Wednesday, August 12, 2015

සිතන ද්‍රව්‍ය හා මනුෂ්‍යයෝ

අපේ හිතවත් සජ්ජා ගේ ලේටස්ට්ම පෝස්ටුවෙන් කියා ඇත්තේ ජවිපෙට දෙන්න හිත හදාගන්න බෑ කියායි. ඇත්තටම අද ඇතමෙක් ප්‍රධාන පක්ෂ දෙක ගැන කළකිරී ජවිපෙට ඡන්දය දෙන්නට හිත හදාගෙන සිටිති.රජයේ සේවකයන් ඉතා විශාල ප්‍රමාණයක් ජවිපෙට තැපැල් ඡන්දය දුන් බව අද උදේ ආරංචි විය. ඇතත නැත්ත නොදනිමි.ජවිපෙ ගැන අපට ඇරියස් එකක් නැත.ජවිපෙට ඡන්දය දීම ඉතා හොදය.මමද කලින් වතාවක දී ඇත. නමුත් අතීතයේ ජවිපෙ අතිධාවනකාරී වැඩ ගැනත් පොදුවේ ජවිපෙට පදනම වූ මාක්ස්වාදය ගැන ජාත්‍යාන්තර අත්දැකීම් නිසාත් අපට ඒ ගැන ගැටළුවක් තිබේ.මේ කතාව ඒ ගැනයි.

මට මාක්ස්වාදය ගැන අපුලක් පිළිකුලක් ඇතිවුනේ 1989 වසරේදීය.මම ස්වභාවයෙන්ම ප්‍රචන්ඩත්වය පිළිකුල් කරන්නෙක්මි.බල්ලෙකුටවත් පහර දෙන කෙනෙක් නොවේ.සතෙක් පාරෙ මැරිල හිටියත් දුක දැනෙන හදවතක් ඇත.1988  වසරේදී ජවිපෙ විසින් විරුද්ධ මතධාරීන් ඝාතනයත් ඊට පිළිතුරු ලෙස අහිංසකයො 20 ක් මැරුනත් එක ජේවීපීකාරයෙක් ඒ අතර සිටියානම් මෙහෙයුම සාර්ථකයි කියන බිහිසුණු ම්ලේච්ඡ  තේමාව යටතේ ජවිපෙ මර්ධනය කිරීමත් මගේ කනස්සල්ලට හේතු විය.මෙබදු විනාශයන් වළක්වා ග යුතු බව මම සිතුවෙමි. මෙම විනාශයන්ට හේතුව මාක්ස්වාදය නිසා ඒ ගැන අධ්‍යනය කළ යුතු බව මට සිතුනි.

සත්තකින්ම කාල් මාක්ස් මහතා ගැන මට ගෞරවයක් ඇත. එතුමාට පෙර පැවති දාර්ශනිකයන්ගේ අදහස් සාරසංග්‍රහ කර නව මතයක් ඉදිරිපත් කළේය. එහෙත් සමාජ පරිණාමය සහ සමාජ සැකැස්ම පිළිබදව මාක්ස්ගේ මතයට වඩා මැක්ස්වේබර්ගේ මතය තර්කානුකූලය.මාක්ස් මිනිස් සොභාවය මුළුමනින්ම නොතකා හැර යාන්ත්‍රික මතවාදයක් ඉදිරිපත් කළේය

මාක්ස්ගේ අවමංගල්‍යයේදී එංගල්ස් මෙසේ පැවසීය.

" ශ්‍රේෂ්ඨතම සිතන ද්‍රව්‍යයේ සිතීම අවසන් විය."

මාක්ස්වාදය ගැන මගේ අපුල දුරුකර ඒ වෙනුවට වෙනස් මාවතකට සිතන්නට හුරුකළේ ට්‍රොට්ස්කිවාදී මිතුරෙකි. ඔහු ඉතා සරලව ධනවාදය කඩාවැටෙන ආකාරය පැහැදිලි කළේය.මාක්ස්වාදයේ විද්‍යාත්මක සත්‍යයක් නැතැයි නොකියමු. එහෙත් මාක්ස් සර්වඥ ලෙස සිතා සෙසු සියල්ල බැහැර කිරීම නම් විඥානවාදී මංමුලාවීමකි.


වඩා සරලව කතන්දරය කියන්නට අප අහුලන්කන දඩයම් කරන සමාජයට යමු. මේ මාක්ස් කියන ආකාරයේ ප්‍රාග් කොමියුනිස්ට් තත්වය නොවේ.මාක්ස් කියන ආකාරයේ සූරාකෑමක්ද නොවීය.පෞද්ගලික දේපොළ ආරම්භයේ සිටම විය.මෙහිදී පෞද්ගලික දේපොළ යන්නෙන් නිෂ්පාදන උපකරන පමනක් අදහස් නොකරමි. එකළ සියළු ස්ත්‍රීන් බාහු බලයෙන් යුත් පිරිමියාගේ පෞද්ගලික දේපොළ විය. චිම්පන්සින් වැනි ප්‍රයිමාටාවන්ගේ සමාජ අධ්‍යනය කරන්න. මේ ගැන අධ්‍යනය කළ විද්වතුන් ගේ මත යන් සැළකිල්ලට ග යුතුය. නැතිව 19 වන සියවසේ දිව්‍යමය එළිදරව්වක සිරවී සිටිය යුතු නැත.


