Saturday, May 23, 2015

වාසු ,විත්‍යා සහ බ්ලොග් ලියන අපි - බලාගෙනයි සමනල තටු බිදෙයි දෙමළ සිත් රිදෙයි

පසුගිය දින වල සයිබරයේ ආන්දෝලනයක් ඇතිකළේ වාසුදේව මහතා රනිල් මහතාට අපහාසාත්මක ලෙස කතා කිරීමත් යාපනයේ විත්‍යා ( විද්‍යා ? ) නම් පාසල් සිසුවියක් සමූහ දූෂණයකට ලක් කර මරා දැමීමත්ය.

මේ ගැන බ්ලොග් කිහිපයක පළවූ පෝස්ට් කිහිපයක් කියවීමි.  

 බ්ලොග් අවකාශයේ සංවාද සම්පින්ඩනය



වාසුදේව මහතා මතුනොව කිසිම කෙනෙක් තව කෙනෙකුට අපහාස කිරීම මම හෙළා දකිමි.තව කෙනෙකුට නින්දා අපහාස කිරීම අතිශයින්ම පිළිකුල් කටයුතුය. රනිල් මහතා මතුනොව කිසිම කෙනෙකු නින්දාවට ලක් විය යුතු නැත. එහෙත් රනිල් මහතාට කිසියම් කෙනෙක් අපහාස කරන්නේනම් මම එය විශේෂයෙන් හෙලා දකිමි. ඊට හේතුව ඔහු මේ රටේ අග්‍රාමාත්‍යවරයා නිසාය. ඊටත් වඩා ඔහු දකුණු ආසියාවේම වැඩිම අත්දැකීම් සහිත දේශපාලනඥයා නිසාය. තවද ඔහු කුෂාග්‍ර බුද්ධිමතෙකි.

වාසු සමහරවිට ඉතාම මුග්ධ පාක්ශිකයන් ඉලක්ක කර ගත්තා විය හැක. එහෙත් මා ඇසුරු කරන උගත් මධ්‍යම පාන්තිකයන් නම් බහුතරය නොව සියළුම දෙනා පාහේ මහින්ද විරෝධීන් වී ඇත්තේ මෙවැනි ගොන් පාට් නිසාය. මේ වැඩවලින් පාවෙන ඡන්ද තවත් ඈත් වේ.

කිසි දිනක කිසිම කෙනෙකුට අපහාස කර නැති නිකැලැල් බ්ලොග්කරුවන් මෙය අසා කලබල වීම ස්වාභාවිකය. පලමු ගල ගැසිය යුත්තේ ශුද්ධවන්තයන්  බැවින් ශුද්ධවන්ත බ්ලොග් කරුවෝ සිය වගකීම අවබෝධ කරගෙන කලබල වීම සදහා ඉදිරිපත් වූහ. එය සතුටකි.

ඒ කතාව ඇති. 


අනෙක් සිද්ධිය නම් විත්‍යා නම් සිසුවියක් සමූහ දූෂනයකට ලක්වී මරා දැමීමයි. මෙය ඉන්දියාවේ සමූහ දූෂන සිදුවීම් වලට සමානය. ඉන්දියානු මනස පාලනය වන්නේ සිනමාව හා සෝප් ඔපෙරා මගිනි. නළුවන් වෙනුවෙන් සිරුරට ගිනිතබා ගැනීම සාමාන්‍ය දෙයකි. ඉන්දියානු චිත්‍රපට වල අපරාධ සිදුකරන ආකාරය අකුරෙන් අකුර කියාදෙයි.ඉන්පසු වීරයා ලවා දැඩි ප්‍රචන්ඩත්වයක් දුෂ්ටයාට මුදා හැරේ. ඉන්දියානු සිනමාවෙන් ඉලක්ක කෙරෙන්නේ මිනිස් සන්තානයේ ඇති තිරිසන් සහජාශයන්ය. මේවාට වහවැටී සිටින්නේ ඉතා දිළිදු ඉතා නූගත් මුඩුක්කුවාසීන් වැනි අයය.


එක් උදාහරනයක් දෙන්නම්. එක් අවස්ථාවක දෙමළ චිත්‍රපටයක පෙම්වතුන් කනේරු ඇට කා මිය යනවා. ඉන් පසු දෙමළ පෙම්වතුන් අතර කනේරු රැල්ලක් යනවා. මේක පටන් ගන්නෙ මඩකලපුවෙන්. ඊට පස්සෙ පොලොන්නරුව හරහ සිංහල සමාජයටත් එනවා.

 මේ චිත්‍රපටවලින් ස්ත්‍රී දූෂන පමනක් නෙවි ඊට පස්සෙ නීතිය අතට අරන් කරන ප්‍රචන්ඩත්වයත් අනුමත කරනවා. ඒවට ජනතාව පොළඹවනවා. ප්‍රචන්ඩත්වයට කරන මේ පෙළඹවීම් නවත්වන්න ඕන.
මේව බලන ප්‍රාථමික අය ආදර්ශයට ගන්නෙ මුල් කොටස.
නීතිය අතට ගැනීම අනුමත කරන්න බැහැ. ඔය නීතිය අතට ගන්නෙත් ආව්ස්ථාවාදීන්. උන්ට ඕන ආතල් එකක්.
ඔය සිද්ධියෙනම් පොලිස් වෙඩිල්ලක් අපේක්ෂාවෙනුත් කට්ටියක් ඉන්න ඇති. ඒ මිනිය මාකට් කරන්න බලාගෙන.ඊට පස්සෙ සිංහල පොලීසිය පිට වෙයව් කියල ප්‍රොටෙස්ට් කරන්න.

යම් සිද්ධියක් සිදුවී අපරාධකරුවන් අත් අඩංගුවට ගත් පසුපවා රජයේ දේපළ විනාශ කරමින් යකා නටන සම්ප්‍රදායක් ඉන්දියාවේ ඇත. සමහරු සිරුරට ගිනි තබා ගනිති. දකුණු ඉන්දියානු සංස්කෘතියේ ආභාෂයට ලක්වන යාපන සමාජයේ මෙවැනි ප්‍රවනතා ඇතිවීම කණගාටුවට කරුණකි.


මේවා ලියන්නත් බයය. දෙමළ ජනයාගේ ලේ නෑයෝ සයිබරයේ සිටිති. කොහෙද බොල දෙමළ සමාජයෙ නූගත් දුප්පත් අය ඉන්නෙ කියා සරම් කරට ගන්නත් බැරි නැත. දෙමළාටත් වඩා දෙමළ වීම උසස් ගතියක් ලෙස ඔවුහු විශ්වාස කරති. පසුගිය කාලයේ රාජ්‍ය නොවන සංවිධානවල නෝනලා තමන් ජාතිවාදී නැතිබව පෙන්වීමට දෙමළ ක්‍රමයට සාරිය ඇද නලලේ පොට්ටුත් තැබුවාලු.



දෙමළ ජනයාගෙන් 52 % ක් සිටින්නේ සිංහලයන් අතරය. එසේම සිංහල සමාජයේ දෙමළ ජනයා ව්‍යාපාරික ආධිපත්‍යයක් දරති.ඔවුහු රැකියා කරමින් කිසි කරදරයක් නැතිව වෙසෙති. දලදා මාලිගයට බෝම්බ ගසන විට පවා දෙමළ කඩයකට ගලක් වත් ගැසුවේ නැත. 1983 සිදුවීම්  වෙනම සංදර්භයක සිදුවූවකි. පසුගිය කාලයේ රාජ්‍ය අනුග්‍රහය ඇතිව සිදුකළ සංවිධානාත්මක මුස්ලිම් විරෝධය ට සමාන දෙයකි.



ආනන්දභවන් එකෙන් වඩේ කා දෙමළ  අයට පරය කියා බනින බව එක්තරා ගායකයෙකු කියයි. එහෙත් මම නම්  එවැනි නොසළකාහැරීමක් හෝ වෙනස්කර සැළකීමක් දැක නැත. අපේ ප්‍රදේශයේ දෙමළ දොස්තරවරු දෙමළ ව්‍යාපාරිකයන් සිටිති. සිංහල ජනයා මේ අයට නැති තැන කතා කරන්නේද නම අගට මහත්තයා කියාය. නමුත් වතු දෙමළ ජනයාටනම් පහත් කර කතා කරති. ඔවුන්ට ඔවුන්ගේ දෙමල සමාජයෙන් ලැබෙන්නේ ඊටත් වඩා නරක තැනකි. ඒ අනුව ඔවුන් පහත් කර සැළකීම ජාතිවාදයක් නොව කුලවාදයකි. වෙනත් ජාතියක අඩුකුලයේ අය වැනි හැඟීමකි. එය නරක  දෙයක් බව ඇත්තය.ජාතිවාදයක් නම් පොදු විරෝධයක් තිබිය යුතුය.

