Sunday, May 3, 2015

සිරි පැරකුම් සිනමා පටයේ අවුල් සහ තවත් කතා

ඊයෙ වෙසක්දා ටී වී එකෙන් චිත්‍රපටයක් නැරඹීමට අහම්බෙන් අවස්ථාවක් උදා විය. මම සාමාන්‍යයෙන් සිනමා ශාලාවලට ගොස් චිත්‍රපට නරඹන්නේ නැත. ටීවී එක කවුරුහරි දාල තිබුනොත් මටත් කොටහක් බැලෙයි. ඒකෙත් මුල මැද අගක් නැත. බොහෝ විට චිත්‍රපට බලනවාට වඩා චිත්‍රපට අහනවාය. 

ඊයෙ එක්තරා චැනලයක සිරි පැරකුම් චිත්‍රපටය පෙන්වීය. මට එය ඇසුණි.කරුණු කිහිපයක් නිසා එය බැලීමට සිත්විය. එකක් නම් එම කතාවට පාදක වූ ජනප්‍රවාදය අපේ පළාතට කිට්ටු ප්‍රදේශයක සිදුවූ සිද්ධියක් වීමයි. රජු යුද්ධයෙන් මියගිය විට බිසෙවරු ගලෙන් පහලට පැන මළ පසු කළුන්දෑව ගමේ රෙදි නැන්දා කෙනෙක් කුඩා බිළිදු කුමාරයා රැගෙන ගමරාල කෙනෙකුට දෙයි. ගමරාල ඔහු හදාගනී. වියපත් කුමරා ගමරාලගේ දියණියන් දෙදෙනාගෙන් බාල එකී රන් එතනා සමග හාද වෙයි. ලොකු එකී කළු එතනා කුමරාට වෙනස්කම් කරයි. දිනක් කුඹුර හාමින් සිටින විට බාල එකී ගෙනා ඇඹුල කා ඇයගේ උකුලේ නිදා සිටින කුමරාට තම මහපට ඇගිල්ලේ මීයක් බැද ඇති බව සිහිනෙන් පෙනේ. එම සුබ සිහිනයෙන් අවදිවන කුමරා ඉදිරියට එන්නේ මගුලැතුය. මගුලැතු කුමරා ඉදිරියේ දනගසයි. රන් එතනා සමග රජවාසලට යන කුමරු මන්ද කළුවෙ පින් නොකළේ කියා කළු එතනාට කවියකින් සරදම් කළාලු.


පොලොන්නරු රාජධානිය බිදවැටීමෙන් පසු අපගේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ රාජධානි තුනක්ම විය. එය අපූරු සිද්ධියකි.දඹදෙනිය ,යාපහුව, කුරුණෑගල ඒ රාජධානියි. අනුරාධපුර හා පොලොන්නරු රාජධානිවලට වඩා මෙහි විශේෂත්වය නම් මේවා ආත්මාරක්ෂාව සදහා ගොඩනැගූ ඒවා වීමයි. මේ තත්වය කෝට්ටේ අගනුවර වනතුරුම පැවතිනි. මට ඇති පුදුමය නම් එක තැනක ආරක්ෂාව මදි කියා යන්නේ ඒ අසලම තැනකට වීමයි. දඹදෙනියෙන් යාපව්වට ගොස් එතනින් යන්නේ ඒ අසලම ඇති කුරුණෑගලටය.

අද කුරුණෑගල දිස්ත්‍රික්කය සශ්‍රීක කුඹුරුයායවල් වලින් සමන්විත ග්‍රාමීය ප්‍රදේශයකි. එහෙත් 13 වන සියවසේ මෙම ප්‍රදේශ රටේ මර්මස්ථාන විය. පොලොන්නරුව කාලිංග මාග විසින් විනාශ කළ පසු ප්‍රාදේශීය ප්‍රභූන් සිව් දෙනෙක් යලි සිංහල රාජවංශය ගොඩ නැගීමට උත්සාහ කළ අතර එයින් ජයගත්තේ තුන්වන විජයබාහුය. මේ තුන්වන විජයබාහු පොලොන්නරු රජවරුන්ට තිබූ නෑකම ගැන දන්න කෙනෙක් නැත. තුන්වන විජයබාහු ප්‍රාදේශීය රදලයෙක් වන්නට ඇත. එය එසේනම් සිංහල රාජවංශය අහෝසිවන්නේ කාලිංග මාඝ ආක්‍රමනයෙනි.

කෙසේ හෝ තුන්වන විජයබාහු යළි සිංහල රාජවංශය පිහිටුවීය. එහෙත් මේ කාලයේ රටේ පැවතියේ අවිනිශ්චිත වාතාවරණයකි. 


තුන්වන විජයබාහු රජුගේ පුත් දෙවන පරාක්‍රමබාහු රජු කලිකාල සාහිත්‍ය සර්වඥ පණ්ඩිත ලෙස හැදින්වේ.කව් සිළුමිණ හා විසුද්ධි මාර්ග සන්නය ලියන ලද්දේ මෙම රජතුමාය. ඔහු ඉතා ශ්‍රේෂ්ට කාරුණික රජකෙනෙකි. මේ යුගයේ වැදගත් සිද්ධියක් නම් ජාවක චන්ද්‍රභානුගේ ආක්‍රමණයයි. මේ ජාවකයා ඉන්දුනීසියාවෙන් ආවෙකි. ඉන්දුනීසියාවේ මේ කාලයේ තිබුනේ ශෛලේන්ද්‍ර අධිරාජ්‍යයයි. මැලේසියාවේ කොටසක්ද මීට අයත් විය. සියළුම ආක්‍රමනිකයන් පොදුවේ දෙමළ කියා අඥාන වංශකතා කරුවන් හැදින්වුවද රටට මහා හානියක් කළ කාලිංග මාඝ ඉන්දියාවේ ඔරිස්සා ප්‍රදේශයෙන් ආ අයෙක් ලෙස සැළකේ. එහෙත් මට සිතෙන්නේ ජාවක චන්ද්‍රභානු සේම කාලිංග මාඝද ඉන්දුනීසියාව පැත්තේ සිට ආ එකෙක් බවයි ( තාම්‍රලිංග = කාලිංග )


ජාවක චන්ද්‍රභානු පරාජය කිරීමට පරාක්‍රමබාහු රජු සමත් විය. මෙම රජු උගතෙක් කාරුණිකයෙක් සේම රණ ශූරයෙක්ද විය. රජු සමගම සටන් කළ සෙනවියා පතිරාජ සෙනෙවියාය. පතිරාජ යන වාසගම අපේ පැතිවල සුලබය.


සිරි පැරකුම් චිත්‍රපටයෙන් කියන්නේ මෙම කුමාරයා දෙවන පැරකුම්බා රජු බවයි. එය සත්‍ය නොවේ. මෙම කුමරා සැගවී සිටි කාලයේ රජකම් කළේ වත්හිමි බණ්ඩාර නම් මුස්ලිම් කුමරා බවත් ඔහුට රාජ උරුමයක් නොවූවෙන් කුමන්ත්‍රනයකින් ඔහු ගලෙන් පහලට පෙරලා මරා මගුලැතු සරසා එවූ විට මගුලැතු කුමරාට දන ගැසූ බවත් කියවේ. මේ කතාවත් වැරදිය.


