Wednesday, May 20, 2015

යුධ සැමරුම ගැන බ්ලොග් ලෝකයේ මත සම්පිණ්ඩනය

යුධ සැමරුම් ගැන බ්ලොග් අවකාශයේ පෝස්ට් කිහිපයක් පළවී තිබිණි. බොහෝ පෝස්ට් කියවූ මම ඒවාට ප්‍රතිචාරද දැක්වීමි. රළු වුවද සුහද සංවාද ඇතිවිය. ඒ අදහස් කැටි කර වඩා මධ්‍යස්ථ මතයක් ගෙන හැර දැක්වීමටත් අදහස් සම්පිණ්ඩනය කිරීමටත්  මගේ බ්ලොගයේ පෝස්ටුවක්ම දැමීමට සිත්විය.මමත් කුමක් හෝ නොකිව්වොත් නුසුදුසු යැ‍යි සිතුණි.


  
සැමරුමට පක්ෂ අය කියන්නේ කුමක්  ද  මළවුන් සැමරීමට ඉඩ තිබිය යුතුබවය.මේ මතය තව ටිකක් එහාට ගෙන ගොස් එල් ටී ටී ඊ කාරයන්ද ඔවුන්ගේ ජනතාවට වීරයන්ය. ඉතින් එල් ටී ටී ඊ යට බැදී සටන් කළ තම අසල්වැසියා, ඥාති මිත්‍රයා සැමරීමට ඔවුන්ට අවසර තිබිය යුතුය.


ජවිපෙද කළේ කොටි කළ දේවල්මය. ජවිපෙ අය ඉල් මහ සමරුවේදී ඔවුන්ගේ පිස්සු බල්ලන් සමරයි. එසේනම් ඒ අවසරය කොටින්ටත් තිබුනාට කමක් නැත.මේ තර්ක ඇත්තෙන්ම සාධාරණ බව බැලූ බැල්මට පෙනේ.


ඇත්තෙන්ම මෙම සැමරුම් කිසිවෙකුට නතර කළ නොහැක. පසුගිය අවුරුදු පහේදීද නිළ නොවන ලෙස මේවා සැමරූහ.සැමරුම් වලට විරුද්ධ අය කියන්නේ කුමක්ද මේ සැමරුම් නිළ මට්ටමෙන් මාධ්‍ය සංදර්ශන පවත්වා සිදුකිරීමෙන් ත්‍රස්තවාදය සාධාරණීකරණය වන බවයි.එසේම යුධ විරුවන්ට නිග්‍රහයක් සිදුවන බවද කියති. මේ තර්කයද සත්‍යයකි.

තවත් තර්කයක් මතුවී ඇත. එනම් යුද්ධය යනු නමවත් කිව යුතු නැති මතෘකාවකි. එය කුණුවූ මී කුණක් සේ වළ දැමිය යුතුය. මෙම සැමරුම් තුලින් සිදුවන්නේ දෙමළ ජනතාව ගේ සිත රිදීමයි.මේ සියල්ල සිදුවන අතරේ අලුත් ප්‍රවනතාවයක්ද මතුවිය. ටිකෙන් ටික එක් අන්තයක සිට අනෙක් අන්තයටම ගොස් නතර විය. හමුදා සොල්දාදුවෝ කුලී මිණීමරුවෝය . කොටි අපේ සහෝදරයෝය. එන්න අප මළවුන් වෙනුවෙන් පහනක් දල්වමු.

දෙමළ ජනයාගේ අහිංසක සැමරුමට ඉඩ දෙන්න යන ආයාචනය නතර වූ තැන බලන්න.

ඉහත තර්ක මැද මෙම වසරේ මැයි 19 වැනි දිනය ගෙවී ගියේය.

මගේ මතයනම් මෙම තර්කවලට හේතුව වළිගෙ පාගගැනීම බවය. හමුදාව යනු රජය සතු යාන්ත්‍රණයකි. එහි සිටින්නේ වැටුප් ලබන පිරිසකි. ආර්ථික ප්‍රශ්න නිසාම හමුදාවට බැදෙන බවට වූ තර්කයද මම නොපිළිගනිමි. ජීවිතය අවදානමට නොදා කළ හැකි රැකියා ඕනෑ තරම් ඇත.

හමුදා සාමාජිකයෝ දේශප්‍රේමීන්ය යන මතයද මෙවැනිම වරදවා වටහා ගැනීමකි. යුද්ධය පැවති කාලයේදී ඇතැම් හමුදා සාමාජිකයෝ යුධ රහස් කොටින්ට දී මාට්ටු වූහ.එක් මේජර්වරයෙක් මෙසේ මාට්ටුවූ පසු ඔහුගේ තොරතුරු මත අල්ලාගත් කොටියෙක් කීවේ මේ සර්ට කොච්චර සල්ලි දුන්නත් වැඩක්  නෑ සිගරට් ම බොනව කියායි. ඒ කියන්නෙ මොහු කොටින් පස්සෙ වැටී සිට ඇත්තේ පොලී මුදලාලි කෙනෙක් පස්සෙ වැටුන අසරණයෙක් ලෙසයි. පොට්ටු අම්මාන්ද මෙම හමුදා මහත්වරු ප්‍රශංසාවට ලක්විය. පොට්ටු අම්මාන් කීවේ මෙම මහත්වරුන් මෙසේ හැසිරෙන්නේ ඔවුන්ට දෙමළ අභිලාශයන් ගැන ඇති පැහැදීම නිසා බවයි.

යුධ සමයේ දෙමළ අභිලාශ ගැන පැහැදුනේ මෙවැනි සෙබලුන් පමණක් නොවේ.සිවිල් ක්‍රියාකාරීන්ද පැහැදුනහ. මාධ්‍යවේදීන්ද පැහැදුනහ. සාමාන්‍ය ජනයා පහදවා ගැනීමේ වැඩ පිළිවෙළක්ද සාම සමයේ ක්‍රියාවට නැගුණි. මේ පැහැදීම කොතරම් දුර දිග යන්නේද යත් සිංහල ගම්මාන කැතිගාන්නට පාර පෙන්වන්නටද මෙවැනි අය පැමිණ ඇත.

සැමරුම් තුලින් දෙමළ සිත් රිදෙන බව කියන අයගේ තර්ක වලට පදනම මෙම යුද්ධය සිංහල දෙමළ යුද්ධයක් බවයි. ඇත්තෙන්ම මෙම යුද්ධය සිංඅල දෙමළ යුද්ධයක් නොව මානව විරෝධී පැස්සිට්වාදයක් සහ ශිෂ්ට සමාජයක් අතර සටනකි.

හිට්ලර්ද සටන් කළේ ජර්මන් ජාතිය බේරා ගැනීමට කියාය. යුදෙව් සමූලඝාතනය ගැන නැගුන ප්‍රශ්නායකට ඇඩොල්ෆ් අයික්මාන් නමැති නාසි අලුගෝසුවා නැගූ තර්කය වූවේ ඔබ රෝගී වී ඇති යුරෝපා දේහය යුදෙව් විශබීජවලින් බේරාගැණීමට අප දරන උත්සාහය දකින්නේ නෑ කියාය.

