Saturday, May 2, 2015

අබුද්දස්ස කාලෙ ලබු විතරක් නෙමේ කැකිරි පිපිඤ්ඤත් තිත්ත වෙලා

වෙසග සැමරුමට සැරසිලි කර ගතට මහන්සියක් දැනේ. ගෙදර ආ සැනින් පොඩ්ඩක් මූණ කට දොවාගෙන ඇදේ ඇලවුනේ මහන්සිය නිසාමය. සිතට දැනෙන්නේ කෝටියක් සංවර ශීලය රකින අපේ පින්බර ස්වාමීන් වහන්සේලාගේ ගුණකදය. උන් වහන්සේලා සමග නිකමට දේශපාලනය ගැන කීවත් ඕව අපට අකැපයිනෙ ළමයො කියා ඒ ගැන කතා කරන එක වළක්වයි. ඒකට අන්‍යාගමික නායකයො. මහපාරේ යමා මහ පෙළහර පාති. කම්බි හත්පොටෙන් පනිති.

අන්‍යාගම්වල ෆාදර්ලා පාස්ටර්ලා මවුලවිලා කුරුක්කල් ලා ගේ හැසිරීම අන්තිම කැතය. දවසක් මම පන්ති ඇරිල එනවිට පාරෙ මහ කෝලහලයකි. ෆාදර්ලා පිරිසක් පොලීසිය හා කුණුහරපෙන් බැනගනිමින් බැරියරයක් පෙරලගෙන කෙහෙටද ඇතුලුවෙන්න හදයි.

තව දවසක මවුලවිලා පිරිසක් රාජ්‍ය ආයතනයක් වටලා ලොකු කලබලයකි.

කුරුක්කල් ලා පාරෙ බුදියගෙන උපවාසයකය.

තව දවසක දා එකෙක් පිකටින් එකකදී ගඩොල් බාගයක් අතට ගත්තේ කෙළින්නටය. ඒ තරුණ බ්‍රදර් කෙනෙක්ද මවුලවි කෙනෙක්ද කියා හරියට නිච්චියටම බලා ගත නොහැකිවිය. කදුලු ගෑස් වැදුන විට දුවන්නේ ලෝගු ,මවුලවි ඇදුම් , කුරුක්කල් ඇදුම් කරේ දමාගෙනය. ලැජ්ජාව ඒ ඒ ආගම් වල ශාස්තෲන් වහන්සේලාටය.

මේ ආගම්වල බැතිමතුන් එම නායකයන්ට වැද වැද කන්ඩ දෙති. කාල ඔවුනට තෙලේය. දානෙ දෙන විදියටම ව්‍යායාම කට්ටල පූජා කරනවානම් හොදය. එහෙත් ඒ අන්‍යාගමිකයන්ට ඒවගෙ ගානක් නැත. අපි වදින්නෙ ලෝගුවටනෙ ,මවුලවි ඇදුමටනෙ කියා කරබා ගනිති. 


අපේ සිල්වත් ස්වාමීන් වහන්සේලාගේ හැසිරීමත් අන්‍යාගමික පූජකයන්ගෙ හැසිරීමත් අහසට පොලව මෙනි.



අපේ ස්වාමීන් වහන්සේලාගේ පහන් හැසිරීම නිසා අපට බය නැතිව බුද්ධාගමේ කියා කීමට පුලුවන. එහෙත් අන්‍යාගමිකයෝ ආගම මොකක්ද කී විට ලැජ්ජාවෙන් ඇඹරෙති.ඒ ඔවුන්ගේ පූජ්‍ය පක්ෂයේ වැඩ කිඩ නිසාය.


අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා ගැන පහන් සිතිවිලි සිතට ගලා ආවේ වැල නොකැඩීය.ඇස් පියවෙන්නට වූයේ මටත් නොදැනීය

අද වෙසක් පුණු පොහෝ දිනයයි.මම පන්සලට යමින් සිටියෙමි. ඒ බුදුන් වැද සැරියුත් මුගලන් මහරහතුන් පෙරටුකොටගත් අපගේ ආර්ය මහා සංඝරත්නයට පසග පිහිටුවා වැද නමස්කාර කර සිල් සමාදන් වීමටයි. එහෙත් පන්සලට ඇතුලු වන විටම මා දුටු දසුනින් අඤ්ඤකොරොස් වීමි. කහ සිවුරක් වැනි දෙයක් හැද සමාජවාදය නැත්නම් මරණය කියමින් තරුණ භික්ෂුවක් මන්ත්‍රයක් මතුරයි.