වත්හිමි බණ්ඩාර නම් මුසල්මානයා පළමුවැනි භුවනෙකබාහු රජුගේ අන්තහ්පුර බිසවකගේ පුතෙකි. ඔහුගේ මව ඉරාන ජාතික කාන්තාවකි. තම පුතුට රජකම දීමට මෙම ඉරාන බිසවට අවශ්‍ය විය. එය එසේම සිදුවිය. එහෙත් රදළයන් හා භික්ෂූන් රාජ උරුමයක් නැති මොහු සිහසුනෙන් නෙරපීමට කුමන්තරනය කර පර්වතයක් උඩ පිරිත් මණ්ඩප්පයක් සාදා පිරිත් කියන අතරතුර රජුගේ මණ්ඩපය පර්වතයෙන් පහලට පෙරලා මරා දැඌහ.

සිංහල රාජ වංශයේ දේවත්වයට නංවා ඇත්තේ රජවරු දෙදෙනෙක්. එක් කෙනෙක් නම් මහසෙන්ය .අනෙක් රජු මේ වත්හිමි බණ්ඩාරය. වත්හිමි බණ්ඩාර වෙනුවෙන් තනා ඇති ගලේ බණ්ඩාර දේවාලය කුරුණෑගල පෞරාණික දේවාලයකි. එහි පාරම්පරික කපුවන්ද වෙති.මෙයින් පෙනෙන්නේ වත්හිමි ජනතාව අතර ජනප්‍රියව සිටි බවයි. ඔහුට පක්ෂ විශාල බලවේගයක් කුරුනෑගල තිබී ඇත. ඔහුගෙන් පසු රජවන iii  පරාක්‍රමබාහුට කුරුණෑගල සිට රජකම් කළ නොහැකිව එවකට වල් බිහිව තිබූ පොලොන්නරුවට යාමට සිදුවීමෙන් එය පෙනේ.

තවත් මතයක් ඇත. එනම් මෙම කුමරු පස්වනි විජායබාහු රජුගේ පුතෙක් බවයි.එය පිලිගත නොහැක්කේ එම රජු කුරුණෑගල අවසන්වරට රජකල රජුවීමත් 1326 සිට 1341 ගම්පොල රාජධානිය වනතුරු රාජවංශය ගැන කිසිම තොරතුරක් නැති නිසාත්ය. කලුන්දෑවේ කුමරු සම්බන්ධ දඹදෙනියටය. 

මෙම රජු සිරිපැරකුම් කතාවේ එන දෙවන පරාක්‍රමබාහුවත් ,කුරුණෑගල පන්ඩිත පරාක්‍රමබාහුවත් නොවන බව පැහැදිලිය. ආරාජක කාලයක් කුරුණෑගල පැවතියේ පළමුවන භුවනෙකබාහු රජුගෙන් පසුවය.එනිසා වත්හිමි කුමරු පළමුවන භුවනෙකබාහුගේම පුතෙකි.


ඒ කවරක් හෝ මෙම කළුන්දෑවේ කුමරා වේවා චිත්‍රපටයේ සදහන් සාහිත්‍ය ශූරී රජුනම් නොවේ. වත්හිමි සිද්ධිය පස්වන විජයබාහුට ගලපුවොත් කළුන්දෑවේ කුමරා නාමික ඉතා අප්‍රකට රජෙකි.


ඒ ඇති

දෙවන පරාක්‍රමාබාහු රජුගෙන් පසු ලංකාව තව දුරටත් ඒකීය රටක් ලෙස නොපැවති බවත් අගනුවර රජුට සැබෑ බලය පැවතියේ අගනුවර ට කිට්ටු ගම්මාන කිහිපයක බවත් මුහුදුබඩ ප්‍රදේශවල කිසිම අධිකාරයක් තිබී නැති බවත් පෙනේ. දෙවන පරාක්‍රමබාහු ගේ කාලයේම උතුරේ වෙනම පාලනයක් ඇතිවීම විශේෂ කරුණකි. එසේම එකල රජවාසල බලය පැවතියේද විදේශ හමුදාවලටය. වරෙක රාජ්පුත් සේනාංකය රජු කවුදැයි තීරණය කරන මට්ටමක බලයක් දැරීය. අන්ධ සේනාපති යටතේ ආන්ද්‍ර හමුදා , වංග සේනාපති යටතේ වංග හමුදා ආදියද විය.චීනය අරාබිය වැනි රටවල් සමග  විදේශ සබදතා ද තිබිණි.මේ තත්වය කෝට්ටේ යුගය දක්වාම තිබූ අතර කෝට්ටේ නගරය ඉදිකරන ලද්දේද විදේශීය වෙළද නායකයකු වූ අලකේශ්වර විසිනි. කුරුණෑගලින් පසු ගම්පොල ගා දැදිගම අගනුවරවල් දෙකක් ඇතිවූ අතර උතුරේ ආර්ය චක්‍රවර්තිගේ බලය කුරුණෑගල දක්වාම පැතිරුණි. රජවාසල සැබෑ බලවතුන් වුනේ අලගක්කෝනාර අගමැතිය. 


ඒ අනුව කුඩා කාලසීමාවක් හරුන විට පොලොන්නරු යුගයෙන් පසු රටේ ඒකීය පාලනයක් තිබී නැති අතර රජවරු යනු ගම්මුලාදෑනීන් වැනි පිරිසක් වූ බව පෙනේ.එසේම වෘත්තීය හමුදාවක්ද තිබී නැත.විදේශීය හමුදාවල සහාය අනුරාධපුර යුගයේ සිටම ලබා ගැනුනි. ආයුධ නිශ්පාදනය , වෙළදාම ,අමුද්‍රව්‍ය එකතුකිරීම , වාරිමාර්ග ඉදිකිරීම යන කටයුතු අගනුවර මැදිහත්වීඑන් කළද වෘත්තීය ස්වදේශික හමුදාවක් නොවීය. එය පුදුම තත්වයකි. රජවරුන්ගේ බලය ගැන අපූරු තොරතුරු ඇත. මහවාසල තේජෝබල වීරවිපුල රජුට පුත්තක්ලමට ආ මොරොක්කෝ දාමරික පිරිසක් පරාජය කිරීමට නොහැකි විය. මුහුදුබඩ පෙදෙස් වල විදේශීය වෙළදුන්ගේ පාතාල පාලනයක් තිබිනි.කෝට්ටේ රජුට කොළඹ ගැන තිබූ දැනුම හා පාලනය සිනහ උපදවන සුළුය.

පොලොන්නරු යුගයට පසු රජවරු උවමනාවෙන් කළ එකම දෙය බඩු ගැසීම පමණක් බව පෙනේ. අභ්‍යන්තර පාලනය අගමැති විසින් කළ අතර රටේ සැබෑ පාලකයන් වී ඇත්තේ ප්‍රාදේශීය දාමරිකයන්ය.


සිරි පැරකුම් කතාවේ එන රජවරු නොගැලපීමේ සිද්ධි සිහිකරන විට එම යුගය ගැන මෙන්න මේ විදියෙ චිත්‍රයක් මට ලැබුනි.



