Friday, August 28, 2015

කොරියන් ගොනා පොල් පැලේ කයිද

අරුණි අපූරු ලිපියක් පළ කර ඇත.එය මාද කැමති විශය ක්ශේත්‍රයකි. ඇත්තෙන්ම මම විවේක වෙලාවට ගූගල් සර්ච් කරන විට නොවැරදීම ටයිප් කරන වචන කිහිපයක් වෙයි.3d printing ,virtual reality , artificial intelligence  ඒ අතර වෙයි.ත්‍රිමාණ මුද්‍රණ තාක්ෂනයෙන් නිර්මානය කළ හොටක් පක්ෂියෙකුට බද්ධ කිරීම ගැන එම ලිපියේ සදහන් වේ. ඇත්තෙන්ම බයෝනික් අවයව නිර්මාණය, නිවාස ගොඩ නැගීම, රොකට් එන්ජින් වල අමතර කොටස් පවා මෙම තාක්ෂනයෙන් නිර්මාණය කෙරේ.


බ්ලොග් කලාව දැනුම සොයායන සංවාද කරන දිශානතියක් කරා යා යුතුය.  සමාජයේ බුද්ධි කලම්බනයක් ඇති කළ හැක්කේ එසේය.තාක්ෂනය පෙර නොවූ විරූ වේගයකින් ඉදිරියට යයි. ගින්දර සොයාගැනීමෙන් බොහෝ කලකට පසු රෝදය සොයා ගැනුනි.  රිදී රත්තරන් වැනි මූලද්‍රව්‍ය සොයා ගත්තත් ඒවා  පටු සීමා වලට කොටුවිය. පැරණි ලෝකයේ සොයාගැනීම් අතර මාළිමාව ,ඉදිකිරීම් තාක්ෂණය සහ වාරි තාක්ෂනයට අදාල සොයා ගැනීම් ප්‍රතිඵදායක වූ බව සැබවි.එහෙත් ඒ ඉතා සෙමෙනි. අද මෙම දියුණුව සිදුවන්නෙ හිතාගන්නත් බැරි තරම් වේගයෙනි.

බටහිර විද්‍යාව හෙළා දකින නලින් ප්‍රාඥයා වරෙක කීවේ සමහර ඇංකරයන්ට ,පඩියන්ට පරිගකය මහා මෙවලමක කියාය. ඇත්ත කාට නැතත් මට නම් පරිගනකය විශ්මයකි.බටහිර විද්‍යාව හා තාක්ෂනය වේගයෙන් ඉදිරියට යයි. හඳට බුරන බල්ලන් මෙන් මේවා විවේචනනයෙන් අපට ලැබෙන දෙයක් නැත. අපේ අනුරාධපුර යුගයේ මීට සමාන කළැ හැකි තාක්ෂනයන් තිබුනේ නැත. දැනුම සංස්කෘතියට සාපේක්ශ යැයි කියන නලින් ඔහුගේ කෘතියක කීවේ අයින්ස්ටයින් අනුරාධපුර යුගයේ ජීවත් වුනානම් සාපේක්ෂතාවාදය සොයා නොගනු ඇත කියාය. ඇත්තය අයින්සටඉන් එකළ සිටියානම් ඔහු කළ සොයාගැනීම් වලට හිස් ගැසුම් කන්නාට සිදුවනු ඇත. රජෙකුට දුම් අල්ලමින් සිටි පසුගාමී සමජයක් මිස අපට දැනුම සොයන සමාජයක් තිබුනේ නැත.  ඇත්ත කතාව ඒකය.අප සිටියේ ඉන්දියාවේ කාබන් කොපියක් ලෙසය. 

දැනුම සොයායාම ගැන මුල්ම ගෞරවය දිය යුත්තේ මුස්ලිම්වරුන්ටය. ඔවුහු ඉදිකිරීම් ,දේශ ගවේශන ,ඇල්කෙමි ශාස්ත්‍රය ප්‍රගුණ කළහ.මුලිම් ප්‍රගතිය ඔටෝමන් යුගවලදී නතර විය. එය අතට ගත්තේ යුරෝපීයයාය.  යුරෝපයේ අදුරු යුගයෙන් පසු පල්ලිය හා රජා එලවා මානවවාදී සමාජයක් බිහිවූ පසු යුරෝපීයයා ගියේ දිගු ගමනකි.අනාගතයේ නිෂ්පාදන ක්ශේත්‍රයේ දැවැන්ත පෙරළියක් කිරීමට නියමිත 3d printing ද එම ගමනේදී හමුවූ රසවත් පළතුරක්මය.

විශ්වය ගැන සෙවීම නිෂ්ඵලය කියා අත් පය බැද රෙද්දක් පොරවගෙන නොසිට ආසන්න චක්‍රවාට කරා පවා යාමට අනාගත මිනිසා සමත් වනු ඇත අවශ්‍ය වන්නේ සුබවාදී දැක්මයි.

එහෙත් මේ ගමන යාමට පහසු වේද .කිසිසේත්ම නැත. පසුගාමී ම්ලේච්ඡ කාලකන්නි අමන තකතිරුවන් පිරිසක් ඊට උදැල්ල දමති. මේ අමන ගොබ්බ මී හරක් කවුද?

එක් පිරිසක් නම් මැදපෙරදිග  ත්‍රස්තවාදීන්ය. ඔවුන්ට අවශ්‍ය රෑ දාවල් අල්ලා අල්ලා කියා බෙරිහන් දීම පමණි.මානව සංහතියේ ප්‍රගමනය 15 වැනි සියවසේ ලියවුන පොතක පිටු අතර සිරකිරීමටටය. යුරෝපයේත් මේ වගෙ අයියල සිටියත් අද උන් ට කර කියා ගන්නට දෙයක් නැත.ජනතාව ආගමික උන්මත්තකයන්ට වඩා ඉදිරියෙන් බැවිනි.

ISIS ටත් වඩා මානව ප්‍රගමනයට බාධාකාරී වන්නේ උතුරු කොරියාවේ තනි පක්ෂ නාඩගමය. මාක්ස්වාදය කොරියාවේ සුවිශේෂ තත්වයන්ට ගලපා අපූරු රාජාන්ඩුවක් කිම් ඉල් සුන් නිර්මාණය කළේය. කෝටි දෙක හමාරක් මිනිසුන් සෙසු ලෝකයෙන් වෙන් කර එළිමහන් සිර කඳවුරක් ලෙස පවත්වාගෙන යයි. 1971 දි 1989 දි අපටත් වෙන්න ගියෙ මේ සන්තෑසිය බව සිහි වනවිට ඇග හිරි වැටේ.

