Monday, May 25, 2015

අතීතයෙන් ආ ගැහැණිය

අනුන්ගෙ ලියුමක් හොරෙන් කියවීමක් නොවේ. මෙතනින් ගොස් කියවන්න .කම්මැලි නම් මෙතනින්ම කියවන්න . සම්පූර්ණ ලිපියම මෙහි ඇත.

මට මෙය දුටු විගස සිහිවුනේ ජිනා සර්මිනාරාගේ කෘතියේ සිංහල පරිවර්තනයයි. පළමු වරට මහජන පුස්තකාලයට ගොස් පැය දෙක තුනක්ම පොත් තෝරා අවසානයේ ගත් පොත නිසා මෙය අමතක නොවන පොතකි.

ආත්මයේ ඉදිරිගමන කෙළින් නො ව වංගු සහිත ව වැටී ඇතැයි ජිනා ( ජිනා මැඩම් නොවේ ) කියයි. ජාති කුල ආගම් ස්ත්‍රී පුරුෂ ආදී වෙනස්කම් සියල්ල ආරෝපනය වූ ඒවා බවත් අපේ ආත්මීය ස්වභාවය මේ සියල්ලෙන් වියුක්ත බවත් ජිනාගේ පොතේ හරය ලෙස මට සිතුණි.


මෙම කාන්තාවගේ චාරිකා මතකය අපූරුය.එඩ්ගාර් කේසිගේ සැසිවාරවල අත්දැකීම් මෙනි.කෙසේ වුවද  මෙයට විවිධ අර්ථකථන තිබිය හැක.


මෙය මට ෆේස්බුකියේ තිබී හමුවූවකි. මෙහි වාග් ශෛලියත් එහි තොරතුරුවල අපූර්වත්වයත් මිස කිසි ලෙසකින්වත් මෙම කතාව මම විශ්වාස කරන නිසා පළ කළා නොවේ.

"ගරුතර නායක ස්වාමීන් වහන්සේ වෙත...

... මේ ලිපිය ලිවීමට ප්‍රධාන හේතුව වූයේ මට ඔබ වහන්සේගෙන් ඇසිය යුතු වැදගත් කාරණාවක් නිසාය. මගේ සිත ඉතාම පැහැදිලිව, ප්‍රභාවත්ව, නිශ්චලව නිතර තිබෙන නමුදු එදිනෙදා ජීවිතයේ සාමාන්‍ය ප්‍රශ්ණ වල දී පාලනය කර ගත නොහැකි කෝපජනක අවස්ථාවන් සිතේ පැන නගී. එවිට මම මෝඩ, ශික්ෂණයක් නැති, දඩබ්බර ගැහැණියක් මෙන් මුර ගාමි. මේ නිසා පවුලේ අප්‍රසාදයට ද, අවට අයගේ අප්‍රසාදයට ද පත් වෙමි. මට මාව ම එපා වේ. එහෙත් ඉතා ඉක්මණින් යළිත් සිත ‘කෝප පිස්සුවෙන්’ මිදේ. යළි ප්‍රභාවත් වේ. මට සිද්ධිය ද අමතක වේ. මෙය හරියට නිශ්චල ජල තටාකයක, උඩින් හමා යන සුළං පහරක් වැනිය. සුළං පහරට කැළඹෙන ජලය සුළං පහර හමා ගිය පසු යළි නිසල වේ. කැළඹීම ගැඹුරු නැත. 

මෙය මට බලනොපෑවාට, මා අවට අයට තදින් බලපායි. ‍මා මෙන් මෙය ඉක්මණින් අවසන් කිරීමට ඔවුන් සතුටු නැත. ලේස්තිද නැත. මේ නිසා එදිනෙදා ජීවිතයේ මම සතුරන් සාදා ගනිමි. අප්‍රසාදයට පත් වෙමි. මේ අප්‍රසාදජනක ගතිගුණයෙන් මට ගැලවීමට උවමනාය. 

ඒ සඳහා ඔබ වහන්සේගෙන් උපදේශයක් බලාපොරොත්තු වෙමි. මෙවන් සිද්ධිවලින් පසු ප්‍රබලව මට ඒ සිද්ධිය විස්තර කිරීමට හැක. මගේ දුර්වලතාවය හොඳින් පෙනේ. දුර්වලතාවය මතු වූ අන්දම ද පෙනේ. එයට පැටළුණු අයගේ දුර්වලතා ද පෙනේ. මා පාලනය කර ගන්නට තිබුණා නේද කියා සිතේ. ඒත් යළි යළිත් මම මේ වැරදි දේ කරමි. එය දැන් පුරුද්දක් මෙන් මතු වේ. වරකට මට මෙය පිටස්තර බලවේගයක් ද කියා ද සිතේ. පිටස්තර බලවේගයක් වූවත් එයට අසු වෙනවා නම් එය මාගේ දුර්වලතාවයකි. ‍

මේ පැහැදිලි කිරීමට තවත් අතුරු කතාවක් මා ඔබ වහන්සේට කිව යුතු ය. ස්වාමීන් වහන්ස, දොළොස් දහසක් වර්ෂයන් ඈතට මට පසුගිය ආත්ම පෙනේ. සියලුම ආත්ම නොව මේ ආත්මයට බලපාන කුසල අකුසල කර්ම කළ ආත්මයන් ය. ඉන් ඉතා ප්‍රබලව බලපාන ආත්ම තුනකි. 

1. වසර දොළොස් දහසකට පෙර අත්ලාන්තික් සාග‍රයේ තිබූ ඉසුරුමත් රාජ්‍යයක රාජ කුමරියක් වූ ආත්මය.
2. ඉන් අනතුරුව ලංකා පුරයේ (ලක්දිව) ඉතාම නැණවත්, රූමත්, පිරිමියෙකු ලෙස, දැඩි ප්‍රතාපයෙන් යුත් තේජවන්ත රජ කුමරියක වූ ආත්මය.
3. දෙවන පෑතිස් රජු කල අනුලා බිසවගේ පාරිචාරිකාවක ලෙස සිට ඇය හා මහණව, ශ්‍රී මහා බෝධීන් වහන්සේ ළඟ මහණ දම් පිරූ ආත්මය (මේ කුසලය බොහෝ කලකට බලපායි. සසර හරි මඟට ගෙන යන්නේ මේ කුසලය මතුපිට එන කුසල චිත්තයන් යැයි මට වැටහේ)

