Thursday, August 13, 2015

දේශපාලනයේ එක ගෙයි කෑම නවත්වමු.

මගේ පළමු සක්‍රිය දේශපාලන අත්දැකීම ලබාගත්තේ 1994 දීය.එහිදී ආණ්ඩු පෙරළියක්ද සිදුවීම සුවිශේෂය.යුක්තිය ඉෂ්ට කිරීමට මේ රටේ නම් තිබෙන ප්‍රධානම බාධාව දේශපාලන පක්ෂ ක්‍රමය බව මට හොදහැටි වැටහුනේ  ඊටත් පෙරය. මා දකින ලෙස මේ වරද අනෙකක් නොව තම පක්ෂය කරන කවර හෝ වරදක් අනුමත කරන පිරිසක් බිහිව තිබීමය.දියුණු ප්‍රජාතන්ත්‍රවාදී රටවල මෙය මේ තරම් දූෂිත නැතැයි කියවේ.එම රටවල බලපෑම් කණ්ඩායම් වල ශක්තිය නිසා එසේ නොවනවා විය හැක. එහෙත් මටනම් එය විශ්වාස නැත.

1947 ට පෙර දේශපාලන පක්ෂ දේශපාලනයේ ලොකු කාර්යභාරයක් නොකළේය.1931 ඩොනමෝර් ව්‍යවස්ථාව යටතේ දේශපාලන පක්ෂ මැදිහත්වීමක් නොවීය. එහෙත් පක්ෂ තිබිනි. සමසමාජ පක්ෂය 1935 දී ආරම්භ වූ බව කියවේ.ඩොනමෝර් ව්‍යවස්ථාව ඊට පසු ව්‍යවස්ථා වලට වඩා ප්‍රගතිශීලී බව මගේ අදහසයි එහෙත් එය ඉතාමන්දගාමී එකක් වීලු. ඇමතිවරයා විධායක කාරක සභාවේ ප්‍රධානියාය. තීරන ගැනීම ආදියේදී අනවශ්‍ය ප්‍රමාදයන් සිදුවන්නට ඇත. එහෙත් එකළ ජනයා ඡන්දය දුන්නේ ප්‍රධාන වශයෙන්ම පුද්ගලයන්ටය.

1947 න් පසු පක්ෂ බිහිවූ පසු ඒවා සමහරුන්ගේ ආගම් බවට පත්විය.මෙසේ වන්නට හේතුව මෙරට වැඩවසම් චින්තනය බව සිතිය හැක.බණ්ඩාරනායක ,සේනානායක යන අයගේ පින්තූර බුද්ධ දේව පින්තූර ලග තබාගෙන සිටින අය  ගැන මා අසා ඇත.මීට හේතුව ඔවුන් ලද යම් පුද්ගලික උදව්ය. විශේෂයෙන් ඉඩම් ලැබීමය.ලේ කොළ පාට නිල් පාට අය එසේ කරන්නේ ඔවුන් ලද පුද්ගලික උදව් නිසාය.සුදුස්කම් නැතිව රැකියා ලැබීම වැනි ඉතා බාල දේ නිසාය.

මේ පසුගාමීත්වයෙන් සමාජය මුදාගැනීමට වාමාංශික ව්‍යාපාරය කැපී පෙනෙන කාර්යභාරයක් කළේය. එය අගය කළ යුත්තකි.ලොව පුරාම දේශපාලන පක්ෂවල ක්‍රියාකාරීත්වය විමසීමේදී ද්වි පක්ෂ ස්වරූපය පැහැදිලිය. තෙවන බලවේගයක් හිස එසවූ එකම අවස්ථාව බ්‍රිතාන්‍යයේ ලිබරල් පක්ෂය වෙනුවට ලේබර් පක්ෂය ඉස්මතුවීමය.


ඇමරිකාවේ ඡන්දදායකයන් අපි කවදත් ඩිමොක්‍රටික්, අපි කවදත් රිපබ්ලිකන් කියමින් බෙර ගසනවාද නොදනිමි. එසේ නැතිවෙන්නත් බැරිය. ඇතැම් ප්‍රාන්ත එක් පක්ෂයකට ඡන්දය දීමට නැඹුරුතාවයක් පෙනෙන බැවිනි.මෙම ද්වි පක්ෂ ක්‍රමය ලොව සැමතැනකම දැකිය හැක.රාජාන්ඩු හා කොමියුනිස්ට් ආණ්ඩු නැති ශිෂ්ට සම්පන්න සෑම රාජ්යකම මේ තතවය් දැකිය හැක.

කාටූනයක තිබූ ලෙස ඒ වලෙන් මේ වලට පනින එක හැමදාමත් ඡන්දදායකයා කරයි. එහෙත් තනි පක්ෂ නරකාදියකට පනින එකට වඩා මෙය එක අතකට හොදය.

ලංකාවේ මෙම ක්‍රමය නිසා ඇතිවන දුර්වලතාවයක් නම් එක පක්ෂයක වැරදිකරුවන් මාරුවෙන් මාරුවට අනෙක් පක්ෂය විසින් ආරක්ෂා කිරීමයි. ඡන්ද කාලවලට මිනී ගොඩ ගත්තත් මේ දෙගොල්ලොම මළගෙවල්වල මගුල් ගෙවල්වල එකට හම්බ වෙන පාර්ලිමේන්තුවෙ එකට කන බොන අයයි.එක් පාර්ශ්වයකට එරෙහිව අනෙක් පාර්ශ්වයෙන් යුක්තියක් බලාපොරොත්තු විය නොහැක.

1994 දී මා සිතුවේ කලින් පැවති එජාප ආණ්ඩුවේ හොරුන්ට මිනීමරුවන්ට දඩුවම් ලැබෙනු ඇතැයි කියාය. එහෙත් එය සිදුනොවීය. ඡන්ද කාලයක් කිට්ටුවන විට බොරු ප්‍රචාර යවයි. ඡන්දෙන් පසු ඒ කිසිවක් මතක නැත.2001 වනවිට පොදු පෙරමුණද දූෂනයෙන් භීෂන්යෙන් අගතැන්පත් විය. 2001 දී එජාපයේ වේදිකාවල පොදු පෙරමුනේ හොරකම් ,මැරකම් ,වැඩබැරිකම් රැව් පිළිරැව් දුනි. එහෙත්  දෑවුරුදු එජාප ආණ්ඩුවේදී ඔවුනට ලැබුන දඩුවමක් නැත.2004 දී සංධානය බිහිවිය. එජාප ඇමතිවරු හතලිස් ගනනකගේ දූෂන චෝදනා මහ සද්දයක් දමා හෙළි කෙරුනි.