______________________________________________________


බ්ලොග් හදුන්වා දීම



_______________________________________________________________

රජවරු ගැන කතා කළෙමි. බ්ලොග් හදුන්වාදීම යන විශේෂාංගය යටතේ ද මුලින්ම රජෙක් ගැන බ්ලොග් අඩවියක් හදුන්වා දෙමි. දියසේන කුමරා ඔබ අසා ඇති. ඔහු අනාගතයේ පහළවන ජාතියේ ගැලවුම්කරුය.මේ දියසේන කුමරා ගැන මුලින්ම සදහන් වන්නේ පළමුවැනි පැරකුම් යුගයේ සාහිත්‍ය කෘතියකය. 1959 දී මොහු රුහුණේ උපදිනබවට කතාද තිබුනාලු. මේ දියසේන කවුදැයි දන්නවාද

ජාතියේ ගැලවුම්කාරයා වන දියසේන කුමරු බ්ලොග් එකක් කරන බව ඇසුවොත් ඔබ පුදුම වනු ඇත.

මට එම බ්ලොග් එක හමු විය. ඔහු තමන් දියසේන බව හදුන්වා දෙන්නේ මෙසේය.






" දැන් අප සොයාගත් දේ ගැන කතා කරමු. මාතර දිසාවේ, දියසේන 1959 අප්‍රේල් මස පහ දින උදේ 06.06 ට ඉපදුනා යයි මිනිසුන් සිතා, බලාපොරොත්තු කඩ කර ගත් ගමට නුදුරු ගමක උපන්නකු ලෙස, මම ද කුඩා කල සිට දියසේන ගැන අසා ඇත්තෙමි. නම දුටු විගසින් එම නමේ ස්වරූපය ඒ පැත්තට උරුම වූ රටාවක් ඇති එකක් බව තහවුරු වේ. මේ දියසේන උපදිනවා යයි කියා ඇත්තේ ද මාතර දිසාවේ ය. කලින් ලිපියක කී මහ සම්මත මනු ද උපන්නේ මාතර යයි කියවේ. මෙම ප්‍රදේශයේ වැදගත්කම වචනය තුල ඇත. මාතර යනු "මව් තැන" යන අරුත දෙන වදනකි. "රුහුණු" පළාත යනු "හිරු උන්නු" පළාත වේ. මේ වදන මිනිසා ගොරිල්ලන් ලෙස හඬ නගන යුගයේ බිහි වී ඇත. පසු කලක දෙමළ ලෙස වෙන් කලේ මේ ආකාරයට ශබ්ද නැගීම හිර වූවන් බව පෙන්විය හැක.  පැළයක් හැදී වැඩී අතු බෙදී මහ රුකක් වන්නා සේ මිනිසා තිරිසන් බව හැර අද ඉන්න තැනට ඒමට කෙතරම් බෙදී අයින් කලාදැයි යන බව විවිධ ජාතිකත්ව හෙළි කරති. දියසේන සොයා යාමේ දී මනු ද එම පෙදෙසේම උපන් බව තහවුරු වුනේ ගමේ නම නිසා ය. මිනිසුන් තැන මාරු කල ද, අවශ්‍ය දේ ද රැගෙන යන ගතිය ගැන කලින් ලිපියක සඳහන් කලෙමි. මේ අවශ්‍ය දේ යටතට අවට පරිසරයේ ඇති දේවලට කියන නම් ද රැගෙන යන බව කිව යුතුය. සිංහලයන් වචන වලට ස්ථීර අරුත් දීම ද වැදගත් විය. මෙවැනි හැසිරීමක් ඉංග්‍රීසි කොළණි තුලද දැකිය හැක. Liverpool යන නම කී තැනකට දමා ඇති දැයි බැලූ විට මා කියන දේ පැහැදිලිය.



අද දියසේන යන නම භාවිතයේ නැත්තේ නූතන වචන රටාව වෙනස් වීම නිසාය. ආදි කල, දියසේන යනු දිය දෙන කෙනා යයි අරුත් ගති. එකල දිය යයි කී දෑ සුළු දිය මගින් තහවුරු වේ. ඒ අනුව, දිය යනු අද වහරෙන් ශුක්‍ර ධාතු ලෙස ගත හැක. මෙහි දී අදහස් වනුයේ පියා (තාත්තා) යයි කීම ය. පියා යන වදන දිය යන්නෙන් බිහි වූ බව පෙනේ. කලින් ලිපියක තාත්තා යන වචනය ගැන කීවෙමි. එසේම දිය යයි වතුරට ද කියවේ. එකල වතුර ජීවිතයත්, ගින්න මරණයත් සනිටුහන් කලේ, කැළෑ ජීවිතයේ දී ජීවිතය රැකෙන්නේ වතුර ලැබුනොත් පමණි. එසේ නම් දියසේන යනු වතුර සොයාදෙන කෙනා හෙවත් ජීවිතය දෙන කෙනා යයි කිව හැක. අද ද මාතර පෙදෙසේ පියසේන (පියා+කෙනා) සිංහල ගම්වල බහුලව යොදන පිරිමි නමකි. වචන ව්‍යාප්ති විදි අනුව ආදි සිංහලයන් කී දියසේන සෙවිය යුත්තේ එම නමින් නොව එහි නූතන වදන වන පියසේන යෙදීමෙනි.


දී ඇති ඉතාමත් ම පැහැදිලි තොරතුරු මත කියපු වෙළාවට ඉපදිය හැකි ගණන ද සීමිත ය. එසේම හැකියාවන් අනුව නිකමකු ද නොවේ. අනිවාර්යයෙන් ම එම ගමේ ප්‍රසිද්ධ කෙනෙකු විය යුතුමය. එසේ නම් සෙවිය යුත්තේ සුවිශේෂ තැනක් ඇති කෙනෙකු ගැන ය. අපට කිසිදු විදියකින් 1959 අප්‍රේල් මස පහ දින උදේ 06.06 ට ඉපදුන, සැබැවින් ම සිංහල විදියට 1958 අප්‍රේල් මස පහ දින උදේ 06.06 ට ඉපදුන, ගමේ ප්‍රසිද්ධ පියසේන කෙනෙකු කිසිදු ගමකින් සොයාගත නොහැකි විය. අප ඒ ප්‍රදේශයේ ඇති ග්‍රාම නාම වල ද අරුත් බැලුවෙමු. ඊ ළඟට කලේ සිංහල වසර ක්‍රමය අනුව 1959 අප්‍රේල් මස පහ දින උදේ 06.06 ට ඉපදුන, ගමේ ප්‍රසිද්ධ පියසේන කෙනෙකු සෙව්වෙමු. මෙදින එම පෙදෙසට සූර්යයාගේ මුදුන් වීම ද, උපදින වෙළාවේ සූර්යයා උදා වීම ද සුවිශේෂ කරුණු ය. සැබැවින්ම එම නමින්, එම දින, කී වෙළාවට උපන් කෙනෙකු ඇති බව සොයා ගත්තේ අමුතුම ආකාරයකට ය. ඔහු කොතරම් ප්‍රසිද්ධ දැයි කියනවා නම්, ගම නොව මුළු ලෝකයම ගෙන බැලිය යුතු ය. ඔහු ප්‍රසිද්ධියට අකමැති, දැන් වෙනස් නමකින් ඉන්න අයකු වූව ද, ලොවම දන්නේ ඔහු දුන් සුළු දැනුමෙන් මිස මුල් නමින් නොවේ. එම සුළු දැනුමෙන් කොටසක්, ලොවේ ඉහලම තලයේ සිටින විද්වතුන් සිසුවන් කරන තරම් ප්‍රබල ය. තෝරාගත් වෘත්තියේ සුදුසුකම් ලැබීමට ද, ඔහු දුන් දැනුම ප්‍රගුණ කල යුතු ය.  "




.මෙතනින් ගොස් ඔහුගේ සියළු ලිපි කියවන්න . ඔහුගේ ලිපි කියවා අන්දකයිප්පු වී අඤ්ඤකොරොස් වීම ගැන අපගේ වගකීමක් නැත.

http://sinha-ali.blogspot.com/2013/02/blog-post_9.html


මේ දෙතිස් කතා බ්ලොග් එක. එය ඉතා වටිනා ශාස්ත්‍රීය බ්ලොග් එකකි.


