Wednesday, August 19, 2015

මහ මැතිවරණ ප්‍රතිඵල විග්‍රහය

ජනවාරි 8 වැනි දින ශ්‍රීලංකාවේ නිහඩ විප්ලවයක් සිදුවිය. ඇත්තෙන්ම ඒ වනවිට පැවති තත්වය එක රැයකින් උඩුයටිකුරු විය. භූ දේශපාලන යථාර්තය විශ්ලේශනය කර තීන්දු තීරණ ගැනීම වෙනුවට කේන්දරබලන තක්කඩියන්ගෙ අදහස් අනුව තීරණ ගන්නා මිත්‍යා දෘෂ්ටිකයන්ගෙ ඉරණම පැහැදිලි කරමින් මහින්ද රාජපක්ෂ මහතා පරාජය විය. ග්‍රහතාරකා අනුව මිනිස් ක්‍රියාකාරකම්  ගනඵලාඵල කියන ජ්‍යොතිෂය ආරම්බ වුනේ පෘථිවිය සූර්යයා වටා යනබවවත් නොදත් යුගයකය.මොවුන් නිගමනවලට එන්නෙ අතීතයේ සිටියායැයි කියන ඍෂිවරුන් දුටු සිහින මත මිස විද්‍යාත්මක නිගමන තුලින් නොවේ.

එක්සත් ජනතා සංධානය මේ ලබාගත් ප්‍රමාණය ඉහටත් උඩිනි.නායකත්වයක් නැතිව ,පක්ෂය බෙදී තිබියදී මෙවැනි ප්‍රතිපලයක් ලබාගැනීම ගැන ඔවුන් සතුටු විය යුතුය.අවසාන සතියේ සිදුවූ සිදුවීම් නිසා සංධනයට ඡන්දය දෙන විශාල පිරිසක් ඡන්ද පොළට නොගියහ. ඉකොනොමැට්ටා මේ ප්‍රමාණය 17 % ක් පමනබව කියයි. කකුලෙන් ඇදිලි නොතිබුනානම්  මීට වඩා ආසන ගනනක් ගන්නා බව නිසැක වුනත් අස්ථාවර ආණ්ඩුවක් බිහිවනවාට වඩාමෙය හොදය.

මනාප ප්‍රතිපල අනුව මෙවරපක්ෂ දෙකෙන්ම උගත් විද්වත් පිරිසක් පත්ව ඇති බව පෙනේ. මෙය වඩාම පෙනෙන්නේ එජාප ලැයිස්තුවේය. මෙයට සම්පූර්න ගෞරවය මර්වින් ලාට මුතුහෙට්ටිගමලාට හිමි විය යුතුය. පාර්ලිමේන්තුවට යැවිය යුත්තේ උගතුන් බව මේ රටේ ජනතාවට නිදර්ශන මගින් තේරුම් කර දුන්නේ ඔවුන්. පාර්ලිමේන්තුව යනු පිස්සන් කොටුවක් නොවේ. පාර්ලිමේන්තු යැවිය යුත්තේ චන්ඩින් ( පෞර්ෂ අක්‍රමතා සහිත අය ) නොවේ. යහපාලනය ගැන ඇතිවූ කතිකාවත අවසන් වුනේ මේ ප්‍රවනතාවයද සහිතවය.

එහෙත් සංධාන මනාප ලයිස්තුව ගැන එතරම් සතුටු විය නොහැක. එහි පළමු තැනට ඇවිත් ඇත්තේ චොකා මල්ලිලාය . මහනුවර හා රත්නපුර මනාප ප්‍රතිඵ ගැන ඇතිවන්නෙ කණගාටුවකි.මිනීමැරුම් චෝදනා නැති අයට හා තාක්ෂනික දෝෂ හෝ වෙන වෙන කරුණු නිසා ආන්දෝලනාත්මක මිනීමැරුම් කර නිදහස් වූ අය ලැයිස්තුවේ අංක එකට එන එකනම් අවුල්ය.

