Thursday, May 14, 2015

මිත්‍යා මත ධාරීන්ට සොභාවික ව්‍යසන ආශීර්වාදයකි

ලංකාවට භූමිකම්පා පමණක් නොව ගිණිකන්දක්ද  ලැබෙන බව සී නිව්ස් කියයි.එය කියා ඇත්තේ එසේ මෙසේ කෙනෙක් නොව ලලිත් විජේවර්ධන නම් ප්‍රාඥයෙකි. 

මෙම පුවත දුටු විගසම මට මතක් වුනේ ලංකාවේ ඩයිනෝසර්ලා සිටි බවට මවුබිම පුවත්පතේ පළවූ පුවතකට යමෙක් දැමූ කොමෙන්ටුවකි. එම පුවත පළ කර තිබුනේ රාවණා බලකාය නමැති සංවිධානයක තොරතුරක් මත ප්‍රාදේශීය වාර්තාකරුවෙකු ලබා දුන් පුවතකිනි. කොමෙන්ටුවෙ තිබුනෙ ඇත්තටම ඩයිනෝසරයන් ලංකාවෙ සිටියත් පර්යේශනය කර ඇත්තේ රාවණා කණ්ඩායමක් නිසාත් පුවත පළවී ඇත්තේ මවුබිමේ නිසාත් කෙසේ විශ්වාස කරමුද කියායි. ඇත්තෙන්ම මවුබිම යනු මා ඉඩ ලැබුනොත් කියවන පුවත්පතකි.ඒ හොද හැටි සිනාසීමටය. එහෙත් වැරදිලාවත් සල්ලි දී නම් කියවන්නෙ නැත. ඊට හේතුව මිත්‍යාව ප්‍රවර්ධනයට සතයකින් හෝ දායක වීමට ඇති අකමැත්ත නිසයි.

මවුබිමේ හොල්මන් කතා පමනක් නොව ගවේශන ගැන පළකරන ලිපි දෙස බලන විට   එහි මාධ්‍යවේදීන්ගේ පරිකල්පන ශක්තිය ගැන පුදුම නොවී බැරිය. 

සී නිව්ස් ඇත්ත කීම ගැන නම් දැරූ මාධ්‍යයක් නිසා මෙයත් සමහර විට ඇත්ත වනු ඇත. සී නිව්ස් කලින් කී අනාවැකි දැණ් ඔවුනට මතක නැතිවා විය හැක.කදුකරයේ සිටින තාපසයෙක් සී නිව්ස්ට කියා සිටියේ 2011 සැප්තැම්බරයේ මහා විනාශයක් සිදුවන බවය. මේ සී නිව්ස් තාපසයා ගැන ඉන් පසු කතාවක් නැත.

මේ ලලිත් ප්‍රාඥ තෙමේද එසේ මෙසේ අයෙක් නොවේ. 2004 සුනාමියෙන් පසු ඔහු කීවේ එය ඔහු කලින් කී බවය., එහෙත් ඊට සාක්ෂියක් පෙන්වූයේ නැත. 2005 ජනවාරියෙදී මහා භූමිකම්පාවක් වන බව අනාවැකියක් පළ කළේය. එය සිදු නොවූ බව අප දනිමු. ඉන්පසු ඔහු ආගිය අතක් නැත. 

මොහු පස් සාම්පල් ගෙන කරන්නේයයි කියන පර්යේශනය ඔහුටම ආවේණික එකකි.ඔහු හැර වෙන කිසිවෙක් පිළිගන්නා එකක් නොවේ.

කිසිම අනාවැකිකාරයෙකුට ජනවාරි 8 වැනිදා සිදුවන දේ කීමට බැරි විය. දේශීය විදේශීය ලෙසද සත්‍ය ලෙස අනාවැකි කී එකද කෙනෙක් නැත. යමක් සිදුවූ පසු තමන් එසේ කී බව ප්‍රකාශ කිරීම සාමාන්ය ක්‍රමවේදයයි. මේ පුවත දුටු අයට කලින් කිසිවක් මතක නැත. අන්න අහවලා මෙන්න මෙහෙම කියල තියනව කියල කෝපිකඩවල එකට හත කර ප්‍රචාරය කරයි.

මිත්‍යා මත නිර්මාණය කරන අය නේපාලයේ භූමිකම්පාවට හේතුව ගාධිමායි බිලි පූජා බව කියති.එහෙත් මෙය අනෙක් පැත්තටද තර්ක කළ හැක. භූමිකම්පාවෙන් මියගියේ බ්ලිපූජාවට එරෙහි කදුකර ජනයාය. බිලිවල සැර බාල කල එකට දෙවගන කෝප වුනා යැයි තර්ක කළ හැක.මේ  නිසා මිත්‍යා තර්ක යනු දෙපැත්ත කැපෙන අවියකි.