සමූහ ජීවියෙක් ලෙස මිනිසාට තනිව දඩයම් කළ නොහැක. ඒ සදහා සංවිධනයක් අවශ්‍ය විය. මේ සංවිධානයේ තිබුනේ සමානාත්මතාව නොව දැඩි අසමානාත්මතා ව්‍යුහයකි.මූලිකම සුදුස්කම ලෙස කායබලය සහිත පිරිමියා ප්‍රධාන විය. කායබලයම පමනක් වැදගත් නොවේ. දඩබිම් ගැන .කැලේ පාරවල් ගැන , බෙහෙත් ගැන දැනුවත්කම තිබූ සාමාජිකයාටද තැනක් විය. සාමාජිකයන්ගේ ශ්‍රමය බොහෝවිට ලබාගැනුනේ බලහත්කාරයෙනි.නායකයාට ප්‍රිය ගෝත්‍රිකයන්ට වැඩිපුරත් අවශේෂ අයට අඩුවෙනුත් ප්‍රතිලාභ ලැබුනි. පිනාල වැනි අයට කටු සූප්පු කිරීමට ලැබුනි.එසේ නැතිව සූරාකෑමක් නැති නිසා කොමියුනිස්ට් සහෝදරත්වයක් මේ සමාජයේ තිබුනායැයි කීම මුග්ධකමකි.



ඊලඟට එන්නේ ගබඩාකිරීමේ යුගයයි.මස් කල්තබාගැනීමට අවශ්‍ය විය.එසේම මේ වනවිට සමාජයේ මානසික පැත්තද විමසීම වැදගත්ය. මිනිසාගේ සියළු කාර්යයනට උරදෙන දේවිදේවතාවෝ , ග්‍රහතාරකා විය. මෙහි ප්‍රතිපලය කායබලය සහිත පිරිමියාගේ පුද්ගලික දේපොලක ලෙස පැවති සමාජය වෙනස් වීමයි

ලොව ප්‍රථම රැකියාව කුමක්ද 
කාය බලය සහිත පිරිමියාගේ දඩයමෙන් කොටසක් ( ඇතැම් විට වැඩි කොටස ) බලෙන්ම වාගෙ ලබාගත් පූජකයාය.පූජකයා බිහිවුනේ කායබල පිරිමියා සමගමය. දෙදෙනා නිවුන්නුද විය හැක.තවදුරටත් කායබල පිරිමියා ගෝත්‍රයේ ප්‍රධානියා නොවීය. හේතුව පූජකයා ලොවෙත් නැති කෙබර ඇදබාන්නට වූ නිසාය.ගෝත්‍රයේ ස්ත්‍රීන් පූජකයාගේද දේපොළවිය.කායබල පිරිමියාට පෙර කන්‍යාවන් පූජකයා ලවා ඉදුල් කිරීම පිනක් බව පූජකයා ප්‍රකාශ කළෙන් කායබල පිරිමියා තක්කු මුක්කු විය. පූජක නීති කැඩීමෙන් දේව කෝපය ගෝත්‍රයට එල්ල විය හැක.මෙහිදී මිනිසා වානරයන්ගෙන් පැහැදිලිව වෙනස් වෙයි. චිංපන්සින් හෝ ගෝරිල්ලන් අතර කායබල පිරිමියාට අභියෝග කරන කතන්දරකාරයන් බිහිවී නැත.


දැන් කායබල පිරිමියාත් තක්කඩියාත් හවුලේ අනුභව කරමින් සිටිති. මේ වනවිට ස්ත්‍රීන් වැඩිවශයෙන් කළේ පළවැල නෙලීමයි.ස්ත්‍රීන්ගේ ඕපාදූප කතා රුචිය සහ අස්ථි දුබලතාවයට බොහෝ වේලාවක් සිටගෙන සිටිමින් කළ කර්තව්‍යයන් හේතුවනනට් ඇති බවට මත පල වී ඇත.

දැන් කාන්තාවන් මෙසේ කල්පනා කළහ. මේ වැඩේ හරියන්නෙ නැත. මුලින් කායබල පිරිමියා සියල්ල දැහැමෙන් සෙමෙන් අනුභව කළේය. ඉන්පසු ලොවෙත් නැති කතන්දර කියන තක්කඩියා ආවේය.අපිත් මොකක් හරි කරමු කියා කතා වුනහ.මුලින්ම බාර්ලි වැනි ධාන්‍ය වගා කර කෘෂිකර්මයට මංපෙත් විවර කරමින් සතුන් පාලනය කිරීම පටන් ගත් කාන්තාවන් සමාජ විප්ලවයේ පුරෝගාමීහුය.

