Tuesday, May 26, 2015

ඩැමස්කස් සිට බැග්ඩෑඩ් දක්වා සවාරියක්



ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය සිරියාවේ පැල්මයිරා නගරය හා ඉරාකයේ රමාඩි නගරය අල්ලා ගත්තේය. මෙය ඔවුන් ලද විශාල ජයග්‍රහණයකි. ඊට හේතුව සිරියාවේ පැල්මයිරා යනු උපාය මාර්ගිකව ඉතාමත් වැදගත් ස්ථානයක් වීමයි. මෙම ලිපිය සකසන විට ඩමස්කස් මාර්ගයේ පිහිටා ඇති පොස්පේට් නිධිද  අයි එස් අයි එස් කල්ලිය අතට පත්වී ඇත.පැල්මයිරා ඩමස්කස් අධිවේගී මාර්ගය අල්ලා ගැනීම යනු සිරියනු යුද්ධය ජයගැනීමක් වැන්න. එක් පසෙකින් අයි එස් ලා පහර දෙන විට තව පසෙකින් අල් නුස් රා කල්ලිය රෙජීමයට පහර දෙයි.  



අසාද් රෙජීමයට තිබෙන ප්‍රධානම වාසි දෙක නම් ඉරාන සහාය සහ ගුවන් ප්‍රහාරයි. එහෙත් ගොඩබිමෙන් විදේශීය සහාය ලබා ගැනීම එන්න එන්නම දුෂ්කර වී ඇත්තේ ඉරාක බෝඩරයේ වැදගත් ස්ථාන විපක්ෂ කණ්ඩායම් අතට පත්වීම නිසාය.


සිරියාව යනු පසුගිය දශකවල මැද පෙරදිග වැදගත් භූමිකාවක් රඟපෑ රාජ්‍යයකි. ඊශ්‍රායලයට එරෙහි අරාබි ලෝකයේ පෙරමුනේ යෝධයා වූවේ සිරියාවයි.ලෙබනනයේ ආණ්ඩුව මෙහෙයවූවේ සිරියාවයි. ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය සිරියාවේ සහාය මත ක්‍රියාත්මක වන්නකි. 

සිරියාවේ අලවයිට් ගෝත්‍රිකස් අසාද් පවුල ඊශ්‍රායල් විරෝධී ආස්ථානයක පසුවිය. අලවයිට් ගෝත්‍රය සිරියාවේ සුළුතරයක් වුවත් බහුතර සුන්නින් පාලනය කරයි. මෙවැණි අසාමාන්‍ය ස්ථාන කිහිපයක්ම මැදපෙරදිග වෙයි. බහරේනයේ සුන්නි රජපවුල බහුතර ශියා ජනතාව පාලනය කරයි. ඉරාකයේ බහුතරය ශියා වුනත් සදාම් හුසේන් යටතේ සුළුතර සුන්නි පාලනයක් පැවතුනි.

 සදාම් සහ ඉරානයේ කොමෙයිනි අතර අවුරුදු හතක් පමන දිග්ගැසුන ඉරාන ඉරාක යුද්ධය සමයේ සමාජවාදී අරාබි රටවල සහාය ලැබුනේ ඉරානයටය. රාජණ්ඩු සහාය දුන්නේ ඉරාකයටය. සදාම් කුවේටය ආක්‍රමණය කිරීමත් සමගම අරාබි ලෝකයට සදාම්ට එරෙහි විය. එහි අවසාන ප්‍රතිඵලය ඉරාකයේ සදාම්ගේ පාලනය අහෝසි වීමයි.

එතැන් පටන් ඉරාකයේ පැවතියේ අවිනිශ්චිත වාතාවරණයකි. සුන්නි ප්‍රදේශවල කාර් බෝම්බ පුපුරා ගියේ මහා විනාශයන් සිදු කරමිනි. සුන්නින්ගේ සහායට විදේශික සුන්නින් ද පැමිණෛයහ. අල් සර්කාවි එවැන්නෙකි. ජෝදාන් සම්භවයක් සහිත අල් සර්කාවි ප්‍රථම වරට පුද්ගලයන් පැහැරගෙන ගොස් හිස ගසා මාර්න සැටි වීඩියෝ කර ලොව ත්‍රස්ත කළේය. සර්කාවිගේ සංවිධානය ඉස්ලාමීය රාජ්‍ය ලෙස වර්ධනය වුනේ සිරියාවේ රෙජීමය දුර්වල වූ පසුය. අරාබි වසන්තය යටතේ සිරියාවේ අසාද් පාලනයට එරෙහිව මහජන නැගිටීම් වර්ධනය වූ අතර විප්ලවයේ තිඹිරි ගෙය වුනේ හෝම්ස් නගරයයි.අසාද්ගේ ඥාති ගෝත්‍රිකයන් සිටිනුයේ ලටාකියා ප්‍රදේශයේය.හෝම්ස් නගරයේ දැන් එතරම් කලබලයක් නැතත් ඉරාක බෝඩරයේ අසාද්ගේ බලය හීනවීමත් ඓතිහාසික අලෙප්පෝ නගරයේ වැඩි කොටසක් විපක්ෂයට හිමිවීමත් දැණ් පැල්මයිරාවද අහිමිවීමත් සැළැකූ විට අසාද්ට එකම පිළිසරණ ලෙබනන දේශ සීමාව බව පෙනේ. ඇත්තෙන්ම සිරියනු හමුදාවටත් වඩා අසාද්ට හිතෛශී වී ඇත්තේ ලෙබනනයේ ශියා හිස්බුල්ලා වරුය.කලක් අසාද් ඔවුන්ගේ ගැලවුම් කරුවූවා සේ දැන් අසාද්ගේ ගැලවුම්කරු වන් වී ඇත්තේ හිස්බුල්ලාවරුය.

අයි එස් කල්ලිය ඉරාකයේ රමාඩි නගරය අල්ලා ගත්තා කියන්නේ ඔවුන් ට බැග්ඩෑඩයටත් ප්‍රවේශ වීමේ අවස්ථාව වැඩි බවය.ඩැමස්කස් හා බැග්ඩෑඩ් නගර අල්ලාගෙන මධ්‍යධරණී මුහුදේ සිට පර්සියන් බොක්ක දක්වා විශාල රාජ්‍යයක් පිහිටවීමට ඉස්ලාමීය රාජ්‍ය සමත්  වුනොත් ඊලඟට කුමක් සිදුවේද

මැදපෙරදිග දේශපාලනයේ ප්‍රධාන බල කදවුරු දෙකකි. ඊශ්‍රායලය තුර්කිය හා සවුදි අරාබිය එක් පසෙකත් ඉරානය ඉරාකය හා සිරියාව තව පසෙකත් ලෙස කදවුරු බැද ඇත. ඉරාකයේ ශියා රජයක් පත්වීමත් සමගම මැදපෙරදිග ශියාබලය වර්ධනය වුනත් සිරියාව හා ඉරාකය සුන්නි ඉස්ලාමීය රාජ්‍යට යටවීමෙන් බල තුලනය වෙනස් වේ.ඉස්ලාමීය රාජ්‍යයට එරෙහිව ලෙබනනයේ හිස්බුල්ලාවරු නැගී සිටිනු ඇත. ඉස්ලාමීය රාජ්‍යය ලෙබනනය හා ජෝර්දානයද ආක්‍රමනය කිරීමට ඉඩ ඇත. 


ඉස්ලාමීය රාජ්‍යය සම්ප්‍රදායික සුන්නි නගර ඉක්මවා කුණු ඉරාකයේ බස්‍රා ප්‍රදේශයට ආවොත් අනිවාර්යයෙන්ම ඉරානය යුද්ධයට ඍජුව මැදිහත් වනු ඇත. ඉරානය යේමනයේ ශියා කැරළිකරුවන්ට සහාය දෙන අතර ශියා කැරළිකරුවෝ සනා අගනුවර බලයද අල්ලා ගත්හ. එහි ප්‍රතිඵලය වුනේ සවුදිය යේමනයට ගුවන් ප්‍රහාර එල්ල කිරීමයි.


එහෙත් දකුණු ඉරාකයේ බස්‍රා කර්බාලා ප්‍රදේශවලට ඉස්ලාමීය රාජ්‍ය ඇතුළු වුනොත් තත්වය මීට වඩා තතවය දරුණු විය හැක. ශියාවරුන්ගේ පරම පූජනීය ප්‍රදේශ ඇත්තේ මෙහිය. ඉරානය යුද්ධයට සම්බන්ධ වුනොත් ඍජුවම සවුදි අරාබියද යුද්ධයට සම්බන්ධ වනු ඇත. එවිටම සවුදියේ රජ පවුලට එරෙහි මහජන පීඩනය එළියට පනිනු ඇත.


මැද පෙර්දිග ඇත්තේ ගිණිකන්දකි. එහි මුදුනේ සැවොම කෙළිසෙල්ලම් කරති. මැද පෙරදිග ඇතිවන යුද්ධයකට ලොව බලවත් රටවල් සම්බන්ධ වීමෙන් එය දිගට ඇදෙන යුද්ධයක් වීමේ සම්භාවිතාව වැඩිය.
                 බ්ලොග් සහජීවනය


මෑතකදී යාවත්කාලීන කළ මා බලන බ්ලොග් සමහරක්. ලැයිස්තුව ඉදිරියේදී විශාල වනු ඇත.මෙහි එක් අරමුණක් වනුයේ පෝස්ටුව කියවා අවසානයේ මෙම බ්ලො වල සංචාරය කිරීමට හැකිවීමයි. එකම වහලක් යටින් සියල්ල ගන්නවා සේය. මෙහි ඇතුලත් කරන්නේ නිතර අප්ඩේට් වන බ්ලොග් ය. එහි යම් ප්‍රමිතියක්ද ඇත.මෙය කිසිම අනුපිලිවෙලකට දමා නැත.මෙම පිළිවෙල වරින් වර වෙනස් කරමි.

දම්වරුසා,පොඩිකුමාරිහාමි හැලපයා ,රාජ්ගෙ නවාතැනමනෝගෙ ලෝකය ,මාතලන් ,කලාහිත  ,කාලය  ,අමාවකප්‍රභාෂ්වර ,sahan.හය හතර, ලංකා සිතුවිලි ,කාලය  ,  මධුමාධවී රස සරණිය ,

 ගොසිප් ලංකා  ,ගී පැදුර ,කවි ලොසින්ජර ,
පුංචි කැකුළු මල් ,අනිත් කොණ
මිනීමරු පුවත් ,රසිකොලොජි ,යුතුකම සංවාද කවය  ,විද්‍යා ගවේශන , ellamixcom,සොඳුරු සිත ,
තනි තරුව ,නිදහස් සිතිවිලි ,කුරුටු ගෑ ගී පවුර 
 ඉවාන් පවුලූෂා ,හිරු නැති හෝරාව ,
තන් ගෙඩි , සුන්දර මැලේසියා ,මහ කළු ලාංකිකයා  ,අටම්පහුර  වර්ණ ,බස්සිගෙ නවාතැන ,විභීෂණ ,
අසමි දකිමි සොයමි විචාරක  ,උන්මත්තක ,
කොළඹ ගමයා ,සිතුන නිසා  ,සජ්ජාගේ පඩංගුව ,කටු ඊ

ලංකා නිව්ස් වෙබ් , ඊ නිව්ස් ,සී නිව්ස්














Monday, May 25, 2015

අතීතයෙන් ආ ගැහැණිය

අනුන්ගෙ ලියුමක් හොරෙන් කියවීමක් නොවේ. මෙතනින් ගොස් කියවන්න .කම්මැලි නම් මෙතනින්ම කියවන්න . සම්පූර්ණ ලිපියම මෙහි ඇත.

මට මෙය දුටු විගස සිහිවුනේ ජිනා සර්මිනාරාගේ කෘතියේ සිංහල පරිවර්තනයයි. පළමු වරට මහජන පුස්තකාලයට ගොස් පැය දෙක තුනක්ම පොත් තෝරා අවසානයේ ගත් පොත නිසා මෙය අමතක නොවන පොතකි.

ආත්මයේ ඉදිරිගමන කෙළින් නො ව වංගු සහිත ව වැටී ඇතැයි ජිනා ( ජිනා මැඩම් නොවේ ) කියයි. ජාති කුල ආගම් ස්ත්‍රී පුරුෂ ආදී වෙනස්කම් සියල්ල ආරෝපනය වූ ඒවා බවත් අපේ ආත්මීය ස්වභාවය මේ සියල්ලෙන් වියුක්ත බවත් ජිනාගේ පොතේ හරය ලෙස මට සිතුණි.


මෙම කාන්තාවගේ චාරිකා මතකය අපූරුය.එඩ්ගාර් කේසිගේ සැසිවාරවල අත්දැකීම් මෙනි.කෙසේ වුවද  මෙයට විවිධ අර්ථකථන තිබිය හැක.


