Tuesday, August 25, 2015

අරුණි සහ මස් කර්මාන්තයේ අනාගතය

නිව්ස් බලමින් ලොව හතර වටේ යනවිට අපූරු චිත්‍රයක් මැවේ. ජපානයේ අස්වනු සැණකෙළි ,චීනයේ යෝධ ඉදිකිරීම් , ඉරානයේ එල්ලා මැරීම් ,අරාබියේ බෙලි කැපීම් ,යුරෝපයේ නව සොයාගැනීම්,ඇමරිකාවේ නව තාක්ෂණයන්, ලතින් ඇමරිකාවේ ශෘංගාරත්මක උත්සව ආදියෙන් මේ මිහිතලය වර්ණවත් වී ඇත.

බ්ලොග් සංචාරයේ යෙදෙන විට ඇස ගැටුනේ අරුණි ශපීරෝගේ ලිපියකටය. අරුණි යනු න්‍යායාත්මක ධනවාදය දේශනා කරන්නියකි. මට සිතෙන ලෙස ඇය ගේ අදහස් එක්සත් ජනපදයේ රිපබ්ලිකන් පක්ෂයේ අදහස්වලටත් වඩා ලිබරල්වාදීය. ඇය තුවක්කු පාවිච්චියේ අයිතිය ගැන අපූරු අදහස් දක්වා තිබිනි. ඇමරිකාව යනු පුද්ගලික දේපොළ වෙනුවෙන් පෙනී සිටින රාජ්‍යයකි.තම පුද්ගලික දේපොළ ආරක්ෂා කරගැනීමට ඕනෑම කෙනෙකුට තුවක්කු පාවිච්චිකිරීමට අයිතියක් ඇත.

දුප්පත්ම ඇමරිකානුවාත් කොමියුනිස්ට් විරෝධියෙකි. ඇමරිකන් මනස මාධ්‍ය මගින් වර්ණ ගැන්වේ. පුද්ගලික දේපොළ ආරක්ෂා කිරීම ඉතාම වැදගත් කර්තව්‍ය ලෙස සිතට කාවද්දයි. හිඟන්නාගේ ඔලොගුවේ ඇති දේත් පුද්ගලික දේපොළය.180 ගුනයක වැටුප් ලබන විධායකයන්ගේ දේපොළත් පුද්ගලික දේපොළය. ඇමරිකන් ක්‍රමය මාරය.

රාජ්‍ය විසින් සියල්ල තීරණැය කරන සෝවියට් පන්නයේ දුර්වලකම් සේම හොඳ දේද තිබිණි. ඇමරිකන් ක්‍රමයේද එසේමය.විද්‍යා හා තාක්ෂනික සංවර්ධනයට ධනවාදය බලපෑවේය. ධනවාදයේත් සමාජවාදයේත් වෙනස බලන්නට බස් කර්මාන්තය උදාහරණයකි. තමන්ගෙ ප්‍රාග්ධන භාන්ඩය ආශාවෙන් උනන්දුවෙන් රැක ගනී එහෙත් පොදු දේපොළක් එසේ රැක ගන්නට කාටවත් උනන්දුවක් නැත. ගමක සමිතියකින් ගත් බඩුවක් පොදුවෙ පාවිච්චියේදී ඉක්මනින් අබලන් වේ. පොදු ප්‍රාග්ධන භාන්ඩවල කෑලිද රිප්ලේස් වේ.එසේම සෝවියට් දේශයේ සමූහ ගොවිපොළැවල සී සාන්නේ හතාර්ර වටේ විතරලු. පරීක්ෂකයා පැමිණ කෝටුවකින් ඇණ බලන්නේ හතරවටේ පමණි. මැද කවදාවත් හාන්නේ නැත. පොදුවැඩවල ප්‍රමිතිය එසේය. එහෙත් ලාභය ප්‍රධාන වූ විට පුද්ගලයා මෝටිවේට් වේ. කෝලා බීම වර්ග ගැන ඇය කීවේ එම සමාගම්වලින් ලාබ ලැබෙන බවත් ඊට වඩා වස විස මිනිස්සු කන බවත්ය.

