Tuesday, May 26, 2015

ඩැමස්කස් සිට බැග්ඩෑඩ් දක්වා සවාරියක්



ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය සිරියාවේ පැල්මයිරා නගරය හා ඉරාකයේ රමාඩි නගරය අල්ලා ගත්තේය. මෙය ඔවුන් ලද විශාල ජයග්‍රහණයකි. ඊට හේතුව සිරියාවේ පැල්මයිරා යනු උපාය මාර්ගිකව ඉතාමත් වැදගත් ස්ථානයක් වීමයි. මෙම ලිපිය සකසන විට ඩමස්කස් මාර්ගයේ පිහිටා ඇති පොස්පේට් නිධිද  අයි එස් අයි එස් කල්ලිය අතට පත්වී ඇත.පැල්මයිරා ඩමස්කස් අධිවේගී මාර්ගය අල්ලා ගැනීම යනු සිරියනු යුද්ධය ජයගැනීමක් වැන්න. එක් පසෙකින් අයි එස් ලා පහර දෙන විට තව පසෙකින් අල් නුස් රා කල්ලිය රෙජීමයට පහර දෙයි.  



අසාද් රෙජීමයට තිබෙන ප්‍රධානම වාසි දෙක නම් ඉරාන සහාය සහ ගුවන් ප්‍රහාරයි. එහෙත් ගොඩබිමෙන් විදේශීය සහාය ලබා ගැනීම එන්න එන්නම දුෂ්කර වී ඇත්තේ ඉරාක බෝඩරයේ වැදගත් ස්ථාන විපක්ෂ කණ්ඩායම් අතට පත්වීම නිසාය.


සිරියාව යනු පසුගිය දශකවල මැද පෙරදිග වැදගත් භූමිකාවක් රඟපෑ රාජ්‍යයකි. ඊශ්‍රායලයට එරෙහි අරාබි ලෝකයේ පෙරමුනේ යෝධයා වූවේ සිරියාවයි.ලෙබනනයේ ආණ්ඩුව මෙහෙයවූවේ සිරියාවයි. ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය සිරියාවේ සහාය මත ක්‍රියාත්මක වන්නකි. 

සිරියාවේ අලවයිට් ගෝත්‍රිකස් අසාද් පවුල ඊශ්‍රායල් විරෝධී ආස්ථානයක පසුවිය. අලවයිට් ගෝත්‍රය සිරියාවේ සුළුතරයක් වුවත් බහුතර සුන්නින් පාලනය කරයි. මෙවැණි අසාමාන්‍ය ස්ථාන කිහිපයක්ම මැදපෙරදිග වෙයි. බහරේනයේ සුන්නි රජපවුල බහුතර ශියා ජනතාව පාලනය කරයි. ඉරාකයේ බහුතරය ශියා වුනත් සදාම් හුසේන් යටතේ සුළුතර සුන්නි පාලනයක් පැවතුනි.

 සදාම් සහ ඉරානයේ කොමෙයිනි අතර අවුරුදු හතක් පමන දිග්ගැසුන ඉරාන ඉරාක යුද්ධය සමයේ සමාජවාදී අරාබි රටවල සහාය ලැබුනේ ඉරානයටය. රාජණ්ඩු සහාය දුන්නේ ඉරාකයටය. සදාම් කුවේටය ආක්‍රමණය කිරීමත් සමගම අරාබි ලෝකයට සදාම්ට එරෙහි විය. එහි අවසාන ප්‍රතිඵලය ඉරාකයේ සදාම්ගේ පාලනය අහෝසි වීමයි.

එතැන් පටන් ඉරාකයේ පැවතියේ අවිනිශ්චිත වාතාවරණයකි. සුන්නි ප්‍රදේශවල කාර් බෝම්බ පුපුරා ගියේ මහා විනාශයන් සිදු කරමිනි. සුන්නින්ගේ සහායට විදේශික සුන්නින් ද පැමිණෛයහ. අල් සර්කාවි එවැන්නෙකි. ජෝදාන් සම්භවයක් සහිත අල් සර්කාවි ප්‍රථම වරට පුද්ගලයන් පැහැරගෙන ගොස් හිස ගසා මාර්න සැටි වීඩියෝ කර ලොව ත්‍රස්ත කළේය. සර්කාවිගේ සංවිධානය ඉස්ලාමීය රාජ්‍ය ලෙස වර්ධනය වුනේ සිරියාවේ රෙජීමය දුර්වල වූ පසුය. අරාබි වසන්තය යටතේ සිරියාවේ අසාද් පාලනයට එරෙහිව මහජන නැගිටීම් වර්ධනය වූ අතර විප්ලවයේ තිඹිරි ගෙය වුනේ හෝම්ස් නගරයයි.අසාද්ගේ ඥාති ගෝත්‍රිකයන් සිටිනුයේ ලටාකියා ප්‍රදේශයේය.හෝම්ස් නගරයේ දැන් එතරම් කලබලයක් නැතත් ඉරාක බෝඩරයේ අසාද්ගේ බලය හීනවීමත් ඓතිහාසික අලෙප්පෝ නගරයේ වැඩි කොටසක් විපක්ෂයට හිමිවීමත් දැණ් පැල්මයිරාවද අහිමිවීමත් සැළැකූ විට අසාද්ට එකම පිළිසරණ ලෙබනන දේශ සීමාව බව පෙනේ. ඇත්තෙන්ම සිරියනු හමුදාවටත් වඩා අසාද්ට හිතෛශී වී ඇත්තේ ලෙබනනයේ ශියා හිස්බුල්ලා වරුය.කලක් අසාද් ඔවුන්ගේ ගැලවුම් කරුවූවා සේ දැන් අසාද්ගේ ගැලවුම්කරු වන් වී ඇත්තේ හිස්බුල්ලාවරුය.