මේ ආත්මයේ මම 18 වසරක් තිස්සේ, අන්ත කටුක මානසික පීඩා කරදර මැද හිරකාරියක සේ අප්‍රමාණ වද වේදනා විඳිමින් සිටිය ද, හැම දේකම වැරැද්ද, ප්‍රසිද්ධ අවමානය, තනිවීම, සමච්චලයට ලක් වීම වැනි දේට මුහුණ දුනිමි. මේ, ලංකා පුරයේ රජ කුමරියක වී සිටියදී කළ බරපතල පාපකර්මයේ අවසාන පියවරයි. ඒ කර්මය මා ගෙවා නිම කල ද, තවමත් ටිකක් තිබේ. ගිනි පුපුරු නිවී ගිය ද ඇති උණුසුම මෙනි. මෙහි අන්ත දුක දකුණු ඉන්දි‍යාවේ දේවාලයක දේවදාසියකව ගෙව්වෙමි. එය තිරිසනෙකු සේ වද වින්ද ආත්මයකි. මම අන් ස්ත්‍රියකගේ පුරුෂයාට ලොල්ව, පලි ගැනීමක් වශයෙන් මාගේ රාජ බලය ද, දැඩි ප්‍රතාපය ද යොදවා, ‍මාගේ ‍සහෝදරයා ලවා (අප සමපාලකයෝ වීමු) යට කී පතිභක්තිමත්, සියුමැලි, රූමක් කාන්තාව සිරකාරියක කළෙමි. ඈ බලවත් සේ කම්පාව, තනි ව, භීතියෙන් වද වින්දා ය. ඈට වද දීම (මානසික වධ), මට විනෝදයක් විය. ඈ මේ නිසා සමාජයේ අවමානයට ලක් වූවාය. සැමියා ඇයට ම පරිභව කර ඈ නෙරපා දැමීය. ඈ එවිට ගැබ්බරව සිටියා ය. තනිව ඒ දුක අවමානය ද වින්දා ය. අසරණව මිය ගියා ය. 

මම යස රඟට මේ ආත්මයේ ඒ කර්මයේ ශේෂය ගෙවූයෙමි. තනි වීමි. නින්දා ලැබීමි. සැමියා විසින් ද, ඔහුගේ වර්ගයා විසින් ද දරුණු ලෙස පරිභව කරනු ලැබීමි. දරුවන් හා තනිව දුක් ‍වින්දෙමි. නොකළ වැරදි වලට සමා‍ජයේ ගර්හාවට ලක් වීමි. ප්‍රකටව ම පරිභව ලැබීමි. හිරකාරියක වීමි. දරුවන් හා තනිව සිටිමි (සැමියා මා පලවා හැරියේ ය).

මේ දුක් පීඩා එන විට මම කුසල බලය (සිල් රැකීමේ බලය) මතු වීමෙන් මෙයට හේතුව සොයන්නට වීමි. බෞද්ධ දර්ශනයේ ගැඹුර සෙවීමටත්, සත්‍යය සොයමින් යෑමටත්, කියවීමටත්, පින් දම් කිරීමටත්, ධර්මයට ඇලීමටත් පුරුදු වීමි. මාගේ මනැස ද, නැණැස ද ඇරුණේ ය. කර්ම වේගය කෙතරම් බරපතල ලෙස ගෙව්වත් අද මට ඒ ශේෂයක්වත් මනස් පීඩාවක් නැත. දුක් පීඩා මතක නැත. කිසිම වේදනාවක් නැත. 

අත්ලාන්තික් සාග‍රයේ රාජ කුමරියක වූ මාගේ නම ‘ඇනීහා’ විය. අවුරුදු 14 දී වෛද්‍ය පූජකවරියක ලෙස පූජකාරාමයට ඇතුළු කරන ලදී. නිල් මහනෙල් තටාකයක් ඉදිරියේ දී කසිණයක් පුහුණු වීමට මට සිදු විය. මට නිල් කසිණ පුහුණු කළෙ, ශල්‍ය කර්මවලට භාජනය වන රෝගීන්ගේ තුවාල සනීප කිරීමට හා වේදනාව නැති කිරීමට මගේ මනසින් ‘නිල් ආලෝක ධාරා’ නිකුත් කිරීමට ය. ඒ යුගයේ වෛද්‍ය විද්‍යාව, මානසික බලය හා සම්බන්ධව කෙරුණේ ය. නිල් ආලෝක ධාරා නිකුත් කිරීමට මට විශේෂ බලයක් තිබුණු බැව්, අධිමානසික බල තිබූ පූජකවරු දැන ගත්හ. එහෙත් පුහුණු වූයේ අවුරුදු 4 ක් පමණි. මට අවුරුදු 18 දී පූජකාරාමයෙන් ද, රටින් ද පැන ගියෙමි. 

මේ ආත්මයේ මට නිල් පාට දුටු විටම සිත පහන් වේ. එකඟ වේ. ප්‍රභාමත් වේ. උද්වේගයෙන් පිම්බී යයි. සිත ශාන්ත වේ. නිවේ. නිල් මහනෙල් මල මට ඉතා ප්‍රිය ය. අහස් නිල ඉතා ප්‍රිය ය. 

මේ ආත්ම තුන මා දැක්වූයේ, ඒ මේ ආත්මයට ඉතා සම්බන්ධ බැවිනි. 
1. මට මතුවන ‘කෝප පිස්සුව’ මගේ අකුසල කර්මයේ කොටසක් ද?
2. නීල කසිණය යළි වැඩීමෙන් මගේ සිත නිවා ගත හැකි ද?

බොහෝ දේ ලිවීම ඔබ වහන්සේට මහත් කරදර බව දනිමි. කරදර කරනවාට දෙපා නැමැද සමාව ඉල්ලමි. 

ප.ලි.

පසුගිය ආත්මවල දැන හැඳින සිටි අය මට මේ ආත්මයේ දී හඳුනා ගත හැක. ළඟින්ම සිටින්නෝ කල්‍යාණ මිත්‍රයෝ ය. තවත් ළඟින් සිටින කොටසක් පරම හතුරෝ ය. මට මේ දෙකොටසම කෙරේ ඇත්තේ, එකම හැඟීමකි. 

මේ හැර මේ සංඥා තලයට අයත් නැති නොපෙණෙන කල්‍යාණ මිත්‍රයෝ සිටිති. ඇතැම් ආත්ම (මට මතකයට නොඑන) ගැන ඔවුහු මට කියති. අවුරුදු දොළොස් දහසකට පෙර මා චාතුර්මහාරාජික දෙව්ලොවේ සිට පොළෝ තලයට ආ බවත්, යළිත් මේ ආත්මයෙන් පසු එහි එන බවත් මට දන්වා ඇත. 