මට කුතුහලයක් ඇතිවිය. මේ කවුදැයි දැන ගැනීමට කිට්ටුවීමි.

මේ තැනැත්තා මොන ආගමේද කියා නොදන්නා නිසාත් බුදු සසුනට සමාන යම් ඉන්දියන් මූලයක් ඇති ආගමක පූජකයෙක් පන්සලේ තාවකාලිකව නවාතැන් ගෙන  ඇතැයි කියා සිතා මම ඒ පුද්ගලයාට නමස්කාර කර ඔබ වහන්සෙ මොන ආගමේදැයි විමසුවෙමි.

කහ පාට යුනිෆෝම් කාරයා : බුද්ධාගමේ. ඇයි ඩෝ තොට පේන්නැද්ද

ඒ කිවවට මට සැකයි මේ කවුද කියා

මම : ඔබවහන්සෙගෙ නිකායෙ මහනායක වහන්සෙ කවුද

කහ යුනිෆෝම් කාරයා : අන්න එහෙම කියන වෙඩින් එකක් තේරෙන්න කියපන් ඩෝ . අපේ මහානායක කුමාර් ගුනරත්නම්.ඉස්සර විජේවීර උන්නාන්සෙ

මගේ සැකය හරිය .මේ වෙනත් නිකායකි.

මම : ඔබ වහන්සෙලගෙ ග්‍රන්ථය කුමක්ද. බෞද්ධයන්ගෙ නම් ත්‍රිපිටකය.

කහ යුනිෆෝම් කාරයා : කියන කැකිරිගෙඩියක් තේරෙන්න අහපන් බාන්. තිරිපිටකෙ ඒ මොකක්ද .අපේ පොත තමා ප්‍රාග්ධනය.

මට ඇතිවුනේ සැකයකි. මේ නම් බෞද්ධ නොවේ. 

මම : ඔබ වහන්සෙලගෙ ශාස්තෲන්වහන්සෙ කවුද 

කහ යුනිෆෝම් කාරයා :  ඒකවත් දන්නෙ නැද්ද . පර බල්ල. අපේ ශාස්තෲවරය තමා කාල් මාක්ස්.

මම : ඒ කියන්නෙ බුදු හාමුදුරුවො නෙමේ

කහ යුනිෆෝම් කාරයා :  බුදුහාමුදුරුවො ඒ කවුද ? නම නම් ටිකක් අහල හුරුයි වගෙ .

මගෙ සැකය හරි. මේ අර යුරෝපයේ සැටනික් ආගම වැනි එකක් විය හැක.

මොහුගෙන් ධර්මය ගැන යමක් ඇසිය යුතුයැයි සිතුවෙමි.

බුද්ධාගමේ නම් මිනී මැරීම පාපයක් .ඔබවහන්සෙලගෙ ආගමේ?

කහ යුනිෆෝම්කාරයා : මිනී මැරීම මහත්ඵල මාහනිසංස ලැබෙන කුසලයක්. 

දැන් නම් සැකය හරියටම හරි. මේ අය අමුතුම ආගමකය. මේ අයගේ ආගමත් බුද්ධාගමත් වෙනස් වන්නේ කොතනින්ද කියා දැනගත යුතුය..අරි අටගි මග , චතුරාර්ය සත්‍ය ගැන මේ අය කුමක් කියාවිද. දැන් නම් අහන්න බයෙත් බැරිය.දිරි ගෙන ඇසීමි.

මම: අඩෝ  දුකට හේතුව කුමක්ද බන්. 

මාත් ඔවුන්ගෙ සිස්ටම් එකෙන්ම ප්‍රශ්න කළෙමි. දේසේ හැටියට බාසේ විය යුතුය. නැත්නම් මම මිත්‍යාදෘෂ්ටිකයෙක් ලෙස සිතීමට ඉඩ ඇත.

කහ යුනිෆෝම් කාරයා : දුකට හේතුව ධනපති පන්තිය. උඹ ධර්මය මොකුත්ම දන්නෙ නෑ වගෙ. අපේ පන්ති තියනව .වර තොට දේශපාලන දැනුම ලැබෙයි.