නගුල ,ඉතා ප්‍රාථමික අස්වනු නෙලීමේ උපකරණ හැර නිෂ්පාදන ,මැටි වලන් නිපදවීමට සකපෝරුව, බීර පෙරීමේ උපකරණ,ගඩොල් එසවීමට ලීවර වැනි සරල යන්ත්‍ර ,ප්‍රවාහනය සදහා සතුන් යෙදූ කරත්ත වැනි ප්‍රාථමික උපකරන හැර වෙන යන්ත්‍ර සූත්‍ර නොතිබුනි.ශ්‍රම විභජනයක් තිබෙන්නට ඇත.එහෙත් මේ සමාජය නිෂ්පාදකයන්ගේ සම්මේලනයක් ලෙස හැදින්විය හැක.මෙහි ධනවතුන් ,බලවතුන් නොවීය,ගායකයා සමූහය පිනවීය, නළගන සමූහය පිනවීය,ඔවුන්ගේ සේවාවලට ලද්දේ සහල් සලාකයක් වැනි දෙයක් විය හැක.ගොවියා ,බීර පෙරන්නා, බේකරිකාරයා , සපත්තු හදන්නා වැනි අය එකිනෙකාගේ භාන්ඩ හුවමාරුවෙන් ජීවත් වූහ.

මේ කුඩා සමාජයයි.සපත්තු හදන්නා සියල්ලන්ගේම සපත්තු හැදුවත් ඔහුගේ දීමනාව ඔහු ධනවතකු නොකරයි.සපත්තු අලෙවි කළ හැකි ඒකක ප්‍රමාණය සීමිත නිසාය.සමූහයේ සියළු සාමාජිකයන්ට සපත්තු සාදා ලබන මුළු දීමනාව ගොවියා හෝ බීර පෙරන්නා තම තමන්ගේ සේවා සැපයීමෙන් ලබන දීමනවාට වඩා ලොකු වෙනසක් නැත.

නමුත් මේ කුඩා සමාජය මහා සමාජයක් බවට පරිවර්තනය විය.

දැන් කලින් මෙන් එකිනෙකා හදුනන්නේ නැත.සම්බන්ධ විය හැකි ඒකක ප්‍රමාණය විශාලය. සපත්තු හදන්නා මහා සමාජයට සපත්තු හැදුවොත් ඔහු ලබන දීමනා ඔහුගේ පැවැත්මට අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩිය.මෙම කාර්ය ප්‍රමාණය තනිව කරගටහ් නොහැකි නිසා සේවකයන් බදවා ගැනීමට සිදුවේ. මෙය බලහත්කාරෙන් සිදු කළ හැක. නැතහොත් දීමනාවක් ගෙවා කළ හැක. යම් මිත්‍යා විශ්වාසයක් ප්‍රවර්ධනය කරහෝ තිබෙන විශ්වාසයක නියෝජනය කර හෝ කළ හැක ( උදාහරනයකට පූජක ඉඩම වැඩවලට කුලී ගොවීන් බදවා ගන්නා සේ ).


ධනවතුන්ට සමගාමීවම බලවතුන්ද බිහිවේ. රජවරු බිහිවන්නේ මෙසේ මහා සමාජය බිහිවීමේදීය.මහා සමාජයේ පූජකයා අති උතුම්  මහා  කෙනෙකි. ඔවුන් සදහා අමුතු චාරීත්‍ර විධි මගින් සෙසු සමාජයෙන් වෙන් කර අමුතු මිනිසුන් බවට පත් කෙරේ.

දේශපාලන පක්ෂය ඇතුළුව වර්තමානයේ තිබෙන බොහෝ ආදර්ශයන් මේ මහා සමාජය ප්‍රවර්ධනය සදහා නිර්මාණය වූ සංකල්ප වේ.මහා සමාජයේ විශාල දූරාවලි ඇත. ආචාර ධර්ම ඇත.වෙහෙස වැඩිය. සමානාත්මතාව නැත.පිරමිඩාකාරය. පිරමිඩයේ පහළම ස්ථරයට පීඩනය වැඩිය. සිදු විය  යුත්තේ මහා සමාජය යළි කුඩා සමාජයක් දක්වා පරිවර්තනය වීමයි. එය සිදුවන්නේ ඥානනය වීමෙනි. 

   එනම් ජනයා ප්‍රශ්නය , ප්‍රශ්නය උද්ගත වීමට හේතුව , ප්‍රශ්නය නිරාකරනය කරන මාර්ගය හදුනා ගැනීමෙනි. මෙය බුද්ධිමය ක්‍රියවලියකි. ගහමරා ගැනීම් ශාප කිරීම් නැත. ප්‍රචන්ඩත්වය සහමුලින්ම ප්‍රතික්ෂේප කෙරේ. 

   මෙය අනුන්ගෙ ඉඩමක් අල්ලගෙන එහි ඉන්න අය සමූලඝාතනය       කර          ( විප්ලවය ) පොරොන්දු දේශය ඉදිකිරීමේ (සමාජවාදී සමාජය)  සංකල්පයට වෙනස්ය. මෙහිදී කෙරෙන්නේ ප්‍රශ්නයට හේතුව සොයා එම හේතුව නැතිකර ප්‍රශ්නය විසදා ගැනීමෙනි.


මරන්න ,කපන්න කොටන්න කියන මතයක් මෙන් මෙය ජනප්‍රිය නැතත් වැදගත්ය.මරල මරල මරල විප්ලවය කර ඉන්පසු මරල මරල මරල සමාජවාදය රැකගැනීමට වඩා ශිෂ්ට අධ්‍යනයකි.