කලින් ආණ්ඩු නම් අනෙක් පාර්ශ්වයේ හොරුන්ට මිනීමරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකර සිටියහ. එහෙත් මහින්ද රජය අපූරු වැඩක් කළේය. තමන්ගෙ චෝදනාවලට ලක් වූ අය තුරුලට ගෙන හොදම ඇමතිකම් වලින් සංග්‍රහ කළේය. මහින්දට ඉහ ගහන්නට බැරිවූ එතනෝල් කුඩු චෝදනා මෙසේ ආනයනය කළ අය නිසා එල්ල වූ ඒවායි.

මහින්ද අපූරු ප්‍රකාශයක් මෑතකදී කළේය. හොර සල්ලි කේස් එකකට හිටපු ජනාධිපතිවරයෙකුගේ දරුවෙකු මාට්ටු වුන විට මේ හිටපු ජනාධිපතිවරයෙකුගේ දරුවෙක් නේද කියා සහනයක් දුන්නාලු. මේ පුද්ගලයන් බලාපොරොත්තුවන්නේ තමන්ගේ දරුවන්ටද මෙවැනි රක්ෂනයකි. මෙය මොවුන්ගේ සාමූහික හොරකමකි. කුජීත සහජීවනයකි.හැමෝටම ජනාධිපතිවරුන්ගෙ දරුවන් වීමට බැරිය. මේව අසනවිට තාජුදීන්ගෙ මිනිය ගොඩ ගැනීම ගැන ඇතිවන්නෙ සතුටකි.

ඉහළ සිට පහලට තීරණ ගලා එන පිරමිඩාකාර ක්‍රමය වෙනුවට පහලින් ඉහළ මෙහෙයවන ක්‍රමයක් ගැන සිතන්නට බැරිද
මන්ත්‍රීවරයා ආසනයේ ජනතාවට නෛතිකව වගකීමෙන් බැදෙන ලෙස ක්‍රමයක් සදන්නට බැරිද
මන්ත්‍රීවරයාට පක්ෂ යාන්තරනයට වඩා ආසනයේ ජනතාව වැදගත් වන සහ ඔවුන්ට වගකියන බැදීමක් හදන්නට බැරිද


ආසනයක් ආසන්න වශයෙන් ගම් යම්කිසි ප්‍රමානයකින්  සමන්විතය. ආසන්න ජනගහනය ලක්ෂයක්යැයි සිතමු.ගම් සභාව තුල ගමේ ජනයා නියෝජනය වේ.ගම් සභා සියයකින් ආසනය සමන්විතනම් එම ගම් සභාපතිවරු 100 දෙනාගේ ඡන්දයෙන් මන්ත්‍රීවරයා ඉවත් කළ හැකි විය යුතුය.මන්ත්‍රීවරයා තමන් පත් කළ ගම් සභා සමූහයට මිස වෙන කිසිම පක්ෂයක හෝ සංවිධානයක සාමාජිකයෙක් නොවේ.


පාර්ලිමේන්තුවට තේරී පත්වන මන්ත්‍රීවරු  මෙසේ ගම් සභා සමූහයන්ගේ නියෝජිතයෝය. ඔවුන්ට තම තමන් අතර හරස් සම්බන්ධකම් නැත. දිවයින පුරා ගම් සභා සමූහයන් 200 ක් පමන ඇති නිසා එම 200 න් නියෝජිතයන් 200 ක් පත් වේ.මෙය විධායකයෙන් සම්පූර්නයෙන්ම වියුක්ත ව්‍යවස්ථාදායකයයි.
රට පාලනය කළ යුතු කණ්ඩායම ( විධායකය ) වෙනම තොරාගත හැක. එය උත්තර මන්ත්‍රී මණ්ඩලය ලෙස  පත් කළ හැක. එහි සභාපතිවරයා ජනපති හෝ අගමැති ලෙස පත් වනු ඇත.


මෙවැනි සංශෝධනයකින් අදට වඩා ජනතවා නියෝජනය වනු ඇත. එසේම නිතරම ව්‍යවස්ථාදායකය අලුත් වන නිසා වඩා ප්‍රායෝගික වනු ඇත.මෙවැනි ක්‍රම   ගැන වඩාත් නිර්මානශීලීව සිතිය යුත්තේ එබැවිනි.විධායකය හා ව්‍යව්ස්ථාදාය්කය අතර සම්බන්ධය කෙබදු විය යුතුද යන්න මෙහිලා පැන නගින ප්‍රධාන ප්‍රශ්නයයි.අද තාක්ෂනය දියුණු නිසා ජනමත විචාරන වැනිදේද ප්‍රයෝජනවත් නමුත් එකම පිරිසක් පක්ෂ ලෙස දෙකට තුනට බෙදී හවුලෙ කෑම නතර කිරීමට මෙවැනි ක්‍රමයක් අවශ්‍යය.

  සංවාදවලට ආ පසු මොවුන් කතා කරන දේවල් ඇසුවොත් පුදුම වනු ඇත. කාලෙකින් හමුවූ නෑයන් මෙනි. 
https://matahithenahati.wordpress.com බ්ලොග් එකේ පළ වූ අදහසකි.මේ වටිනා ලිපිය උපුටා දැක්වීමි.විස්කි රවුමෙන් සියළු ප්‍රශ්න විසදී ඇත.  අප මැති සබයට නියෝජිතයන් යැවීම ප්‍රෝඩාවකි. හැකිතරම් ඍජු ප්‍රජාතන්ත්‍රවාදී උපක්‍රම තෝරා ගත යුතුය.