  
අපි සමූහ දූෂණයත් හෙළා දකිමු .පශ්චාත් ප්‍රචන්ඩත්වයත් හෙළා දකිමු.
අපි පුන්කුඩුතිව් කෙල්ලො ගැන විතරක් කදුළු සලන්නන් නොවෙමු. ජාති ආගම් භේදයකින් තොරව ඕනම කාන්තාවකට වෙන අපරාධයකට එරෙහිව නැගී සිටිමු.


පසුව ලියමි


මෙම සිද්ධිය ගැන සටහන් තැබූ බ්ලොග් සොයා යාමේදී තවත් දෙකක් හමුවිය. එහි එක් කොමෙන්ටුවක තිබුනේ පොලිස් නිළධාරියෙකු වයසක අම්මා කෙනෙකුට බනින ආකාරය ගැනයි. පොලීසිය ගැන දන්නා මම මේ මොකක්දැයි බැලීමි. එහි කොමෙන්ට් කර තිබූ සමහරුන් තමන් සිංහලයන් වීම ගැන ලැජ්ජා වන බවත් තිස් අවුරුදු යුද්ධයක් තිබුනේ මෙවැනි පොලිස් නිළධාරීන් නිසා බවත් කියා මහත් ආවේගයෙන් අදහස් දක්වා තිබිණි. එහෙත් එම නිළධාරියා හැකි උපරිම කරුණාවෙන් එම කාන්තාවට කරුණු පැහැදිලිකර තිබිණි.  මෙය දකුනේ සිදුවුනානම් මෙම නිළධරා වුනත් මෙසේ නො හැසිරෙන බව මම සිතමි. පොලීසියට අවශ්‍ය මේ මොබ් එක විසුරුවාහැරීමයි. එය ඔවුන්ගේ රාජකාරියයි. එහිදී ඔවුන් සීමාව ඉක්මවා ඉවසීමෙන් ක්‍රියා කර ඇත.


මේවාට ආවේගයෙන් කොමෙන්ට් දම්මන්නන්ගේ දෙමළ ආලය විශ්මය ජනකය.


මෙතනින් බලන්න ඒ වීඩියෝව



මෙන්න කොමෙන්ට් සමහරක්


දෙමළ මුස්ලිම් වැඩිපුර ඉන්න පලාත්වල මේ විදිහේ ප්‍රශ්න ඇතිවෙන්න හේතුව මේකයි... තමන්ට ස්ව පාලනයක් ඉල්ලුවෙත් මේ නිසයි... දෙමළ බහුතරයක් යුද්ධයට උදවු කලෙත් මේකයි... අඩු තරමේ මේ පොලිස් නිලධාරියා මේත් මිනිසුන් කොටසක් ලෙස සලකා ගෞරවයෙන් ආමන්ත්‍රනය කලා නම්.... හරි හෝ වැරදි ශිශ්ඨ ලෙස කිව්වා නම් මෙලෙස වෙන එකක් නෑ... ඒ මිනිස්සුන්ට මහ ජාතිය පිලිබන්ද වයිරයක් ඇතිවෙන එක පුදුමයක් ද ? මේ මිනිස්සු ඉල්ලුවේ නීතියේ සාධාරනත්වය..... ඒක ලබුනා නම්, අඩු තරමේ ලැබෙන බවට විශ්වාසයක් වත් තිබුනා නම් උද්ඝෝශනය කරන එකක් නෑ


කාගෙ මිනිස්සුද? " ඒ කියන්නේ සිංහල අපි නෙවෙයි දෙමල උබලගේ මිනිස්සු ! මේවගේ මෝඩ බලු පොලිසිය , රජෙයේ නිලදාරීන් හින්ද නිසා තමයි මෙරටේ මේ ප්‍රශ්නේ දුරදිග යන්නේ ! දෙමල මිනිස්සු වෙනමම රටක් ඉල්ලන්නේ , උන්ගේම කියල පොලිසියක් ඉල්ලන්නේ ! ඇයි මේ නිලදරියට අනුව මේ පිට මිනිස්සු , උ
ගේ මිනිස්සු නෙවෙයි ! යකෝ උබල ඇතිකරන මේ බෙදීමට පව් ගෙවන්න ඕනේ අහිංසක සිංහල අපි !


සිංහල ජාතියට දාව ඉපදුනාට ජීවිතයේ ප්‍රථම වතාවට අද මම ඉතාමත් ලජ්ජාවට පත් වූ දවසකි. මහ ලොකුවට ලෝකෙට කියන්නේ සිහල ජාතිය තමා ලෝකෙන්ම ඉන්න උතුන්ම ජාතිය කියලා. අහිංසක කෙල්ලෙකුව 9 දෙනෙක් දුෂණය කරලා මරලා දාපූ උන්ට දඩුවම් දෙන්න කියලා එදිරියට ආපු මේ වයසක අම්මට කතා කරන මේ පරයා මුළු සිංහල ජාතියම අවමානයට ලක් කලා නොවේද? මුගේ දුවට ඒ වගේ අපරාදයක් උනානම් මූ කෙසේ හැසිරේද? මේ වගේ නපුංසකයෝ පොලිස් නිළ ඇදුම ඇදගෙන හරියට නිතිය ක්‍රියාත්මක නොකරනවට අමතරව මේ වගේ අවමන් විදියට හැසිරුනට රජ කාලේ දඩුවම් දිය යුතු නොවේද? මේවට දෙමළ මිනිස්සු කලබල නොවී හිටියොත් තමා පුදුම !!! ඊට අමතරව මේ සිදුවීම සහ මීට පසු ඇතිවූ කලබය දේශපාලනික වශයෙන් විවිඩ පක්ෂ කුමන ආකාරයෙන් හෝ වාසී ලබා ගැනීමට උත්සහ දැරීම මුළු මහත් සිංහල ජාතියේම අභාග්‍ය නොවේද? මේකද මහ ලොකුවට පුරසාරම් දොඩන සිංහල කම?

සමහර කොමෙන්ට් කරුවෝ ස්වයංපාලනය දෙන්නටද යෝජනා කරති.උන්  ඇන්දිල තියන තරම.


ඊට එරෙහිව දැමූ කොමෙන්ටුවක්.


මේ සිද්ධියේ දෙපැත්තම තියෙනවා..
එක පැත්තකින් පොලිස් නිලධාරීන් නිවැරැදියි.
ඒ වගේම තව පැත්තකින් අඩු පාඩුවකුත් තියෙනවා...

මේ දේවල් දෙමළ අයට මෙන්ම සිංහල අයටත් සිදුවෙනවා...

මේ වැරදි කරුවන් හඳුනා ගන්න අමාරු උනානම්.. ඔය අම්මලාම ඇවිත් කියන්නේ හරි හමුදාවෙ කොල්ලා තමයි මේක කලේ කියලා..

එතකොට ඔය පොලිසියට බණින අය.. හමුදාවටම තාම බණින්නේ..

කොහොම උනත් මේ පොලිස් නිලධාරියා ඒ අම්මගෙ කටින්ම පිළිතුර ගත්තා.. " මේ අපරාධය කලේ #දෙමළ පිරිමි# කියලා ".....

අනික හමුදාව නොකළ දේවල් වලට මේ මොනවත් නොතේරෙන මිනිස්සු ලව්වා උද්ගෝෂන කරවනවද ?

ඒ වට කතා කරන්න කොම්මෙන්ටු දාන්න මේ පොලිසිය ට බණින අය කවුරුත් නැහැ..

එතකොට දෙමළ අය උසාවියට ගල් ගහපු එක හොඳයි...

රිෂාඩ් කැලේකපන්නා මන්නාරම් උසාවිය ගල් ගහපු එක හොඳයි .

මේ කොමෙන්ට්කරුවන් බිය වී ඇති තරම.
මෙම පොලිස් නිළධරයා කවුද මේක කළේ කියා අසන්නේ මේ උද්ඝෝෂකයන් නීතිය අතට ගත්තේ මේ දූෂනය ආරක්ෂක අංශ විසින් කළ පරිද්දෙනි. 
කවුදැයි මුලින්ම ඇසුවේ එනිසාය.
පොලීසියේ කාර්යභාරය සැකකරුවන් නීතිය හමුවට ගෙන ඒම මිස ළැමයි හැදීම නොවේ.
මේ සිද්ධිය දකුණෙ වුනත් මේ දෙබස වෙන්නෙ මේ ලෙසටමය.



