Thursday, August 27, 2015

තවත් මුල්ලපටස් ලියුමක්

 මුල්ලපටස්  යන වචනය මම දැනගෙන සතියක් වත් නැත. එය මට අහුවුනේ සඳරුගෙ බ්ලොග් එකෙනි. ආපස්සට බ්ලොග් ලිපි කියවගෙන යනවිට සඳරුවා මුල්ලපටස් බිව්ව හැටි කියා තිබිණි.ඇඩ්ඩිං නම් වූ උත්තමයෙක් මුල්ලපටස් පෙරන්නට පටන් ගත් විට මුල්ම වඩිය බීමි වරප්‍රසාදය ලැබුනේ සඳරුවාටය. මුල්ලපටස්වල කික් එක එන්නෙ තැපැල් බව කියනු ලැබේ. සඳරුවාට කැරකිල්ල හැදී ගෙදර යාමට ත්‍රීවීල් එකක් අවශ්‍ය විය. කික් එක අවසන් වුනේ ඩොක්ටර් කෙනෙක් හමුවී බෙහෙත් ගත් පසුය.

පශ්චාත් නූතනවාදීන් ඇතුළු ප්‍රාඥයෝ මුල්ලපටස් ලිපි ලියති. එහි අරමුණ කියවන එකා මඤ්ඤං කිරීමය. මෙහිදී කලන්තෙ දාන්නෙ නූගතුන් පමණක් නොවේ. ජීවිතේට අහල නැති වචන දැක ඩොකාලාට ඉන්ජලාටද කලන්තෙ දායි. නූගතුන්ට සේම බයෝ මැත්ස් කරපු උන්ට ද සිතෙන්නෙ මෙතන මොකක් හරි මගුලක් ඇති කියාය.

මෙම ලිපි වලට මුල්ලපාටස් ලිපි කියන්නෙ ඇයි. ඊතයිල් ඇල්කොහොල් බොන්න පුළුවන්කම තිබියදී දැනුවත්ව හෝ නොදැණුවත්ව මීතයිල් ඇල්කොහොල්ද මිශ්‍රව හෝ කෘමිනාශක ,ලාම්පු වල මැන්ටල් කුඩු , සර්ජිකල් ස්පිරිට් ,යූරියා ආදිය මිශ්‍ර කර අමෘතයක් නිපදවන නිසාය.

මට ඊ මේලයකින් මුල්ල්පටස් ලිපියක් ඇටෑච් කර එවා තිබිනි. එහි තිබුනේ නලින් ද සිල්වාගේ ප්‍රවාදයක් ඛන්ඩනය කරන පෙරටුගාමියෙකුගේ අදහස්ය. ඊ මේලය ආවේ ගයාන් දේවප්‍රිය යන නමෙනි. මෙය මට පමණක් එවූ එකක් විය නොහැක. එහෙත් මෙම බ්ලොග් එකේ පමණක් නිසා මේ අපේ බ්ලොග් හිතවතෙක් විසින් එවූවක් විය හැකි නිසා එම ලිපිය ගැණ මගේ අදහස් මෙහි දක්වන්නට සිතුවෙමි.

මුන්ට "සමාන" කියන වචනය කියන්නට බැරිය. ඒ වෙනුවට කියන්නෙ "පර්යාය" කියන වචනයය. මේ විදියට හාවගෙයි ඉබ්බගෙයි කතාවක් වුනත් විකාර වචන මැද්දට දමා ජීජැක් හා ලකාන් ගැනද කියා මුල්ලපටස් ලිපියක් සකස් කළ හැක.

ඇටෑච් කළ ලිපියේ ඊතයිල් ඇල්කොහොල් අදහස.

නලින් ද සිල්වා මහතා බුදුදහම දැනුම් පද්ධතියක් නොවේ කියා කියයි.
දැනුම් පද්ධතීන් නිවන් යාමට බාධාවක්ලු.
දැනුම් පද්ධතියකින් කෙරෙන්නේ යමක් ගැන දැනගැනීමයි.
අපෙන් ස්වාධීනව ලෝකයක් ඇත එය අපට දැනගත හැකිලු.( නලින් මෙය එසේ නොවන බව කියයි )
ලෝකය යම් නියම වලට අනුව ක්‍රියා කරයි. එය අපට දැනගත හැක ( නලින් එය එසේ නොවන බව කියයි )
දැනුම මනසේ ජිර්මාණයකි.
වුයුක්ත කතන්දර අපට ගෝචර නැත.
වෙනත් දැනුම් වල ලෝකය තේරුම් කරන විට බුදුදහම සියල්ල බොරුය කියා කියයි.

ගයාන් කියන්නෙ නලින් ගෙ අදහස් පැරණි ජර්මන් දර්ශනහි එන ඒවා බවයි.

නලින් පරස්පර විරෝධී කතා කියයි.

ඔහු බටහිර විරෝධී කීවද බටහිර විරෝධයද බටහිර චින්තනයේ ඵ්ලයකි.

ගයාන් කියන්නෙ දේශීයත්වය යනුද බටහිර ච්න්තනයේ ඵැලයන්ලු නැත්නම් අතීත ෆැන්ටසිය. ( ඔහුගේ මෙම කතාව පැහැදිලි නැත. 