විදේශීය අධ්‍යාපනය ලබන මගේ මිත්‍රයෙකු පසුගිය දිනෙක ඉන්දියාවේ දිල්ලි නුවර සිට කොළඹ දක්වා එන ගමනේදී දකින්නට ලැබුනු අත්දැකිමක් නිසා මෙවර අපේ මිතුරු සමාගමය වෙනත් අතකට පෙරල ගියේය.
පාසැල් වියේදී අවන්ක හා ක්‍රියාශීලී විප්ලවවාදී පාක්ෂිකයෙකු වූ මොහු පසුකාලීනව ‍රැකියාව හා අධ්‍යාපන කටයුතු නිසා ” ඉන්ටනෙට්” පාක්ෂිකයෙක් වීය. නමුත් ඉඩ ලැබුණු නොලැබුණු සැමවිටම ඔහු තම පිළිගත් අදහස් හා පක්ෂය වෙනුවෙන් තර්ක විතර්ක හැරපා පක්ෂයද නායකයන්ද බේරාගන්නා තැනකට සැමවිටම තල්ලුවී ගියේ සමහර නායකයන් පිළිබද එළිපිටම පෙනෙන දුර්වලතා ඇතිවිටෙකත් පක්ෂය හා නායකයන් පිළිබද ඇති මහත් වූ භක්තියෙනි. වරෙක තමන්ගේ අසල්වැසි එජාප පාක්ෂිකයා සමග එවන් වාදයක් අතරතුර ඇතිවූ වචන හුවමාරුවක් දුරදිග ගොස් වැටෙන් කඩාගත් ඇල්බීසීයා පොල්ලකින් පහරදී ඔලුව පැලූ අතර පොලීසි නොගොස් සාමදාන කරගන්නටවත් මගේ මිතුරා තම තර්කය වැරදි බව පිළිගත්තේ නැත.
කෙසේ වේතත් මෙවර පසුබිම් කතාව සැකෙවින් මෙසේය,
දිල්ලි නුවර සිට ගුවන් යානයට ගොඩ වුනු මිතුරාට ඉකොනොමි පන්තියේ අසුන පිරී තිබුනෙන් ව්‍යාපාරික  (බිස්නස්) පන්තියේ අසුනක් ලැබීමේ වාසනාවක් උදාවී ඇත. අවසාන මොහොතේ ව්‍යාපාරික පන්තියේ අනෙක්   ආසනයන්ද පිරී ගොස් ඇති අතරවරින් වර පැමිණි මේ මගීන්ගේ මුහුණු අතර තමන්ට ඉතා හුරුපුරුදු අය සිටිම ඔහුටද සතුටක් විය.
මුලින්ම පැමිණ ඇත්තේ ජවිපේ නියෝජනය කරන විපක්ශය විසින් ආණ්ඩුව විවේචනය පිණිස හැමවිටම පෙරමුණට ගෙනෙන මන්ත්‍රීවරයෙකි. ලියකියවිලි මල්ලක්ද ‍රැගෙන ගුවන්යානයට ගොඩවූ හෙතෙම මගේ මිත්‍රයාගේ ආසනයට ඉදිරියෙන් අසුන්ගත්තේය. තමා වරෙක නියෝජනය කල දිවිහිමියෙන් පෙනී සිටි කැපවීමෙන් කැට සහ ලේ සොලවන ලද පක්ශයේ මුල්පෙලේ නියමුවෙකු ලගින්ම දැකගැනීමේත් කතාබහ කිරීමේත් ලබන මේ අවස්තාව අමිල බව ඔහුට තේරුම් ගොස් තිබිණ.
එහෙත් එම මොහෙතේ ගුවන්යානයට පැමිණි තවත් අමුත්තකු නිසා ඔහුගේ අදහස ඒ අකාරයෙන්ම නොවූවත් වෙනස් ආකාරයකට හෝ සඵල වන බව පෙනුණි, ඒ ආණ්ඩුව පෙරට ගෙන අද මේ සුවිසල් තැනට ගෙනා, දැන් එජාපයේ මාධ්‍ය හසුරවන දකුණු පළාතේ පෙරළිකාර මන්ත්‍රීවරයාගේ ආගමනයයි. යම් අතකට මේ දෙදෙනාගේම අතීතයේ නොයෙකුත් සම්භන්දකම් තිබීමත් ඊලග දේශපාලන වැඩමුලුවකට අත්‍යවශ්‍ය නායකත්වයක් උදෙසාත් ඔවුන්ගේ හැකියාවන් මගේ මිත්‍රයා සිතින් ආශ්වාදනය කරන්නට විණ.
මගේ මිත්‍රයා වෙත කෙටි සිනහවකින් සන්ග්‍රහ කල මන්ත්‍රීවරයා තවත් අසුනක ඉදගත් අතර ඔවුන් යම් ආකාරයකට සන්සුන් වන තෙක් කතාබහකට පටලාගැනීමේ අදහස කල් දැමූ මිත්‍රයා දු‍ටුවේ එකවර මහහඩින් කතා කරමින් ගුවන් යානයට පිවිසෙන තවත් ප්‍රසිද්ධ මුහුණු කිහිපයකි.
පෙරමුනේම –
කද කෙසේ වෙතත් බඩ මහත ඇමැතිවරයෙකි.විවිධ අමාත්‍යධූර දරමින් ඒ හැම අමාත්‍යන්ශයක්ම පරිහානියට පත්වන නිලධාරී රොත්තක්ම බෝ කල මේ අමාත්‍යවරයා තම පුද්ගල චරිත ස්වභාවය පිළිබදවද කුප්‍රසිද්ධ අයෙකි. අනෙක් තැනැත්තා සහෝදරයන් අතරින් කොන්ව පැත්තකට   දමා සිටින තම ගම්පළාතේ ‍රැකියා ලබාදීමට මුදල් අයකල පළාතේ කිසිම වැඩකට උපකාරයක් නොවන, ඒ නිසාම ක්‍රියාශීලී දේශපාලනයෙන් ඉවත්කර තැබූ අයෙකි. අනෙක් අය අතුරින් කුරුණෑගල පැත්තේ ඇමැතිමෙකුගේ මන්ත්‍රී පුතෙක්ද, කොළඹ පදනම් කරගත් නියෝජ්‍ය ඇමැතිවරයෙක්ද ඇමැත්තෙකුද මගේ මිතුරා හදුනාගත්තේ ඉතා පහසුවෙනි.