ඉදිරියේ ඇති ආත්ම දෙකක් මට පෙනේ. එකක් මොළය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකු (ශල්‍ය) ලෙස උපත ලැබීම. ඉන්පසු ආත්මය මහණ දම් පිරීම. මේ ආත්ම දෙක ම පිරිමි ආත්ම ය. ප්‍රබල කුසල බලපාන ආත්මයන් ය. මේ ආත්මයත්, ඊළඟ ආත්මයත් අතර ලොකු පරතරයක් පෙනුන ද, ඒ කා‍ලයේ මා ඉන්නේ කොහේ ද කියා මට නොපෙනුනේ ය. දැන් මට දන්වා ඇති පරිදි ඒ චාතුර්මහාරාජිකයේ ය. මනස ඉතා පැහැදිලි විට ඔවුහු මට කතා කරති. 
මේ හැර ආලෝක වර්ෂ 500 ක් ඈත, මේ චක්‍රාවා‍ටයේ ම (වෘෂභ තාරකා මඩුල්ලේ හත්දින්නත් තරු පොකුරේ) තාරකාවක් වටා ඇති ග්‍රහලෝකයකින් එන පණිවුඩ මට ලැබේ. තව වසර දහයකින් මට ඒ ග්‍රහලොවට මට එන්නට පවා හැකි වේ යැයි, ඔවුහු මට කියති. අධිමානසික තරංග මත ගමන් කිරීමේ ශක්තිය මේ ග්‍රහ ලොවේ වැසියන්ට තිබේ. ඔවුහු විද්‍යා ඥානයෙන් ද, මානසික බලයෙන් ද අති ප්‍රබල ය. මනැස් සංඥාවෙන් කතා කරති. මේ කල්පයේ වැදගත් සිදු වීම් ඔවුන් ‘ටෙලිවිෂන්’ සේ චිත්‍රගත කර ඇත. ඒ අතර ගෞතම බුදුන් වහන්සේගේ ධර්ම දේශනා ඇතැම් කොටස් එහි ඇත. 

මේ ගැන සෙවූ මට තාරකා විද්‍යාඥයින් මේ තරු පොකුරේ සෞර ග්‍රහ මණ්ඩලයක් තිබෙන බව සැක කරන බව තාරකා විද්‍යා පොත්වල දක්නට ලැබුණි. විද්‍යාඥයින් සැක පහළ කරන්නේ තර්කානුකූලව ඔප්පු කළ සාධක ඇත්නම් පමණි. හේතු ඇත්නම් පමණි. 

මම ද මේ ගැන විමසිලිමත් වෙමි. ඔවුන් ආශ්‍රයට සුදුසු ප්‍රබල මනස් ඇතියවුන් බැවින් ඒ මට මහත් ප්‍රීතියකි. පසුගිය කාලයේ මාස හතරක් තිස්සේ මේ සංඥා මට ලැබුණේ ය. දැන් ඒවා නැවතී ඇත. මගේ කර්ම වේගය හීන වී, මගේ මනැස පැහැදිලි වන තෙක් මට සංඥා දීමට ඔවුන් බලා සිට ඇත. 

මේ සියල්ල මට අරුම විශේෂ සිද්ධීන් ලෙස නොදැනේ. මේ සංසාරය විහිදී යන දුර පමණක් පැහැදිලි වේ. දැන් මහ පොළොවේ සිටියත්, එන ආත්මයේ චාතුර්මහාරාජිකයේ උපන්නත් මට එක සේ දැනේ. විශේෂ ප්‍රීතියක් නැත. මේ සියල්ල මනස නම් මායාමය බලවේගය මවන මායාවන් නොවේ ද?

ම‍ගේ එකම අධ්‍යාශයත්, උවමනාවත් සර්වඥතා ඥාණය ප්‍රත්‍යාක්ෂ කිරීම පමණි. මේ මගේ අන්තිම ස්ත්‍රී ආත්මය යි. සසර බරපතල පව් මම මේ ආත්මයේ දී ගෙවා නිම කරමි. ඉන්පසු සසර ඉදිරි මග පැහැදිලි විසල් ඍජු ගමන් මගක් ලෙස මට දැනේ. බාධක කිසිත් නැත. මගේ සිත පැහැදිලි අහසක් මෙන් විශාලව පැතිරී යයි. සියල්ල එක නිමේෂයකට එක්වර මම දකිමි. ඉන්පසු සිත වැසී යළිත් නිශ්චල වෙයි. මෙය ඉතා ප්‍රබලව දැන් මට දැනේ. 

මේ ගමන් මගට සුදුසු ධර්ම දානය දෙන ලෙස මම ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමි. සසර මේ සන්ධිස්ථාන‍යේ දී මාර්ගෝපදේශකයා ඔබ වහන්සේ ම විය යුතු ය. 

මේ දීර්ඝ ලිපිය ලියා ඔබ වහන්සේට කරදර කරනවාට දහස් වරක් සමාය ඇයැදිමි.

ප.ලි.

මේ ලිපිය ලියූ පසු මට කරුණක් නිරවුල් විය. කෝප පිස්සුව බරපතල කර්මය කළ ආත්මයේ තිබූ චරිත ලක්ෂණයකි. එය අද මට මා කෙරේ ම නින්දා පමුණුවන, ගර්හාවට ලක් කෙරෙන ආයුධයක් විය. කර්ම පල දෙන හැටි! දැන් මා මෙයට ප්‍රතිවිරුද්ධව නැගී කර්ම වේගය සිඳිය යුතු ය. එය කරන්නෙ කෙසේ ද? මෙය මතුවන්නේ මා නොසිතූ විට ය. හදිසි කුණාටුවක් මෙනි. 

සසර ගමනේ මගේ ස්ත්‍රී භාවය නිමා වූ අන්දම ඔබවහ‍න්සේ හමු වූ විටෙක කියමි. එය කර්ම‍ වේගය පිළිබ ඳ විචිත්‍ර කතාවකි. 

-----------------
මෙය කටුකුරුන්දේ ඥාණනන්ද ස්වාමීන්වහන්සේගේ ගුරු ස්වාමීන්වහන්සේට ලැබුණු ලිපියකි. මේ උතුම් කත තවමත් ජීවතුන් අතර සිටියත්, චාතුර්මහාරාජිකයේ සිටියත් ඇයට මේ ධර්ම දානමය පින අනුමෝදන් කරමු. මේ උතුම් බුද්ධෝත්පාද කාලය අප්‍රමාදීව ගෙවන්නට සියලු දෙනාට මේ කථාව දහම් පඬුරක් වේවා ."