දෙමළ සිත් රිදෙයි කියා සමහරු ඉන්නෙ මාර බයකිනි. දෙමළ ජනයාගේ සිත් ඔය විදියට රිදෙන්නට ඔවුන් පොඩි බබාල නොවේ.






45 comments:

  1. වාසුගේ සිද්ධිය ගැන කතා කරන්නම්.........

    //එහෙත් මා ඇසුරු කරන උගත් මධ්‍යම පාන්තිකයන් නම් බහුතරය නොව සියළුම දෙනා පාහේ මහින්ද විරෝධීන් වී ඇත්තේ මෙවැනි ගොන් පාට් නිසාය. මේ වැඩවලින් පාවෙන ඡන්ද තවත් ඈත් වේ.//

    ම.ම මේ කියන විදිහට මහින්දව ජනතාව ප්‍රතික්ෂේක කරේ මහින්දගේ වැරදි නිසා නෙව වටේ හිටිය උන්ගේ වැරදි නිසා යැයි හැගීමක් අැතිවේ...... ඒබැවින් ඒ කතාව වෙනස් විය යුතු යැයි විශ්වාස කරමි....

    ReplyDelete
    Replies
    1. මහින්දගෙ වැරදි තිබුනා. ඒත් කිඹුල කනකොට ඉවසතහැකි කොහිල කටු ඇනෙනකොටනෙ ඉවසන්න බෑ කියනව වගෙ මේ ගොන් පාට් මිනිසුන්ට තදට වැදුන. විමලයයි මර්විනයයි තමා වැඩි දෙනෙකුට පෙන්නන්නම බැරිව සිටියෙ.
      මහින්ද හිතුවෙ මේ රටේ මිනිස්සු මුරා වර්ගයෙ මී හරක්ය කියල. බලන්න තවත් මේ සී නිව්ස් එකේ මිත්‍යාව වපුරන හැටි.
      මේ අයට ඉඩදීමත් මහින්දගෙ වරදක් තමයි.

      Delete
    2. අපේ රටේ බහුතරයක් වරද්දන් ඉන්න තැන තමයි ඔය මහින්දගේ වටේ ඒවුන් මහින්දව කෑවා කියන කතාව..... කනකල් බලාන ඉන්න මහින්ද බබෙක්ද??? අැත්තට ම මේ හැම දේම වුනේ මහින්දගේ අවශ්‍යතාවයට... බලයට තියෙන කෑදර කමට..... හත්මුතු පරම්පරාවම ගෙනැල්ලා අාරක්ෂාව හදාගත්තා..... සදාකල් ඉන්න පුළුවන් කියලා මිනිහා හිතුවා...... අදටත් බලය වෙනුවෙන් කෑදර කමින් දගලන විදිහ බලන්න..... මේ විදිහ කෙනෙක්ට අායෙම මොනම බලයක්වත් දිය යුතු නැහැ....
      වෙන මොනවත් ඔ්නේ නැහැ බැරිවෙලාවත් මහින්ද දිනුවා නම් මෙෙත්‍රීට අද මොකද වලා තියෙන්නේ...... ඒත් අද මහින්ද පන්සල් ගානේ අැවිද අැවිද කෑ ගගහා දේශපාලනය කරනවා...... ඔන්න ඔය වෙනසයි රටට ඔ්නේ........

      Delete
  2. යහපාලන නඩේ පෙරගමන්කරුවෙකු වූ, නිර්මාල් දේවයා ගේ අති මිත්‍ර කොලඹ විස්සවිද්ද්යාලයේ නීති පීටාදිපති තමිල්මාරන් විද්යා ගේ දූශකයා හොරපාරේ බේරාගන්න ගිහින් අහු වෙලා කියා දන්නවාද?

    ReplyDelete
    Replies
    1. කවුරු දූෂනය කළත් අන්තිමට යන්නෙ වෙන දේශපාලන පාරකට.

      Delete
  3. දුටුවෙමි. කියවූයෙමි.

    //අපි සමූහ දූෂණයත් හෙළා දකිමු .පශ්චාත් ප්‍රචන්ඩත්වයත් හෙළා දකිමු.// ඒ සම්භන්දව එක්තරා හිටපු නායකයෙකු කල ජාතිවාදය නැවත අවුස්සනසුළු අමන ප්‍රකාශයද හෙලා දකිමි.

    ReplyDelete
    Replies
    1. ඔහුගෙ ප්‍රකාශවලින් ජාතිවාදය ඇවිස්සෙන්නෙ නෑ. එහෙම ජාතිවාදය ඇවිස්සෙනවනම් යුද්ධකාලෙ වුන දේවල් වලට ඇවිස්සෙන්න එපායැ. ගම්මාන පෙතිගහලත් දළදා මාළිගයට ශ්‍රී මහා බෝධියට ගහලත් බස් පුපුරවලත් ජාතිවාදය ඇවිස්සුනේ නැති එකේ ඔය මිනිහ මොනවහරි කියපු හැටියෙ ජාතිවාදෙ ඇවිස්සෙන්නෙ නැහැ.
      උතුරෙ සිදුවීම් පිටුපස දේශපාලනයක් තියනව. දේශපාලන පක්ෂ කන්නාඩි දාගෙන හැම දේකටම මහින්දටයි සිංහලයන්ටයි චෝදනා කරන්න යාමෙන් වෙන්නෙ යථාර්ථය දකින්න බැරිවෙන එක.

      Delete
    2. //උතුරෙ සිදුවීම් පිටුපස දේශපාලනයක් තියනව. දේශපාලන පක්ෂ කන්නාඩි දාගෙන හැම දේකටම මහින්දටයි සිංහලයන්ටයි චෝදනා කරන්න යාමෙන් වෙන්නෙ යථාර්ථය දකින්න බැරිවෙන එක//

      +++++++++++++++++++++++

      Delete
    3. //ඔහුගෙ ප්‍රකාශවලින් ජාතිවාදය ඇවිස්සෙන්නෙ නෑ. එහෙම ජාතිවාදය ඇවිස්සෙනවනම් යුද්ධකාලෙ වුන දේවල් වලට ඇවිස්සෙන්න එපායැ. ගම්මාන පෙතිගහලත් දළදා මාළිගයට ශ්‍රී මහා බෝධියට ගහලත් බස් පුපුරවලත් ජාතිවාදය ඇවිස්සුනේ නැති එකේ ඔය මිනිහ මොනවහරි කියපු හැටියෙ ජාතිවාදෙ ඇවිස්සෙන්නෙ නැහැ// +++++++++++++++++++

      Delete
  4. වැරදිලාවත් ඔය කෙල්ලේගේ දුෂකයන් අතර සිංහලයෙක් හිටියනම්. අපේ බ්ලොග් කාරයේ කොහොම නටාවිද?
    ඇයි සමහර උත්තියෝ කියන්නේ ස්ත්‍රී දුෂණය සිංහල සංස්කෘතිය හා බැදී ඇති දෙයක් කියලා.

    ReplyDelete
    Replies
    1. ඉහත කමෙන්ටුවේ "උත්තියෝ" යන්න ඇත්තියෝ ලෙස නිවැරදි විය යුතුය.

      Delete
    2. එක්සත් ජාතික පාක්ෂිකයන් දෙමළ ජනයා සළකන්නේ සිය මුර දේවතාවුන් ලෙසයි. ප්‍රසිද්ධියේ දෙමළ මිනිසුන්ට වැද නමස්කාර නොකරන ටික පමණයි. සුළු දේටත් කලබල වන්නේ ඒකයි.
      ඔබ කියන ලෙස සිංහලයෙක් ඔවුන් අතර සිටියානම් අද උතුර නැගෙනහිර ලේ විලක්. අඩන්න හිටිය එකාගෙ ඇහැට ඇගිල්ලෙන් ඇන්න වගෙ.ඔය උද්ඝෝෂන පිටුපස සිටින දෙමළ දේශපාලනඥයන් කෙළින්ම පාරට බසීවි සිංහල හමුදාව ඉවත් කරගන්න කියා.
      මේ ප්‍රශ්න ප්‍රවේසමෙන් අධ්‍යනය කළ යුත්තෙ ඒකයි.

      බ්ලොග්කරුවන් නොනවත්වාම පොලවෙ පස් කයි. විලාප තබාවි. අදෝනා කියාවි.ඔවුන්ගෙ ගෙවල්වල බතක් නො ඉදේවි. ඔවුන්ගෙ විලාපවලට පොලව කම්පා වේවි. සිංහල හමුදාව තමිල් ඊළමෙන් ඉවත්කර ගනිවු කියා සයිබරයේ මහ කොලහල කරාවි.