මේ පිරිසේ සන්යුතිය දැකීමෙන්ම මගේ මිතුරාට “දැන් දැන් පැටළෙතැයි” යන හැගීමද එසේම ” තමනගේ ප්‍රශ්න වලට පිලිතුරු නොදී පලායන ආණ්ඩුවේ නියෝජිතයෙකු දු‍ටුතැන ප්‍රශ්න කරමි. ඔවුන් අපෙන් බේරී පලා යනු බොරුය…..” යැයි පපුවට ඇනගන්නා තම විප්ලවවාදී සහෝදරයා පිළිබදවද නිරායාස රතු සිතිවිල්ලක් පැන නැන්ගේය.
සියලූ දෙනාම පාහේ සන්සුන් ලෙස තම ආසනවල ගුලිවෙන අන්දමත් පැය දෙක තුනක ගමනේ සුවපහසුව විදින්නටත් සූදානම් බවත් තව මිනිත්තු කිහිපයකින් සහෝදරයා සහ විපක්ෂ මන්ත්‍රීවරයා ආණ්ඩු පක්ශයේ පිරිස තද ප්‍රශ්න කිරීමකට ලක්කරන බවත් හැගී ගියත්, ගුවන් යානය ගුවන් ගත වී මිනිත්තු කිහිපයක් ගතවූ  පමණින් තමන් වැරදි නිගමනයකට එළඹ ඇති බවක් මිත්‍රයාට පෙනී ගොස් තිබේ.
චැනල් 4, හෙජින් ගිවිසුම්, බාල තෙල් බෙදාහැරීම්, අතුරුදහන්වීම්, දූෂණ වන්චා, පරිපාලන වන්චා  ආදී අ‍තෝරක් නැති ගැටලු හා අර්බුද පිළිබද සාකච්චාවක් හා කතිකාවක් නිර්මාණය වී පෙනි පෙනී දූෂිත අපචාර කරන, කරවන හා කරන්නන් ආරක්ෂා කරන හා ඒවාට පිළිතුරු නොදී එලොවටත් නැති මෙලොවටත් නැති උත්තර සපයන ආණ්ඩුවේ ඇමැත්තා හා පිරිවරට   “බඩ යන්නට”  වදින බව මගේ මිත්‍රයාගේ අවන්ක පිරිසිදු චේතනාව කුඩුපට්ටම් කරමින් දියකර හරිමින් අනර්ඝ “විස්කි රවුමක්” බිස්නස් පන්තිය පුරා ඇදී ගිය අතර, ඊලග රවුම තවත් ඉක්මන් වීම මගේ මිත්‍රයාගේ සියලු බලාපොරොත්තු සුන් කර දමන ලදි.
රටේ සමාජයේ දැවෙන ප්‍රශ්න ගැටලු ඇත්තේ වේදිකාවේ පතුරු ගහන්නටවත් පාක්ෂිකයනට ගිලින්නට දී වමාර වමාරා දේශපාලන පක්ෂ කණුවේ බැදගන්නටවත් මේ වාගේ සැප ගමන් බිමන් යන්නට වැඩ සලසාගන්නටවත් මිස  මේ වගේ තැනක විස්කි උගුරක්වත් නොබී සුවපහසුව නැතිකරගෙන  ගෙදරදොරේ වැඩක්වත් කතානොකරගෙන  ජොලියේ ඉන්නටදැයි නො අසා “සහෝදරයා” විසින් “ඇමැතිතුමාගේ” කරේ අත දමාගැනීමෙන්ම මගේ “මිත්‍රයාට” ඔප්පු කරම පෙන්නුවේය .
විනෝදකාමී කෙළිලොල් ඇමැත්තා හා විහිලුතහලුවෙන් කාලය “කා ” දැමූ සහෝදරයා හා විපක්ෂ මන්ත්‍රීවරයා සැමවිටම ව්‍යාපාරික පන්තිය හා ඉකොනොමි පන්තිය අතර කර්ටනය වසා ඇද්දැයි සෝදිසි වූ බවත් ගුවන් ගමන අවසන ” වන්චාකාරී, දූෂීත, කපටි – බොරුකාරයන් ” සමග මගේ කිසිම සම්භන්ධයක් නැතැයි හැගෙවෙන පරිද්දෙන් මෙතෙක් වේලා පහසුවෙන් හා සැපයෙන් සිටි ඉරියව් වෙනස් කරමින් බරපතල මුහුණක් ආරූඩ කරගෙන කඩිමුඩියේම ගුවන් යානයෙන් බැස ගිය බවත් නිරීක්ෂණය කල මගේ මිතුරා සැම විටම  තමන් ඇල්බීසියා පොල්ලෙන් ගසා ඔලුව පැලූ අල්ලපු ගෙදර යූ ඇන්පීකාරයා තමන්ට ” නක්කල්”සිනාවක් පානා අයුරු සිතේ මැවෙන බව පැවසුවේය.
සහෝදරයා හෝ විපක්ෂ මන්ත්‍රීවරයා සමග වචනයක් හෝ කතා නොකිරීමෙන් තමන්ට අත්විදින්නට ලැබූ මේ අවස්තාව පිළිබදව නම් තමා සතු‍ටු වන බව මගේ මිතුරා උදම් ඇනුයේය.
මට තවදුරටත් මේ කතාවේ කියන්නට දෙයක් නැත. ඇත්තේ “සහෝදරයන්ටත් – යූඇන්පීකාරයන්ටත් – අපි මහින්දගේ කට්ටියටත්” “සිතන්නට” දෙයක් පමණි. එසේ හැකිනම් අඩුම තරමේ මේවර පැවැත්වෙන මැතිවරණයේදී ඔලු ගෙඩි දෙකතුනක්, අතපය කිහිපයක් සහ අසල්වැසියාගේ ජනේල දුසිමක්වත් බේරාගත හැකිවෙනු ඇත.