බුදුදහම දැනුම පද්ධතියක් නොව දැණුම අහෝසි කළ යුතුය යෝජනා කරන්නක් බවත් නලින් නොදැණුවත්ව කරන්නෙ බුදුදහම විසංයෝජනයක් බවත් පවසන ගයාන් නිශ්ඵල දාර්ශනික ප්‍රශ්න වන අපෙන් බැහැර ලොව ඇද්ද නැද්ද  ( මෙය සත් ,අසත් ලෙස හැදින්වේ )ගැන ඔහුගේ අදහස් දක්වයි.යථාර්ථය ගැණ කාන්ට් හා ලැකාන් ගේ අදහස් පෙන්වා දෙන ගයාන් කොහෙන් හෝ අහුලාගත් වචන ටිකක් දෙසා බායි. මේවාගෙ ගත යුත්තක් නැත. ඇත්තේ රළු දිළිදු පරිවර්තන පමණි

ගයාන්ගේ මුල්ලපටස් ලියුම


දැනුම තරණය වෙනුවට
ෆැන්ටසිය තරණය කිරීම

 පළමු කොටස
මහාචාර්ය නලින් ද සිල්වා විසින් රචිත —බුදුදහම යනු දැනුම්
පද්ධතියක් නොවේ˜ යන ප්‍රතිප්‍රවාදය විරුද්ධාභාසයකි. දැනුම
පාවිච්චි කර දැනුම ඉක්මවා යන අදහසක් ප්‍රකාශ කිරීමද දැනුමකි
(අවිඥානික)
නලින් ද සිල්වාගේ මූල ික ප්‍රවාදයට අනුව දැනුම නිවන්
මාර්ගයට යෑමට බාධාවකි. ඔහුට අනුව නිවන සම්බන්ධයෙන් ගත්
කල දැනුම් පද්ධති ආකල්පය ඉවත දැමීමට සිදුවෙයි. දැනුමට
අදාළව නලින් ගොඩනගන ප්‍රවාද කිහිපයක් පහත ලෙස
සාරාංශගත කළ හැක.
1 - දැනුම් පද්ධතියකින් කෙරෙන්නේ යම් ක්ෂේත්‍රයක ලෝකය
පිළ ිබඳ අවබෝධය ලබාගැනීම යැයි බොහෝ විට කියැවෙයි.
(දර්ශනයට අනුව මෙය පාරභෞතික ක්ෂේත්‍රයයි)
2 - එහිදී උපකල්පනය කරන කරුණු අතර අපෙන් ස්වායත්තව
(ස්වාධීනව) ලෝකයක් පවතින බවත්, එකී ලෝකය යම් ආකාර
අනුව ක්‍රියා කරන බවත්, ඒ ක්‍රියා කරන ආකාර අපට දැනගත හැක ි
බවත් වෙයි.
3 - ඇතැම් දැනුම් පද්ධතියක ලෝකය ඊනියා වාස්තවික
යථාර්ථයක් බවත් එකී ලෝකය ක්‍රියාත්මක වන්නේ යම් නියමවලට
එකඟව බවත් උපකල්පනය කෙරෙයි. එමෙන්ම ඒ නියම කවරේදැයි
අපට දැනගත හැකි බවත් උපකල්පනය කෙරෙයි.
4 - එකම සංස්කෘතියක ජීවත් වන්නන්ගේ සංකල්ප හා වෙනත්
දැනුම් අතර සාම්‍යයක් දැකිය හැකිය. මේ සාම්‍යය හේතුකොටගෙන
අප දකින්නේ එකම ලෝකය යැයි අපි සිතමු. මගේ පොල් ගස ඔබේ
පොල් ගසෙන් වෙනස් නොවන්නේ යැයි අපි සිතමු. මේ සාම්‍යය අප
නොමඟ යවයි. (විප්ලවවාදී පක්ෂ තුළ මේ ප්‍රකට මුළාව
සිද්ධාන්තයකි)
5 - දැනුම යනු නිර්මාණයක් බවත් එය ඒ ඒ පුද්ගලයාගේ ඉන්ද්‍රිය
පද්ධතියට, සංස්කෘතියට සහ මනසට සාපේක්ෂය.
6 - වියුක්ත කතන්දර අපට කිසිසේත්ම පංචේන්ද්‍රියවලට ගෝචර
කරගත නොහැකිය. (ජීවිතය වියුක්ත සංකල්ප අනුගමනය කිරීම
මුළාවකි)
7 - බුදු දහමෙහි කෙරෙන්නේ මේ සියලූ සංකල්ප ඇතුළත් දැනුම
(දැනුම් පද්ධතීන්) බොරු බව කියා දීමය.
8 - වෙනත් දැනුම්වල අරමුණ ඊනියා ලෝකය තේරුම් කිරීමය.
එහෙත් බුදු දහමෙහි කියැවෙන්නේ මා නම් බොරුව තේරුම් ගන්නා
ආකාරය ය. (සංසාර සාරය නිවන් නොදකියි)
නලින් ද සිල්වා ඔහුගේ ලිපිය ආශ්‍රිතව සාකච්ඡා කරන්නෙ ්
දැනුමෙහි අනුභූති උත්තර ස්වභාවය ගැනය. එම්මෑනුවෙල් කාන්ට්
නම් දාර්ශනිකයා සිංහලෙන් විධිමත්ව ඔබ කියවුවහොත් නලින්
දැනුම ගැන මතු කරන ක්ෂේත්‍රය ඔබට හමුවෙයි. යම්කිසි
පුද්ගලයකු zමනස, ලෝකය සහ දෙවියන් හේතුව පාවිච්චි කර
වටහා ගැනීමට ගියහොත් ඒ තැනැත්තාට හමුවන්නේ න්‍යාය-විරෝධ
මිස පිළ ිතුරක් නොවේ. නලින් යෝජනා කරන්නේ හේතුව පාව්චිචි
කර නිවන වටහා ගැනීමට යාම මුළාවක් බවයි. එය දැනුමේ ජාතික
සංස්කෘතික සීමාවයි.
නලින්ට උත්තර සැපයීමේදී ඔහු විසින් නිර්මාණය කරන
තර්කාභාසයකට (තර්කයේ ස්වරූපය පිළ ිබඳව තර්ක කිරීමට
යනවිට ඇති වන ආභාසය) නිසි පිළ ිතුරක් ගොනු කළ යුතුය. අප
උදාහරණයක් ගෙන නලින්ගේ ප්‍රධාන තර්කයක (තර්ක ශාස්ත්‍රය
යනු නිවැරැදිව සිතන ක්‍රමය අධ්‍යයනය කිරීමයි) ඇති
විරුද්ධාභාසය පෙන්වා දෙමු.
අපි ඔහුගේ එක වාක්‍යයක් විභාග කරමු. මෙම වාක්‍යය තුළ
ඔහුගේ චින්තනයේ කේන්ද්‍රීය මානය ඇත. අපි දැන් ඔහුගේ
චින්තනයේ කේන්ද්‍රීය අදහස තනි වාක්‍යයකට ගොනු කරමු.