මෙය මට ෆේස්බුකියේ තිබී හමුවූවකි. මෙහි වාග් ශෛලියත් එහි තොරතුරුවල අපූර්වත්වයත් මිස කිසි ලෙසකින්වත් මෙම කතාව මම විශ්වාස කරන නිසා පළ කළා නොවේ.

"ගරුතර නායක ස්වාමීන් වහන්සේ වෙත...

... මේ ලිපිය ලිවීමට ප්‍රධාන හේතුව වූයේ මට ඔබ වහන්සේගෙන් ඇසිය යුතු වැදගත් කාරණාවක් නිසාය. මගේ සිත ඉතාම පැහැදිලිව, ප්‍රභාවත්ව, නිශ්චලව නිතර තිබෙන නමුදු එදිනෙදා ජීවිතයේ සාමාන්‍ය ප්‍රශ්ණ වල දී පාලනය කර ගත නොහැකි කෝපජනක අවස්ථාවන් සිතේ පැන නගී. එවිට මම මෝඩ, ශික්ෂණයක් නැති, දඩබ්බර ගැහැණියක් මෙන් මුර ගාමි. මේ නිසා පවුලේ අප්‍රසාදයට ද, අවට අයගේ අප්‍රසාදයට ද පත් වෙමි. මට මාව ම එපා වේ. එහෙත් ඉතා ඉක්මණින් යළිත් සිත ‘කෝප පිස්සුවෙන්’ මිදේ. යළි ප්‍රභාවත් වේ. මට සිද්ධිය ද අමතක වේ. මෙය හරියට නිශ්චල ජල තටාකයක, උඩින් හමා යන සුළං පහරක් වැනිය. සුළං පහරට කැළඹෙන ජලය සුළං පහර හමා ගිය පසු යළි නිසල වේ. කැළඹීම ගැඹුරු නැත. 

මෙය මට බලනොපෑවාට, මා අවට අයට තදින් බලපායි. ‍මා මෙන් මෙය ඉක්මණින් අවසන් කිරීමට ඔවුන් සතුටු නැත. ලේස්තිද නැත. මේ නිසා එදිනෙදා ජීවිතයේ මම සතුරන් සාදා ගනිමි. අප්‍රසාදයට පත් වෙමි. මේ අප්‍රසාදජනක ගතිගුණයෙන් මට ගැලවීමට උවමනාය. 

ඒ සඳහා ඔබ වහන්සේගෙන් උපදේශයක් බලාපොරොත්තු වෙමි. මෙවන් සිද්ධිවලින් පසු ප්‍රබලව මට ඒ සිද්ධිය විස්තර කිරීමට හැක. මගේ දුර්වලතාවය හොඳින් පෙනේ. දුර්වලතාවය මතු වූ අන්දම ද පෙනේ. එයට පැටළුණු අයගේ දුර්වලතා ද පෙනේ. මා පාලනය කර ගන්නට තිබුණා නේද කියා සිතේ. ඒත් යළි යළිත් මම මේ වැරදි දේ කරමි. එය දැන් පුරුද්දක් මෙන් මතු වේ. වරකට මට මෙය පිටස්තර බලවේගයක් ද කියා ද සිතේ. පිටස්තර බලවේගයක් වූවත් එයට අසු වෙනවා නම් එය මාගේ දුර්වලතාවයකි. ‍

මේ පැහැදිලි කිරීමට තවත් අතුරු කතාවක් මා ඔබ වහන්සේට කිව යුතු ය. ස්වාමීන් වහන්ස, දොළොස් දහසක් වර්ෂයන් ඈතට මට පසුගිය ආත්ම පෙනේ. සියලුම ආත්ම නොව මේ ආත්මයට බලපාන කුසල අකුසල කර්ම කළ ආත්මයන් ය. ඉන් ඉතා ප්‍රබලව බලපාන ආත්ම තුනකි. 

1. වසර දොළොස් දහසකට පෙර අත්ලාන්තික් සාග‍රයේ තිබූ ඉසුරුමත් රාජ්‍යයක රාජ කුමරියක් වූ ආත්මය.
2. ඉන් අනතුරුව ලංකා පුරයේ (ලක්දිව) ඉතාම නැණවත්, රූමත්, පිරිමියෙකු ලෙස, දැඩි ප්‍රතාපයෙන් යුත් තේජවන්ත රජ කුමරියක වූ ආත්මය.
3. දෙවන පෑතිස් රජු කල අනුලා බිසවගේ පාරිචාරිකාවක ලෙස සිට ඇය හා මහණව, ශ්‍රී මහා බෝධීන් වහන්සේ ළඟ මහණ දම් පිරූ ආත්මය (මේ කුසලය බොහෝ කලකට බලපායි. සසර හරි මඟට ගෙන යන්නේ මේ කුසලය මතුපිට එන කුසල චිත්තයන් යැයි මට වැටහේ)

මේ ආත්මයේ මම 18 වසරක් තිස්සේ, අන්ත කටුක මානසික පීඩා කරදර මැද හිරකාරියක සේ අප්‍රමාණ වද වේදනා විඳිමින් සිටිය ද, හැම දේකම වැරැද්ද, ප්‍රසිද්ධ අවමානය, තනිවීම, සමච්චලයට ලක් වීම වැනි දේට මුහුණ දුනිමි. මේ, ලංකා පුරයේ රජ කුමරියක වී සිටියදී කළ බරපතල පාපකර්මයේ අවසාන පියවරයි. ඒ කර්මය මා ගෙවා නිම කල ද, තවමත් ටිකක් තිබේ. ගිනි පුපුරු නිවී ගිය ද ඇති උණුසුම මෙනි. මෙහි අන්ත දුක දකුණු ඉන්දි‍යාවේ දේවාලයක දේවදාසියකව ගෙව්වෙමි. එය තිරිසනෙකු සේ වද වින්ද ආත්මයකි. මම අන් ස්ත්‍රියකගේ පුරුෂයාට ලොල්ව, පලි ගැනීමක් වශයෙන් මාගේ රාජ බලය ද, දැඩි ප්‍රතාපය ද යොදවා, ‍මාගේ ‍සහෝදරයා ලවා (අප සමපාලකයෝ වීමු) යට කී පතිභක්තිමත්, සියුමැලි, රූමක් කාන්තාව සිරකාරියක කළෙමි. ඈ බලවත් සේ කම්පාව, තනි ව, භීතියෙන් වද වින්දා ය. ඈට වද දීම (මානසික වධ), මට විනෝදයක් විය. ඈ මේ නිසා සමාජයේ අවමානයට ලක් වූවාය. සැමියා ඇයට ම පරිභව කර ඈ නෙරපා දැමීය. ඈ එවිට ගැබ්බරව සිටියා ය. තනිව ඒ දුක අවමානය ද වින්දා ය. අසරණව මිය ගියා ය. 

මම යස රඟට මේ ආත්මයේ ඒ කර්මයේ ශේෂය ගෙවූයෙමි. තනි වීමි. නින්දා ලැබීමි. සැමියා විසින් ද, ඔහුගේ වර්ගයා විසින් ද දරුණු ලෙස පරිභව කරනු ලැබීමි. දරුවන් හා තනිව දුක් ‍වින්දෙමි. නොකළ වැරදි වලට සමා‍ජයේ ගර්හාවට ලක් වීමි. ප්‍රකටව ම පරිභව ලැබීමි. හිරකාරියක වීමි. දරුවන් හා තනිව සිටිමි (සැමියා මා පලවා හැරියේ ය).

මේ දුක් පීඩා එන විට මම කුසල බලය (සිල් රැකීමේ බලය) මතු වීමෙන් මෙයට හේතුව සොයන්නට වීමි. බෞද්ධ දර්ශනයේ ගැඹුර සෙවීමටත්, සත්‍යය සොයමින් යෑමටත්, කියවීමටත්, පින් දම් කිරීමටත්, ධර්මයට ඇලීමටත් පුරුදු වීමි. මාගේ මනැස ද, නැණැස ද ඇරුණේ ය. කර්ම වේගය කෙතරම් බරපතල ලෙස ගෙව්වත් අද මට ඒ ශේෂයක්වත් මනස් පීඩාවක් නැත. දුක් පීඩා මතක නැත. කිසිම වේදනාවක් නැත. 

අත්ලාන්තික් සාග‍රයේ රාජ කුමරියක වූ මාගේ නම ‘ඇනීහා’ විය. අවුරුදු 14 දී වෛද්‍ය පූජකවරියක ලෙස පූජකාරාමයට ඇතුළු කරන ලදී. නිල් මහනෙල් තටාකයක් ඉදිරියේ දී කසිණයක් පුහුණු වීමට මට සිදු විය. මට නිල් කසිණ පුහුණු කළෙ, ශල්‍ය කර්මවලට භාජනය වන රෝගීන්ගේ තුවාල සනීප කිරීමට හා වේදනාව නැති කිරීමට මගේ මනසින් ‘නිල් ආලෝක ධාරා’ නිකුත් කිරීමට ය. ඒ යුගයේ වෛද්‍ය විද්‍යාව, මානසික බලය හා සම්බන්ධව කෙරුණේ ය. නිල් ආලෝක ධාරා නිකුත් කිරීමට මට විශේෂ බලයක් තිබුණු බැව්, අධිමානසික බල තිබූ පූජකවරු දැන ගත්හ. එහෙත් පුහුණු වූයේ අවුරුදු 4 ක් පමණි. මට අවුරුදු 18 දී පූජකාරාමයෙන් ද, රටින් ද පැන ගියෙමි. 

මේ ආත්මයේ මට නිල් පාට දුටු විටම සිත පහන් වේ. එකඟ වේ. ප්‍රභාමත් වේ. උද්වේගයෙන් පිම්බී යයි. සිත ශාන්ත වේ. නිවේ. නිල් මහනෙල් මල මට ඉතා ප්‍රිය ය. අහස් නිල ඉතා ප්‍රිය ය. 

මේ ආත්ම තුන මා දැක්වූයේ, ඒ මේ ආත්මයට ඉතා සම්බන්ධ බැවිනි. 
1. මට මතුවන ‘කෝප පිස්සුව’ මගේ අකුසල කර්මයේ කොටසක් ද?
2. නීල කසිණය යළි වැඩීමෙන් මගේ සිත නිවා ගත හැකි ද?

බොහෝ දේ ලිවීම ඔබ වහන්සේට මහත් කරදර බව දනිමි. කරදර කරනවාට දෙපා නැමැද සමාව ඉල්ලමි. 

ප.ලි.

පසුගිය ආත්මවල දැන හැඳින සිටි අය මට මේ ආත්මයේ දී හඳුනා ගත හැක. ළඟින්ම සිටින්නෝ කල්‍යාණ මිත්‍රයෝ ය. තවත් ළඟින් සිටින කොටසක් පරම හතුරෝ ය. මට මේ දෙකොටසම කෙරේ ඇත්තේ, එකම හැඟීමකි. 

මේ හැර මේ සංඥා තලයට අයත් නැති නොපෙණෙන කල්‍යාණ මිත්‍රයෝ සිටිති. ඇතැම් ආත්ම (මට මතකයට නොඑන) ගැන ඔවුහු මට කියති. අවුරුදු දොළොස් දහසකට පෙර මා චාතුර්මහාරාජික දෙව්ලොවේ සිට පොළෝ තලයට ආ බවත්, යළිත් මේ ආත්මයෙන් පසු එහි එන බවත් මට දන්වා ඇත. 

ඉදිරියේ ඇති ආත්ම දෙකක් මට පෙනේ. එකක් මොළය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකු (ශල්‍ය) ලෙස උපත ලැබීම. ඉන්පසු ආත්මය මහණ දම් පිරීම. මේ ආත්ම දෙක ම පිරිමි ආත්ම ය. ප්‍රබල කුසල බලපාන ආත්මයන් ය. මේ ආත්මයත්, ඊළඟ ආත්මයත් අතර ලොකු පරතරයක් පෙනුන ද, ඒ කා‍ලයේ මා ඉන්නේ කොහේ ද කියා මට නොපෙනුනේ ය. දැන් මට දන්වා ඇති පරිදි ඒ චාතුර්මහාරාජිකයේ ය. මනස ඉතා පැහැදිලි විට ඔවුහු මට කතා කරති. 
මේ හැර ආලෝක වර්ෂ 500 ක් ඈත, මේ චක්‍රාවා‍ටයේ ම (වෘෂභ තාරකා මඩුල්ලේ හත්දින්නත් තරු පොකුරේ) තාරකාවක් වටා ඇති ග්‍රහලෝකයකින් එන පණිවුඩ මට ලැබේ. තව වසර දහයකින් මට ඒ ග්‍රහලොවට මට එන්නට පවා හැකි වේ යැයි, ඔවුහු මට කියති. අධිමානසික තරංග මත ගමන් කිරීමේ ශක්තිය මේ ග්‍රහ ලොවේ වැසියන්ට තිබේ. ඔවුහු විද්‍යා ඥානයෙන් ද, මානසික බලයෙන් ද අති ප්‍රබල ය. මනැස් සංඥාවෙන් කතා කරති. මේ කල්පයේ වැදගත් සිදු වීම් ඔවුන් ‘ටෙලිවිෂන්’ සේ චිත්‍රගත කර ඇත. ඒ අතර ගෞතම බුදුන් වහන්සේගේ ධර්ම දේශනා ඇතැම් කොටස් එහි ඇත. 