1.   විමල් විරවංශලා සහ විපක්‍ෂය මොන පම්පෝරි ගැසුවත් වසං කළ නොහැකි සත්‍යය නම් 19 වන ව්‍යවස්ථා සංශෝධනය රාජපක්‍ෂලා දේශපාලන බිමෙන් ඉවත් කිරීමේ ජෝන් කෙරීලාගේ අභිප්‍රාය (නිව්යෝක් ටයිම්ස් පුවත් පතේ හොඳමිනිහා මහතාගේ මේ සම්බන්ධ ලිපිය කියවන්න) ඉෂ්ඨ කිරීම පිණිස ගෙනා යෝජනාවක් බවත්, ඒ අභිප්‍රාය ඔවුන් ඒ අයුරින්ම ඉටු කරගෙන ඇති බවත් ය.

දැන් මේ ගැන විමල් විරවංශලාට පම්පෝරි ගැසීමට දෙයක් නැත. විරවංශලා අපට නොකීවාට ඇත්ත කතාව නම් නිදහස් පක්‍ෂ නායකත්වය පවරා දුන් දා 'අප්පච්චි' සැබැවින්ම මළ බවත්, විපක්‍ෂ නායක ධුරය දරමින් ඒ පක්‍ෂයේ අයවළුන් ඇමතිකම් පිළිගත් විට මළ අප්පච්චිට පාංශුකූලය දෙනු ලැබුණු බවත්ය. 19 සම්මත කර ගැනීමට අත ඉස්සීම මගින් ඔහුගේ දරුවන් සහ හදාගත් දරුවන් විසින් කරන ලද්දේ මළ 'අප්පච්චි'ට තුංමාසේ දානේත් දී අහවර කිරීමයි. මහින්ද රාජපක්‍ෂ යනු දැන් දේශපාලන මළමිනියකි. පිළිගන්නට අකමැති මුත් අපට පෙනෙන්නට තිබෙන සත්‍යය එයයි. මෙතැනින් එහාට සෙල්ලම් දමන්නට ආවොත් මහින්ද රාජපක්‍ෂට සිදු වන්නේ බෝතලයක සිර වී මුහුදට විසි වී පාවී පාවී ඉන්නට ය.


************************************************

2  .වැඩි වියදමක් නැතිව ලේ පිරිසිදු කරගන්න අවස්ථාවක් ලැබේ නම් එය භාග්‍යයකි. අරිසෙන් අහුබුදු , සූරිය ගුණසේකර , මිරැන්ඩෝ ඔබේසේකර හා කාංචන ගීත මනමේන්ද්‍ර යන මහා විද්වත් උතුමන් අපට මහහඩින් සිනාසී ලේ පිරිසිදුකරගැනීමට උදවු කරන ශ්‍රේෂ්ඨයෝය.

මේ මනමේන්ද්‍ර ඍෂින්වහන්සේ ගේ බ්ලොගයකි. උන් වහන්සේගේ බ්ලොගයට ගොස් කියවා හොදින් සිනාසී ප්‍රීතිවන්න. පරිගණක තිරය දෙස බලා සිනාසෙන ඔබ අනුන්ට අරුමයක් විය හැකිනිසා ප්‍රවේසම්ද වන්න.


‘දෙවියන් තේරුම් ගත හැක්කේ බැතිමතාට පමණි. දෙවියන් හඳුනන්නේ බැතිමතා පමණි. අන්‍යයන්ට බැතිමතා හඳුනාගත නොහැකි ය. භක්තිය නැති අය සමඟ දෙවියන් පිළිබඳ කතා නොකරන්න. එසේ කතා කළහොත් ඔබගේ භක්තිය හීන වී යයි.’’
- සායි බාබා -

අදින් වසර දහස් ගණනකට පෙර ත්‍රෙත නම් යුගයේ දී මහා ඍෂි භරද්වාජ් නම් ඍෂිවරයාට සකල වේදයන් හි සම්පූර්ණ අවබෝධයක් ලබා ගත යුතු විය. ඒ සඳහා ඉන්ද්‍ර නම් දෙවියන් විසින් සියලූ දෙවියන් කැඳවා යාගයක් පවත්වන්න යැයි ඍසිවරයාට උපදෙස් ලබා දුන්නේ ය. මෙම යාගයට ආරාධනය කිරීම සඳහා ශිව පාර්වතී ගේ වාසභවන වූ කෛලාශ කූඨය වෙත භරද්වාජ් ඍෂි පැමිණෙයි. ඒ අවස්ථාවේ ශිව හා පාර්වතිය විශ්ව නර්තනයේ යෙදී සිටිති. ශක්ති නැතහොත් පාර්වතිය එම ඇරැුයුම් පිළිගත් බව අඟවමින් නර්තනය අතරතුර ම සිනාවකින් ඉඟි කළ ද එය තේරුම් නොගන්නා ඍෂි කනගාටුවට පත්ව දින 8ක් බලා සිට නැවැත පැමිණෙයි. වෙහෙස හේතුවෙන් අතරමඟ දී ඔහුට පක්ෂාගාත රෝගය වැළඳෙයි.



41 comments:

  1. යකෝ උබ රජ කතාත් දන්නවනේ බලන් ගියාම

    ReplyDelete
    Replies
    1. මේක යකාගෙ බ්ලොග් එකක් බන් .නැති මගුලක් නෑ. හෙහෙ හෙහෙ

      Delete
  2. ම.ම

    අපේ ඉතිහාසයේ ඉදලා තියෙන්නෙත් දැන් වගේ ම ජාතියක් තමා... අැතෙක් නොහොත් තිරිසනෙක් යවලා ඒකා දණගහණ කෙනා රජ කරවා ගත්තාලු... යකෝ බැරිවෙලාවත් අලි මන්තරයක් කියපු ඒකෙක් ගාව දණ ගැහුවානම් අලි බාස් රජ වෙනවා..... අම්මපා දැනුයි ඒ කාලෙයි අතර වෙනසක් නැහැ........ දැනුත් ඉතින් අලියා දණ ගැහුව කෙනා රජ වුණානේ........... හැක්

    ReplyDelete
    Replies
    1. ඉතින් අලියා දණ ගැහුව කෙනා රජ වුණානේ.....