—බටහිර අධ්‍යාපනය විසින් වර්ධනය කෙරුණු පෞද්ගල ිකත්වයක්
මට ද වෙයි... මට ද මමායනයක් ඇත... ඊනියා උගතකු ය යන
හැඟීම අඩු කර ගැනීම මමායනය අඩු කර ගැනීමට එක් හේතුවක්
වන්නේ යැයි සිතමි˜
එක්තරා මොහොතකට පසු නලින් ද සිල්වාගේ චින්තනය යම්
ලක්ෂ්‍යයක් පසු කරයි. මෙම ලක්ෂ්‍යය පසු කළ පසු ඔහුගේ
චින්තනය ඔහු විසින් මෙලෙස නම් කරයි. —පශ්චාත්-බටහිර
චින්තනය˜ එය ඔහු නම් කරන්නේ බටහිර විරෝධී චින්තනය
ලෙසින්ය. තර්ක ශාස්ත්‍රයේ මූල ික අදහසක් යොදා ගත්විට zබටහිර
- විරෝධී යන්නම බටහිර චින්තනයේ ඵලයක් ලෙස ගත හැක. යම්
කෙනකු හේතුව :ඍැ්ිදබ- පාවිච්චි කොට යම් චින්තනයක ්
සංස්කරණය කරන්නේ නම්, එම හේතුව එක්තරා සීමාවකට වඩා
එහා ගොස් (අනුභූතියට එහා) වැඩ ගන්නා විට එම හේතුව එතෙක්
ගොඩනැගූ කතන්දරය විසංයෝජනය වීමට ද උදව් වෙයි.
නලින් ද සිල්වා මහතාගේ චින්තනය ක්‍රමිකව හදාරන විට පසක්
වන්නේ ඒ තුළ විරුද්ධාභාස :ඡ්ර්ාදංැි- ඕනෑ තරම් පෙන්විය
හැකි බවයි. ඔහු හේතුව යොදාගෙන හේතුව විසින්ම බිහි කරන
අතිකරණ සඳහා ද එය යොදාගෙන යථාර්ථය විග්‍රහ කරයි.
උදාහරණයක් ලෙස ඔහු බටහිර-විරෝධී යැයි තමන්ව හේතුව
යොදාගෙන තර්ක කරන විට එම බටහිර විරෝධීත්වය යනුම
බටහිර චින්තනයේ අග්‍රඵලයක් ලෙස නොගනියි. ඒ අනුව දේශීය,
පෙරදිග යන සංකල්ප බටහිර, විදේශික යන සංකල්ප වහරන්නේ
නැතිව ගොඩනැගිය නොහැක. බොහෝ පශ්චාත්යටත්විජිතවාදීන්ගේ
විරුද්ධාභාසයක් මෙතැනදී අපට පෙන්විය
හැක. ඔවුන්ට අනුව ඉතිහාසයේ එක්තරා  නම් මොහොතකට හෝ
සිදුවීමකට පෙර (එනම් විදේශ ආක්‍රමණවලට පෙර -  xයනු මෙම
විදේශ ආක්‍රමණ සිදුවීමයි. උදා- ඉංග්‍ර ීසිීන් ලංකාවට ආවේ 1818දී)
අපට පැවතියේ දේශීය සාරයකි. එය පවිත්‍රය. කිසිවකු ක්‍රමවත්
ලෙස මේ මොහොත ගැන නොසිතයි. මේ x යනුම අපව යටත්
කරගත් විදේශිකයන් හරහා අප ලබාගත් අවබෝධයකි. එය දේශීය
පවිත්‍ර මොහොතක් නොව විදේශීය චින්තනයේ අග්‍රතම ඵලයයි.
නලින් ද සිල්වා ඇතුළු සියලූ සිංහල ජාතිකවාදීන් පිරිසුදු නිකැළැල්
සලමුතු ජාතිකත්වයක් ගොඩනංවන්නේම බටහිර අධ්‍යාපනය,
බටහිර වියුක්ත චින්තනය හරහා මිස අපගේ ඊට පෙර පැවති
පූර්ව-බටහිර චින්තනයක් හරහා නොවේ. එය පසු ආවර්තනයකි.
ගුණදාස අමරසේකරගෙන් අප ඇසිය යුත්තේ නවකතාව නම්
ආකෘතිය ඔහුට ආවේ කොහෙන්ද කියාය. නවකතාවට පෙර අපට
කතා කලාවක් පැවති බව සැබෑය. එය ජාතක කතාවක් මිස
අනෙකක් නොවේ. මාර්ටින් වික්‍රමසිංහට අනුව ඒවායේ චරිත
ගොළුය. අමරසේකරගේ යථාර්ථවාදී නවකතාව තුළ ජීවත් වන
සම්, මස්, ලේ, ඇට නහර යනු පූර්ව-බටහිර, පුරාණ ලාංකේය
(පුරාණ සිංහල නොවේ - සිංහල යනු ද බටහිර චින්තනයේ ඵලයකි.
ජීවමාන භාෂාවන් ප්‍රාදේශිකය. වියුක්තය. පෞද්ගල ිකය. භූමියක්
නැත. ව්‍යාකරණ රටාවක් ද නැත. ඒ සියලූ ගුණ එක්සත් කරන්නේ
අධිරාජ්‍යය මිස අන් යමක් නොවේ. සිංහල යන්න අනන්‍ය වන්නේ
බි්‍රතාන්‍ය අධිරාජ්‍යයටය) අදහසක් නොව බටහිර නවකතාවේම
ඵලයකි. පුරාණ කවිය රජවරුන්, පුරයන්, වංශාධිපතියන්, රාජ
සභාව ගැන විවරණ කරද්දී නූතන බටහිර කවිය අධ්‍යාත්මය ගැන
අටුවා ලියයි. පැරැණි කවියා සොබාදහම අලංකරණය කරද්දී
නූතන කවියා, තම අනුභූතීන් ගැන ලියයි. මේ උදාහරණ දාමය
හරහා මා යෝජනා කරන්නේ zදේශීය සංකල්ප, දේශීය ප්‍රවාද
යන්නම බටහිර චින්තනයේ ඵලයන් බවයි. නැතහොත් ඒවා
විරුද්ධාභාසයන් බවයි. එසේත් නැතහොත් අතීතය ගැන සමකාලීන
ෆැන්ටසීන්ය.
මා ඉහත දී ඛණ්ඩනය කළේ නලින් ද සිල්වා මහතා මෙතෙක් තම
චින්තනය තුළ වහරන ලද මූල ික ප්‍රවාදයකි. මා යෝජනා කරන
විදර්ශනය අනුව ඔහුගේ දේශීය චින්තනය යනුම බටහිර දර්ශනයේ
ප්‍රවර්ගයකි. නලින්ගේ බොහෝ ප්‍රවාද ජර්මානු විඥානවාදයට ඉතා
සමීපය. ඒවා දීර්ඝ වශයෙන් විදාරණය කිරීම මෙතැනට අදාළ