මාක්ස් මහතා ට අප ගරු කරමු. එතුමා කාරුණිකයෙකි. කොතරම් කාරුණිකද කිවහොත් ලංකාව වැනි රටවල දඩාවතෙ යන බල්ලන් ,කබරයන් , කපුටන් ගේ සුදහගින්දර  දැක කම්පිතව උන්ගෙ ආහාර ප්‍රශ්නය විසදීමට සිතනුයේ සි ශුද්ධ එළිදරව්වට ප්‍රචන්ඩ විප්ලවය නිර්දේශ කරයි.එය අසන ඉතා බුද්ධිමත් ( නැට්ටෙ  ඉදන් මොළේ ඇත )නයකයෝ ලී වලින් සැදූ තුවක්කු  පොඩි කොල්ලන්ට දී පෙරලාපන් සහෝදරයා ආණ්ඩුව කියා දැවැන්ත රාජ්‍ය යාන්තරනය ඉදිරියට දමති.කබරයන්ට, බල්ලන්ට මිනීමස් බාබකිව් ලැබේ.

මේ වලිප්පුකාරයන්ගෙ වැඩවලින් සිදුවන්නේ ධනය ඒකරාශීවීම වෙනුවට බලය ඒකරාශිවීමය. පක්ෂය වටා සියල්ල බ්‍රමනය වන බියකරු නිර්මාණයක් එළි දැකීමය.සයිබීරියාවක් හෝ තියනන්මෙන් චතුරශ්‍රයක් බිහිවීමය. ධවල භීශනය වෙනුවට රක්ත භීෂනයක් ආදේශවීමය. 

එහෙත් සිදුවන්නේ මෙන්න මේ දෙයයි.

සමාජය යෝධබවෙන් ක්ෂුද්‍රබව වෙතද තේජාන්විත සංකීර්ණ විලාසිතාවෙන් සරල බව කරාද සාමූහික විනයෙන් පුද්ගල නිදහස කරාද යා යුතුය.ස්ය ස්වාධීනත්වය වෙනුවෙන් සේම අනුන්ගේ ස්වාධීනත්වයට ගරු කරන සංයමයක් වර්ධනය කර ගත යුතුය.ආරක්ෂාව හෝ වෙනයම් සංකල්පයක් ඉදිරියට දමාගෙන යළි මහා සමාජයක් ඉදිකිරීමේ දුෂ්ට ප්‍රයත්නයකට පමනක් සියල්ලෝම එකට එකතුවී විරුද්ධ විය යුතුය.

ඉදිරියෙදී නිෂ්පාදන ක්‍රමවේද යළි වෙනස් වේ. එහිදී නිෂ්පදනය වඩා  විමධ්‍යගත වේ. මේ සියල්ල සිදුවන්නේ දැනුම තුලිනි. උදාහරනයකට සබන් නිෂ්පාදනය ග්‍රාමීය ගනිමු. එය ග්‍රාමීය නිෂ්පාදකයෙකුට කළ හැක .එහෙත් කොම්පැනිය සමග තරඟ කළ නොහැක. කොලිටිය වැනි ගැටළුද ඇත.එනිසා කඩා වැටේ. දැනුම හරහා මේ සියල්ල ඉදිරියේදී නිරාකරණය වනු ඇත. මෙය මනෝරාජික අදහසක් නොව ස්ථිරවම සිදුවිය හැක්කකි.

රාජ්‍ය හා රාජ්‍ය නොවන ,ආගමික සියළුම ධූරාවලි ,මහා සංස්ථාවන් මහා යාන්ත්‍රණයන් අභාවයට යනු ඇත.එහෙත් මහා සමාජය පරිවර්තනය විය යුතු බවට දැනුවත් බවක් අවශ්‍යය.මෙය ක්‍රමානුකූලව සිදුවන්නකි.මිනිසා එකිනෙකාගෙන් ස්වායත්තව පරිපූර්නත්වය කරා ගිය දිනක මෙය සිදුවේ.අප මෙම පරිපූර්නත්වයට අද සිටින්නේ බොහෝ දුරිනි.අද ස්වාධීන දේශපාලන මතයක් දරන්න අපේ ගම්වල පුළුවන්ද.අද හැමකෙනෙක්ම දරන්නෙ අනුන්ගෙ මතයකි. සංවිධානය කළ යාන්තරනයක මතයකි. රස්සාවකට ,මරුවක් හදා ගන්නට , පලිගැනීමට ලක්වෙතැයි බියෙන්,ටකරන් කෑල්ලකට අනුන්ගෙ මත දරති. අනුන්ගෙ ඇස් වලින් බලති. අනුන්ගෙ කන් වලින් අසති.මේ තත්වය වෙනස් වී සමාජය විශ්ලේශනය කිරීමට නිරවුල් බුද්ධියක් ලද දින ස්වාභාවිකවම මහා සමාජය ක්ෂුද්‍ර සමාජයකට පරිවර්තනය වේ. සිතා බලන්න.

16 comments:

  1. කොහෙද යකෝ මකබැවිලා හිටියේ? හැක හැක.. හිටහන් බලන්න මොනවද ලියල තියෙන්නේ කියල..