එදා ජර්මානුන් බහුතරය වී සුළුතර යුදෙව්වන් පෙළුහ. ලංකාවේ සිදුවුනේ එහි අනෙක් පැත්තයි .සුළුතර සංවිධනායක් භූමිය අල්ලාගෙන වාර්ගික ශුද්ධ කිරීමක් කළේය.එහිදී සිංහල මුස්ලිම් දෙවර්ගයම පීඩාවට පත් විය.මෙම පැස්සිට්වාදය පරාජය කිරීම සැමරිය යුතුය.



ජර්මන් සිත් රිදෙන බව කියා දෙවන ලෝක සංග්‍රාම සැමරුමට එරෙහිවන කෙනෙක් නැත.

ඇමරිකාව සිදුකළ ඉරාක යුද්ධය හෙළා දකින ඇමරිකානුවෙක්ද නැත.ඔවුන්ගේ තර්කය සදාම් ඒකාධිපතියෙක් බවයි. ලංකාවේ අමුතු පරපුරද ඔවුන් අනුවම යති. හැබැයි ලංකාවෙ කොටි හොදය .අනේ මුන් නම් හොද ත්‍රස්තවාදිනේ කියා කියයි. ඊට හේතුව ඔවුන් නගන්නේ ඔවුන්ගේ ස්වාමියාගේ හඩ නිසාය. පෙරෙස්ත්‍රොයිකාවෙන් පසු මාක්ස්වාදය මිය ගොස් ඇත. වර්තමානයේදී මාක්ස්වාදීන් සිවිල් සමාජ ක්‍රියාකාරීන් බවට රූපාන්තරණැය වී ඇථ. ඔවුන්ට වැටුප් ගෙවන්නේ ධනපතියන්ය. දැන් මාක්ස්වාදී ලෙනින්වාදී ට්‍රොට්ස්කිවාදී කස්තෝවාදී මාවෝවාදී ජීජැක්වාදී ඩෙරිඩාවාදී රූකඩ නැටුම් පමණක් දැකිය හැක. 



අප කළ යුතුව තිබුනේ හා කළ යුත්තේ කුමක්දසියළු ආකාරයේ ජාතිවාදී ප්‍රවනතා මැඩීමයි. ජර්මන් ජනයා නාසිවාදයෙන් ගලවා ගැනීමට දියත් කළ ව්‍යාපෘති අධ්‍යයනය කළ යුතු අතර දෙමළ ජනයා දෙමළ නාසිවාදයෙන් ගලවා  ගැනීමට එය භාවිතා කළ හැක. හිට්ලර්ට එරෙහිව ජර්මන් ජනයා තුල යම් ප්‍රතිරෝධයක් ගොඩ නැගීමට පශ්චාත් ජර්මන් පාලකයන් ක්‍රියා කළ ආකාරයට දෙමළ නායකයන්ද ක්‍රියා කළ යුතුය.

ඊට සමගාමීව දකුණේ යම් ජාතිවාදී ව්‍යාපාරයක් ඇත්නම් එයද මතවාදීව මර්ධනය කළ යුතුය. මතවාදී සීමා ඉක්මවා උතුරේ හෝ දකුනේ යමෙක් ක්‍රියාකරයිනම් එවිට නීතිය ක්‍රියාත්මක කළ යුතුය. 


ඇත්තෙන්ම මැයි 19 වැනි දින නන්දිකඩල් කලපුවේදී ජයගත්තේ දෙමළ ජනයාගේ යුද්ධයයි. යුධ ජයග්‍රහණය සැමරීමට අපට වඩා අයිතියක් ඇත්තේ දෙමළ ජනතාවටය . මන්ද ඔවුන් දෙමළ නාසිවාදයෙන් මුදා ගත්තේ එදා බැවිනි.



මේ තනිතරුව බ්ලොග් එකේ පෝස්ටුවට පළවූ කොමෙන්ට් දෙකක් .එහි සියල්ල අන්තර්ගතය. "

" මකසි- ජර්මනියේ ඉඳපු ජාර්මන් ජාතිය වෙනුවෙන් පෙනී ඉඳපු අසහාය නායකයෙක් තමයි හිට්ලට්. ජර්මන් ජනයා වත් ඔහු සමරනවාද? කිසිසේත් නැත. හිට්ලර් නිසා ජර්මනියට විනාශයක් සිදුවූ බව අද ජර්මන් ජන මතයයි.යුධ පරාජයෙන් පසු එම හැංගීම හිට්ලර් ගැති අය තුල පවා ඇතිවී(ඇතිකර) ඇත. එසේම සත්‍යද එයයි. නමුත් මිත්‍ර හමුදා ජර්මනිය තුල හිට්ලර් සැමරීමට ඉඩ දුන්නේ නම් හිට්ලර් ජර්මන් විරුවෙක් වී නැවත මිත්‍ර හමුදා වලින් පලිගැනීමට නැවත හිට්ලර් කෙනෙක් බිහිවී ලෝක යුධයක් බිහිවීමයි

JPG ත්‍රස්තවාදීන් කෙරෙහි වැගිරෙන අනන්ත දයානුකම්පාව, මහා මානුශික හිත වාදය,තමන්ගේ අල්ලපු ගෙදර ඉන්න මනුස්සයාට, බස් එකේ අහලින් යන මගියාට, ඔෆිස් එකේ එකට වැඩ කරන ස්ටාෆ් මෙම්බර් ටත් ලැබේ නම් මේ ලංකාව ඇත්තෙන්ම සුර විමනකි.

මේ බ්ලොග් ලියන බොහෝ දෙනෙකු අල්ලපු ගෙවල් සමග, එකට වැඩ කරන එකා/එකී සමග,ඇදගෙන ඇති කොකු ප්‍රමානය තම තමා දනිති.

එබැවින් එවැනි මහා මානුශික හිතවාදී කොමෙන්ට්ස් දකින විට ....,කවුරුවත් විශේෂයෙන් සිහි නොකොට,( කැමැත්තෝ තොප්පි දමා ගනිත්වා )....

සභාවේ තදින් සිනා.
මගේ අත්පොලසන්...!"

උපුටා ගැනීම අවසන්


52 comments:

  1. මේ සම්බන්ධව මම කියැවූ ලස්සනම ලිපිය තිවුනේ බීට්ල්ගේ "අකුරු" බ්ලොග් අඩවියේ. පුලුවනි නම් ඒකෙ ලින්ක් එකත් එකතු කරන්න.

    ReplyDelete
    Replies
    1. එකතු කළා . ලස්සන කතාවක්.