      ෆේස්බුක් වල කොමෙන්ට් කරලනෙ ස්වයංතීරණ අයිතිය දිය යුතුයි. හමුදාව පොලීසිය ඉවත් කර ගත යුතුයි කියල. ඊළාම්වාදීන් කියන දේමයි මේ පක්ෂයෙ අය කියන්නෙ . මේ පක්ෂයෙ මිනිස්සු මාරයි.

      ඉන්දියාවෙ මව්වරු ළමයි නළවන්නෙ වන්දේ මාතරම් කියල. භාරතමාතාවට නමස්කාර කරමින්.පොඩි කාලෙ ඉදලම රටට ආදරය කරන්න ඉන්දියානුවා හුරුකරවනවා. මගෙ දෙමවුපියොත් මාව හැදුවෙ රටට ආදරය කරන්න පොඩි කාලෙ ඉදලම හුරු කරවලා. මෙහෙම අදහස් දක්වන්නෙත් ඒකයි.

      Delete
    3. මේ වගේ අකටයුතුකම් නවත්වන්න ආවේගශීලීව බෑ. සැලසුම්සහගත සමාජීය මනෝවිද්‍යාත්මක පරිනාමයක් වෙන්න ඕනේ. ඒකට ආදර්ශය අපේම අතීත සමාජයෙන් උනත් ගන්න පුළුවන්. වෙන්න ඕන එකම දේ ස්ත්‍රී පුරුෂ වශයෙන් එකිනෙකාගේ විශේෂ හැඩගැසීම් වලට නිසි ගෞරවය ලබාදී ස්ත්‍රීත්වය යන්න සමාජයක යහ පැවැත්මටත් ලිංගිකත්වය අනුව පැවතියයුතු සමබරතාවය තබාගැනීමටත් අනිවාර්ය වශයෙන් අවශ්‍යයි කියන එක ඒත්තුගන්වමින් ස්ත්‍රී පාර්ශවයට රැකවරනය ලබාදීමයි. එහිදී කාන්තාවන් හෝ ගැහැනු ළමුන්ට බටහිර කාන්තා විමුක්තිවාදය සියළු ප්‍රශ්න වලට විසඳුම ලෙස පෙන්වාදෙන මිත්‍යාව නොදියයුතුයි. ඔවුන් පිරිමින් නොවන බව හා ස්ත්‍රීත්වය අනුව ජීවිත හැඩගසාගතයුතු බවද ඔවුන්ට ඒත්තුගැන්වෙන ආකාරයට ඔවුන් සමාජය විසින් රැකියයුතුයි. එසේ නොමැතිව මේ වගේ සිද්ධි වලට මුවා වී බටහිර කාන්තා විමුක්ති උමතුවට හිස ඔසවන්න ඉඩදීමත් යාපනේ සිද්ධිය අල්ලගෙන කොටි නැටුම් පටන්ගන්නත් ඉඩ නොදියයුතුයි.

      Delete
    4. //ඔබ කියන ලෙස සිංහලයෙක් ඔවුන් අතර සිටියානම් අද උතුර නැගෙනහිර ලේ විලක්. අඩන්න හිටිය එකාගෙ ඇහැට ඇගිල්ලෙන් ඇන්න වගෙ.ඔය උද්ඝෝෂන පිටුපස සිටින දෙමළ දේශපාලනඥයන් කෙළින්ම පාරට බසීවි සිංහල හමුදාව ඉවත් කරගන්න කියා.
      මේ ප්‍රශ්න ප්‍රවේසමෙන් අධ්‍යනය කළ යුත්තෙ ඒකයි.

      බ්ලොග්කරුවන් නොනවත්වාම පොලවෙ පස් කයි. විලාප තබාවි. අදෝනා කියාවි.ඔවුන්ගෙ ගෙවල්වල බතක් නො ඉදේවි. ඔවුන්ගෙ විලාපවලට පොලව කම්පා වේවි. සිංහල හමුදාව තමිල් ඊළමෙන් ඉවත්කර ගනිවු කියා සයිබරයේ මහ කොලහල කරාවි.

      ෆේස්බුක් වල කොමෙන්ට් කරලනෙ ස්වයංතීරණ අයිතිය දිය යුතුයි. හමුදාව පොලීසිය ඉවත් කර ගත යුතුයි කියල. ඊළාම්වාදීන් කියන දේමයි මේ පක්ෂයෙ අය කියන්නෙ . මේ පක්ෂයෙ මිනිස්සු මාරයි.// ++++++++++++++++++++++++++

      වැටකුත් මදි.
      එහෙනම් මෙතන මල මඟුලක් වෙන්නේ.සයිබරයේ කුලියට අඬන කට්ටිය වෙනම හර්තාලයක් කරාවි මෙහේ..සමහරවිට සිංහලයා දූරිංභූත වේවා කියලා කෝවිල්වල පොල් ගහන්නත් බැරි නෑ.මොකෝ දූෂණවලට වෙනම ලැයිසමක් තියෙනවනේ සිංහල බෞද්ධයට..හැබැයි සිංහල කතෝලිකයට ඒක නෑ..පුදුමයි නේ..

      Delete
  5. යකා, ඒ වීඩියෝ එකනම් සෙට් කරල ගත්තු එකක්,
    අන්තිමට කියන්නෙ "දැන් ඇතිනෙ ඕක නවත්තගන්න" කියල කැමරාවට කියන්නෙ.
    ඉන් පස්සෙ එනව ඇති හොඳ කුහරුප වරුසාවක්.

    ReplyDelete
    Replies
    1. අනේ මන්ද .මේ වීඩියෝ එකේ තියන එක ගැනයි මම කතා කළේ.
      පොලීසිය ඔය විදියට සංයමයෙන් සිංහල ප්‍රදේශවලදිනම් හැසිරෙන්නෙ නැහැ. සමහරු මේකෙන් පොලීසිය එක්ක ඇරියස් කවර් කර ගන්න හදනවා.
      මේ නිළධාරිය කියන්න තියන දේ කියනවා.
      නීතිය අතට ගත්ත අයගෙන් අහනව කවුද ඒක කලේ කියල.උද්ඝෝෂන කරන්නෙ මේක ආරක්ෂක අංශ කලා වගෙනෙ.
      ඒ වයසක අම්ම කියනව මේක කළේ ඒ ගොල්ලන්ගෙම පිරිමි.
      ඉතින් ඒකට පොලීසිය පලිද
      නිළදාරිය සංයමයෙන් කියනව ඔය ගොල්ලන්ගෙ පිරිමි ඔයගොල්ලො හදාගන්න කියල .මොකක්ද වරද ඒකෙ.

      උන්ගෙ නෑයන්ගේ පක්ෂයෙ අයටනෙ කුලප්පුව හැදිල තියෙන්නෙ.

      Delete
  6. මධ්‍යස්ථට කමෙන්ට් එකක් නොදා යන්නත් බෑ. ඒ වුණාට මේ දෙකම ගැන ඇති තරම් අදහස් දක්වලා තියෙන නිසා කියන්න දේකුත් නෑ. පාසැල් සිසුවියන් මේ විදිහට අපරාධයන්ට ලක්වීමේදී දකුණෙත් උද්ඝෝෂණ ඇතිවෙලා තියෙනවා වරදකරුවන්ට දේශපාලන රැකවරණ දෙන්න එපා කියලා. මෙතනත් පාදඩ දේශපාලනය නේද ගෑවිලා තියෙන්නෙ?

    ReplyDelete
    Replies
    1. පාදඩ දේශපාලනය තමයි හේතුව.
      ඒත් දකුනෙ උද්ඝෝෂනවලදි උසාවිවලට ගල් ගහල නෑ. සාධාරනය ඉල්ලලා උසාවිවලට ගල් ගහන්න ගියොත් හරි ලස්සනට හිටීවි.

      බලන්න අර යටම කොමෙන්ටුව.



