Friday, April 3, 2015

පංචේන්ද්‍රියන්ට හසු නොවන අධිමානසික හැකියාවන් පවතීද

අද පොහොය දින කතා කරන්නට අපූරු මාතෘකාවක් ලැබී තිබේ. මම බ්ලොග් සංචාරයේ යෙදෙන විට ආගමික බ්ලොග් හමුවේ. ඒවා පවත්වාගෙන යන්නේ නූගත් උපාසකම්මලා නොව උගත් පිරිසකි.ඔවුහු යම් ක්ශේත්‍රවල විදග්ධ දැනුමක් සහිත වෘත්තිකයන් බව පෙනේ. මම ඔවුන් හා සංවාදයේ යෙදෙමි. ඔවුන්ගේ බොහෝ සංවාද අවසන් වන්නේ රේරුකානේ හිමියන්ගේ පොත් කියවන ලෙසට මට කරන ආරාධනාවලිනි.එයින් මට හැගෙන්නේ ඔවුන්ට එම පොත්වල ඇති දේ නොතේරෙන බවය.

මට පෙනෙන්නේ අප ධරය අවුල් කරගෙන ඇති බවයි. ඊට හේතුව බුදුදහමට ව්‍යාජ බුද්ධිමය සළුපිළි පැළදවීමට අපට අවශ්‍ය වීමයි. ඒ නිසා දිවා රෑ තර්ක කරන්නට මාතෘකා අපට ලැබී තිබේ.

පුනර්ජනය වනි මාතෘකා ගැන අප කරන පර්යේශන පවා අගතිගාමීය. එහෙත් බටහිර විද්වතුන් මධ්‍යස්ථ පදනමක සිට තර්ක කරයි.කාලාවතරනයෙන් ඔබ්බට බ්ලොග් එකේ පළවූ ලිපි දෙකකි ඒ.පහත සබැදි බලන්න.

http://kalatharanaya.blogspot.com/2015/04/blog-post_3.html

http://kalatharanaya.blogspot.com/2015/04/blog-post.html


උපුටා ගැනීම

පූර්ව ජන්මයන් සම්බන්ධයෙන් මිනිසුන් තුළ ඇති වන අනෙක් තැවුල වන්නේ අධිමානසික සංසිද්ධීන් පිළිබඳ විශ්වාස කිරීම “මනෝ විකාරයක්ද” යන කාරණය යි. මේ තැවුල සංසිදුවීම පහසු ය. මන්ද එවන් අත්දැකීම් විශ්වීය ඒවා වන බැවිනි. සිදුවන්නට ඇති යමක් ගැන කලින් පෙන්නුම් කළ ප්‍රාග්–ප්‍රජානනාත්මක සිහින හෝ වෙනත් එ වැනි අධිමානසික අත්දැකීම් ලැබීම පිළිබඳ ඔබේ මිතුරන් හෝ පවුලේ සාමාජිකයන් අතර සමීක්ෂණයක් කර බලන්න. ප්‍රතිඵල ඔබ මවිත කරනු ඇත.

 සැබැවින් ම මට ද එසේ සිදු විය. “අනේක ජාති -අනේක ගුරුන්” පල කිරීමෙන් දෙමසකට පසු, මියාමි වෙරළේ වූ කාන්තාවන් දස දෙනකුගෙන් සමන්විත පොත් සමාජයක සංවාදශීලී කථාවකට මට ඇරයුම් ලැබිණ. දොළොස් වසක් මුළුල්ලේ රැස්වුණ මේ කණ්ඩායම පුළුල් පරාසයක වූ පත පොත ගැන විශේෂයෙන්ම ජනප්‍රිය දහරාවේ සාහිත්‍ය කෘති ගැන සංවාද කළහ. පාරභෞතික මාතෘකා ගැන ඔවුන්ගේ විශේෂ උනන්දුවක් නො වී ය. කෙසේ වෙතත් මා ඒ පළාතෙන් බිහි වූ ලේඛකයකු වූ බැවින් ද ඔවුන් සමඟ කතාබහට ලැදියාවක් දැක්වූ බැවින් ද එම පොත් සමාජය සිය දොළොස්වස් සපිරි ඉතිහාසය තුළ කියැවූ ප්‍රථම පාරභෞතික කෘතිය පිළිබඳ සංවාදයකට සැරසුණේ ය.