      Delete
    2. යශෝ ගේ මේ ලිපියත් මේකට එකතු කරන්න http://bassigenawathana.blogspot.com/2015/05/blog-post_19.html

      Delete
    3. ඒක මග ඇරුනෙ කොහොමද මන්ද
      දාපු හැටියෙමත් කියෙව්වනෙ . ලොකු අතපසුවීමක් තමයි. මතක් කළාට ස්තුතියි.

      Delete
  2. ම.ම,

    යුධ ජයග්‍රහණය කියලා සමරන මේ දේට මගේ එකඟත්වයක් නැහැ.මම හිතන විදියට කිසිම යුද්දෙක ජයක් තියෙන්න බැහැ.කොහොම වුනත් අවුරුදු 09 කලින් ඒ යුද්දේ ඉවරයක් වෙච්චි එක ගැන අපමණ සතුටක් මටත් තියෙනවා.නමුත් ඒක මේ විදියට ආයුධ ප්‍රදර්ශණය කරමින් පෙන්වන්නේම ග්‍රෝතිකත්වය නෙමේද ? අපේ සාමයට තියෙන ලැදියාව පෙන්වන්නේ ආයුධ ප්‍රදර්ශණය කිරීමේන්ද?

    මේ යුද්දේ නිසා එකම රටක අපි දෙපැත්තකට වෙලා බෙදිලා හිටියා හොඳටම ඇති නොවේද?

    ReplyDelete
    Replies
    1. /මම හිතන විදියට කිසිම යුද්දෙක ජයක් තියෙන්න බැහැ// හිතන නොවෙයි හිතවන්නේ. ඔබ ලනුව ගිලලයි ඉන්නේ. බෙදුම්වාදය සඳහා මතවාද සමාජයේ ප්‍රේරණය කරනු ලබයි. ඒවා මාධ්‍ය සහ විවිද පුද්ගලයන්ගේ අදහස් හරහා සමාජ ගත කරයි. මෙහෙම ඒවා ගොඩක් පසු ගිය කාලයීදී ගියා.
      x-චන්ද්‍රිකාගේ කාලේ තවලම් ගියා සාම ප්‍රතික්ඥ පාසල්වල රජයේ ආයතන වල තැබුවා.
      x-හමුදා බටයන්ගේ මළසිරුරු දකුණට ඒ ම සහ බෝම්බ පිපිරවීම හරහා ඇතිකරන යුධ බය හා ඒවා උග්‍ර කරන මාධ්‍ය ක්‍රියාකාර කම්(බෝම්බයක් පිපිරුණු පසු දවසම බ්‍රේකින් නිවුන් දමමින් වෙනත් බෝම්බ ප්පිපිරුම් පවා විකාශය කරපු සිරස)
      x-කවදාවත් යුධ්දය දිනන්න බැහැ කියන සමාජ මතයක් ඇති කිරීම.
      මෙවැනි මත වාද ඇතිකිරීම කලේ යුදය නවතා සාමය රට බෙදීම සාධාරනී කරණය කරන්නයි. දැන් යුද්ධය නැහැ. නමුත් බෙදුම් වාදය තියනවා. ඉස්සර ඉහත මත හදලා ඒවා ඔබලාගේ මොලයට කවපු කට්ටියම දැන් අලුත් මත හදලා ඒවා ඔබලාගේ හිතට කවා අවසන්.
      සොම්බි කෙනෙක් හෙවත් පිල්ලියක් වන්න එපා තමාගේ සිතුවිලි අවදි කරන්න

      Delete
    2. "පිල්ලියක් වන්න එපා" අනේ යකෝ ! :D

      මම නං කැමතියි මේ සිද්ධ වෙන දේට
      දැන් යාපනේ සිද්ධ වෙන දේවලුත් එක්ක
      ආතල් එකේ තව සිවිල් යුද්ධයක් නරඹන්න හැකි වේවි
      මනෝජ් වගේ උං කොටි බෝම්බ වලිං සුනු විසුනු වෙනවා දකින්නත් කැමතියි
      (they deserve it)
      ප්‍රීතියි ! ප්‍රීතියි !

      Humans by nature are savage animals who are still in the middle of the evolutionary chain. World NEVER EVER had a period in its history where 2 human sects were not killing each other.

      Desirable it may be, peace and living happily ever after is a utopian dream our race can never realize at present or in the near future.

      When a civilization becomes weak and neglect defending themselves, history show that a different sect always exploit that opportunity to overpower and devourer that civilization. Rather than the head count, what’s effective is the persistence (Tamils) and savagery (ISIS/LTTE).

      Diamonds are sliced using another diamond. Existence and the continuation of a civilization is only guaranteed by an equal and opposite persistence and savagery… I don’t know about other sinhala ponnays , but I will not go down with out a fight. Period

      Delete
    3. Manoj Fernando May 20, 2015 at 4:00 AM

      //නමුත් ඒක මේ විදියට ආයුධ ප්‍රදර්ශණය කරමින් පෙන්වන්නේම ග්‍රෝතිකත්වය නෙමේද ?//

      සහතික හැත්ත.... ඒ වගේම නිකන්ම නිකන් මනෝජ් කියලා ලියන්නේ නැතිව මනෝජ් ෆනැන්ඩො කියලා අගට දානෙත්ත් ඔය ගෝත්‍රික කෑල්ලම තමා ෆනැන්ඩෝ....

      ඇත්තටම ඔය ෆනැන්ඩො කියන ගෝත්‍රික නායකයා කොහෙන් පාත් වෙච්චි හාදයෙක් ද?

      Delete
    4. මෙය සිංහල දෙමළ යුද්ධයක්ය යන වැරදි උපකල්පනය මත පිහිටා ඔබ කතා කරන බව පෙනේ. මෙය සිංහල දෙමළ පොදු ජාතික ජයග්‍රහණයක් ලෙස සැමරිය යුතු බව මගේ හැඟීමයි.
      යුද්ධය අප්‍රසන්න දෙයක් වුනත් පොදු යහපත සදහා යුද්ධ කරන්නට සිදුවේ. හොදම උදාහරණය දෙවන ලෝක සංග්‍රාමයයි.
      මහජන බදු මුදලින් හමුදා පවත්වාගෙන යන්නේද එනිසයි.

      Delete
    5. @ මකලා

      මම එදා ඉඳන්ම යුද්දෙට කැමති නැහැ.යුද්දේ මේ විදියේ අවසානයක් කරා ආවත් මගේ යුධ විරෝධී මතවාදයේ වෙනසක් නැහැ.ඔය එදා සුදු නෙළුම් අරන් තවලම් ගිය අයගේ මතවාද පස්සේ කාලෙක වෙනස් වුනත් මගේ මතය යුද්දේ සම්බන්ධයෙන් වෙනස් වෙලා නැහැ.
      මම ලනුවක් නෙමේ කඹයක්ම ගිලපු නිසා වෙන්න පුළුවන් මම එහෙම හිතන්නේ.