අයි එස් කල්ලිය ඉරාකයේ රමාඩි නගරය අල්ලා ගත්තා කියන්නේ ඔවුන් ට බැග්ඩෑඩයටත් ප්‍රවේශ වීමේ අවස්ථාව වැඩි බවය.ඩැමස්කස් හා බැග්ඩෑඩ් නගර අල්ලාගෙන මධ්‍යධරණී මුහුදේ සිට පර්සියන් බොක්ක දක්වා විශාල රාජ්‍යයක් පිහිටවීමට ඉස්ලාමීය රාජ්‍ය සමත්  වුනොත් ඊලඟට කුමක් සිදුවේද

මැදපෙරදිග දේශපාලනයේ ප්‍රධාන බල කදවුරු දෙකකි. ඊශ්‍රායලය තුර්කිය හා සවුදි අරාබිය එක් පසෙකත් ඉරානය ඉරාකය හා සිරියාව තව පසෙකත් ලෙස කදවුරු බැද ඇත. ඉරාකයේ ශියා රජයක් පත්වීමත් සමගම මැදපෙරදිග ශියාබලය වර්ධනය වුනත් සිරියාව හා ඉරාකය සුන්නි ඉස්ලාමීය රාජ්‍යට යටවීමෙන් බල තුලනය වෙනස් වේ.ඉස්ලාමීය රාජ්‍යයට එරෙහිව ලෙබනනයේ හිස්බුල්ලාවරු නැගී සිටිනු ඇත. ඉස්ලාමීය රාජ්‍යය ලෙබනනය හා ජෝර්දානයද ආක්‍රමනය කිරීමට ඉඩ ඇත. 


ඉස්ලාමීය රාජ්‍යය සම්ප්‍රදායික සුන්නි නගර ඉක්මවා කුණු ඉරාකයේ බස්‍රා ප්‍රදේශයට ආවොත් අනිවාර්යයෙන්ම ඉරානය යුද්ධයට ඍජුව මැදිහත් වනු ඇත. ඉරානය යේමනයේ ශියා කැරළිකරුවන්ට සහාය දෙන අතර ශියා කැරළිකරුවෝ සනා අගනුවර බලයද අල්ලා ගත්හ. එහි ප්‍රතිඵලය වුනේ සවුදිය යේමනයට ගුවන් ප්‍රහාර එල්ල කිරීමයි.


එහෙත් දකුණු ඉරාකයේ බස්‍රා කර්බාලා ප්‍රදේශවලට ඉස්ලාමීය රාජ්‍ය ඇතුළු වුනොත් තත්වය මීට වඩා තතවය දරුණු විය හැක. ශියාවරුන්ගේ පරම පූජනීය ප්‍රදේශ ඇත්තේ මෙහිය. ඉරානය යුද්ධයට සම්බන්ධ වුනොත් ඍජුවම සවුදි අරාබියද යුද්ධයට සම්බන්ධ වනු ඇත. එවිටම සවුදියේ රජ පවුලට එරෙහි මහජන පීඩනය එළියට පනිනු ඇත.


මැද පෙර්දිග ඇත්තේ ගිණිකන්දකි. එහි මුදුනේ සැවොම කෙළිසෙල්ලම් කරති. මැද පෙරදිග ඇතිවන යුද්ධයකට ලොව බලවත් රටවල් සම්බන්ධ වීමෙන් එය දිගට ඇදෙන යුද්ධයක් වීමේ සම්භාවිතාව වැඩිය.
                 බ්ලොග් සහජීවනය


මෑතකදී යාවත්කාලීන කළ මා බලන බ්ලොග් සමහරක්. ලැයිස්තුව ඉදිරියේදී විශාල වනු ඇත.මෙහි එක් අරමුණක් වනුයේ පෝස්ටුව කියවා අවසානයේ මෙම බ්ලො වල සංචාරය කිරීමට හැකිවීමයි. එකම වහලක් යටින් සියල්ල ගන්නවා සේය. මෙහි ඇතුලත් කරන්නේ නිතර අප්ඩේට් වන බ්ලොග් ය. එහි යම් ප්‍රමිතියක්ද ඇත.මෙය කිසිම අනුපිලිවෙලකට දමා නැත.මෙම පිළිවෙල වරින් වර වෙනස් කරමි.