      :D :D

      Delete
    2. දැන් වෙලා තියෙන්නෙත් ඒ කිට්ටුවෙන් යන දෙයක් නොවෙද කුරුටු

      බොරු මන්තර කාරයෙක් ගාවට අලියව පාත්කලා මී හරක් ටිකක් එකතුවෙලා
      බොරු මන්තර කාරයා බණ්ඩා කොළඹ ආව වගේ හතර අතේ පුදුම වෙලා බලාන ඉන්නකොට, අර මී හරක් රෑන හතර අතේ ගොම දදා පොල් පැළ කනවා

      Delete
    3. ඔතන ඔය අලිය දණ ගැහිල්ල යම් ගුප්ත හැඟීමක් ජනනය කරන්න කරපු දෙයක් වෙන්න ඇති. කලින් සැළසුම් කරල කන්ඩායමක් ඇතා සරසල යම් පුද්ගලයෙක් ලගට එක්ක යනව ඇති. ඒ පුද්ගලය ගැන දන්නෙ ඒ කණ්ඩායම විතරයි. ඔහුගෙ ආරක්ෂාවට ඔහු ගැන තොරතුරු වසන් කරනවා. ඔහුව කරළියට ගේන්නෙ මේ අලි කොටි නාඩගමෙන් තමයි.

      .රජකමට උරුමයක් තියන කුමාරයෙක් රහසිගතව ඇති දැඩි කරනව. ඒ වනතුරු රහසිගතව ඇති දැඩි කරපු කුමාරය ලගට ඇතා එක්කගෙන යනව ඇති යම් නිළ පිළිගැනීමක් දෙන්න

      Delete
  3. අදනම් තමන්ගේ දෙයක් ලියලා තමා පරහිතකාමී වැඩ අරඹලා තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. කලින් පෝස්ටුවත් එහෙමයි. නිර්මාණයක් එක්කයි අනෙක් බ්ලොග් හදුන්වාදෙන්නෙ. හදුන්වාදෙන්නෙත් වහන් වෙලා තියන ශාස්ත්‍රීය බ්ලොග් විතරයි. ඒකත් මේ ඇතා දණගහනව වගෙ වැඩක්.
      යකා දණගැහුවට පස්සෙ සමහර බ්ලොග් ගැන වැඩි දෙනෙක් දැනගත්ත. ඒවට හිට්ස් වැඩිවුනා. මටත් සතුටුයි.

      Delete
  4. ඉතිහාසෙන් පටන් අරන් කොහෙන් ඉවර උනාද මන්දා..... බොහොම වැදගත්...... කරුණු ටික නම්..... ශ්‍රී පැරකුම් නිර්මාණයක් විදියට මාත් රස වින්දා..... ඉතිහාසය එක්ක , ඒ දේවල් මං සැම කරන්න ගියේ නෑ.

    ReplyDelete
    Replies
    1. මේක ඓතිහාසික කතාවක්නෙ. මේ විදියට නිර්මාණකරු හිතෙන හිතෙන විදියට සිදුවීම් ගලපන්න ගියාම ඉතිහාසය විකෘති වෙනව.
      ඉතිහාසයත් එක්ක නිර්මාණය රසවිදිනවනම් අපූරුයි

      Delete
  5. අනේ මන්දා ඔය සෝමේ මාමගෙයි රේණුකා නැන්දගෙයි බහුරූ කෝළම මම නම් බැලුවේ නෑ ඇත්තටම.ඕකේ නේද අර ලංසි කොල්ලෙක් දත් අස්සෙන් හුළං යන සිංහල කතා කරන්නේ..හැක් හැක්..

    මධ්‍යස්ථගේ ඉතිහාස දැනුම නියමයිනේ..! මම හිතන්නේ නෑ හැබැයි සෝමේලා නම් ඔච්චරටම හොයලා බලලා කෙරුව චිත්‍රපටියක් ඕක කියලා..දුවනවා නම් ඉබ්බොත් මොකෑ කිව්වලු!

    ReplyDelete
    Replies
    1. මටත් මේක බැලුනෙ අහම්බෙන්. අදත් අබාද පබාද මොකක්ද එකක් ගියාලු. ඒක දැක්කනම් ඒකටත් පෝස්ට් එකක් දාන්න වෙයි.
      ලංසි කොල්ල ඉන්න කොටස නම් මම දැක්කෙ නෑ. ඔය කාලෙ මුහුදුබඩ ලන්දේසීන් හිටිය කියලත් කෑල්ලක් තිබුනද දන්නෙ නෑ.

      ඇත්තටම මේ නිර්මානවලින් ලොකු හානියක් නෑ මොකද මේව නිර්මාණය කරන අයත් බලන අයත් දෙගොල්ලම සිහිබුද්ධියෙන් නොවෙයිනෙ බලන්නෙ. නමුත් ඉතිහාසගත කරුණු දැනගෙන මේක බැලුවොත් අන්න එතකොට නම් හානියක් වෙනව.

      සිනමා විචාර ලියන අය දැන් නැද්ද මන්ද

      බ්ලොග් එක තිබ්බෙ නැත්නම් මට වුනත් මේව කියාගන්න ක්‍රමයක් නෑ. මේක ලියාගෙන පත්තර කන්තෝරු ගානෙ රස්තියාදු වෙන්නයැ .

      බොරුව තමා රජකරන්නෙ. දන්න අය කරබාගෙන ඉන්නවා.

      Delete
    2. "Historical-Fiction" with huge emphasis on fiction and considerable ignorance of history.

      Delete
  6. කුරුණෑගල පැත්තේ මිනිසුන් කොටසක් එහි සංක්‍රමණය කර ඇත්තේ ඉන්දියාවේ බටහිර දිසාවෙන් නොවේද? මං හිතන්නේ ගුජරාටියෙන්, මැරූටියෙන්.

    ReplyDelete
    Replies
    1. අහෝ ඛේදයකි. මට පැහැදිලි නැත.

      Delete
  7. මළ කෙලියයි, මේ දියසේන අපේ හිතවතෙක් නොවැ!

    ReplyDelete
    Replies
    1. ජාතියේ මහා ගැලවුම්කාරයා ඔබේ ෆේස්බුක් ගිණුමේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ ඉන්නවාද ප්‍රීතියි ප්‍රීතියි.

      එසේත් නැතිනම් ඔහුත් ඕස්ට්‍රේලියාවේ සිටින්නෙක්ද ප්‍රීතියි ප්‍රීතියි

      Delete
    2. දියසේන කුමරු උපදින්නේ ‍යැයි කී වේලාව සකසා නිවැරදි ව ගනනය කළ විට 1959 නොව 1960 ලු. දියසේන නොව පියසේනලු. ඉදින් පියසේන අබේවික්‍රම යන නාමධාරී මෙතුමා සියලු උගතුන් සිය දැනුමෙන් විලියට පත්කරන්නාහ.
      පැනමා ඇලේ තෙල් කාන්දුව නිසා ලොවම අසරණ වූ විට මෙතුමා සිය ඥානයෙන් ඇබින්දක් දී එම ප්‍රශ්නය විසදා පීය. එම දැනුමද එතුමාට තරම් නොවන බව වෙනත් පෝස්ටුවක දක්වා තිබිණි.

      ඇතා දණ නමා රජෙක් ලබා දුන් සේ යකා දණ නමා මහා ගැලවුම්කාර අධිරාජයා මෙසේ එළිදරවු කළ වගයි.
      යකා කාට දණ නමයිදෝයි විචිකිච්ඡාවෙන් හුන් ජනී ජනයිනි සැක හැර බලවු. යකා දන නැමුවේ ඇනෝනිමස් ඩොට් ඕර්ග් හා නීල් රණා යන නම්වලින් කොමෙන්ට් කරන්නා වූ දියසේන නම්වූ පියසේනයන්ටය.