කහ යුනිෆෝම්කාරයා කට ඇරියේය. හූ තුනක් කීවේය. මම බිරාන්ත වීමි. ඉන් පසු මාක්ස්ට ජයවේවා.ලෙනින්ට ජයවේවා. ස්ටාලින්ට ජයවේවා. ට්‍රොට්ස්කිට ජයවේවා , කස්ත්‍රෝට ජයවේවා , මාවෝට ජයවේවා යි කෑගසන්නට විය. මෙසේ කෑගසන්නට විවර වූ ඔහුගේ කටින් හාවෙක් වැනි සතෙක් පහසුවෙන්ම ගිලීමට පුළුවන.

මම පස්ස නොබලා දිව්වෙමි. මොහුගේ ආගමේ ඉස්සර නායකයන් ජේවීපී කාරයන්ය. දැන් පෙරටුගාමීන්ය.එසේම හැකි තරම් ද්වේශය ඇතිකර ගැනීම යහපත් බව උගන්වයි. කම්බි හත්පොටවලින් පැනීම , ගල් ගැසීම ඔවුන්ගේ පූජා විධිය. ටී පනස් හයෙන් මහා පූජාවන් ඔවුහු 71 හා 89 දී කළහ. 


බුදුන් වහන්සේ සිටියානම් පාරිලෙයිය වනයේම නතරවනු ඇතැයි සිතූ මම පිටිපස්ස බැලුවේ කහ කුරුල්ලා සිටින්නේද කියා බැලීමටය.

නැත අනෙක් පන්සලට යාමට සිතා පාර පැන එම පන්සල පැත්තට ගියෙමි. ප්‍රාඩෝ ,ඉන්ටකූලර්, හමර් ,ලැම්බෝගිනි පෙරහරක් වේගයෙන් පන්සල දෙසට යයි. මෙය දුටුවානම් මහා බ්‍රහ්මයාත් බයවෙනු ඇත. 


 බලන විට මාක්ස්වාදී ලෙනින්වාදී මාඕ වාදී කස්ත්‍රෝවාදී කහ යුනිෆෝම් කාරයන් හොදය . බුද්ධ රක්ඛිත සෝමාරාම පරපුරේ අනෙක් අය රොටී කර කරගෙන විලාප දෙති.


මම අවදිවන විට හොදටම දහඩිය දමා තිබුණි. මම අවදිවීමි . ගෙදර හැමෝම මා ලගය. මා හීනෙන් කෑ ගසා ඇත. මට ලැජ්ජා ස්තුනි. ඊට වඩා ලැජ්ජා සිතුනේ හීනය කී පසුය. අපේ ආර්ය මහා සංඝරත්නය ඔහොම වැඩ කරනවාද කියා මට සරදම් කළහ.

මේ නම් කොසොල් රජු දුටු සිහිනයක් යළි දැකීමකි. මෙය සිහිනයක් වීම සතුටකි. සිවුරු කරට ගෙන කම්බි හත්පොටෙන් පනින භිෂූන් අපේ රටේ නැත. එසේම රොටී පුච්චන ධනපති භික්ෂූන්ද අපේ රටේ නැත. මෙය අවුරුදු දහස් ගනනකට පසු කලියුගයේ  සිදුවිය හැකි දෙයක් විය හැක. 

මම නැගිට වටපිට බැලීමි. වෙසගේ සිරියෙන් පුරය ආලෝකමත් වී ඇත. නිවුන ඉරියවු වලින් ආර්ය මහා සංඝරත්නය සන්සුන්ව වැඩම කරයි . 
මගේ අත් ඉහලට එසවුනේ ඉබේටමය .

සාදු සාදු සා





^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^
/////////////////////////////////////////////////////////////////////////////////////////////

බ්ලොග් හදුන්වාදීම

\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\
*******************************************


මරණ දඩුවම ගැන පෝස්ටුවක් දමා අත ගත්තා පමණි. අපරාධකාරයන් ගැන අපූරු තොරතුරක් ට්‍රාන්සිල්වේනියාවේ එයි. මෙම වෛද්‍යවරු කළ පර්යේශනයක ප්‍රතිපල මෙසේ නම් අප සිටින්නේ ගිනි කන්දක නොවේද

