙ.

      Delete
    2. විද්‍යා ගවේෂණ ලියන එකා
      කවුද දන්නේ නැ බං , ඒ උනාට ඒක පට්ටයි
      මං හෙන කැමතියි ඒකට
      ළමයින්ටත් පෙන්නනව සමහරක් එව්වා
      එහෙම තැං තියෙන් අතේ ඇගිලි ගානටත් අඩුවෙං

      Delete
    3. /ඌ ලියන්නේ ඌටම බලාගන්න/
      ++++

      Delete
  7. //එසේත් නැත්නම් අප මෙන් ලිං මැඩි විශ්වයක සිරවී වෙනත් සක්වල ජීවීන් ගැන කල්පිත ගොඩ නගමින් ඒවා විචාරයට ලක් කරමින් බ්ලොග් කට්ටක් ලියාගෙන දැහැමෙන් සෙමෙන් සිටිනවාද විය හැක.//

    මම හිතන්නේ ඇත්ත මෙන්න මේකයි :P

    ReplyDelete
    Replies
    1. ඒක තමයි. උන් ලොවෙත් නැති විදියට මේකට ඇබ්බැහි වෙලා ඒකෙන් උන්ගෙ ශිෂ්ටාචාරයෙ ඉදිරි ගමන නැවතිලාද දන්නෙත් නෑ.
      බ්ලොග් ලියනව ,කොමෙන්ට් කරනව රිප්ලයි කරනවම තමයි වෙන වැඩක් නෑලු.

      Delete

  8. https://www.youtube.com/watch?v=e7DrHX2BFhc

    https://www.youtube.com/watch?v=JIDDyuN6eA8

    https://www.youtube.com/watch?v=7cqhilL_VMA

    ReplyDelete
  9. වෙනත් බ්ලොග්කරුවන්ට අපහාස හෝ සරදම් කරන කොමෙන්ට් දමන්න එපා. ඔවුන් සමඟ ඇති ගනුදෙනු ඔවුන්ගේ බ්ලොග්වලදී බේරා ගන්න.
    එවැනි කොමෙන්ට් එකක් ඉවත් කළෙමි.

    ReplyDelete
  10. මෙතන තියෙන තව පැත්තක් තමයි අපි පිටසක්වල ජීවියෝ කියලා හොයන්නේ අපේම අනිකාව වීම. ඔලුව ලොකුයි, කන් දිගයි, පොඩ්ඩක් කොටයි, නැත්නම් කොහේ හරි දැකලා තියෙන සතෙක් වගේ. එහෙම බැලුවාම අපි ඉස්සර මවා ගත්ත දෙවිවරුයි, දැන් විද්‍යාව ඉගෙනගෙන මවාගන්න පිටසක්වල ජීවීන්ගෙයි සමානකමක් තියෙනවා තමයි. අපි පිටින් හොයන්නෙත් අපි වගේම ඔක්සිජන් බොන කාබනික ජීවියෙක්ට ඉන්න පුළුවන් තැන්. ඔය අච්චුවෙන් පිට තව කොයිතරම් දේවල් තියෙන්න පුලුවන්ද? (මේ ගැන ලියන්න පටන් ගත්තත් ඡන්ද කතා නිසා මඟ ඇරුනා.)

    දැන් ඔය රාවණා කතාව ගැන සමහර දෙමළ අය කියන දෙයක් තමයි "සිංහලයෝ කියන්නේ විජය එක්ක 2600කට කලින් ආව ඉන්දියානු ආර්ය ආක්‍රමණිකයෝ සහ පසුව පරිවර්තනය වුන ද්‍රවිඩයෝ. රාවණා කියන්නේ ඊට කලින් අවුරුදු සහශ්‍ර ගණනක් ලංකාවේ ජීවත්වුන ශිව භක්තික ඩ්‍රාවිඩියන් ජනතාවගේ රජ කෙනෙක්" කියලා. මේ කතාවේ ලංකාව පුරා විසිරුණු මුන්නේශ්වරම්, කෝනේස්වරම් වාගේ ශිව දේවාල පද්ධතියක් ගැනත් තියෙනවා. දැන් මේ ප්‍රවාදය තුළ මහා වංශයේ ඇති කිසිවක් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. එක එක අය එක එක ප්‍රවාද නිර්මාණය කරන එකේ වැරැද්දක් නැහැ. ඒ සමහර ඒවා ඇත්ත වෙන්නත් පුළුවන්. ඒ නිසා මේවා සංවාදයට ලක්වෙන එක හොඳයි. එතකොට පදනමක් නැති ඒවා නිකම්ම හැලෙනවා. හැබැයි තමන්ගේ ප්‍රවාද බලෙන් අනිත් අයගේ ඇඟේ ගහන්ඩ නොඑන තාක් පමණයි. හැම දෙයක්ම කිරලා මැනලා පිළිගැනීම තමන්ගේ වැඩක්.

