Saturday, April 4, 2015

මම බයියෙක්ද ටොයියෙක්ද

මම බයියෙක්ද ටොයියෙක්ද යන ප්‍රශ්නය මට ඇතිවී තිබේ. 
බයියෝ මම ටොයියෙක් කියාද 
ටොයියෝ මම බයියෙක් කියාද  
හදුන්වති.

බයියන් හා ටොයියන් වෙන්කර හදුනා ගත හැකි ක්‍රමවේදයක් නැද්ද

සත්ව විද්‍යාඥයන්ට සමහර සතුන් වර්ගීකරනයේ කොයි කොටසට දමන්නේද යන ගැටළුව ඇතිවී ඇත.

ආවර්තිතා වගුව සැදූ රසායන විද්‍යාඥයන්ට සමහර මූල ද්‍රව්‍ය කොයි පැත්තට දාන්නේද යන ගැටලුව ඇතිවිය

වාග් විද්‍යාඥයන්ට බුරුම ජපන් වැනි භාෂා කුමන භාෂා ගණයට දමන්නේද යන ගැටළුව ඇතිවී ඇත.

නමුත් ඉහත කී තුන් ගොල්ලම ගැටළු තිබුන ඒවා කොහාට කොහාට හරි දැම්මහ.

බයියෝ රාජාන්ඩුවලට කැමතිය කියා පිළිගැනීමක් ඇත.

මම රාජාන්ඩුවලට චීන සෝවියට් මාදිලියේ තස්තවාදී ආන්ඩුවලට , සිංගප්පූරු මාදිලියේ ධනපති ත්‍රස්තවාදී ආණ්ඩුවලට අකමැත්තෙමි.

එසේනම් මා ටොයියෙක්ද

ටොයියෝ යුධ විරෝධීය කියා පිළිගැනීමක් ඇත.

මම යුද්ධයට කැමැත්තෙමි. ඒ මම දෙමළ ජාතිවාදයට අකමැති රටට ආදරේ කෙනෙක් නිසාය. එසේම ටොයියන්ගේ වර්තමාන වෛරයට පාත්‍රවී සිටින විමල් වීරවංශ , මහින්ද හා ගෝටාභය මට ප්‍රසන්නය. ටොයියන් එකළ වෛරකළ දැන් වීරත්වයට නංවා සිටින සරත් ෆොන්සේකා මට කවදත් ප්‍රසන්න පුද්ගලයෙකි.

එසේනම් මම බයියෙක්ද

බයියෝ පවුල්වාදයට ප්‍රදේශවාදයට කැමතිය.

මම මේ දෙකම ප්‍රතික්ෂේප කරමි. මම ජාතිවාදයට , ආගම්වාදයට හා කුලවාදයටත් අකමැත්තෙමි.
බයියන්ගේ වෛරයට පාත්‍රවී සිටින රනිල් වික්‍රමසිංහ , මංගල සමරවීර ආදී ලිබරල්වාදීන් නූතනවාදීන්  මට ප්‍රසන්න පුද්ගලයන්ය.

මම ටොයියෙක්ද

මේ වැඩේ හරියන්නෙ නැත. එක්කෝ ටොයිබයියන් හා බයිටොයියන් කියා සංකල්පද හදුන්වා දිය යුතුය.

22 comments:

  1. මේ ගැන මගේ අදහස ලියූ වෙලාවේ "වෙන්ඩ ටොයියෝ" යනුවෙන් කුලකයක් ගැනත් කතා වුණා.

    http://rasikalogy.blogspot.com/2015/03/toyiya-vs-bayiya.html

    මං පසුව ඉදිරිපත් කළා වයි-ෆයියෝ නමිනුත් කුලකයක්.

    (why dont you allow HTML within comments?)