නැත.
 දෙවැනි කොටස
ඊළඟට මා උත්සාහ කරන්නේ නලින් මහාචාර්යවරයා
සිහිනෙන්වත් නොසිතන චින්තන කලාපයකට ඔහුව රැගෙන
යන්නය. අපි දැන් උත්සාහ කරන්නේ ඔහුගේ තවත් උපන්‍යාසයක
අනේකත්වය පෙන්වා දීමටය. නලින් තම රචනාවේ මුඛ්‍ය විමුක්ති
අදහස පහත පරිදි කැටි කරයි.
—බුදු දහමෙහි අරමුණ මා යන සංකල්පය ද මගේ මනස යන
සංකල්පය ද ඇතුළු දැනුම මුසාවක් බව පැහැදිලි කිරීම ය.˜
බෞද්ධ සභ්‍යත්වය ගැන ප්‍රාමාණික උගතුන් ලංකාවේ ඕනෑතරම්
ජීවත් වෙයි. නලින් ද සිල්වා බුදුදහම ගැන කියන ඉහත ප්‍රවාදය මා
දන්නා තරමින් බෞද්ධ ඥාන-විභාගය තුළ කිසිවකු මින් පෙර
මෙපරිදි පහදා නැත. අනෙක් අතට නලින් කියන ආකාරයේ
අදහසක් බෞද්ධ සංස්කෘතිය තුළ ජීවත් වන්නකු පවා නොදන්නා
දෙයකි. මට වැටහෙන තරමින් —බුදුදහම යනු දැනුම් පද්ධතියක්
නොවේ˜ යන මාතෘකාවම බෞද්ධ ශිෂ්ටාචාරයට විදේශිකය.
මිථ්‍යාදෘෂ්ටිකය.
මාගේ යෝජනාව සහ නිගමනය ඉතා සෙමින් දැන් මා ප්‍රසාරණය
කරමි. —බුදුදහම යනු දැනුම් පද්ධතියක් නොවේ යන˜ අදහස
ක්‍රිස්තියානි සභ්‍යත්වයේ පදනමයි. ඕනෑම කිතුනු ලබ්ධිකයෙක් ඉතා
හොඳින් දන්නා සිදුවීමක් ක්‍රිස්තියානි දහම තුළ ඇත. එය නම්
ක්‍රිස්තුස් වහන්සේව කුරුසියේ තබා ඇණ ගැසූ විට වේදනාවෙන්
හ~ ගා උන්වහන්සේ කී වාක්‍යයයි. —දෙවියනේ ඔබ කොහිද?˜
මිනිසුන් දෙවියන්ගේ දැනුම කෙරෙහි වූ භක්තියෙන් ඔහුට/
ඇයට(?) අනන්‍ය වන විට කිතුනුවාට සම්මුඛ වූ සුවිශේෂ අත්දැකීම
කුමක්ද? බෞද්ධ, මුසල්මාන, යුදෙව් සහ වෙනත් සියලූ
ඇදහිල ිවලට ඇත්තේ දෙවියන් ගැන සාර්වත්‍රික :ඹබසඩැරි්ක-
අදහසකි. එනම් දෙවියන් සර්වබලධාරීය යන්නය. බුදුන් වහන්සෙ ්
අනිත්‍යය දේශනා කළ ද උන්වහන්සේ ද දැනුම :ණබදඅකැාටැ-
ඉදිරිපිට සර්වබලධාරීය. සර්වතෝභද්‍රය. වාගීශ්වරය. ත්‍රිපිටකය යනු
උන්වහන්සේගේ වාගීශ්වරභාවය ප්‍රකට කරවන ත්‍රිලක්ෂණයයි.
එනම් අර්ථය පිරිසුදු වචනයකින්, මධ්‍යයකින් උත්පාද වෙයි. අනෙක්
අතට බුදුන් වහන්සේ ශබ්දය ආධ්‍යාත්මික කරයි. නිර්වාණය යන ු
පුද්ගල විමුක්තියක් වන්නේ මේ නිසාය.
ක්‍රිස්තුස් වහන්සේ කුරුසිය මත තබා ඇණ ගසන විට
(ප්‍රභාකරන්ගේ හිස මතට වෙඩි තබන මොහොතේ) උන්වහන්සේ කී
උදාන වාක්‍යය අපි යළිත් සිහිකරමු. —දෙවියනේ ඔබ කොහිද?˜ මේ
උදාන වාක්‍යය නිසා මිනිස් සංහතිය ලැබ ූ විකල්ප විමුක්ති
සංස්කෘතිය කුමක්ද? දෙවියන්ගේ දැනුම සර්වබලධාරී නැත.
දෙවියන් ද අප මෙන් අසම්පූර්ණය. දැනුම අපව රැගෙන යන්නේ
සත්‍යය වෙතට නොව මෝහය වෙතටය. දැනුම අවිද්‍යාවක් යන
අදහස බටහිර-ක්‍රිස්තියානි සභ්‍යත්වයේ අගඵලයකි. විමුක්තිය කරා
ආවේශ වන්නකු හෝ ප්‍රේරණය වන්නකු එසේ කළ යුත්තේදැනුම
අතහැර අනෙකාට විවෘතව සම්මුඛ වීමෙනි. විමුක්තිය දේශනා
කරන සාමූහිකයක් අතර ඇති බැඳීම වර්ණවත් වන්නේ විශ්වාසය
:ඊැකසැෙ- මතය. බෞද්ධ කතිකාව අධ්‍යයනය කරන්නකුට
උන්වහන්සේ සර්වතෝභද්‍ර හැර උන්වහන්සේගේ දැනුම සදිග්ධ
තැන් විචාරණය කරන සම්ප්‍රදායක් දෘශ්‍යමානද? බුදුදහම ඇසුරු
කරන්නාට මහා අනෙකෙක් නැති බව විද්‍යමාන වනවාද? මේ
සන්දර්භය තුළ මහාචාර්ය නලින් බුදුදහම දැනුම් පද්ධතියක්
නොවේ යැයි කරන යෝජනාව ඉතාම සාධනීය කරුණකි. නමුත ්
උභතෝකෝටිකය වන්නේ එම අදහසේ විදේශික සාරය මඟින් මුළු
බුදුදහමම විසංයෝජනය වීමට ඉඩ ඇති බැවිනි. දැනුම මුළාවක්
බව අවබෝධ කරගැනීම අප දන්නා පරිදි දෘෂ්ටිවාදී විචාරයේ
රැඩිකල ්ම ආස්ථානයයි. සම්භාව්‍ය මාක්ස්වාදයේ දෘෂ්ටිවාදය
විචාරය කිරීම —දැනුම සහ නිවැරැදි දැනුම˜ (ව්‍යාජ විඥානය/
විද්‍යාව) අතර භේදය තුළින් උපන්නක් නම් නූතන මාක්ස්වාදයෙ ්
දෘෂ්ටිවාදය විචාරය කිරීම ෆැන්ටසිය සහ සමාජ යථාර්ථයට
(සමාජ යථාර්ථය යනු දැනුමක් ලෙස නොව යථාර්ථයෙන් පලා
යාමක් ලෙස) මාරු වී ඇත.