 මා ඊට සහභාගි වූ සන්ධ්‍යාවේ සංවාද මණ්ඩපයට කාන්තාවන් දස දෙනා ම පැමිණ සිටිනු දක්නා ලදි. ඔවුන් සියලු දෙන ප්‍රධාන දහ‍රාවේ සාම්ප්‍රදායික ආකල්ප ඇති මධ්‍යම පාන්තිකයන් වූ අතර එම ප්‍රජාව නියෝජනය කළ හොඳ හරස් කැපුමක් විය. 


පුනර්ජන්මය හා මරණින් මතු ජීවිතය පිළිබඳ “අනේක ජාති - අනේක ගුරුන්” කියවීමට ප්‍රථම ඔවුන් දැරූ මතය කුමක්දැයි මම සංවාදය ආරම්භයේ ම සාමාජිකාවන්ගෙන් විමසිමි. සාමාජිකාවන් තිදෙනෙකු (සියයට 30ක්) පුනර්ජන්මය විශ්වාස කළ අතර පළමු තිදෙනා ද ඇතුළු ව හය දෙනෙක් (සියයට 60ක්) මරණින් මතු පැවැත්මක් ගැන විශ්වාස කළහ. සිරුර මියයන විට පුද්ගලයා ද මිය යන බව විශ්වාස කළ සිවු දෙනෙකි (සියයට 40). මෙම සංඛ්‍යාන ප්‍රතිඵල “ගැලප්” ජනමත සමීක්ෂණ ඇසුරින් වාර්තා කරන ලද ජාතික තලයේ මධ්‍ය අගයන්ට බෙහෙවින් ම සමීප වූයේ ය

. කවරදාක හෝ තමා විසින් පෞද්ගලික ව යම් අධිමානසික සංසිද්ධියක් අත් දැක තිබේදැයි සාමාජිකාවන්ගෙන් විමසූ කළ මා ලද ප්‍රතිචාරයේ පුළුල් බව හා තීව්‍රතාව මා විස්මයෙන් ඇළලී ය. සිහි තබා ගත යුතු වැදගත් කරුණ වන්නේ මේ පිරිස පූර්ව සැලසුමකව අනුව තෝරා නො ගත්, අතීන්ද්‍රිය ඥානය (ESඵ්), අධිමානසික සංසිද්ධීන් හා පුනර්ජන්මය වැනි කරුණු ගැන උනන්දුවක් නො දැක්වූ පාරභෞතික ව දිශානුයෝජිත නො වූ කණ්ඩායමක් වීම යි. මේ වූකලී වෙනස් මාදිලියක පොත පත කියවා ඒවා පිළිබඳ සංවාද කිරීමට ගොඩනඟා ගත් කාන්තාවන් දස දෙනකු ගෙන් සුසැදි සාමාන්‍ය කණ්ඩායමක් විය.

 එක් සාමාජිකාවකගේ මව දැකීමට වරක් ඇගේ වයස්ගත එහෙත් රෝගාතුර ව නොසිටි මිත්තණිය සිහිනෙන් පැමිණ තිබිණි. සිහිනයේ දුටු මිත්තණිය ස්වර්ණ-ශ්වේතවන් රශ්මි මාලාවක නිමග්න ව සිටි අතර ඈ වටා දිදුලන ඛයාමප්‍රභා මණ්ඩලයක් විය. ඈ සිය මිණිබිරියට මෙසේ කීවා ය “මම හොඳින් ඉන්නවා. මා ගැන දුක් වෙන්න එපා. මට ඔබ ගෙන් වෙන් වී යන්ට සිදුවෙලා තියෙනවා. හොඳින් ඉන්න” ඈත නගරයක වුසූ සිය මිත්තණිය පෙරදා රැයේ මිය ගිය බව පසු දින ඈට සැල විය.

 තවත් සාමාජිකාවක් කලකින් නොදුටු එමෙන් ම කල්පනා මාත්‍රයක හෝ නොවූ තලතුනා ඥාතියකු සිහිනෙන් දුටුවා ය. ඥාතියාගේ ලය පෙදෙසේ ලේ තැවරී තිබෙන අයුරු සිහිනයේ දී දර්ශනය විය. ඊට පෙර දිනයේ දී ඔහු විවෘත හදවත් සැත්කමකට බඳුන් ව සිටි අතර සාමාජිකාව ඒ පිළිබඳ කිසිවක් දැන සිටියේ ද නැත. 