    ReplyDelete
    Replies
    1. ඔවු මෙහෙම අලුත් කුලක ඕන වෙනව. අපි වගෙ අය දාන්න

      සෙටින්ස් හදන නම් විදිය මට තේරෙන්නෙ නෑ. ට්‍රයි කරල බලන්නම්කො

      Delete
  2. ඔබ සංජය බෙල්ලට්ඨිපුත්ත වැනිය. කිසිම දෙයක් පිළිගන්නේද නැත. ප්‍රතික්ෂේප කරන්නේද නැත. හරි කියන්නේද නැත , වැරදියි කියන්නේද නැත :P

    ReplyDelete
    Replies
    1. සජ්ජා දාන්න 5ක් ... ඔය කියාපු සේරටම සෙට් වෙන්න නමකුත් දාන් ඉන්නේ හිටන්

      Delete
    2. අනේ උඹලනම් හෙහෙ හෙහෙ

      Delete
  3. ඔබ මධ්‍යස්ථ මතධාරියා ය! :)

    ReplyDelete
    Replies
    1. අන්න හරි එක්කෙනෙකුට හරි තේරුනා

      Delete
  4. මේ වගේ චුටි පෝස්ට් දැම්මොත් අපි හා,අදාම එනෝ ..

    ReplyDelete
    Replies
    1. O K
      ඉස්සරහට වෙනසක් කරන්නම්.

      Delete
  5. බයියන්ගෙයි ටොයියන්ගෙයි සම්මිශ්‍රනයක් හදන්නනම් කොහොමත් බැරි වෙයි. ඒත් ටොයියන්ට වඩා බයියොනම් ටිකක් හරි රටට හිතවත්.

    ReplyDelete
  6. මමනම් කියන්නෙ ඕකට හොඳම වර්ගීකරනය "පයියා".
    පයිය යනු කුනුහරුපයක් නොවේ.

    ReplyDelete
    Replies

    1. ඔබ කියන එක හරි ටොයියොත් නෙමේ බයියොත් නෙමේ පයියොම තමා.

      කුණුහරප කියා දෙයක් නෑ. ශරීර අවයව වලට කියන දේවල් කුනුහරප වෙන්නෙ කොහොමද
      මට පෙනෙනව බ්ලොග් වලින් අලුත් සංකල්ප හදුන්වා දෙනවා. පුක යනු කුණුහරපයක් නොවන බව දැන් බ්ලොග්කරුවන් ඒකමතිකව පිළිගන්නවා.
      පයිය කියන්නෙ කුනුහරපයක් නොවෙයි පැස කියන අර්ථය.
      බඩ , කකුල ,ඔළුව , පුක යන වචන අපේ පැරණි භාෂාවෙ ( සිංහලයට පෙර ) ඉතිරිවී ඇති නෂ්ඨාවශේෂ. මේව ඉන්දු ආර්ය වචන නොවෙයි. අතීත යක්ෂ ගෝත්‍රිකයන් භාවිතා කළ භාෂාවෙන් අද ඉතිරිවී ඇත්තේ මේ ටිකයි. හිස (ශීර්ෂය ) අත ( හස්තය ) උදරය වැනි ආර්ය වචන තිබුනත් වැඩියෙන ජනප්‍රිය අපේ යක්ෂ ගෝත්‍රික වචන ටිකයි.
      පයිය , පක , කිම්බ ,හුත්ත කියන ඒවත් අපේ උරුමයන් වෙන්න ඇති.
      මාර වැඩක් ඉන්දියන් යෝනිය ශිෂ්ටලු අපේ කිම්බ අසභ්‍යලු.
      ඉන්දියන් ශිෂ්ණය ශිෂ්ටලු අපේ පක අසභ්‍යලු

      Delete
  7. බයි ටොයි කතාව ඇදී ආවේ මහින්ද තමාටම බයියා කියා ගැනීමෙන් පසු ( බය්යා කතාව කොහෝමත් සෑහෙන කල සිට අපහාසයට හොරෙන් කිවූ කතාවකි ) හා මේ බයි, ටොයි ගැන පලවූ ලිපියකින් පසුවයි.