සොබාවික ව්‍යසන මිත්‍යා මත ප්‍රවර්ධනය කරන්නන් සිය බඩ වඩා ගැනීමට භාවිතා කිරීම කනගාටුදායකය

බ්ලොග් හදුන්වාදීම

වරකට බ්ලොග් 5 බැගින් හදුන්වාදෙනු ලැබේ. එයට අලුත්ද පරනද දේශපාලනද අරකද මේකද කිසි බේදයක් නැත.මා නිසා කාට හෝ හිට්ස් වැඩිවී පාඨකයන් වැඩිවී සතුටක් ඇතිවේනම් එය මටද සතුටකි. තනියම කෑම මගෙ ක්‍රමය නොවේ.මගේ බ්ලොගයට එන අයට වෙනත් බ්ලොග්ද පෙන්වන්නේ එම නිසාය. මේ සේවය කරන්නේ එය මගේ බ්ලොගයට අවාසි බව දැන දැනමය.

01. ජම්බුකාවේ ආදම් මඩකලපුව දැන් ට්‍රෙඩ්මිල් පැදීමට අමතරව උදේ සීතල සුලඟ සිප ගනිමින් පෝටිකෝව යට යෝගා ව්‍යායාම ආරම්භ කොට ඇත.ඊවා එය අර්ථ දක්වන්නී ඉස්සරහ ගෙදර ලීනාට පානා අඟර දඟරයක් ලෙසිනි.එබැවින් ඇය ආදම් ගේ හිත කැඩීමේ පරම පවිත්‍ර චේතනාවෙන් මෙසේ කියයි. 
''ලීනා ගේ  පස්සෙ සයිස්...! වට්ටක්කා ගෙඩියක් වාගේ...''
ආදම් එවිට මෙසේ කියයි.
''වට්ටක්කා වලටත් මම ආසයි නෝනේ...
මිනිහෙකුගේ වර්ධනයට කැරොටීන් ඕනේ''  

මෙතනට ගොස් සියළු ලිපි කියවන්න



02. ගියපාර වෙසක් බලන්න ගියාම දැකපු විගඩං නාඩගං නිසා මට හිතුණු දේවල් මං මෙන්න මෙහෙම අකුරු කලා!! බලපු නැති අය බලලා ම එන්නකො!!
මේ පාර වෙසක් ගැන ලිව්වත් ඉතිං ඊට වැඩි දෙයක් නං ලියන්න හොයන්න නෑ!! කිසිම හොඳක් නෑ. තිබුණටත් වඩා තත්වය දරුණුයි!!

වෙසක් අසිරිය (අසිරිය නෙවෙයි අ-සිරි ය) දැක්කම, ඒ ගැන පැහැදිලි කරන්න හොඳ ම ක්‍රමය විදිහට, අපි අ.පො.ස සා/පෙ ට ඉගෙන ගත්තු කවි පෙලක් මතක් වුණා!!



බලන්න, මේ, අද කාලෙ අපි දකින වෙසඟේ සැබෑ තත්වය නොවේද??

මෙතනින් ගොස් ලිපි කියවන්න


3,


සමාජය පිළිගන්නා
සියලු කායික ආවරණ ප්‍රතික්ෂේප කළ ආගමිකයෙක් සහ
ඔහුට වඳින පොලිස් නිලධාරිනියක්..

සමාජයේ පැවැත්මට උපකාර වන
ආගමික ක්‍රියාකාරකම්ද
වස්ත්‍ර මෙන් බැහැර කොට
නිදහසේ නිරුවතින් විසීම
නිරාගමික පිළිවෙතයි.