කණ්ඩායමේ වෙනත් සාමාජිකාවක් සිය පුතණුවන් සම්බන්ධයෙන් යළි යළිත් පුනරාවර්තනය වන්නා වූ සිහිනයක් දුටුවා ය. ඒ වන විට මනා සෞඛ්‍යයෙන් යුතු ව සිටි ඇගේ පුතා සිහිනයේ දී දර්ශනය වූයේ බරපතල ලෙස තුවාල ලබා ඇති අයුරකි. අනතුරු ව තමා ද ඔහුගේ රෝහල් වාට්ටුවේ සිටින අයුරු දුටු ඈට ප්‍රබල හා ගුප්ත හඬකින් කාමරය තුළ නින්නාද වූ මේ වචන ඇසිණ. “ඔහු ඔබ වෙත යළි පැමි‍ණෙමින් සිටිනවා” ඈ විපිලිසර ව සිටියේ සිය පුතු ලෙස සිහිනයේ දුටු ළමයාගේ හිසකේ ඔහුගේ සැබෑ හිසකේ වර්ණයට වඩා බෙහෙවින් ම තද පැහැ වීම පිළිබඳව යි. මේ සිහිනය පුරා මාසයක් ම යළි යළිත් දර්ශනය වූයේ ය. 


ඒ මාසය අග දී සිය බයිසිකලය මෝටර් රථයක ගැටීමෙන් ඇගේ පුතා බරපතල ලෙස තුවාල ලැබුවේ ය. රෝගියාගේ තත්වය පිළිබඳ කනස්සල්ලෙන් පසු වූ රෝහලේ වෛද්‍යවරුන්ට මේ සාමාජිකාව පැවසූයේ ඇගේ පුතා ඉක්මනින් ම ප්‍රකෘති සුවය ලබනු ඇති බව යි. සිහිනයේ දී ශ්‍රවණය කළ හඬින් පැවසුණ පරිදි නිසැක වශයෙන් ම එසේ සිදු වනු ඇතැයි ඈ දැන සිටියා ය. ‍වෙළුම් පටි වලින් ඔතනු ලැබූ හිස ඇති ළමයා ක්‍රම ක්‍රමයෙන් සුවපත් වූයේ ය. වෙළුම් පටි ඉවත් කිරීමෙන් අනතුරු ව ඔහුගේ මුඬු කරන ලද හිස මත වඩා තද පැහැයකින් යුතු හිසකේ වර්ධනය වන්නට පටන් ගත්තේ ය. ඉක්බිති ඈ කිසිදාක ඒ සිහිනය නැවත නො දුටුවා ය. 


තවත් කාන්තාවක් පැවසුවේ තමන් කිසිදාක ඉගෙන නොගත් විෂයයන් ගැන විශ්වකෝෂයක් බඳු දැනුමකින් යුතු වූ ඇගේ දෙහැවිරිදි පුතා පිළිබඳ ව යි. “ඔහු මීට කලින් ‍‍මෙහේ ඉඳල තිබෙනවා” ඈ සිය මිතුරියන්ට කීවා ය. 


තවත් කාන්තාවකගේ ගජ මිතුරකු වූ දන්ත වෛද්‍යවරයා, මාර්ග අනතුරු මඟ හැර යාමේ විශේෂ කුසලතාවයකින් යුතු අයකු විය. එක් සවස් භාගයක සිය මිතුරන් පිරිසක් ද සමඟ අවන්හලකින් පිට වී එමින් සිටි හේ පාර හරහා මාරු වීමට සූදානමින් සිටියේ ය. හදිසියෙන් ම “ඉක්මනට පාර අයිනට පනින්න” යැයි කෑගසමින් හේ පිරිස ඉදිරිපසින් සිය අත් විදහාගෙන ඔවුන් පසුපසට තල්ලු කෙළේ ය. තමා මෙසේ කරන්නේ මන්දැයි ඔහු‍ට ම අවබෝධයක් නො වී ය. තත්පර කිහිපයකින් අනතුරු ව වීදියේ මෑත කෙළවරින් ප්‍රාදුර්භූත වූ මෝටර් රථයක් සැර දමාගෙන ඊයක වේගයෙන් ඉගිලී ගියේ ඔවුන්ට අඩි කිහිපයකට ඔබ්බෙනි. 