කලාකාරයන් කියන අය ඇතුලත් නොවීමද සතුටකි.උන් හැමදාම අඩන්නෙ කිසිම ආණ්ඩුවක් කලාකාරයන්ට කරන්නෙ නෑ කියාය. උන්ගෙ තියෙන්නෙ කැතම කැත ආත්මාර්ථකාමී අභිලාශයන්ය. උන්ට අනුව ආණ්ඩුවක ප්‍රධානම වැඩේ කලාකාරයන් කියන උන්ට සැප සම්පත් දීම බවය. අදබාල ජනයා වන අප ඡන්දය දෙන්නෙ කලාකාරයො කියන නිසාලු ඒ නිසා උන්ට සැප සම්පත් දීමට ඉල්ලන එක සාධාරණලු. මේ එක කලාබරයෙකුගෙ කතාවකි. ඡන්දයක් කිට්ටුවන විට කලාබරයෝ උන්ගෙ අත්සන් ලිස්ට් පත්තරවල පිටුපුරා පළකරති.මේ රටේ ජනතාව කලාබරයො කියන දේ අසා ඡන්දය දෙන මොන්ගල් අය බව උන් සිතති. මුන්ගෙ එකම දේ තාලෙට සින්දුවක් කින්න. මොනව හරි දෙබසක් කියන්න හැකිවීමයි උන් හිතන්නෙ උන් ලොවෙත් නැති පොරවල් කියාය.


 පාර්ලිමේන්තුවට පුද්ගලයන් යවන්නේ රටට වැඩක් කිරීමටය. නළු නිළියන් ,ගායක ගායිකාවන් ,ක්‍රීඩක ක්‍රීඩිකාවන් යැවීමෙන් වැඩක් නැත. ඔවුන් කරන්නෙ ගියදා පටන් ෂූටින් යාම, මියුසිකල් ෂෝ වලට යාම හෝ ක්‍රීඩා කිරීමය. රටේ ප්‍රශ්න ගැන කතා කරන්නෙ නැත.පියරු බබාල පත්නොවීම සතුටකි.


ගම්පහ දිස්ත්‍රික් ඡන්දදායකයන් අපට ඔජ වැඩුනේ අපි එසේ මෙසේ අය නොවෙයි පබාට ඡන්දෙ දීපු අය හරිය කියාය.එවැනි අවස්ථාවල පබාට න්දෙ දීපු ජාතියක් ලෙස අපටත් අභිමානයක් තියනව කියා සෙමෙන් කීමු. පබාට ඡන්දය දුන්නේ මන්ද කියා විශ්ව විද්‍යායකින් සමීක්ෂනයක්ද කළාලු.එවිට තුන් වේලටම කැකිරි කන බුද්ධිමත් ඡන්දදායකයන් කියා ඇත්තේ ආමන්ත ( ප්‍රේමවන්තයා ) තරහ වීමත් ගාමන්ට් එකේ ආදායම අඩුවීම ( කතාවට අනුව ඒ කාලයේ ඇය ගාමන්ට් එකක් කළාය ) නිසා පාර්ලිමේන්තුවත් යවල බලනව කියාය. මේවා දන්නේ නම්  ලංකාවට සර්වජන ඡන්ද බලය දුන් අතිගරු ඩොනමෝර් සාමි හා ඒ ඊ ගුනසිංහ යන අය වල ඇතුලෙදිම බෙල්ලෙ වැල දමා ගනු ඇත. මේ ඡන්දයේදී ජනතාවගේ තේරීම්  එතරම් නරක නැත. කළ යුත්තේ මෙම ප්‍රවනතාව පවත්වාගෙන යාමය. 1977 ,2010 වැනි රැල්ලට ඡන්දය දුන් අවස්ථවල පොල් කෝම්බ ගහගෙන එයි.

සංධාන ඡන්දදායකයා අවධාරණය කර ඇත්තේ වාසි තකා ආණ්ඩුවට යන අයගේ ක්‍රියාකලාපය තමන් අනුමත නොකරන බවය. ඇමතිකම් අතහැර ආ අයට සමාවක් ලැබී ඇත.එජාප ඡන්දදායකයාද පෞද්ගලික ලාභ උදෙසා පක්ශය පාවා දී ගිය අය ප්‍රතික්ෂේප කළේ මීට ඉහතදීය.

ප්‍රසිද්ධ පුද්ගලයන් නිසා පක්ෂ මාරු කළ චම්පික රණවක , හිරුණිකා වැනි අය කොළඹ වැනි දිස්ත්‍රික්කයකින් වුනත් ජාම  බේරගෙන ඇත. එහෙත් මොඩ තීරණ ගත් ෆොන්සේකා කුජීත වී ඇත.ප්‍රධාන පක්ෂයකට එක් නොවුනානම් කොයි තරම් ප්‍රසිද්ද වුනත් විමල් ලාට චම්පිකලාටත් වෙන්නෙ ඔය ටිකය.