      "සිංහල ජාතියට දාව ඉපදුනාට ජීවිතයේ ප්‍රථම වතාවට අද මම ඉතාමත් ලජ්ජාවට පත් වූ දවසකි. මහ ලොකුවට ලෝකෙට කියන්නේ සිහල ජාතිය තමා ලෝකෙන්ම ඉන්න උතුන්ම ජාතිය කියලා. අහිංසක කෙල්ලෙකුව 9 දෙනෙක් දුෂණය කරලා මරලා දාපූ උන්ට දඩුවම් දෙන්න කියලා එදිරියට ආපු මේ වයසක අම්මට කතා කරන මේ පරයා මුළු සිංහල ජාතියම අවමානයට ලක් කලා නොවේද? මුගේ දුවට ඒ වගේ අපරාදයක් උනානම් මූ කෙසේ හැසිරේද? මේ වගේ නපුංසකයෝ පොලිස් නිළ ඇදුම ඇදගෙන හරියට නිතිය ක්‍රියාත්මක නොකරනවට අමතරව මේ වගේ අවමන් විදියට හැසිරුනට රජ කාලේ දඩුවම් දිය යුතු නොවේද? මේවට දෙමළ මිනිස්සු කලබල නොවී හිටියොත් තමා පුදුම !!! ඊට අමතරව මේ සිදුවීම සහ මීට පසු ඇතිවූ කලබය දේශපාලනික වශයෙන් විවිඩ පක්ෂ කුමන ආකාරයෙන් හෝ වාසී ලබා ගැනීමට උත්සහ දැරීම මුළු මහත් සිංහල ජාතියේම අභාග්‍ය නොවේද? මේකද මහ ලොකුවට පුරසාරම් දොඩන සිංහල කම? "

      යූ ඇන්පී කාරයෙක් තමන් දෙමළ ජාතිකයෙකු ලෙස ඉපදුනේ නැති එක ගැන ලැජ්ජ වෙනව. අනේ මෙහෙම නිවට කමක්.

      අවමන් ලෙස කතා කලාට මේ නිළධාරියට දඩුවම් දෙන්න ඕනලු. දෙමළ ජනයා නැගී නැගී නොසිටියොත්ලු පුදුම.
      මේ නිළධාරිය මෙහෙම කතා කළාම සිංහල ජාතියටම අවමානයක්ලු.

      මේ අය මේ ප්‍රශ්න ජාතිවාදී ආස්ථානවලින් දකින්නෙ. මේ නිළදාරිය රජයේ නියෝජිතයෙක් මිස සිංහල ජාතියෙ නියෝජිතයෙක් නොවෙයි. මේ කොමෙන්ට් දාන අය දෙමළ ජනයා ගැන ගෞරව සම්ප්‍රයුක්ත බියකින් ආතුර වෙලා. ඔවුන් බියවී ඇති තරම. සමහර යූඇන්පී ගෙවල් වල අලියෙක් ලොකුවට හදල සාලයේ තබනවා. අලියට අමතරව දෙමල ගැහැණියකගේ හා පිරිමියෙකුගේ රූප හදල සාලෙ තබල වැදුම් පිදුම් කළා නම් හරි.

      Delete
  7. //අලියට අමතරව දෙමල ගැහැණියකගේ හා පිරිමියෙකුගේ රූප හදල සාලෙ තබල වැදුම් පිදුම් කළා නම් හරි.//

    කතරගම දෙයියොන්ට වඳිනවා කියලා මුරුගා කියන දෙමල මැන්ස්ටයි දෙමල කානතාවක් වන එයාගෙ ගෑනි වල්ලි ටයි ස්‍රි ලාන්කීය වැදි කාන්තාවක් වන හොර ශොට් එක වන තේවානි ටයි වඳින්නේ......

    ReplyDelete
    Replies
    1. මටත් ඔය දෙවිවරු ගැන කිසි විශ්වාසයක්වත් සුළු හෝ පැහැදීමක්වත් නෑ.
      දේව විශ්වාස වල මූලයන් හොයන කොට අපේ මිනිස්සු මොක්කුද කියල හිතෙනව වෙලාවකට .

      Delete
    2. දෙතිස් කතාවෙන් මෙතනට පැන්නෙමි.

      //"කතරගම දෙයියොන්ට වඳිනවා කියලා මුරුගා කියන දෙමල මැන්ස්ටයි දෙමල කානතාවක් වන එයාගෙ ගෑනි වල්ලි ටයි ස්‍රි ලාන්කීය වැදි කාන්තාවක් වන හොර ශොට් එක වන තේවානි ටයි වඳින්නේ......"//

      මුරුගාගේ දෙමළ ගෑනි තේවානි වෙලා වැදි ගෑනි වල්ලි වෙන්න බැරිද?
      නෑ මම නිකමට ඇහුවේ, වල්ලි කීවම නමේම නිකං 'වල්' (ඒ කියන්නේ කැලෑ) ගතියක් තියෙන නිසා.

      Delete
  8. මේක දෙමළ සිංහල කියලා ගන්න නරකයි. උතුරෙත් දකුණෙත් වෙන්නේ එකම දේ. මම ලිව්වේ නම් ඇයි මේක සිංහළ අපිට දැනෙන්නේ නැත්තේ කියලා. ඊට පස්සෙද මන්දා හැමෝම මේ ගැන කතා කලා. දකුණේ වගේම, උතුරෙත් වැඩේ වන කරලා තියෙන්නේ පොලීසිය. පොලීසිය හා උසාවිය කියන්නේ ආන්ඩු වගේම මිනිස්සුන්ට අප්‍රසන්න තැන්. උන් ඒවට එදිරිව නැගී සිටියම, මෙහේ ඉන්න මිලේච්ඡ කාළකන්නින්ට ඒක කොටියා යලි නැගී සිටීමක්. මේ වගේ කාළකන්නි තමයි මේ රට අවුරුදු ගානක් පස්සට ඇදගෙන ගියේ. ආයෙත් කරන්න හදන්නේ ඒකමයි.

    ReplyDelete
    Replies
    1. මේ සිද්ධිය අපේ මිනිස්සුන්ට කිසි වෙනසක් නැතිව දැනෙන්න ඕන. ඒත් එහෙම වෙන්නෙ නෑ. සමහර විට අපේ ප්‍රශ්න දෙමළ අයටත් දැනෙන්නෙ නැතිව ඇති. කොහොමටත් සිංහල දෙමල ජනතාව එකම රටක වැසියො විදියට හිතන මට්ටමට යන්න හුඟක් ගෙදර වැඩ කරන්න වෙයි වගෙ.
      වැඩේ වන කරල තියෙන්නෙ පොලීසිය තමා. හැබැයි පොලීසියටත් වඩා පාදඩ දේශපාලකයො.
      හැබැයි උද්ඝෝෂනය වෙලාවෙනම් මාර ඉවසීමක් පෙන්නුවා. එක වෙඩිල්ලක් හරි පත්තුවුනානම් කොතනින් කෙළවර වෙයිද දන්නෙ නෑ.
      පොලීසි උසාවි මිනිස්සුන්ට අප්‍රසන්න තැන් තමයි. මේ අප්‍රසන්නකම දෙමළ මිනිහට වැඩියෙන් දැනෙනවා ඇති.

      මේව ලියන්න ගියාම ජාතිවාදී ලේබල් එක වදින නිසා හරිම අකමැත්තෙන් ලියන්නෙ.

      Delete
  9. පොලිස් නිළධාරියා සංයමයෙන් කටයුතු කර ඇති බවක් පෙනුනත් තම වචන පෙලේ අවසානයේ දී ඔහු මෙම ගැහැණියට අනතුරු ඇඟවීමකුත් කරනවා. 'අද වගේ තවත් මෙහෙම ගියොත්, මෙතනින් එහාට යන්න වෙනවා' පොලිස් නිළධාරියා, ඔය වචනවලින් ඔවුන් වෙත අනිත්‍ය බියක් ඇති කරන්න​ උත්සාහ කරනවා. වචන ස්වරවල රාජකාරියට එහා ගිය ආධිපති බවක් ගැබ්වෙනවා 'නීතිය කිරීමට බාදා ඇති කරන නිසා හෝ පොදු ස්තානවල අවහිරතා ඇති කරන නිසා ඔහේලව​ අත් අඩංගුවට ගන්න අපට සිදුවෙනවා' ලෙස නිත්‍යව කෙරෙන දෙයක් ගැන අනතුරු ඇඟවීමක් කර තිබුනා නම් එතනදී ඔහු සාධාරනයි.

    ඔබ ඉස්මතු කර පෙන්වා තිබුනු දෙවන කොමෙන්ට් කරුවා සමඟ මා එකඟයි, මෙම පොලිස් නිළධාරියා තම හැසිරීමේ දී කල අනෙක් වරද ලෙස මා දකින්නේ, ඔහු ජාතිය බෙදා වෙන් කරන්න උත්සාහ කර ඇති බවයි, මම සිංහලයා මං වෙනයි, උඹ දෙමළා උඹ වෙනයි කියන එක නොකියා කියනවා. වගකිවයුතු නිළධාරියෙක්ගෙන් ඔවැනි දෑ නොදිස්විය යුතුයි. පොලිස් හෝ ඕනෑම නිළයක් දරන, ඕනෑම ආගමක​, කෙනෙක්, අනෙක් වෙලාවල කෙසේ වෙතත් නිළ ඇඳුම ඇඳී ඉන්න අවස්තාවල තමා අයත් වන්නේ කුමන ආගමටද කියල ඉස්මතු නොවෙන තරමට හැසිරිය යුතුයි. එවිටයි ජාතීන් අතර පරතරය අඩුවෙන්නේ, අප ආගමෙන් වෙන් වුනත් ජාතිය වශයෙන් එකයි කියන විශ්වාසය ගොඩ නැගෙන්නේ. එහෙයින්, මා දකින​ විදිහට පොලිස් නිළධාරියාගේ ක්‍රියා කලාපය අප්‍රසන්නයි.