***********************************************
අපි දේශපාලනය ගැන වදවෙමු. එහෙත් බ්‍රසීල යේ වෙන දේ බලන්න. අපි ඡන්ද කර පල් හොරු තෝරා ගන්නා අතර ඔවුහු මිස් බම් බම් තරඟ  පවත්වා ලස්සනම නිතඹ ඇති තරුණිය තෝරති. ඒ සදහා මහජන ඡන්ද විමසීමක් පැවැත්වේ. පෝලිමේ ගොස් ඡන්දය දී පල්හොරෙක් පත් කරගන්නවාට වඩා මිස් බම් බම් තෝරාගැනීමට ඡන්දය දෙන්න පුලුවන්නම් කොච්චර වටීද 
බ්ලොගර්ස්ල අතරෙන් වත් මිස් බම් බම් තෝරන්නට කාටවත් හිතෙන්නෙ නැත්තෙ ඇයි දන්නෙ නෑ.

සම්මාන දෙනවට වඩා තලවකැලේ යනවට වඩා මේක හොද නැද්ද. 


අපි පල්හොරු තෝරන විට බ්‍රසීලකාරයා මිස් බම් බම් තෝරයි.

23 comments:

  1. //මන්ත්‍රීවරයා ආසනයේ ජනතාවට නෛතිකව වගකීමෙන් බැදෙන ලෙස ක්‍රමයක් සදන්නට බැරිද//

    මේක ඉතා වැදගත් අදහසක්... අපිත් මෙතැන ඉන්නවා... මේ ගැන සංවාදයක් අැති විය යුතුයි... පහුගිය දවස් වල මේ පිළිබද අදහස මාධ්‍ය තුළත් යංතං කතා වුනා.... මේ සංවාදය ඉදිරියට ගත යුතුයි.. අපි තෝරා යවන මන්ත්‍රී නැවත ගෙන්වා ගැනීමට අපිට ශක්තියක් තිබිය යුතුයි..ඒකට අවුරුදු 5 ක් බලා සිටින්නට බැරිය.. මේ ක්‍රමය හැදුනා නම් අවුරුදු 5ක් අපිව අමතක කරන මන්ත්‍රීන් හැමදාම ජනතාව ගැන හිතන ක්‍රමයක් හැදේවි...... මේක ඉතා වැදගත් සංවාදයක්.. මේ අපි ඉදිරියට ගත යුතුයි.....

    //පෝලිමේ ගොස් ඡන්දය දී පල්හොරෙක් පත් කරගන්නවාට වඩා මිස් බම් බම් තෝරාගැනීමට ඡන්දය දෙන්න පුලුවන්නම් කොච්චර වටීද //
    මෙහෙමයි යකා... අපි දැන් කරන්නෙත් ඒක තමා.... පරණ පාර්ලිමේන්තුව බලන්නකෝ.. තාත්තලා පුතාලා ටික වැඩිපුරම අාස +කවල් තියෙන ගෑණු ටික පාර්ලිමේන්තුවට ගෙනැල්ලා ළගින් වාඩි කරවා ගත්ත ඒක නේද කරේ...අපි බ්‍රසීලයට ගොඩක් ඉස්සරහා ඉන්නේ... අම්මපා..

    ReplyDelete
    Replies
    1. දැන් සිටින මන්ත්‍රීවරයා ජනතා නියෝජිතයෙක් නොව පක්ෂයක නියෝජිතයෙකි. ජනතාව පක්ෂ ආගම් කරගෙන එක්ම පක්ෂයට පාරම්පරිකව ඡන්දය දෙන නිසා රෝගය අසාධ්‍ය වී ඇත.
      රටේ ප්‍රතිපත්ති තීරණය කිරීමට හා ජාතික ආරක්ෂාවට විධායකයක් අවශ්‍යය. එහෙත් ව්‍යවස්ථාදායකය විධායකයේ අතකොළුවක් නොවිය යුතුය.
      කැබිනට් මණ්ඩලය ව්‍යවස්ථාදායකයෙන් ( සැබෑ ලෙස පක්ෂ මර උගුලෙන් ) පත් කරන නිසා මාරාන්තික වී ඇත.
      කැබිනට් එක ව්‍යවස්ථාදායකයෙන් වෙන් කළ යුතුය. එවිට සතුටු කිරීමට ඇමතිකම් දීමද අවශ්‍ය නොවේ.

      දේශපාලන පක්ෂය පිරමිඩාකාර පීඩක ආකෘතියකි.

      Delete
    2. මන්ත්‍රීවරයා ජනතා නියෝජිතයෙක් නම් ජනතාවට අවශ්‍ය විට ඔහුව වෙනස් කළ හැකි විය යුතුයි..... මේක තමයි වැදගත් ම සංවාදය ම.ම..... අැත්තට ම මේ සංවාදය අපි ඉදිරියට ගත යුතුයි.... තම මන්ත්‍රීවරයා පක්ෂය මාරු කිරීම..... අයවැයකට විපක්ෂය ඡන්දය දීම හෝ ඉල්ලා අස්වී වෙනත් අයෙකුට අවස්ථාව දීම වැනි වැදගත් කාරණාවලදී ජනතා මතය විමසන ක්‍රමයක් අැති විය යුතුයි.... ඔහු මෙවැනි වැදගත් තීරණ ගන්න කලින් නැවතත් ජනතාව අතරට යා යුතුයි..... මේ ක්‍රමය හැදෙනවානම් ජනතාව දේශපාලනය තුළ සක්‍රීය වේවි... ඡන්දෙ කාලයට විතරක් තෑගි දීලා ඡන්දය ගන්න ක්‍රමය වෙනස් වේවි..... දේශපාලනඥයා ජනතාවට වග කියන කෙනෙක් වේවි.... අපි බ්ලොග් වලින් ඉදිරියට ගත යුතු මාතෘකාව මෙයයි .........

      Delete
  2. සංවාදයට ලක්වියයුතු හොඳ අදහසක්. මෙය අතීතයේ සිටම අවධානය යොමුකෙරුණු සහ සමහර රටවල ක්‍රීයාත්මක වූවක්.

    ඉතින් අපිත් තෝරමු පබා බම් බම්, රෝසි බම් බම්, හිරුනිකා බම්ම්ම්ම්ම්...................................

    ReplyDelete
    Replies
    1. මං හිතුව සෑර් බේස් ගිටාර් පාට් එකක් අල්ලනව කියල :D ඕ යේස් .