ඇට්ලන්ටිස් ශිෂ්ටාචාරය ගැන සමහරුන්ට ප්‍රශ්න ඇති. ඒ ගැන මෙතනින් බලන්න



මේකත් ඔය ගමන්ම බලන්න


සමබර වෙන්න මේකත් බලල හිටියනම් (හේතුවාදී ලිපියක් සෙව්වත් මෙට ඊට වඩා අපූරු බව සිතුනි. ) .
අදහස් හොද්දක් සැදීමේ අරමුණින් මුට්ටිය දමා බැලුවේ  අද ඊයේ නොවේ.බ්ලොග් එක පටන් ගත් දිනවල මය. එහෙත් මින් පෙර මගේ සියළුම බලාපොරොත්තු සුන් විය. බලමු මෙවරවත්.




                     බ්ලොග් සහජීවනය

මෑතකදී යාවත්කාලීන කළ මා බලන බ්ලොග් සමහරක්. ලැයිස්තුව ඉදිරියේදී විශාල වනු ඇත.

කාලය  ,  මධුමාධවී රස සරණිය , ගොසිප් ලංකා  ,
ගී පැදුර ,කවි ලොසින්ජර ,පුංචි කැකුළු මල් ,
මිනීමරු පුවත් ,රසිකොලොජි ,යුතුකම සංවාද කවය  ,විද්‍යා ගවේශන , ellamixcom,සොඳුරු සිත ,
තනි තරුව ,නිදහස් සිතිවිලි ,කුරුටු ගෑ ගී පවුර 
 ඉවාන් පවුලූෂා ,හිරු නැති හෝරාව ,
තන් ගෙඩි , සුන්දර මැලේසියා ,මහ කළු ලාංකිකයා  ,අටම්පහුර  වර්ණ ,බස්සිගෙ නවාතැන ,විභීෂණ ,
අසමි දකිමි සොයමි විචාරක  ,උන්මත්තක ,
කොළඹ ගමයා ,සිතුන නිසා  ,සජ්ජාගේ පඩංගුව  

29 comments:



  1. //පසුගිය ආත්මවල දැන හැඳින සිටි අය මට මේ ආත්මයේ දී හඳුනා ගත හැක. ළඟින්ම සිටින්නෝ කල්‍යාණ මිත්‍රයෝ ය. //

    කල්යාන මිත්‍ර තුමා ගේ යාලුවෙක් ද?

    ReplyDelete
    Replies
    1. පුනර්භවය ගැන අදහස් හොද්දක් හදන්න මට ඕන වුනා. අත්ලාන්තිසය ගැන කියල තිබුනෙ නැත්නම් මේ පෝස්ට් එක නොදා ඉන්නත් ඉඩ තිබුනා.
      මේ විශය සම්බන්ධ සාහිත්‍ය නිර්මාණ අඩු මොකද කියල හිතාගන්න බෑ.
      කාලෙකට ඉහත එක් වෛද්‍යවරයෙක් ක්ශනික ආප්ප වගෙ පුනර්භව වැඩසටහන් කළා රූපවාහිනියෙන් .ඔහුගෙ ක්‍රමයට මෝහනය මගින් කෙනෙක්ව අතීතයට ගෙන ගිහින් සැබෑ ඉතිහාසය සොයා ගන්නත් පුළුවනි.

      Delete
    2. ගිය ආත්මේ කොහොමද දන්නේ නෑ.. මේ ආත්මේනම් මීටර් නෑ ස රස තුමෝ.. හැක්..

      Delete
    3. කල්‍යාණ මිත්‍ර @ ස්තුතියි මචෝ

      Delete
    4. මටත් ඔය වචනෙ දකින පාරක් ගානෙ මතක් වෙන්නෙ ඕකමයි සා රස තුමා,
      මේ පුද්ගලයාට අනායාසයෙන් ලැබෙන පුචාරය බලන්ටකො!

      Delete
  2. "සමබර වෙන්න මේකත් බලල හිටියනම්" ලෙස කියනා කාරණයෙන් ඔබ මේ ලිපි දෙකින් කියනා දෑ තුල්‍යයි කියා සිතනවාද?

    මටත් හිතෙන්නේ ඔව් යැයි කියාය - එහෙම සිතන්නේ කථා දෙකින්ම මග විස්තර ගැන පමණක්ම කියැවෙන නිසාය (ණීල කසිනය ගැන කී සුලු සඳහන අමතක කලොත්)

    සමථය, විපස්සනාව වඩනා තෙක් මේවා කිරා මනිමින් විස්තර කථා කියමින් සිටිය හැක.
    හොදි සෑදීමෙන් නම් පලක් නොවන බව දනිමි.
    යමක් තෝරාගැනීමට ක්‍රමවේදයන් එක් එක් මාර්ගවල වෙන වෙනම දක්වා ඇති නේද?
    ඇති ණුවනට ප්‍රත්‍යක්ෂ වෙන, විශ්වාසය ගොඩ නැගෙන, මගේ ගොස් බැලීම මගේ පිළිවෙතයි.
    ඔබේ පිළිවෙත කුමක්ද?

    ReplyDelete
    Replies
    1. සමථය ගැන නම් මට පැහැදීමක් නැහැ. සමථය වඩන්න ගිහින් ලොකු ප්‍රශ්න වලට මුහුණදුන් අය ඉන්නවා. ඔය කසින ගැන කියනවානම් නිකම් හිතන්න. ඔබව එක වර්ණයක් පමණක් සහිත කාමරයකට දැම්මොත් මොකද වෙන්නෙ කියල. මේකෙන් චිත්ත ඒකාග්‍රතාවක් ඇතිවෙන්නෙ නෑ.වර්ණ වල විවිධත්වය නැත්නම් අපට ජීවත් වෙන්න බැහැ. ඔය කසින මණ්ඩල දෙස එක දිගට බලා සිටීම ඇසටත් මොළයටත් හානිකරයි.මානසික සමබරතාවය ගිලිහෙනවා.

      මළ මිනී කුණුවෙන හැටි බලා සිටීමත් ඒ වගේ දෙයක්. විශබීජ ශරීරගත වෙන්නත් පුළුවන්.

      දෙවිවරුන්ගෙ ගුණ අපි සිහි කරන්නෙ කොහොමද .ඔය අනුස්මෘති භාවනාවත් එහෙමයි.