    ReplyDelete
    Replies
    1. ඔබ කියන කාරණයෙ මට යළි සිතන්න පැත්තක් තිබෙන බව නිහතමානීව පිළිගන්නවා. මම ඒ ගැන කල්පනා කළා.

      Delete
    2. ඔබ වැරදියි. පොලිස්කාරයා මෙතන අදහස් කරන්නේ සිංහල දෙමල කතාවකට වඩා නිළ ඇඳුම් අඳින සහ සිවිල් දෙකොට්ඨාශය ගැන විය යුතුයි.

      පොලිසියට එරෙහිව සිවිල් වැසියන් පිරිසක් විසින් කෙරෙන උද්ඝෝෂණයක් සිංහලයින්ට එරෙහිව දෙමළුන් විසින්ය යනුවෙන් අර්ථ දැක්වීම කඩප්පුලි කමක්.

      Delete
    3. සංවාදයෙහි වටිනාකම කියන්නෙ මේකයි. අපට නොපෙනෙන පැති පෙනෙන අය අපට මුණ ගැහෙන්නෙ සංවාදයකදි. දැන් බලන්න මේ ජෝෂෙප් මහතා මතු කළ අදහස. පොලිස් නිළධාරියා මෙතන මතු කරන්නට ඇත්තේ නිළ ඇදුම් අදින හා සිවිල් යන දෙකොට්ටාසය විය හැකියි. මෙවැන්නකදී කෙළින්ම ඇගිල්ල දිගුවන්නේ ආරක්ෂක අංශ වලටයි.
      එහෙම නම් සයිබරයේ විශාල පිරිසක් වලිග පාගගෙන ඔළුවට ඇනගතයුතු ටොක්ක යටිබඩට ඇනගෙන දහ අතට ඇඹරෙනු පෙනේ.

      Delete
  10. පොලිස් නිළධාරියා සංයමයෙන් කටයුතු කර ඇති බවක් පෙනුනත් තම වචන පෙලේ අවසානයේ දී ඔහු මෙම ගැහැණියට අනතුරු ඇඟවීමකුත් කරනවා. 'අද වගේ තවත් මෙහෙම ගියොත්, මෙතනින් එහාට යන්න වෙනවා' පොලිස් නිළධාරියා, ඔය වචනවලින් ඔවුන් වෙත අනිත්‍ය බියක් ඇති කරන්න​ උත්සාහ කරනවා. වචන ස්වරවල රාජකාරියට එහා ගිය ආධිපති බවක් ගැබ්වෙනවා 'නීතිය කිරීමට බාදා ඇති කරන නිසා හෝ පොදු ස්තානවල අවහිරතා ඇති කරන නිසා ඔහේලව​ අත් අඩංගුවට ගන්න අපට සිදුවෙනවා' ලෙස නිත්‍යව කෙරෙන දෙයක් ගැන අනතුරු ඇඟවීමක් කර තිබුනා නම් එතනදී ඔහු සාධාරනයි.

    ඔබ ඉස්මතු කර පෙන්වා තිබුනු දෙවන කොමෙන්ට් කරුවා සමඟ මා එකඟයි, මෙම පොලිස් නිළධාරියා තම හැසිරීමේ දී කල අනෙක් වරද ලෙස මා දකින්නේ, ඔහු ජාතිය බෙදා වෙන් කරන්න උත්සාහ කර ඇති බවයි, මම සිංහලයා මං වෙනයි, උඹ දෙමළා උඹ වෙනයි කියන එක නොකියා කියනවා. වගකිවයුතු නිළධාරියෙක්ගෙන් ඔවැනි දෑ නොදිස්විය යුතුයි. පොලිස් හෝ ඕනෑම නිළයක් දරන, ඕනෑම ආගමක​, කෙනෙක්, අනෙක් වෙලාවල කෙසේ වෙතත් නිළ ඇඳුම ඇඳී ඉන්න අවස්තාවල තමා අයත් වන්නේ කුමන ආගමටද කියල ඉස්මතු නොවෙන තරමට හැසිරිය යුතුයි. එවිටයි ජාතීන් අතර පරතරය අඩුවෙන්නේ, අප ආගමෙන් වෙන් වුනත් ජාතිය වශයෙන් එකයි කියන විශ්වාසය ගොඩ නැගෙන්නේ. එහෙයින්, මා දකින​ විදිහට පොලිස් නිළධාරියාගේ ක්‍රියා කලාපය අප්‍රසන්නයි.

    ReplyDelete
    Replies
    1. ඔබ කියන කාරණයෙ මට යළි සිතන්න පැත්තක් තිබෙන බව නිහතමානීව පිළිගන්නවා. මම ඒ ගැන කල්පනා කළා.

      Delete
    2. පොලිසියට එරෙහිව සිවිල් වැසියන් පිරිසක් විසින් කෙරෙන උද්ඝෝෂණයක් සිංහලයින්ට එරෙහිව දෙමළුන් විසින්ය යනුවෙන් අර්ථ දක්වා,
      දෙමළ වර්ගවාදයට උඩගෙඩි දෙන ඔබේ ක්‍රියා කලාපය අප්‍රසන්නයි.

      Delete
  11. සමහරවිට මේ පොලිස්කාරයා විචාරක ගේ ගෝලයෙක් වෙන්න ඇති...

    ReplyDelete
  12. මධ්‍යස්ත මතේ, රනිල් වාසු කතාව අතෑරලා ඉතුරු දේ ගැන කතාකලොත් මගේ මතය නම් මේකයි.
    පොලීසියේ තර්ජන ගර්ජන දූෂණ පගා කතන්දර වලට හුරුවෙලා අපේ ඇස් "පොලීසියක් කියන්නෙ මේ විදිය තමා" කියන කෝණයෙන් දකින්න පුරුදු වෙලා තියෙන්නෙ. පොලිසිය කොහොමද ඒ කතා කරපු විදිය සාධාරණ වෙන්නෙ? ඔහොමද ඕකුන්ට මිනිස්සුන්ට කතාකරන්න උගන්නල තියෙන්නෙ. ඔබේ තර්කය පිළිගන්නවා. පොලිසියේ එවුං මෙහෙ මිනිස්සුන්ටත් (දුප්පත් පීඩිත පංතියේ) කතා කරන්නෙ ඔය විදියට තමයි. ඉතිං ඒක හරිද? උද්ගෝෂණයක් හෝ යම් දෙයකට මූණ දෙන විදියත් මුන්ට උගන්නන්න ඕන.
    රිෂාද් බදියුදීන් කරන වැඩෙත් වැරදියි, උසාවියට ගල් ගහපු එකත් වැරදියි.
    //දෙමළ ජනයාගේ සිත් ඔය විදියට රිදෙන්නට ඔවුන් පොඩි බබාල නොවේ// ඔව් උන් බබ්බු නෙවෙයි, අපිත් බබ්බු නෙවෙයි. තුවාලයක් හොඳවේගන එනකොට ආයෙත් ඒක පාරගන්න හොඳ නැති බවයි මගේ අදහස.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම පොලීසිය ගැන අපට තිබෙන අත්දැකීම් තමයි මට ඒ වගෙ ආකල්පයක් දරන්න හේතුවුනේ. උතුරෙ නිසා ඔහොම වුනාට දකුණෙදිනම් ඔයිට වඩා දරුණු විදියට පොලීසිය හැසිරෙනවා. උතුර කියන්නෙ ජාත්‍යාන්තරයට සංවේදී ප්‍රදේශයක් .ඒ බව පොලීසියත් දන්නවා.
      තුවාල පාරන්නෙ නැති තරමට හොදයි. ඔබේ කොමෙන්ටුවට එකඟයි.