උතුරු කොරියාවේ මැටි මී හරකා සෙසු ලෝකයට සිය න්‍යෂ්ඨික බලය පෙන්වා කප්පම් ගැනීම යළි පටන් ගෙන ඇත.එහෙත් ඌ උගෙ ඇත්ත ශක්තිය දන්න නිසා වැඩි දුරක් ඉස්සරහට යන්නෙ නැත. දකුණු කොරියාවෙන් උගෙ සිරකරුවන් කෝටි දෙකට අවශ්‍ය ආහාර ලැබුන පසු යලිත් කටුව ඇතුලට රිංග ගනු ඇත. කිම් ජොන් උන් යනු ගහක් උඩ සිටින රිලවෙකි. ගහ යට සිටින කොටින්ට සරදම් කරයි. ගහ යනු චීනයයි. උතුරු කොරියාවේ සිදුවන යම් සිදුවීමක් තුන් වන ලෝක යුද්ධයක් කරා යාමට මෙන්ම මානව සංහතියේ විනාශයට හේතුවිය හැක. බුද්ධිමය කටයුතු යුරෝපය මතත් කාය ශක්තියට අදාල දේ ආසියාව මතත් රදා පවතිමින් කිසිම වැඩක් කරන්නට බැරි තෙල් නිසා උපන්නාට වැනෙන අරාබිකාරයාට වඩා මේ කලාපයේ මිනිසුන් ඉදිරිගාමී දියුණු පිරිසකි. මෙම කලාපයේ ශිෂ්ට මිනිසුන් මියයාම ඉතාම කණාගාටුවකි.



මේ ඒ ලිපියයි.

කෙටියෙන්ම කියතොත් දකුණු කොරියාව උතුරු කොරියානු රෙජීමය ඉලක්ක කරගෙන කරගෙන යනු ලබන ශබ්ද විකාශණ යන්ත්‍ර ප්‍රචාරයන්ට එරෙහිව යැයි කියමින්, පසුගිය බ්‍රහස්පතින්දා, එනම් 2015 අගොස්තු 13 වැනිදා, උතුරු කොරියානු දේශ සීමා ආරක්ෂක බළකායක් විසින් දකුණු කොරියාවේ සීමා මායිමට කාළ තුවක්කු වෙඩි ප්‍රහාරයක් එල්ල කොට තිබේ…එයට ප්‍රතිචාර දැක්වූ දකුණු කොරියානු කාළතුවක්කු සේනාංක උතුරු කොරියාවේ සීමා මායිමට ප්‍රතිප්‍රහාර කිහිපයක් එල්ල කොට තිබේ…කිසිවෙකුටත් මෙයින් හානියක් වී නැතත්, දකුණු කොරියාව දේශ සීමා මායිමේ ජනාවාසයන් කිහිපයක වැසියන් ආරක්ෂිත ස්ථාන කරා ගෙන ගොස් ඇත…
එතැන් සිට සිදුවෙමින් පවතින්නේ උතුරු කොරියාවේ නායකත්වයේ සිටින ළපටි හරකා තප්පුලෑමත්, දකුණු කොරියාව එවැනිම ස්වරයකින් ප්‍රතිචාර දැක්වීමත්, ජපානයට සයනයේ සුළු දිය පහවීමත්, ඇමරිකාව සහ චීනය එක්ව සුපුරුදු පරිදි ” ළමයි සන්සුන් වෙන්න… එන්න හොඳ දරුවො ටික වගේ ඇවිත් ඉඳගන්න” කියමින් ගුරු මණ්ඩලයේ කාර්ය භාරය රඟ දැක්වීමත් පමණි….
උතුරු කොරියාවේ වත්මන් නායක කිම් ජොන්ග් ඌන් වනාහි ඒ පරම්පරාවෙන් රට පාලනය කරන තුන් වැනියාය…පළමු වැනියා හෙවත් මේ ගොන් වස්සාගේ සීයා වනුයේ “කිම්-ඉල්-සුං” නම් නායකයාය…ඔහුගේ අභාවයෙන් පසුව එරට අතට ගත්තේ ඔහුගේ පුතා වන “කිම් ජොංග් ඉල්” ය…2011 වසරේදී සිදුවූ ඔහුගේත් ඇවෑමෙන් පසුව 32 හැවිරිදි, අත්දැකීම් රහිත ගවයා එරට පාලකයාව සිටියි….
උතුරු කොරියාව ලෝක සාමයට, කළාපීය මනුෂ්‍ය ජීවිත මිලියන ගණනකට, නොගිණිය හැකි තරම් වටිනාකමකින් යුත් දේපළ රැසකට සහ සමස්ථයක් ලෙස ජාත්‍යන්තර ආර්ථිකයට බරපතළ තර්ජනයක් බව අවිවාදයෙන්ම පිළිගත යුතු කරුණකි….මෙම තත්වය වඩාත් තීව්‍ර වූයේ එහි වත්මන් නායකයා බලයට පැමිණීමත් සමගය…