මේ සිද්ධියෙන් සති කිහිපයකට පසු මේ දන්ත වෛද්‍යවරයා නිවෙසට යන අතරතුර සිය බිරිඳ විසින් පදවනු ලැබූ මෝටර් රථයේ මගී අසුනේ හිඳගෙන අඩ නින්දේ පසු වූයේ ය. විටින් විට නිදි කිරා ‍වැටුණු ඔහු සිටියේ කවුළුවෙන් ඉවත බලාගෙන නොවේ. “සංඥා එළිය වෙනස් වුනාට ඉස්සරහට යන්න එපා” නැවතුම් සංඥාවට අවනත ව තිරිංගය පෑගූ සිය බිරිඳට ඔහු මිමිණුවේ ය. “කෙනෙක් රතු එලිය නොතකා යන්නයි හදන්නෙ” ඔහු තවමත් අඩ නින්දේ පසු වූ අතර කවුළුවෙන් පිටත බලාගෙන නො සිටියේ ය. කෙසේ වුව ද ඔහුගේ අනතුරු ඇඟවීමට බිරිඳ සවන් දුන්නා ය. මාර්ග සංඥා එලිය වෙනස් වී තත්පර කීපයකින් අනතුරු ව ඔවුන් ඉදිරියෙන් වූ හරස් මාර්ගයේ මෝ‍ටර් රථයක් විදුලි වේගයෙන් ඇදි ගියේ හරියට ම ඔවුන් යාමට නියමිත ව තුබූ ගමන් පථය කපාගෙන යි. ඔවුන් භීතියෙන් ගල් ගැසුණේ තවමත් ජීවතුන් අතර සිටින බව සිහිපත් කරමිනි. 


පිරිසෙහි වූ තවත් කාන්තාවක් සිය නිවස අමදිමින් සිටිය දී හදිසියේ ම සිය මිතුරියක දිවිනසාගත් බවට ඇති වූ නිශ්චිත හා ඒත්තු යන සුළු සිතුවිල්ලකින් තෝන්තු වූවා ය. මේ මිතුරිය ගැන මාස ගණනකින් සිතිවිලි මාත්‍රයක් පවා නො වූ ඈ මිතුරියගේ චිත්තාවේග ගැටළු හෝ ස්වයං–නාශක සිතිවිලි පිළිබඳ කිසිවක් දැන නො සිටියා ය. එහෙත් මේ සිතිවිල්ල කෙතරම් පැහැදිලි වූවා ද ඒත්තු යන සුළු වූවා ද, ආවේගයන්ගෙන් තොර වූවා ද යත් එය ඉබාගාතේ යන සිතුවිල්ලකට වඩා තත්‍ය වූ දැනුමක් විය. ඈ පසු ව දැන ගත් පරිදි එය සත්‍යයක් ම විය. ඈට ඒ සිතිවිල්ල පහළ වූ දිනයේ ම ඔහු සිය දිවි නසාගෙන තිබිණි. 


උපුටා ගැනීම අවසන්


දැඩි ලෙස භෞතිකවාදීහු පවසන්නේ විවිධ පුද්ගලයන් ලබන එවැනි අත්දැකී පවා  රෝග තත්වයන් බවයි. ජනතාව අන්දාගෙන බඩවඩවා ගන්නා බඩගැත්තරන්ට එරෙහිව භෞතිකවාදීන් මහ මෙහෙවරක් කරතත් ඔවුන් බුද්ධි වර්ධනයට බාධා කරන බව පෙනේ.එය මෙම ක්ශේත්‍රයේ පර්යේශනයන්ට බාධාවකි. බෞතිකවාදීන් කොයිතරම් අන්තවාදීද යත් සතුන්ට සිතන්න බැරිබවත් ඊට හේතුව උන් භාෂාවක් භාවිතා නොකරන නිසා බවත් පවසන තරම් මුග්ධය.එහෙත් සිතිවිලි අතුරු මුහුනතක් හරහා සම්ප්‍රේෂණය කිරීමටද දැන් හැක.

අප අත්විදින සංසිද්ධීන් විශ්වයේ හුදකලා ඒවා නොවීමටත් ඉඩ ඇත. එසේම අතීතය හා අනාගතය පිලිබද අපේ සංකල්ප වැරදිවීමටත් ඉඩ ඇත. සියල්ල තීරණය වන්නේ අනාගතයේ උකහා ගන්නා දැනුමෙනි. මෙහිදී බටහිර විද්‍යාව පෙරදිග විද්‍යාව කියා තේරුමක් නැති අතිපණ්ඩිත විතන්ඩවාදී නිශ්ඵල තර්ක කිරීම්ද බුද්ධි කලබනයට බාධාවකි.ඒවා ලබා ගන්නා දැනුඑමේ විවිධ පැතිකඩ පමනි.