අරුණි ඉංග්‍රීසි ලිපි පරිවර්තනය කර සිංහලට දාන එක නම් ප්‍රශංසනීයය. එසේම ඇයගේ අදහස්වල ගන්න දේවල්ද ඇත.

 අරුණිගෙ ධනවාදයට අනුව මිනිසුන් රෝගී කරවන දුම්කොළ වැනි  දේවල් අලෙවිය සාධාරණය ඉන් රැකියා අවස්ථා ලැබේ.දුම්කොළැ සමාගමේ සේවකයන්ට , වෛද්‍යවරුන්ට මෙන්ම මෝචරිවල වැඩ කරන අයටද රැකියා ලැබේ. අපරාධ බහුල වීමද හොඳය. එවිට පොලිස්භටයන්ට, නීතීඥයන්ට බන්ධනාගාර සේවකයන්ට වැඩ ලැබේ.අවශ්‍ය වන්නේ ලාභයයි.අපේ පුරාණ වැව් වැනි දීර්ඝ කාලීන ආර්ථික වටිනාකමක් සහිත දේවල් මෙහිලා අගය නොකෙරේ.පරිසර විනාශය සම්පූර්නයෙන්ම නොසළකා හැරේ. ලාභය වැඩිවීමේ වේගය හැර සෙසු සියල්ල නොසළකයි එහෙත් ලාභය අනවරත ව වැඩි නොවේ. කිසියම් සීමාවකින් පසු නතර වේ. මම සිතන්නෙ ඒ පීක් එකට ලෝකය ගමන් කරමින් සිටින බවයි. අද ලෝකයේ ආර්ථික වර්ධනයක් ඇතැයි කියන්නේ චීනයේ ආර්ථික වර්ධනය නිසාය.දියුණු රටවල් සියල්ලේම ආර්ථික වර්ධනය 3% ට අඩුය. චීන ආර්ථිකයද ස්ලෝ වන බව කියවේ.

සමහර කර්මාන්ත විසින් වෙනත් කර්මාන්ත ආදේශ වීමත් දැවැන්ත කම්හල් වෙනුවට නැනෝ තාක්ෂනය මත පදනම් වූ කුඩා විද්‍යාගාර බිහිවීමත් ඉදිරියේදී සිදුවිය හැක.ත්‍රිමාණ මුද්‍රණය මගින් නිෂ්පාදනයේ විශාල විප්ලවයක් සිදුකිරීමත් අපේක්ෂා කළ හැක.අනාගතයේදී මිනිසාට වැඩ කරන්නට සිදුවන්නේ කෘතිම බුද්ධිමය පද්ධති සමගය. මිනිස් ශ්‍රමය අත්‍යවශ්‍ය නොවන අතර මිනිසා ලොවට බරක් වීමද අනාගතයේ සිදුවනු ඇත.රාජ්‍ය මැදිහත්වීමෙන් උපත් පාලන නීති  හදුන්වා දීමට ඉඩ ඇති අතර ලෝකය ව්‍යාපාරිකයන් අතට නොව විද්‍යාඥයන් අතට පත්වනු ඇත.

අරුණි විද්‍යාත්මකව සිතන්නට මිනිසුන් පොළඹවයි .ඇය අනාගතවාදීය. තර්කානුකූලවය.