    ReplyDelete
    Replies
    1. කියන්ඩ ගත්ත කතාව කියල ඉවර කරේ නෑ වගේ.. මෙන්න මේ වගේ තේරෙන බාසාවෙන් කියනවනම් 'සමාජ වදේ ' උනත් තේරෙනවා.. :)

      Delete
    2. මාසයක් විතර විවේකයක් ලබා ගත්තා. කාර්ය බහුල වීම නිසා.
      සමාජ වදේ මහ මගුලක් නෑ බන් . ඒක දිව උලුක් කරන වචන ශෛලිය නිසා අන්ඩරදෙමලයක් කරල. කියන එක කාටවත් තේරුනේ නැතිවාම මේකෙ මොකක් හරි අමුතු බුද්ධිමය දෙයක් ඇති කියල සමහරු හිතනවා.
      මාක්ස්වාදය ආගමක්. ජේවීපී පෙළපාලිවල මාක්ස් ගෙ ඉදන් සියළුම අනාගත වක්තෲන්ගෙ දැවැන්ත ඡායාරූප ගෙනයන්නෙ.
      ඔවුන්ගෙ ශුද්ධ වාක්‍ය ප්‍රශ්න කරන්න බෑ. ප්‍රශ්න කරන අය දේශපාලන කදවුරු /වැඩ කදවුරු කියන වධකාගාරවලට යවනවා.
      තමන්ගෙ අදහස් ප්‍රකාශ කරන්න බැරි මුළු ජීවිතයම පක්ෂය කියන සෙක්කුවෙ කැරකෙන සමාජයක් මට නම් ඕන නෑ.

      Delete
  2. මෙහෙමයි යකා.....................

    අපි කවදාවත් ජවිපෙ වෙනුවෙන් පෙනී හිටලා නැහැ... ඒත් මේ ඡන්දයේදී සාපේක්ෂව ඔවුන් සුදුසු බව අපි සිතනවා..... මේක අවස්ථානුකූල තේරීමක් විතරයි.... මෑත කාලීන ව ජවිපෙ ගමන් මග ගැන ලොකු පැහැදීමක් රට තුළම තියෙනවා... ඔය කියන ජවිපෙට අැති යොමුව මේ ඡන්දයේදී පැහැදිලිව ම පේන බව සත්‍යයක්..... ජවිපෙ පදනම මාක්ස්වාදය හෝ වෙනත් ඔ්නෑම දෙයක් වෙන්න පුළුවන්... මාක්ස් කියන්නේ ඒ යුගයේ ලෝකයට අවශ්‍ය දර්ශනය නිර්මාණය කරපු පුද්ගලයා.... ඒ දේවල් රුසියාව ප්‍රමුඛ රටවල් ප්‍රායෝගිකව කරලා බැලුවා.... දැන් ඒ අතීතය ඉවරයි...

    අපි ඉන්නේ 2015. දැන් ලෝකයට අවශ්‍ය දර්ශනයක් හදාගන්න ඔ්නේ.... ඒකට මේ ක්‍රමය වෙනස් කළ යුතුයි... ජවිපෙ කියන වෙනස් කිරීමට වඩා මේ වෙනස් කිරීම වෙන දෙයක් වෙන්නත් පුළුවනි... කෙසේ හෝ වෙනස් විය යුතුයි... ඒක ප්‍රැක්ටිස් කරන්න ජනතාව සූදානම් කියන ඒකවත් මේකෙන් අපිට තේරුම් ගන්න පුළුවනි...... ජවිපෙ කියන විදිහට 2020 දී ඔවුන්ට අාණ්ඩුවක් හදන්න බැහැ.. ඒක තමා මේ පොළවේ යථාර්තය.... ඒත් ඔවුන්ට වෙනස් වෙන්න පුළුවන් නම් ඒක වුණත් කරන්න බැරි නැහැ.... හැබැයි ඒක මේ අවුරුදු 5 තුළ තීරණය වේවි....

    මුලින් ම ඔවුන් පරණ රුසියාවක් ලංකාවේ හදන්න හිතාගෙන ඉන්න හීනේ ඉවර කරලා අවදිවෙන්න ඔ්නේ...... නැත්නම් වෙන්නේ ඊළග පාර ජනතාව මේ බලවේගය ප්‍රතික්ෂේප කරන ඒකයි..... අපි විශ්වාස කරන විදිහට ඊට සුදුසු බලවේගයක් හෝ බලවේගයක පාටක්වත් ලංකාවේ දැන් නැත..... පෙරටුගාමී පක්ෂය ඒය කරන්නට උත්සාහයක් හෝ කරාවි යැයි සිතුවද ඒක කෙරුනේ නැත...... ඒහෙම දෙයක් වුණානම් ජවිපෙට දැන් තියෙන නැගිටීම නැගිටින්නට බැරි විය යුතුය.......

    ReplyDelete
    Replies
    1. ඔබ කියන දේ පැහැදිලියි.අවස්ථනුකූල තේරීමක් තමයි හැමෝම කරන්නෙ. නොමේරූ අවුරුදු 16 /18 කොල්ලො දඩබ්බරකමට ඕකට ගියාට යම් දැනුවත්බවක් ඇති උගත් බුද්ධිමත් අය ජේවීපී ආණ්ඩුවක් එනවට කැමති නෑ.
      මට මටහ්ක් වෙනව අපේ මනෝෂ් මිත්‍රය මගෙ බ්ලොග් එකේ දාපු කොමෙන්ට් එකක්.