මෙතනින් ගොස් සියළු ලිපි කියවන්න




4.ලිංගික කුහකත්වය හා එහි සම්භවය ගැනත් ඊට බලපාන සමාජ මනෝභාවයන් ගැනත් දැනට බොහෝ කළකට පෙරාතුව සිටම කරුනු දක්වන බැවින් මේ ලිපියෙන් ඒ ගැන ගැඹුරු විග්‍රහයකට යෑම අනුචිත යැයි මට හැඟේ. එහෙත් ලිපියේ අන්තර්ගතය තේරුම්ගැනීමේ පහසුව තකා කෙටි මතක්කරදීමක් කළයුතුය. ලිංගික කුහකත්වයන් පැනනගින්නේම ලිංගිකත්වයේ ස්වභාවික යහගුනයන්ට අවනත වීමට දක්වන මැලිකම හා මේ ස්වභාවයන් මිනිස් වර්ගයාගේ පැවැත්මට අත්‍යවශ්‍ය දේ බව පිළිගන්නට තිබෙන අකමැත්ත පසුබිම් කරගෙනයි. ඒ එක්තරා අතකට පිරිමි ලිංගය ස්ත්‍රී ලිංගය තුලට ඇතුල් කිරීම හා ලිංගික සංසර්ගය දැකීමට ඇති භීතිකාවක් වටා අනවශ්‍ය ලෙස ගොඩනැගුනු බොරු සාරධර්මයන්ගේ එකතුවක් වේ. මේ සියල්ලට වටිනාකම් ලැබෙන්නේ ලැජ්ජාව යන කාරනාව හරහායි. ලිංගික කාරනා සම්බන්ධයෙන් පිළිගත් සම්මුතීන්ගෙන් බැහැරව කටයුතු කිරීමට යම් ලැජ්ජාවක් බයක් සමාජයේ තිබිය යුතු බව මමද පිළිගනිමි. නමුත් එය ලිංගිකත්වයේ සියළු ස්වභාවික යහගුණයන් පිළිකුල් කරන මට්ටමේ අමන කමක් නොවියයුතුය. මීට අමතරව පිරිමින් විසින් සිය සහකාරියන්ගේ නොයිඳුල් කන්‍යාභාවය මත දැඩිව එල්බගැනීම හා ඒ මත ගැහැනු ළමුන් පිරිමි ලිංගික පෙරැත්ත කෙරෙහි අදී යෑම වැලැක්වීමට  යොදන උපක්‍රමයන්ද වේ.

මෙතනින් ගොස් සියළු ලිපි කියවන්න


05 .පසුගිය දින කීපයේ ගිය ප්‍රවෘත්ති හමුවේ අසරණව සිටියෙමි. ප්‍රශ්න 
කිරීම්වලට ලක්වන දේශපාලකයන් පවසන දේට වඩා වේදනාවක් ඇති වුනේ උගතකු ගැන කියවුන පුවතකින්. උගතුන් වැරදි කරා කියල පැමිණිලි ආවම ප්‍රශ්න කරන්නවත් හොඳ නැද්ද ?කියල මට තෝරගන්න බැරුව අන්ත අසරණියක් බවට පත් වුනා. 
හැටලක්ෂයක් යුදෙව්වන් මරා දමාපු  හිට්ලර්ගේ සිර කඳවුරකින්, යන්තමින් බේරී පැමිණියකු ලියන ලද ඉතාම අනුවේදනීය ලිපියක් තියනව.  මේ ඓතිහාසික ලිපිය බොහෝ දෙනකු දන්නා බව නිසැකැයි. ඒත් නැවතත් එය මතක් කරන්න හොඳ වෙලාවක් මේ කියල හිතුන. පහතින් උපුටා දක්වා තියෙන්නෙ එහි කොටසක්.(පින්තූරය උපුටා ගත්තෙ අන්තර්ජාලයෙන්)



මෙතනින් ගොස් සියළු ලිපි කියවන්න


ඔබේ බ්ලොගයට හදුන්වාදීමක් අවශ්‍ය නම් බ්ලොග් ලිපිනය සහිතව ඉල්ලීමක් කරන්න

yakamamayaka@gmail.com

19 comments:

  1. යකා හරියකා......

    මිත්‍යාමත විශ්වස කිරීමනම් අනුමත කරන්න බැහැ... ඒ මිත්‍යාමත වල අැලී ගැලී නොසිට දැන් කළ යුත්තේ නැවතත් මෙවැනි ව්‍යසනයක් අාවත් කොහොමද බේරෙන්නේ කියලා හොයන ඒකයි.....

    ReplyDelete
    Replies
    1. මිත්‍යා මතවලට පහරදීම කියන්නෙ ඉතාම අවශ්‍ය යහපත් ක්‍රියාවක්. මිනිසුන් මෝහාන්ධකාරයෙන් මුදවන්න ඕන. විද්‍යාත්මක සළුපිළි පළදවලත් මිත්‍යාව කරළියට එන්න පුලුවන්. මේ හොදම උදාහරනය

      Delete
  2. ම.ම,

    ඔය මව්බිම විතරක් නෙමේ රිවිරත් ඔය අච්චුවේම පත්තරනේ.පත්තරේ විකුණන්නේ මිත්‍යා මත ප්‍රවර්ධනය කරලා.