38 වැනි සමාන්තරය සහ නිරවි කළාපයන්
38 වැනි සමාන්තරය සහ නිරවි කළාපයන්

උතුරු කොරියානු සමාජය තරම් අනුකම්පා කළ යුතු, අවිචාරවත් සමාජයක් මේ මොහොතේ තොරතුරු තාක්ෂණ විප්ලවයේ පසු කම්පන ලබන නූතන මිනිස් සමාජයට අයත් වෙනත් කිසිදු රටක තිබේදැයි සිතීම සැක සහිතය….උතුරු කොරියාව යනු මිලියන 25 ක් පමණ සිරකරුවන් ගාල් කර ඇති ලෝකයේ විශාලතම එළිමහන් සිර කඳවුර යැයි කීම අතිශයෝක්තියක් නොවේ…
එරට:
1. රාජ්‍ය නායකයාට සහ නායකයාගේ පවුලට, ඔවුන්ගේ ඇසුර ලබන සමාජ ස්ථරයට දේවත්වයෙන් සළකන, දෙවියන්ට සේ වඳින පුදන රාජ්‍යයකි… කොරියානු කම්කරු පක්ෂය හෙවත් කොරියානු කොමියුනිස්ට් පක්ෂයෙන් කැඩී බිහිවුණු ග්‍රාම්‍ය සමාජවාදී ප්‍රවාහය විසින් 1945 වසරේ සිට මේ දක්වා තම පාක්ෂිකයන් සහ තමන්ගේ බලය පවතින ප්‍රදේශය ජනතාවන්ගේ මොළ සේදීමේ සහ ඔවුන්ගේ තොරතුරු දැන ගැනීමේ අයිතිය ප්‍රමුඛ මානුෂීය අයිතිවාසිකම්, පුරවැසි අයිතිවාසිකම්, සිවිල් සහ දේශපාලනික අයිතිවාසිකම් බරපතළ ලෙස උල්ලංඝණය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස අවට ලෝකය සමග කිසිදු සබඳතාවයකින් තොර, දේශපාලනික වශයෙන් නිෂ්ක්‍රීය වහල් ප්‍රජාවක් බිහිව සිටිති….ඔවුහු ස්වකීය රාජ්‍ය නායකයාට ෆ්‍රොයිඩියානු විශ්ලේෂණයන්ට අනුව කියතොත් ළදරු වියෙහි ජීවිතයට කවන ටෝටමයන්ට සේ සළකති…සමූහ හිස්ටෙරික තත්වයක ලක්ෂණ ප්‍රකට කරමින් නායකයා අදහති…
උදා: වත්මන් කොරියානු නායකයාගේ පියා වන කිම් – ජොං – ඉල් 2011 වසරේදි මියගිය මොහොතේ බොහෝ පැසුණු මනස් සහිත වැඩිහිටියන් ” දෙවියෙකු මිය යා හැකිද?” යන පැණය අසමින් ළදරුවන් සේ මං මාවත් වල හඬ වැටීම… ( මෙය බොහෝ දෙනා කොරියානු රාජ්‍ය පරිපාලනය කෙරෙහි බියෙන් හෝ හුදෙක් “එක දා ගැනීමට” කරන ලද්දක් බව කීවත්, මෙහි සන්දර්භයෙහි ඇත්තේ දරුණු මනෝ විද්‍යාත්මක ඛේදවාචකයකි )
මෑතකදී කරන ලද සමීක්ෂණයක් හෙළි දරව් කරන අන්දමට උතුරු කොරියානු ජනතාවගෙන් 23% ක් සිය නායකයා ” මළ මූත්‍රා නොකරන්නෙකු” බවට විශ්වාස කරති…එයින්ම ඔහු දේවාත්මයක් බව කියති…( ද්‍රව්‍යවාදී කොමියුනිස්ට්වාදී අධ්‍යාපනය උතුරු කොරියාවේ ස්ථාපිත කිරීමේ “හොඳකම” මෙයින්ම ගම්‍ය වේ )
2. මේ තත්වය තවත් පෝෂණය කරමින් එරට රජය චන්ද්‍රිකා තාක්ෂණය උපයෝගී කරගන්නා විදේස් මාධ්‍ය ජාලයන්, අන්තර්ජාලය, යනාදි නව යුගයේ තොරතුරු සම්ප්‍රේෂණ ප්‍රවාහ සියල්ලක්ම පාහේ සහමුලින්ම අහුරා ඇත…එරට ජනතාවට ලැබෙන්නේ පියොං යෑං අගනුවර රාජ්‍ය මාධ්‍ය විසින් සකසනු ලබන සත්‍යයෙන් සහ යථාර්තයෙන් බෙහෙවින්ම දුරස්ථ තොරතූ පමණි…
3. මේ සියලු මනෝභාවයන් නිසා එරට ජනතාව සිය නායකයා සහ ඔහුගේ දේශපාලන පක්ෂයේ ඊනියා උත්තරීතර මණ්ඩලය වෙනුවෙන් ඉතා පහසුවෙන් ජීවිත බිලි දීමට තරම් මුළාවක සිටිති….එසේ ඔවුන් වෙනුවෙන් දිවි දීම තුළ තම යුතුකම් ඉටුවන බව ඔවුහු විශ්වාස කරති…තනි තනි පුද්ගලයන් වශයෙන් තමන්ගෙන් කිසිදු වටිනාකමක් නැති බවත්, තමන්ගේ වටිනාකම පවතින්නේ රාජ්‍යයට සහ නායකත්වයේ බළ ව්‍යාපෘතීන්ට කරනු ලබන සේවාවන් මත බවට විශ්වාස තබති….