මේ ගැන සෙවූ මට තාරකා විද්‍යාඥයින් මේ තරු පොකුරේ සෞර ග්‍රහ මණ්ඩලයක් තිබෙන බව සැක කරන බව තාරකා විද්‍යා පොත්වල දක්නට ලැබුණි. විද්‍යාඥයින් සැක පහළ කරන්නේ තර්කානුකූලව ඔප්පු කළ සාධක ඇත්නම් පමණි. හේතු ඇත්නම් පමණි. 

මම ද මේ ගැන විමසිලිමත් වෙමි. ඔවුන් ආශ්‍රයට සුදුසු ප්‍රබල මනස් ඇතියවුන් බැවින් ඒ මට මහත් ප්‍රීතියකි. පසුගිය කාලයේ මාස හතරක් තිස්සේ මේ සංඥා මට ලැබුණේ ය. දැන් ඒවා නැවතී ඇත. මගේ කර්ම වේගය හීන වී, මගේ මනැස පැහැදිලි වන තෙක් මට සංඥා දීමට ඔවුන් බලා සිට ඇත. 

මේ සියල්ල මට අරුම විශේෂ සිද්ධීන් ලෙස නොදැනේ. මේ සංසාරය විහිදී යන දුර පමණක් පැහැදිලි වේ. දැන් මහ පොළොවේ සිටියත්, එන ආත්මයේ චාතුර්මහාරාජිකයේ උපන්නත් මට එක සේ දැනේ. විශේෂ ප්‍රීතියක් නැත. මේ සියල්ල මනස නම් මායාමය බලවේගය මවන මායාවන් නොවේ ද?

ම‍ගේ එකම අධ්‍යාශයත්, උවමනාවත් සර්වඥතා ඥාණය ප්‍රත්‍යාක්ෂ කිරීම පමණි. මේ මගේ අන්තිම ස්ත්‍රී ආත්මය යි. සසර බරපතල පව් මම මේ ආත්මයේ දී ගෙවා නිම කරමි. ඉන්පසු සසර ඉදිරි මග පැහැදිලි විසල් ඍජු ගමන් මගක් ලෙස මට දැනේ. බාධක කිසිත් නැත. මගේ සිත පැහැදිලි අහසක් මෙන් විශාලව පැතිරී යයි. සියල්ල එක නිමේෂයකට එක්වර මම දකිමි. ඉන්පසු සිත වැසී යළිත් නිශ්චල වෙයි. මෙය ඉතා ප්‍රබලව දැන් මට දැනේ. 

මේ ගමන් මගට සුදුසු ධර්ම දානය දෙන ලෙස මම ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමි. සසර මේ සන්ධිස්ථාන‍යේ දී මාර්ගෝපදේශකයා ඔබ වහන්සේ ම විය යුතු ය. 

මේ දීර්ඝ ලිපිය ලියා ඔබ වහන්සේට කරදර කරනවාට දහස් වරක් සමාය ඇයැදිමි.

ප.ලි.

මේ ලිපිය ලියූ පසු මට කරුණක් නිරවුල් විය. කෝප පිස්සුව බරපතල කර්මය කළ ආත්මයේ තිබූ චරිත ලක්ෂණයකි. එය අද මට මා කෙරේ ම නින්දා පමුණුවන, ගර්හාවට ලක් කෙරෙන ආයුධයක් විය. කර්ම පල දෙන හැටි! දැන් මා මෙයට ප්‍රතිවිරුද්ධව නැගී කර්ම වේගය සිඳිය යුතු ය. එය කරන්නෙ කෙසේ ද? මෙය මතුවන්නේ මා නොසිතූ විට ය. හදිසි කුණාටුවක් මෙනි. 

සසර ගමනේ මගේ ස්ත්‍රී භාවය නිමා වූ අන්දම ඔබවහ‍න්සේ හමු වූ විටෙක කියමි. එය කර්ම‍ වේගය පිළිබ ඳ විචිත්‍ර කතාවකි. 

-----------------
මෙය කටුකුරුන්දේ ඥාණනන්ද ස්වාමීන්වහන්සේගේ ගුරු ස්වාමීන්වහන්සේට ලැබුණු ලිපියකි. මේ උතුම් කත තවමත් ජීවතුන් අතර සිටියත්, චාතුර්මහාරාජිකයේ සිටියත් ඇයට මේ ධර්ම දානමය පින අනුමෝදන් කරමු. මේ උතුම් බුද්ධෝත්පාද කාලය අප්‍රමාදීව ගෙවන්නට සියලු දෙනාට මේ කථාව දහම් පඬුරක් වේවා ."



ඇට්ලන්ටිස් ශිෂ්ටාචාරය ගැන සමහරුන්ට ප්‍රශ්න ඇති. ඒ ගැන මෙතනින් බලන්න



මේකත් ඔය ගමන්ම බලන්න


සමබර වෙන්න මේකත් බලල හිටියනම් (හේතුවාදී ලිපියක් සෙව්වත් මෙට ඊට වඩා අපූරු බව සිතුනි. ) .
අදහස් හොද්දක් සැදීමේ අරමුණින් මුට්ටිය දමා බැලුවේ  අද ඊයේ නොවේ.බ්ලොග් එක පටන් ගත් දිනවල මය. එහෙත් මින් පෙර මගේ සියළුම බලාපොරොත්තු සුන් විය. බලමු මෙවරවත්.




                     බ්ලොග් සහජීවනය

මෑතකදී යාවත්කාලීන කළ මා බලන බ්ලොග් සමහරක්. ලැයිස්තුව ඉදිරියේදී විශාල වනු ඇත.

කාලය  ,  මධුමාධවී රස සරණිය , ගොසිප් ලංකා  ,
ගී පැදුර ,කවි ලොසින්ජර ,පුංචි කැකුළු මල් ,
මිනීමරු පුවත් ,රසිකොලොජි ,යුතුකම සංවාද කවය  ,විද්‍යා ගවේශන , ellamixcom,සොඳුරු සිත ,
තනි තරුව ,නිදහස් සිතිවිලි ,කුරුටු ගෑ ගී පවුර 
 ඉවාන් පවුලූෂා ,හිරු නැති හෝරාව ,
තන් ගෙඩි , සුන්දර මැලේසියා ,මහ කළු ලාංකිකයා  ,අටම්පහුර  වර්ණ ,බස්සිගෙ නවාතැන ,විභීෂණ ,
අසමි දකිමි සොයමි විචාරක  ,උන්මත්තක ,
කොළඹ ගමයා ,සිතුන නිසා  ,සජ්ජාගේ පඩංගුව  

Saturday, May 23, 2015

වාසු ,විත්‍යා සහ බ්ලොග් ලියන අපි - බලාගෙනයි සමනල තටු බිදෙයි දෙමළ සිත් රිදෙයි

පසුගිය දින වල සයිබරයේ ආන්දෝලනයක් ඇතිකළේ වාසුදේව මහතා රනිල් මහතාට අපහාසාත්මක ලෙස කතා කිරීමත් යාපනයේ විත්‍යා ( විද්‍යා ? ) නම් පාසල් සිසුවියක් සමූහ දූෂණයකට ලක් කර මරා දැමීමත්ය.

මේ ගැන බ්ලොග් කිහිපයක පළවූ පෝස්ට් කිහිපයක් කියවීමි.  

 බ්ලොග් අවකාශයේ සංවාද සම්පින්ඩනය



වාසුදේව මහතා මතුනොව කිසිම කෙනෙක් තව කෙනෙකුට අපහාස කිරීම මම හෙළා දකිමි.තව කෙනෙකුට නින්දා අපහාස කිරීම අතිශයින්ම පිළිකුල් කටයුතුය. රනිල් මහතා මතුනොව කිසිම කෙනෙකු නින්දාවට ලක් විය යුතු නැත. එහෙත් රනිල් මහතාට කිසියම් කෙනෙක් අපහාස කරන්නේනම් මම එය විශේෂයෙන් හෙලා දකිමි. ඊට හේතුව ඔහු මේ රටේ අග්‍රාමාත්‍යවරයා නිසාය. ඊටත් වඩා ඔහු දකුණු ආසියාවේම වැඩිම අත්දැකීම් සහිත දේශපාලනඥයා නිසාය. තවද ඔහු කුෂාග්‍ර බුද්ධිමතෙකි.

වාසු සමහරවිට ඉතාම මුග්ධ පාක්ශිකයන් ඉලක්ක කර ගත්තා විය හැක. එහෙත් මා ඇසුරු කරන උගත් මධ්‍යම පාන්තිකයන් නම් බහුතරය නොව සියළුම දෙනා පාහේ මහින්ද විරෝධීන් වී ඇත්තේ මෙවැනි ගොන් පාට් නිසාය. මේ වැඩවලින් පාවෙන ඡන්ද තවත් ඈත් වේ.

කිසි දිනක කිසිම කෙනෙකුට අපහාස කර නැති නිකැලැල් බ්ලොග්කරුවන් මෙය අසා කලබල වීම ස්වාභාවිකය. පලමු ගල ගැසිය යුත්තේ ශුද්ධවන්තයන්  බැවින් ශුද්ධවන්ත බ්ලොග් කරුවෝ සිය වගකීම අවබෝධ කරගෙන කලබල වීම සදහා ඉදිරිපත් වූහ. එය සතුටකි.

ඒ කතාව ඇති. 


අනෙක් සිද්ධිය නම් විත්‍යා නම් සිසුවියක් සමූහ දූෂනයකට ලක්වී මරා දැමීමයි. මෙය ඉන්දියාවේ සමූහ දූෂන සිදුවීම් වලට සමානය. ඉන්දියානු මනස පාලනය වන්නේ සිනමාව හා සෝප් ඔපෙරා මගිනි. නළුවන් වෙනුවෙන් සිරුරට ගිනිතබා ගැනීම සාමාන්‍ය දෙයකි. ඉන්දියානු චිත්‍රපට වල අපරාධ සිදුකරන ආකාරය අකුරෙන් අකුර කියාදෙයි.ඉන්පසු වීරයා ලවා දැඩි ප්‍රචන්ඩත්වයක් දුෂ්ටයාට මුදා හැරේ. ඉන්දියානු සිනමාවෙන් ඉලක්ක කෙරෙන්නේ මිනිස් සන්තානයේ ඇති තිරිසන් සහජාශයන්ය. මේවාට වහවැටී සිටින්නේ ඉතා දිළිදු ඉතා නූගත් මුඩුක්කුවාසීන් වැනි අයය.


එක් උදාහරනයක් දෙන්නම්. එක් අවස්ථාවක දෙමළ චිත්‍රපටයක පෙම්වතුන් කනේරු ඇට කා මිය යනවා. ඉන් පසු දෙමළ පෙම්වතුන් අතර කනේරු රැල්ලක් යනවා. මේක පටන් ගන්නෙ මඩකලපුවෙන්. ඊට පස්සෙ පොලොන්නරුව හරහ සිංහල සමාජයටත් එනවා.

 මේ චිත්‍රපටවලින් ස්ත්‍රී දූෂන පමනක් නෙවි ඊට පස්සෙ නීතිය අතට අරන් කරන ප්‍රචන්ඩත්වයත් අනුමත කරනවා. ඒවට ජනතාව පොළඹවනවා. ප්‍රචන්ඩත්වයට කරන මේ පෙළඹවීම් නවත්වන්න ඕන.
මේව බලන ප්‍රාථමික අය ආදර්ශයට ගන්නෙ මුල් කොටස.
නීතිය අතට ගැනීම අනුමත කරන්න බැහැ. ඔය නීතිය අතට ගන්නෙත් ආව්ස්ථාවාදීන්. උන්ට ඕන ආතල් එකක්.
ඔය සිද්ධියෙනම් පොලිස් වෙඩිල්ලක් අපේක්ෂාවෙනුත් කට්ටියක් ඉන්න ඇති. ඒ මිනිය මාකට් කරන්න බලාගෙන.ඊට පස්සෙ සිංහල පොලීසිය පිට වෙයව් කියල ප්‍රොටෙස්ට් කරන්න.

යම් සිද්ධියක් සිදුවී අපරාධකරුවන් අත් අඩංගුවට ගත් පසුපවා රජයේ දේපළ විනාශ කරමින් යකා නටන සම්ප්‍රදායක් ඉන්දියාවේ ඇත. සමහරු සිරුරට ගිනි තබා ගනිති. දකුණු ඉන්දියානු සංස්කෘතියේ ආභාෂයට ලක්වන යාපන සමාජයේ මෙවැනි ප්‍රවනතා ඇතිවීම කණගාටුවට කරුණකි.