      Delete
    6. @ ම,පිල්ලියා,

      ඔය පුතා වගේම පිල්ලියක් වෙච්චි මහින්ද මාමාගේ පැතුමත් ආයෙමත් යුද්දයක්.හැබැයි ඒක කවදාත් මේ පොළවේ නැවත වෙන්නේ නැති වේවි.කණගාටුයි ඔබේ "ආතල්"කුඩු වීම ගැන.

      // මනෝජ් වගේ උං කොටි බෝම්බ වලිං සුනු විසුනු වෙනවා දකින්නත් කැමතියි//
      හෙහේ,සමහර පිල්ලි ආපස්සට කැරකෙන්නත් පුළුවන්.

      Delete
    7. @ සාරස,

      //සහතික හැත්ත.... ඒ වගේම නිකන්ම නිකන් මනෝජ් කියලා ලියන්නේ නැතිව මනෝජ් ෆනැන්ඩො කියලා අගට දානෙත්ත් ඔය ගෝත්‍රික කෑල්ලම තමා ෆනැන්ඩෝ.//

      නමේ මුල් කොටස විතරක් නැතුව මනෝජ් ප්‍රනාන්දු කියලාම ලියලා තියෙන්නේ හඳුනා ගැනීමේ පහසුවටයි.
      මා තරම් ගෝත්‍රිකයෙක් නොවන සාරසතුමා ඕනෑම තැනක භාවිතා කරන්නේ "සාරස"කියන නමම වෙන්ට ඇතිනේ.

      Delete
    8. //මා තරම් ගෝත්‍රිකයෙක් නොවන සාරසතුමා ඕනෑම තැනක භාවිතා කරන්නේ "සාරස"කියන නමම වෙන්ට ඇතිනේ.//

      නැචුව නැචුව ෆනැන්ඩෝ

      Delete
    9. සාරස ඔයිට වඩා හොදයි යකෝ තෝ තොපේ හිටපු මහ "එකාගේ" එකයි තොගේ "දෙකයි" එකට මූට්ටු කරලා ප්‍රොෆයිල් පික්චර් එක දැම්මනම්...

      Delete
  3. ලිපියේ දක්වා ඇති මගේ කමෙන්ට් එක ඉවර වෙලා අනෙක් කමෙන්ට් වල අයිතිකරුවන්ගේ නම් හැලී ඇත.

    මේ කාලය පුදුම කාලයක් පොෂ් වෙන්න ලනු ගිලින්නෝ වැඩිය. වික්‍රමබාහු ගේ අවජාතක ළමයි හැමතැනම සිටී. පහනක් පවන් ගසා නිවිය හැකි වුවත් අළුයට සැඟවුණු ගිනි පුපුරු පවන් ගසා නිවිය නොහැක. ජනවාර්ගික අර්බුදය පහනක් නොව ගිනි පුපුරකි එය පවන් ගසා නිවිය නොහැක. එය නිවීමට එහි මතවාද සෝදා යාමට ජලය දමා නිවිය යුතුය. දැන් කරන්නේ ඔවුන්ගේ මතවාද සෝදා හැරීම නොව ඒවා පවන් ගසා ඇවිල වීමයි.

    ReplyDelete
  4. යුද්ධයක් කරා අහිංසකයින් දැක්කූ යක්ෂයින් සැමරිය යුතු නෑ. ඒත් බලහත්කාරයෙන් එතනට දැක්කීම නිසාම මියගියවුන් සහ නිරපරාදේ මියගිය නිරායුධ මිනිසුන් වෙනුවෙන් යම් සැමරුමක් සඳහා ඉඩදීම මනුෂ්‍යත්වයයි. එය උතුරටත් දකුණටත් පොදුය. හිට්ලර් සහ ප්‍රභාකරන් අතර වෙනසක් මමද නොදකිමි. නමුත් අර දස දහස් ගණනක් මියගියේ මේ උන්මත්තකයින්ගේ මනෝරාජ්‍යය වෙනුවෙන් නොවේද? අදටත් මේ සැමරුම් ඒ අහිංසකයන්ගේ ඥාතීන්ට අවශ්‍ය නිසාම නොව තවත් එක් දේශපාලන තුරුම්පුවක් වශයෙනි.

    ReplyDelete
    Replies
    1. එහෙම සමරණවට අවුලක් නෑ. පසුගිය අවුරුදු පහේදිත් ගෙවල්වල ගම් මට්ටමෙන් එහෙම සමරන්න ඇති. නමුත් මෙතන කෙරෙන්නෙ වෙනම දෙයක්.
      මෙතන ඉස්මතුකරන්නෙ දෙමළ නාසිවාදය. අහවලා ඉන්නව බයවෙන්නෙ දෙයක් නෑ වගෙ විකාර තර්ක වැඩක් නෑ.
      දෙමළ නාසිවාදය තේරුම් නොගෙන ජාතීන් දෙකක් අතර සටනක් ලෙස අර්ථ දක්වන එකයි මුල්ම වරද.
      ලෝක සිතියමේ කොහෙන් හෝ දෙමළජනයාට රටක් අවශ්‍යවීම තමා මේ ගැටළුවෙ මුල.ඒ තමා අත්තිවාරම. දෙමළ නාසිවාදයෙ පදනම වුනේ මේ සැබෑ ගැටළුව යි.

      Delete
    2. මධ්‍යස්ත මතධාරිය , ලංකාවේ භූ දේශපාලන තටහ්වය මත කතා කරන්න. සිංහල ජාතිවාදය පතුරන උන් සිටිනවා වගේම දෙමල ජාතිවාදය පතුරන උනුත් ඉන්නවා. අපට ඕක සම්පුර්ණයෙන් නැති කරනන් බැහැ. මාරුව කියල නැති වෙන්නෙත් නැහැ. ඉන්දියාව කවදාවත් ඉඩ දෙන්නෙත් නැහැ ලංකාව කැඩෙන්න. මොකද ලංකාව කැඩුනොත් ඒක ඉන්දියාවට ලොකු තර්ජනයක් නිසා. ඒ දේශපාලන අර්ථය නිසා තමා ප්‍රභකරන් රජීව් ව මැරුවේ. සෝනියා හිටියේ නැත්නම් රාජපක්ෂ මහත්වරු ඔය දුර යන්නේත් නැහැ. මෝඩි ගෙනියන්නෙත් ඒ ප්‍රතිපත්තියමයි. ඒ ගිය විධිහට රාජපක්ෂ වරු සිටියානම් ලංකාවේ දෙකඩ වෙන්න තියෙන ඉඩ කඩ වැඩියි. මේ සත්‍යය ලංකාවේ මිනිසුන්ට වටහා දෙන්න හරි අමාරුයි. අනික ජේ ආර් ගේ ජනමත් විචාරන හොර චන්දෙදි කොබ්බකදුවට යාපනයේ හා උතුරේ මිනිසුන් දුන් අති විශාල චන්ද ප්‍රමාණය මතකද? ඒවා බෙදුම්වාදී චන්ද නොවේ. මෛත්‍රීට දුන් චන්දත් බෙදුම්වාදී චන්ද නොවේ. ඒ බව කියන්නේ පිස්සු ජාතිවාදීන් පමණයි. වැඩිමනක් දෙමල මිනිසුන්ට රට බෙදන්න ඕනේ නැහැ. කරදරයක් නැතිව ඉන්න දුන්නොත්.