4. රජය විසින් ගෙන යන ප්‍රචාරයන්ට මුළා වූ ජනයා, සිය දේශය වන උතුරු කොරියාව ඇමරිකා එක්සත් ජනපදය පවා පහසුවෙන් විනාශ කළ හැකි තාක්ෂණයක් සහ පිරිස් බළයක් ඇති සුපිරි බලවත් දේශයක් බවට විශ්වාස කරති…ලෝකයේ අනෙක් රටවල හමුදාවෝ ස්වකීය හමුදා ශක්තිය හමුවේ වෙව්ළන බවත්, ස්වකීය පාලකයන්ගේ ශිෂ්ඨ සම්පන්න පාලනය කෙරෙහි ඇමරිකාව ප්‍රමුඛ බොහෝ රටවල නායකයන් ඊර්ෂ්‍යාවෙන් පෙළෙන බවත් කිසිදු සැකයකින් තොරව අදහති…
බහු පක්ෂ ක්‍රමයේ මොන තරම් දුර්වලතා තිබුණත්, සංවර්ධනය වෙමින් පවතින රටවලට ඒවා හරහා ඉස්මතු වන දේශපාලනික බෙදීම් බාධක විය හැකි බව කීවත්, බහු පක්ෂ ක්‍රමය පවතින රටවල මෙවැනි මාරාන්තික ප්‍රහසනයන් නිර්මාණය වන්නේ නැත…ඒක පක්ෂ ක්‍රමයක් යම් රටක පවතින්නේ නම් හෝ ඒකාධිපති පාලන ක්‍රමයක් පවතින්නේ නම්, ඕනෑම නිමේෂයක එවැනි ජන සමාජයන් මෙවැනි අමන මරි මෝඩ දිශානතීන් කරා යන ගමනක් ඇරඹීමේ අවදානමක සිටී….උතුරු කොරියානු ජනතාව වනාහි මුළු ලොවෙන්ම අනුකම්පාව ලැබිය යුතු පිරිසකි….බහු පාර්ශ්වික ප්‍රජාතන්ත්‍රවාදයෙහි වටිනාකම තේරුම් ගැනීමට උතුරු කොරියානු ජනතාව කදිම නිදර්ශණයකි…
තත්වය එසේ තිබියදී උතුරු – දකුණු දෙකොරියාවන්ගේ හමුදා ශක්තිය සැකෙවින් සැසඳුවහොත්, පිරිස් බලය අතින් ඒ දෙපිරිසෙහි එතරම් විශාල වෙනසක් නොමැති වුවත්, සන්නාහ තාක්ෂණය, අවි තාක්ෂණය, සහ නිරීක්ෂණ තාක්ෂණය යනාදි කරුණු සැළකිල්ලට ගෙන බලන විට දකුණු කොරියාව සිටින්නේ උතුරු කොරියාවට වඩා ගව් ගණනක් ඉදිරියෙනි…උතුරු කොරියාවේ හමුදා ශක්තියෙන් 80% දශක ගණනකින් යල් පැනගිය ආම්පන්න සහ සන්නාහ වලින් සමන්විත වන අතර, හුදු අංක ගණිතයෙන් පමණක් ඔවුහු ඉදිරියෙන් සිටිනා බවක් පෙන්වති….සාමාන්‍ය සරල රාමුවක සිදු කරනු ලබන සටනකදී අධි තාක්ෂණයෙන් අනූන දකුණු කොරියානු හමුදාවන්ට පහර දෙනවා තබා, තමන්ගේ ආධි කල්පික අවි රැගත් රථවල එන්ජින් කීයක් පණ ගන්නවන්න ලැබේද යන්නත් උතුරු කොරියාව විෂයෙහි සැක සහිතය….එසේ හෙයින් එවැනි සටනකදී දකුණු කොරියාවට ඇමරිකානු ආධාර වලින් තොරව වුවත් පහසු ජයක් ලැබිය හැකි අතර, එවැනි සටනකදී උතුරු කොරියානු යුද යාන්ත්‍රණය සමූල ඝාතනය වීමක් අපේක්ෂා කළ හැක….
නමුත් එරට යුද යාන්ත්‍රණය ලොව ශ්‍රේණිගත කිරීම් වලදී ඉහළට ඔසවා තබන ප්‍රධානතම සාධකය වන්නේත්, ඔවුන්ට යාබද අනෙකුත් අසල් වැසි රටවල භීෂණය වන්නේත් එරට විසින් මේ වනවිට කරන ලද න්‍යෂ්ඨික අවි පරීක්ෂණ මගින් තනා ගෙන ඇතැයි කියන TNT Equivalent කිලෝටොන් 30 ක් පමණ වන යුද ශීර්ෂ 10 ක පමණ ගබඩාවයි…
න්‍යෂ්ඨික යුද ශීර්ෂ තිබුණාට ඒවා සඳහා ප්‍රහාර ප්‍රවාහක මාධ්‍යයක් නොමැති නම් එම යුද ශීර්ෂයන්ගෙන් හදිසි යුදමය තත්වයකදී ප්‍රායෝගික ප්‍රයෝජනයක් නොමැත…උතුරු කොරියාව සතු නවතම මධ්‍යම දුර ප්‍රමාණයේ මිසයිල පද්ධතිය වන ඔවුන්ගේ “ටේපෝ ඩොන්ග් ( ගිනි මකරා ) (Taepo Dong 2 ) ” මිසයිල පද්ධතියේ යන නවතම ඛාණ්ඩයට මෙම ප්‍රමාණයේ යුද ශීර්ෂයක් කිලෝමීටර් 4700 ක් පමණ දුරක් ගෙන යා හැකිය.