මේවා ලියන්නත් බයය. දෙමළ ජනයාගේ ලේ නෑයෝ සයිබරයේ සිටිති. කොහෙද බොල දෙමළ සමාජයෙ නූගත් දුප්පත් අය ඉන්නෙ කියා සරම් කරට ගන්නත් බැරි නැත. දෙමළාටත් වඩා දෙමළ වීම උසස් ගතියක් ලෙස ඔවුහු විශ්වාස කරති. පසුගිය කාලයේ රාජ්‍ය නොවන සංවිධානවල නෝනලා තමන් ජාතිවාදී නැතිබව පෙන්වීමට දෙමළ ක්‍රමයට සාරිය ඇද නලලේ පොට්ටුත් තැබුවාලු.



දෙමළ ජනයාගෙන් 52 % ක් සිටින්නේ සිංහලයන් අතරය. එසේම සිංහල සමාජයේ දෙමළ ජනයා ව්‍යාපාරික ආධිපත්‍යයක් දරති.ඔවුහු රැකියා කරමින් කිසි කරදරයක් නැතිව වෙසෙති. දලදා මාලිගයට බෝම්බ ගසන විට පවා දෙමළ කඩයකට ගලක් වත් ගැසුවේ නැත. 1983 සිදුවීම්  වෙනම සංදර්භයක සිදුවූවකි. පසුගිය කාලයේ රාජ්‍ය අනුග්‍රහය ඇතිව සිදුකළ සංවිධානාත්මක මුස්ලිම් විරෝධය ට සමාන දෙයකි.



ආනන්දභවන් එකෙන් වඩේ කා දෙමළ  අයට පරය කියා බනින බව එක්තරා ගායකයෙකු කියයි. එහෙත් මම නම්  එවැනි නොසළකාහැරීමක් හෝ වෙනස්කර සැළකීමක් දැක නැත. අපේ ප්‍රදේශයේ දෙමළ දොස්තරවරු දෙමළ ව්‍යාපාරිකයන් සිටිති. සිංහල ජනයා මේ අයට නැති තැන කතා කරන්නේද නම අගට මහත්තයා කියාය. නමුත් වතු දෙමළ ජනයාටනම් පහත් කර කතා කරති. ඔවුන්ට ඔවුන්ගේ දෙමල සමාජයෙන් ලැබෙන්නේ ඊටත් වඩා නරක තැනකි. ඒ අනුව ඔවුන් පහත් කර සැළකීම ජාතිවාදයක් නොව කුලවාදයකි. වෙනත් ජාතියක අඩුකුලයේ අය වැනි හැඟීමකි. එය නරක  දෙයක් බව ඇත්තය.ජාතිවාදයක් නම් පොදු විරෝධයක් තිබිය යුතුය.

  
අපි සමූහ දූෂණයත් හෙළා දකිමු .පශ්චාත් ප්‍රචන්ඩත්වයත් හෙළා දකිමු.
අපි පුන්කුඩුතිව් කෙල්ලො ගැන විතරක් කදුළු සලන්නන් නොවෙමු. ජාති ආගම් භේදයකින් තොරව ඕනම කාන්තාවකට වෙන අපරාධයකට එරෙහිව නැගී සිටිමු.


පසුව ලියමි


මෙම සිද්ධිය ගැන සටහන් තැබූ බ්ලොග් සොයා යාමේදී තවත් දෙකක් හමුවිය. එහි එක් කොමෙන්ටුවක තිබුනේ පොලිස් නිළධාරියෙකු වයසක අම්මා කෙනෙකුට බනින ආකාරය ගැනයි. පොලීසිය ගැන දන්නා මම මේ මොකක්දැයි බැලීමි. එහි කොමෙන්ට් කර තිබූ සමහරුන් තමන් සිංහලයන් වීම ගැන ලැජ්ජා වන බවත් තිස් අවුරුදු යුද්ධයක් තිබුනේ මෙවැනි පොලිස් නිළධාරීන් නිසා බවත් කියා මහත් ආවේගයෙන් අදහස් දක්වා තිබිණි. එහෙත් එම නිළධාරියා හැකි උපරිම කරුණාවෙන් එම කාන්තාවට කරුණු පැහැදිලිකර තිබිණි.  මෙය දකුනේ සිදුවුනානම් මෙම නිළධරා වුනත් මෙසේ නො හැසිරෙන බව මම සිතමි. පොලීසියට අවශ්‍ය මේ මොබ් එක විසුරුවාහැරීමයි. එය ඔවුන්ගේ රාජකාරියයි. එහිදී ඔවුන් සීමාව ඉක්මවා ඉවසීමෙන් ක්‍රියා කර ඇත.


මේවාට ආවේගයෙන් කොමෙන්ට් දම්මන්නන්ගේ දෙමළ ආලය විශ්මය ජනකය.


මෙතනින් බලන්න ඒ වීඩියෝව



මෙන්න කොමෙන්ට් සමහරක්


දෙමළ මුස්ලිම් වැඩිපුර ඉන්න පලාත්වල මේ විදිහේ ප්‍රශ්න ඇතිවෙන්න හේතුව මේකයි... තමන්ට ස්ව පාලනයක් ඉල්ලුවෙත් මේ නිසයි... දෙමළ බහුතරයක් යුද්ධයට උදවු කලෙත් මේකයි... අඩු තරමේ මේ පොලිස් නිලධාරියා මේත් මිනිසුන් කොටසක් ලෙස සලකා ගෞරවයෙන් ආමන්ත්‍රනය කලා නම්.... හරි හෝ වැරදි ශිශ්ඨ ලෙස කිව්වා නම් මෙලෙස වෙන එකක් නෑ... ඒ මිනිස්සුන්ට මහ ජාතිය පිලිබන්ද වයිරයක් ඇතිවෙන එක පුදුමයක් ද ? මේ මිනිස්සු ඉල්ලුවේ නීතියේ සාධාරනත්වය..... ඒක ලබුනා නම්, අඩු තරමේ ලැබෙන බවට විශ්වාසයක් වත් තිබුනා නම් උද්ඝෝශනය කරන එකක් නෑ


කාගෙ මිනිස්සුද? " ඒ කියන්නේ සිංහල අපි නෙවෙයි දෙමල උබලගේ මිනිස්සු ! මේවගේ මෝඩ බලු පොලිසිය , රජෙයේ නිලදාරීන් හින්ද නිසා තමයි මෙරටේ මේ ප්‍රශ්නේ දුරදිග යන්නේ ! දෙමල මිනිස්සු වෙනමම රටක් ඉල්ලන්නේ , උන්ගේම කියල පොලිසියක් ඉල්ලන්නේ ! ඇයි මේ නිලදරියට අනුව මේ පිට මිනිස්සු , උ
ගේ මිනිස්සු නෙවෙයි ! යකෝ උබල ඇතිකරන මේ බෙදීමට පව් ගෙවන්න ඕනේ අහිංසක සිංහල අපි !


සිංහල ජාතියට දාව ඉපදුනාට ජීවිතයේ ප්‍රථම වතාවට අද මම ඉතාමත් ලජ්ජාවට පත් වූ දවසකි. මහ ලොකුවට ලෝකෙට කියන්නේ සිහල ජාතිය තමා ලෝකෙන්ම ඉන්න උතුන්ම ජාතිය කියලා. අහිංසක කෙල්ලෙකුව 9 දෙනෙක් දුෂණය කරලා මරලා දාපූ උන්ට දඩුවම් දෙන්න කියලා එදිරියට ආපු මේ වයසක අම්මට කතා කරන මේ පරයා මුළු සිංහල ජාතියම අවමානයට ලක් කලා නොවේද? මුගේ දුවට ඒ වගේ අපරාදයක් උනානම් මූ කෙසේ හැසිරේද? මේ වගේ නපුංසකයෝ පොලිස් නිළ ඇදුම ඇදගෙන හරියට නිතිය ක්‍රියාත්මක නොකරනවට අමතරව මේ වගේ අවමන් විදියට හැසිරුනට රජ කාලේ දඩුවම් දිය යුතු නොවේද? මේවට දෙමළ මිනිස්සු කලබල නොවී හිටියොත් තමා පුදුම !!! ඊට අමතරව මේ සිදුවීම සහ මීට පසු ඇතිවූ කලබය දේශපාලනික වශයෙන් විවිඩ පක්ෂ කුමන ආකාරයෙන් හෝ වාසී ලබා ගැනීමට උත්සහ දැරීම මුළු මහත් සිංහල ජාතියේම අභාග්‍ය නොවේද? මේකද මහ ලොකුවට පුරසාරම් දොඩන සිංහල කම?

සමහර කොමෙන්ට් කරුවෝ ස්වයංපාලනය දෙන්නටද යෝජනා කරති.උන්  ඇන්දිල තියන තරම.


ඊට එරෙහිව දැමූ කොමෙන්ටුවක්.


මේ සිද්ධියේ දෙපැත්තම තියෙනවා..
එක පැත්තකින් පොලිස් නිලධාරීන් නිවැරැදියි.
ඒ වගේම තව පැත්තකින් අඩු පාඩුවකුත් තියෙනවා...

මේ දේවල් දෙමළ අයට මෙන්ම සිංහල අයටත් සිදුවෙනවා...

මේ වැරදි කරුවන් හඳුනා ගන්න අමාරු උනානම්.. ඔය අම්මලාම ඇවිත් කියන්නේ හරි හමුදාවෙ කොල්ලා තමයි මේක කලේ කියලා..

එතකොට ඔය පොලිසියට බණින අය.. හමුදාවටම තාම බණින්නේ..

කොහොම උනත් මේ පොලිස් නිලධාරියා ඒ අම්මගෙ කටින්ම පිළිතුර ගත්තා.. " මේ අපරාධය කලේ #දෙමළ පිරිමි# කියලා ".....

අනික හමුදාව නොකළ දේවල් වලට මේ මොනවත් නොතේරෙන මිනිස්සු ලව්වා උද්ගෝෂන කරවනවද ?

ඒ වට කතා කරන්න කොම්මෙන්ටු දාන්න මේ පොලිසිය ට බණින අය කවුරුත් නැහැ..

එතකොට දෙමළ අය උසාවියට ගල් ගහපු එක හොඳයි...

රිෂාඩ් කැලේකපන්නා මන්නාරම් උසාවිය ගල් ගහපු එක හොඳයි .

මේ කොමෙන්ට්කරුවන් බිය වී ඇති තරම.
මෙම පොලිස් නිළධරයා කවුද මේක කළේ කියා අසන්නේ මේ උද්ඝෝෂකයන් නීතිය අතට ගත්තේ මේ දූෂනය ආරක්ෂක අංශ විසින් කළ පරිද්දෙනි. 
කවුදැයි මුලින්ම ඇසුවේ එනිසාය.
පොලීසියේ කාර්යභාරය සැකකරුවන් නීතිය හමුවට ගෙන ඒම මිස ළැමයි හැදීම නොවේ.
මේ සිද්ධිය දකුණෙ වුනත් මේ දෙබස වෙන්නෙ මේ ලෙසටමය.



දෙමළ සිත් රිදෙයි කියා සමහරු ඉන්නෙ මාර බයකිනි. දෙමළ ජනයාගේ සිත් ඔය විදියට රිදෙන්නට ඔවුන් පොඩි බබාල නොවේ.






Wednesday, May 20, 2015

යුධ සැමරුම ගැන බ්ලොග් ලෝකයේ මත සම්පිණ්ඩනය

යුධ සැමරුම් ගැන බ්ලොග් අවකාශයේ පෝස්ට් කිහිපයක් පළවී තිබිණි. බොහෝ පෝස්ට් කියවූ මම ඒවාට ප්‍රතිචාරද දැක්වීමි. රළු වුවද සුහද සංවාද ඇතිවිය. ඒ අදහස් කැටි කර වඩා මධ්‍යස්ථ මතයක් ගෙන හැර දැක්වීමටත් අදහස් සම්පිණ්ඩනය කිරීමටත්  මගේ බ්ලොගයේ පෝස්ටුවක්ම දැමීමට සිත්විය.මමත් කුමක් හෝ නොකිව්වොත් නුසුදුසු යැ‍යි සිතුණි.


  
සැමරුමට පක්ෂ අය කියන්නේ කුමක්  ද  මළවුන් සැමරීමට ඉඩ තිබිය යුතුබවය.මේ මතය තව ටිකක් එහාට ගෙන ගොස් එල් ටී ටී ඊ කාරයන්ද ඔවුන්ගේ ජනතාවට වීරයන්ය. ඉතින් එල් ටී ටී ඊ යට බැදී සටන් කළ තම අසල්වැසියා, ඥාති මිත්‍රයා සැමරීමට ඔවුන්ට අවසර තිබිය යුතුය.