      Delete
    3. තනිතරුවගේ පොස්ටුවේ කියන්නේ කා ගැනද?

      Delete
    4. ඉන්දියාව ගැන කියද්දී මෙතෙන්ට තව කෑල්ලක් එක්කල යුතුයි.
      එනම් ඉන්දියාව ලංකාව බෙදෙනවාට විරුද්ධයි වගේම. ලංකාව තුල ශක්තිමත් ශ්‍රී ලාංකික ජාතියක් ගොඩනැඟීමටත් විරුද්ධයි.
      අනිත් අතට ඉන්දියාව කොහොමත් අසල්වැසි කුඩා රටවල් වල ස්වාධීනත්වය පිළිගත්තෙත් ගන්නෙත් නෑ.
      විශේෂයෙන්ම ඉන්දියාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට තැත්කරන රටවල් වලට සිදුවී ඇත්තේ හානියක්
      ඊට සාපේක්ෂව ඉන්දියාව සමඟ ගැටුම් ඇති රටවල් වලට වාසි ලැබී තිබෙනවා.
      අනිත් අතට කොහොමත් ජාත්‍යන්තර දේශපාලනයේදී මිතුරු සහ සතුරු රටවල් කියා දෙයක් පවතින්නෙත් නෑ.
      සිදු වන්නේ තම තමාගේ පෞද්ගලික අවශ්‍යතාවයන් මත එකට කටයුතු කිරීම පමණයි.
      මගේ මතය ජේ. ආර්. ට තිබුනේ ඉන්දියානු බලපෑම් වැඩිවනවිට ඉන්දියාවට එරෙහිව යුද්ධ ප්‍රකාශ කිරීමටයි.
      ඒක පිස්සු වැඩක් වගේ හිතෙන්න පුලුවන් නමුත් එවැනි පියවරකට ගියානම් එයින් ඉන්දියාවට අභ්‍යන්තර හා බාහිර අර්බුද ඇතිවී
      ලංකාවට වාසි දායක තත්වයක් ඇතිවන්න තිබුනා

      82 ජනමත විචාරණයේදී කොබ්බෑ කඩුවට ලැබුණු දෙමළ ඡන්ද සැලකිය යුත්තේ ලංකාවේ රාජ්‍ය නායකත්වයට එරෙහිව ලැබුණු ඡන්ද ලෙසයි.
      ඒ වගේමයි 87 ජනාධිපති වරණයේදී සිරිමා බණ්ඩාරනායකට ලැබුණු දෙමළ ඡන්දත්.
      එම ඡන්දවල අරමුණ කොහොමත් ජනාධිපති වන්න සිටි ප්‍රේමදාසගේ ඡන්ද ප්‍රතිශතය අඩුකිරීමයි.
      ලංකාවේ දෙමළ බෙදුම්වාදීන්ට තියෙන ලොකුම හිසරදයක් තමා විධායක ජනපති ක්‍රමය.
      ජනාධිපති වරණයකදී කුමණ අපේක්ෂකයෙක්ට ඡන්දය දුන්නත් එය බෙදුම්වාදයට විරුද්ධව දෙන ඡන්දයක්.
      මෙම නිසාම ජනාධිපති වරණයේදී උතුරේ ඡන්ද හැමවිටම ලැබුනේ දුර්වල ජනාධිපති වරයෙක් තැනීමටයි.

      Delete
  5. ම.ම....................

    යුද්ධයක් අැති වුණා.. දෙපැත්තකට වෙලා ඒකම රටක කොල්ලෝ මරාගත්තා....දැන් කොහොමෙන් හරි ඒක ඉවර වුණා... ඒත් නොවුණ දේ තමා නැවත මේ දෙගොල්ලෝ ඒකතු කරන්න පාර හැදුන ඒක.... ඉතින් දැන් කළ යුත්තේ යුද්ධය සමරන ඒක නෙමෙයි වැරදුන තැන බලලා නැවත නොවෙන්නට හදාගන්න ඒකයි...... අපි තාම ඒ ගැන හිතලාවත් නැහැ

    ReplyDelete
    Replies
    1. සිංහල දෙමළ යුද්ධයක් වුනානම් දෙගොල්ල එකතුකරන්න ඕන තමයි. යුද්ධය කළ පාර්ශ්වකරුවන් තමා සිංහල දෙමළ මුස්ලිම් මැලේ බර්ගර් ජනතාව සහ දෙමළ නාසිවාදීන්.
      ඉතින් මේ පාර්ශ්ව දෙක එකතුකරන්න ඕන නැහැනෙ.
      දෙවන ලෝක යුද්ධයෙන් පසු ජර්මන් ජනතාව තුල නාසිවාදය ගැන තිබුන පහන් හැගීම් නැතිකරන්න බටහිර ජර්මනියෙ බලයට පත් රජයයන් විශාල වෙහෙසක් ගත්තා. කළ යුතුව තියෙන්නෙ දෙමළ ජනතාව අරබයාත් ඒ වගෙ වැඩ පිළිවෙලවල් ක්‍රියාත්මක කරන්න.

      Delete
  6. මෙහි වලංගු තර්ක නැත. ඇත්තේ ඔබේම උපකල්පන පමණි.

    ReplyDelete
    Replies
    1. අපැහැදිලියි. ඔබ පෝස්ටුව කියවා නැති හැඩයි. වලංගු නොවන්නේ ඔබට සාපේක්ෂවද
      එසේනම් ඔබ පහත වැරදි උපකල්පන මත මේ ප්‍රශ්නය දකින්නෙකි.

      මෙය සිංහල දෙමළ ජාතීන් දෙකක් අතර ඇතිවූවකි.
      ෆොන්සේකාගේ බාහු බලයෙන් පමණක්ම යුද්ධය ජයගෙන ඇත.
      යුද්ධය වියුක්ත සංසිද්ධියකි.

      වලංගු නොවන්නේ කුමක්ද ඒ කුමක් නිසාද කියා කීවානම් පැහැදිලිකිරීමක් කරන්නට හැකියාව ඇත.

      Delete
    2. /// විචාරක - WicharakaMay 20, 2015 at 9:53 AM

      මෙහි වලංගු තර්ක නැත. ඇත්තේ ඔබේම උපකල්පන පමණි.
      ///


      මීට වඩා වලන්ගු තර්කයක් වෙන කොහින්ද???

      //JPG ත්‍රස්තවාදීන් කෙරෙහි වැගිරෙන අනන්ත දයානුකම්පාව, මහා මානුශික හිත වාදය,තමන්ගේ අල්ලපු ගෙදර ඉන්න මනුස්සයාට, බස් එකේ අහලින් යන මගියාට, ඔෆිස් එකේ එකට වැඩ කරන ස්ටාෆ් මෙම්බර් ටත් ලැබේ නම් මේ ලංකාව ඇත්තෙන්ම සුර විමනකි.