// වෛද්‍ය නීල් ප්‍රනාන්දු හා මෙම ලේඛකයා විසින් සිදු කරන ලද උක්ත සමීක්‍ෂයේ දී හෙළි වූ තොරතුරු අනුව යුධ හමුදා සොල්දාදුවන්ගෙන් 6.8% (6.7%?) PTSD යෙන්ද 15.6% විශාදයෙන් ද 3.5% මත් ඇබ්බැහියෙන් ද 7.8% කායරූපි ආබාධවලින් ද තවත් 9.4% ක් භින්නෝන්මාදය ඇතුළු උග්‍ර මානසික ව්‍යාධීන්ගෙන් ද පෙළෙන බව හෙළිවිය. //


මෙය ඇගහිරිවට්ටන සුළු පුවතක් නොවේද

යුද්ධය පමනක් නොවේ. බාලාපචාර ,බිදුණු පවුල් වැනි අටෝරාසියක් හේතුමත මනස අවුල් වූ විශාල ප්‍රතිශතයක් සමාජයේ සිටින බව පැහැදිලිය. මේවාට ප්‍රතිකාර කිරීම හිතන තරම් පහසු නැත. අපේ සමාජය රෝගී වූ සමාජයක් ලෙස හැදින්වුවද වරදක් නැති සේය.

මෙන්න ට්‍රාන්සිල්වේනියා ලිපිය.

මානසික වශයෙන් දැඩි පීඩනයකට ලක් විය හැකි සිදුවීමකින් පසුව නැගෙන මනෝවිද්‍යානුකූල රෝගී ලක්‍ෂණ, පෙන්නුම් කරන දූරාවලියක් ‛පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය  ( Post Traumatic Stress Disorder )යනුවෙන් හැඳින්වෙයි.(PTSD) යන කෙටි නාමයෙන් හැඳින්වෙන මෙම මානසික තත්ත්වය ව්‍යසනයකට මුහුණ දීමෙන් අනතුරුව ක්‍ෂණිකව හෝ කාලයක් ගතවීමෙන් පසුව හෝ ඇතිවිය හැකිය. කෙසේ වෙතත් එය භීතිය ගෙනෙන පීඩාකාරී හැඟීම් මුසු භයංකර අත්දැකීමකට පසුව ඇතිවන්නකි.
කොළොම්බියා විශ්වවිද්‍යාල විශ්ව කෝෂය පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය හෙවත් ඡඔීෘ නිර්වචනය කර ඇත්තේ මෙසේය. “එය අතිශය පීඩාකාරී මානසික අත්දැකීමක් මත උපදින්නකි. යුද්ධය, භීෂණය, ළමා කල අපහරණයට ලක් වීම, ලිංගික අතවරයකට බඳුන්වීම, දරුණු අනතුරකට මුහුණ දීම ආදියට පසු මේ මානසික තත්ත්වයට පත් විය හැකිය. එය ප්‍රතිඵලයක් ලෙස සංවේදිතාවයෙන් විනිර්මුක්ත අසංවේදී, පරිසරයට ප්‍රතිචාර නොදක්වන පුද්ගලයෙකු උපදියි. එම තත්ත්වය මාස කිහිපයක සිට වසර ගණනාවක් තෙක් වුවත් දීර්ඝ වීමට පුළුවන. මෙම කාලයෙන් පසු සිහිනයෙන් බියවීම, පාලනය කළ නොහැකි අතීතාවර්ජන දැකීම, කෙටිකාලීන මතකයේ දුර්වලතා, ඉන්සොමේනියාව, හදිසි ශබ්දවලට දක්වන අධිසංවේදිතාව සේම විටෙක ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරීම ද උක්ත අක්‍රමතාවයෙහි ප්‍රතිඵල වේ.



***********************************************


අහිංසක තරුණයන් දේශපාලන මතවාද වලින් පිස්සු වට්ටවා පිස්සු බල්ලන් කරන දේශපාලනය ගැන ද ලිපියක් පළවී තිබිනි.එයද මෙයට සම්බන්ධ නිසා එයද කියවීම වටී.