North Korean Payload projection Range
North Korean Payload projection Range

මේ අනුව උතුරු කොරියාවට තවමත් ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන භූමියට සෘජු ප්‍රහාරයක් එල්ල කිරීමේ ශක්‍යතාවය නැතත්, උතුරු කොරියාව අවට තිබෙන තාක්ෂණ – සංවේදී සමාජයන් සහ ලෝක ආර්ථිකය විෂයෙහි මර්මස්ථානයන්ට දැඩි හානියක් කිරීමේ හැකියාව තිබේ….
එනමුත් මේ සියල්ලට වඩා වැදගත් සාධකයක් නිසා මෙවරද එවැනි විනාශයක් සිදු නොවනු ඇතැයි සිතිය හැකිය….
ඔබ 80 – 90 දශක වල සිය ළමා කාලය ගත කළ කෙනෙක් නම් සෝවියට් සංගමයේ රාදුගා පොත් ප්‍රකාශකයන් ඵල කළ නිකොලායි නෝසව් නම් ලේඛකයා විසින් විරචිත සහ දැදිගම රුද්‍රිගු ශූරීන් විසින් ප්‍රති නිර්මිත “වැඩ බැරි දාසගේ කථා” කියවා ඇතුවාට සැක නැත….එම කෘති පෙළෙහි එක් කෘතියක වැඩ බැරි දාසගේ බුද්ධිය සහ මොළය ගැන මෙසේ කියා තිබිණි…
“වැඩ බැරි දාසගේ ඔලුව පුස්සක් කියලා සමහරු කියනවා….ඒත් එයා සපත්තු දෙක ඔලුවේ දමාගන්නේ නැතුව දෙපයේ දමාගෙන ඉන්නවා… එහෙම නම් කොහොමද කියන්නේ එයාගේ ඔලුව පුස්සක් කියලා? ”
උතුරු කොරියාවේ නායකත්වයේ සිටින කිම් ජොන් ඌන් නම් අමන ගෝතයාගෙන් වුවද මෙවන් සාමාන්‍ය අවබෝධයක් බලාපොරොත්තු විය හැකි අතර, ඔහුට යුද නායකයන් වශයෙන් ක්‍රියා කරන කාළකණ්නියන් අතර මනුෂ්‍යත්වයට හිමි සාමාන්‍ය ප්‍රඥාව මෙහෙයවා තීරණ තීන්දු ගන්නා එක් මිනිසෙකු හෝ සිටිය හැකි බවට අනුමාන කළ හැක…
එසේ නම් එවැනි න්‍යෂ්ඨික ප්‍රහාරයක් ඔවුහු එල්ල කළහොත් ඔවුන්ට එරටට යාබද රටවල් කිහිපයක් ප්‍රධාන නගර කිහිපයක් ( උදා: දකුණු කොරියාවේ, තායිවානයේ සහ ජපානයේ තාක්ෂණ තන්ත්‍රයන් මෙහෙයවන අගනුවර වල් සහ ආර්ථික කළාපයන්) විෂයෙහි දැඩි හානියක් කළ හැකි වුවත් එයින් පසුව එක්සත් ජනපදය සහ නේටෝ බලවේග එක්ව ඔවුන්ට එල්ල කරනු ලබන සමස්ථාපිත ප්‍රතිප්‍රහාරයකදී සිදුවිය හැකි විනාශය උතුරු කොරියාවේ නායකත්වය නොදන්නවා යැයි නොසිතමි….
එබැවින් මෙවරත් ඔවුන් දමන්නේ ඔවුන්ගේ චිරාගත සම්ප්‍රාදායන්ට අනුව දමනු ලබන “හිස් සත්තමකි”… ඒ බව පැහැදිලිය….
මොවුහු මෙලෙස කාළීනව සත්තම් දැමීමේ අරමුණු කිහිපයකි:
1. ආර්ථික වශයෙන් සිඟමනට වැටී තිබෙන උතුරු කොරියාවේ විශාල සාගතයක් සහ දුර්භික්ෂයක් පවතී…චීනයෙන් ලැබෙන අල්ප වූ මූල්‍යමය ආධාරයන්ද කිම් ජොන් ඌන් නම් මෝඩයාගේ ළාමක ෆැන්ටසි සැබෑකර ගැනීමට දරන උත්සාහයටම යෙදේ….මෙවැනි විටෙක කොරියානු නායකත්වයට සිය ජනතාවගේ කුස ගිනි නිවීම යම්තමකටවත් කළ හැක්කේ දකුණු කොරියාව සහ ජපානය විසින් එරටට ලබා දෙන සහල් සහ අනෙකුත් ආහාරමය ආධාර නිසාය…..ඉඳ හිට තමන් මේ යවන ආධාර වෙනුවෙන් ජපානය, දකුණු කොරියාව යම් යම් කොන්දේසි ( පාරදෘෂ්‍ය භාවයේ අත්‍යාවශ්‍ය වීම, ප්‍රජාතන්ත්‍රවාදය අගයන මානව හිමිකම් ගරු කරන සමාජයක් බවට උතුරු කොරියාව පත් කිරීමෙහි ලා නිර්දේශ ) ආදිය පනවා සිය ආධාර ප්‍රමාණයන් අඩු කරති…ඇතැම් විටෙක එවැනි අඩු කිරීම් ආශ්‍රිත සමයන් වලදී උතුරු කොරියාව යුද තර්ජනයක් මවා පෙන්වා, සිය යුද ශීර්ෂ ගබඩා පෙන්වා අසල්වැසි රටවල් බිය වද්දවා සත්තමයක් දමති….එයට බියවන අසල් වැසි රටවල් උතුරු කොරියාවේ “නැති වන්නට කිසිවක් නැති” රෙජීමය සහ ජනතාව තම තමන්ගේ සංකීර්ණ දියුණු සමාජයන්ට එරෙහිව විනාශය දියත් කරනු ඇතැයි බියෙන් බියට පත්ව උතුරු කොරියාව යළි සනසා තබන්නට “කප්පම්” වශයෙන් උක්ථ ආධාර නැවතත් වැඩි වැඩියෙන් ලබා දෙති…මේ සඳහා මෙවැනි න්‍යෂ්ඨික හෝ සහ- සමූල ඝාතක අවි මගින් සිදු කෙරෙන යුද්දයක් සිය එළිපත්තේ සිදුවෙනවා දකින්නට අකමැතිව සිටින චීනයද ඒවාට එක් කොට උතුරු කොරියාවට කප්පම් පිණිස සාගත මලු යවති..කිම් ජොන් ඌන් උන් හිටියේම යුද සරඹ පාමින් කරන විගඩම මෙයින් වටහා ගත හැක.
2. ආර්ථික වශයෙන් අභ්‍යන්තරව දැන් දැන් උතුරු කොරියානු ජන සමාජය තුළ ඉතාම ඉතාම සුළුතරයකට හෝ තමන් විඳිනු ලබන දුක් ගැහැට පිළිබඳව විරෝධාකල්ප මතුවෙමින් පවති….එමෙන්ම කිම් ජොන් ඌන් විසින් ඝාතනය කරන ලද ඉහළ පැලැන්තියට අයත් ජනතා ආදරය දිනූ චරිත කිහිපයක මතකයන්ද මේ වනවිට ඔහුගෙන් ජනතාව ඈත් කරමින් ඇත… ( ඌන් ගේ ) .මෙවැනි ව්‍යාකූලත්වයන් හරහා සමාජයන් අර්බුදයන් ඉස්මතු වීමෙන් තොරව පවත්වා ගැනීමට ඔවුන්ට දිය යුතු කදිම අනුපානය වන්නේ ජාතික ආරක්ෂාව සහ දේශය සතු යුද ශක්තිය ඉස්මතු කිරීමයි….නො-එසේ නම් දේශ ප්‍රේමය සමග බැඳුණු දේශ ප්‍රේමියෙකු ඉස්මතු කිරීමයි..”සතුරන් අප ආක්‍රමණය කිරීමට ඉතාම ආසන්නය” කියමින් සතුරු ක්‍රියාකාරකම් කරන බලවත් සතුරන් ලෙස යම් පිරිසකට හංවඩු ගසයි ….වාර්ෂිකව නටන උතුරු කොරියානු සළු පාලියේ තවත් එක හේතු කාරකයක් වන්නේ මෙම සාධකයයි..
එම නිසා මෙම තත්වය අවි යුද තත්වයක්, කළාපීය යුද්දයක්, සංකීර්ණ ලෝක බලවතුන්ගේ කල්ප විනාශ ගැටුමක් ලෙස පරිණාමය නොවනු ඇති බවට වගකීමෙන් ප්‍රකාශ කළ හැක….මේ මොහොත වනවිට සිදුවෙමින් පවතින සම්මුතිවාදී උත්සාහයන්ට උතුරු කොරියාවේ ළාමක ගොනා ප්‍රමුඛ පාලකයන් දක්වන ප්‍රතිචාර කෙබඳු වෙතත්, උතුරු කොරියාව අරමුණු කරගෙන “මහ රටවල්” එනම් රුසියාව, චීනය, ඇමරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ නේටෝව උනුන් හා යුද වදින තත්වයකට එන්නේ නැති බවට සහතික විය හැක….උතුරු කොරියාව රුසියාව සහ චීනය යන රටවල් ද්විත්වයටම මායිම්ව තිබුණත්, උතුරු කොරියානු නායකයන් මේ රටවල් දෙකම සමග සුභ සබඳතා පැවැත්වුවත්, උතුරු කොරියානු රෙජීමය සිය “කඳවුරු මිතුරෙකු” ලෙස සළකාගෙන ඔවුන් වෙනුවෙන් ඇමරිකාවට එරෙහිව යුද වදින තරම් මුග්ධ තැනකට ඒ රටවල් දෙකම පිරීහෙන්නේ නැත….එනිසා මෙය ගෝලීය අර්බුදයක් වීමේ අවදානම අවමය….එනමුත් මෙම කළාපීයව ඇතිවන යම් යුද්දයකදී භාවිතා වෙන අවි ආයුධ වල අතුරු ප්‍රතිපල නිසා ලෝකයේ අනික් කළාප වල මිනිසුන් යම් යම් ආපදා වලට මුහුණ පෑමේ අවදානමක් ඇත….උදා: Radioactive Fallout

Korea North ( Democratic People`s Republic of Korea )
Korea North ( Democratic People`s Republic of Korea )