      Delete
    2. අපි ඇයි අළුත් පියවරක් තබන්න බය වෙන්නෙ කියන එක ගැටළුවක්. මේ නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය එන්නෙත් නෑ සුද්ද නාවනම් . එහෙමනම් තවම රජෙකුට දුම් අල්ල අල්ල ඉන්නව.ඇයි අපටත් නිර්මාණශීලීව හිතන්න බැරි

      පත්තර මල්ලි @
      +++++++++++++++++++++++++++++++++

      Delete
    3. ඒ කතාව අැත්ත ම.ම..........

      අපි මේ දේවල් වලට අපි හරි බයයි තමයි.. අැත්තට ම සමාජය තුළ මේ සංවාදය හැදෙනවානම් අපිට පුළුවනි මේ ක්‍රමය වෙනස් කරන්න රැල්ලක් හදන්න....

      Delete
  3. මිස් බම් බම්.. අන්න චන්දෙ දෙනවනම්.. ඒකට නම් උඩින්ම මනාපයි.. හැක හැක හැක..

    ReplyDelete
    Replies
    1. බ්‍රසීලය වගෙ රටවල නිදහස් සිතුම් පැතුම් මම නම් අගය කරනවා. ඔවුන්ට ලිංගිකත්වය අරුම පුදුම හපූයියෙක් නෙමෙයි අරාබිකාරයන් ( විකෘති කාමුකයන් ) ට වගෙ.

      Delete
  4. මිනිස්සු දේශපාලනිකයි.හැබැයි ඒ කියලා එකම පක්‍ෂය බදා ගෙන සිටිය යුතු නැහැ.

    අපේ ඔය කලිනුත් තිබ්බා නේද "උත්තර මන්ත්‍රී මණ්ඩලයක්"

    ReplyDelete
    Replies
    1. ඒ උත්තර මණ්ඩලය නෙමෙයි. මේක ජනතාව විස්න් පක්ෂයක් බලයට පත් කළාම විධායකය විස්න් විවිධ ක්ශේත්‍රවල ප්‍රවීණයන්ගෙන් පත් කරන එකක්. මේකට සමානයි ඇමරිකාවෙ ජනාධිපති ගෙ පත් කිරීම්.

      Delete
  5. එක ගෙයි නොකෑවානම් එකම දීගයක් වත් කෙරෙන පාටක් නැත.කසාදේ ලෙහා ගන්නවාට වඩා එක ගෙයි කෑම හොඳ බව උන්න හිතෙනවා ඇත..

    මිස් බම් බම්...මේක සදාචාර සම්පන්න රටක්
    තොරපල්ලකෝ එංගලන්ටතෙ වගේ “හොඳම පිටුපස ඇති පිරිමියත්“..මේ පාර හැරී පෝටර් නේ තේරිලා තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. උන් එහෙම හිතනව ඇති. කොහොමත් උන් එකම කට්ටියක්. ගමේ මිනිස්සු දෙකට බෙදුනට මුන් අතර බොන්ඩ් එකක් ඇතිවෙලා තියනව. එකට කාල බීල අල්ලාප සල්ලාප වෙල යෙදිල .
      උන් කැමති නෑ තමන්ගෙ එකෙකුට විරුද්ධව ඇක්ෂන් ගන්න.
      රූපවාහිනී සංවාදවල හබරල ගාලෙ කබරයි වාගෙ බොරුවට රණ්ඩු වුනාට අතාර්මැද විවේකයෙදි උන් ආගිය තොරතුරු කතා කරන්නෙ.
      ප්ලේන් එකක වුන කතාවක් බ්ලොග් එකක තිබ්බ .
      https://matahithenahati.wordpress.com/2011/07/19/%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%B4%E0%B7%94-%E0%B6%9C%E0%B7%99%E0%B6%AF%E0%B6%BB-%E0%B6%91%E0%B6%9A%E0%B7%8F%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A-%E0%B6%9C%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF/

      Delete
    2. ඔහොම කියද්දි මට මතක් වුනේ. ලස්සනම පස්ස තියන විධායක නිලධාරිණිය, ව්‍යවසායිකාව වගෙ ඒවත් තෝරන්න ඉඩ තියනවා.
      පස්ස කියන එක ආභරණයක් වෙන්නෙ කාන්තාවන්ටයි.ගෑනියෙක් වුනහම පස්ස ලස්සනට තියෙන්න ඕනනෙ.ඒක ලස්සනක්නෙ. ඒ වගේම ස්ත්‍රී නිතඹ ශෘංගාරාත්මක තැනක්.ලිංගික ආකර්ශනයක් තියනව.
      මිස් බම් බම් තෝරන්නෙ ඒ නිසා විය හැකියි.

      Delete
  6. රැවුල් අප්පුච්චාගේ ගැහිල්ල ගැන අපේ ගමෙන්ම නිදර්ශන තියනවා. අපේ ගමේ එකෙක් ඉන්නවා සන්ධානෙන් ප්‍රාදේශීය සභාවට චන්දෙ ඉල්ලල පැරදිච්ච. දිනපු නෙවෙයි පැරදුනු එකෙක්. ඌට කොච්චර සැලකුවද කිව්වොත් කොන්ත්‍රාත් බර ගානක් කරලා ගොඩ ගියා. නිකන්ම හිටපු නිකමෙක්. ප්‍රාදේශීය සභා ඉල්ලල පැරදුනු එකාටත් ඔහොම නං උඩ එවුන් කොහොම ගහන්න ඇත්ද... මහින්ද හොරුන්ට හොරකම් කරන්න දීල ඌත් සද්ද නැතුව ගහගෙන උඩ බලාගෙන හිටිය. දැන් එනව සුදන වෙන්න.