    ReplyDelete
    Replies
    1. //අපි පිටින් හොයන්නෙත් අපි වගේම ඔක්සිජන් බොන කාබනික ජීවියෙක්ට ඉන්න පුළුවන් තැන්. ඔය අච්චුවෙන් පිට තව කොයිතරම් දේවල් තියෙන්න පුලුවන්ද?//
      විශ්වය සැකසී ඇත්තේ අප දැනට දන්නා මුලද්‍රවය වලිනි. ඒ හැර තවත් ස්ථායි පරමාණු විශ්වයේ නොපවතී. මෙම මුල ද්‍රව්‍ය වල ගුණ රසායන විද්‍යාව අනුව විදිමත් ලෙස අධ්‍යනය කර ඇති අතර එම ගුණාංග යනු විද්යාවේ වෙනස්වන ප්‍රවාද නොව ප්‍රයෝගිකව සත්‍ය වේ. මුල ද්‍රව්‍ය වල ගුණ සලකා බැලුවිට අනිවාර්යෙන් ජීවයක් ඇතිවීමට නම් කාබන්,හයිඩ්‍රජන්,ඔක්සිජන්, නයිට්‍රජන් වැනි මුලද්‍රවය අනිවාර්යෙන්ම දායක විය යුතුය. එබැවින් අප දන්නා අච්චුවෙන් පිට ජීවයක් සිටීමට ඇති ඉඩ ඉතා අවම වේ. එබැවින් පිටසක්වල ජීවය සෙවීමේදී. ජීවයක් සපිරීමට වැඩිම ඉඩක් පවතින රසායනික සහ භෞතික සාධක සහිත ග්‍රහලෝක කෙරෙහි අවධානය යොමුකරයි. පොලවේ ඕනෑම තැනක මැණිකක් තිබිය හැක. නමුත් සෑම තැනම හාරා මැණික් සොයන්න යෑම පලක් නැති දෙයකි. එබැවින් මිනිසුන් මැණික් සොයන්නේ මැණික් තිබීමට ඉඩ ඇති සාදක සහිත ස්ථාන වන පතල් වලයි.

      Delete
    2. //මුල ද්‍රව්‍ය වල ගුණ සලකා බැලුවිට අනිවාර්යෙන් ජීවයක් ඇතිවීමට නම් කාබන්,හයිඩ්‍රජන්,ඔක්සිජන්, නයිට්‍රජන් වැනි මුලද්‍රවය අනිවාර්යෙන්ම දායක විය යුතුය.//

      මම මේ විෂය ගැන ප්‍රාමාණික දැනුමක් තියෙන කෙනෙක්නම් නෙමෙයි. හැබැයි අකාබනික ජීවයක් පැවතීමේ හැකියාව පිලිබඳව සාකච්ඡාවක් තරමක් සක්‍රිය ලෙස සිදුවන බව මා නිරීක්ෂණය කර තිබෙනවා. මෑතකාලීනව පලවී ඇති මේ විමර්ශිත ජර්නල් ලිපි ගැන ඔබේ අදහස කුමක්ද?

      1. Pabulo Henrique Rampelotto "The Search for Life on Other Planets: Sulfur-Based, Silicon-Based, Ammonia-Based Life" Journal of Cosmology, 2010, Vol 5, 818-827.

      2. Kondratyev MS, et al. (2013) 18 Possible extraterrestrial life: a quantum-chemical look on the silicon analogs of carbon biomolecules. J Biomol Struct Dyn 31.sup1:10–11

      3. Dirk Schulze-Makuch, Louis N. Irwin "The prospect of alien life in exotic forms on other worlds" Naturwissenschaften
      April 2006, Volume 93, Issue 4, pp 155-172.

      4. Bains, W. (2004). Many chemistries could be used to build living systems. Astrobiology, 4, 137–167.

      Delete
    3. රසායනික සංස්ලේශී ජීවීන් ඉන්න බැරිද්
      මිනිසා තරමට ඔවුන්ගෙ පරිණාමයක් වෙන්න බැරිද
      ඒ විතරක් නොවෙයි කිසියම් ශක්ති විශේෂයක් වගෙ පරමාණුක මට්ටමින් එහා ගිය ජීවයක් තියෙන්න බැරිද
      චතුර්මාන අවකාශයන් වල තිබෙන ජීවය ගැන නම් පිටසක්වලින් හොයන්න ඕන නැහැනෙ. එය මෙහිම තිබෙන්න පුළුවන්නෙ.