එසේ හෙයින් ඒ ගැන විශ්වසනීයත්වයෙන් තොර මූලාශ්‍ර වෙතින් ලැබෙන වාර්ථා දැක තැතිගෙන තමන්ද ඇතුළු බොහෝ දෙනෙකු අපහසුතාවයට පත් කළ යුතු නැත….
නමුත් දකුණු කොරියාවේ සේවය කරන අපේ මිනිසුන් වන ඔබ සැමට පැවසිය යුතු වැදගත් කරුණක් ඇත…
මා මෙම ලියැවිල්ල ලිව්වේ අතීතයේ ලද අත්දැකීම් පදනම් කරගෙන සහ ජාත්‍යන්තර සබඳතා විෂයෙහි මගේ ඇති දැනුම සහ කියවීම පමණක් පදනම් කරගෙන කරන විශ්ලේෂණයක් ලෙසය….එහෙත් ” මිනිසා තමයි අඳුනාගත නොහැකි සතා” යන ධර්මතාවයද තිබෙන බැවින් මෙවර කුමක් හෝ නපුරු අමුත්තක් සිදු නොවෙතියි සහතික කරම කියන්නට නොහැක…( එවැන්නක් සිදු නොවෙනු ඇතැයි අත්දැකීම් මත පදනම්ව සිටගෙන උපකල්පනය කරනු පමණි ).. මේ සියල්ල තීරණය වන්නේ උතුරු කොරියාව නම් අගතිගාමී රෙජිමයෙහි නායකයන්ගේ මානසික මට්ටම අනුවය…විශාල විනාශයක් සිදු කළ යුතුය කියන උමතු තීරණයේ ඔවුන් එල්බ ගෙන සිටින්නේ නම් හෝ එවැනි විනාශයක් කළ පසු එළඹෙන සටන් මාලාව ඔවුන්ට ජය ගත හැකිය යන අමන තක්සේරුවේ සිටින්නේ නම් ඕනෑම මොහොතක මෙතෙක් අප නුදුටු විරූ විනාශයක් සිදුවීමටද ඉඩක් නැත්තේ නොවේ….
මේ නිසා ඔබ මෙසේ කිරීම නුවණට හුරුය…
1. සෝල් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තිබෙන තැන, එය සම්බන්ධ කරගත හැකි අංක, එම කාර්යාලය විසුරුවා හරිනු ලබන ශ්‍රී ලංකා රජයේ හදිසි පණිවිඩ නිසි වෙලාවට ලබාගත හැකි ස්ථානයන් හෝ ක්‍රම වේදයන් අද අදම දැනගෙන සූදානම් කර තබාගන්න…
2. ඔබ තුමන් කොරියානු භාෂාව ප්‍රමාණවත්ව දන්නවා ඇතැයි උපකල්පනය කරමි…එසේ නම් එම භාෂාවෙන් හෝ නො-එසේ නම් ඉංග්‍රීසියෙන් හදිසි පණිවිඩ විසුරුවා හරින මාධ්‍ය ( ෆේස්බුක් මාධ්‍ය නොවේ…ප්‍රධාන දහරාවේ මාධ්‍ය ) මේ දිනවල වැඩියෙන් ඇසුරු කරන්න….
3. හදිසි අවස්ථාවකදී අනුගමනය කළයුතු ක්‍රියා පටිපාටීන් ගැන කොරියානු රජය දැනුවත් කරයි නම් ඒ ක්‍රියාමාලාවන් හොඳින් මතකයේ තබාගන්න….
4. හදිසි අවස්ථාවකදි ඔබ වසන නිවස හෝ බෝඩිම අතහැර යම් තැනකට යාමට සිදුවුවහොත් රැගෙන යාමට අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය කිහිපයක් හෝ ඇතුලත් “හදිසි ගමන් මල්ලක්” සූදානමින් තබා ගැනීම වටී…මෙයට බැන්ඩේජ් කිහිපයක්, ගෝස් කැබලි, ප්ලාස්ටර්, පුළුන්, කතුරක් ආදී ප්‍රථමාධාර ද්‍රව්‍ය කිහිපයක්, දීර්ඝ කල් ඉකුත් වීමේ කාළයක් සහිත ජල බෝතලයක් හෝ කිහිපයක්, විදුලි පන්දමක්, බැටරි කැබලි කිහිපයක්, ජංගම ගුවන් විදුලියක් හෝ ජංගම දුරකථන සඳහා ජංගම බැටරි චාජරයන්, External Battery Packs වැනි දෑ එක්වීම ඔබට විශාල සේවයක් වනු ඇත….
5. ඔබ දිගින් දිගටම බෙහෙත් ගත යුතු යම් රෝගී තත්වයකින් පෙළෙයි නම් ( එසේ නොවේ යැයි පතමි ) ඒ අදාළ රෝගයට අවශ්‍ය ඖෂධ ටිකක් වැඩිපුර මිළට ගෙන ඔබේ වෛද්‍ය උපදෙස් අනුව අත් බෑගයක හෝ සිසිලන බෑගයක බහා ඔබ ලගින්ම තබාගන්න….Ex: Diabetes, Asthma, Blood Pressure etc.
6. ඔබ ජීවත් වන ප්‍රදේශයේ ඇති පොලිස් ස්ථාන, ගිනි නිවන හමුදා ඒකක, ගිලන් රථ සේවා, ප්‍රධාන රෝහල්, ජංගම වෛද්‍ය සේවා, යුද හමුදා ඒකක, එක්සත් ජාතීන් සහ ජාත්‍යන්තර රතු කුරුස සංගමයේ ආදී ආයතන වල ශාඛාව ආදී ආයතන වල
– ලිපිනය සහ එම ස්ථානයට යන හැටි ( මග සටහන් )

-දුරකථන අංක
-සම්බන්ධ කරගත යුතු අයගේ නම් සහ අංක, සහ විද්‍යුත් තැපැල් ලිපින පවා

ඔබේ ජංගම දුරකථනයේ මෙන්ම කඩදාසි සටහන් වල ළඟින් තබා ගන්න….හදිසි යුදමය තත්වයකදී භාවිතා විය හැකි ඇතැම් යුද අවි නිසා
– ජංගම දුරකථන ජාල බිඳ වැටී සන්නිවේදනය අවහිර විය හැක…

– රැහැන් දුරකථන සහ සන්නිවේදනය අවහිර බිඳ වැටිය හැක….
– විදුලිය විසන්ධි වීම් සිදුවිය හැක…
– ඉලෙක්ට්‍රොනික උපාංග පිළිස්සී ක්‍රියා විරහිත විය හැක…