අප විසින් ඔබට හඳුන්වා දුන් නව-සන්දර්භය තුළ දෘෂ්ටිවාදය
විචාරය කිරීමේ තත්කාලීන න්‍යාය වන්නේ චින්තනයේ හෝ න්‍යායේ
වැරැදි අඩුපාඩු පෙන්වීම හෝ අනුභූතික යථාර්ථය දෘෂ්ටිවාදී
වැඩිබිම ලෙස සැලකීම නොවේ. ඒ වෙනුවට අද්‍යතන දෘෂ්ටිවාදය
විචාරය කිරීම (දෘෂ්ටිවාදය නම් පදය නලින්ගේ කතිකාවෙන් ඉවත ්
වී බොහෝ කල්ය. එබැවින් නලින්ට මිනිසාට අවිඥානයක් තිබේය
යන ප්‍රවාදය මුණගැසී නැත) ෆැන්ටසිය සහ සමාජ යථාර්ථය යන
ක්ෂේත්‍ර කරා, එනම් දැනුමේ ක්ෂේත්‍රයෙන් දෘෂ්ටිවාදී විචාරය —
අවිඥානයට සහ විනෝදය˜ කරා විතැන් වී ඇත. මහාචාර්ය නලින්
තම සවිඥානික ජීවිතයේදී හෙළා දකින චින්තනයක සාරාත්මක
කොටසක් සමඟ (ක්‍රිස්තියානි දේව ධර්මය) අවිඥානිකව අනන්‍ය වීම
අහම්බයක් නොවේ. බුදුදහම දැනුම් පද්ධතියක් නොවේ යන අදහස
මඟින් නලින් බෞද්ධ ආචාර විද්‍යාවෙන්, ක්‍රිස්තියානි ආචාර
විද්‍යාවට :ෑඑයසජි- ඛණ්ඩනය වී ඇත. මෙහිදී ආචාර විද්‍යාව
(නැතහොත් ආචාර-ධර්ම) යනු කෙනෙක් අන්‍යයන් ජීවත් වන
ලෝකයක සදාචාරය උල්ලංඝනය කොට තමන්ගේ ආත්මයේ
නිදහස වෙනුවෙන් ක්‍රියා කිරීමේ ස්වභාවය ආචාර විද්‍යාව විසින්
පරීක්ෂා කරනු ලැබේ. නලින් ද සිල්වා කර ඇත්තේ නොදැනුවත්ව
බෞද්ධ සදාචාරයේ පදනම විචාරය කිරීමයි. (සැලකිය යුතුය -
බුදුන් දෙවියන් විවේචනය කිරීම නිසා බුදුදහම දේව විරෝධී යැයි
සලකන පටු කල්පනාවට පාඨිකාවන් නොවැටෙනු ඇත යන්න මගේ
ප්‍රාර්ථනයයි)
දැන් අපට මහාචාර්ය නලින් ද සිල්වා මහතාගේ ඥාන-විභාගය
(යථාර්ථය ගැන ඔහුට ඇති දැනුම හෝ නො-දැනුම) විචාරය කළ
හැක. අපි ඔහුගේ ඥානයේ ස්වරූපය වටහා ගැනීමට ඔහුගේ
වාක්‍යයක් විශ්ලේෂණය කරමු.
—ඇතැම් දැනුම් පද්ධතියක ලෝකය ඊනියා වාස්තවික යථාර්ථයක ්
බවත් එකී ලෝකය ක්‍රියාත්මක වන්නේ යම් නියමවලට එකඟව
බවත් උපකල්පනය කරයි. එමෙන්ම ඒ නියම කවරේදැයි අපට
දැනගත හැකි බවත් උපකල්පනය කෙරෙයි˜
යථාර්ථය ගැන අපගේ (පෙරටුගාමී පක්ෂය) අද්‍යතන දැනුම
කුමක්ද?
මිනිස් චින්තනයට බාහිරින් අදහස් පවතී යැයි ප්ලේටෝ
පිළ ිගත්තේය. ඒ අනුව ඔහු සත්වාදියෙකි. බර්ක්ලේ චින්තනය බාහිර
යථාර්ථයට සම්පූර්ණයෙන් යට කළේය. හේගල් ද බාහිර
යථාර්ථයක් තිඛෙන බව පිළ ිගත්තේය. මේ අනුව විඥානවාදය සහ
භෞතිකවාදය එකිනෙකින් වෙන් වන්නේ ඉහත අප බාහිර යථාර්ථය
සංකල්පයට උරාගත හැකිද? නොහැකිද? යන පදනම මතය.
හේගල් කීවේ බාහිරින් පවතින වාස්තවික ලෝකය හෝ යථාර්ථය
වාස්තවික (පෞද්ගල ික නොවේ) චින්තනයට තුල්‍ය හෝ උරාගත
හැකි බවයි. මේ අවබෝධයට අනුව නලින් ද සිල්වාගේ යථාර්ථය
පිළ ිබඳ අවබෝධය කුමක්ද? ඔහුට අනුව සංකල්පවලින් ස්වායත්ත
සංජානන ඇති බව පෙන්විය හැකි සමතෙක් වේද?
නලින්ගේ මූලික ප්‍රවාදයට අනුව මනසින් තොරව යථාර්ථයක්
නැත. ඔහුට අනුව මනසේ අරමුණ වන්නේ ලෝකයේ නිරීක්ෂණයට
ලක් වන කොටස ගැන පමණක් සත්‍ය විස්තරයක් ලබාදීමය.
නලින්ට අනුව අවිඥානය පවා මනසට ඉන්ද්‍ර ියට සාපේක්ෂය.
තමාගේ චින්තනය ගැන නලින් එලෙස නිර්වචනය කළත් වෙනත්
අයගේ චින්තනයන් සහ වෙනත් දාර්ශනික පද්ධතීන් (බටහිර
දර්ශනය, බටහිර මාක්ස්වාදය) පරීක්ෂා කිරීමේදී ඔහු ඒවා සලකන
ලද්දේ පරිපූර්ණ යථාර්ථයන් ලෙසය. —යථාර්ථය˜ චින්තනය තුළ ගිලී
ඇතැයි සිතන ඔහු වෙනත් යථාර්ථයන් ද එසේම යැයි අනුමාන
කරයි.
මනෝ විශ්ලේෂණය අනුදත් නූතන බටහිර දර්ශනයට අනුව