      මේව බෞද්ධ භාවනා නොව බමුණන් විසින් පසුකලෙක රිංගවනු ලැබූ පැරණි අත්ත කිලමථානුයෝගීන්ගෙ අභ්‍යාස

      නමුත් බෞද්ධ විදර්ශනාව එහෙම නොවෙයි. එයින් සිත සන්සුන් වෙනවා , සැහැල්ලු වෙනවා. නිවනට මග එයයි. ගලා යන දියපහරවල , ගස් වැල් සෙලවෙන හැටි දෙස නිස්කලංකව බලා සිටීම ,නිසලව සිතේ ඇතිවන සිතිවිලි විමසමින් වෙනස්වීමේ ධර්මතාව තේරුම් ගැනීම විපස්සනාවයි. කොටින්ම කීවොත් විපස්සනාව කියන්නෙ එළඹ සිටි සිහියෙන් සිටීමයි. සතිපට්ඨානයයි.

      Delete
    2. මා කියූ දෙය පොඩ්ඩක් විස්තර කරල ඉන්නම්...
      මා කීවේ බැලන්ස් කරන්න කියා දමා තිබූ දෙක අන්බැලන්ස් වෙන්නේ කසිණ හෝ භාවනාවක් ගැන සඳහන් කිරීමෙන් කියලා...

      දියුණු හිතක් ඇත්නම් එක්වරම විදර්ශනාවට ගිය හැකි තමා
      කෙත සකසන්න සමථයෙන් උදව්වක් ලැබෙන බවයි මගේ පරිචය..

      පැහැදෙන්න හෝ නොපැහැදෙන්න ඔබ මේ දෙකින් එකක් වත් කරනවද / කර තිබෙනවද?
      (කරුණාකර මෙතැන සමච්චලයක් උපහාසයක් ආවේගයක් නැති බව වටහාගන්න. ප්‍රශ්නයක් පමණි. අනෙක් කොයි දේ කෙසේ වුවුද මේ මගට බහින්නේ නැතිව ඒ ගැන කථා කිරීමම තමා මම 'මග විස්තර කීම' යන්නෙන් අදහස් කලේ) එසේ කර ඇත්නම් ඔබට මේ ගැන පැහැදිලිව කී හැකි බව පිළිගනිමි

      Delete
    3. බොරු කියන්නෙ මොකටද මම මේවා කර තිබෙනවා තබා උත්සාහයක්වත් දරා නැහැ. පත පොත කියවා එළඹුන නිගමන පමණයි මට ඇත්තේ.
      ඔබ කියන දේ මට නොතේරෙනවා නොවෙයි. මග විස්තර කිරීමක් තමා කරන්නෙ. කර බලන්න පුළුවන් නම් හොදයි.
      මේ මග විස්තර කරන දෙගොල්ලම ඒක කරන්නෙත් අන්ත දෙකක සිටයි. සෝම හිමියන් මුල්වී කළ මෝහන කතාව මම දැනගත්තෙ ඒක සිදුවුන දවස්වලමයි. සෝම හිමියන් ඔය මෝහන සංදර්ශනයෙන් පස්සෙ බනකුත් කිව්වා.

      පස්සෙ දාක දිවයිනෙන් පුනර්භව සිද්ධියක් ගැන අහපුවම සෝම හිමියන් කිව්වෙ පත්තරවලට දැන් දාන්න දේවල් නැද්ද කියලයි. මගෙ පුද්ගලික විශ්වාසය උන් වහන්සෙ ආගම් නො ඇදහූ හේතුවාදියෙක් බවයි.'


      එක කට්ටියක් මග විස්තර කරනව පුනරුත්පත්තිය ඇත්ත කියල හිතල. අනෙක් අය ඒක කරන්නෙ බොරුය කියල. ඒ දෙකම වැඩක් නෑ.

      ඔබේ කොමෙන්ට් එක වටිනවා මොකද එයින් සංවාදයක් ගොඩ නැගෙන නිසා.

      Delete
    4. තිස්ස මහතා දක්වන අදහස ඇත්තෙන්ම වැදගත්, බුදු දහම කියන්නේ ප්‍රායෝගික දහමක් එවැනි දහමක් ඇසුරු කරන පුද්ගලයින් "මග විස්තර" අනුන්ට අනුව කියමින් සිටීම තමන්ට වැඩ පිණිස වන්නේ නැහැ. එය ප්‍රායෝගිකව ප්‍රත්‍යක්ශව හඳුනා ගැනීමයි වැදගත් වන්නේ. ප්‍රත්‍යක්ෂව හඳුනා නොගත් දෙයක් කෙරෙහි වූ අපගේ දැනුම හුදු දෘෂ්ඨියක් පමණයි. මෙන්න මේ දෘෂ්ඨිය ඕනෑම ආගමක් අදහන්නෙකුගේ ඇති දෘෂ්ඨියට වඩා වැඩි වෙනසක් නැහැ. ඒත් මූලිකව කෙනෙකු ශ්‍රද්ධාව උප්දවා ගත යුත්තේත් මෙතැනින්මයි.
      ඉතින් ඒක නිසා ප්‍රත්‍යක්ෂ අවබෝධයෙන් තොර උන් "මග විස්තර " සාකච්චා කිරීමත් එක අතකින් හොඳයි. මග විස්තර අසන විට ස්‍රද්ධාව ඉපදී, යෝනිසෝ මනසිකාරය පිහිටුවා ගැනීම විය හැකියි.

      Delete
  3. //ගිය ආත්මේ කොහොමද දන්නේ නෑ.. මේ ආත්මේනම් මීටර් නෑ ස රස තුමෝ.. හැක්..//

    වොවු වොවු... අපි නොදන්න කස්ටිය නේ... උක්කුන් බබා ලා...

    ReplyDelete
    Replies
    1. ඇයි දෙයියනේ මේ ආත්මේ 'මීටර් නෑ' කියුවේ හිතු මතේ දුවන එකට නේ.. ඕකට ඉතින් බබා උක්කුන් කියන්න ඕනියෑ.. :p

      Delete
  4. පුනර්භවය සහ මතුභවය පිළිබඳව එකිනෙකාගේ අදහස් දැක්වීම් විවිධාකාර නිසා අපේ ඔලුවත් පැටලෙනවා

    ReplyDelete
    Replies
    1. ඊනියා අනාත්මවාදයක් වෙනුවෙන් පෙනී සිටින විට හින්දු ආත්මවාදයෙන් වෙනස් වෙන්න ඕන නිසා අපේ අය හදා ගත්ත වචන අටුවක්නෙ ඕක.
      හින්දු ආත්මය එක් සිරුරක් හැරදා තව සිරුරක් බදා ගන්නවලු.
      අපේ සිතිවිලි පරම්පරාවෙ ප්‍රතිසන්ධි සිත චුති සිතේ ප්‍රතිඵලයක්ලු. මේ විදියට සිතිවිල්ලෙන් සිතිවිල්ලක් උපදින සිතිවිලි පරම්පරාවක්. එය නිර්වාණය අවබෝධ වන තුරුම දිගටම යනවා.
      පස්සෙන් පහු කාලෙක මනෝ කාය කියල මහායානය තුල වර්ධනය වූ හින්දු ආත්මවාදය ගෙඩිය පිටින්මත් ගන්න උත්සාහ කළා.