ඇය තාක්ෂණික ව වැඩිදියුණු කළ සත්වයන් ගැන කියයි. ජාන වෙනස්කළ මෙම සතුන්ගේ මස් වලට වෙළැදපොළැක් නැතිවීම ඇයගේ කනගාටුවට කරුණකි. ඇත්තටම මා කියන්න යන්නෙ ජාන ඉංජිනේරු විද්‍යාව ගැන නොවේ. පියවි සෛල තාක්ෂනයෙන් මස් නිපදවීම ගැනය. අනාගත ලෝකය යනු මහා කම්හල් නොව කුඩා විද්‍යාගාරය. අනාගත ලෝකයේ ප්‍රධාන කුළුණු වන්නේ ත්‍රිමාන මුද්‍රන ශිල්පය ,පියවි සෛල තාක්ෂණය හා කෘතිම බුද්ධියයි.

මෙහිදී මා කියනනට හදන්නෙ ඉයවි සෛල නොහොත් ස්ටෙම් සෙල්ස් වලින් මස් නිපදවීම ගැනයි. විද්‍යාගාරයක පෙට්‍රිදීසියක වගා කරන පියවි සෛල පේශි පටක බවට වර්ධනය කළ හැක. ඇත්තෙන්ම පියවි සෛල ඕනෑම සෛලයක් බවට වර්ධනය කළ හැක.මේ මස් වලට vitro meat කියනු ලැබේ. අනාගත මස් කර්මාන්තය මේ මස් vitro meat මත පදනම් වුනොත් එය විශාල පෙරළියක් වනු ඇත.මට හිතෙන්නෙ මෙය ස්ටෙම් සෙල්ස් වල ප්‍රධානම අවශ්‍යතාවය නොවේ.මේ පර්යේශන මූලිකවම සිදුකරන්නේ රෝග සුවකිරීමටය.මේ ක්‍රමයට ඕනෑම අවයවයක් වර්ධනය කළ හැකි නිසා එය වෛද්‍ය විද්‍යාවේද පෙරළියක් වනු ඇත.

දැනට මෙම මස් ඉතා මිල අධිකය.රාත්තලක් ඩොලර් 325,000 ක් පමන වේ.එහෙත් අනාගතයේදී මිල අඩුවිය හැක.


1368537315_revoluciya-v-pitanii

9 comments:

  1. //අරුණි යනු න්‍යායාත්මක ධනවාදය දේශනා කරන්නියකි. මට සිතෙන ලෙස ඇය ගේ අදහස් එක්සත් ජනපදයේ රිපබ්ලිකන් පක්ෂයේ අදහස්වලටත් වඩා ලිබරල්වාදීය.//
    මා සිංහල බ්ලොග් කියවීමට පටන්ගෙන යන්තම් මාස තුනක් පමණ වන අතර අරුණිගේ බ්ලොගය ඇස ගැසුනේ එයින්ද කලකට පසුවය. ඇගේ පැරණි සටහන් සියල්ල කියවීමට මට ඉඩකඩක් නොවූවත් බොහෝ දේ වෙනත් කෙනෙකු විසින් ලිවීමට අවශ්‍ය නොවන තරම් න්‍යායාත්මක ධනවාදය අනුව නිවැරදිව, නිරවුල්ව සහ විස්තරාත්මකව ඇය සටහන් කර තිබේ. ඔබේ ඉහත හැඳින්වීම නිවැරදියැයි මා සිතන අතර ඇය වුවද එයට එකඟ වනු ඇත.