මෙබඳු අවස්ථා වලදී ඉහත සඳහන් වාර්ථා ඔබේ ජංගම දුරකථනයේ හෝ ටැබ් එක වැනි වෙනත් ඉලෙක්ට්‍රොනික් උපාංග වල පමණක් තබා ගතහොත් ඔබ අසරණ වීමේ අවදානමක් ඇත…එනිසා කඩදාසි සටහන් වල මේවා අතින් ලියා තබා ගැනීම වටී….
7. ඔබට හිතවත් කොරියාවේ වෙසෙන යහලුවන්, ඥාතීන්ගේ අංක, ලිපිනයන් මෙන්ම ඔබේ ලංකාවේ වෙසෙන ඥාති මිතුරන්ගේ අංක සහ ලිපිනයන්ද එවැනි කුඩා කඩදාසි සටහන් ගොණුවක ලියා ඔබ ළඟින් තබා ගන්න….
8. ඔබේ හැඳුනුම් පත්, ගමන් බළපත්‍රය ආදිය පහසුවෙන් ඔබේ අතට ගත හැකි තැනක තබාගන්න.. යන එනවිටත් ඔබ සතුවම බෑගයක තබා ගත හැකි නම් වටී….
යම් අවදානමක් හමුවේ මහා කලබගෑනියක් කරනවාට වඩා ඉවසීමෙන් අවදානමකට පෙර සූදානම් වීමෙන් ඔබේත්, ඔබ සමග සිටින අයගේත් ජීවිත බේරා ගත හැකි බව අවබෝධ කරගෙන දැනුවත්ව සිටින්න….
අනතුරක සේයාවක් වැටෙන පළමුවන හෝරා කිහිපය තුල ශ්‍රී ලංකාව සමග සම්බන්ධ වීමට වෙර දරනවාට වඩා ඔබ සහ ඔබේ එරට සේවය කරන මිතුරු මිතුරියන් ආරක්ෂිත ස්ථානයක යෑම බෙහෙවින්ම වැදගත් බව සලකන්න….ශ්‍රී ලංකාවේ ඥාතීන් සමග සම්බන්ධ වී තමන් සුවෙන් සිටින බව දැන්වීම දෙවනුව කළ යුත්තකි….පළමු ප්‍රමුඛතාවය වන්නේ ඔබේ ආරක්ෂාවයි…දෙවැනි ප්‍රමුඛතාවය වන්නේ ඔබ අවට සිටින කාගේ හෝ ආරක්ෂාවට උපකාරී වීමයි….තුන්වැනි ප්‍රමුඛතාවය කොරියාවේම වෙසෙන ඔබේ ඥාති හිතවතුන්ගේ ආරක්ෂාවයි….මේ සියළු ප්‍රමුඛතාවයන් අවසන් වූ විට ඔබ කළ යුත්තේ ශ්‍රී ලංකාවේ වෙසෙන අයට ඔබ සුවසේ වෙසෙන බවත්, නවාතැන් ගෙන සිටින ස්ථානයත් කියා පණිවිඩ ‍යැවීමයි…..අනතුරක පළමු නිමේෂයේදී ඔබ සතු කාළයත්, පහසුකම් සහ මුදල් ලංකාවේ ගෙදරට පණිවිඩ දෙන්න මිඩංගු නොකරන්න….ඒවා ඔබට පසුව ඔබේ ජීවිතාරක්ෂාව සඳහා උවමනා විය හැක…
නොදන්න මගුල් බ්ලොගයේ උතුර් කොරියන් නායකයා හදුන්වා ඇති ආකාරය මගේ සිත් ගත්තේය.

උතුරු කොරියානු සමාජය තරම් අනුකම්පා කළ යුතු, අවිචාරවත් සමාජයක් මේ මොහොතේ තොරතුරු තාක්ෂණ විප්ලවයේ පසු කම්පන ලබන නූතන මිනිස් සමාජයට අයත් වෙනත් කිසිදු රටක තිබේදැයි සිතීම සැක සහිතය….උතුරු කොරියාව යනු මිලියන 25 ක් පමණ සිරකරුවන් ගාල් කර ඇති ලෝකයේ විශාලතම එළිමහන් සිර කඳවුර යැයි කීම අතිශයෝක්තියක් නොවේ…

එරට:

1. රාජ්‍ය නායකයාට සහ නායකයාගේ පවුලට, ඔවුන්ගේ ඇසුර ලබන සමාජ ස්ථරයට දේවත්වයෙන් සළකන, දෙවියන්ට සේ වඳින පුදන රාජ්‍යයකි… කොරියානු කම්කරු පක්ෂය හෙවත් කොරියානු කොමියුනිස්ට් පක්ෂයෙන් කැඩී බිහිවුණු ග්‍රාම්‍ය සමාජවාදී ප්‍රවාහය විසින් 1945 වසරේ සිට මේ දක්වා තම පාක්ෂිකයන් සහ තමන්ගේ බලය පවතින ප්‍රදේශය ජනතාවන්ගේ මොළ සේදීමේ සහ ඔවුන්ගේ තොරතුරු දැන ගැනීමේ අයිතිය ප්‍රමුඛ මානුෂීය අයිතිවාසිකම්, පුරවැසි අයිතිවාසිකම්, සිවිල් සහ දේශපාලනික අයිතිවාසිකම් බරපතළ ලෙස උල්ලංඝණය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස අවට ලෝකය සමග කිසිදු සබඳතාවයකින් තොර, දේශපාලනික වශයෙන් නිෂ්ක්‍රීය වහල් ප්‍රජාවක් බිහිව සිටිති….ඔවුහු ස්වකීය රාජ්‍ය නායකයාට ෆ්‍රොයිඩියානු විශ්ලේෂණයන්ට අනුව කියතොත් ළදරු වියෙහි ජීවිතයට කවන ටෝටමයන්ට සේ සළකති…සමූහ හිස්ටෙරික තත්වයක ලක්ෂණ ප්‍රකට කරමින් නායකයා අදහති…

උදා: වත්මන් කොරියානු නායකයාගේ පියා වන කිම් – ජොං – ඉල් 2011 වසරේදි මියගිය මොහොතේ බොහෝ පැසුණු මනස් සහිත වැඩිහිටියන් ” දෙවියෙකු මිය යා හැකිද?” යන පැණය අසමින් ළදරුවන් සේ මං මාවත් වල හඬ වැටීම… ( මෙය බොහෝ දෙනා කොරියානු රාජ්‍ය පරිපාලනය කෙරෙහි බියෙන් හෝ හුදෙක් “එක දා ගැනීමට” කරන ලද්දක් බව කීවත්, මෙහි සන්දර්භයෙහි ඇත්තේ දරුණු මනෝ විද්‍යාත්මක ඛේදවාචකයකි )

මෑතකදී කරන ලද සමීක්ෂණයක් හෙළි දරව් කරන අන්දමට උතුරු කොරියානු ජනතාවගෙන් 23% ක් සිය නායකයා ” මළ මූත්‍රා නොකරන්නෙකු” බවට විශ්වාස කරති…එයින්ම ඔහු දේවාත්මයක් බව කියති…( ද්‍රව්‍යවාදී කොමියුනිස්ට්වාදී අධ්‍යාපනය උතුරු කොරියාවේ ස්ථාපිත කිරීමේ “හොඳකම” මෙයින්ම ගම්‍ය වේ )