දම්වරුසා,පොඩිකුමාරිහාමි හැලපයා ,රාජ්ගෙ නවාතැනමනෝගෙ ලෝකය ,මාතලන් ,කලාහිත  ,කාලය  ,අමාවකප්‍රභාෂ්වර ,sahan.හය හතර, ලංකා සිතුවිලි ,කාලය  ,  මධුමාධවී රස සරණිය ,

 ගොසිප් ලංකා  ,ගී පැදුර ,කවි ලොසින්ජර ,
පුංචි කැකුළු මල් ,අනිත් කොණ
මිනීමරු පුවත් ,රසිකොලොජි ,යුතුකම සංවාද කවය  ,විද්‍යා ගවේශන , ellamixcom,සොඳුරු සිත ,
තනි තරුව ,නිදහස් සිතිවිලි ,කුරුටු ගෑ ගී පවුර 
 ඉවාන් පවුලූෂා ,හිරු නැති හෝරාව ,
තන් ගෙඩි , සුන්දර මැලේසියා ,මහ කළු ලාංකිකයා  ,අටම්පහුර  වර්ණ ,බස්සිගෙ නවාතැන ,විභීෂණ ,
අසමි දකිමි සොයමි විචාරක  ,උන්මත්තක ,
කොළඹ ගමයා ,සිතුන නිසා  ,සජ්ජාගේ පඩංගුව ,කටු ඊ

ලංකා නිව්ස් වෙබ් , ඊ නිව්ස් ,සී නිව්ස්














37 comments:

  1. ම.ම. වගතුග කියවනවද සුජීව කොකාවල ගේ. සුජීවගේ අන්තිම ලිපියෙන් කියවුනේ ක්‍රි.ව. 270-273 කාලයේ සිරියාවේ පැල්මරීන් අධිරාජ්‍යය බිහිකල සෙනොබියා නම් රැජිනගේ කතාවයි. ඇය ඉතා වේගයෙන් අනෙක් ප්‍රදේශ ආක්‍රමණය කරමින් ඉතා සශ්‍රීක පැල්මරීන් අධිරාජ්‍යය වේගයෙන් පිහිටවූවත් වසර තුනකට වඩා එය රැක ගැනීමට අපොහොසත් වූවා. බාහිර ලෝකයේ සහය නැතුව ISIS සංවිධානය මෙහෙම විශාල ප්‍රදේශ අත් පත් කර ගනිමින් සිටියත් ඔවුන්ට රාජ්‍යයක් ලෙස අනාගතයේදී පැවැත්මක් තියෙයිද යන ගැටළුව මට ඇති වෙනවා. නමුත් මේ මැදපෙරදිග ගිනිකන්ද නම් ඔබ කියූවා සේ ඉතාමත් දරුණුයි හා ලෝක සාමයට අහිතකරයි.
    වටිනා විස්තරයක්. ස්තූතියි. විශෙෂයෙන්ම බ්ලොග් හඳුන්වා දීමට. අලුතෙන් බ්ලොග් කිහිපයක්ම මගේ ලිස්ට් එකට ඇඩ් කර ගත්තා. යථා කාලයෙදී ඒවා නෙළුම්යායටත් එක් වේවී. වඩා වැදගත් හැමෝම ලියන එකයි.

    ReplyDelete
    Replies
    1. සෙනෝබියා රැජින කළෙත් මේ වගෙම දෙයක් තමා. බටහිරින් රෝම අධිරාජ්‍ය , නැගෙනහිරින් සසනයිඩ් පර්සියන් අධිරාජ්‍ය වැඩෙමින් පැවතියා. සෙනෝබියාගේ සිද්ධිය හදිසි ටොනේඩෝවක් වගෙ දෙයක්. මේ වගෙ ටොනේඩෝ වරින් වර ඇතිවුනා. මෙතන අමුත්තක් වුනේ සෙනෝබියා කාන්තාවක් වීම නිසයි. ඇය ඇත්තටම කළේ රෝම සෙනෙවියන් පරාජය කිරීමයි. ඊජිප්තු හා සුළු ආසියානු රෝම පළාත් සුළු කලෙකට අරාජික වුනා.

      කොහොමත් සෙනෝබියා ඇත්තෙන්ම වීරවරියක්. ඇය පර්සියානු සහායත් ලබාගෙන රෝමය වැටළුවානම් අද අපට සතුටින් ඒ ගැන සිහිකරන්න තිබුනා. මන්ද මේ වනවිට රෝම අධිරාජ්ය අතිශයින් දූෂිත කෲර අපායක් වී තිබීම නිසා. රෝමයට විකල්පයක් අවශ්‍ය වුනා.

      අයි එස් රාජ්‍යය නොදියුණු විශාල ජනතාවක් , විශාල ප්‍රදේශයක් හා ඉතා නවීන ගිනි අවි සහිත රාජ්‍යයක් වේවි.නමුත් රාජ්‍යයක් ලෙස ඉස්මතුවෙනවාට වඩා මිසදිටුවන් හා අදේවවාදීන් සමග යුද්ධයට ඔවුන් කාලය මිඩංගු කරාවි.එහි ප්‍රතිඵළයක් ලෙස මැදපෙරදිග අපායක් වේවි.