අවස්ථාවට අනුව වර්ණය වෙනස්කරගන්නා ඩාවින්වාදී හෙළ උරුමය දේශපාලන පක්ෂයක් ලෙස තවදුරටත් වලංගු නැත.කරුණාරත්න පරනවිතාන ජයගෙන  ඇත්තේ ඔහුගේ පෞද්ගලික සම්බන්ධතා හරහාය. ඔහු ප්‍රසිද්ධ දේශපලනයට ඇවිත් වැඩිදවසක්ද නැත. හෙළ උරුමයේ අරටු බැහැල සිටි අය පරාද වී ඇත.ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය යනු ෆොන්සේකා වන පරිදිම ඩාවින්වාදී හෙළ උරුමය යනු චම්පිකය.මෙසේ පුද්ගලයන් හා පක්ෂ එකක් වන උදාහරන ගනනාවක්ම ඇත.


බ්ලොග්කරුවෙක් ලෙස කරුණාරත්න පරනවිතානට සුබ පතමි.


සංධානයට ඡන්දය දුන් අය මහින්දට පක්ෂ අයට ඡන්දය දීමට පෙළඹී ඇත. එස් බී වැනි චරිත පරාජය වන්නේ මෙවැනි පසුබිමකය. එස් බී යනු ශ්‍රීලනිපයේ වරෙක මහින්දටත් ඉදිරියෙන් සිටි අයෙක් බවත් ඔහු පක්ෂ මාරුකර තම දේශපාලන අනාගතය අනාගත්තෙක් බවත් පැහැදිලිය.2005 දී ජනාධිපති අපේක්ෂක වීමටද ඔහුට හැකියාව තිබිණි. එසේ නොවීම යහපතක් බව නොකිවමනාය.



ආරංචියෙ හැටියට ඉතා විශාල ප්‍රමාණයක් යහපාලන ආණ්ඩුවට සහාය දැක්වීමට තීරණය කර ඇත. ඒ ගැන කරන්නට දෙයක් නැත. අවුරුදු පහකට ඔවුන් මන්ත්‍රීවරු බැවිනි.කෙටි කලකට ඇමති සැප විද මහින්ද විරෝධී වී පැරදුන අයද සිටිති.දුර බලපන් සොයිසෝ කියන්නෙ කට කහනවට නොවේ. මහින්ද වෙනුවෙන් පෙනී සිටි බොහොමයක් එසේ කළේ තම තමන් දේශපාලන වශයෙන් නන්නත්තාර වන නිසාය.එහෙත් දැන් ඔවුහුද නිකම්ම මන්ත්‍රීවරු ලෙස සිටීවිදැයි සිතිය නොහැක.


මෝඩ තීරණයක් ගත් අනෙක් පක්ෂය ජවිපෙය. සාමාන්‍යයෙන් යූ ඇන් පී කාරයන් ජවිපෙට ඡන්දය නොදෙති. ජවිපෙට ඡන්දය දෙන්නේ ශ්‍රී ලංකා කාරයෝය. මාක්ස්ගෙ පොතේ මොනවා තිබුනත් මේ පක්ෂ දෙක අතර වෙනස්කම් ඇත. මෙම පක්ෂ වල සාමාජිකයන් හිතන පතන විදි වෙනස්ය. උනුත් එකයි මුනුත් එකයි කියනවානම් කියන්නට ඇත්තේ උනුත් එකයි මුනුත් එකයි අරුනුත් එකයි කියාය. සෝබනේ කාගෙත් ඇත .පාක්ෂිකයාගේ අන්ධ භක්තිය අතින් ජවිපෙ සාමාජිකයා සෙසු සියල්ලන් පරදවයි.හොරකම් කරන්නට ජවිපෙට සම්පූර්න බලය ලැබී නැති අතර සම්පූර්න බලය දීම ප්‍රජාතන්ත්‍රවාදය හා මානව හිමිකම් අනතුරේ හෙළීමක් නිසා ජනතාව එවැන්නට පෙර දෙවරක් නොව කිහිප වරක්ම සිතයි.අන්තනෝමතික ආඥාදායකත්වයට වඩා නම් වෙන ඕනම එකක් හොදය. අනෙක් අතට අද ජවිපෙ පෙනී සිටින්නේ රාජ්‍ය ධනවාදය වෙනුවෙනි. ඒ කියන්නෙ චීනයේ මෙන් සූරාකෑම තිබෙන අතර විනය හෝ ශක්තිමත් පාලනය යන කඩතුරාවට මුවාවී ඒකාධිපති තනි පක්ෂ පාලනයක් ගෙන යන බවයි.සමාජවාදය වෙනුවෙන් නම් මාන්ව හිමිකම් හා ප්‍රජාතන්ත්‍රවාදය උගස් කිරීම යම්තාක් දුරට සාධාරණීකරනය කළැ හැක.