    විමලේ සී නිව්ස් නම් බලන්නෙම නැහැ.ජනවාරි 08 සිදුවීමෙන් පස්සේවත් අනාවැකිකාරයෝ වෙනින් වැඩක් හොයා ගනීවි කියලා හිතුවේ හැබැයි තාම එහෙමම වෙලා නැති හැඩයි.

    ReplyDelete
    Replies
    1. රිවිර බොරු කියන්නෙ කොලේ වහලා.ගණිත ක්‍රම දාල විද්‍යාත්මක සළුපිළි අන්දලා. මවුබිමේ බොරු අතේ කයිතන් නිසා කියවල මහ හඩින් හිනාවෙලා විනෝදයක් ලබන්න පුළුවන්. මවුබිමේ තියෙන්නෙ හොල්මන් කතායි ගවේශනා ලිපියි. ගවේශන ලිපිත් අතේ රෝල් බව කියවගෙන යනකොට පේනව. අපි මවුබිම රිවිර සී නිව්ස් බලල හිනා වුනාට කී දෙනෙක් මේව නිසා සුරංගනා ලෝකවල පා වෙනවද
      මේ මානසික මත්ද්‍රව්‍ය වලින් වන හානිය කුඩු ගහනවට වඩා වැඩියි .මුන් රටටම කුඩු ගස්සන නිසා.
      මුන්ගෙ අනාවැකි විභාග කරන සම්ප්‍රදායක් ආව නම් හරි. අනාවැකි කියපු මුන්ටත් අහපු ජනයටත් අමතකයි. ගල් සීයක් ගහල එකක් හරිගියාම ඒකට මාසගනනක් රජ මගුල් කනව.
      දැන් බ්ලොග් තියන නිසා මේ බොරු වැරදුනහම අපට ඒ ගැන කතා කළ හැකියි.

      අනාවැකිකාරයො තව ටික දවසකින් ආයෙ ජනතාවට නාස් ලණු දමාවි.ඒත් දැන් මිත්‍යාවට රාජ්‍ය අනුග්‍රහය නැති නිසා ටිකක් අමාරු වෙයි.

      Delete
  3. තවත් සුමනදාසලා අපිට එපෝ

    ReplyDelete
    Replies
    1. සුමනදාස වගෙ අය ප්‍රවර්ධනය කරන්න මාධ්‍ය දත කට මැදගෙන ඉන්නෙ. අප අවදියෙන් ඉන්න ඕන. නැත්නම් තව හොරෙක් ජනතාඅව ආර්ථික හා මානසික ලෙස සූරා කයි. මේව පිටුපස ඉන්න ශාපලත් මාධ්‍ය හෙළා දැකිය යුතුමයි.
      මොකෙක් හරි අනාවැකියක් කීවොත් මම ඒක ලියා ගන්නවා.

      Delete
  4. මිත්‍යාව සාධාරණීකරනය කිරීමට Pseudo - science (උදා. විශ්ව ශක්ති කිරණ ගහක එල්ලෙන උල් කොල වලින් ඇඟට ලැබීම ) යොදා ගැනීම ලෝකයේ හැමතැනම වෙනවා.
    ලංකාවෙ ප්‍රශ්නය මිත්‍යාවිශ්වාස සීඝ්‍රයෙන් පැතිරයාම.

    ReplyDelete
    Replies
    1. මේව ඇත්ත කියන්න බයයි යකෝ.

      Delete
    2. මිත්‍යාව විද්‍යාත්මක කිරීම - ක්වොන්ටම් භෞතික කතන්දර
      මිත්‍යාව සහ විද්‍යාව එක ගොඩකට දැමීම - බටහිර විද්‍යාව බොරුය කීම
      ව්‍යාජ ගණිත ක්‍රම භාවිතය - ජ්‍යොතිෂය නම් පට්ටපල් බොරුව
      තමා මිත්‍යාව ආරක්ෂා කිරීමට යොදා ගන්නෙ.
      මෙහෙම කියනකොට මිනිස්සු දෙකට දෙවාරෙ . යකෝ මේව ඇත්තද දන්නෙ නෑ කියල. දැන් මෙතනත් අනාවැකි කියන්නෙ පස් පරීක්ෂා කරලනෙ. පරීක්ෂා කරන ක්‍රමවේදයක් මොකුත් නෑ.

      Delete
  5. මොකක් හරි උනාම ... අපේ අය කියනවනේ..... මං ඕක කිව්වනේ එදා.....

    ඒත්...... ඒ බවක් නම් අපට මතක නෑ.