ග‍්‍රාම නිළධරයා එන තෙක් ඔවුහූ බෝක්කුව අසල පඳුර තුළ සැඟවී සිටියහ. ගොම්මන් කළුවර වැටී ඇති නිසා ඔවුන් පඳුර තුළ ආයුධ සන්නද්ධව සැඟවී සිටින බව කිසිවෙකුට පෙනුනේ නැත. ඇරත් බෝක්කුව අසලින් මේ වෙලාවට ගම්මුන් යන්නේ කලාතුරකිණි. නොනිළ ඇදිරි නීතිය, අවිනිශ්චිතතාව නිසා හිරු බැස ගිය පසු යමෙකු නිවසින් එළියට ගියේ ඉතා හදිසි අවශ්‍යතාවක දී පමණි. මේ නිසා සැඟවී සිටි මිනිසුන් තිදෙනා විමසිලිමත් වූයේ ආරක්ෂක අංශ කෙරෙහි පමණි.


”කෝ.... මූ තවමත් නෑනේ...” මිනිසුන් තිදෙනා අතරින් නායකයා යැයි සිතිය හැකි තැනැත්තා පැවසූවේ නොඉවසිල්ලෙනි.ඔහුගේ අතේ මෙරට නිපදවන ලද තුවක්කුවකි. ”ගල්කටස්” යනුවෙන් හඳුන්වන මෙම ආයුධය තනා ඇත්තේ අඟල් අටක් දිග යකඩ පයිප්ප බටයක් අග කෙළවර පාස්සා එයට ලී මිටක් සවි කිරීමෙනි.

”දවල් පාරට ගියපාර තවමත් ආවේ නැහැ. මට හිතෙන්නේ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රැස්වීමට තමයි ග‍්‍රාමයා ගියේ.” නායකයා දෙස බලා මෙලෙස පැවසූවේ කෙට්ටු හීන්දෑරි තරුණයෙකි. ඔහුගේ අතේ උල් පිහියකි.

”කමක් නෑ. කොහේ ගියත් බෝක්කුව උඩින් යන්න එපැයි.” නායකයා පැවසූවේ ස්ථිර හඬකිණි.

”ග‍්‍රාමසේවක මහත්තයා නම් අහිංසකයා.” මෙතෙක් නිහඩව සිටි තෙවැන්නා කීය. ඔහු ඇඳ සිටියේ කොට කලිමකි. ඔහුගේ අත කිසිදු ආයුධයක් නොවීය.

”තිලක්, මිනිහෙක් අහිංසකයෙක්ද, රකුසෙක්ද කියන එක අපට අදාල නැහැ. අපට අවශ්‍ය මිනිහාගේ දේශපාලන දර්ශනය. ඒක ප‍්‍රතිගාමි නම්, දේශ ද්‍රෝහි නම් එතනින් එහාට කථාවක් නැහැ. මෙච්චර අධ්‍යාපන පන්ති කරලත් තමුසේ තාම ගතානුගතික විදිහටනේ හිතන්නේ. මා හිතුවේ දැන් තමුසේ හොඳ දේශපාලන දර්ශනයක් මේ වෙනකොට ලබාගෙන ඇති කියලා.”


නායකයා කීවේ හිසේ පැලදි තොප්පිය වමතින් ගනිමින්ය. දකුණු අතේ වූ ආයුධය ඔහු රෙදි තොප්පියෙන් පිරිමැදීය.

නායකයාගේ වදන් නිසා තිලක් තුළ ඇතිවූයේ ලජ්ජා සහගත බවකි. ඔහුට දේශපාලනයේ ”අ” යනු ”ආ” යනු ඉගැන්වූයේ රණබාහු සහෝදරයාය. උපාධිය සමත්ව සිටියද රැකියාවක් නොමැතිව පීඩනයෙන් කාලය ගතකළ ඔහුට යම් බලාපොරොත්තුවක සේයාවක් ඇති කරන ලද්දේ රණබාහු සහෝදරයා විසිනි. මාක්ස්වාදය, විප්ලවය, පන්ති සටන ඔහු ඉගෙන ගත්තේ මනා උනන්දුවකිනි.



22 comments:

  1. Replies
    1. තමන්ගෙ නිර්මාණ ඉදිර්පත් කිරීමයි වටින්නෙ. මටත් ඒක තේරුනා. තමන්ගෙ නිර්මාණ ඉදිරිපත් කරන අතරෙ පෝස්ට් එක අන්තිමට බ්ලොග් හදුන්වාදීම කියල විශේෂාංගයක් ඉදිරිපත් කරනවා.