    ඇගේ අළුත්ම ලිපියේ ඇති කරුණු වලටනම් මට සම්පුර්ණයෙන් එකඟ විය නොහැක. එහෙත් ඇගේ මා කියවා ඇති බොහොමයක්ම ලිපි වල ඇති කරුණු සමඟ මට සම්පුර්ණයෙන්ම එකඟ විය හැකිය. තුවක්කු පාවිච්චිය සම්බන්ධ අදහසද මා කියවා ඇති, මට එසේ සම්පූර්ණයෙන් එකඟ විය හැකි ලිපියකි. මෙහි ඇත්තේ සමාජවාදී රටක මෙන් කිසිවෙකුට බලෙන් අදහස් කාවැද්දීමක් නොවේ. පොදු ජනතාවගේ අදහස් රජය තුල හොඳින් නිරූපනය වීම පමණි. ඇමරිකන් මනස මාධ්‍ය මගින් වර්ණ ගන්වන්නේය යනුවෙන් ඇමරිකාවෙන් පිටත මාධ්‍ය හෝ වෙනත් භාවිතයන් මගින් වර්ණ ගන්වා ඇති මතය නිවැරදි නොවන්නේ ඇමරිකානු මාධ්‍ය රාජ්‍ය මාධ්‍ය නොවන නිසාය. එමෙන්ම වෙනත් විදේශ මාධ්‍ය තොරතුරු ඇමරිකාව තුල වාරණය කෙරෙන්නේද නැත. පුද්ගලික මාධ්‍යයක ලාභය වැඩිවන්නේ වැඩි දෙනෙක් පිළිගන්නා මතයක් ඉදිරිපත් කළ විට මිස නැති දෙයක් බලයෙන් පෙවීමට යාමේදී නොවේ.

    ඇමරිකාවේ ගිණි අවි භාවිතයට ඇති අයිතියට ඓතිහාසික පදනමක් තිබේ. රටේ පුරවැසියන්ට (එවකට පාලනය කළ එංගලන්ත) රජය මගින් බලහත්කාරකම් (අසාධාරණ බදු වැනි) කරද්දී එයට විරුද්ධ වීමට මහජනතාවට නොහැකි වූයේ රජයට ගිණි අවි තිබීම සහ මහජනතාවට නොතිබීම නිසා ඇතිව තිබුණු බල තුලනයේ වෙනස නිසාය. ඒ නිසා රජයට මේ අයිතිය පැහැර ගැනීමට ඉඩ නොතැබීම මුල සිටම දැඩි ඉල්ලීමක් විය. තුවක්කු නීතිය නිසා දේපල අයිතිය සුරැකෙන්නේ 180 ගුනයක වැටුප් ලබන විධායකයන්ගේ නොවේ. ඒ අයට අවශ්‍යනම් ආරක්ෂක සේවයක් නඩත්තු කිරීම අපහසු නැත. සාමාන්‍ය ඇමරිකානුවාගේය. ඒ සාමාන්‍ය ඇමරිකානුවන් බොහෝ දෙනෙක් ගිණි අවි තබා ගෙන සිටින නිසාද නොවේ. ඔවුන් ගිණි අවියක් තබා ගෙන සිටීමට ඉඩ ඇති නිසාය. කෙහෙල් කැනක් කපා ගැනීමට හෝ කුරුම්බයක් බා ගැනීමට හොරෙන් වත්තට පැන්නොත් බඩු ෂුවර් නිසාය. (කෙහෙලුයි, කුරුම්බයි ඇමරිකානු වතු වල සාමාන්‍යයෙන් නෑ තමයි- දකුණු පැත්තේ හැර). මෙය සාමාන්‍ය ඇමරිකානුවෙකුට ඇඟට දැනෙන ප්‍රායෝගික සත්‍යයකි. එහෙත්, මේ නිසා ලංකාවේ හෝ වෙනත් රටක මේ අයුරින් ගිණි අවි පාවිච්චියට ඉඩ දිය යුතුයැයි මා සිතන්නේ නැත. ලංකාවේ ඉන්නේ ඇමරිකානුවන් නොවන නිසාය.