ජවිපෙද කළේ කොටි කළ දේවල්මය. ජවිපෙ අය ඉල් මහ සමරුවේදී ඔවුන්ගේ පිස්සු බල්ලන් සමරයි. එසේනම් ඒ අවසරය කොටින්ටත් තිබුනාට කමක් නැත.මේ තර්ක ඇත්තෙන්ම සාධාරණ බව බැලූ බැල්මට පෙනේ.


ඇත්තෙන්ම මෙම සැමරුම් කිසිවෙකුට නතර කළ නොහැක. පසුගිය අවුරුදු පහේදීද නිළ නොවන ලෙස මේවා සැමරූහ.සැමරුම් වලට විරුද්ධ අය කියන්නේ කුමක්ද මේ සැමරුම් නිළ මට්ටමෙන් මාධ්‍ය සංදර්ශන පවත්වා සිදුකිරීමෙන් ත්‍රස්තවාදය සාධාරණීකරණය වන බවයි.එසේම යුධ විරුවන්ට නිග්‍රහයක් සිදුවන බවද කියති. මේ තර්කයද සත්‍යයකි.

තවත් තර්කයක් මතුවී ඇත. එනම් යුද්ධය යනු නමවත් කිව යුතු නැති මතෘකාවකි. එය කුණුවූ මී කුණක් සේ වළ දැමිය යුතුය. මෙම සැමරුම් තුලින් සිදුවන්නේ දෙමළ ජනතාව ගේ සිත රිදීමයි.මේ සියල්ල සිදුවන අතරේ අලුත් ප්‍රවනතාවයක්ද මතුවිය. ටිකෙන් ටික එක් අන්තයක සිට අනෙක් අන්තයටම ගොස් නතර විය. හමුදා සොල්දාදුවෝ කුලී මිණීමරුවෝය . කොටි අපේ සහෝදරයෝය. එන්න අප මළවුන් වෙනුවෙන් පහනක් දල්වමු.

දෙමළ ජනයාගේ අහිංසක සැමරුමට ඉඩ දෙන්න යන ආයාචනය නතර වූ තැන බලන්න.

ඉහත තර්ක මැද මෙම වසරේ මැයි 19 වැනි දිනය ගෙවී ගියේය.

මගේ මතයනම් මෙම තර්කවලට හේතුව වළිගෙ පාගගැනීම බවය. හමුදාව යනු රජය සතු යාන්ත්‍රණයකි. එහි සිටින්නේ වැටුප් ලබන පිරිසකි. ආර්ථික ප්‍රශ්න නිසාම හමුදාවට බැදෙන බවට වූ තර්කයද මම නොපිළිගනිමි. ජීවිතය අවදානමට නොදා කළ හැකි රැකියා ඕනෑ තරම් ඇත.

හමුදා සාමාජිකයෝ දේශප්‍රේමීන්ය යන මතයද මෙවැනිම වරදවා වටහා ගැනීමකි. යුද්ධය පැවති කාලයේදී ඇතැම් හමුදා සාමාජිකයෝ යුධ රහස් කොටින්ට දී මාට්ටු වූහ.එක් මේජර්වරයෙක් මෙසේ මාට්ටුවූ පසු ඔහුගේ තොරතුරු මත අල්ලාගත් කොටියෙක් කීවේ මේ සර්ට කොච්චර සල්ලි දුන්නත් වැඩක්  නෑ සිගරට් ම බොනව කියායි. ඒ කියන්නෙ මොහු කොටින් පස්සෙ වැටී සිට ඇත්තේ පොලී මුදලාලි කෙනෙක් පස්සෙ වැටුන අසරණයෙක් ලෙසයි. පොට්ටු අම්මාන්ද මෙම හමුදා මහත්වරු ප්‍රශංසාවට ලක්විය. පොට්ටු අම්මාන් කීවේ මෙම මහත්වරුන් මෙසේ හැසිරෙන්නේ ඔවුන්ට දෙමළ අභිලාශයන් ගැන ඇති පැහැදීම නිසා බවයි.

යුධ සමයේ දෙමළ අභිලාශ ගැන පැහැදුනේ මෙවැනි සෙබලුන් පමණක් නොවේ.සිවිල් ක්‍රියාකාරීන්ද පැහැදුනහ. මාධ්‍යවේදීන්ද පැහැදුනහ. සාමාන්‍ය ජනයා පහදවා ගැනීමේ වැඩ පිළිවෙළක්ද සාම සමයේ ක්‍රියාවට නැගුණි. මේ පැහැදීම කොතරම් දුර දිග යන්නේද යත් සිංහල ගම්මාන කැතිගාන්නට පාර පෙන්වන්නටද මෙවැනි අය පැමිණ ඇත.

සැමරුම් තුලින් දෙමළ සිත් රිදෙන බව කියන අයගේ තර්ක වලට පදනම මෙම යුද්ධය සිංහල දෙමළ යුද්ධයක් බවයි. ඇත්තෙන්ම මෙම යුද්ධය සිංඅල දෙමළ යුද්ධයක් නොව මානව විරෝධී පැස්සිට්වාදයක් සහ ශිෂ්ට සමාජයක් අතර සටනකි.

හිට්ලර්ද සටන් කළේ ජර්මන් ජාතිය බේරා ගැනීමට කියාය. යුදෙව් සමූලඝාතනය ගැන නැගුන ප්‍රශ්නායකට ඇඩොල්ෆ් අයික්මාන් නමැති නාසි අලුගෝසුවා නැගූ තර්කය වූවේ ඔබ රෝගී වී ඇති යුරෝපා දේහය යුදෙව් විශබීජවලින් බේරාගැණීමට අප දරන උත්සාහය දකින්නේ නෑ කියාය.

එදා ජර්මානුන් බහුතරය වී සුළුතර යුදෙව්වන් පෙළුහ. ලංකාවේ සිදුවුනේ එහි අනෙක් පැත්තයි .සුළුතර සංවිධනායක් භූමිය අල්ලාගෙන වාර්ගික ශුද්ධ කිරීමක් කළේය.එහිදී සිංහල මුස්ලිම් දෙවර්ගයම පීඩාවට පත් විය.මෙම පැස්සිට්වාදය පරාජය කිරීම සැමරිය යුතුය.



ජර්මන් සිත් රිදෙන බව කියා දෙවන ලෝක සංග්‍රාම සැමරුමට එරෙහිවන කෙනෙක් නැත.

ඇමරිකාව සිදුකළ ඉරාක යුද්ධය හෙළා දකින ඇමරිකානුවෙක්ද නැත.ඔවුන්ගේ තර්කය සදාම් ඒකාධිපතියෙක් බවයි. ලංකාවේ අමුතු පරපුරද ඔවුන් අනුවම යති. හැබැයි ලංකාවෙ කොටි හොදය .අනේ මුන් නම් හොද ත්‍රස්තවාදිනේ කියා කියයි. ඊට හේතුව ඔවුන් නගන්නේ ඔවුන්ගේ ස්වාමියාගේ හඩ නිසාය. පෙරෙස්ත්‍රොයිකාවෙන් පසු මාක්ස්වාදය මිය ගොස් ඇත. වර්තමානයේදී මාක්ස්වාදීන් සිවිල් සමාජ ක්‍රියාකාරීන් බවට රූපාන්තරණැය වී ඇථ. ඔවුන්ට වැටුප් ගෙවන්නේ ධනපතියන්ය. දැන් මාක්ස්වාදී ලෙනින්වාදී ට්‍රොට්ස්කිවාදී කස්තෝවාදී මාවෝවාදී ජීජැක්වාදී ඩෙරිඩාවාදී රූකඩ නැටුම් පමණක් දැකිය හැක. 



අප කළ යුතුව තිබුනේ හා කළ යුත්තේ කුමක්දසියළු ආකාරයේ ජාතිවාදී ප්‍රවනතා මැඩීමයි. ජර්මන් ජනයා නාසිවාදයෙන් ගලවා ගැනීමට දියත් කළ ව්‍යාපෘති අධ්‍යයනය කළ යුතු අතර දෙමළ ජනයා දෙමළ නාසිවාදයෙන් ගලවා  ගැනීමට එය භාවිතා කළ හැක. හිට්ලර්ට එරෙහිව ජර්මන් ජනයා තුල යම් ප්‍රතිරෝධයක් ගොඩ නැගීමට පශ්චාත් ජර්මන් පාලකයන් ක්‍රියා කළ ආකාරයට දෙමළ නායකයන්ද ක්‍රියා කළ යුතුය.

ඊට සමගාමීව දකුණේ යම් ජාතිවාදී ව්‍යාපාරයක් ඇත්නම් එයද මතවාදීව මර්ධනය කළ යුතුය. මතවාදී සීමා ඉක්මවා උතුරේ හෝ දකුනේ යමෙක් ක්‍රියාකරයිනම් එවිට නීතිය ක්‍රියාත්මක කළ යුතුය. 


ඇත්තෙන්ම මැයි 19 වැනි දින නන්දිකඩල් කලපුවේදී ජයගත්තේ දෙමළ ජනයාගේ යුද්ධයයි. යුධ ජයග්‍රහණය සැමරීමට අපට වඩා අයිතියක් ඇත්තේ දෙමළ ජනතාවටය . මන්ද ඔවුන් දෙමළ නාසිවාදයෙන් මුදා ගත්තේ එදා බැවිනි.



මේ තනිතරුව බ්ලොග් එකේ පෝස්ටුවට පළවූ කොමෙන්ට් දෙකක් .එහි සියල්ල අන්තර්ගතය. "

" මකසි- ජර්මනියේ ඉඳපු ජාර්මන් ජාතිය වෙනුවෙන් පෙනී ඉඳපු අසහාය නායකයෙක් තමයි හිට්ලට්. ජර්මන් ජනයා වත් ඔහු සමරනවාද? කිසිසේත් නැත. හිට්ලර් නිසා ජර්මනියට විනාශයක් සිදුවූ බව අද ජර්මන් ජන මතයයි.යුධ පරාජයෙන් පසු එම හැංගීම හිට්ලර් ගැති අය තුල පවා ඇතිවී(ඇතිකර) ඇත. එසේම සත්‍යද එයයි. නමුත් මිත්‍ර හමුදා ජර්මනිය තුල හිට්ලර් සැමරීමට ඉඩ දුන්නේ නම් හිට්ලර් ජර්මන් විරුවෙක් වී නැවත මිත්‍ර හමුදා වලින් පලිගැනීමට නැවත හිට්ලර් කෙනෙක් බිහිවී ලෝක යුධයක් බිහිවීමයි

JPG ත්‍රස්තවාදීන් කෙරෙහි වැගිරෙන අනන්ත දයානුකම්පාව, මහා මානුශික හිත වාදය,තමන්ගේ අල්ලපු ගෙදර ඉන්න මනුස්සයාට, බස් එකේ අහලින් යන මගියාට, ඔෆිස් එකේ එකට වැඩ කරන ස්ටාෆ් මෙම්බර් ටත් ලැබේ නම් මේ ලංකාව ඇත්තෙන්ම සුර විමනකි.

මේ බ්ලොග් ලියන බොහෝ දෙනෙකු අල්ලපු ගෙවල් සමග, එකට වැඩ කරන එකා/එකී සමග,ඇදගෙන ඇති කොකු ප්‍රමානය තම තමා දනිති.

එබැවින් එවැනි මහා මානුශික හිතවාදී කොමෙන්ට්ස් දකින විට ....,කවුරුවත් විශේෂයෙන් සිහි නොකොට,( කැමැත්තෝ තොප්පි දමා ගනිත්වා )....

සභාවේ තදින් සිනා.
මගේ අත්පොලසන්...!"

උපුටා ගැනීම අවසන්


Thursday, May 14, 2015

මිත්‍යා මත ධාරීන්ට සොභාවික ව්‍යසන ආශීර්වාදයකි

ලංකාවට භූමිකම්පා පමණක් නොව ගිණිකන්දක්ද  ලැබෙන බව සී නිව්ස් කියයි.එය කියා ඇත්තේ එසේ මෙසේ කෙනෙක් නොව ලලිත් විජේවර්ධන නම් ප්‍රාඥයෙකි. 

මෙම පුවත දුටු විගසම මට මතක් වුනේ ලංකාවේ ඩයිනෝසර්ලා සිටි බවට මවුබිම පුවත්පතේ පළවූ පුවතකට යමෙක් දැමූ කොමෙන්ටුවකි. එම පුවත පළ කර තිබුනේ රාවණා බලකාය නමැති සංවිධානයක තොරතුරක් මත ප්‍රාදේශීය වාර්තාකරුවෙකු ලබා දුන් පුවතකිනි. කොමෙන්ටුවෙ තිබුනෙ ඇත්තටම ඩයිනෝසරයන් ලංකාවෙ සිටියත් පර්යේශනය කර ඇත්තේ රාවණා කණ්ඩායමක් නිසාත් පුවත පළවී ඇත්තේ මවුබිමේ නිසාත් කෙසේ විශ්වාස කරමුද කියායි. ඇත්තෙන්ම මවුබිම යනු මා ඉඩ ලැබුනොත් කියවන පුවත්පතකි.ඒ හොද හැටි සිනාසීමටය. එහෙත් වැරදිලාවත් සල්ලි දී නම් කියවන්නෙ නැත. ඊට හේතුව මිත්‍යාව ප්‍රවර්ධනයට සතයකින් හෝ දායක වීමට ඇති අකමැත්ත නිසයි.