ජවිපෙ වහෙන් ඔරෝ එජාප දේශපාලනය කිරීමෙන් ඔවුන්ට අත්වූ සෙතක් නැත. සමහරවිටඔවුන්ගේ සැළැස්ම එජාප රජයේ ප්‍රධාන විපක්ෂය වී ශ්‍රීලනිප ඡන්ද කැඩීම විය හැක.ශ්‍රීලනිප ගමනක අවසානය යනුවෙන් විජේවීරගේ කාලයේ සිටම මේ අරමුණ ජවිපෙට තිබිණි.


පුරුදු ලෙසම දෙමළ මුස්ලිම් ජනයා ජාතිවාදීව ඡන්දය දී ඇත. විය යුතුලෙසම ෆොන්සේකා නන්නත්තාර වී ඇත. ඔහුට ලැබිය යුතු සියල්ල ලැබුන  පසු ඒ ප්‍රමාණවත් යැයි ජනතාව තීරණය කරන්නට ඇත. ප්‍රභාකරන්ගේ ශුක්‍රාණු සෙවූ අයද පරාජය වීම සතුටකි.


මෙම ආණ්ඩුව ශක්තිමත්ය.මඟ දැන ගියහොත් හොඳ ගමනක් යාමට පුළුවන. ඒ ගැන අනාවැකි කීමටනම් තව කල් වැඩිය.



අළුත් ආණ්ඩුවට සුබ පතමි.


පසුව ලියමි

මැතිවරණයකදී ප්‍රධාන අංශ දෙකක් ඇත.ඡන්දය දීම හා ඡන්දය සංවිධානය කිරීමයි. ප්‍රචන්ඩත්වය ඇතුළුව සියලුම දූෂන ඇතිවන්නේ මේ දෙවැන්නේදීය.මේ ගැටළුවලට විද්‍යාත්මක විසදුම් සොයා ගත යුතුය.එක් විසදුමක් නම් මැතිවරණ කොට්ටාස ක්‍රමය වෙනස් කිරීමයි. දැනට තිබෙන්නේ යම් නිශ්චිත ජනගහනයක් හා  නිශ්චිත භූමි පදනමක් මත බෙදා වෙන් කළ ක්‍රමයකි. මැරයන්ට දූෂිතයන්ට කෙම් බිමක් වන්නේ මෙයයි. මේ ක්‍රමය නැතිව වෘත්තික පදනම  වැනි වෙනත් ක්‍රම මගින් මීට විසදුමක් සොයා ගන්න බැරිද ?


භූමිය හා ජනගහනය මත පමනක් පදනම් වීම වර්තමානයට නොගැලපේ. 

30 comments:

  1. //මනාප ප්‍රතිපල අනුව මෙවරපක්ෂ දෙකෙන්ම උගත් විද්වත් පිරිසක් පත්ව ඇති බව පෙනේ.//
    හෑ!!!! ගාල්ලෙන් නේද?
    දැන් ජාතියේ වීරවංසය ලියල ඉවර නිසා මුතුහෙට්ටි ගීතය ගායනා කරමුද?

    ReplyDelete
    Replies
    1. ගාල්ලෙ තේරුන මනාප ලිස්ට් එකේ හරි මැද්දට ඉහද තිබ්බ වගෙ.රත්නපුරෙයි මහනුවරයි ලිස්ට් පටන් ගන්නෙම ගූගොඩවල් වලින්. උඩතලවින්න සිදුවීම් ,පැපුවා නිව්ගිනි රගර් ක්‍රීඩකයගෙ සිද්ධි, තව කෝටියක් ජරා වැඩ එහෙම දැන් අමතකයිනෙ.