සංවාද කළ යුතුය. පර්යේශන කළ යුතුය. දැනුම බෙදා ගත යුතුය. විග්‍රහ කළ යුතුය. නිගමනයන්ට එළබිය යුතුය. ඒ සේරටම පෙර රාමුවක එල්බනොගෙන අදහස් දැක්වීමට බිය නොවිය යුතුය.

13 comments:

  1. මේ ගැන මට පැහැදිලි අදහසක් නම් නෑ.. මිනිහෙක් මැරුනාම ඒ මනුස්සයාගේ ශරීරය ජීවත් කරවූ ප්‍රාණය කියනෙකට මොකද වෙන්නේ කියන ගැටළුව මට හැම විටම තියෙනවා.. අපේ පංචේන්ද්‍රීයන්ට ගෝචර නොවන බොහෝ දේ විශ්වයේ පැවතිය හැකි බව පමණක් මා විශ්වාස කරනවා.. මීට සමාන ප්‍රසිද්ද කතා කිහිපයක් මතක් උනා. ඒත් මේවා ඇත්තටම උනු දේද කියා මට සහතික වෙන්න බෑ..
    ''වරක් සැමියෙකු බිරිඳට පොරොන්දු වී ගියාලු එදිනට නියමිතව තිබූ ඔහුගේ උපන්දිනය වෙනුවෙන් විශේෂ රාත්‍රී ආහරයක් ගැනීම සඳහා එදින වේලාසනින් නිවසට එන බව.. අඳුර වැටී මඳ වෙලාවකින් ඔහු පැමිණි අතර ඔහුගේ නළලේ ලේ ගලන තුවාලයක් දක්නට ලැබුනලු. මගදි සුළු අනතුරක් වුණු බව පවසා එය ගනනකට නොගෙන ඔහු බිරිඳ සමග රාත්‍රී ආහාරය ගැනීමට සුදානම් උනාලු. එවිට යම් අමුත්තෙක් පැමිණි නිසා බිරිඳ දොර හැර ඒ ගැන විමසිලිමත් වීමේදී දැන ගැනීමට ලැබුනේ ඇගේ සැමියා මහමගදී සිදුවූ අනතුරකින් එදින හවස මිය ගිය බවලු."
    "තවත් වරක් හදිසි අනතුරකින් මියගිය තරුණයෙකු ඔහුගේ මිනිය නිවසේ තියෙන අවස්ථාවේ ඒ බව නොදැන සිටි ඔහුගෙ හොඳම යහලුවන් මගදී මුන ගැසෙමින් ගෙදරට ඇරලවා ගන්නා මුවාවෙන් මළ ගෙදර දක්වා එක්ක ගෙන ආවාලු."
    මෙවැනි කතා හිතළු හෝ සැබෑවටම උනාදැයි කියන්න බෑ. නමුත් ඒ ගැන නිශ්චිත අදහසක් නෑ.
    පුද්ගලිකව මා මුහුණ දෙන අත්දැකීමක්ද තියෙනවා.. ඒ තමයි යම් යම් අවස්ථාවලදී එක් වරම මට හැඟී යනවා මේ හා සර්ව සම අවස්ථාවකට මා මීට පෙර මුහුණ දී ඇති බව.. එය ටික වෙලාවකින්ම සාමාන්‍ය තත්වයට පත් වෙනවා.. කිසිවෙකු එය විශ්වාස නොකරන බව දන්නා නිසා මෙතුවක් මේ ගැන මං කිසිම අයෙකු හා පවසා නෑ..

    ReplyDelete
    Replies
    1. //පුද්ගලිකව මා මුහුණ දෙන අත්දැකීමක්ද තියෙනවා.. ඒ තමයි යම් යම් අවස්ථාවලදී එක් වරම මට හැඟී යනවා මේ හා සර්ව සම අවස්ථාවකට මා මීට පෙර මුහුණ දී ඇති බව.. එය ටික වෙලාවකින්ම සාමාන්‍ය තත්වයට පත් වෙනවා.. කිසිවෙකු එය විශ්වාස නොකරන බව දන්නා නිසා මෙතුවක් මේ ගැන මං කිසිම අයෙකු හා පවසා නෑ.. //

      කල්‍යාණ මිත්‍ර මේ කියන්නේ déjà vu සංසිද්ධිය ගැන වෙන්න ඕන. මටත් ඕක වෙනව සමහර වෙලාවට. මේක සාමාන්‍ය මනෝවිද්‍යාත්මක තත්ත්වයක් කියල තමයි කියන්නෙ නම්. ඒ ගැන පැහැදිලි අදහසක් නෑ මටත්.