මවුබිමේ හොල්මන් කතා පමනක් නොව ගවේශන ගැන පළකරන ලිපි දෙස බලන විට   එහි මාධ්‍යවේදීන්ගේ පරිකල්පන ශක්තිය ගැන පුදුම නොවී බැරිය. 

සී නිව්ස් ඇත්ත කීම ගැන නම් දැරූ මාධ්‍යයක් නිසා මෙයත් සමහර විට ඇත්ත වනු ඇත. සී නිව්ස් කලින් කී අනාවැකි දැණ් ඔවුනට මතක නැතිවා විය හැක.කදුකරයේ සිටින තාපසයෙක් සී නිව්ස්ට කියා සිටියේ 2011 සැප්තැම්බරයේ මහා විනාශයක් සිදුවන බවය. මේ සී නිව්ස් තාපසයා ගැන ඉන් පසු කතාවක් නැත.

මේ ලලිත් ප්‍රාඥ තෙමේද එසේ මෙසේ අයෙක් නොවේ. 2004 සුනාමියෙන් පසු ඔහු කීවේ එය ඔහු කලින් කී බවය., එහෙත් ඊට සාක්ෂියක් පෙන්වූයේ නැත. 2005 ජනවාරියෙදී මහා භූමිකම්පාවක් වන බව අනාවැකියක් පළ කළේය. එය සිදු නොවූ බව අප දනිමු. ඉන්පසු ඔහු ආගිය අතක් නැත. 

මොහු පස් සාම්පල් ගෙන කරන්නේයයි කියන පර්යේශනය ඔහුටම ආවේණික එකකි.ඔහු හැර වෙන කිසිවෙක් පිළිගන්නා එකක් නොවේ.

කිසිම අනාවැකිකාරයෙකුට ජනවාරි 8 වැනිදා සිදුවන දේ කීමට බැරි විය. දේශීය විදේශීය ලෙසද සත්‍ය ලෙස අනාවැකි කී එකද කෙනෙක් නැත. යමක් සිදුවූ පසු තමන් එසේ කී බව ප්‍රකාශ කිරීම සාමාන්ය ක්‍රමවේදයයි. මේ පුවත දුටු අයට කලින් කිසිවක් මතක නැත. අන්න අහවලා මෙන්න මෙහෙම කියල තියනව කියල කෝපිකඩවල එකට හත කර ප්‍රචාරය කරයි.

මිත්‍යා මත නිර්මාණය කරන අය නේපාලයේ භූමිකම්පාවට හේතුව ගාධිමායි බිලි පූජා බව කියති.එහෙත් මෙය අනෙක් පැත්තටද තර්ක කළ හැක. භූමිකම්පාවෙන් මියගියේ බ්ලිපූජාවට එරෙහි කදුකර ජනයාය. බිලිවල සැර බාල කල එකට දෙවගන කෝප වුනා යැයි තර්ක කළ හැක.මේ  නිසා මිත්‍යා තර්ක යනු දෙපැත්ත කැපෙන අවියකි.


සොබාවික ව්‍යසන මිත්‍යා මත ප්‍රවර්ධනය කරන්නන් සිය බඩ වඩා ගැනීමට භාවිතා කිරීම කනගාටුදායකය

බ්ලොග් හදුන්වාදීම

වරකට බ්ලොග් 5 බැගින් හදුන්වාදෙනු ලැබේ. එයට අලුත්ද පරනද දේශපාලනද අරකද මේකද කිසි බේදයක් නැත.මා නිසා කාට හෝ හිට්ස් වැඩිවී පාඨකයන් වැඩිවී සතුටක් ඇතිවේනම් එය මටද සතුටකි. තනියම කෑම මගෙ ක්‍රමය නොවේ.මගේ බ්ලොගයට එන අයට වෙනත් බ්ලොග්ද පෙන්වන්නේ එම නිසාය. මේ සේවය කරන්නේ එය මගේ බ්ලොගයට අවාසි බව දැන දැනමය.

01. ජම්බුකාවේ ආදම් මඩකලපුව දැන් ට්‍රෙඩ්මිල් පැදීමට අමතරව උදේ සීතල සුලඟ සිප ගනිමින් පෝටිකෝව යට යෝගා ව්‍යායාම ආරම්භ කොට ඇත.ඊවා එය අර්ථ දක්වන්නී ඉස්සරහ ගෙදර ලීනාට පානා අඟර දඟරයක් ලෙසිනි.එබැවින් ඇය ආදම් ගේ හිත කැඩීමේ පරම පවිත්‍ර චේතනාවෙන් මෙසේ කියයි. 
''ලීනා ගේ  පස්සෙ සයිස්...! වට්ටක්කා ගෙඩියක් වාගේ...''
ආදම් එවිට මෙසේ කියයි.
''වට්ටක්කා වලටත් මම ආසයි නෝනේ...
මිනිහෙකුගේ වර්ධනයට කැරොටීන් ඕනේ''  

මෙතනට ගොස් සියළු ලිපි කියවන්න



02. ගියපාර වෙසක් බලන්න ගියාම දැකපු විගඩං නාඩගං නිසා මට හිතුණු දේවල් මං මෙන්න මෙහෙම අකුරු කලා!! බලපු නැති අය බලලා ම එන්නකො!!
මේ පාර වෙසක් ගැන ලිව්වත් ඉතිං ඊට වැඩි දෙයක් නං ලියන්න හොයන්න නෑ!! කිසිම හොඳක් නෑ. තිබුණටත් වඩා තත්වය දරුණුයි!!

වෙසක් අසිරිය (අසිරිය නෙවෙයි අ-සිරි ය) දැක්කම, ඒ ගැන පැහැදිලි කරන්න හොඳ ම ක්‍රමය විදිහට, අපි අ.පො.ස සා/පෙ ට ඉගෙන ගත්තු කවි පෙලක් මතක් වුණා!!



බලන්න, මේ, අද කාලෙ අපි දකින වෙසඟේ සැබෑ තත්වය නොවේද??

මෙතනින් ගොස් ලිපි කියවන්න


3,


සමාජය පිළිගන්නා
සියලු කායික ආවරණ ප්‍රතික්ෂේප කළ ආගමිකයෙක් සහ
ඔහුට වඳින පොලිස් නිලධාරිනියක්..

සමාජයේ පැවැත්මට උපකාර වන
ආගමික ක්‍රියාකාරකම්ද
වස්ත්‍ර මෙන් බැහැර කොට
නිදහසේ නිරුවතින් විසීම
නිරාගමික පිළිවෙතයි.

මෙතනින් ගොස් සියළු ලිපි කියවන්න




4.ලිංගික කුහකත්වය හා එහි සම්භවය ගැනත් ඊට බලපාන සමාජ මනෝභාවයන් ගැනත් දැනට බොහෝ කළකට පෙරාතුව සිටම කරුනු දක්වන බැවින් මේ ලිපියෙන් ඒ ගැන ගැඹුරු විග්‍රහයකට යෑම අනුචිත යැයි මට හැඟේ. එහෙත් ලිපියේ අන්තර්ගතය තේරුම්ගැනීමේ පහසුව තකා කෙටි මතක්කරදීමක් කළයුතුය. ලිංගික කුහකත්වයන් පැනනගින්නේම ලිංගිකත්වයේ ස්වභාවික යහගුනයන්ට අවනත වීමට දක්වන මැලිකම හා මේ ස්වභාවයන් මිනිස් වර්ගයාගේ පැවැත්මට අත්‍යවශ්‍ය දේ බව පිළිගන්නට තිබෙන අකමැත්ත පසුබිම් කරගෙනයි. ඒ එක්තරා අතකට පිරිමි ලිංගය ස්ත්‍රී ලිංගය තුලට ඇතුල් කිරීම හා ලිංගික සංසර්ගය දැකීමට ඇති භීතිකාවක් වටා අනවශ්‍ය ලෙස ගොඩනැගුනු බොරු සාරධර්මයන්ගේ එකතුවක් වේ. මේ සියල්ලට වටිනාකම් ලැබෙන්නේ ලැජ්ජාව යන කාරනාව හරහායි. ලිංගික කාරනා සම්බන්ධයෙන් පිළිගත් සම්මුතීන්ගෙන් බැහැරව කටයුතු කිරීමට යම් ලැජ්ජාවක් බයක් සමාජයේ තිබිය යුතු බව මමද පිළිගනිමි. නමුත් එය ලිංගිකත්වයේ සියළු ස්වභාවික යහගුණයන් පිළිකුල් කරන මට්ටමේ අමන කමක් නොවියයුතුය. මීට අමතරව පිරිමින් විසින් සිය සහකාරියන්ගේ නොයිඳුල් කන්‍යාභාවය මත දැඩිව එල්බගැනීම හා ඒ මත ගැහැනු ළමුන් පිරිමි ලිංගික පෙරැත්ත කෙරෙහි අදී යෑම වැලැක්වීමට  යොදන උපක්‍රමයන්ද වේ.

මෙතනින් ගොස් සියළු ලිපි කියවන්න


05 .පසුගිය දින කීපයේ ගිය ප්‍රවෘත්ති හමුවේ අසරණව සිටියෙමි. ප්‍රශ්න 
කිරීම්වලට ලක්වන දේශපාලකයන් පවසන දේට වඩා වේදනාවක් ඇති වුනේ උගතකු ගැන කියවුන පුවතකින්. උගතුන් වැරදි කරා කියල පැමිණිලි ආවම ප්‍රශ්න කරන්නවත් හොඳ නැද්ද ?කියල මට තෝරගන්න බැරුව අන්ත අසරණියක් බවට පත් වුනා. 
හැටලක්ෂයක් යුදෙව්වන් මරා දමාපු  හිට්ලර්ගේ සිර කඳවුරකින්, යන්තමින් බේරී පැමිණියකු ලියන ලද ඉතාම අනුවේදනීය ලිපියක් තියනව.  මේ ඓතිහාසික ලිපිය බොහෝ දෙනකු දන්නා බව නිසැකැයි. ඒත් නැවතත් එය මතක් කරන්න හොඳ වෙලාවක් මේ කියල හිතුන. පහතින් උපුටා දක්වා තියෙන්නෙ එහි කොටසක්.(පින්තූරය උපුටා ගත්තෙ අන්තර්ජාලයෙන්)



මෙතනින් ගොස් සියළු ලිපි කියවන්න


ඔබේ බ්ලොගයට හදුන්වාදීමක් අවශ්‍ය නම් බ්ලොග් ලිපිනය සහිතව ඉල්ලීමක් කරන්න

yakamamayaka@gmail.com

Sunday, May 3, 2015

සිරි පැරකුම් සිනමා පටයේ අවුල් සහ තවත් කතා

ඊයෙ වෙසක්දා ටී වී එකෙන් චිත්‍රපටයක් නැරඹීමට අහම්බෙන් අවස්ථාවක් උදා විය. මම සාමාන්‍යයෙන් සිනමා ශාලාවලට ගොස් චිත්‍රපට නරඹන්නේ නැත. ටීවී එක කවුරුහරි දාල තිබුනොත් මටත් කොටහක් බැලෙයි. ඒකෙත් මුල මැද අගක් නැත. බොහෝ විට චිත්‍රපට බලනවාට වඩා චිත්‍රපට අහනවාය. 

ඊයෙ එක්තරා චැනලයක සිරි පැරකුම් චිත්‍රපටය පෙන්වීය. මට එය ඇසුණි.කරුණු කිහිපයක් නිසා එය බැලීමට සිත්විය. එකක් නම් එම කතාවට පාදක වූ ජනප්‍රවාදය අපේ පළාතට කිට්ටු ප්‍රදේශයක සිදුවූ සිද්ධියක් වීමයි. රජු යුද්ධයෙන් මියගිය විට බිසෙවරු ගලෙන් පහලට පැන මළ පසු කළුන්දෑව ගමේ රෙදි නැන්දා කෙනෙක් කුඩා බිළිදු කුමාරයා රැගෙන ගමරාල කෙනෙකුට දෙයි. ගමරාල ඔහු හදාගනී. වියපත් කුමරා ගමරාලගේ දියණියන් දෙදෙනාගෙන් බාල එකී රන් එතනා සමග හාද වෙයි. ලොකු එකී කළු එතනා කුමරාට වෙනස්කම් කරයි. දිනක් කුඹුර හාමින් සිටින විට බාල එකී ගෙනා ඇඹුල කා ඇයගේ උකුලේ නිදා සිටින කුමරාට තම මහපට ඇගිල්ලේ මීයක් බැද ඇති බව සිහිනෙන් පෙනේ. එම සුබ සිහිනයෙන් අවදිවන කුමරා ඉදිරියට එන්නේ මගුලැතුය. මගුලැතු කුමරා ඉදිරියේ දනගසයි. රන් එතනා සමග රජවාසලට යන කුමරු මන්ද කළුවෙ පින් නොකළේ කියා කළු එතනාට කවියකින් සරදම් කළාලු.