    ඔබ අරුණි දේශනා කරන ලෙස සඳහන් කරන න්‍යායාත්මක ධනවාදයේ බොහෝ දෙනා හඳුනාගත් ඇතැම් විවේචන තිබේ. එය සර්ව සම්පූර්ණ ක්‍රමයක් නොවේ. සර්ව සම්පුර්ණ ලෙස ලේබල් කළ න්‍යායකට දියුණු වීමට ඉඩක් නැත. ඔබ දුම්කොළ හා අදාලව කතා කරන externalites එවැනි එක් ප්‍රශ්නකාරී දෙයකි. මෙවැනි තැන් වලදී කිසියම් රාජ්‍ය මැදිහත්වීමක් අවශ්‍ය බව අරුණි නොසිතන නමුත් ඇමරිකාවේ වුවද (ආර්ථික විද්‍යාඥයින්ද ඇතුලත්ව) බොහෝ දෙනා එසේ සිතති. එවැනි තැන් වුවද ස්වභාවිකවම නිවැරදි වන බවට ඇය දක්වන මතය බොහෝ දුරට න්‍යායාත්මක වුවත් ප්‍රායෝගිකවද මෙවැනි අසමතුලිතතා නිවැරදි වෙන තැන් තිබේ. විකිපීඩියා වලට ආධාර ලැබීම උදාහරණයකි. මේ ගැන නිශ්චිත මතයක් ප්‍රකාශ කිරීමට තරම් කාලයක් ධනවාදය භාවිතයේ යෙදී නැත. ඇය යම් ලිපියක සඳහන් කර තිබුණු පරිදිම ඇමරිකාවට සාපේක්ෂව යුරෝපයේ ඇත්තේ සමාජවාදයකි. ඇමරිකාවේ වුවද ධනවාදී න්‍යායයන් සම්පුර්ණයෙන් භාවිතා කෙරී නැත.

    vitro මස් ගැන ඔබේ අදහසට මාද එකඟය. http://economatta.blogspot.com/2015/06/blog-post_15.html

    ReplyDelete
    Replies
    1. අරුණි යනි විශිෂ්ට බ්ලොග්කාරියක්. ධනවාදය ගැන ඇගේ අදහස් අව්‍යාජයි. පරස්පර විරෝධයන් නැහැ. කෙළින්ම ධනවාදී. ඒ කියන්නෙ පෞද්ගලික අයිතිය උපරිමයෙන් ප්‍රවර්ධනය කෙරෙනවා. සමාජවාදී කියන අයට වෙලා තියෙන්නෙ ප්‍රතිපත්තියක් නැතිකම.ඔවුන්ට පෞද්ගලික අයිතිය පිළිගන්නත් බෑ නොපිලිගන්නත් බෑ . ඔවුන්ගෙ දර්ශනය මට බී එම් ඩබ්ලිව් එකක් ගන්න බැරි නිසා ඒක කුරිරු ධනේශ්වරය. හැබැයි මරුටියක් ගන්න එක අදට ගැලපෙන සමාජවාදය .ඒ කියන්නෙ පෞද්ගලික අයිතිය යම් සීමාවක් තුල පිළෛගැනීම. විහිළුව කියන්නෙ සල්ලිකාර සමාජවාදිය (කුහකයා ) කියන්නෙ බී එම් ඩබ්ලිව් එකක් ගන්න එක අදට ගැලපෙන සමාජවාදය හැබැ‍යි අභ්‍යැවකශ චාරිකාවක යෙදෙන එක කුරිරු ධ්නවාදය කියල. අද සමාජවාදෙන් තක්කඩින් වෙලා. සුවිශේෂ තතවයන්ට ගලපනව කියල උතුරු කොරියාවෙ වගෙ සමාජවාදී රාජාන්ඩු නිර්මානය වෙන්නෙත් ඔය වගේම තලගොයි න්‍යායකින්.

      මම නම් පෞද්ගලික දේපොළ අයිතිය පිළිගන්නව. ඒ වගේම හැමෝගෙම පෞද්ගලිකත්වයට ගරු කළ යුතුයි. පොදු බව තුලින් එන්නෙ මැරවර පාලනයක්.කාටවත් අයිතිනැති දේපොළේ අයිතිකාරය චන්ඩියෙක්.ආණ්ඩුව කියන චන්ඩියට තමයි අන්තිමට බලය එන්නෙ.