(සත්‍ය වශයෙන්ම මෙය විදර්ශනයකි ජ් :Aබඑස-ඡයසකදිදචයහ- —
යථාර්ථය˜ අසම්පූර්ණය. :ෂබජදපචකැඑැ- දර්ශනයේ සම්භාව්‍ය ගැටුම
පැවතියේ යථාර්ථය මනසින් බාහිරව පවතීද? :ඍැ්කසිප-
නැතහොත් යථාර්ථය පවතින්නේ මනස තුළ ගිල ීද? මේ විවාදයට
අනුව මානුෂික කෙනෙක් නැතිව ලෝකයත්, ලෝකයක් නැතිව
මානුෂික කෙනෙක්වත් වටහාගත නොහැක. ඒ අනුව ලෝකය සහ
මානුෂික ඒජන්තයා අතර සහසම්බන්ධයක් ඇත.
දේවල් අපට පෙනෙන ආකාරයත්, ඒවා සැබැවින්ම පවතින
ආකාරයත් :ඔයසබට-සබ-සඑිැකෙ- අතර වෙනස බටහිර දර්ශනය තුළ
කාන්ට් මතු කර පෙන්වයි. නමුත් ලැකාන් අනුදත් අද්‍යතන බටහිර
විදර්ශනයට අනුව මෙම ඉහත භේදය මුළාවකි. ඒ මන්ද? යමක
එහි-එහිම-ස්වරූපය නොහොත් සාරය යන්න නිගමනය කළ
හැක්කේ —යථාර්ථය˜ යනුවෙන් දෙයක් සම්පූර්ණ ලෙස පවතිනවා
නම්ය. යථාර්ථය අසම්පූර්ණ නම් එහිදී යමක් අපට පෙනෙන
ආකාරය සහ ඒ දෙයට ඇති සාරය අතර වෙනස ද අහෝසි වී
යයි. මෙතෙක් කල් අප දැන සිටි පරිදි මුළාවන් :ෂකකමිසදබි- අදාළ
වූයේ දැනුම පාවිච්චි වන තැන්වලදීය. නව තත්ත්වයට අනුව
සාරයන් තුළ ද ඇත්තේ මුළාවන්ය. (පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදය,
ජාතිය)
ඉහත අප සංවාද කළ —යථාර්ථය˜ පිළ ිබඳ නව තිසීසයට අනුව
වාස්තවික යථාර්ථය මිථ්‍යාවක් වන්නේ එය ආත්මයෙන් ස්වාධීනව
පරිබාහිරව පැවති නිසා නොවේ. ආත්මය යථාර්ථයේම කොටසක් වූ
නිසාය. ඒ අනුව ආත්මය යථාර්ථයේ කොටසක් යන්න හුදු න්‍යායික
අදහසක් පමණක් නොවේ. එය ප්‍රායෝගික අවශ්‍යතාවකි. ඕනෑම
යථාර්ථයක් අසංගත වන්නේ එහි ගුණයක් නිසා නොව යථාර්ථයට
ආත්මය විසින් අඩු කරන ගුණයක් දී තිඛෙන නිසාය. යථාර්ථය
ගැන අපට වාස්තවිකව පුරෝකථනය කළ නොහැකි වන්නේ එය
නිපදවන අවසාන ගුණය වන —ආත්මය˜ :ීමඉවැජඑ- අපගේ ඥානයට
සහ අනුභූතියට අදෘශ්‍යමාන නිසාය. නිධානය චිත්‍රපටයේ කතා
නායකයා (ඔහු අන්තිමට මිනීමරුවකු වෙයි) සමඟ ප්‍රේක්ෂක අප
අනන්‍ය වන්නේ මන්ද යන කාරණය අපට නොවැටහෙයි.
අපගේ චින්තනයේ නියම සතුරා පවතින්නේ ඉන් බාහිර තැනක
නොව චින්තනයේම අභ්‍යන්තරය තුළය. චින්තනයට බාහිර සතුරන්
අවශ්‍ය (දෙමළ, බටහිරයා, පක්ෂය තුළ විමතිකයා, ද්‍රෝහියා)
වන්නේ චින්තනය සීමිත ක්‍රියාවක් නිසාය. එසේ නැතිව එය වියුක්ත
එකක් නිසා නොවේ. හේගලියානු දර්ශනය තුළ කෙනකුගේ
චින්තනයේ හෝ ජීවිතයේ ස්වයං-විසංවාදයට වඩා වැදගත්කමක ්
දෙමින් බාහිර සතුරාට හෝ බාහිර බාධාවට ද්විතීයික තැනක්
දෙන්නේද චින්තනය සීමිත ස්වයං-පරාවර්තනයක් නිසාය.
මහාචාර්ය නලින් ද සිල්වා විසින් අනුමාන කරන බටහිර
වාස්තවික ඥානය/ යථාර්ථය යන්න අප සලකා බැල ිය යුත්තේ
සද්භාවය පිළ ිබඳ රූපික ආභාසයක් ලෙසිනි. ඉන් අදහස් වන්නෙ ්
පැවැත්මක් නැති දෙයකට පැවැත්මක් තිබේය කියා විශ්වාස කර
ක්‍රියා කිරීමයි. උදා - මකරුන් කටින් ගිනි දැල් පිට කරයි. මකරුන්
යන්න හිතින් මවා ගත් දෙයක් නිසා ගිනිදැල් පිට කිරීම සිතින් මවා
ගත් ලෝකයකම සිදු වෙයි. දැනුම යථාර්ථය විචාරය කිරීමට
තවදුරටත් අදාළ නැති බව නලින් කියන විට එය සැබෑය. නමුත්
සිංහල-බෞද්ධ මහා අනෙකාගේ ආමන්ත්‍රණයට අනුව දෘෂ්ටිවාදීව
පොල පනින නලින් අවිඥානිකව සිංහල-බෞද්ධයකු වීමට
ෆැන්ටසිකරණය කරයි. යථාර්ථයට අප මුළා වන්නේ දැනුම විචාරය
කරන විට නොව අප ෆැන්ටසියට භක්තිමත් වන විටය. විමුක්තිය
ළඟා කරගත හැක්කේ ෆැන්ටසිය තරණය කරන විටය.