      මේ බ්ලොග් ලියන බොහෝ දෙනෙකු අල්ලපු ගෙවල් සමග, එකට වැඩ කරන එකා/එකී සමග,ඇදගෙන ඇති කොකු ප්‍රමානය තම තමා දනිති.

      එබැවින් එවැනි මහා මානුශික හිතවාදී කොමෙන්ට්ස් දකින විට ....,කවුරුවත් විශේෂයෙන් සිහි නොකොට,( කැමැත්තෝ තොප්පි දමා ගනිත්වා )....

      සභාවේ තදින් සිනා.
      මගේ අත්පොලසන්...!"//

      Delete
    3. තමාගේ මතවාදය ට විරුද්ධ තර්ක තමාට අනුව වැරදිය. එබෙවින් විචාරකගේ මොලයට මෙහි තර්ක නොපෙනීම පුදුමයක් නොවේ. ලනුව ගිලින විට ගැටයක් බෙල්ලේ හිරවීම නිසා ඇස් දෙක නිලාංකාර් වූ විට ගිල්ල ලණුවට වැඩි දෙයක් ගැන නොතේරේ

      Delete
    4. //විචාරකගේ මොලයට මෙහි තර්ක නොපෙනීම පුදුමයක් නොවේ. //

      මෙහි තර්කයක් නැත්ද නැත්නම් විචාරකට මොලයක් නැත්ද?

      Delete
    5. Sa rasa උඹ කුනු කන්නංගරේට ආවේ ශිෂත්‍යන් ද? ඒලෙවල් වලින්ද?

      Delete
  7. විචාරකට එකඟ වෙමි.සියල්ල සාධාරනලෙස විග්‍රහ කිරීමට පැමිණි බව පෙන්වා සටහන පටන් ගත්තත් මැක්කා ගැන ලියන පොඩි එකා මෙන් ඔබේ මතවාදය තහවරු කිරීමටම දරා ඇති තවත් එක් උත්සහයක්ම පමණක් වී ඇත.

    ReplyDelete
    Replies
    1. ඔබද පෝස්ටුව කියවා නැත. මා මෙය දුටුවේ වෙනස් ආකාරයකට බව තේරුම් ගොස් නැත. බොහෝ දෙනා තර්ක කළේ මෙය සිංහල දෙමළ යුද්ධයක් ලෙස පූර්ව නිගමනවල සිටිමිනි. මා කියන්නේ මෙය දෙමළ නාසිවාදයට විරුද්ධව සියළු ජාතීන් ලැබූ ජයක් ලෙසය. සැමරීම වලංගු වන්නේ ඒ පදනමිනි. මේ ගැන කිසිම තැනක මා දැක නැත.

      Delete
    2. තමාගේ මතවාදය ට විරුද්ධ තර්ක තමාට අනුව වැරදිය. එබෙවින් කටුසු මොලයට මෙහි තර්ක නොපෙනීම පුදුමයක් නොවේ. ලනුව ගිලින විට ගැටයක් බෙල්ලේ හිරවීම නිසා ඇස් දෙක නිලාංකාර් වූ විට ගිල්ල ලණුවට වැඩි දෙයක් ගැන නොතේරේ

      Delete
  8. යුද්ධෙ කියන්නෙත් මාර පාරිභෝගික භාණ්ඩයක්නේ. කඩේ මුදලාලිලා ඉවරයි කිව්වට තාම විකිණෙනවා

    ReplyDelete
    Replies
    1. දෙවන ලෝක සංග්‍රාමය ගැන තවත් කතාවෙනවා . ඒක විකිණීමක් ලෙස අර්ථ දක්වන්නෙ කොහොමද
      දෙමළ නාසිවාදය ගැන අප හදාරනවා ප්‍රමානවත් නැහැ.
      යුද්ධය ජයගැනීම පිටුපස දේශපාලන කතාවක් තියනවා. යුද්ධය සැමරීම තුලින් නාසිවාදයේ පරාජය සිහිකෙරෙනවා. ලෝකයේ වෙනත් ජාතීන් එය කරනවා.
      යුද්ධය සොල්දාදුවන්ගේ ක්‍රීඩාවක් නොවෙයි.

      Delete
  9. මධ්‍යස්ථ මතධාරියා,
    බොහොම ස්තූතියි.ඔබ නියම කොටස උපුටා දක්වා ඇතිබව මගේ හැඟීමයි.කමෙන්ටු කියවන කල රැවටීමට ලක්වූ හෝ තමන් රවටාගන්නා ලද, වල්ගයන් පාගා ගන්නා ලද, දේශපාලනය සහ රණවිරුවන් පටලවා ගත් අය, තම රැහේ උන්ට සුදු හුණු ගානා අය ආදී වශයෙන් නොයෙක් දෙනා හඳුනා ගත හැකියි.(සිනා)

    ලිපියේ අන්තර්ගතය හා එකඟයි.යුද්ධය අතරතුරත් ජුදාස්ලා සිය ගණනක් සිටින්නට ඇති.සමහරක් ජුදාස්ලා තවමත් නිරුපද්‍රිතව යෙහෙන් වැජඹෙනවා.රජයේ හමුදාවන් යනු පසුගිය රජයට මෙන්ම වත්මන් රජයටත් අදාළ කොටසක්.නමුත් සමහරෙක්ගේ දේශපාලන කුහකකම් අහිංසක රණවිරුවන් සහ ඔවුන්ගේ ඥාති හිතමිත්‍රාදීන් පිටින් යෑම කණගාටුවට කාරණයක්.සැබෑ රණවිරුවන් පෙනී සිටියේ සහ සටන් කළේ හැමදෙනාම වෙනුවෙනුයි.එය අහිංසක දමිළයාත්, වෛරයට පාත්‍රවූ සිංහලයාත්, නිදොස් මුසල්මානුවාත්, සුද්දන්ට මුල් ඇති ලංසියාත්, යූ ඇන් පී කාරයාත්, ශ්‍රී ලංකාකාරයාත්, ජෙවිපී කාරයාත් යන සියල්ලන්ම වෙනුවෙන් කළ දෙයක් මිස මහින්ද, ගෝඨා,ෆොන්සේකා යන අය පමණක් රැකීමට කළ දෙයක් නොවෙයි කියන එක සමහරුන්ට අමතකයි.

    ReplyDelete
    Replies
    1. සතුරාගේ සතුරා මගේ මිතුරාය යන තර්කය මත කොටියා මහින්දගේ සතුරාය එනිසා මහින්ද මගේ සතුරාය එනිසා කොටියා මගේ මිතුරාය යන තර්කය ඉස්මතු කරවනවා. බ්ලොග් වල මා දැක්කෙ මේ කාරණය.
      අමන පරපුර කියන්නෙ ගණිකාවන් ,පිස්සන් , හා පොන්නයන්ගේ එකමුතුවක් නිසා උන්ගෙ මත නම් වැඩක් නෑ.