    ඔන්න ඔය වගේ තමයි..... ම්ත්යාවත් ..... යකෝ.....

    ReplyDelete
    Replies
    1. ඒක මතක තියාගෙන ඉන්න ඕන. ඒ ගැන පශ්චාත් විමසුමක් කරන්න ඕන. එතකොට බොරුකාරයො අඩුවෙලා යයි.

      Delete
  6. 2012 ලෝක විනාශය නොවුණා වගේ මේකත් නොවුනා නම් තමා හොඳ .

    ReplyDelete
    Replies
    1. මේක වෙන්නෙ නෑ. මෙහෙම කියන්න පුළුවන්ද
      කලින් කියපුවත් 100% ම බොරුනෙ

      Delete
  7. සොභාව ධර්මය කම්පා වෙන්නේ සී නිව්ස් බලලා.. හැක්..

    අර බ්ලොග් හඳුන්වා දෙන වැඩේනම් පට්ට.. මං මේ ඒවා මගේ බ්ලොග් රෝලට එල්ලන ගමන්.. මට තියෙන අවුල මේ ගොඩක් දෙනෙක් නිතර ලියන්නෙවත් වෙන අයගේ බ්ලොග් එකක් බලල කොමෙන්ටෙකක් කරන්නෙවත් අඩුම තරමින් තමන්ගේම බ්ලොග් එකේ දාන කොමෙන්ටෙකකට රිප්ලයි එකක්වත් දාන්නේ නැති වීම.. බොහෝම මළානිකයි නේ මේ අය..

    ReplyDelete
    Replies
    1. සොබාදහම මොනම දේකටවත් කම්පා වෙන්නෙ නෑ. සොබාදහමෙ නීතිය තමා අයුක්තිය. නිකම් හිතල බලන්න සොබා දහම් අම්මා කැළෑ නීතිය නේද තිළින කර ඇත්තෙ කියල. ලොකු එකාට පොඩි එකා ගොදුරු වෙනවා. අන්තිමේදි ලොකු එකාත් සොබා දහමට ගොදුරු වෙනවා. දුර්වලයට පිළිසරණක් නෑ.යුක්තිය සාධාරණය කියන්නෙ මිනිස් සංකල්ප.

      ඒක ඇත්ත .ඔය කියන බොහෝ දෙනාට අනුන්ගෙ ඒවට ගිහින් කොමෙන්ට් කරන්න තියා තමන්ගෙ එකෙට දාන කොමෙන්ට් එකකකට රිප්ලයි කරන්නවත් දන්නෙ නැති අය තමයි. ඒත් අලුත් විදියකට ලෝකෙ දැකල ලියන කියන අයව හදුන්වල දීල බ්ලොග් ලෝකය පුළුල් කිරීමටයි මට අවශ්‍ය.

      Delete
  8. //සී නිව්ස් ඇත්ත කීම ගැන නම් දැරූ මාධ්‍යයක් නිසා// හැක් හැක්

    අරක මේක නම් අල්ලලා ගියා. එල්ලලා තිබ්බා. ස්තූතිය මධ්‍යස්ථ! ඔබේ මේ සමාජ මෙහෙවර අගයකළ යුතුමයි. ඒ අතරෙ තමන්ගෙ එකක් දිගටත් ලියංට.

    ReplyDelete
    Replies
    1. තව එකක්. මොන ආගමක නාමයෙන් හරි මෙහෙම සත්ව සමූල ඝාතන වැරදියි. ප්‍රශ්නෙ තියෙන්නෙ ඒවා කරපු උන්ට නෙමේ දෙයියො රිටන් එක දෙන්නෙ කොහෙවත් ඉන්න අහිංසකයන්ට.

      Delete
    2. මගෙ හැම පෝස්ට් එකකටම අලුත් බ්ලොග් පහක් හදුන්වල දෙනව.

      එහෙ දෙයියන්ටනෙ බිලිපූජා ඕන වෙලා තියෙන්නෙ. මෙහෙ සම්‍යක් දෘෂ්ටික දෙවියො හරක් මරනවාට කෝප වෙලා එහෙ භූමිකම්පාවක් කළානම් එතන දිව්‍ය යටත් විජිතවාදයක්. එහෙම කළානම් භූමිකම්පාවත් එක්කම අපේ අයගෙ සම්‍යක් දෘෂ්ටික කමත් නැතිවෙනව.ඒ අයත් අලුගෝසුවො වෙන නිසා.

      Delete
  9. බුදු අම්මේ.. සී නිවුස් කිව්වා නිසා මම දැන් පණ බයේ ඉන්නෙ. හැක්...

    ReplyDelete