    ReplyDelete
    Replies
    1. ඒ කාලෙ හොර සුනාමියක් තිබුනෙ. ගමේ ගොඩේ ඉදන්ම උඩට යනකම්ම හොරාකෑමේ විෂම ජාලයක් තිබුනෙ.ඒ වගේම ව්‍යාපෘතිවලට අල්ලස් දීම යට ඉදන් උඩටම තිබුන. ඇත්ත වියදම වගෙ දහගුනයක් විතර යනව ප්‍රොජෙක්ට් එකකට. හැම තැණම එහෙමයි සමුර්දියො කොන්ත්‍රාත් බාරගත්ත .ප්‍රාදේශීය මන්තිරිය නෙමේ සමුර්දි නියාමකයගෙ ඉදන් හොරා කෑම තිබුනෙ. මිනිස්සු මේව දැක්ක . යට මෙහෙමනම් උඩ කොහොම ඇද්ද කියල අනුමාන කළා.
      කොටසකට මේ සිස්ටම් එක අප්පිරිය උනේ ඒකයි.
      ඒත් මේව දේශපාලන වේදිකාවල කතා කරල වැඩක් නෑ. හොරකම් කළ හැම සතයක්ම ආපහු අයකරගන්න ක්‍රමවේදයකුයි අවශ්‍ය.

      Delete
  7. නියමයි..අපේ මිනිස්සුන්ට නොතේරෙන ඇත්ත ඕකයි.ඡන්ද කාලේට කට්ටිය මරාගන්නේ හරියට ගෙදර ගිහින් නිදාගන්නේ ඒ අදාල දේශපාලඥයා එක්ක වගේ..තිරෙන් පිටිපස්සේ මරාගන්න තරම් උන්දැලාට මොලේ කචල් නෑ නේ..ඔය රතු අලි පැටියා ගැන කියලා තියෙන්නේ කියලා මට හිතෙනවා..එයා නම් ඉතින් දැන් සාටර් වෙලා නේ..:D

    ReplyDelete
    Replies
    1. ඡන්දදායකයා දේශපාලන පක්ෂ එක්ක තියන බන්ධනය නැති කරන්න ඕන. දේශපාලන පක්ෂ මත යැපෙන ඡන්දදායකයෙක් තමා මම දැකල තියෙන්නෙ. ආර්ථික වශයෙන් ස්වාධීන හෝ එසේත් නැත්නම් කිසිවක් දේශපාලනයෙන් බලාපොරොත්තු නොවන ඡන්දදායකයන් හරිම අඩුයි.

      තව දෙයක්. පාර්ලිමේන්තු යන ඔය සෙට් එක එකම වරිගයක් බවට ජනතාව දැනුවත් වෙන්න ඕන.

      Delete
  8. //ඇමරිකාවේ ඡන්දදායකයන් අපි කවදත් ඩිමොක්‍රටික්, අපි කවදත් රිපබ්ලිකන් කියමින් බෙර ගසනවාද නොදනිමි. එසේ නැතිවෙන්නත් බැරිය. ඇතැම් ප්‍රාන්ත එක් පක්ෂයකට ඡන්දය දීමට නැඹුරුතාවයක් පෙනෙන බැවිනි.//

    ඇමරිකානු පුරවැසියන් ඡන්දදායකයින් ලෙස ලියාපදිංචි වීමේදී (සෑම ප්‍රාන්තයකම නොවූවත්) ඩිමොක්‍රටික්, රිපබ්ලිකන් හෝ ස්වාධීන ලෙස තමාව හඳුනාගත යුතුය. මෙහිදී මේ වැඩේ විධිමත් ලෙසම සිදුවේ. මෙම දත්ත සහ වෙනත් සමීක්ෂණ අනුව දැනට (2015 ජූලි) ඇමරිකාවේ බෙදීම ආසන්න වශයෙන් ඩිමොක්‍රටික් 28% රිපබ්ලිකන් 23% හා ස්වාධීන 46% වශයෙනි. ස්වාධීන ගොඩේත් ඩිමොක්‍රටික් පැත්තට බර 19%ක් සහ රිපබ්ලිකන් පැත්තට බර 18%ක් සිටින නිසා ඇත්තටම ස්වාධීන 9%. මේ ප්‍රතිශත වෙනස් වුනත් සෑම ප්‍රාන්තයකම නොසෙල්වෙන පාක්ෂිකයෝ සෑහෙන පිරිසක් සිටිති. මේ නිසා බොහෝ ප්‍රාන්ත ඩිමොක්‍රටික් හෝ රිපබ්ලිකන් පක්ෂයට අනිවාර්යයයෙන්ම ජයගත හැකි තත්ත්වයේ තිබේ. දෝලන ප්‍රාන්ත ඇත්තේ සුළු ගණනකි.

    ජනාධිපතිවරණයකට පෙර පැවැත්වෙන ප්‍රාථමික මැතිවරණ වලදී ඡන්ද පත්‍රිකාව ලැබෙන්නේ තමන් ලියාපදිංචි වී සිටින පක්ෂය අනුවය. ලංකාවට ගැලපෙන හැටියට කිවහොත් ඔබ එජාපනම් ඔබට රනිල්, කරු හෝ සජිත් තෝරාගත හැකිය. ඔබ ශ්‍රීලනිපනම් මහින්ද, මෛත්‍රී හෝ වෙනත් අයෙක් තෝරා ගත හැකිය. එක් එක් පක්ෂයේ අවසන් ජනාධිපති අපේක්ෂකයා තෝරා ගන්නේ මෙසේ පාක්ෂිකයින්ගේ ඡන්දයෙනි. ස්වාධීන අයට මේ අවස්ථාව නොලැබේ.

    එමෙන්ම මහජන අදහස් නියෝජනය කිරීමට සිටින 435ක් වන නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ධුර කාලය වසර දෙකක් පමණක් නිසා ජනතාව නියෝජනය නොකරන පුද්ගලයෙකුට වැඩි පැවැත්මක් නැත. 100ක් වන සෙනෙට් සභාවේ ධුර කාලය වසර 6ක්ව ඇත්තේ මහජනතාවගෙන් (යම් තරමකට) ස්වාධීනව තම විශේෂඥ මතය නියෝජනය කිරීමටය. කොන්ග්‍රසයේ 535 හැදෙන්නේ මේ අයුරිනි. විධායකයේ කාලය මේ දෙකටම අතරමැද වසර හතරකි. එමෙන්ම සියළු මැතිවරණ පැවැත්වෙන්නේ වසරේ නිශ්චිත දිනයකය. මේ සියල්ලේ එකතුව මඟින් ලංකාවේ ඇති ප්‍රාදේශීය සභා, පළාත් සභා, පාර්ලිමේන්තුව හා ජනාධිපති යන සියල්ල එක් පක්ෂයකට යටවීම වලක්වා තිබේ. පක්ෂ ක්‍රමය තිබුණත් මේ දේවල් සහ තවත් බොහෝ දේවල් මඟින් (ලංකාවට සාපේක්ෂව) පුරවැසි බලය තහවුරු කෙරී ඇත. වැඩි විස්තර ඉඩ ලැබෙන පරිදි ලියන්නම්.