පොලොන්නරු රාජධානිය බිදවැටීමෙන් පසු අපගේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ රාජධානි තුනක්ම විය. එය අපූරු සිද්ධියකි.දඹදෙනිය ,යාපහුව, කුරුණෑගල ඒ රාජධානියි. අනුරාධපුර හා පොලොන්නරු රාජධානිවලට වඩා මෙහි විශේෂත්වය නම් මේවා ආත්මාරක්ෂාව සදහා ගොඩනැගූ ඒවා වීමයි. මේ තත්වය කෝට්ටේ අගනුවර වනතුරුම පැවතිනි. මට ඇති පුදුමය නම් එක තැනක ආරක්ෂාව මදි කියා යන්නේ ඒ අසලම තැනකට වීමයි. දඹදෙනියෙන් යාපව්වට ගොස් එතනින් යන්නේ ඒ අසලම ඇති කුරුණෑගලටය.

අද කුරුණෑගල දිස්ත්‍රික්කය සශ්‍රීක කුඹුරුයායවල් වලින් සමන්විත ග්‍රාමීය ප්‍රදේශයකි. එහෙත් 13 වන සියවසේ මෙම ප්‍රදේශ රටේ මර්මස්ථාන විය. පොලොන්නරුව කාලිංග මාග විසින් විනාශ කළ පසු ප්‍රාදේශීය ප්‍රභූන් සිව් දෙනෙක් යලි සිංහල රාජවංශය ගොඩ නැගීමට උත්සාහ කළ අතර එයින් ජයගත්තේ තුන්වන විජයබාහුය. මේ තුන්වන විජයබාහු පොලොන්නරු රජවරුන්ට තිබූ නෑකම ගැන දන්න කෙනෙක් නැත. තුන්වන විජයබාහු ප්‍රාදේශීය රදලයෙක් වන්නට ඇත. එය එසේනම් සිංහල රාජවංශය අහෝසිවන්නේ කාලිංග මාඝ ආක්‍රමනයෙනි.

කෙසේ හෝ තුන්වන විජයබාහු යළි සිංහල රාජවංශය පිහිටුවීය. එහෙත් මේ කාලයේ රටේ පැවතියේ අවිනිශ්චිත වාතාවරණයකි. 


තුන්වන විජයබාහු රජුගේ පුත් දෙවන පරාක්‍රමබාහු රජු කලිකාල සාහිත්‍ය සර්වඥ පණ්ඩිත ලෙස හැදින්වේ.කව් සිළුමිණ හා විසුද්ධි මාර්ග සන්නය ලියන ලද්දේ මෙම රජතුමාය. ඔහු ඉතා ශ්‍රේෂ්ට කාරුණික රජකෙනෙකි. මේ යුගයේ වැදගත් සිද්ධියක් නම් ජාවක චන්ද්‍රභානුගේ ආක්‍රමණයයි. මේ ජාවකයා ඉන්දුනීසියාවෙන් ආවෙකි. ඉන්දුනීසියාවේ මේ කාලයේ තිබුනේ ශෛලේන්ද්‍ර අධිරාජ්‍යයයි. මැලේසියාවේ කොටසක්ද මීට අයත් විය. සියළුම ආක්‍රමනිකයන් පොදුවේ දෙමළ කියා අඥාන වංශකතා කරුවන් හැදින්වුවද රටට මහා හානියක් කළ කාලිංග මාඝ ඉන්දියාවේ ඔරිස්සා ප්‍රදේශයෙන් ආ අයෙක් ලෙස සැළකේ. එහෙත් මට සිතෙන්නේ ජාවක චන්ද්‍රභානු සේම කාලිංග මාඝද ඉන්දුනීසියාව පැත්තේ සිට ආ එකෙක් බවයි ( තාම්‍රලිංග = කාලිංග )


ජාවක චන්ද්‍රභානු පරාජය කිරීමට පරාක්‍රමබාහු රජු සමත් විය. මෙම රජු උගතෙක් කාරුණිකයෙක් සේම රණ ශූරයෙක්ද විය. රජු සමගම සටන් කළ සෙනවියා පතිරාජ සෙනෙවියාය. පතිරාජ යන වාසගම අපේ පැතිවල සුලබය.


සිරි පැරකුම් චිත්‍රපටයෙන් කියන්නේ මෙම කුමාරයා දෙවන පැරකුම්බා රජු බවයි. එය සත්‍ය නොවේ. මෙම කුමරා සැගවී සිටි කාලයේ රජකම් කළේ වත්හිමි බණ්ඩාර නම් මුස්ලිම් කුමරා බවත් ඔහුට රාජ උරුමයක් නොවූවෙන් කුමන්ත්‍රනයකින් ඔහු ගලෙන් පහලට පෙරලා මරා මගුලැතු සරසා එවූ විට මගුලැතු කුමරාට දන ගැසූ බවත් කියවේ. මේ කතාවත් වැරදිය.


වත්හිමි බණ්ඩාර නම් මුසල්මානයා පළමුවැනි භුවනෙකබාහු රජුගේ අන්තහ්පුර බිසවකගේ පුතෙකි. ඔහුගේ මව ඉරාන ජාතික කාන්තාවකි. තම පුතුට රජකම දීමට මෙම ඉරාන බිසවට අවශ්‍ය විය. එය එසේම සිදුවිය. එහෙත් රදළයන් හා භික්ෂූන් රාජ උරුමයක් නැති මොහු සිහසුනෙන් නෙරපීමට කුමන්තරනය කර පර්වතයක් උඩ පිරිත් මණ්ඩප්පයක් සාදා පිරිත් කියන අතරතුර රජුගේ මණ්ඩපය පර්වතයෙන් පහලට පෙරලා මරා දැඌහ.

සිංහල රාජ වංශයේ දේවත්වයට නංවා ඇත්තේ රජවරු දෙදෙනෙක්. එක් කෙනෙක් නම් මහසෙන්ය .අනෙක් රජු මේ වත්හිමි බණ්ඩාරය. වත්හිමි බණ්ඩාර වෙනුවෙන් තනා ඇති ගලේ බණ්ඩාර දේවාලය කුරුණෑගල පෞරාණික දේවාලයකි. එහි පාරම්පරික කපුවන්ද වෙති.මෙයින් පෙනෙන්නේ වත්හිමි ජනතාව අතර ජනප්‍රියව සිටි බවයි. ඔහුට පක්ෂ විශාල බලවේගයක් කුරුනෑගල තිබී ඇත. ඔහුගෙන් පසු රජවන iii  පරාක්‍රමබාහුට කුරුණෑගල සිට රජකම් කළ නොහැකිව එවකට වල් බිහිව තිබූ පොලොන්නරුවට යාමට සිදුවීමෙන් එය පෙනේ.

තවත් මතයක් ඇත. එනම් මෙම කුමරු පස්වනි විජායබාහු රජුගේ පුතෙක් බවයි.එය පිලිගත නොහැක්කේ එම රජු කුරුණෑගල අවසන්වරට රජකල රජුවීමත් 1326 සිට 1341 ගම්පොල රාජධානිය වනතුරු රාජවංශය ගැන කිසිම තොරතුරක් නැති නිසාත්ය. කලුන්දෑවේ කුමරු සම්බන්ධ දඹදෙනියටය. 

මෙම රජු සිරිපැරකුම් කතාවේ එන දෙවන පරාක්‍රමබාහුවත් ,කුරුණෑගල පන්ඩිත පරාක්‍රමබාහුවත් නොවන බව පැහැදිලිය. ආරාජක කාලයක් කුරුණෑගල පැවතියේ පළමුවන භුවනෙකබාහු රජුගෙන් පසුවය.එනිසා වත්හිමි කුමරු පළමුවන භුවනෙකබාහුගේම පුතෙකි.


ඒ කවරක් හෝ මෙම කළුන්දෑවේ කුමරා වේවා චිත්‍රපටයේ සදහන් සාහිත්‍ය ශූරී රජුනම් නොවේ. වත්හිමි සිද්ධිය පස්වන විජයබාහුට ගලපුවොත් කළුන්දෑවේ කුමරා නාමික ඉතා අප්‍රකට රජෙකි.


ඒ ඇති

දෙවන පරාක්‍රමාබාහු රජුගෙන් පසු ලංකාව තව දුරටත් ඒකීය රටක් ලෙස නොපැවති බවත් අගනුවර රජුට සැබෑ බලය පැවතියේ අගනුවර ට කිට්ටු ගම්මාන කිහිපයක බවත් මුහුදුබඩ ප්‍රදේශවල කිසිම අධිකාරයක් තිබී නැති බවත් පෙනේ. දෙවන පරාක්‍රමබාහු ගේ කාලයේම උතුරේ වෙනම පාලනයක් ඇතිවීම විශේෂ කරුණකි. එසේම එකල රජවාසල බලය පැවතියේද විදේශ හමුදාවලටය. වරෙක රාජ්පුත් සේනාංකය රජු කවුදැයි තීරණය කරන මට්ටමක බලයක් දැරීය. අන්ධ සේනාපති යටතේ ආන්ද්‍ර හමුදා , වංග සේනාපති යටතේ වංග හමුදා ආදියද විය.චීනය අරාබිය වැනි රටවල් සමග  විදේශ සබදතා ද තිබිණි.මේ තත්වය කෝට්ටේ යුගය දක්වාම තිබූ අතර කෝට්ටේ නගරය ඉදිකරන ලද්දේද විදේශීය වෙළද නායකයකු වූ අලකේශ්වර විසිනි. කුරුණෑගලින් පසු ගම්පොල ගා දැදිගම අගනුවරවල් දෙකක් ඇතිවූ අතර උතුරේ ආර්ය චක්‍රවර්තිගේ බලය කුරුණෑගල දක්වාම පැතිරුණි. රජවාසල සැබෑ බලවතුන් වුනේ අලගක්කෝනාර අගමැතිය. 


ඒ අනුව කුඩා කාලසීමාවක් හරුන විට පොලොන්නරු යුගයෙන් පසු රටේ ඒකීය පාලනයක් තිබී නැති අතර රජවරු යනු ගම්මුලාදෑනීන් වැනි පිරිසක් වූ බව පෙනේ.එසේම වෘත්තීය හමුදාවක්ද තිබී නැත.විදේශීය හමුදාවල සහාය අනුරාධපුර යුගයේ සිටම ලබා ගැනුනි. ආයුධ නිශ්පාදනය , වෙළදාම ,අමුද්‍රව්‍ය එකතුකිරීම , වාරිමාර්ග ඉදිකිරීම යන කටයුතු අගනුවර මැදිහත්වීඑන් කළද වෘත්තීය ස්වදේශික හමුදාවක් නොවීය. එය පුදුම තත්වයකි. රජවරුන්ගේ බලය ගැන අපූරු තොරතුරු ඇත. මහවාසල තේජෝබල වීරවිපුල රජුට පුත්තක්ලමට ආ මොරොක්කෝ දාමරික පිරිසක් පරාජය කිරීමට නොහැකි විය. මුහුදුබඩ පෙදෙස් වල විදේශීය වෙළදුන්ගේ පාතාල පාලනයක් තිබිනි.කෝට්ටේ රජුට කොළඹ ගැන තිබූ දැනුම හා පාලනය සිනහ උපදවන සුළුය.

පොලොන්නරු යුගයට පසු රජවරු උවමනාවෙන් කළ එකම දෙය බඩු ගැසීම පමණක් බව පෙනේ. අභ්‍යන්තර පාලනය අගමැති විසින් කළ අතර රටේ සැබෑ පාලකයන් වී ඇත්තේ ප්‍රාදේශීය දාමරිකයන්ය.


සිරි පැරකුම් කතාවේ එන රජවරු නොගැලපීමේ සිද්ධි සිහිකරන විට එම යුගය ගැන මෙන්න මේ විදියෙ චිත්‍රයක් මට ලැබුනි.