      ද‍න්න වංහුං අප නීල් රණා රාජ ධූරයේ//
      රාජ ධූර රාජ ධූර රාජ ධූරයේ//
      ද‍න්න වංහුං අප නීල් රණා රාජ ධූරයේ//

      රකී බුද්ධ ධර්ම සීලේ පූර්වේ රජුන් ලෙසේ//
      අධර්මිෂ්ඨ නීච ක්‍රියා යයි මැකී ලකේ//
      යයි මැකී යයි මැකී යයි මැකී ලකේ
      ද‍න්න වංහුං අප නීල් රණා රාජ ධූරයේ//

      දනී සිංහලුන්ගෙ ශාස්ත්‍ර ආගම් මනා ලෙසේ//
      ඉතින් ප්‍රීති වෙන්න යමවු ඒ තුමා වෙතේ//
      ඒ තුමා ඒ තුමා ඒ තුමා වෙතේ//

      ද‍න්න වංහුං අප නීල් රණා රාජ ධූරයේ//
      රාජ ධූර රාජ ධූර රාජ ධූරයේ//
      ද‍න්න වංහුං අප නීල් රණා රාජ ධූරයේ//

      ඉතින් ප්‍රීතියෙන්ම යමවු ඒ තුමා වෙතේ.

      Delete
    3. ඇත්තටම ඇත්ත කතාවක්ද ? යාපනේ මහා රජ්ජුරුවොත් මේ අම්ස්ටර්දම් පැත්තේ ඉන්නේ.

      Delete
    4. වර්ගපූර්නිකාවෙ දි මට ඔහු හමුවී තිබෙනවා ඇනෝනිමස් වන් ඔරිග් ( ඔරිජිනල් ) ලෙස. බුකියෙත් ඉන්නවා නීල් රණා නමින්.
      නමුත් මෙම බ්ලොග් එක නම් දැක නැහැ. දෙතිස් කතාවල ඔහු සම්බන්ධ වූ සංවාදයක මෙම ලින්ක් එක තිබී ඒ ඔස්සේ ගියා.

      ඔහුගෙ ලිපි අදහස් හරිම සංකීර්ණයි . තේරුම් ගන්න අමාරුයි. හැබැයි ඔහු ශාස්ත්‍රීය පදනමින් යමක් ලොවට කියන්න හදනවා අරිසෙන් අහුබුදු වගේ.

      මෙහි විශේෂත්වය තමා ඔහු විසින් එනවයැයි කියා අනාවැකි කියන ගැලවුම්කරු ඔහුම වීම.

      Delete
    5. ඔහු පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ උගත් මැවිසුරුවෙක්

      Delete
  8. මේ වගේ සවිස්තර කරුණු දැක්වීමකින් පමණයි හොඳ සංවාදයකට මුල පිරෙන්නේ. ඒ ගැන ඔබට ස්තුතිවන්ත වෙනවා.

    අපේ චිත්‍රපටි කලාව සහ කර්මාන්තය දෙකම ස්වාධීන තත්වයට පත්වුනොත් හොඳ නිර්මාණ බිහිවෙයි. දේශපාලන ඇම්බැට්ටයන් චිත්‍රපටි හැදුවොත් ඒවා විකට චිත්‍රපටි බවට පත්වෙයි.

    ReplyDelete
    Replies

    1. හොද නිර්මාන කරන්න ඕන උන්ට සල්ලි නෑ බලය නෑ. මුන් වැඩට බැහැල තියෙන්නෙ කිසිම දෙයක් නොදැනනෙ. මේක ඇම්බැට්ට කලාවක්. එහෙමයි හදුන්වන්න ඕන. වැඩ බැරි ටාසන්ල

      අපි බ්ලොග්වල සිනමා විචාර ග්‍රන්ථ විචාර හැම දෙයක්ම කරන්න ඕන. මම අධ්‍යාපනික සහ ශාස්ත්‍රීය බ්ලොග් හදුන්වාදෙන්නෙත් බ්ලොග් යනු ඕපදූප කතා කරන තැනක් නොව බුද්ධිකලම්බනය කරන තැනක් විය යුතු නිසා.
      අපි ප්‍රශ්න ඇසිය යුතුයි ප්‍රශ්න කළ යුතුයි. සාකච්ඡා කළ යුතුයි.වාද විවාද කළ යුතුයි. මත ඛන්ඩනය කළ යුතුයි.මත උද්දීපනය කළ යුතුයි.

      කොටින්ම බ්ලොග්කාරයා සමාජයේ පෙරගමන්කරුවා විය යුතුයි.

      Delete
  9. වත්හිමි බන්ඩාරගේ අම්ම ඉරාන කාන්තාවක් කියන්න මොනවහරි සාක්කි තියෙනවද?

    ReplyDelete
    Replies
    1. සාක්ෂි කියන්නෙ ජනප්‍රවාද තමා. ලිඛිත සාක්ෂි නම් නැතිව ඇති. කළුන්දෑවෙ කතාවත් ජනප්‍රවාදයක් තමා.නමුත් එකළ කුරුනෑගල සිටි මුස්ලිම් ප්‍රජාව තුල නායකත්වයක් දැරූ පර්සියානු සම්භවයක් සහිත කාන්තාවක් විය හැකියි. නායක්කර් වරුන් ගෙ භාර්යාවන් එක්ක ඔවුන්ගෙ ඥාතීන් බලවත් වූ ලෙස මැයගේ ඥාතීනුත් බලවත් වෙන්න ඇති.

      Delete
  10. රජ කාලෙන් පටන් අරං ඉවර කොරපු තැන..
    ඊස් ඇට් : අලුත් බ්ලොග් කියවමින්

    ReplyDelete
    Replies
    1. අළුත් බ්ලොග් හදුන්වාදෙන්නෙත් පෝස්ට් එකට අදාලව තමා. අළුත් බ්ලොග් කියවන්න. සමහර ඒව අපට අළුත් වුනාට පට්ට පරන ඒවා.

      Delete
  11. Replies
    1. ලින්ක් එක වැඩ කරන්නෙ නෑනෙ

      Delete
  12. 1. ඔය චිත්තරපටිය හෙවත් බයිස්කෝප් එක අපත් බලා නැත ඒත්,
    ඕක හැදූ පුත්තරයා ඕක ගැන කොහේ හරි කියල තිබුණේ මේක එයාගෙම කතාවක් මිස ඉතිහාස කතාවක් නොවන බවයි.

    2. අලියා දන ගැහූ පුද්ගලයා රජ වන කතාව තැන් කිහිපයක එයි. කොත්මලේ සැඟවී සිටි ගැමුණු කුමරු වෙත කඩොල් ඇතා දන නැමූ බව පුංචි සංදියේ අසා ඇත.
    එහෙත් ගැටළුව වන්නේ කොත්මලේ සිටි ගැමුණුට පියාගේ මරණය කල් පසු වී ආරංචි වී ගමට එන විට තිස්සයා ඇතා සහ මවද රැගෙන දිගාමඩුල්ලට පල්ලම් බැස සිටී බව තව තැනක (සමහර විට මහාවංශයේ) ඇති නිසාය. එය සත්‍ය නම් ගැමුණු කුමරුට දන නැමුවේ කඩොල් ඇතා නොව වෙන ඇතෙක් විය හැක.