      හොද්දට ලුණු වගෙ ජේවීපී ඕන කීවම කෙනෙක් මෙහෙම කීව.
      "පුදුමෙ කියන්නෙ අවුරුදු 17 ලුණු නැතිව කන්න පුළුවන් දැන් ලුණුනෙ ඇලජික් වෙලා තියෙන්නෙ කියල. මට කියන්න හිතුන ලුණු නැතිව කනවට වඩා සම්පූර්න ලුණු පිගානක් කන්න බෑනෙ කියල "

      මාක්ස්වාදය තුලින් කිසි අක්ලෙක නොදුටු විරූ අන්තනෝමතික පාලනයක් බිහිවෙනව. රුසියාවෙ අවුරුදු 70 ක්ම බහු පක්ෂ මැතිවරන තිබුනෙ නෑ. චීනයෙ අදටත් නෑ. කියුබානුවන්ට නම් කස්ත්‍රෝගෙ රැවුලෙ පිහිට තමා. අද අපි මහින්දට කරන චෝදනා මේ කොමියුනිස්ට් පාලකයන් ඊට වඩා දරුණුව කළා.


      මේ නිසා අවස්ථානුකූලව මොනවා කළත් සතා අදුරගෙන ඉන්න ඕන.

      ඔවු අපි අළුත් දේශපාලන දර්ශනයකට යන්න ඕන. ඒක 21 වැනි සියවසේ එකක් වෙන්න ඕන. විද්‍යාත්මක වෙන්න ඕන. සියල්ලටම වඩා ගහන කපන කොටන මරන දේපොළ වනසන ප්‍රචන්ඩ විප්ලවය දුරීභූත කරන්න ඕන.

      මාක්ස්වාදාය් ගැන විතාරක් නෙවේ දැනට තිබෙන ද්වි පක්ෂ ක්‍රමය ගැනත් විවේචන තිබෙනව. ජනමතය හරියට නිරූපනය වෙන්නෙ නෑ මේ ප්‍රජාතන්ත්‍රවාදයෙනුත්. සුද්ද පටවපු එකේම රැදෙන්නෙ නැතිව අපිත් හිතන්න ඕන නේද?

      Delete
  3. මම සජ්ජාගේ ලිපිය සහ ඔබගේ එකතු කිරීමුත් කියෙව්වා. පොතේ හැටියට නැතුව නිරවුල්ව හිතන්න පුළුවන් අය සිටීම සතුටට කරුණක්. මම මේ වෙලාවේ අදහස් දැක්වීමක් නොකළේ ඡන්දය අතළඟ තියාගෙන කෙටියෙන් යමක් කීවිට වැරදි අදහසක් මතුවිය හැකි නිසා සහ දිග එකතු කිරීමක් කිරීමට කාලය නැති නිසා. මමත් ස්වභාවිකවම ප්‍රචණ්ඩත්වයට අකමැති කෙනෙක්. මෙයට මතවාදී ප්‍රචණ්ඩත්වයත් ඇතුළත්. ජේආර්ගේ ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය සමඟ 1987 කාලයේදී ජවිපෙ ප්‍රවේශය ආකර්ශනීය වුණත් එය කණපිට ගැහෙන්න වැඩි කලක් ගියේ නැහැ. මුලින්ම මටත් හිතුනේ මෙතන තියෙන්නේ ජවිපෙ භාවිතාවේ ප්‍රශ්නයක් බව. එහෙත්, පසුව වැඩිදුර කරනු දැනගන්නා විට ඔබට සහ සජ්ජාට වගේම මටත් පෙනුණා ප්‍රශ්නය මූලික මතවාදයේ මිස භාවිතාවේ නොවන බව. ඔබේ කමෙන්ටුවක සාපේක්ෂව හොඳ ලෙස පෙන්වන ග්‍රීසියේ පවා මේ මූලික මතවාදයේ ප්‍රශ්නය තියෙනවා. එහි තවමත් විරුද්ධවාදීන් මර්දනය කරන්නේ හෝ ප්‍රචණ්ඩත්වය යෙදවෙන්නේ නැහැ තමයි. ඒත්, තාප්ප, පාරවල් සහ ස්මාරක සටන් පාඨ වලින් වැනසෙනවා. මෙතනත් තියෙන්නේ මොනවා හෝ දේකට තිබෙන විරෝධය එක් දිශාවකට එකතු කරගැනීමම තමයි. ප්‍රශ්නය හරියටම පැහැදිලි කිරීමට තරම් මා මාක්ස්වාදය හදාරා නැහැ. ළඟදී කැපිටාල් කියවීමට පටන් ගත්තත් මගේ රැකියාව අනුව ලැබෙන විවේක කාලය අවසන් වේගෙන එන නිසා එයට දැන්ම ඉඩක් ලැබෙන එකක් නැහැ. ඓතිහාසිකව සමාජ ප්‍රගමනය සිදුවූ ආකාරය පිළිබඳව ඔබ කරන පැහැදිලි කිරීම නූතන පර්යේෂණාත්මක දැනුම සමඟ හොඳින් සැසඳේනවා. අනාගතය පිළිබඳවනම් මට හරියටම කියන්න බැහැ. සමාජ පරිණාමය සිදුවිය හැකි සහ සිදුවිය යුතු ආකාර එකකට වඩා තිබෙන නිසා. කොහොමවුණත් මේ ඡන්දයේදී ජවිපෙට ජනතා ආකර්ශනයක් ඇත්නම් ඒ ඔවුන්ගේ වත්මන් භාවිතාව නිසා මිස මූලික මතවාදය නිසා නෙමෙයි.