    එහි ටොයිය්යන් ලෙස හැඳින්වූයේ රනිල්, චන්ද්‍රිකා වැනි කොලඹ ප්‍රභූ පැලන්තියේ අයවලුන් මිස මෙවුන්ට චන්දය දෙන සාමාන්‍ය ජනතාව හැඳින්වීම්ට නොවේ.

    එය තවත් වැඩි දියුනු වී චන්ද දායකයන්ද බයියන් හා ටොයියන් බවට පත් වී තිබේ. මුල් තේරුම වෙනස් වී ඇති මෙය මට නම් මහත් විකාරයකි.

    ReplyDelete
    Replies
    1. බයියා යනු අපහාසාත්මක වචනයක් නොවේ. වන්නි පළාත්වල මිනිසුන් එකිනෙකා අමතන්නේ බයියන් ලෙසය. පාරෙ කෙනෙක් හමුවූ විට කොහෙද බයියො යන්නෙ කියා අසයි.
      එහෙත් වන්නි ජනයාට අපහාස කිරීමට නාගරිකයන් වන්නි ජනයා බයියන් ලෙස හදුන්වයි.
      මේ කතාව කරළියට ආවේ එක්තරා එජාප දේශපාලනඥයකු ගමේ බයියන් එක්ක වගෙ බෑ රාජ්‍ය තාන්ත්‍රිකව වැඩකරන්න ඕන කියා කිවූ කතාවකින් පසුවයි. ඉන්පසු මහින්ද අයවැයේදී කොහොමද බයියගෙ වැඩ කියා එය ස්ථිර කළපසු දිගින් දිගට ව්‍යවහාරයට ආවේය.
      දැන් එජාප අය ටොයියන් ලෙසත් ශ්‍රීලනිප වැනි වමේ පක්ෂවල අය බයියන් ලෙසත් හැදින්වේ.
      දෙපාර්ශ්වයට කරන මෙම අපහාසය වහා නැවැත්විය යුතු බව මගේ හැඟීමයි.

      Delete
  8. මධ්‍යස්ථ මතධාරියා කියන්නෙ ඒකනේ.

    ReplyDelete
  9. උඹ බය්යෙක් හෝ ටොය්යෙක්ද උනත් මම මෙහෙ එනෙ , යකාගෙන් ම.ම ට රූපාන්තරණය වෙච්චි එකා ලියන ලිපි කියවන්නයි.

    ඒ නිසා බයි/ටොයි යො, උඹ මොකා උනත් ආයි අර යකා වෙන්න නං හදන්න එපා. ඌ මෙලෝ රහක් නෑ!

    ReplyDelete
    Replies
    1. ආයෙ යකා වෙන්නෙ නැහැ. කාලයක් නොලිය ඉදල ආයෙ නමත් වෙනස්කරල පටන් ගත්තෙ සම්පූර්ණයෙන්ම වෙනස් බ්ලොග් එකක්. යකා ලියන කාලෙ ලියපුව මෙලෝ රහක් නෑ . මටම එපා වෙලා තිබුනෙ. යකා කියන ටයිටල් එක වෙනස් කරන්නෙ නැත්තෙ එහෙම කළොත් සින්ඩිවල අප්සෙට්යන නිසාත් කලින් ආපු සමහරු මග ඇරෙන නිසාත්.
      දැන් වචනයෙ පරිසමාප්ත අර්ථයෙන්ම මධ්‍යස්ත තමයි . ඉදිරියෙදි ඉතා කෙටි පෝස්ට් දාන්නෙ. අලුත දැම්ම එක මාසෙකට කලින් සකස් කරපු එකක්. ඒකයි ඒක දිග වුනේ.

      Delete
  10. බයියත් නොවී ටොයියත් නොවී ඔය දාගෙන ඉන්න මධයස්ථ නමින්ම ඉන්න එක තමයි හොද..

    ReplyDelete