      Delete
    2. මධ්‍යස්ත මත ධාරියානෙනි,
      පුනර්භව කියන එක ඊනියා අනාත්මවාදයක් වෙනුවෙන් වෙනස් වීමට තනාගත් වචන මාත්‍රයක් යැයි කීම නම් එකඟ වෙන්න අපහසු කාරනයක්.
      බුදු දහමේ භව කියන වචනයට බොහෝම පැහැදිලි අර්ථයක් තියෙනවා. භව කියන එක පටිච්ච සමුප්පාදයේ කියවිය යුත්තේ පැවැත්ම කියන අරුතිනුයි. ඒ අනුව පුණර් භව කී විට එය නැවත නැවත පැවතීම කියන කාරනයට එනවා. මේක හුදු සත්ත්වයෙකු මරණින් පසුව නැවත ඉපදීමක් ගැන කියවෙන සංකල්පයක් නෙවෙයි. අන්න එහෙම හිතීම තුලයි අපි බොහෝ විට වරදවා ගන්නේ. මේ ප්ණර්භවය අපි ජීවත්වෙනවා යැයි දකින සත්ත්වයා තුල සැම විටම සිදු වෙමින් පවතින ක්‍රියා වලියක්.
      බුදු දහම අනුව සත්ත්වයා යනු පංචස්කන්ධයක්. මරණේදී මේ පංචස්කන්ධයම බිඳී විසිරී යනවා යැයි කියැවෙනවා. එසේනම් මීලඟ භවයක් සඳහා වූ දෙයක් කෝ. මෙන්න මෙයයි වටහා ගත යුතු අනාත්ම වාදය කියා මා සිතන්නේ.

      Delete
    3. මිනිසුන් මියගොස් සතුන් හෝ වෙනත් ජීවීන් ලෙස උත්පත්තිය ලබනවාය කියන කාරණය මට නම් පිළිගන්න බැහැ. මම සිතන්නෙ භව කියන වචනයෙන් අර්ථ ගැන්වෙන්නෙ සිතිවිලි කියන එක කියලයි. සිතිවිලි ඇතිවී තව සිතිවිල්ලක් ඇතිවීම ප්‍රතිසන්ධියක් ලෙසයි හිතෙන්නෙ.
      දිව්‍ය ලෝකයත් බඹ ලොවත් සතර අපායත් බඹයක් තරම් වූ සිරුරේ තිබෙන බව බුද්ධ දේශනාවයි.
      ජීවය කියන්නෙ සංයෝජනයක්. මේ සංයෝජනය බිදවැටුන විට ජීවය අවසන් වෙනවා. අප අත් විදින මේ පරාසය තුල පමනයි ජීවය සත්‍ය වන්නෙ.

      මේක පැටලිලි සහිතනම් මෙහෙම සරලව හිතමු. දෙවිවරු ගැන අපේ සාහිත්‍යැයෙ තියනවා. මේ අයටත් ලිංග භේද තිබෙනවලු. අපට නම් ලිංග භේද තිබෙන්නෙ ප්‍රජනනනයට . දෙවිවරු උපදින්නෙ ඕපපාතිකව. දෙවිවරුන්ට භාර්යාවන් මොකටද

      අපට ආහාර අවශ්‍ය ශක්තිය ලබා ගැනීමට. දෙවිවරුන්ට ඒ අවශ්‍යතාවය නෑ. ඒත් ඒ අයට ආහාර සුවද ඕනලු. අපට ආහාර සුවද වැදගත් වෙන්නෙ ආහාර රුචිය වඩවන්න .ඒ අවශ්‍යතවය නැති දෙවිවරුන්ට මොකටද ආහාර සුවදක්.

      සිත නැති කය ඇති රූප බඹැලොවවල් වල ඒ බ්‍රහ්මයො ඉන්නෙ මළකදන් වගෙ වෙන්න ඇති. අරූප බ්‍රහ්මයන්ට සිරුරක් නැතිව සිතිවිලි විතරලු තියෙන්නෙ.

      මේ කතා ප්‍රාග් බෞද්ධ විශ්වාස. බමුණන්ගෙ කතා. මේව පිළිගන්න පුළුවන්ද

      Delete
    4. ක්වන්ටම් විදයාව එතකොට සාපේක්ෂතාවය වගේ දේවල් පිලිගන්න කාලෙක මේවා අපිට පිලිගන්න බැරි හේතුවක් මට හිතා ගන්න බෑ. අනික හැම දෙයක්ම අපේ මනසට ගෝචරයි කියන තර්කෙන් කතා කලොත් විදයාවේ තියෙන බහුතරයක් දේවල් ප්‍රතික්ෂේප කරන්න වෙනවා. විශ්වය පටන් ගන්න කලියෙන් කාලය කියල දෙයක් තිබුන් නෑ කීවොත්, ඔලුවට එන්නේ එහෙනම් ඊට කලින් මොකද්ද තිබ්බේ කියන එක, තව උදාහරණයක් විදිහට ත්‍රිමාණයෙන් එහා මානයක් ගැන අපි කොච්චර හිතුවත් අපේ මනසට අල්ලා ගන්න බෑ, තර්ක කරලා මෙහෙමයි අරමයි කියලා කියන්න බෑ, ඒත් ප්‍රතික්ෂේප කරන්නත් බෑ. අරූප බ්‍රහ්මයන් වගේ සංකල්පත් ඊට වඩා වෙනසක් මන් දකින් නෑ. නමුත් අවුරුදු 2500කට පස්සේ මුලින් තිබුනු ආගම කවදාවත් ඒ විදිහටම පවතින්නෙත් නෑ. පසු කාලීනව එකතු උනු දේවල් ඕන තරම් තියෙන්න පුලුවන්, නමුත් මේ වගේ කාරනා "මට හිතා ගන්න බෑ" කියන තර්කෙන් ප්‍රතික්ශේප කරන්න බෑ.