      Delete
  2. //මෙම ආණ්ඩුව ශක්තිමත්ය.මඟ දැන ගියහොත් හොඳ ගමනක් යාමට පුළුවන. ඒ ගැන අනාවැකි කීමටනම් තව කල් වැඩිය.// බලාසිටිමු

    ReplyDelete
    Replies
    1. මේ ආණ්ඩුව ට අභියෝගය එනෙන් ඉදිරියටයි. ඔවුන්ම පනවාගත් යහපාලන ප්‍රමිති නිසා දැන් ආපසු හැරෙන්නත් බෑ. කල්පනාවෙන් ක්‍රීඩා කළ යුතුයි. රැකියා උත්පාදනය කරමින් විදේශ විනිමය ඉපයීම තමා නියම සංවර්ධනය. නිෂ්පාදනයෙන් තොරව ඕන එකටත් එපා එකටත් ණය ගැනීම නොවෙයි කළ යුත්තෙ.

      පසුගිය රජය ජාතික ආරක්ෂාවට සහ යටිතල පහසුකම් සංවර්ධනයට උපරිම අවධානයක් දැක්වූවා. ඒව අමතක කරල මේ ගමන යන්න බැහැ.
      රටට විපක්ෂයකුත් ඕන. කලින් වගෙ දෑත් ශක්තිමත් කරන්න අවස්ථාවාදීන් ගියොත් ඒකත් අවුලක්.
      එජාපය 1977 -1994 සහ 2001 -2004 පාලන යුග වලින් පාඩම් ඉගෙන ගන්නාවනම් හොදයි.

      Delete
  3. මධ්‍යස්ථ මතයනේ. සෑහෙන්න දේවල් වලට එකඟයි.

    ReplyDelete
    Replies
    1. හැකිතාක් මධ්‍යස්ථ වෙන්න තමයි හැමදාම උත්සාහ කරන්නෙ. ඒක 100% ක්ම සාර්ථක නෑ. අනෙක් පාර්ශ්ව හිතන විදියටත් හිතන්න උත්සාහ කරනවා. හැමෝටම කියන්න කතාවක් තියනවානෙ

      Delete
  4. හොඳ විශ්ලේෂණයක්.

    ReplyDelete
  5. 4/15 ඉදං ලියන්නේ - යා ෂා
    http://yasha88.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ඒ පැත්තෙ එන්නම් . අලුත් බ්ලොග් වැඩි වැඩියෙන් ඕන තමයි

      Delete
  6. මං හිතන්නේ හොද විග්‍රහයක්...

    බලමු කවුරු මොනවා කොහොම කරයිද කියලා
    .
    ජ ය වේ වා !!!

    ReplyDelete
  7. //පුරුදු ලෙසම දෙමළ මුස්ලිම් ජනයා ජාතිවාදීව ඡන්දය දී ඇත//

    ඔබ මෙයින් අදහස් කරන්නේ සිංහල ක්‍රිස්තියානි ජනයා ජාතිවාදී නොවී චන්දය දී ඇති බවට​ද​?

    උතුරේ දෙමළ ජනයා ජාතිවාදීව චන්දය භාවිතා කරන්න ඇති සමහර විට, ඒ ඔවුන්ට තමන්ගේ 'ගෙය​' මෙන් පක්‍ෂයක් තිබෙනු බැවින්ද, කාලයක් තිස්සේ මැතිවරණවලින් ඈත්වී සිටි නිසා පක්‍ෂ තෝරාගැනීම ගැන දැනීමක් නැති බැවින්ද, විය හැකියි.

    වතුකර දෙමළ ජනයා බෙදී චන්දය දී තිබෙන්නේ මහ පක්‍ෂයන් දෙකටමය, ඒ තමන්ගේ බවට සිත පිළිගත් පක්‍ෂ ඒ මහ පක්‍ෂයන් දෙක තුල අඩංගු වීම නිසාද විය හැකියි,

    එහෙයින් භාවිතා වුනු වතුකර දෙමළ චන්ද ජාතිවාදී බවටම අප​ සිතමු.