    3. අලියා දන නැමූ පුද්ගලයා රජ කරවීම විහිළුවක් නොවේ. අලියාට හොඳ මතකයක් සහ හඳුනා ගැනීමේ හැකියාවක් (පෙනීම දුර්වල සතෙක් වුවත් අනෙක් සංවේදන ඉතා තියුණුය) තිබේ. මංගල හස්තියා දන නමනු ඇත්තේ කලින් පුහුණු කර ඇති පරිදි රජ පවුලේ කෙනෙකුට පමණි. සුනඛයන් සිය ස්වාමියාට දන නමනු අප දැක තිබේ. ඒ අනුව ඇතාගේ කතාව සත්‍යයක් බව සිතමි.

    4. දැන් ඉන්න 'වැඩ බැරි' මහරජාත් රජ උනේ අලියා දන ගහපු නිසා තමා. අලියට තනියෙන් රජ වෙන්නත් බෑ, අලියා දන ගැහුවේ නැත්නම් සිරාට රජ වෙන්නත් බෑ. දැන් පුළුවන්නම් ඉස්සර බැරි මොකෝ ? හඃ !

    ReplyDelete
    Replies
    1. පැහැදිලිවම හාමුදුරුවො ඉස්සරහ අළුත් රජු කියනව දැනටමත් කව් සිළුමින ලියල ඉවරයි කියල. විදේශිකයන් එක්ක යුද්ධ කලේ දෙවැනි පරාක්‍රමබාහුනෙ. මේක දෙවැනි පරාක්‍රමබාහු ඉලක්ක කරල තමයි හදල තියෙන්නෙ.
      නමුත්ය් කළුන්දෑවෙ කුමාරය යුද්දෙකින් පවුලම සමූලඝාතනය ( හෝ ආත්මඝාතනය ) වුන පවුලක ඉතිරිවූ අන්තිම පුරුක. එහෙමනම් කොහොමවත් දෙවැනි පරාක්‍රමබාහු වෙන්න බෑ.
      වත්හිමි කුමාරය පළමුවැනි භුවනෙකබාහුගෙ අන්තහ්පුර පුතෙක් නම් මේක සිද්ධ වෙන්නෙ දඹදෙනි යුගයෙ නෙමේ කුරුණෑගල යුගයෙ. ඔහුගෙන් පසු තුන් අවුරුදු අරාජක කාලයක් තිබුන නිසා ඇත්ත වෙන්නත් පුළුවන්.
      නමුත් කලුන්දෑවෙ කුමාරයයි වත්හිමි කුමාරයගෙයි සිද්ධි ගලපන්න බෑ කොහොමවත්ම.

      Delete
  13. සිනමා නිර්මාණයක් විදියටනම් සිරි පැරකුම් හොඳයි.. ඒත් ඔය කතාවේ අවස්ථා සම්භන්දය නම් මටත් කොයිල්. විශේෂයෙන්ම වත්හිමි කුමාරයාගේ සීන් එක. අනික 'මන්ද කලූ පින් නොකලේ' සීන් එක. ඉස්සර සිංහල පොතක ඔය නමින් කවි පන්තියක් හරි කතාවක් හරි තිබ්බා මතකයි. එ කාලේ මං හිතාගෙන හිටියේ ඒක තිබුණේ දුටු ගැමුණු කුමාරයා කොත්මලේ හැංගිලා ගොවිතැන් කරපු කාලේ කතාවක් විදියට. මමා මොකද ඒ ගැන හිතන්නේ?

    ReplyDelete
    Replies
    1. පැහැදිලිවම හාමුදුරුවො ඉස්සරහ අළුත් රජු කියනව දැනටමත් කව් සිළුමින ලියල ඉවරයි කියල. විදේශිකයන් එක්ක යුද්ධ කලේ දෙවැනි පරාක්‍රමබාහුනෙ. මේක දෙවැනි පරාක්‍රමබාහු ඉලක්ක කරල තමයි හදල තියෙන්නෙ.
      නමුත්ය් කළුන්දෑවෙ කුමාරය යුද්දෙකින් පවුලම සමූලඝාතනය ( හෝ ආත්මඝාතනය ) වුන පවුලක ඉතිරිවූ අන්තිම පුරුක. එහෙමනම් කොහොමවත් දෙවැනි පරාක්‍රමබාහු වෙන්න බෑ.
      වත්හිමි කුමාරය පළමුවැනි භුවනෙකබාහුගෙ අන්තහ්පුර පුතෙක් නම් මේක සිද්ධ වෙන්නෙ දඹදෙනි යුගයෙ නෙමේ කුරුණෑගල යුගයෙ. ඔහුගෙන් පසු තුන් අවුරුදු අරාජක කාලයක් තිබුන නිසා ඇත්ත වෙන්නත් පුළුවන්.
      නමුත් කලුන්දෑවෙ කුමාරයයි වත්හිමි කුමාරයගෙයි සිද්ධි ගලපන්න බෑ කොහොමවත්ම.

      මන්ද කළුවෙ පින් නොකළේ කතාවනම් කළුන්දෑවෙ කුමාරයගෙම එකක්. ඒ පළාත්වල මේ ජනප්‍රවාදය තදින්ම තියනවා. රෙදි නැන්ද හිටපු ගම සහ ඒ සිද්ධියට අදාල බොහෝ දේ තවම තියනවලු.

      ගැමුණු කුමරු කොත්මලේ රන්මැනිකා නම් කාන්තාවක් හා විවාහ වූ පුවතක් ඇතත් ඒ තරම් ඈත කාලයක කාන්තාවන්ට ඔය වගෙ නම් භාවිතා වූ බව සිතන්න බෑ නේද

      Delete
    2. මට මතක විදියට අළුත් රජු හාමුදුරුවන්ට කියන්නේ කුසදාවත ලිවීම ආරම්භ කලා කියලයි.

      Delete
    3. කවු සිළුමින සහ කුසදාවත කියන්නෙ එකක් නේද
      කලිකාල සාහිත්‍ය සර්වඥ පණ්ඩිත දෙවන පරාක්‍රමබාහු රජු විසින් රචිත නිර්මාණයක්.

      Delete
    4. කවු සිළුමින සහ කුසදාවත කියන්නෙ එකක් +++++++++++ (y)

      Delete
  14. ම,ම ඇතුගල්පුර එහෙනම්.

    // එක තැනක ආරක්ෂාව මදි කියා යන්නේ ඒ අසලම තැනකට වීමයි. දඹදෙනියෙන් යාපව්වට ගොස් එතනින් යන්නේ ඒ අසලම ඇති කුරුණෑගලටය.//
    අද නම් ඔය නගර ආසන්න වුනත් ඒ යුගයේ ගමනා ගමන දුෂ්කරතා එක්ක ඔය පළාත් ඒ තරම් සමීපව නොතිබුනා වෙන්නත් පුළුවන්.

    වත්හිමි බණ්ඩාරට රදළයන් හා භික්ෂූන් විරුද්ධ වුවත් ඔහුගේ මරණයෙන් පසු වත්හිමි බණ්ඩාර දේවත්වයට නංවන්නේ සාමාන්‍ය ජනයා අතරේ ඔහුට ප්‍රසාදයක් තිබු බවනේ.වත්හිමි බණ්ඩාර කුමන්ත්‍රණයකින් එසේ මරා දැමීමෙන් අනතුරුව බලයට පැමිණි රජු කෙරේ සාමන්‍ය ජනයාගේ ප්‍රතිචාරය කෙබදු වෙන්න ඇතිද?

    මට නම් අර අබාට වඩා සිරි පැරකුම් හොඳයි.