    ReplyDelete
    Replies
    1. 1985 ,1986 වන විට ජවිපෙ හිටියෙ ප්‍රචන්ඩ විප්ලවයකට හේතු සොයමින්.ජේ ආර් අඩන්න හිටපු එකාගෙ ඇහැට ඇගිල්ලෙන් ඇන ඇන හිටියෙ.විජේවීර අසූ ගනන්වල ඉදන්ම කීවෙ යූඇන්පී ශ්‍රීලන්කා එකට එකතුවෙනව ජේවීපී ප්‍රධාන විපක්ෂය වෙනව කියල.ප්‍රධාන එජාප විරෝධී බලවේගය වෙලා ශ්‍රීලනිපය ආවරනයක් කරගෙන (කොටි ටී ඇන් ඒ එක තියාගත් ලෙස ) විප්ලවය කරන්නයි විජේවීරට ඕන වුනේ.

      ජේවීපී නායකයන්ගෙ නැට්ටෙ ඉදන්ම මොළේ. මේ නිසා අහක ඉන්න එවුනුත් ඇට නැති පරිප්පු කනව.

      කස්ත්‍රෝට හිටියෙ 60 යි අපට 61 ක් ඉන්නව අපට විප්ලව ගොඩ රුපියලට කරන්න බැරිද සහෝදරය කියල ඔවුන් අහන කොට දුර දිග නොබලන නිදහස හොයන කොල්ලො රැවටෙනව.

      කියුබාවෙ බැටිස්ටාට තිබුනෙ කුඩා හමුදාවක්.ඇමරිකාව නූතන ආකාරයට කියුබානු හමුදාව පුහුණු කරමිනුයි සිටියෙ. කස්ත්‍රෝට සුළු පිරිසකගෙන් රට අල්ලනන පුළුවන් වුනේ ඒකයි.

      කරුමේ සහෝදරයා මාත් එකට ලුමුම්බ ඉගෙන ගත්ත. ඔහු එකරැයින් සැන්සිබාරය අල්ලගත්ත. අපට බැරි ඇයි කියනව එක පාරක්.
      සැන්සිබාරයට තිබුනෙ කුඩා පොලිස් හමුදාවක්. ඒ නිසා කරුමේට පුළුවන් වුනා බලය අල්ලගන්න.

      රුසියාවෙ විප්ලවය එරට කම්කරු පන්තිය කළ එකක් නොවෙයි. සාර් විරෝධී රුසියනු ජෙනරාල් වරුන් ඒ වගේම ජර්මනියෙ සහාය මත සිදුවුන එකක්. මේ කතා සමහරු දන්නෙ නෑ. බ්‍රෙස්ට් ලිටොව්ස්ක් ගිවිසුම බලන්න. පළමුවෙනි ලෝක යුද්ධයෙන් රුසියාව ඉවත් කිරීමට ජර්මනියට ඕන වුනා.

      නැගෙනහිර යුරෝපෙ රටවල් රුසියන් දෙවැනි ලෝක යුද්ධෙන් පස්සෙ රුසියන් හමුදා අලල්ගෙන හිටපු ඒවනෙ. ඒවගෙ රූකඩ ආණ්ඩු පිහිටෙව්වා.

      චීනයෙ තිබුනෙ බටහිර ජාතීන් එළැවීමේ ජාතික සටනක්. මෙහිදී ක්වොමින්ටෑන් වරුන්ට බටහිරත් මාඕට රුසියාවත් උදව් කළා. බටහිරට ඔවුන්ගෙ ආධාර චීන භූමියට ලබා දෙන්න කලට වේලවට අපහසු වුනා.
      වියට්නාමයෙ ,කාම්බෝජයෙ , ලාඕසයෙ විප්ලවත් විදේශීය හමුදා ඇථි කරපු කෘතිම විප්ලව.
      ඇෆගනිස්ථනායෙ බාබ්‍රා කර්මාල් ගැන හැමෝම දන්නවනෙ.

      ප්‍රංශ විප්ලවයත් නිර්ධන පන්තිය කරපු එකක් නොවෙයි.රජුට එරෙහිව රදල පූජක පිරිස යටතේ නැගිටීමක් වුනා. සියවසකට කලින් එංගලන්තයෙ ක්‍රොම්වෙල් කළා වගෙ එකක්.
      නමුත් ප්‍රංශ විප්ලවය ජැකොබින්වරුන්ට හා ජිරොන්ඩිස්ට් වරුන්ට ගියා. ඔවුන් නිර්ධනයන් තමයි. මේ කාලෙ ප්‍රංශයෙ තිබුනෙ ත්‍රස්තවාදී පාලනයක්.එය අවසන් වුනේ නැපෝලියන් අධිරාජයා වීමෙන්.

      ලෝකයෙ කිසිතැනක විජේවීරල කියන විප්ලව සිදුවුනේ නෑ.