භාරතීය සහ යුරෝපීය දාර්ශනිකයන්ට රෑ එළි වන තුරු  දහවල රැය වන තුරු කල්පනා කිරීමට බොහෝ ප්‍රශ්න තිබිනි. ලකාන් ලා ජීජැක්ලා කියා සායම් තවරා එවන්නෙත් පරණ අරක්කුය.
මුල්ලපටස් ඉවත් කර තේරෙන බාසාවෙන් මේ දාර්ශනික කරුණු ගැන මගෙ මතය කියමි.

අපෙන් බාහිර වූ ලෝකයක් ඇද්ද

ලෝකය  අපගේ මනසේ නිරීක්ෂනයක් නොවේ. අපගේ මනස ලෝකයේම කොටසකි.එසේම සත්‍ය වීම පරාසයනට සාපේක්ෂය. යථාර්ථය අදාල පරාසයන්ට සාපේක්ෂ වන අතර එම පරාසයෙන් පිටතදී සත්‍ය නොවිය හැක.අප යනු ලෝකයේම කොටසක් නිසා අපෙන් බාහිර ලෝක ගැන සංවාදය මින් මතුවට අවශ්‍ය නොවෙයි.
තව දුරටත් පැහැදිලි කරන්නේ නම් මම කියා කෙනෙක් සිටින්නේ මම සිටින පරාසය තුලයි.
බෞද්ධ දර්ශනයේ මේ ගැන තවත් නඩර දෙමළයක් ඇත. මියගොස් යළි උපදින්නෙ මැරුන කෙනා නොවේ වෙනත් කෙනෙක් ද නොවේ. මේක අසන පුද්ගලයාට මේ මුල්ලපටස් නොතේරෙන නිසා මේ නම් මාහ ලොකු දෙයකි. මෙය තීරුම් ගන්නට මගේ දැනුම ප්‍රමානවත් නැත. මගේ දැනුමෙන් ඔබ්බට ඇති මේ මහමෙර තේරුම් ගන්නවට වඩා බෝධිපූජාවක් පැවැත්වීම හොඳයි
 කියා ක්‍රිකට් කණ්ඩයමේ ග්‍රහ අපල දුරු කිරීමට කවි කියමින් බෝගසට වතුර වක්කරයි.


අනේ පවු

මෙතන ඇත්තේ සරල කතාවකි.මියගිය පුද්ගලයා ඇසුරින් ඇතිවූ වෙනත් පුද්ගලයෙකි කියා කී විට ප්‍රශ්නය විසදේ. ඇසුරින් කියන වචනාය දමා වාක්‍ය දෙක සමබන්ධ කිරීමට නාගර්ජුනලා ,නාගසේනලා වැනි නාගයන් කැමති වී නැත. මෙහිදී මට මිළින්ද ප්‍රශ්නය පොතේ එන තකතිරු උපමා මතක් වෙයි. 
එක් උපමාවක යම් දේනුවක් කන සියල්ල දිරවන නමුත් කලලය දිරවන්නෙ නැත්තෙ කළලයේ කර්ම බලය නිසා කියා කියයි. මෙය කියන්නෙ නාගසේන නොවේ නාගසේනගෙන් ප්‍රශ්න අසන මිළිදුය ( මිනැන්නඩර් ).නාගසේන පාස් කරපු බෝලෙට ඩෑෂ් පහරක් එල්ල කරයි.