    ReplyDelete
    Replies
    1. විස්තරයට ස්තුතියි. ඇත්තටම ඇමරිකාවෙ දේශපාලනය ගැන ගොඩක් දේවල් දැනගත්ත.
      "මේ සියල්ලේ එකතුව මඟින් ලංකාවේ ඇති ප්‍රාදේශීය සභා, පළාත් සභා, පාර්ලිමේන්තුව හා ජනාධිපති යන සියල්ල එක් පක්ෂයකට යටවීම වලක්වා තිබේ."

      මගෙ සිත් ගත්තෙ මේ උඩ කියපු කාරනේ. ඇත්තටම බලය මේ විදියට එක් එක් ආයතන වලින් වෙන් කරන්න ඕන.
      ඒ වගෙම මම කියපු විදියට ජනතාව පාලනයට මැදිහත්වෙන ක්‍රමවේදයක් හදන්නත් ඕන.

      මම මීට සුළු මොහොතකට පෙර අසම්මත සටහන් බ්ලොග් එකේ පෝස්ට් එකක් කියෙව්වා. බුද්ධිමත් ජනතාවෙනි පුන්නක්කු රසද කියා එහි අසා තිබෙනවා. ඇත්තටම දේශපාලනය කියන්නෙ පෝස්ටර් ඇලවීම ,තග ,වාචාලකම කියල හිතන නූගත් කාලකන්නින්ට ඡන්ද බලය දීම මහා විනාශයක්. දැන් කරන්න දෙයක් නැහැනෙ.

      පශ්චාත් උපාධිය හෝ ඊට වැඩි සුදුසුකම් තියන අයගෙ සභාවක් වගෙ දෙයක් හදල අර්ධ රාජ්‍ය බලපෑම් කණ්ඩායමක් ලෙස ශක්තිමත් කරන්න පුළුවන් නම් හොදයි.

      Delete
    2. මේ සියළුම ආයතන බයිපාස් කරමින් කෙලින්ම නීති සම්පාදනයට, ව්‍යවස්ථා සංශෝධනයට පවා, හවුල්වීමේ හැකියාව ඇමරිකානු ඡන්දදායකයාට තිබේ. බොහෝ ප්‍රාන්ත වලදී යම් අත්සන් ගණනක් සහිතව යෝජනාවක් ඉදිරිපත් කළ විට ව්‍යවස්ථාදායකය විසින් එය නොසලකා හරිනු ලැබුවහොත් ස්වයංක්‍රීයවම එය ජනමතවිචාරණයකට යයි. නිශ්චිත දිනයක් වන ඊළඟ මැතිවරණ දිනයේ මෙවැනි යෝජනා රැසකට ඔව්/නෑ කීමේ අවස්ථාව ඡන්දදායකයාට හිමිවේ. එක වර ඡන්ද සියල්ල පැවැත්වෙන නිසා වියදම වැඩිවීමක් සිදු නොවේ. පක්ෂ තිබීමේ පහසුව වන්නේ මේ යෝජනා එකින් එක අධ්‍යයනය කිරීමට කාලය මිඩංගු කිරීමට අකමැති කෙනෙකුට පක්ෂය අනුව යමින් එක් කතිරයකින් තම 'ඡන්ද පැකේජ්' එක ප්‍රකාශ කිරීමේ අවස්ථාව හිමිවීමයි. අවශ්‍යනම් එක් එක් ඡන්දය වෙනවෙනම ලකුණු කළ හැකිය. ඇමරිකාවේ සුවිශේෂී නීති රැසක් මෙවැනි ජනතා යෝජනා ලෙස ඉදිරිපත් වූ ඒවාය. ආසන්නම උදාහරණයක් වන්නේ දේශපාලකයින් අතගැසීමට මැලි වූ මරිජුවානා නීතිගත කිරීමයි. කාර් සීට් නීතිය (ළමයින්ගේ) තවත් එකකි. ඇමරිකාවේ ඇති හැමදෙයක්ම ගෙඩි පිටින් ලංකාවේ පැල කළ නොහැකි අතර එසේ කිරීමේ අවශ්‍යතාවක්ද නැත. එහෙත් ඇමරිකාව දෙස බොහෝ දෙනා බලන (හෝ බැලීමට පුරුදු කර ඇති) ආකාරය නිසා ප්‍රයෝජනවත් විය හැකි බොහෝ දේ මඟ හැරී ඇත.

      Delete
  9. සම්පූර්ණ ඇත්ත. හොඳයි කියලා හිතලා කාලකන්නින්ව තෝරලා යවලා අවුරුදු 5-6 ක් පසුතැවෙනවාට වඩා මිස් බම් බම්, මිස් බිග් ටිට් වගේ එකක් තෝරලා උන්ටත් මාකට් එකක් ඕපන් කරලා දීලා අපිත් ඇනිකට් එක ඕපන් කරගෙන ඉන්න එක වටිනවා. ඒකනේ කියන්නේ, උන් ජීවිතේ විඳිනවා... අපි විඳවනවා.

    ReplyDelete
    Replies
    1. බ්‍රසීල කාරයො ලඟ අපේ වගෙ මනස්ගාත නැතිළු. මේ වගෙ දේවල් සමාජයට තෙරපි එකක්. කොහොමත් ලිංගිකත්වය ගැන ගූඩ විකාර සහගත දැක්මක් බ්‍රසීලයට නැති බව මම අහල තියනවා.
      ලිංගිකත්වය හපූයියෙක් වෙලා ඉන්නෙ අපේ තම්බිලටනෙ. ඉන්දියාවටත් මොට්ටැක්කිලි පුරුදු කළේ ඒ ගොල්ලො. අනාගතයෙදි මුළු ලෝකයෙන්ම ඔය විකාර නැතිවෙයි.

      Delete