2. මේ තත්වය තවත් පෝෂණය කරමින් එරට රජය චන්ද්‍රිකා තාක්ෂණය උපයෝගී කරගන්නා විදේස් මාධ්‍ය ජාලයන්, අන්තර්ජාලය, යනාදි නව යුගයේ තොරතුරු සම්ප්‍රේෂණ ප්‍රවාහ සියල්ලක්ම පාහේ සහමුලින්ම අහුරා ඇත…එරට ජනතාවට ලැබෙන්නේ පියොං යෑං අගනුවර රාජ්‍ය මාධ්‍ය විසින් සකසනු ලබන සත්‍යයෙන් සහ යථාර්තයෙන් බෙහෙවින්ම දුරස්ථ තොරතූ පමණි…

3. මේ සියලු මනෝභාවයන් නිසා එරට ජනතාව සිය නායකයා සහ ඔහුගේ දේශපාලන පක්ෂයේ ඊනියා උත්තරීතර මණ්ඩලය වෙනුවෙන් ඉතා පහසුවෙන් ජීවිත බිලි දීමට තරම් මුළාවක සිටිති….එසේ ඔවුන් වෙනුවෙන් දිවි දීම තුළ තම යුතුකම් ඉටුවන බව ඔවුහු විශ්වාස කරති…තනි තනි පුද්ගලයන් වශයෙන් තමන්ගෙන් කිසිදු වටිනාකමක් නැති බවත්, තමන්ගේ වටිනාකම පවතින්නේ රාජ්‍යයට සහ නායකත්වයේ බළ ව්‍යාපෘතීන්ට කරනු ලබන සේවාවන් මත බවට විශ්වාස තබති….

4. රජය විසින් ගෙන යන ප්‍රචාරයන්ට මුළා වූ ජනයා, සිය දේශය වන උතුරු කොරියාව ඇමරිකා එක්සත් ජනපදය පවා පහසුවෙන් විනාශ කළ හැකි තාක්ෂණයක් සහ පිරිස් බළයක් ඇති සුපිරි බලවත් දේශයක් බවට විශ්වාස කරති…ලෝකයේ අනෙක් රටවල හමුදාවෝ ස්වකීය හමුදා ශක්තිය හමුවේ වෙව්ළන බවත්, ස්වකීය පාලකයන්ගේ ශිෂ්ඨ සම්පන්න පාලනය කෙරෙහි ඇමරිකාව ප්‍රමුඛ බොහෝ රටවල නායකයන් ඊර්ෂ්‍යාවෙන් පෙළෙන බවත් කිසිදු සැකයකින් තොරව අදහති…

මේ කොටස යළි පළකලේ දුක ශෝකය පුදුමය අනුකම්පාව වනි හැඟීම් ගනනාවක් එකට පොරකන බැවිනි. බලන්න තනි පක්ෂ නාඩගමේ රඟ.

2 comments:

  1. බටහිර විද්‍යා දැනුම කිසි වැඩකට නැතැයි අපිට කියන්න බෑ. නමුත් එකක් කියන්න ඔනේ මේ බටහිර දැනුම අප විසින් පරිහරනය කළ යුත්තේ පරිස්සමෙන් සිහි කල්පනාවෙන් කියන එකයි ඒ. බටහිර දැනුම අවිදිමත් ලෙස පරිහරනය කිරීමේ ආනිසංස ලෝකයටම අත්විඳින්න වෙලා මේ වෙනකොට. අන්න ඒ වරද නොකිරීමයි දැන් වැදගත් වෙන්නේ.

    ReplyDelete
  2. හොද ලිපියක්.


    //4. රජය විසින් ගෙන යන ප්‍රචාරයන්ට මුළා වූ ජනයා, සිය දේශය වන උතුරු කොරියාව ඇමරිකා එක්සත් ජනපදය පවා පහසුවෙන් විනාශ කළ හැකි තාක්ෂණයක් සහ පිරිස් බළයක් ඇති සුපිරි බලවත් දේශයක් බවට විශ්වාස කරති…ලෝකයේ අනෙක් රටවල හමුදාවෝ ස්වකීය හමුදා ශක්තිය හමුවේ වෙව්ළන බවත්, ස්වකීය පාලකයන්ගේ ශිෂ්ඨ සම්පන්න පාලනය කෙරෙහි ඇමරිකාව ප්‍රමුඛ බොහෝ රටවල නායකයන් ඊර්ෂ්‍යාවෙන් පෙළෙන බවත් කිසිදු සැකයකින් තොරව අදහති…//

    උතුරු කොරියානු ආන්ඩුව කියන කතාව බොරුම නෙවේ.
    ඈමරිකාව වියට්නාමෙදි නාගත්තානෙ නෑතිවෙන්නම.
    ඈෆ්ගනිස්තානෙ , ඉරාකයේ ඈමරිකාව අසාර්තකයි.
    ඈත්තටම ඉරාකයේදී උන පසුබෑසීම පරාජයකට වඩා දරුණුයි.


    ඈමරිකාව මුහුනට මුහුනලා කරපු කොයි යුද්දෙත් පරාදයි.
    (2වන ලෝක යුද්දයේ පරමානු බෝම්බ වලට පින් සිදුවෙන්න ජපන්නු පෑරෑද්දුවා හෑර......)

    ඈමරිකාව උ,කොරියව ආක්‍රමනය කලොත් අනිවාර්යයෙන්ම පරදිනවා.ඵ්ක තමා ඈත්ත.මේක බොහොම සාමාන්‍ය දෙයක්......ඈමරිකාවට සෑතපුම් කීපයක් මෙපිටින් තියන කියුබාවේ ඌරු බොක්කෙදි උනා වගේම

    අනික ප්‍රජාතන්ත්‍රවාදය ගෑන උදේ හවා දොඩවන,
    ඵ්ත් ලෑජ්ජ නෑතිව තමුන්ගේ රටේ නිදහස් පුරවෑසියන්ගේ ටෙලිෆෝන් වලට ඈහුන්කන්දෙන, ඊමේල් හොරෙන් බලන කොටින්ම ඈමරිකන් හිතවාදී බටහිර නායකයන් වගේම වතිකානුවෙත් හෑම දුරකතනයක්ම වගේ ටෑප්කරලා තියන ඈමරිකන් කදවුරට උ. කොරියාවට ඈගිල්ල දික්කරන්න බෑ...උ.කොරියාව වෑරදි උනත්.......

    ReplyDelete