      Delete
  13. //කිසි දිනක කිසිම කෙනෙකුට අපහාස කර නැති නිකැලැල් බ්ලොග්කරුවන් මෙය අසා කලබල වීම ස්වාභාවිකය. පලමු ගල ගැසිය යුත්තේ ශුද්ධවන්තයන් බැවින් ශුද්ධවන්ත බ්ලොග් කරුවෝ සිය වගකීම අවබෝධ කරගෙන කලබල වීම සදහා ඉදිරිපත් වූහ. එය සතුටකි.//++++++++++++++++++++++++++

    //නීතිය අතට ගැනීම අනුමත කරන්න බැහැ. ඔය නීතිය අතට ගන්නෙත් ආව්ස්ථාවාදීන්. උන්ට ඕන ආතල් එකක්.
    ඔය සිද්ධියෙනම් පොලිස් වෙඩිල්ලක් අපේක්ෂාවෙනුත් කට්ටියක් ඉන්න ඇති. ඒ මිනිය මාකට් කරන්න බලාගෙන.ඊට පස්සෙ සිංහල පොලීසිය පිට වෙයව් කියල ප්‍රොටෙස්ට් කරන්න.//
    බහුතරයට කිරි එරී ඇති නිසා ඔය තර්කය තේරුම් ගන්නේ නැහැ මධ්‍යස්ථ.ඇත්ත ඇති සැටියෙන් දකින්නට හැකි උන් අන්ධවීම ගැන මගේ සාතිශය සංවේගය!නමුත් අන්ධවී හෝ ඔවුන් කරන දේ ඉතාමත් අනර්ථකාරීයි.

    ReplyDelete
    Replies
    1. දෙමළ ජනයාට ආරක්ෂක අංශවලින් අඩුපාඩුකම් නොවෙනවා කියා මා කියන්නෙ නැහැ. මීට ටිකකට කලින් කුණු කන්දක කේස් එකකට පොලීසිය ක්‍රියා කරන හැටි මා බලා සිටියා නිව්ස් වලට.
      එතනදිත් දැඩිව තමා හැසිරුනේ. එහෙම නැතිවත් බැරිව ඇති.
      මං උඩ කොමෙන්ට් වලට පිළිතුරු දෙනකොටත් කීවෙ දකුනට වඩා උතුරෙදි පොලීසිය ඉතා දැඩි සංයමයකින් හැසිරෙන්න ඕන කියලයි. භාෂාව භාවිතයෙදි පවා. මොකද අත් ඇරෙන දීගෙ හෙවනැල්ලත් ඇදයි කියනව වගෙ සද්භාවයෙන් කියන වචනයක් වුනත් වැරදියට ගන්න ඉඩ තියනවා.

      යාපනේ වයසක අම්මගෙ සිද්ධියෙදි පොලිස් නිළධාරියගෙ අතින් අඩුපාඩු වෙන්න ඇති. ඒත් සයිබරයෙ විලාප දෙන්න තරම් බරපතල නැහැ.

      ඔය උද්ඝෝශන පිටුපස නම් දෙමළ ජාතිවාදී දේශපාලනය තියනවා. ඒක ප්‍රතික්ෂේප කරන්න කාටවත් බෑ.

      දකුණෙ විතරක් ජාතිවාදය දැඩි නීති දාල මර්ධනය කරන්න කියල ඉල්ලීම් ඉදිරිපත් වෙනව මා දැක්කා. ඒව උතුරට නෑ. කෝකටත් තෛලෙ වගෙ මහින්දයටම බැණ බැණ ඉමු.

      තව ටික කලක් මෙහෙම දේවල් වෙන කොට සමාජයට දැනෙයි. සමාජයට දැනෙනකම් බලා ඉන්න ඕන. අපට තියෙන්නෙ නිශ්ශබ්දව බලා ඉන්න. උතුරෙ බෙදුම්වාදී දේශපාලනය බිම් මට්ටමේ යථාර්ථය. ඒ ගැන දුර දක්නා නුවනින් දකින අයට ජාතිවාදී හංවඩුව ගහනව විතරක් නොවෙයි ඒ ගැන කතා කරන අයව මරන්න ,මරාගෙන මැරෙන්න කතා කරනවා.

      බලමු මොකද වෙන්නෙ කියල.

      අසූව දශකයෙ මුල සිටි එක් හමුදාපතිවරයෙක් මෑතකදි මාධ්‍ය සාකච්ඡාවකදි කිව්ව. දෙමළ තරුණයන් අවි අතට අරන් කෑම්ප් වලට ගහන්න ඉඩ තියනව කියන කතාව අහල ඒ දවස්වල එයාට හොදටම හිනා ගියා කියල. අපි දන්නව පහුකාලෙ සිද්ධ වුන දේවල්.

      කලේ කොටි නෑ කියල අන්ධ විශ්වාසෙන් වැඩ කරන එක මෝඩකමක්.

      Delete
  14. අමාරුවෙන් හරි පඤ්චතන්ත්‍රය කියවල බැලුවනං මේ සත්තු ටික යසට හමුවෙනවා.

    ReplyDelete
    Replies
    1. පංචතන්ත්‍රය අපූරු පොතක්. මා කීප සැරයක්ම කියවලා තිබෙනවා. මට කියවන්න ලබුනෙ නෑ තවම කතා සරිත් සාගරය නම්.
      පංච තන්ත්‍රය තරම් උසස් වෙන උපදේශ පොතක් නම් මට හිතාගන්න බැහැ

      Delete
  15. මේ වගේ වැදගත් මාතෘකාවක් සාකච්චාවට ගත් එක ගැන යකාට ස්තුති කල යුතුයි !

    වාසුගේ කථාව ගැනනම්, මම ඉතාම අසතුටට පත් වෙනවා වගකිව යුතු දේශපාලකයින් මෙසේ ළාමකව හැසිරීම ගැන. එසේම රටේ අගමැති (පත්වූයේ කෙසේද යන්න වෙනමම කාරනයකි ) තබා කිසිදු මිනිසෙකු හට අපහාස කිරීමට හෝ අසභ්‍ය වදනින් බැන වැදීමට කිසිවෙකුට ඉඩක් තිබිය යුතු නැහැ.

    විද්‍යාගේ කථාව, ඇත්තෙන්ම ඉතාමත් කණගාටුදායක හා අනුවේදනීය සිදුවීමක්. ගැහැණු දරුවෙකු පිරිමින් අතින් දූෂණයට ලක් වීම කියන කාරනය ඉතාමත් බරපතලයි (මේ ගැන මා මරණ දඬුවම ගැන වූ යකාගේ ලිපියේත් අදහස් දක්වා තිබෙනවා ) මෙය මා පුද්ගලිකව දකින හැටියට නම් නීතිය ඉතාම තදින් ක්‍රියාත්මක කල යුතු තත්වයක්. ඒත් හෙල්මට් නැති යතුරු පැදිකරුවෙකුට නීතිය ක්‍රියාත්මක වන තරම් තදින් එය ක්‍රියාත්මක වේදැයි වෙනතුරු විශ්වාස නැහැ. මේ ක්‍රියාත්මක වන්නේ ලංකාවේ පොලීසිය හා ලංකාවේ දේශපාලන බල අධිකාරියයි එයට උතුරු දකුණු හෝ සිංහල දෙමළ වෙනසක් මා නම් දකින්නේ නැහැ. මුන් කවුරුත් බඩ ගෝස්තර වාදින් විතරයි.

    යාපනයේ අරගලය,
    මේක පිටුපස්සෙ යම්කිසි දේශපාලනයක් නැහැයි කියනවානම් ලංකාවේ දේශපාලනය කියැවීමට නොදන්නා ඊයේ පෙරේදා ඉපදුනු අත දරුවෙකුගේ කියමනක් ලෙසයි මා සලකන්නේ. පැහැදිලිවම මේ පිටුපස්සේ තියෙන්නේ රජයේ නීතිය ක්‍රියාත්මක කිරීමේ අධිකාරියට එරෙහි සංවිධානාත්මක කැරලි ගැසීමක්. එසේම දෙමල සමාජය තුල සිදු වූ (ප්‍රෂ්ණය දෙමළ සමාජය තුලට මා ලගු කරනවා නෙවෙයි ) ප්‍රෂ්නයක් රජයට හා පොලීසියට එරෙහි උද්ගෝෂන බවට පත් වීම තුල සිහි බුද්ධිය ඇත්තෙකුට මෙය කියවා ගත හැකියි.

    වැඩි දුරටත් අද ලංකාදීප වෙබ් අඩවිය http://www.lankadeepa.lk/index.php/articles/319402
    වාර්ථා කරන ඕස්ට්‍රේලියාවේ නවතම තත්වය සිහියෙන් කියවීම වටිනවා. එහි බෙදුම්වාදී ආධාර කරුවන් දැන් අලුත්ම ප්‍රචාරයක් ගෙන යනවාලු මිනිසුන් විසින් ගස් බැඳ තිබූ අපරාධකරු බේරා ගනු ලැබුවේ බෞද්ධ භික්ෂුවක බවත්, ඒ කලේ රජයේ අනුග්‍රහය ඇතිව බවටත්. ඇත්තෙන්ම සිද්දිය හා කිසිදු සම්බන්ධයක් නැති භික්ෂුවක් පටලවීමෙහි අරුත කුමක්ද? අපරාධ කරු ඇත්තෙන්ම බේරා ගැනීමට මැදිහත් වූවා යැයි කියැවෙන නීති උගතා පිළිබඳ සැඟවීමෙහි අරුත කුමක්ද?