      අපි අපේ බ්ලොග් අධිරාජ්‍යයත් පුළුල් කරගන්න ඕන. එක් කෙනෙක් දෙන්නෙක් ලියල වැඩක් නෑ. ඒ වගේම හැම මතයකටම ඉඩ තිබෙන නිදහස් පරිසරයක් හදන්නත් ඕන. මොන මතය වුනත් කමක් නෑ . අදහස් ගැටිල හොද ප්‍රතිඵලයක් ලැබෙනවනම් එච්චරයි.අදහස් ගැටෙන තරමට වෙනත් ගැටීම් අඩුවෙනවා. සාමකාමී සර්ව සාධාරණ සමාජයක් නිර්මාණය වීමේ බිජුවට තමයි අපි මේ වපුරන්නෙ.
      සම්ප්‍රදායික මාධ්‍යවල වගෙ ලියන අය ,පාඨකයො දෙපිරිසක් නෑ. ඔක්කොම රජවරු. අන්න ඒ නිසයි හැකිතරම් බ්ලොග්කරුවන්ට අතදීල බ්ලොග් සමාජය ශක්තිමත් කළ යුත්තෙ.

      දහසක් මල් පිපෙන්න ඕන. අපි ඒකට මල් පාත්ති හදමු.

      Delete
    2. //කොහොමත් සෙනෝබියා ඇත්තෙන්ම වීරවරියක්. ඇය පර්සියානු සහායත් ලබාගෙන රෝමය වැටළුවානම් අද අපට සතුටින් ඒ ගැන සිහිකරන්න තිබුනා.//

      එය එක hypothesis පමණයි MM. හුඟක් අයිතිහාසික දේ ගැන අපිට එහෙම හිතෙනවා. ඒත් අපි ඒ ගැන හිතන දේ මේකාලයේ ජීවත්වන අපේ context එකෙන් තමයි අපිට හිතෙන්නේ.
      හැනිබල් දිනුවනම්, ඉතාලියානු රටවල් රෝමන් පුරවැසිභාවය කලින් ලබාගත්තේනම්, අධිරාජ්‍යය යලි රෝමන් ජනරජය වූයේනම් ආදී රෝමයට අදාල හා ලෝකයට අදාල සීමාවක් නැති දේ ( මං හැමදාම හිතන්නෙ Vikings ල ක්‍රිස්තියානි ආක්‍රමණයට යට නොවුනානම් මොනවා වෙයිද කියල. මොකද Norse mythology and Valhalla/ Ragnarok concept ගැන මට තියන fascination එක නිසා. :- D D )

      ඒත් අපි ඉතිහාසයේ සියලු පැතිකඩ දන්නෙ නෑනෙ.

      නිකම් කිව්වෙ. කොමෙන්ට් එකකින් පැහැදිලිකරන්න අමාරුයි. : -D

      Delete
  2. Replies
    1. වෙන නැතිවට .......මංගලගේ මොංගල් නඩේ "නෙළුම් යාය"

      Delete
    2. May 27, 2015 at 2:49 AM @ ඇනෝ . ප්‍රොෆයිල් එකෙන් වරෙන් බං එතකොට උඹහෙට නම්බුයි නේද

      Delete
    3. ම.ම. ඔය ඇනෝට බනින්න එපා.. ඌ නෙළුම්යායට සෑහෙන්න පබ්ලිසිටියක් දෙනවා.. :)

      Delete
    4. ම.ම පොඩ්ඩක් නොවෙයි 90* නැවිලා හිටන් එහාකොට මන් කාවහරි එවන්නම් එතකොට මට නම්බු නාමයි මතන්

      Delete
  3. අයිසෙ යකා මගෙ බ්ලොගය බලන්නෙ නැතෙයි

    ReplyDelete
    Replies
    1. කවුද බන් උඹ
      මං නොබලන බ්ලොගක් තියනවද බං
      ඉස්සරහට මේ ලිස්ට් එක තව ලොකු කරල ලස්සන කරල දානවා.
      සමහරවිට එක දෙකක් මග ඇරෙන්න ඇති.

      Delete
    2. ඔන්න 'මම'ට මග ඇරුනු බ්ලොග් එකක තතුවක් දෙන්නම්, පිවිසිලා බලලා හොඳයි කියල හිතෙනව නම්, ඔය ලිස්ට් එකට එකතු කර ගන්න​.http://sansaranee.blogspot.com/

      Delete
  4. හෆෙස් අල් අසාද් වැනි ඒකාධිපතියකුව බලයෙන් පහකළ යුතුයි. නමුත් මූලධර්මවාදී කණ්ඩායම් බලවත් වුනොත් එය ලෝක සාමයට තර්ජනයක්.