    නැගෙනහිර ඇරෙන්න සෙසු පලාත්වල මිශ්‍රව ජීවත් වන මුස්ලිම් ජනයා පොදුවේ චන්දය දෙන්නේ මහ පක්‍ෂයන්ටය, එයිනුත් අති බහුතරය ඒ.ජා.පේටය​. ඒ, වර්ගවාදීව බලා ඒ.ජා.පේය, තමන්ට අසාධාරන කම් නොකරයි යන පොදු විශ්වාසයක් මුස්ලීමුන් තුල තිබෙන​ නිසා විය යුතුයි. මුස්ලිම් කොංග්‍රසය හා රිෂාද් ඒ.ජා.පේ සමඟ එකතුවීම නිසා සමස්ත මුස්ලීම් ජනයාම ඒ.ජා.පේ යට චන්දය දුන්නා ලෙස ඔබ අදහස් කරනවා නම්, ඔබ​ වැරදියි. රව්ෆ් හකීම්ද, රිශාද් බදුයුද්දීන්ද අනෙකුන්ද හුදෙක්ම දේශපාලකයෝ බව මුස්ලීමුන් දනීයි. සෑම මුස්ලීම් වරයෙක්ම ඔවුන් කියන සියල්ල අන්ද භක්තියෙන් පිළිගන්නේ නැත​. අවසන් වරට පැවැතුනු පලාත් පාලන මැතිවරණ ප්‍රතිපල ඒ බව සනාත කරයි. එහෙයින්, මුස්ලීමුන් ජාතිවාදීවද නොවීද චන්දය භාවිතා කර ඇත​.

    අතිබහුතර මුස්ලීමුන් ඒ.ජා.පේයට චන්දය ලබා දීම ජාතිවාදී බවට ඔබ අදහස් කරනවාද​? බී.ජේ.පීය ප්‍රතික්‍ෂේප කල මුත් සන්දානයට චන්දය ලබා දුන් සිංහලයන් තුල අංශු මාත්‍රයක තරම් වත් ජාතිවාදි මනසක් නොතිබුනාම බවට ඔබට සහතිකද​​? මම නම් දකින්නේ මහින්ද අපේක්‍ෂා කරගෙන සංධානයට චන්දය දුන් සියලුම සිංහලයන් ජාතිවාදීන් බවය​. ජා.වී.පේ යට චන්දය දුන් කිනම් ආගමිකයෙක් හෝ වේවා, ඔහු ජාතිවාදී බවින් මිදුනු​ කෙනෙක් බවට තරමක් හෝ සිතිය හැක​. ජාතිවාදීත්වය මුස්ලීමුන් දෙමලුන්ට පමනක් නොව ක්‍රිස්තියානීන් බෞද්ධයන් තුලද අඩු වැඩිව ඇත, එය අවස්තාවන්ට අනූව හැඩගැහෙනුද​, එලිබසිනුද​ ඇත​.

    ReplyDelete
    Replies
    1. මුස්ලිම් කොන්ග්‍රසය තනිව තරඟ කර ලබාගත් ඡන්ද සංඛ්‍යාව දෙස බලන විට මුස්ලිම් ජනතාව ජාතිවාදීව ඡන්දය දී ඇතැයි මා කළ ප්‍රකාශය ඉල්ලා අස් කර ගනිමි. එපමනක් නොව ජාතිවාදී සිංහලයන් ( මහින්දට දුන්) ගැන ඔබ කළ ප්‍රකාශයට එකඟ වෙමි.ඊට හේතුව ඊයේ සහ අද සිදුවූ සංවාදයන්ය. සමහර ඒවා පැය දෙක තුන ඇදී ගියේය. නාස්ති වුනේ මගේ කාලයයි.

      ලියන විට අඩුපාඩු වෙනව මිත්‍රයා
      .අනික ඕක මන්තරේ වගෙ ජපකරන කතාවනෙ. ඔහෙ ඔළුවෙ තිබිල එහෙමම ලියවෙන්න ඇති.

      Delete
    2. වැරදුනු තැන් පිළිගනිමින් නමේ අර්ථයට පරිසමාප්තව මධ්‍යස්තව බවක් පෙන්නුම් කරන ඔබේ නිහතමානී බව මා අගය කරමි. ඒ අතින් ඔබේ සිතුම් මගේ සිතුම් වලට සමානය​.

      Delete
  8. //හෙළ උරුමයේ අරටු බැහැල සිටි අය පරාද වී ඇත.// වැඩි තොරතුරක් ඉදිරිපත් කළ හැකිද? (අහියෝගයක් හෙම නොවේ. මෙය අසන්නේ මට විස්තර දැනගැනීමට ඇත්තේ ඉතා අඩු අවකාශයක් නිසාය.)