      Delete
    2. ඔබ ඩිලීට් කළ කෝන්ටුව සම්පූර්ණයෙන්ම ඩිලීට් කරන්නට ගොස් අන්තර්ගතය නැතිව මේ විදියට ආවා. නමුත් ඒක සම්පූර්ණයෙන්ම මැකෙනවාට වඩා හොදයි

      Delete
  2. උබ හැබෑවට (ඇහැරගෙන) ඉන්නකොට මැදින් හිතුවට නින්දගියාම කොනකට යනවා වගේ නේද ........ මං කියන්නේ ඔහොම හිනා පෙන්න

    ReplyDelete
    Replies
    1. මං හිතුවෙ හැබහින් කොණේ හීනෙන් මැදට යනව කියල හෙහෙ හෙහෙ

      Delete
  3. කැලෑ කැපීම සහ ඉඩම් කොල්ලයත් ඔය මුල් කොටසින් කියවෙන හැටි වගේම තමයි.

    ReplyDelete
  4. මේ බ්ලොගයේ තිබුණු ලිපියක් දෙකක් මේ ඊයේ පෙරේදා අයින් කළා ද?

    ReplyDelete
    Replies
    1. කිසිම ලිපියක් අයින් කරන්නෙ නෑ. හැබැයි පැය 24 ට අඩුවුනහම පෝස්ට් ඇලෙනව. මේ ටෙම්ප්ලේට් එකේ එහෙම ඇලුනම කැතයි. මම ඒක කලින් දැනගෙන හිටියත් ආසන්න වශයෙන් දවස හරියාගෙන එනකොට පෝස්ට් කළත් ලිපි දෙකක්ම එකට ඇලුනා. ඒකයි ආයෙ ඩ්‍රාෆ්ට් කළේ. මේ පෝස්ට් එක ට පැය 24 ආවම අර දෙක දානව.

      පෝස්ට් ඇලෙනව කියන්නෙ හෝම් පේජ් එකේ පෝස්ට් දෙකක් අතර හිදැස නැතිවෙන එක.

      Delete
  5. මේ වෙසක් දා අසරණ 'පූජක' පක්‍ෂයේ ඇත්තන්ට පහර දෙන්නේ ඇයි, හීනෙන් උනත්...

    ReplyDelete
    Replies
    1. මේක කියන්න හොදම දවස වෙසක් එක කියල හිතුනා. හාමුදුරුවරු මුණගැහුනම මම ඒක සාකච්ඡා කරන මාතෘකාවක්. මේක ඒ තරම්ම අවුලක්. මගෙ මතය මේ පාපිෂ්ටයන් වර්ජනය කළ යුතුයි කියලයි.මුන් නිසා නරක නාමයක් එනවා. මුන් සිවුර ගුටි නොවදින ඇදුමක් ලෙසයි හිතන්නෙ.අර වෙඩි නොවදින ඇදුම් වගෙ. මුන් ආගම් අදහන එවුන් නොවෙයි. මුන්ට සිවුර ගුටි නොවදින ඇදුමක් විතරයි.

      ආර්ය මහා සංඝරත්නයෙ උතුම් චීවරය කඩප්පුලියන්ගෙ ගුටි නොවදින ඇදුමක් වෙන්න ඕනද

      Delete
    2. "හාමුදුරුවරු"???
      ඔබ තුමා බනින තරමක් බැනල තියෙන්නේ,
      ෆාදර්ලා පාස්ටර්ලා මවුලවිලා කුරුක්කල්ලා ට නේ.

      Delete
  6. Replies
    1. ඔබ ආව එකත් ලොකු දෙයක්.ඒ ඇති
      ඔබේ මතයක් කීව නම් තමා වටින්නෙ. නැතත් කමක් නෑ ඔබේ කැමැත්තක්

      Delete
    2. වැරදීමෙන් ඔබේ කොමෙටුවේ අන්තර්ගතය මැකී ගොස් අන්තර්ගතය නැතිව මේ විදියට ආවා. ඒ මට සිදුවූ අත්වැරැද්දක්. කණගාටුයි.