    ReplyDelete
    Replies
    1. ඇතුගල්පුර නෙමේ .සිතියමේ ඊට ටිකක් පහලින්.

      දෙදහස් පන්සියයක් පැරණි සිංහල රාජවංශයේ දේවත්වයට නංවා ඇත්තෙ රජවරු දෙන්නයි. එක්කෙනෙක් මින්නේරි දෙවියො කියා හදුන්වන මහසෙන් රජු.
      අනෙක් එක්කෙනා තමයි වත්හිමි බණ්ඩාර.
      වත්හිමිගෙ මරණින් පසු අළුත් රජුට ( ඔහු තුන් වැනි පරාක්‍රමබාහු ලෙස උපකල්පනය කළොත් ) කුරුණෑගල ඉන්න බැරිවුනා. වත්හිමිගෙ පාක්ෂිකයන් අගනුවර ඉතා බලවත් වෙන්න ඇති. තුන්වැනි පරාක්‍රමබාහු එවකට වල් බිහිව තිබූ පොලොන්නරුවෙ සිට රට පාලනය කළා.
      මේ කියන කාලෙ රටේ නිශ්චිත පාලකයෙක් ඉදල නැති බවයි පේන්නෙ. ප්‍රාදේශීය පාලකයන් බලවත් වුනා.

      ඇත්තටම කුරුණෑගල සහ යාපහුවේ රජවරු රජවරුන්ට වඩා ගම්මුලාදෑනියන් ලෙස හැදින්වීම යුක්ති යුක්තයි.

      Delete
    2. පොලොන්නරු රාජධානිය බිදවැටුන පසු හයවන පරාක්‍රමබාහු රට එක්සේසත් කරන තුරු රටේ ඒකීය පාලනයක් තබා කිසිම පාලනයක් තිබී නැහැ. සියළුම තොටුපොලවල් පාලනය කර ඇත්තේ විදේශිකයන්.

      කෝට්ටේ රජු සිටින විට කොළඹ පාලනය කළේ ඉතියෝපියානු කුලී හමුදාවක් තබාගෙන සිටි මුස්ලිමයෙක්. බලන්න කොළඹයි කෝට්ටෙයි අතර දුර කොපමනද කියා

      පුත්තලමට ආ මොරොක්කෝ වෙළද දාමරිකයන් පරාජය කළ නොහැකිව රජු ප්‍රාදේශීය පාලකයෙකුගෙන් ඉල්ලීම් කර තිබෙනවා.
      මේ කාලයේ රට පාලනය කළේ පවුල් දෙකක්. ඒ සේනාලංකාධිකාර හා අලගක්කෝනාර පවුල් දෙක. මෙයින් අලගක්කෝනාර පවුල දකුණු ඉන්දියානු සම්භවයක් ඇතිවයි.
      රජවරු නාමිකව තබාගෙන අලගක්කෝනාරලා ගෙන ගිය පාලනය නරකම නැහැ. උතුරේ ආර්ය චක්‍රවර්තිගේ බලය බිද මුහුදුබඩ තොටුපොලවල බලය ලබාගෙන කෝට්ටේ නමින් අගනුවරක් හැදුවේ මේ පවුලේ කෙනෙක්. මට මතක හැටියට වීරාලකේශ්වර.

      කුරුණෑගල ,යාපහුව , පමනක් නොවේ දැදිගම , ගම්පොල ඇතුළු බොහෝ ප්‍රදේශවල ස්වාධීන රාජ්‍ය පැවතියා. අඛන්ඩ සිංහල රාජවංශයක් තිබී නැහැ.

      නූතන ලංකා සමාජයේ ස්වරූපය සකස් වුනේ මෙන්න මේ කාලයේදී. දකුණු ඉන්දීය බමුනන් හා කුමාරවරු සමග රදළ සමාජය ,සාහිත්‍ය ආදී හැම දෙයක්ම මූල බීජ වැටුනෙ මෙන්න මේ කාලෙ. එකම අඩුවයි තිබුනෙ ඒ යුරෝපීය ආභාශය. ඒ අඩුවත් පුරවමින් දශක කීපයකින් පෘතුගීසීන් පැමිණියා. එවිට ජාත්‍යාන්තරීකරණය සම්පූර්න වුනා. එහෙත් අවිනිශ්චිතබව අඩුවුනේ නෑ. එය අවසන් වුනේ 1948 දී.


      මට අවශ්‍ය වුනේ ශ්‍රි පැරකුම් කතාව ගැන කියන්න. ඒකත් අහම්බයක්. ඒත් ඒ තුලින් පොලොන්නරු යුගය අවසන් වූ පසු 1948 තෙක්ම පැවති ( අවුරුදු 800 ක් පමණ ) අරාජිකත්වය ගැන කතා කරන්න අවස්ථාවක් ලැබුනා.

      Delete
  15. මධ්‍යස්ත මතධාරියා,
    කථා 32 හරහා ඇවිත් ඔබගේ බ්ලොගය කියැවීමට ලැබීම ගැන මේ බ්ලොග් කරුවන්ගේ ලෝකයට ආධුනික මම සතුට පල කරමි.
    සිරි පැරකුම් ගැන කථාව නම හරිම අපූරුයි. සිංහල සිනමාව කරන මේ ඉතිහාස චිත්‍රපටි එක්ක මේ වගේ සංවාද ඇතිවිය යුතුමයි. නැතිනම් මිනිසුන් අපේ ඉතිහාසය කියා සම්පූර්ණයෙන්ම වැරදි තොරතුරු දරා ගන්නට පෙළැඹෙනවා.
    ඔබ මේ තුලින් ඉදිරිපත් කරන කරුනු ඉතාම වැදගත්.

    අනික ඔබ මේ සමගම කථා කරන පියසේන අබේ වික්‍රම නමින් පෙනී සිටින ඇනෝනිමස් 1 ඔරිග් කලක සිට අප හා සී නිව්ස් තුලින් පවා සංවාදයේ යෙදෙන්නෙක්. අනේ මන්ද ඔහු පසුව පෙනී සිටියේ ප්‍රියන්ත අබේවික්‍රම නමින්. ප්‍රියන්ත දැන් පියසේන වී ඇති හැඩකුයි පෙනෙන්නේ. ඔහුගේ තර්කනය නම් හරිම රසවත් මා එයට කැමතියි. අඩංගු අදහස් වලට නොවෙයි.

    ඉදිරියටත් ඔබගේ ලිපි හැකි පමණ කියැවීමට බලා පොරොත්තු වෙනවා.

    ReplyDelete
    Replies
    1. දිගටම එන්න .ඔබ වැනි අය තමයි මම බලාපොරොත්තු වෙන්නෙ.
      මම ප්‍රචාරයක් ලබා දෙන්නෙ මගෙ අදහස් වලට සමාන ඒවට නොවෙයි. අලුත් විකල්ප අදහස් ඉදිරිපත් කරන අයට සංවාදයට ඉඩ සළසනවා.
      ඔය ඇනෝනිමස් ඩොට් ඔරිග් පියසේනගෙ කතාවලට නම් හිනා යනවා. ඔහු එම අදහස් ගොඩ නගන්න මුළු ජීවිතේම කැපකරලා වගෙයි.

      මම කිසිම මතවාදී රාමුවක ඉන්න කෙනෙක් නොවෙයි. මට වැටහෙන දේ සයිබරයට මුදාහරිනවා විතරයි.

      Delete