      Delete
    5. යාළුවා මේක කියවලා මම කියන්න හිටිය දෙයම යම් දුරකට මාමා කියලා තියෙනවා.
      භව කියන්නේ සිතිවිලි වලට කියන එක කිසිම පදනමක් නැති අපබ්‍රංසයක් වගෙයි මටනම් පෙනෙන්නේ. එසේම සිතුවිල්ලක් ඇතිවී නැතිවී නව සිතුවිල්ලක් හටගැනීම ප්‍රථිසංධියක් නෙවෙයි ඒක පැහැදිලිවම කිව හැකියි. සත්ත්වයා යනු සිතයැයි කිව හැකියි. ඒත් ඒ සිතත් සිතුවිලිත් යනු වෙනස් කාරනා දෙකක්.
      ඔබට දෙවියන් බඹුන් පුණර්භවය වැනි සංකල්ප පිළිගත නොහැක්කේ ඇයි. ඒ ඔබට ඒවා තහවුරු වන ආකාරයේ ප්‍රත්‍යක්ශ ඥානයක් නැති නිසා. එහෙත් ඒවා නැති බවට සහතික කල හැකි ප්‍රත්‍යක්ශ ඥානයක් ඔබ සතුද? එසේනම් ඔබට ඒවා නැතැයි කීමටද අයිතියක් නැහැ. ඔබට කිව හැක්කේ ඔබට ප්‍රත්‍යක්ෂ නැති නිසා නොවැටහෙන බව පමණයි. පුණර්භව කියන සංකල්පය මේ වගේ ඡේද කිහිපයකින් ලියා පැහැදිලි කල හැකි දෙයක් නෙවෙයි. ඒක කෙනෙකු පැහැදිලි කරනවාට වඩා තමා තුළින්ම සෙවීමට වෙහෙසීමයි සාර්තක ක්‍රමය. එනම් විදර්ශනා වැඩීමෙන් ම එය ලබා ගත යුතුයි. මේ සඳහා කෙනෙකු පංචස්කන්ධ විභාගයත්, පටිච්ච සමුප්පාදයත් බොහෝකොට විමසිය යුතු වෙනවා.
      ඒක නිසා ඔබ යම් කිසි දුරකට බුදු දහම පිළිගන්නා කෙනෙකු නම් පුනර්භවය බොරුයැයි කීමට කලබල වෙන්න එපා. මා බෞද්ධයෙකු යැයි කියමින් ධර්ම කාරනා ගැන බොහෝ දෙනා සමග තර්ක කරමින් පුණර්භවය මා පිළිගන්නේ නැතැයි ප්‍රසිද්ධියේ කිවූ කාලයක් මටත් තිබුනා. එසේම මේ කිසිවක් ප්‍රාග් බෞද්ධ සංකල්ප නෙවෙයි. මේවා බුදු හිමියන් විසින්ම ප්‍රකාශිත දේවල්.

      Delete
  5. ''ආත්මයක්ව ජීවය ලැබීම​- මව් කුස තුල කලලයක් වෙත සංක්‍රමනය වී, එතුල ජීවිතය​- මනු ලොවේ ජීවමාන ජීවිතය​- මරණයෙන් පසු නැවතත් ආත්මයක් ලෙස ගෙවන ජීවිතය​- කර ඇති පව් පිං අනූව ලැබෙන අවසන් හා නිත්‍ය ජීවිතය​'' මෙයයි, මට අනකර සිටින හා මා තරයේ විශ්වාස කරන ආත්මයක පූර්ව ගමන් ක්‍රමය​​. ලිපියට අනූව එය මගේ විශ්වාසයට පරිභාහිර වන එකක් නිසා, ඒ පිළිබඳ අදහස් දැක්වීමට මා කිසිත් නොදනිමි. දැනුමක් ලබා ගැනී සඳහා පමනක් ලිපිය කියවා අවසන් කලෙමි.

    ReplyDelete
    Replies
    1. මට ඕන එක අදහසක් උලුප්පන්න නොවෙයි. අදහස් වලින් හොද්දක් හදන්න. ඔබේ අදහස් ඒ හොද්දට දාපු එක හොදයි. එතකොට තමයි සංවාදයක් කරන්න පුළුවන් වෙන්නෙ.

      Delete
  6. මෙම කාන්තාව කෝපය නිසා පීඩා විදින බව කියා තිබෙනවා. ඊට විසදුම භාවනාවයි. සිත එකඟ කර ගැනීම තුලින් කෝපයෙන් මිදෙන්න පුළුවන්. ඉක්මනින් තරහ යන අය ට එසේ වන්නේ ඔවුන්ගේ සිතිවිලි විසිර යන නිසයි.භාවනාව තුලින් ඉක්මන් ප්‍රතිචාර දැක්වීම වෙනුවට සන්සුන් මනසකින් සියල්ල කිරා බලා ප්‍රතිචාර දැක්විය හැකි ආකාරයට මනස ශක්තිමත් වෙනවා.හොද තීරණ ගන්න හැකිවෙනවා. බොහෝ විට ඉක්මන් තීරණ වැරදියි.

    භාවනාවේ අරමුණ සියළු බන්ධනයන්ගෙන් මිදීමයි. සමාජය උත්සාහ කරන්නේ බන්ධනයන් තුලින් විමුක්තියක් ලැබීමයි. එහෙත් බන්ධනයන් තුලින් ලැබෙන්නේ දුකමයි. අත් හැරීම තුලින්මයි විමුක්තිය ලැබෙන්නේ.
    මඟ සළකුණු සෙවීමේ වරදක් නෑ . ඉන් යෝනිසෝ මනසිකාරය ඇතිවෙනවා.

    ReplyDelete
    Replies
    1. ස්වාමීන් වහන්ස
      මේ කාන්තාවට මා නම් දෙන උපදෙස තමයි හැකි ඉක්මනින් මනෝ උපදේශනයක් ලබා ගන්න කියන එක. පිස්සු කියල කියනවා හෙම නොවෙයි .
      එය ඇයට වඩා ප්‍රයෝජනවත් වෙයි.
      ඔබ වහන්සෙගෙ අදහස් වලට මම ගරු කරනවා .

      Delete
    2. මම පැවිදි හිමිනමක් නොවේ . ගිහියෙක්

      Delete
  7. //මේ හැර ආලෝක වර්ෂ 500 ක් ඈත, මේ චක්‍රාවා‍ටයේ ම (වෘෂභ තාරකා මඩුල්ලේ හත්දින්නත් තරු පොකුරේ) තාරකාවක් වටා ඇති ග්‍රහලෝකයකින් එන පණිවුඩ මට ලැබේ//

    Jupiter Ascending බැලුවද? :-D

    ඇට්ලාන්ටිස් , Lemuria, UFO, Bigfoot, Loch Ness ආදී හුඟක් දේවල් ගැන අධ්‍යනයක් කරන්න තියන ලොකුම බාධක pseudo-science, Hoaxes (අර ලිපියෙ තියන විශාල ඇට සැකිලි වගේ බොරු නිර්මාණ, බොරු පින්තූර, Lunatic fringe websites ඇති දත්ත), sensationalism සහ අද්භූත විශ්වාස. ඒවගේම තමන්ගේ මතය තහවුරු කිරීම සඳහා selective වශයෙන් දත්ත ගැනීම (වාසි ඒවා ඉලිප්පීම හා අවාසි ඒවා යටපත්කිරීම )
    අනිත් එක මිනිස් ස්වාභාවය - විද්යාත්මක සහ/හෝ තර්කානුකූල විශ්ලේශනයකට වඩා sensational දේට ආසාවීම.