    ReplyDelete
    Replies
    1. මමත් එකෙන්ම

      හෆේස් නොවේ බෂාර්. රාජාන්ඩු නොවන අරාබි රටවලින් සාර්ථකව තාත්තගෙන් පුතාට බලය මාරුවුනේ සිරියාවෙ විතරයි. ඉරාකයෙ උදෙයි ,කුශේ පුතුන්ටත් ඊජිප්තුවෙ ගමාල් ටත් ලිබියාවෙ අබු සායිෆ් ඉස්ලාම්ටත් බැරි වුනා. දැන් බෂාර්ටත් යන්න කාලෙ හරි.
      මේ වගෙ පවුල් පාලකයො නැතිවෙලා යනවට හරිම කැමති කෙනෙක් මම.

      ඒත් ඒ වෙනුවට මූලධර්මවාදීන් ආදේශ වුනොත් මැද පෙරදිග ලොකු විනාශයක් වේවි. අල් කයිඩා වගෙ නෙවි අයි එස් එක දැවැන්ත ඉස්ලාමීය අධිරාජ්‍යයක් වෙනුවෙන් සටන් කරන නිසා. ඔවුන්ට මුළු ලෝකය එක්කම ඇරියස් එකක් තියනවා.

      Delete
  5. සතියෙන් සතිය වගේ මැද පෙරදිග තත්ත්වය වෙනස් වෙනවා ඒක එක අතකින් කමක් නෑ කිව්වැකි. රට රටවල වාසි වෙනුවෙන් නේ. ඒත් යකෝ අපේ රටට වෙලා තියනදේ ! දවසින් දවස සටන් තත්ත්වය වෙනස්වෙනවා. හති අතේ බෙදිල ඉන්න බල පෙරේතයන් අරපැත්තට මේපැත්තට පිනුම් ගහන්න පටන් අරන්. ළඟ එන මැතිවරණෙ දී මිනිස්සු රවට්ට ගන්න විදිහක් ගැන ක්‍රම සහ විධි සොයමින් සටන් කරනවා.

    ReplyDelete
    Replies
    1. මැද පෙරදිග හා අප්‍රිකාවේ මිනිසුන් සහ අප අහසට පොලව වගෙයි. ඒ මිනිස්සු න්ට ප්‍රජාතන්ත්‍රවාදය හා මානව හිමිකම් ගැන වගක් නෑ. දැනුත් කබලෙන් ලිපට වැටෙයිද කියන්න බෑ. කොහොමත් ඔවුන්ට දැනට වඩා හොදක්නම් වෙයි කියල හිතන්න බෑ. ඔවුන් රජවරු දාමරිකයන් හමුදා මැරයන් හැර වෙන අය ගැන අහලා නෑ. එක මුල්ලකින් තව මුල්ලකට යනව වගෙ දැන් මුල්ලාවරුන්ගෙ ආන්ඩුවක් යටතට එන්නයි යන්නෙ.සදාම්ගෙ අසාද්ගෙ දාමරික ආඥාදායකත්වයෙන් ඔවුන් යන්නෙ මානව හිමිකම් ගැන හිතන්නවත් බැරි තක්කඩිවාදයක් වෙත.
      ඔවුන් එක්ක සසදන කොට අපට රජසැපනෙ

      Delete
  6. ආගම් පිස්සුවෙන් හා අනෙකුන්ට එරෙහි වයිරයෙන් පමණක්ම දීර්ඝකාලීන බලයක් පවත්වාගෙන යා නොහැකියි. එහෙත් කෙටිකාලීන විශාල විනාශයක් කල හැකියි

    ReplyDelete
    Replies
    1. දැන් යන විදියට මේ රැල්ල ලෝකෙ පුරාම යයි. ලිබියාව ඊජිප්තුව වගෙ රටවලත් අයි එස් ල ඉන්නවලුනෙ. වසන්ගතයක් ලෙස පැතිරුනොත් බිහිසුණු යුධ තත්වයක් ඇතිවෙයි.
      මේ සංවිධානයට තිබෙන ජනතා සහායත් අවතක්සේරු කරන්න බෑ. මේ අය නිකම් දාමරික පිරිසක් නොවෙයි. ජනතා බලය , ධන බලය , තාක්ෂණය යන හම දෙයකින්ම පොහොසත් පිරිසක්.සිරියාව ඉරාකය වගෙ රටවල හමුදාවන්ටත් වඩා ශක්තිමත්. මොවුන් පාලනය කරන රටවල ජනතාව මෙම සංවිධානයට සෙබලුන් සපයන මූලාශ්‍රය වෙයි. අධ්‍යාපනය සමාජ සුබසාධන මොනවත්ම නෑනෙ. තුවක්කුව කරට ගන්න තරම් ළමයි ලොකු වුනොත් ඇති.සමාජය දරු තවානක් ලෙස භාවිතා කරාවි. ලෝකය ඇල්ලීමේ අරමුණට ළමයි හදන එක කාන්තාවන්ට පවරාවි.
      ඇෆ්ගනිස්ථානයත් සෑහෙන කාලයක් දිව්වනෙ. ඇමරිකන් ආක්‍රමනය නැත්නම් තවම තලේබාන් පාලනය තිබෙනවා. මේ අයට තෙල් සල්ලිත් තියන නිසා අවුලක් වෙන්නෙම නෑ.
      පළමුවන ඉබ්‍රාහිම් කාල්ෆ් තුමා කාන්තාරයේ යෝධයා වේවි.( ඇමරිකන් කාරයා ඊලඟ යුද්ධයට ගොඩබසින තුරු )