    දෙමළ මිනිසාගේ සිත් රිදීම ගැන තැවෙන ලිපි ලියන්නන්ගෙන් මා අසන්නේ මෙසේ බෞද්ධ බික්ෂුවක් ගෑවීම මගින් සිංහලයාට සිංහල බෞද්ධයාට සිතට සතුටක් දැනෙනවායැයි ඔබ සිතනවාද? මෙය සංහිඳියාව උදෙසා දෙමළුන් ගෙන යන වැඩපිළිවෙලක් ලෙස ඔබ දකිනවාද?
    අර සිංහලයෙකු වීම ගැන ලැජ්ජා වුනු තැනැත්තා මේ ගැන කුමක් කියනවා ඇතිද?

    ReplyDelete
    Replies
    1. මේ සිද්ධිය ඉතා බරපතලයි . එහි කතා දෙකක් නැහැ. පිරිමින් නව දෙනෙක් අතින් දූෂණයට ලක් වුනා කියන්නෙ ඇය දූෂනය වන අතරෙම මිය යන්න ඇති. නමුත් සංවාද කෙරෙන්නෙ ඒ ගැන නොවෙයි.

      මෙම පුද්ගලයන් බේරා ගත්තේ බෞද්ධ භික්ෂුවක් කියා දෙමළ ජාතිවාදීන් ප්‍රචාරය කරන බව මා දැන සිටියේ නැහැ. කොටින් සිංහල ගම්මාන ම්ලේච්ඡ ලෙස ඝාතනය කර ඒවා වීඩියෝ කර ජාත්‍යාන්තරයට පෙන්වූවාලු හමුදාව දෙමළ ගම් විනාශ කළ අවස්ථා ලෙස. බෞද්ධ භික්ෂූන් දෙමළ කාන්තාවන් දූෂණය කරන බවත් දෙමළ මස් කන බවත් ප්‍රචාරය කළාලු. ඔවුන් මේ හැම දෙයක්ම කරන්නෙ ලෝකෙ කොහෙන් හෝ දෙමළ රටක් දිනා ගන්නයි. ඉන්දියාවෙන් , මැලේසියාවෙන් හෝ සිංගප්පූරුවෙන් කඩා ගන්න ලේසි නැති බවත් ථේරවාදය තිබෙන අවිහිංසාවාදී ලංකාවම ඊට උචිත බවත් ඔවුන් දන්නවා.

      තහනම් කරන්න හදන්නෙ මේ ප්‍රචාර ගැන අපට තොරතුරු ලැබෙන මාර්ගයි. ඒකයි අපූරු කාරනේ. යාපනේ සිද්ධවෙන මේ උසිගැන්වීම් සිදුවුනාට කමක් නෑ. හැබැයි ඒ ගැන දකුණෙ මත පළකිරීම වැරදියි. මොකද දකුනෙ ඉන්නෙ දෙමළ ලේ ඉල්ලන ලේ මාපිල්ලු. ඒ නිසා දකුණෙ ජාතිවාදය කියල තොරතුරු ලැබෙන මූලාශ්‍ර මර්ධනය කළ යුතුය යන්නයි තර්කය.

      සිත් රිදීම ගැන කියනවානම් ඒ කාලෙ එන් ජී ඕ වලින් උතුරෙ දේවල් මහ ඉහලින් වර්ණනා කරල කොටි කළ දේවල් දකුනෙ මාධ්‍ය වල යනවිට කීවෙ එවැනි ප්‍රචාර ජාතිවාදියි ආචාර ධර්ම විරෝධියි කියල. කැබිතිගොල්ලෑව බෝම්බෙ සිවිල් ඉලක්කයක් නොවේය එය යුධ ඉලක්කයක්ය කියල විකල්ප ප්‍රතිපත්ති කේන්දරෙන් කිව්වෙ ඒ අය ගියෙ ග්‍රාමාරක්ෂකයෙකුගෙ මළගෙදරකය ,බසයෙ ග්‍රාමාරක්ෂකයන් සිටියාය කියලයි.

      රටට අහිතකර ප්‍රචාර ගියත් එකළ ජේ ආර් ආණ්ඩුවෙන් ඒව ජාත්‍යාන්තරය හමුවෙ නිවැරදි කළේ නැහැ.ජේ ආර් ආණ්ඩුවෙ සිටියෙ ජාතිවාදය ප්‍රතික්ෂේප කරන පොෂ් උදවිය. ජේ ආර් මේ ගැන කතා කළ ගාමිණී ජයසූරියට කීවාලු ඔබ තලියෙ කිඹුල්ලු දකිනව කියල. නමුත් පසුගිය යුද කාලෙ එවකට පැවති සංධාන රජය දක්ෂ ලෙස ප්‍රචාරක ව්‍යාපෘතිය කළා. ඒ ආණ්ඩුවෙ ඊනියා ලේ මාපිල්ලු සිටිය නිසා වෙන්න ඇති.

      උතුරෙ ජාතිවාදෙ ඇතිවුනාට කමක් නෑ. හැබැයි දකුණෙ අපි ඒ ගැන කතා කරන එක පට්ට වැරදිලු.

      Delete
  16. මේ සිදුවීම් වලින් වාසුගේ සිදුවීම ගැනත් පාසල් සිසුවියගේ සිදුවීම ගැනත් ඇති තරම් අදහස් දක්වා තිබෙන නමුත් යමක් නොකියා බැහැ.

    වාසු එදා කටයුතු කෙරුවේ ඉතා අශික්කිත විදියට වාසුගේ ඒ හැසිරිමෙත් මර්වින් සිල්වා ඇතැම් අවස්ථාවල හැසිරෙන ආකාරයේත් වෙනසක් නැහැ.උත්තරීතරයි කියන පාර්ලිමේන්තුවේ ඉන්නේ මානසික රෝහල් වල ඉන්න ඕනේ අය කියලා තමයි එදා වාසු පෙන්නුවේ.

    යාපනේ ශිෂ්‍යාවගේ සිදුවීමේ ජාතිවාදයක් නැහැ.එතැන නැති ගැටළුවක් නිර්මණය වෙන්න ඒ ජනතාවගේ ප්‍රචන්ඩ හැසිරීම හේතු වුනා.උසාවියට පහරදීම කිසිසේත් අනුමත කරන්න බැරි නමුත් ඇතම්විට දකුණේ වුනත් ඔය වැනි ඛේදවාචකයක් වුවහොත් කුපිත වෙන පිරිස් වෙතින් මෙවැනිදේ සිදු වෙන්න පුළුවන්.අගුලානේ තරුණයින් ඝාතනය වූ විට කුපිත වෙච්චි ගම්වාසීන් පොලිසිය විනශ කර දැමුවා.එවැනි දේ නොවිය යුතුයි නමුත් එවැනි දේ නොවෙනවමත් නොවේ.නමුත් මේ සිදුවීම අරබයා මහින්ද දේශපාලන වාසි ගැනීමේ අරමුණින් කරන ප්‍රකාශ අන්තිම නින්දිතයි.

    ReplyDelete
    Replies
    1. හැම දෙයක්ම වෙනස්වෙන්න ඕන . ඒක පටන්ගන්න ඕන පාර්ලිමේන්තුවෙන්. අවම අධ්‍යාපන සුදුසුකම් වාගෙම වයස් සීමාවකුත් නෑ.
      අධ්‍යාපන සුදුසුකම් කීවම මම නම් නිර්දේශ කරන්නේ උපාධිය හෝ සමාන සුදුසුකම්. හේතුව මේ ආයතනය රටේ ප්‍රධානම තැන නිසා.
      වයස 65 හෝ 70 වෙනකොට දේශපාලනයෙන් සමුගන්න ඕන.

      යාපනේ මිනිසුන්ගෙ උද්ඝෝෂන නිදහස ගැන අවුලක් නෑ. ආනන්දි ල මේක පිටුපස ඉදන් බොර දියේ මාළුබාන එකයි වරද.
      මහින්ද අදහසක් ප්‍රකාශ කරපු එක නම් ඔච්චර සීරියස් ගන්න දෙයක් නෑ බන්.

      Delete
  17. අතර මග නතර වූ උතුර
    වම දකුණ මාරු වූ දකුණ

    ReplyDelete