      Delete
    4. ජීවයේ ඇතිවීමට අනිවාර්යෙන්ම දිගු අනුක දාම සාදන මුලද්‍රවයක් සහ හොඳ ද්‍රාවකයක් අවශ්‍යයි අප දන්නා ජීවය සඳහා ඒ දෙක තමයි කාබන් සහ ජලය. මෙතනදී කාබන් වෙනුවට ආදේශක ලෙස ටිකක් හරි ගැලපෙන මුලද්‍රවය තමයි ඔබ සඳහන් කල සිලිකන් සහ සල්ෆර්. මේ දෙකෙන් සිලිකන් බොහෝදුරට කාබන් වලට සමාන නමුත් කාබන් තරම් විවිදත්වයක් සහිතව සංයෝග හදන්නේ නැහැ. ඒ වගේම සිලිකන් මගින් සෑදෙන කාබන් අනුකාරක සංයෝග වල ස්ථායි තාවය අඩුයි. සල්ෆර් වල ගතිගුණ සිලිකන් වලටත් වඩා දුර්වලයි නමුත් මේවා මගින් ජීවයක් පැවතීමට යම් හැකියාවක් ඇතත් එය බැක්ටීරියා වයිරස් වැනි මට්ටමට වඩා එහාට ගොස් දියුණු ජීවයක් පැවතීමට හැකියාව අවමයි. එසේම ජීවයක් සඳහා පාදක වන ඇමයිනෝ අම්ල සහ එමගින් ඇතිවන DNA RNA වලට අනුකාරක සිලිකන් හෝ සල්ෆර් මගින් සාදන සංයෝග සඳහා තවම කිසිවෙක් සම්පුර්ණ ආකෘතියක් ඉදිරිපත් කර නොමැත.
      මම මෙතෙක් කියුවේ කාබන් වලට ආදේශක ලෙස යෝජනා වන සිකන් සහ සල්ෆර් ගැන. එසේම සල්ෆර් ඔක්සිජන් වෙනුවට ආදේශකයක් කර ගන්නත් පුළුවන්. එසේම ජලය වෙනුවට ඇමෝනියා, සල්ෆුරික් අම්ලය වැනි දී ආදේශ කර ගන්න පුළුවන්. කොහොම වුනත් ඒවායේ ඇති රසායන දුර්වල තා නිසා ජීවය සරල මට්ටමෙන් එහාට යන්න අමාරුයි.
      දැනට කෙප්ලර් වැනි දුරදක්න යොදාගෙන නාසා මගින් උත්සාහ කරන්නේ දියුණු ජීවෙන් සොයන්න. ඒ සඳහා ක්ෂීර පථයේ ජීවයක් තිබීමට වාඩා ඉඩ ඇති ප්‍රදේශවල ඇති තරුවලඅයත් ජීවයක් තිබිය හැකි ප්‍රදේශවල ඇති ග්‍රහලෝක මුලින් අධ්‍යනය කර වඩා ඉඩක් සහිත ලෝක හා සම්බන්ද තා ඇතිකරගැනීමට උත්සාහ කිරීමයි එතනදී සොයන්නේ සරල මටටමේ ජීවයක් නොවෙයි. එමනිසා ඔවුන් කාබන් මගින් සෑදුනු ජීවයකට උචිත තත්ත්ව හොයනවා. එසේම අඟහරු මත යුරෝපා මත ජීවය හොයන්නේ සරල මට්ටම්නේ ජීවයක් හෝ පවතීද කියා එතනදී නම් ඔය. සිලිකන් සල්ෆර් වැනි දේ මත පදනම් ජීවය හෝ තෙබේදැයි සොයාවි.

      Delete
  11. Replies
    1. වසර මිලියන ගණනකට පෙර ලෝකයේ රෝද භාවිතා කරන ලද ශිෂ්ටාචාරයක් පැවතීම ගැන වෙනත් සාධක නොමැත. එසේම පිටසක්වලයන් මෙහි පැමිණියා නම් ඔවුන් සතුව දියුණු තාක්ෂණයක් තිබිය යුතුය එසේ නම් ඔවුන් ලොකු රෝද සහිත රථ වලින් යාම විය හැකිද? සමහර විට මෙය 2012 දී ලෝක විනාශය වැනි කතාවක් වීමට ඉඩ වැඩිය.

      Delete
    2. ආලෝකවර්ෂ දහස් ගනනක් ගෙවාගෙන එන ජීවියෙක් රෝදවලින් යයි කියලනම් හිතන්න අමාරුයි තමා.නමුත් අගහරුවල මතුපිට සැරිසරන රෝබෝ යන්ත්‍ර රෝදවලින් එහෙමෙහෙ යනව වගෙ ඔවුන්ගෙ යම් කටයුත්තක් සිදුවුනාද දන්නෙ නැහැ නේද

      Delete
  12. වෙනත් ජීවයක් තියෙනවනම් ( මම හිතන්නෙනම් එහෙම ඇති. එහෙමයි කියලා හිතන්න සාක්ෂි තියෙන හන්දා ) මේ අපිට වැඩිය බොහොම ඉස්සරහින් ඒ ජීවියෝ ඇති.. අපි තමා ඉතින් මේ ඔක්කොම..

    ReplyDelete
    Replies
    1. ඉස්සරහින් වගේම පිටිපස්සෙන් වෙන්නත් පුළුවන්

      Delete