    ReplyDelete
    Replies
    1. ජයගෙන ඇත්තේ චම්පික රණවක පමණි. කරුණාරත්න පරනවිතාන ප්‍රසිද්ධව සිටියේ විද්වත් වෘත්තිකයෙකු ලෙස මිස යහපාලන පෙරමුනේ දේශපාලකයකු ලෙස නොවේ.ලේකම් ධූරයෙන් ඉවත් වුනේ මැතිවරණයට තරඟ කිරීම සදහාය. ඔහු ට පෞද්ගලික සම්බන්ධතා මත ජය ලැබුණි. එහෙත් නිශාන්ත වර්ණසිංහ ඇතුළු හෙළ උරුමයෙ පිරිස පරාජය විය. මාධ්‍ය මගින් පුම්බනු ලැබූ චම්පිකගේ පෞර්ෂයට අනුව ඔහු මනාප ලැයිස්තුවේ දෙවැනිතැනට පත්විය යුතුව තිබිණි

      Delete
    2. ස්තුතියි! චම්පික රණවක හැර නිශාන්ත වර්ණසිංහ හෝ වෙනත් අය ඉදිරිපත් වූ බව මා දැන සිටියේ නැත.

      Delete
    3. ගම්මන්පිලත් මැතක් වෙනකම්ම හෙළ උරුමයේ අරටුවක් නේද?

      Delete
    4. ගම්මන්පිල යහපාලනයට ගියානම් සමහරවිට පරාද වෙන්නත් ඉඩ තිබුනා.හෙළ උරුම දේශපාලනය සහ යහපාලන පෙරමුණ ගැලපෙන්නෙ නෑ.මිනිස්සු හිතන්න පුරුදු වුන ක්‍රමයක් තියනවනෙ. එජාප ඡන්දදායකයා 1999 ඉදන්ම හෙළ උරුම මතවාදය ප්‍රතික්ෂේප කරපු කෙනෙක් . හෙළ උරුම මතවාදයට ඉල්ලුමක් තිබෙන්නෙ සංධානයට ඡන්දෙ දෙන අය අතර.

      Delete
  9. දේශපාලඥයා නලුවකු මෙන් විවිධ වෙස් පෙරලමින් දේශපාලන වෙිදිකාවෙි රගපායි.ජන්ද දායකයා පක්ෂ පාට බෙදා ගනිමින් තම පක්ෂය තම අපේක්ෂකයා ජයග්‍රහණය කරවීම උදෙසා කුලල් කා ගන්නා මරා ගනි.දේශපාලඥයා හැමදා දිනුමිය.මහජනතාව සැමදා පැරදිය.

    ReplyDelete
    Replies
    1. පක්ෂය ආගමක් කරගෙන පරම්පරාවෙන් එන පක්ෂෙට ඡන්දය දෙන අදබාල සම්ප්‍රදායක් නිර්මාණය වෙලා තියන එකයි අවුල. මේකට විසදුම යම් මන්ත්‍රී ප්‍රමාණයක් පක්ෂ පදනමින් වෙනස්ව පුද්ගල පදනමින් පත් කර ගැනීම. ඒ වගෙම කැබිනට් එක ව්‍යවස්ථාදායකයෙන් වෙන් කිරීම.

      Delete
  10. තරගය තිබුනෙ දෙගොල්ලක් අතර.
    මහින්ද සහ ඇන්ටි මහින්ද. මහින්දට විරුද්ධ අය එජාපයට දුන්න. ඒ පිරිස වැඩි නිසා පරාජය වුනා. සරළම කතාව ඒක.

    හෙළ උරුමයෙන් කියල දැන් ඉතිරි නිශාන්ත, චම්පික සහ රතන පමණයි. එතරම් ජනප්‍රිය නැති වර්ණසිංහ පැරදිලා චම්පික ආව. එච්චරයි.
    ජවිපෙ ගැන මගේ බ්ලොග් එකේ ලිව්ව

    ReplyDelete
    Replies
    1. ඒක තමයි වුනේ .
      හෙළ උරුමය චමිපිකගෙයි රතනගෙයි පුද්ගලික දේපළක් වෙලා පස්සෙ වික්‍රමබාහු පන්නයෙ පක්ෂයක් වෙයි.

      Delete
  11. මේ චන්දයෙන් එක දෙයක් තහවුරු උනා.. ඒ කියන්නේ ප්‍රධාන පක්ෂ දෙකම තවමත් බලවත්ය කියන එක...