      Delete
    2. සේරම වගේ කියෙව්වත් මට ටිකක් හරි තේරුනේ මෙන්න මෙතනදියි. කියහැකි, කිය යුතු සියල්ල මේ ප්‍රතිපිළිතුර තුළ මට පෙනෙනවා

      Delete
  10. හැමතැනම තිබුන පෝස්ට් ටික මෙහෙම එකතු කරලා දාප එක හොදයි.. කෙනෙක්ට හොද අදහසක් ගන්න පුළුවන් ඒකෙන්..

    ReplyDelete
    Replies
    1. හැම මතයක්ම අපක්ෂපාතීව ඉදිරිපත් කරල මගේ විචාරයත් සමග ගලපල පෝස්ටුව දැම්මෙ

      Delete
  11. මද්යස්ත, ගනන් ගන්න එපා මචන්.....යුද්දෙ ගැන උඹලා සියල්ලෝ ම ලියපු දේ වැරදිය්...


    සින්හලයෝ දෙමලු මේ මිනී මරා ගත්තේ එකම එක අරමුනක් සඳහා....

    ඒ අරමුන නම්: පොන්සේකට තරු පහ සමග උගෙ සා පෙ අසමත් ගෑනිට රනවිරු සේවා අදිකාරියෙ මුල් පුටුව ලබාදීමයි

    ReplyDelete
    Replies
    1. කොමෙන්ටුවට එකඟයි . වුනේ එය තමයි.

      ඒ වගේම

      ෆීල්ඩ් මාෂල් ෆොන්සේකා මහතා යුද්ධයේදී අනභිභවනීය කාර්යභාරයක් කළා . ඒක වෙනම කතාවක්.
      යම් සොල්දාදුවෙක් මේක සිංහල දෙමළ යුද්ධයක් සේ සිතා ( පහල පන්තිවල උගත් දුටුගැමුණු එළාර කතාව වගෙයි සිතා )යුද්ධයට සහභාගි වන්න ඇති. ඒත් මේ යුද්ධය ඊට වෙනස්.මේක දෙමළ නාසිවාදය. දෙමළ අධිරාජ්‍යයක් ගොඩ නැංවීම. හතලිස් ගනන්වල තමිල්නාඩුවෙ නාම් තමිළර් ව්‍යාපාරයෙ ඉදන්ම මේක තිබුන එකක්.

      එළාරත් දෙමළ නොවෙයි. මා එය කලින් පෝස්ට් වලින් පෙන්වා දී තිබෙනවා.

      ඇත්තටම සිද්ධවුනේ සිංහල දෙමළ යුද්ධයක් නම් මම පැත්තක් ගන්නෙ නෑ .මොකද මම ජාතිවාදය කියන දේ අතිශයින්ම පිළිකුල් කරන නිසා.

      Delete
    2. මේ කතාවට මගෙත් කිසියම් එකඟ තාවයක් තිබෙනවා. මම 1982 කාලයේ ස්වයං නිර්ණය ට ප්‍රතිපත්තිමය වශයෙන් එකඟ වී පසුව 1995 කාලයේ සිට විරුද්ධ වුනේ මේ හේතුව නිසා.

      Delete
  12. බොහෝම උපෙක්ෂාවෙන් මුල සිට අගටම කියෙව්වා.. කොමෙන්ටුත් එක්කම.. යුද්දය වගේම යුද සැමරුම් කියනෙකත් තිත්තයි.. වෙන මොහොකටවත් වඩා ඒ දෙකටම 'මැරෙන' වුන් ගැන හොඳටම දන්න නිසා..

    ReplyDelete
    Replies
    1. සැමරුම් වලදි දේශපාලකයන් ට මල්මාලා දාල සොල්දාදුවන් අව්වෙ කරකරවන එක අපරාධයක් තමයි. ඒත් අප වෙත ඉතා අවාසනාවන්ත ලෙස පටවන ලද යුද්ධය ගැන නිවැරදි කියවීමක් සමාජයට අවශ්‍යයි.දැනටමත් ඒක සිංහල දෙමළ යුද්ධයක් වෙලා. අමන පරපුර කොටින්ට වීරත්වයක් ආරෝපනය කරවනව. ඔබ වැනි සොල්දාදුවන් විත්ති කූඩුවට නංවලා. ඔහුට අවමන් කරනව. හමුදාවට බැදුනෙ රැකියා විරහිත රස්තියාදුකාර හිගන්නොලු. මෙහෙම අපහාස යුද්දෙකින් පස්සෙ වෙන රටවල වෙන්නෙ නෑ . සොල්දාදුවට අපහාස කරන එක පිටුපස තිබෙන දේශපාලනයටයි විරුද්ධ.

      සොල්දාදුවා විත්ති කූඩුවට නංවන්න දෙන්න බෑ. එහෙම තැතක් තියනවනම් ඊට එරෙහිව ලියන එක මගෙ යුතුකම. මගෙ කිසිම කෙනෙක් යුද්දෙට ගියෙ නෑ. ඒත් යුද්දෙට ගිය හැමෝම මට ඥාතීන්. ඒ නිසයි කතා කරන්නෙ.

      යුද්ධය කොච්චර නරක දෙයක් වුනත් සමහර විට එය කරන්නම සිද්ධ වෙනව. දෙවන ලෝක යුද්දෙන් හිට්ලර් දිනුවනම් නෝර්ඩික් ආර්ය ජර්මානුන් හැර ඉතිරි විශාල පිරිසකට මියයන්න හා වහලුන් ලෙස ජීවත්වන්න සිදුවෙනව. හිට්ලර් මේත් කෑම්ප් පොතේ ඒ බව පැහැදිලිව දක්වල තිබුන. යුද්ධය ට ශාපවේවා කියල අපි නම් යුධ විරෝධී චෝයි බබාල කියල ජර්මන් කදුලු සීතලයි කියල යුද්ධ නොකර සිටියනම් මොකද වෙන්නෙ.

      මේ සෝබන බොරුකාර වංචනිකයන්ගෙ මත බිදින්න මට ඕන වුනා. ඒකයි මේ පෝස්ටුව දැම්මෙ.

      Delete
  13. //ජර්මන් සිත් රිදෙන බව කියා දෙවන ලෝක සංග්‍රාම සැමරුමට එරෙහිවන කෙනෙක් නැත.//

    ගොඩක් අදහස් එකට කැටි කරපු කියමනක්...

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම මුළු කතාවම ඒ වාක්‍ය ඇතුලෙ තියනව කියල මටත් හිතෙනවා.