      සියළුම සමාජවාදී රටවල් අන්තනෝමතික ආණ්ඩු බව අපි දන්නවනෙ . මේක භාවිතාවෙ වරදක් නොව මතවාදයෙ වරදක් . සෝමවංශ කිව්ව මතකද මිනීමැරුම් ගැන අහපුවම ." මහවැලිය හදද්දි ගැඩවිල්ලු මැරෙනව කියල "
      අවුරුදු ලක්ෂ ගානනක පරිනාමයෙන් ඇති වැඩක් තියනවද මෙහෙම මානව දයාවක් ගෑවිලවත් නැති තිරිසන්නු බිහිවෙනවනම්.

      මතවාදයමයි වැරදි.

      Delete
  4. කාලෙකින් පස්සේ මිත්‍රයාගේ පෝස්ටුවක් දැකීම ගැන සතුටුයි

    ReplyDelete
    Replies
    1. පෝස්ට් එකක කොමෙන්ට් අතර ඔබව දැකීමත් මට ඒ වගෙම සතුටක්.

      Delete
  5. හොඳම හොඳ විස්තර කිරීමක්. මා කතා කරන්නේ ඔබේ කතාවේ මුළුමහත් අන්තර්ගතයම හොඳ බව ගැන නොවුනත් ඔබ කරුණු ගලපා ඉදිරිපත් කර ඇති ආකාරය අනුව කිසිවකට විරුද්ධ වන්නට සිත් දෙන්නේ නෑ.

    සමාජ පරිණාමය ඔබ ඉතාම හොඳින් විස්තර කර තිබෙනවා (නැවතත් - මෙය සත්‍යයැයි මා පිළිගන්නා බව නොවේ මේ කියන්නේ). මාක්ස්වාදයේ දුර්වලතා සැකෙවින් දක්වා තිබෙනවා. වැදගත්ම දේ වශයෙන් ඒ පැරණි මාක්ස්වාදී මතධාරාවෙන් මිදී ජ.වි.ප.ය යන නව ගමන පිළිබඳව ඔබට ඉතා හොඳ විග්‍රහයක් තිබෙනවා.

    මේ ගමන ගැන දකින විජේවීර තුමාගේ භූතාත්මය බොරැල්ල කනත්තේ සිට දිව හපාගෙන මියෙනු සත්‍යයක් වුවත් එසේ වන්නේ තමා තැනූ විමුක්තිවාදී ව්‍යාපාරය ධනවාදී කඳවුරට පාවා දීම නිසාද නැතිනම් තමාට කිසිදා නොහැකි වූ නවීන සමාජයේ මනාප එකතු කර ගැනීමට අනුර කුමාර සහෝදරයා පෙන්වන හැකියාව සහ ඒ වෙනුවෙන් සමාජයට අවශ්‍ය දේ (ඒ බොරු වුවත්) කට උල් කරමින් කියා දැමීමට ඔහුගේ ඇති පරිචය දැකීමෙන් ඇති වූ ඉරිසියාව නිසා දැයි කීමට හැකියාවක් නැත.

    ReplyDelete
    Replies
    1. ජවිපෙ මාක්ස්වාදයෙන් විනිර්මුක්ත වී නැහැ. ඔවුන්ට එය කරන්නත් බැහැ. මාක්ස්වාදීන් යල් පැන ගිය මිනිසුන්. ඔවුන් මාක්ස් කියපුව ආගමිකයන් වගෙ වචනානුසාරයෙන් අදහනව.ඔවුන් ජීවත් වන්නෙ 19 වැනි 18 වැනි සියවස් වල.
      ඔවුන්ගෙ සරල ජීවිතය ප්‍රෝඩාවක්.
      බිස්නස් ක්ලාස් වල යන්නෙ අහපුවම කියනව අපි යන්නෙ අපේ සල්ලි වලින් කියා.ඇපල් ෆෝන් පාවිච්චි කරනව. ලක්ෂ 50 ට වැඩි ගෙවල්. මිළැ අධික වාහනවලින් ගිහින් කාඩර්වරුන්ට පේන්න ගමේ බයිසිකලෙන් යනව.මුන්ට රැවටෙන එවුන්ට සදා දුක.

      මාක්ස්වාදයට විරුද්ධ හැමෝගෙම දායකත්වයෙන් හොද සංගත නිර්මාණ ඉදිරිපත් වෙනව දන්න මම කැමතියි.

      Delete
  6. කුඩා සමාජය මහා සමාජයක් වෙනකල් හරිම සරලව, ලස්සණට ලියලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.
      මහා සමාජය යළි කුඩා සමාජයක් බවට පරිවර්තනය වන හැටිත් ,ඒ ඇයි කියන එකත් , එහි ආර්ථික සමාජ දේශපාලන දිශානතීන් ගැනත් මේ වගෙම සරල ව පෝස්ට් එකක් දාන්නයි ඉන්නෙ

      Delete
  7. ඕන්න ඉඳලා ඉඳලා ඇවිල්ලා දීලා ඇරියා...
    මේ......මං පස්සෙ වෙලාවක එන්නං ඈ.......

    ReplyDelete
    Replies
    1. පස්සෙ හරි ඇවිත් බලන්නකො

      Delete