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත.
      විකල්ප බලවේගයක් පේන තෙක් මානෙක නෑ. ලලිත් ගාමිනීලගෙ රාජාලිය පක්ෂය ,2004 කාලෙ ජවිපෙ මේ ඉලක්කයට ලං වුනා.දැන් නම් ජවිපෙ බහින කලාව.
      දැන් ජවිපෙ පීක් එකට ඇවිත් . ලක්ෂ පහ ඉදිරියෙදි තව කඩා වැටෙයි.

      තුන් වැනි බලවේගයක අවශ්‍යතාවය නැතිවා නොවෙයි. අනාගතයෙදි කවුරුහරි ඒ අභියෝගය ජයගනීවි.
      ලේ තැවරුන ඉතිහාසයක් නැති, ලේ තැවරුන මතවාදයක් මත පදනම් නොවූ සමාජ සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටින යම්කිසි බලවේගයක් ඉස්මතුවෙනවානම් මම කැමතියි.

      Delete
  12. ජ.වී.පේ. ට මිට වඩා වෙනස් ක්‍රියාමාර්ගයක් ගන්න තිබුනද? එහෙනම් ඒ මොකක්ද? පැහැදිලි කරන්න පුලුවන්ද?

    ReplyDelete
    Replies
    1. ජවිපෙ හෙළ උරුමය වගෙ අවස්ථාවාදී පක්ෂයක් නොවෙයි.ඔවුන්ට මොකක් හරි මතවාදයක් තියනව. ඒ වගේම ප්‍රධාන පක්ෂ දෙක ඇරුනම ස්ථාවර ඡන්ද පදනමක් තියන එකම පක්ෂෙ ජවිපෙ. කවදහරි රාජ්‍ය බලය ලැබුනට කමක් නෑ කියල ජනතාව විශ්වාස කරන්නෙත් ජවිපෙ.
      හෙළ උරුමයට මතවාදයක් නැහැ. එක් පුද්ගලයෙක් වටා බ්‍රමණය වෙනව ෆොන්සෙකගෙ පක්ෂෙ වගෙ.

      නමුත් ජවිපෙ ප්‍රධාන පක්ෂයකට සම්බන්ධ වෙලා ඡන්දෙ ඉල්ලුවොත් ඔවුන්ට 25 පන්නල ආසන ලැබෙනව. යූඇන්පී ඡන්දදායකය ජවිපෙ වගෙ පක්ෂයකට දෙන්න ටිකක් අදිමදි කරනව තමයි.ඒත් යූඇන්පියෙන් ඉල්ලුවත් සාමාන්‍ය ගානක් එනව. සංධානෙන් ඉල්ලුවොත් නම් ලොකු ගානක් එනව.
      තනිව ඉල්ලපු එක මෝඩ කමක්. විශේෂයෙන් ගල උඩ සටනක් යන කොට.

      Delete
  13. බලය ලබාපු අයත් බලය ලැබේ යයි සිතන අයත් අධිතක්සේරුවකට පැමිණ සිටීම හැමදාම පෙනුන ලක්ෂණයක්. ජවිපෙ නිතරම කරගත්තෙත් ආණ්ඩු කරපු අය ඇනගත්තෙත් තමන් පිළිබද තිබ්බ අධිතක්සේරුව හින්දයි. බලය නැති එකාට මොළයද නැති බව වගේම බලය ඇති එවුන්ගෙන් සමහරකුට මොළය තිබුණ බව මෙවර ප්‍රථිඵල වලින් පෙනීයන විශේෂ ලකුණක් බව මසගේ හැඟීමය

    ReplyDelete
    Replies
    1. බලය ඇති නැති හැමෝටම අධිතක්සේරුව හොදම නෑ. හාවගෙයි ඉබ්බගෙයි තරන්නග් දිවුම වගෙ වෙනව.
      ජවිපෙටනම් පොත් කටපාඩම් කිරීම තමයි හෙනේට හිටින්නෙ.
      වලකට වැටුනම කවුරුහරි කඹයක් දැම්මොත් ඒකේ එල්ලිලා එන්න ජවිපෙ සාමාජිකය අහන්නෙ පොතේ එහෙම ක්‍රමයක් තියනවද තියනවනම් මොන වෙළුමෙ මොන පරිච්ඡේදයෙ ද කියල.
      මෙවර ප්‍රතිඵලවල යම් සුවිශේෂ ප්‍රවණතා දැකිය හැකි බව පෙනේ.

      Delete