තාර බර ඇරිය යුතුය. අහසේ සිටින සියල්ලන්වන්ම පොලවට ගත යුතුය.කිසිම රාමුවක කොටු නොවිය යුතුය.කෙසේ නමුත් බුදුන් වැනි අය කාලයට සාපේක්ෂ උගතුන් බව නම් මම පිළිගනිමි.



කපුටා කළුය යන කතාව සුදු කපුටෙක් දකින තුරු සත්‍ය වන අදහසකි.( ප්‍රවාද ,උපන්‍යාස වැනි වචන ඕනෑකමින්ම නොදමමි )
සුදු කපුටෙක් දුටු පසු අවශ්‍ය නම් කපුටා කළුය යන අදහස බොරුය කියා හෝ අළුත් එකා වෙනම සතෙක් කියා හෝ අපට දැණුමක් ගොඩ නගා ගත හැක. නමුත් මේ දැනුම ගොඩ නැගුවේ පවතින දෙයක් ඇසුරෙනි. ඇසුරෙන් කියන වචනය ඉතා වැදගත්ය. ඔබ දකින කපුටා මා දකින කපුටාගෙන් වෙනස් නැත.කපුටා ගැන මගෙ සිතේ මැවෙන චිත්ත රූප වෙනස්ය.චිත්ත රූපද කපුටන් සේම ලෝකයේ නිර්මාණයකි. ප්‍රශ්නය ඇත්තේ එය කේන්ද්‍ර කරගෙන සිතීමෙනි.සියල්ල මනසේ නිර්මානය කියන නලින් ල මම කේන්ද්‍ර කරගෙන ලොව මම වටා බ්‍රමනය වන බව සිතයි.එය මුලාවකි. මම ද කපුටා මෙන්ම අදාල පරාසයට පමනක් සත්‍ය වන යම්කිසි දෙයකි.

මේවා සිතීම නිශ්ඵලයයි බුදුන් කී කතාව ඇත්තය.

2 comments:

  1. ඔබේ මේ ලිපිය මට මග හැරී තිබුණි. මෙවැනි මුල්ලපටස් ලේඛනයක් (ඉංග්‍රීසි භාෂාවෙන්) ඉදිරිපත් වූ විට (පළමු භාෂාව ඉංග්‍රීසි වූ) මගේ මිතුරෙකුගේ සාමාන්‍ය පිළිතුර වන්නේ 'Please translate this to English and resend' යන්නයි. මේකටත් කියන්නට ඇත්තේ ඒකමය. "කරුණාකර මෙය සිංහලට පරිවර්තනය කර නැවත එවන්න."

    ඔබ සඳහන් කරන දාර්ශනික කරුණ සිතන්නට ගියොත් කෙළවරක් නැති පිස්සු හැදෙන ප්‍රශ්නයකි. මේ ගැන මගේ අදහස් ඔබේ අදහස් වලට බොහෝ කිට්ටු වුවත් හරියටම සමාන නැත. වෙනත් බොහෝ අය නලින්ට පෙරද ඉදිරිපත් කර ඇති නලින්ගේ මගේ ලෝකය දර්ශනවාදය (Matrix වැනි බටහිර චිත්‍රපට වලද සාකච්ඡා කෙරෙන) මට තේරෙන හැටියටනම් තර්කයෙන් බිඳ හෙළිය නොහැකි එකකි. මනසට බාහිරව 'සැබෑ' ලෝකයක් ඇතැයි ඔබ කියන දෙය නලින්ට පිළිතුරක් ලෙස කලකට පෙර වික්‍රමබාහු කරුණාරත්නද විස්තර කර තිබුණු අදහසකි. මගේ මනසින් බාහිරව ලෝකයක් ඇතිබව මට තේරෙන හැටියටනම් තර්කයෙන් ඔප්පු කළ නොහැකි දෙයකි. එහෙත් එය අපට (වඩා නිවැරදිව මට) දැනෙන දෙයකි. මේවා සිතීම නිශ්ඵලයයි බුදුන් කී කතාවනම් ඇත්තය. ප්‍රායෝගිකව මමනම් කර ඇත්තේ මට කවදාවත් අවබෝධ කරගත නොහැකි ලෙස මා නම් කරගත් කැටගරියකට මෙවැනි දේ දමා ප්‍රශ්නයෙන් ගැලවීමයි.

    ReplyDelete
    Replies
    1. එකඟයි. සරල කතාවක් අර්ථය විකෘති කරල මීතයිල් , මැන්ටල් කුඩු,යූරිය , කෘමිනාශක ආදිය දාල මුල්ලපටස් කරන නිසායි අවුල. මේව අයින් කරල අර්ථය පිරිසිදු කරල එවන්න කියල ආපහු යවන එකයි කළ යුත්තෙ.

      ඕව බොරු තර්ක. කාලෙ කන්නනම් හොඳයි. ඇත්තටම ඔතන තර්කයක් නෙමේ වචන උඩප්පරන් ගැසීමක් තියෙන්නෙ. බුදුහාමුදුරුවො ඕව හිතන්න එපා කියල තියෙන්නෙ ඒකයි. නලින් ගෙ සාධාරණ තර්ක ක්‍රමයක් නැහැ.

      බාහිර ලෝකය ඇසුරින් තමා ඒ ගැන අපේ දැක්ම බිහිවෙන්නෙ. අපේ සිතිවිලි කියල කියන්නෙ බාහිර ලෝකයෙ පිළිබිඹුවක් තමා. බාහිර ලෝකයෙන් වියුක්ත මම කියල කෙනෙක් නෑ.කණ්ණඩියෙ ඡායාවක් තියනව කන්නඩිය කියනව ඒ ඡායාව කන්නඩියෙ නිර්මානයක් කියල. ඒක එහෙම නෙමෙයිනෙ.
      මේකත් ඒවගෙ කතාවක්නෙ.
      බාහිර ලෝකයෙන් වියුක්ත බාහිර ලෝකයක් නැත. එනයින් කෙන්ද්‍රීය මම ද නැත.

      Delete