      Delete
    2. මගේ බිරිඳ ජර්මන් ගැහැනියකි. ඔවුන්ට සිත් රිදෙන්නේ නැත්තේ ඔවුන් නාසිවාදීන් නොවන නිසයි.
      ලංකාවේ විජයග්‍රහණය කියා හමුදා රථ රැගෙන යමින් කරන සැමරුම මට නම් විකාරයක් වශයෙන් හැඟෙන්නේ මේ නිසයි. ජර්මනියට එරෙහි නාසිවාදී යුද්ධය කලේ ඒ රට අසාධාරණ ලෙස අනිත් රටවල් යටත් කරමින් ඔවුන්ගේජනයා තිරශ්චින ලෙස මරා දමමින් කල දරුණු යුද්ධය නිමා කල නිසයි. ලංකාවේ තිබුනේ සිවිල් යුධ තත්වයකි. එය එවැනි වෙනත් රටකට එරෙහිව කල යුද්ධයක් නොවේ. කොටින්ම ඩයස් පෝරාවේ ජාතිවාදී දෙමල අයට අවශ්‍යත් එය තහවුරු කර ගනිමටය. ඉතින් හමුදා පෙළපාලි තබා විජයග්‍රහණය සැමරීම කරන්නේ ප්‍රභාකරන් නම් නායකයා සිටි ඊලම් කියා රටකට විරුද්ධව යයි ඔවුන් නගන තර්කය මේ විකාරයෙන් නිකම්ම ඔප්පු වේ. රට ඇතුලේ 1971 හා 88-89 සිවිල් යුධ දෙකම හමුදාව ජයගෙන ඇත. එහෙනම් ඒ දවස් වලටද මෙවැනි සැමරුම් ගෙන යා යුතුය. එසේ කෙරෙන්නේ නැත. රටේ කොටසක් ඉල්ලමින් ගරිල්ලා ව්‍යාපාරයක් රැගෙන ගිය සංවිධානයක් (මෙය රාජ්‍යයක් නොවේ) පරාජය කිරීම උඩ දමමින් යුද ටැංකි ගෙනියමින් පෙන්වන්නේ හීන මානයකි. ලංකාවේ හමුදා ඊට වඩා දක්ෂ වන අතර ජාත්‍යන්තර මට්ටමේ කාර්යයන් වලට පවා යැවිය හැකි තත්වයේ සිටි. මෙයට වඩා හොඳ මේ දවස දෙමල මිනිසුන් සමග සංහිදියාව ඇති කිරීමට කටයුතු කිරීමයි. 1971, 88, 89 මෙන්ම මෙයටද අපේ මිනිසුන්ට උවමනාවක් නැත්තේ මෙයටයි. මේ ජාතිවාදී රැල අමු විකාර කතා කියන අතර සමහර කියා ගන්නා අය ඊටත් වඩා විකාර කතා කියති. හමුදාවක් මිනි මරුවන් විමට ඉඩක් නැත. හැම හමුදාවක්ම මිනි මරයි. එසේ කරන්නේ එයට ඒ දිනවල දෙන දේශපාලන නායකත්වය හරහායි. චීන රතු හමුදාව සොවිඅට රතු හමුදා , ඇමෙරිකානු හමුදා මේ සියල්ලම යුධ සහිතව මිනි මරිය යුතුය. නැත්නම් හමුදාවක් වැඩක් නැත.

      Delete
    3. සමහර වමේ යයි කියා ගන්නා අය ඊටත් වඩා විකාර කතා කියති - යනුවෙන් නිවැරදි විය යුතුය.

      Delete
    4. එසේම- සෝවියට් රතු හමුදාව , ඇමෙරිකානු හමුදාව මේ සියල්ලම ආයුධ සහිතව මිනි මරා ඇති අතර එය චිවිල් හෝ වෙන ඕනෑම යුද්ධයකදී සිදුවන දෙයකි. නැත්නම් හමුදාවක් වැඩක් නැත.

      Delete
    5. අජිත් ඔබ මෙම වර්ගයේ බ්ලොග් වල වෙහෙස මහින්සි වී කමෙන්ට් දැමීම මම කිසි ලෙසකත් අවතක්සෙරූ නොකරමි.මන්දයත් නැවතත් පන ගැහී එන ජාතිවාදී ප්‍රවනතා වලට පිළිතුරු දිය යුතු බැවිනි. ඔය කොයි වේශයෙන්(මධ්‍යස්ථ මතධාරියා,මහා කළු ලාංකිකයා)අවාත් මේ එන්නේ එකම යකා තමයි.මහ කළු ලාංකිකයා ඔබ සමග ඔහුගේ බ්ලොගයේ කදිරගාමන් අගමැති වුනාට පොරට අවුලක් නෑ අරෙහේ මෙහේ කියලා ටෝක් දුන්නට පොර දාන කමෙන්ට් ලියන අදහස් හොදින් බැලුවම මේ අර අදින්නේ,සාමජගත කරන්න හදන්නේ අර පරන ජාතිවාදී මලජරාවම (වෙනවිදියකින්) කියලා පේනවා.මේ සියලු ජාති වාදී පඩ0ගු එන්නේ එකම මුලයකින්...ඒ ඉතින් වෙන කොහෙවත් නෙවේ අපේ නලීන් සර්ගේ අවුරුදු තිහේ පොජෙක්ට් එකෙන්(නලීන් ලොක්කා 19 සම්මත වුනා කියලා අවුල් වෙලා යක්ශ ගෝත්‍රික ගමකට වැදිලා බුද්ධාගම තවත් දැනුම පද්දතියක් නෙවේ කියන් අයේ අලුත් රවුමකින් එන්න දතකමින් ඉන්නේ).මහ කළු ලාංකිකයා (ඉස්සර මහ කළු සි0හළයා) බ්ලොග් එකේ දකුණු පැත්ත බැලුවමම(කැමති බ්ලොග් වලින්) පේනවා බුවා කවුද කියලා...මොකටද මේ නහිනේ කියලා.... අර ජගත් පතිරණ කියන එකාට නම් මනසික ලෙඩක් ඉස්සර තිබ්බා කියලා මුස්ලිම් අයගැන කාතාකරපු පෝස්ට් එකකට පොරම කමෙන්ට් දාලා, පොරම බෙහෙත් ගත්තා කියලා තිබ්බා.පොර හැසිරෙන විදියෙන් ලෙඩේ තාම හොද වෙලා නෑ කියලා නම් පේනවා.අජිත් ඔබ මහන්සි වී කමෙන්ට් දැම්මා කියලා මුන් නම් දශමයක් වත් ඒවා ගනන් ගන්නේ නෑ...මුන්ගේ ගේම මුන් ගහනවා..නමුත් මුන් පිස්සු නටන,ශාන්තුවර වේවෙශයේන් ගේමට සෙට් වෙන, මේ බ්ලොග් අවකාශයේ ඔබ සාධනීය අදහස් සාමාජ ගත කීරීමට දරන උත්සහයට තුති.නමුත් මතක තියා ගන්න මුනුයි ප්‍රභාකරනුයි අතරෙයි එච්චර වෙනසක් නෑ....එකම කාසියේ දෙපැත්ත

      Delete