    ReplyDelete
    Replies
    1. මටත් ඇතිවුනේ ඔය සිතිවිලිම තමයි. අවුරුදු 12 ,000 ක් කියන්නෙ පොඩි සෙල්ලමක්ද.
      ව්‍යාජ විද්‍යාවන් නිසා මිත්‍යාවන්ට විශාල පිළිගැනීමක් ලැබෙනවා. බුකියෙ දාල තියන කොමෙන්ට් වලින් පේන්නෙ මේක විශ්වාස කරන අය ප්‍රශ්න විරහිතව ඒක පිළිගන්න හැටි.
      ඇටලන්ටිස් ශිෂ්ටාචාරය මිත්‍යාවක් බවයි වැඩි දෙනා කියන්නෙ. නමුත් මෙය ජනප්‍රවාදයක් .කුඩා රටක් මුහුදට යටවෙන්න ඇති. පස්සෙ ඒ ආශ්‍රිතව කතා නිර්මාණය වෙන්න ඇති.

      මිනිසා ශිශ්ටාචාරගත වී අවුරුදු 10,000 කට වඩා නැහැ. සතුන් හීලෑ කරන්න ගත්තෙ ධාන්‍ය වගා කරන්න ගත්තෙ ඊට පස්සෙ .අවසාන අයිස් යුගය නිමවූ පසුයි ශිෂ්ටාචාර බිහිවන්නෙ. අටවිසි බුදුවරු එහෙමත් මේ පෘථිවිය මතනම් හිටිය වෙන්න බැහැ. සමහර විට මේ කාන්තාව කියනව වගෙ වෘෂභ රාශිය වගෙ තැනක සිටියද දන්නෙ නෑ.

      Delete
    2. //කුඩා රටක් මුහුදට යටවෙන්න ඇති. පස්සෙ ඒ ආශ්‍රිතව කතා නිර්මාණය වෙන්න ඇති.//
      හුඟක් ආගම්වල තියන ගංවතුරෙන් ලෝක විනාශයත් ඔයවගේ දෙයකින් ආ මතකයක් හෝ ජනකතාවකින් ගත් එකක් කියල හිතන්න පුලුවන්. ඒ පිලිබඳව ලියවිලත් තියනව. අතීතයේදී (ප්‍රාග් අයිතිහාසික ) තමන් ජීවත්වන ප්‍රදේශය හා එයට ආසන්න ප්‍රදේශ තමයි ලෝකය.

      ඔය ඕන දෙයක්, (පිටසක්වල ජීවීන් ගේ සිට විශ්ව කිරණ, අත්ලාන්තිස් හරහා බූතයන් දක්වා) වෙන්න පුලුවන් මොකක් හරි ඇත්තක් (a nugget of truth ) තියෙන්න පුලුවන්.( 0.000001% ටත් අඩු සිට 99% දක්වාචාන්ස් එකක් 100 % නෙමෙයි ).
      ප්‍රශ්නෙ තියෙන්නෙ .001 % ඇත්තවෙන්න චාන්ස් එකක් තියන දෙයක් 100 %ඇත්තවගේ ලියන කියන එක.

      අනිත් එක ඒ තියන ඇත්ත කරුණ ඉතා නොසැලකියයුතු මට්ටමේ අඩු බලපෑමක් ඇති දෙයක් වෙන්න පුලුවන්. ඒත් මිනිස්සු කැමතියි පෙනෙන්න තියන වඩා වැදගත් දේට වඩා අද්භූත දෙයක් විස්වාස කරන්න.

      මේවගේ දේවල් වලට bad name එකක් ලැබිල තියෙන්නෙ තර්කානුකූල විශ්ලේශකයින්ට වඩා ඉස්මතුවෙන්නේ පිස්සො, එහෙම නැත්නම් බොරු කාරයෝ , එහෙම නැත්නම් තමන්ගේ agenda එකකට මේවා පාවිච්චි කරන අය නිසා.

      ඒක නෙමෙයි. ඔය කාන්තාවට මතක මිනිස් ආත්ම පමණද?
      සත්ව, භූත, පිට සක්වල ජීවී වගේ ආත්ම ලැබිල නැද්ද?

      Delete
    3. ජල ගැලීමෙ කතාව නම් බැබිලෝනියන්වරුන්ගෙ එන් ලිල් කියන පුරාවෘත්තය. යුදෙව්වො බැබිලෝනියාවෙ ඉන්න කාලෙ මේක ණයට ගත්තා.
      යුදෙව්වො මෙහෙම ණයට ගත්තෙ බැබිලෝනියන් වරුන්ගෙන් විතරක් නොවෙයි තුර්කීන්ගෙන් මිසරුන්ගෙන් සහ පර්සියානුවන්ගෙනුත් ණයට ගත්තා. ඊට පස්සෙ තමන්ගෙ වාගෙ පොත් ලිව්ව. මෙහෙ බුවාල ඒව දන්නෙ නෑ දණගහගෙන යාඥාව.

      ඔය කතාවල ඔබ කියන විදියෙ .0000001 % ක විතර සත්‍ය නිසා මෙහේ අය ඒවට සම්බන්ධ සාහිත්‍යයෙ තියන ඔක්කොම බේගල් වලට සහතිකයක් දෙනව. හදේ හාව ඇදපු එකේ ඉදන්ම.

      ඔය කාන්තාවගෙ මිනිස් ආත්ම වලිනුත් දෙකයිනෙ කියන්නෙ.

      Delete
  8. //තමන්ගේ agenda එකකට මේවා පාවිච්චි කරන අය නිසා. // මේව ඇරුනාම යන්තං ගෑවිලා යන දේවලුත් යොදාගන්න නිසා අන්ධ භක්තිකයො රවටා ගන්න ජාවාරම් කොච්චර පාඩම් ඉගෙන ගත්ත වුනත් ජයටම තියන එකයි පුදුමය

    ReplyDelete