      Delete
  7. යකෝ මචං....ඔය ප්‍රශ්නේ ගැන හිතද්දී හැමදාම පැනනගින ලොකු ගැටළුවක් තියන්වා.අයි.එස් කාරයෝ ඔච්චර කෲරයි, මිලෙච්ඡයි කියන එක දැන දැනම උන් කොහොමද මෙච්චර ජනතා සහයක් ලබාගන්නේ? මිනිස්සු මේ කාළකණ්නින්ට සහයෝගය දෙන්නේ මොන පදනමක ඉදගනද? මෙච්චර ලොකු සාමාජික පිරිසක් නඩත්තු කරන්න මුදල් සපයගන්නේ කොහෙන්ද? උන්ගේ පාලන ප්‍රදේශ වල තෙල් විකිණීම උනත් උන්ට කළුකඩ ටයිප් එකට කරන්න බෑනේ.එහෙම එකේ උන් කොහොමද මෙච්චර මුදලක් සපයාගන්නේ? අනික තමයි මුන්ට යටත්වෙන පිරිස...මුන් ගැන දැන දැන තමන්ගේ අතේ තියන තුවක්කුවෙන් වෙඩිතියාගන්නේ නැතුව ඇයි මේ යක්කුන්ට යටත් වෙන්නේ? මොන මගුලක් ගන්න බලාපොරොත්තුවෙන්ද?

    ප්‍රශ්ණ ප්‍රාථමික ඇති.ඒත් මේ මිනිස්සු මේ වෙන දේවල් හැම එකක්ම "දෙවියන්ගේ කැමත්ත" කියලා ආදරයෙන් බාරගන්නේ නැතුව ඇතිනේ....

    ReplyDelete
    Replies
    1. මචන් මේ ප්‍රශ්නෙ අපි බලන්න ඕන මැදපෙරදිගට සාපේක්ෂව. ඒ රටවල ප්‍රජාතන්ත්‍රවාදය මානව හිමිකම් වගෙ දේවල් ඒ තරම් ගනන් ගැනෙන්නෙ නෑ. ඒක ඒ මිනිසුන්ගෙ වරදක් නොවෙයි. හැම දෙයක්ම සංස්කෘතියට සාපේක්ෂයි.
      අයි එස් කල්ලියට බැදෙන්න ලෝකෙ හැම රටකින්ම තරුණ තරුණියන් පොර කනවා. හුගක් අයි එස් කාරයො යුරෝපා ඇමරිකා රටවලින් ආ අය.
      ආගමික රාජ්‍යයක් පිහිටුවනව කීවම වෙන මොකුත් ඕන නෑ
      ඉස්ලාම් ධර්මය තුලත් ආගමික රාජ්‍ය කියන සංකල්පය තිබෙනව. ශාරියා නීතිය ක්‍රියාත්මක කරන එක තමයි ඕනම මුස්ලිම්වරයෙකුඑග් අවශ්‍යතාවය්.
      ශාරියා නීතිය කියන්නෙ ඉතාම උසස් නීති පද්ධතියක්. එහි ඉතා දියුණු ලක්ෂන තිබෙනවා. දේපළ බෙදීම, උරුම දික්කසාද නීති හරිම ප්‍රගතිශීලීයි.සාධාරණයි.අපරාධ නීතිය තුල අත පය බෙලි කැපීම් ම්ලේච්ඡයි තමා. ඒත් නඩු විනිශ්චය ගත්තම 15 වන සියවසේ මෙහෙම දෙයක් ආපු එකත් පුදුමයි. මම කියන්නෙ 15 සියවසට සාපේක්ෂව

      ඒත් ශාරියා නීතිය දෙවියන්ගෙන් එන එකක් කියන විශ්වාසය උඩ මුස්ලිම් බහුතරයක් ඔය කල්ලියට යටි හිතෙන් කැමතියි.
      ඔවුන් අල්ලා දෙවියන්ගෙද එහෙම නැත්නම් අපේ උන්මත්තක කියන විදියට ඊශ්‍රායල්වරුන්ගෙ නියෝජිතයොද කියන එක නම් දන්නෙ නෑ.