      මම බ්ලොග් එක ලියන්න ගත්ත දා ඉදල කතා කළේ අධිකාරවාදයට එරෙහිව. ඇමරිකානුවන් එංගලන්තයට එරෙහිව කළ සටන විශිෂ්ටයි.ඇමරිකාව උපන්නෙම පුද්ගලික නිදහසත් එක්ක.ජෝජ් වොෂින්ටන්ට ඒකාධිපතිකම ගන්න කියල ඉල්ලුවම ඔහු එය ප්‍රතික්ෂේප කළා.

      ඇමරිකානු රාජ්‍යයන්ගේ වුනත් තිබුනෙ පැරණි ග්‍රීක් රාජ්‍යවල වගෙ එකිනෙකාගෙ නිදහසට ගරුකරන සම්ප්‍රදායක්.
      ලාභය කියන්නෙ ක්‍රමයෙ අතුරුඵලයක් විතරයි. ලාභය මූලික කරගෙන හිතන්න ගියොත් විකෘති සමාජ ඵලයක් ලැබෙන්නෙ.

      Delete
  2. http://anthoniyo-bahijata.blogspot.com/2014/05/blog-post.html

    ReplyDelete
    Replies
    1. මමනම් ගවමස්නොකන කෙනෙක් නෙමෙයි. ඇබ්බැහිවීමකුත් නෑ. ගවමස් මට තවත් එක්තරා ආහාරයක් විතරයි. ගවයන් මැරීමටත් මගෙ විරෝධයක් නෑ.
      ඔබගෙ ලිපිය කියෙව්වා. මටනම් එළකිරි තරම් ඔය ආදේශක එකක් වත් වැඩක් නෑ. එළුකිරි වගෙ වෙනත් කිරි වුනත් මටනම් එළකිරි තරම් රස නෑ.
      මම දිනපතාම එළකිරි බොනවා. එහෙම කියල එළදෙනට කිරි අම්ම කියන්නෙත් නෑ. හරක් මැරුව කියල මට අවුලකුත් නෑ.හරක මට තවත් සතෙක් විතරයි.

      Delete
    2. මම හිතන්නෙත් ඔහොමයි , මං කියන්නේ , ඔය පාරේ ඉන්න කුණු කන හරක් , ලෙඩ හරක් , වැඩ අරං , කන්ඩ නැතුව කැහුටු හරක් නැතුව , මසටම සත්තු හදල මස් නිස්පාදනය කලානං හොදයා කියල මං කියන්නෙ

      Delete
  3. ඉකොනොමැට්ටා , අරුණි හා මධ්‍යස්ථ මතධාරියා කියන තුන් දෙනාගේ මම විශේෂත්වයක් දකිනවා . ඒ ඔවුන් දරන මතවාදවල සමානකමක් නිසා නොවෙයි . තමන්ට ඕනි දේ කියන්නට අවශ්‍ය න්‍යායාත්මක දැනුමක් තිදෙනාටම තිබීම. ඒ ගුණය මම අගය කරනවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි .
      ඇත්තටම මගේ පිපාසය නොදන්න දේ දැනගැනීම තමයි. බොහෝ විට ශිෂ්‍යයෙක් ලෙස පෙනී සිටින්නෙත් ඒ අවශ්‍යතාවය නිසාමයි.

      Delete
  4. මේ ගැන මම කලින් වතාවක වීඩි‍යෝ එකක් බැලුවා.. ඊට පස්සේ ඉන්කොමැට්ටගේ පොස්ට් එකත් බැළුවා.

    අළුත් තාක්ෂණය එක්ක ඉස්සරහට යද්දී මේ දේ තව කාලෙකදි මහ ලොකු දෙයක් නොවෙන තැනට ඒවි.. ගනන් හිලවු උනත් පහල යාවි..

    ReplyDelete
    Replies
    1. ෆෝන් වලට වුනා වගෙ නේද
      ඒත් ඒ තරම් ඉක්මනට වෙයි කියල හිතන්න බෑ

      Delete