      Delete
    3. අඩේ කොහොමද එහෙම වෙන්නේ , මාර සීන් එකක්නෙ

      Delete
    4. මචන් අටමෝ මේක වුනේ අත්වැරැද්දකින්. දවසක් රසිකගෙ කොමෙන්ටුවක් එයාම ඩිලීට් කරල ( වියරණ වරදක් නිසා වෙන්න ඇති ) ඊට යටින් රිප්ලයි එක යටතේ එයා කොමෙන්ට් කළා. උඩ ඩිලීට් කරපු එක සම්පූර්නයෙන්ම ඩිලීට් කරන්න ගියාම කන්ටෙන්ට් එක ඔක්කොම ඩිලීට් වුනා.

      කුරුටු මගෙ වරදක් පෙන්වා දුන්නා .වරද නිවැරදි කළාම තවදුරටත් වරද පෙන්වා දීම අවශ්‍ය නොවන නිසා ඔහු එය ඩිලීට් කළා.
      මම එය ඩිලීට් නොකර ස්පෑම් කළා.රසිකගෙ එක ඩිලීට් කරල වුන අත්දැකීම නිසා. එවිට මුළු කන්ටෙන්ට් එකම ස්පෑම් වෙලා.වැඩක් නෑනෙ. මම ආයෙ පබ්ලිෂ් කළා. ඊට පස්සෙ ආවෙ ඔය විදියට.

      මේක අපූරු දෙයක්. අහම්බෙන් කළ සොයාගැනීමක්.
      පොඩ්ඩක් මේක ගැන ස්ටඩි කරන්න ඕන.

      Delete
  7. බොහොම හොද අදහස් ටිකක්.. අද සමහර ආගමික නායකයන්ගේ වැඩ පිළිවෙල ගැන තියෙන්නේ ප්‍රශ්ණාර්ථයක් විතරයි..

    ReplyDelete
    Replies
    1. මේ ඊනියා පුද්ගලයන් ට කිසිම විරෝධයක් බෞද්ධ ගිහි සමාජයෙන් මතුවෙලා නෑ. අපි වදින්නෙ සිවුරටනෙ කියල හොරාට තක්කඩියට ස්ත්‍රී දූෂකයට ජේවීපීකාරයට දණ ගහල වදින සම්ප්‍රදාය වෙනස් වෙන්න ඕන

      Delete
  8. ඉඳලා හිටලා ඔය සදු මචංලා ශරීර සුවතා සඳහා ඔහොම නැග්ගම බැස්සම ඇති වරද මොකක්ද. ගේට්ටුවෙන් පැන්නම කොටු පනින්ඩත් පහසුයි.

    ReplyDelete
    Replies
    1. මුන්ට කාල තෙලේ. වැද වැද කන්ඩ දෙනවනෙ. වැඩකුත් නැති නිසා මෙහෙම නොකළොත් මුන්ට ලෙඩ හැදෙයි. මුන්ට ව්‍යායාම කරන්න පන්සල්වලට අනුබද්ධව මධ්‍යස්ථාන හදන්න ඕන. නැත්නම් ව්‍යායාම් උපකරණ පූජා කරන්න ඕන
      නායක හාමුදුරුවරු දේශපාලන පක්ෂ නායකයො එක්ක කතා කරල ගනගෙඩියො දේශපාලන පක්ෂවල ඔල්මාද සේනාංකය ලෙස පාවිච්චි කරන එක වළක්වන්න ඕන.

      මෙහෙම ආගමකින් ඇති වැඩේ මොකක්ද. ගමේ පන්සලේ ගනගෙඩියෙක් කැම්පස් ගිහින් මෙහෙම පිස්සු කෙළිනවනම් එක්කො ගමේ බෞද්ධයො ඌට කියන්න ඕන බොල ගනයො තොට කාල තෙලේ නම් ඇබිතතයෙකුගෙ පුකක් පලාගෙන හාන්සි පුටුවට වෙලා හිටු කියල. මෙහෙම දේවල් කළාම අවනම්බුව රටටම නේද . බුඩිස්ට් මන්ක් කියල ගූගල් සර්ච් කළාම එන්නෙම මේ වේසිගෙ පුතාල.

      මුන් මේ කන්ඩ නැතිකමට මහනකරපු බල්ලො. මුන්ට බුද්ධාගම ගැන හැගීමක් නෑ . පන්ති වෛරෙ මිස .සල්ලි හම්බකරගත්තට පස්සෙ පන්ති වෛරෙත් නෑ. ඊට පස්සෙ තමා ධනපතියොත් එක්ක රොටී පුච්චන්නෙ.

      Delete