      මද පෙරදිග මිනිස්සු නම් බහුතරයක් මේ අයට කැමතියි. ඒ අයට ඕන කෙහෙල්මල් ප්‍රජාතන්තරවාදෙ නෙමේ. ආගම කියාගෙන දෙයියනේ කියල ඉන්න

      Delete
  8. මට නම් අයි.එස් අයි.එස් ගැන කුකුසකි, අයි.එස් අයි.එස් ලාගේ ක්‍රියා කලාපයන් ඔවුන් ඉදිරිපත් වී ඇතෙයි කියන කාරනයට හාත්පසින්ම පටහැනියි. ඔවුන් මවා පාන කාරනය ඔවුන්ගෙන් කොහෙත්ම නිරූපනය වෙන්නේ නෑ. ඔවුන් නිකම්ම නිකම් අතකොලුවක් පමනක් වන අතර ඔවුන් කරන්නේ කරන්නේ කාගේ හෝ කොන්ත්‍රාත්තුවක් ඉටුකිරීමක් ලෙසයි මට හිතෙන්න්නේ. එය ​එසේ නොවේනම් එවන් අරමුනු සඳහා වසර ගනන් සටන් කරමින් ඉන්න වෙනත් සටන් කාමීන් පරයා හත්තක් පිපුනාක් මෙන් නැගී සිටීමට මොවුන්ට බැරිය​. ඉශ්‍රාලයේ නිශ්පාදිත නවීන ආයුද මොවුන් සතුව ඇති බව සනාත වී ඇති එකෙන් එය තව දුරටත් සනාත වෙයි.

    ReplyDelete
    Replies
    1. අයි එස් ල මතුවුනේ එකපාරටම. ඔය බැග්ඩෑඩි පවා ඇමරිකන් සිරකරුවෙක්. එකපාරටම මැදපෙරදිගට බහින්න අමාරු නිසා අයි එස් ල දාල අවුල් කරනවද දන්නෙ නෑ.
      අයි එස් ලගෙ ශක්තිය තමයි ධන බලය හා ඉතා දියුණු ආයුධ . බාහිර සහායක් නැතිව මෙහෙම සංවිධානයක් නඩත්තු කරන එක ලේසි නෑ. මොසුල් වගෙ නගරවලින් ඉරාක හමුදාව පලවා හැරියෙ පුදුම විදියට. නිකම් සෙල්ලම් ගෙවල් කඩල දානව වගෙ කෑම්ප් අල්ලගත්තෙ.

      Delete
  9. අයිසිස්ල කවද හරි කනව හොඳ කෑමක් කියලා හිතුවට ඒකත් වැරදියි වගේ බැලුවම.

    මේ ම.ම. - අර බ්ලොග් ලැයිස්තුවෙ රතු නිල් පාට දෙකෙන් කියවෙන්නෙ මොකක්ද?

    ReplyDelete
    Replies
    1. නඩුයි බඩුයි දෙකම හාමුදුරුවොන්ගේනේ සහෝ..........

      Delete
    2. තවම යමක් කියන්න අමාරුයි .කොහොමත් මි අය ඉරානය එක්ක දරුණු සටනක පැටලෙයි. එහිදී සවුදි අරාබිය , ඊශ්‍රායලය සහ තුර්කිය අනියමින් සහාය දෙයි.

      වෙනසක් නෑ. අලුතෙන් දාපුව නිල් පාටෙන් වැටිල. එකක් ඇර එකක් පාට දෙවර්ගයකින් දාන්නයි ඉන්නෙ

      Delete
  10. අයි.එස් අයි.එස් ලාගේ ක්‍රියා පිළිවෙත අන්තිම මිලේච්චයි තමා.කොහොමත් මීලග යුද්දේ මැදපෙරදිගින් ඇවිලීම සුළුවෙන් තකන්න බැරි වේවි.මැදපෙරදිගම එකම යුධ කලාපයක් වෙනවා කියන්නේ එක අපේ රටවල් වලටත් දරුණුවට බලපානවා කියන එකයි.

    සදාම්ගේ බාත් පක්‍ෂයේ කැඩිච්චි කට්ටියක් නේද ඔය අයිඒස් උන්දලා.

    ReplyDelete
    Replies
    1. මැද පෙරදිග ඇවිලෙන යුද්ධයක් අපේ රටවලට බලපානවා තමයි. තවම ගැටුම් නැත්තෙ රාජාන්ඩු රටවල තමයි. ඒත් අලු යට ගිණි පුපුරු වගෙ. කොයි මොහොතක හෝ ඇවිල යයි.

      නෑ නෑ බාත් පක්ෂය ඉරාකයෙ සුන්නිවරුන්ගෙ සහාය ලද එකක්. අයි එස් ලටත් සහය දෙන්නෙ සුන්නියො. සදාම්ගෙ හමුදා ලොක්කොත් අයි එස් ලට සහාය දෙනව. ඉරාකයෙ සිරියාවෙ සුන්නි ගෝත්‍ර තමයි අයි එස් ලගෙ පදනම.
      මහා සුන්නි රාජ්‍යයක් තමා මේ අයගෙ පැතුම. ඊජිප්තුවෙ නසාර්ල පවා හතලිස් ගනන්වලත් මේ සිහිනය සැබෑ කරගන්න උත්සාහ කළා. වරෙක ඊජිප්තුව හා සිරියාව ඒකාබද්ධත් වුනා.