______________________________________________________


බ්ලොග් හදුන්වා දීම



_______________________________________________________________

රජවරු ගැන කතා කළෙමි. බ්ලොග් හදුන්වාදීම යන විශේෂාංගය යටතේ ද මුලින්ම රජෙක් ගැන බ්ලොග් අඩවියක් හදුන්වා දෙමි. දියසේන කුමරා ඔබ අසා ඇති. ඔහු අනාගතයේ පහළවන ජාතියේ ගැලවුම්කරුය.මේ දියසේන කුමරා ගැන මුලින්ම සදහන් වන්නේ පළමුවැනි පැරකුම් යුගයේ සාහිත්‍ය කෘතියකය. 1959 දී මොහු රුහුණේ උපදිනබවට කතාද තිබුනාලු. මේ දියසේන කවුදැයි දන්නවාද

ජාතියේ ගැලවුම්කාරයා වන දියසේන කුමරු බ්ලොග් එකක් කරන බව ඇසුවොත් ඔබ පුදුම වනු ඇත.

මට එම බ්ලොග් එක හමු විය. ඔහු තමන් දියසේන බව හදුන්වා දෙන්නේ මෙසේය.






" දැන් අප සොයාගත් දේ ගැන කතා කරමු. මාතර දිසාවේ, දියසේන 1959 අප්‍රේල් මස පහ දින උදේ 06.06 ට ඉපදුනා යයි මිනිසුන් සිතා, බලාපොරොත්තු කඩ කර ගත් ගමට නුදුරු ගමක උපන්නකු ලෙස, මම ද කුඩා කල සිට දියසේන ගැන අසා ඇත්තෙමි. නම දුටු විගසින් එම නමේ ස්වරූපය ඒ පැත්තට උරුම වූ රටාවක් ඇති එකක් බව තහවුරු වේ. මේ දියසේන උපදිනවා යයි කියා ඇත්තේ ද මාතර දිසාවේ ය. කලින් ලිපියක කී මහ සම්මත මනු ද උපන්නේ මාතර යයි කියවේ. මෙම ප්‍රදේශයේ වැදගත්කම වචනය තුල ඇත. මාතර යනු "මව් තැන" යන අරුත දෙන වදනකි. "රුහුණු" පළාත යනු "හිරු උන්නු" පළාත වේ. මේ වදන මිනිසා ගොරිල්ලන් ලෙස හඬ නගන යුගයේ බිහි වී ඇත. පසු කලක දෙමළ ලෙස වෙන් කලේ මේ ආකාරයට ශබ්ද නැගීම හිර වූවන් බව පෙන්විය හැක.  පැළයක් හැදී වැඩී අතු බෙදී මහ රුකක් වන්නා සේ මිනිසා තිරිසන් බව හැර අද ඉන්න තැනට ඒමට කෙතරම් බෙදී අයින් කලාදැයි යන බව විවිධ ජාතිකත්ව හෙළි කරති. දියසේන සොයා යාමේ දී මනු ද එම පෙදෙසේම උපන් බව තහවුරු වුනේ ගමේ නම නිසා ය. මිනිසුන් තැන මාරු කල ද, අවශ්‍ය දේ ද රැගෙන යන ගතිය ගැන කලින් ලිපියක සඳහන් කලෙමි. මේ අවශ්‍ය දේ යටතට අවට පරිසරයේ ඇති දේවලට කියන නම් ද රැගෙන යන බව කිව යුතුය. සිංහලයන් වචන වලට ස්ථීර අරුත් දීම ද වැදගත් විය. මෙවැනි හැසිරීමක් ඉංග්‍රීසි කොළණි තුලද දැකිය හැක. Liverpool යන නම කී තැනකට දමා ඇති දැයි බැලූ විට මා කියන දේ පැහැදිලිය.



අද දියසේන යන නම භාවිතයේ නැත්තේ නූතන වචන රටාව වෙනස් වීම නිසාය. ආදි කල, දියසේන යනු දිය දෙන කෙනා යයි අරුත් ගති. එකල දිය යයි කී දෑ සුළු දිය මගින් තහවුරු වේ. ඒ අනුව, දිය යනු අද වහරෙන් ශුක්‍ර ධාතු ලෙස ගත හැක. මෙහි දී අදහස් වනුයේ පියා (තාත්තා) යයි කීම ය. පියා යන වදන දිය යන්නෙන් බිහි වූ බව පෙනේ. කලින් ලිපියක තාත්තා යන වචනය ගැන කීවෙමි. එසේම දිය යයි වතුරට ද කියවේ. එකල වතුර ජීවිතයත්, ගින්න මරණයත් සනිටුහන් කලේ, කැළෑ ජීවිතයේ දී ජීවිතය රැකෙන්නේ වතුර ලැබුනොත් පමණි. එසේ නම් දියසේන යනු වතුර සොයාදෙන කෙනා හෙවත් ජීවිතය දෙන කෙනා යයි කිව හැක. අද ද මාතර පෙදෙසේ පියසේන (පියා+කෙනා) සිංහල ගම්වල බහුලව යොදන පිරිමි නමකි. වචන ව්‍යාප්ති විදි අනුව ආදි සිංහලයන් කී දියසේන සෙවිය යුත්තේ එම නමින් නොව එහි නූතන වදන වන පියසේන යෙදීමෙනි.


දී ඇති ඉතාමත් ම පැහැදිලි තොරතුරු මත කියපු වෙළාවට ඉපදිය හැකි ගණන ද සීමිත ය. එසේම හැකියාවන් අනුව නිකමකු ද නොවේ. අනිවාර්යයෙන් ම එම ගමේ ප්‍රසිද්ධ කෙනෙකු විය යුතුමය. එසේ නම් සෙවිය යුත්තේ සුවිශේෂ තැනක් ඇති කෙනෙකු ගැන ය. අපට කිසිදු විදියකින් 1959 අප්‍රේල් මස පහ දින උදේ 06.06 ට ඉපදුන, සැබැවින් ම සිංහල විදියට 1958 අප්‍රේල් මස පහ දින උදේ 06.06 ට ඉපදුන, ගමේ ප්‍රසිද්ධ පියසේන කෙනෙකු කිසිදු ගමකින් සොයාගත නොහැකි විය. අප ඒ ප්‍රදේශයේ ඇති ග්‍රාම නාම වල ද අරුත් බැලුවෙමු. ඊ ළඟට කලේ සිංහල වසර ක්‍රමය අනුව 1959 අප්‍රේල් මස පහ දින උදේ 06.06 ට ඉපදුන, ගමේ ප්‍රසිද්ධ පියසේන කෙනෙකු සෙව්වෙමු. මෙදින එම පෙදෙසට සූර්යයාගේ මුදුන් වීම ද, උපදින වෙළාවේ සූර්යයා උදා වීම ද සුවිශේෂ කරුණු ය. සැබැවින්ම එම නමින්, එම දින, කී වෙළාවට උපන් කෙනෙකු ඇති බව සොයා ගත්තේ අමුතුම ආකාරයකට ය. ඔහු කොතරම් ප්‍රසිද්ධ දැයි කියනවා නම්, ගම නොව මුළු ලෝකයම ගෙන බැලිය යුතු ය. ඔහු ප්‍රසිද්ධියට අකමැති, දැන් වෙනස් නමකින් ඉන්න අයකු වූව ද, ලොවම දන්නේ ඔහු දුන් සුළු දැනුමෙන් මිස මුල් නමින් නොවේ. එම සුළු දැනුමෙන් කොටසක්, ලොවේ ඉහලම තලයේ සිටින විද්වතුන් සිසුවන් කරන තරම් ප්‍රබල ය. තෝරාගත් වෘත්තියේ සුදුසුකම් ලැබීමට ද, ඔහු දුන් දැනුම ප්‍රගුණ කල යුතු ය.  "




.මෙතනින් ගොස් ඔහුගේ සියළු ලිපි කියවන්න . ඔහුගේ ලිපි කියවා අන්දකයිප්පු වී අඤ්ඤකොරොස් වීම ගැන අපගේ වගකීමක් නැත.

http://sinha-ali.blogspot.com/2013/02/blog-post_9.html


මේ දෙතිස් කතා බ්ලොග් එක. එය ඉතා වටිනා ශාස්ත්‍රීය බ්ලොග් එකකි.


1.   විමල් විරවංශලා සහ විපක්‍ෂය මොන පම්පෝරි ගැසුවත් වසං කළ නොහැකි සත්‍යය නම් 19 වන ව්‍යවස්ථා සංශෝධනය රාජපක්‍ෂලා දේශපාලන බිමෙන් ඉවත් කිරීමේ ජෝන් කෙරීලාගේ අභිප්‍රාය (නිව්යෝක් ටයිම්ස් පුවත් පතේ හොඳමිනිහා මහතාගේ මේ සම්බන්ධ ලිපිය කියවන්න) ඉෂ්ඨ කිරීම පිණිස ගෙනා යෝජනාවක් බවත්, ඒ අභිප්‍රාය ඔවුන් ඒ අයුරින්ම ඉටු කරගෙන ඇති බවත් ය.

දැන් මේ ගැන විමල් විරවංශලාට පම්පෝරි ගැසීමට දෙයක් නැත. විරවංශලා අපට නොකීවාට ඇත්ත කතාව නම් නිදහස් පක්‍ෂ නායකත්වය පවරා දුන් දා 'අප්පච්චි' සැබැවින්ම මළ බවත්, විපක්‍ෂ නායක ධුරය දරමින් ඒ පක්‍ෂයේ අයවළුන් ඇමතිකම් පිළිගත් විට මළ අප්පච්චිට පාංශුකූලය දෙනු ලැබුණු බවත්ය. 19 සම්මත කර ගැනීමට අත ඉස්සීම මගින් ඔහුගේ දරුවන් සහ හදාගත් දරුවන් විසින් කරන ලද්දේ මළ 'අප්පච්චි'ට තුංමාසේ දානේත් දී අහවර කිරීමයි. මහින්ද රාජපක්‍ෂ යනු දැන් දේශපාලන මළමිනියකි. පිළිගන්නට අකමැති මුත් අපට පෙනෙන්නට තිබෙන සත්‍යය එයයි. මෙතැනින් එහාට සෙල්ලම් දමන්නට ආවොත් මහින්ද රාජපක්‍ෂට සිදු වන්නේ බෝතලයක සිර වී මුහුදට විසි වී පාවී පාවී ඉන්නට ය.


************************************************

2  .වැඩි වියදමක් නැතිව ලේ පිරිසිදු කරගන්න අවස්ථාවක් ලැබේ නම් එය භාග්‍යයකි. අරිසෙන් අහුබුදු , සූරිය ගුණසේකර , මිරැන්ඩෝ ඔබේසේකර හා කාංචන ගීත මනමේන්ද්‍ර යන මහා විද්වත් උතුමන් අපට මහහඩින් සිනාසී ලේ පිරිසිදුකරගැනීමට උදවු කරන ශ්‍රේෂ්ඨයෝය.

මේ මනමේන්ද්‍ර ඍෂින්වහන්සේ ගේ බ්ලොගයකි. උන් වහන්සේගේ බ්ලොගයට ගොස් කියවා හොදින් සිනාසී ප්‍රීතිවන්න. පරිගණක තිරය දෙස බලා සිනාසෙන ඔබ අනුන්ට අරුමයක් විය හැකිනිසා ප්‍රවේසම්ද වන්න.


‘දෙවියන් තේරුම් ගත හැක්කේ බැතිමතාට පමණි. දෙවියන් හඳුනන්නේ බැතිමතා පමණි. අන්‍යයන්ට බැතිමතා හඳුනාගත නොහැකි ය. භක්තිය නැති අය සමඟ දෙවියන් පිළිබඳ කතා නොකරන්න. එසේ කතා කළහොත් ඔබගේ භක්තිය හීන වී යයි.’’
- සායි බාබා -

අදින් වසර දහස් ගණනකට පෙර ත්‍රෙත නම් යුගයේ දී මහා ඍෂි භරද්වාජ් නම් ඍෂිවරයාට සකල වේදයන් හි සම්පූර්ණ අවබෝධයක් ලබා ගත යුතු විය. ඒ සඳහා ඉන්ද්‍ර නම් දෙවියන් විසින් සියලූ දෙවියන් කැඳවා යාගයක් පවත්වන්න යැයි ඍසිවරයාට උපදෙස් ලබා දුන්නේ ය. මෙම යාගයට ආරාධනය කිරීම සඳහා ශිව පාර්වතී ගේ වාසභවන වූ කෛලාශ කූඨය වෙත භරද්වාජ් ඍෂි පැමිණෙයි. ඒ අවස්ථාවේ ශිව හා පාර්වතිය විශ්ව නර්තනයේ යෙදී සිටිති. ශක්ති නැතහොත් පාර්වතිය එම ඇරැුයුම් පිළිගත් බව අඟවමින් නර්තනය අතරතුර ම සිනාවකින් ඉඟි කළ ද එය තේරුම් නොගන්නා ඍෂි කනගාටුවට පත්ව දින 8ක් බලා සිට නැවැත පැමිණෙයි. වෙහෙස හේතුවෙන් අතරමඟ දී ඔහුට පක්ෂාගාත රෝගය වැළඳෙයි.