      Delete
  11. අපේ හිතවත් පත්තර මලයාගේ ආදරණිය මාමණ්ඩිය මොක්සුව සැපතට පත්වි ඇත

    ReplyDelete
    Replies
    1. මැසේජ් එකට තෑන්ක්ස්
      පත්තර මල්ලිගෙ මාමන්ඩිට මොක් සුව ලැබේවා

      Delete
  12. // මැද පෙර්දිග ඇත්තේ ගිණිකන්දකි. එහි මුදුනේ සැවොම කෙළිසෙල්ලම් කරති// මටත් හිතෙන්නේ මේකම තමයි..

    එක තැනකින් ඔක්කොම බ්ලොග් බලන්න පුළුවන් එක ගොඩක් හොඳයි.

    ReplyDelete
    Replies
    1. මොකක් හරි අළුත් දෙයක් කරන්න තමයි නිතරම සිත නලියන්නෙ.
      සයිබරයෙ ටිකක් වෙනස් විදියෙ වැඩකට අතගහන්නත් අදහසක් තියනවා.
      ඒත් හදිසියෙම කාර්යබහුල වූ නිසා ඒ වැඩෙත් කල් දැම්මා

      Delete
  13. නොදැන සිටි බොහෝ තොරතුරු දැනගත්තා...මා බ්ලොග් අවකාශයට ආධුනික වුවත් මේ බ්ලොගය හරිම අර්ථවත් බව කිව යුතුයි. දිගටම කියවන්නම්.
    http://nokieekatha.blogspot.com/ තමයි මා මෙතැනට යොමු කළේ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. මා ටික දවසකට කාර්යබහුල වෙලා. ඉන් පසු පුරුදු විදියටම බ්ලොග් ලෝකෙ කරක් ගහනවා

      Delete
  14. මතේ, කාලයක් සද්ද නැතුව ඉන්න උනා... අලුතින් එව්ව ලියන්නේ නැතෙයි.. තාම මට මිස් වෙච්ච බ්ලොග් වටේ කරක් ගහනවා.... ගිහින් එන්නම්...

    ReplyDelete
    Replies
    1. මටත් ටික කාලයක් සද්ද නැතිව ඉන්න වෙලා බන්. ආයෙ බ්ලොග් ලෝකයෙ සැරිසරනවා .මේ පොඩි ඉන්ටවල් එකක්

      Delete
  15. කාලයක ඉඳලා මතා ආගිය අතක් නෑ, මේකෙන් පස්සේ ලිපියකුත් නෑ, මොනම බ්ලොගයකවත් ඔහුගේ කොමෙන්ට් එකක්වත් නෑ. මේක කියවලවත් කොමෙන්ට් එකක් දෙයිද බලමු. ඔහු ගැන හෝඩුවාවක් දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න​.

    ReplyDelete
    Replies
    1. මචන් මම පොඩ්ඩක් බිසි වුනා.විභාග දෙකක් ආව එක පිට. එකක් දෙමළ භාෂා වාචික පරීක්ෂණය. ඒක නම් සැප්තැම්බර් වල ඉවර වෙයි. ඊට පස්සෙ ටිකක් නිවීහැනේ හුස්ම පොදක් ගන්න පුළුවන් වේවි.

      ඒ අතරෙ තමයි අප්පච්චි ( මහින්ද මහත්තය නෙමේ ) ලෙඩ වුනේ .ඒක ලොකු අවුලක් වුනා. ඒ අතරෙ මගෙ තවත් එක්තරා පුද්ගලික වැඩකටත් මහන්සි වෙනව. මේ අවුරුද්දෙවත් ඒක ඉවරයක් කරගන්න කියල. මට නෙමේ දන්න අදුරන එවුන්ටනෙ ලොකුම අමාරුව තියෙන්නෙ. කං කරච්චලෙන් බේරෙන්නම ඒකත් කරල දානව. ඒකටත් රට පුරා ඇවිදල පෙට්‍රල් ගහලම මට එපා වෙලා. ඒ ගැණත් රසබර පෝස්ට් එකක් දානව පස්සෙ.

      හැලපෙයලගෙ ගෙදර පාටියට එන්නම කියල ඉන්නකොට අපේ මාම නැතිවුනා. හරියටම සෙනසුරාද උදේ.

      ඕව හින්ද තමා බිසි වුනේ. හැබැයි දෙමළ වාචික පරීක්ෂනයෙන් පස්සෙ ආයෙ බ්ලොග් පෝස්ට් දානවා. දෙමළ අභියෝගෙ තමා ලොකුම අවුල. මට දෙමළ ටිකක්වත් බෑ. ඉතින් පරීක්ශනයෙදි ලොකු දැනුමක් බලාපොරොත්තුවෙනව.

      මේ දවස්වල දඩින් බිඩින් ඩෝන් කියල දෙමළ කතා කරල මගෙ දිවත් උලුක්කු වෙලා. සමහර දිග වචන කියවන්නම විනාඩි පහක් විතර යනව.

      Delete