      Delete
    2. අහ්! අදයි ඒ ගැන දැන ගත්තේ.. බොහෝ විට ඒ තත්ත්වය විය හැකියි. ස්තූතියි දැනුවත් කිරීමට

      Delete
    3. ක.මි කියන ඔය කතා අපට එකවරම බැහැර කරන්න බැහැ. මේවා අධ්‍යනය කල යුතුයි.
      අශාන් කියපු දෙය මම දැනගත්තෙ දැන්. මෙයට සමාන්තර විශ්ව කල්පිතය දාන්නත් පුළුවන් නේද
      මනෝවිද්‍යාව එක පැත්තකින් බලද්දි තවත් පැත්තකින් බලන එක වැරදි නෑ. විවිධ එළබුම් තිබිය හැකියි. අන්තිමට අලියගෙ හැඩරුව කියපු අන්ධයන්ගෙ කතාව වගෙ වෙන්නත් බැරි නෑ.

      Delete
    4. //මෙයට සමාන්තර විශ්ව කල්පිතය දාන්නත් පුළුවන් නේද//
      ඇත්තටම හරිම ආකර්ෂණීය අදහසක්. සමාන්තර විශ්වයේ ඉන්න "මම" කලින් අත්දැකපු දෙයක් මෙහෙ මම දැන් අත්දකිනව වෙන්න පුළුවන් නේ?

      //මනෝවිද්‍යාව එක පැත්තකින් බලද්දි තවත් පැත්තකින් බලන එක වැරදි නෑ. විවිධ එළබුම් තිබිය හැකියි. අන්තිමට අලියගෙ හැඩරුව කියපු අන්ධයන්ගෙ කතාව වගෙ වෙන්නත් බැරි නෑ.// ඇත්ත සමහරවිට දැන් තියෙන මතය සම්පූර්ණයෙන්ම වැරදියි කියල අනාගතයෙදි හොයාගන්නත් බැරි නෑ.

      Delete
  2. ම.ම අන්තිමට මතු කරන තර්කයට පැහැදිලිවම එකඟයි. විද්‍යාව විසින් අසත්‍යයි කියල ඔප්පු කරපු පැහැදිලි මිථ්‍යා මතයන් ප්‍රතික්ෂේප කළ යුතුයි ඒකෙ කිසි ගැටළුවක් නෑ. (ලංකාවෙ නම් ඒක වෙන්නෙත් නෑ.) නමුත් තවමත් විද්‍යාවට ඔප්පු කරගත නොහැකි වුණු දේවලුත් මිථ්‍යා මත ලෙස සලකලා බැහැර කිරීම සාධාරණ නැහැ. ඒවා අනාගතයේ දවසක සත්‍ය හෝ අසත්‍ය බව විද්‍යාත්මකව ඔප්පු වනතෙක් පැත්තකින් තැබීමයි විය යුත්තේ. මිථ්‍යා මතයන් දැරීමත්, තමන් සියල්ල දන්නවා යැයි සිතීමත් අතර වෙනසක් නැහැ. දෙකම අන්තවාදී යි.

    ReplyDelete
    Replies
    1. මෙවැනි සිදුවීම් සම්බන්ධ දත්ත රැස් කිරීමත් ඒවා විශ්ලේශනය කිරීමත් ඒවා විද්‍යාත්මක රාමුවකට ගැනීමත් කළ යුතුයි.
      මටත් විවිධ පුද්ගලයන් හමුවී තිබෙනවා.මම හේතුවාදයෙන් බැහැරවුනෙත් මෙවැනි හමුවීම් හා ශාස්ත්‍ර ඇසීම් නිසා. භෞතිකවාදයෙන් බැහැරව යම් දෙයක් මේ විශ්වයෙ තිබෙන බව මම ස්ථීරවම පිළිගන්නවා. සියල්ල බොරුකියල බැහැරකරන හේතුවාදයත් අන්තවාදයක්.
      මට මෙහෙම හිතෙනව ඔය ආගම් බිහිවෙලා තියෙන්නෙ විශ්වයේ ගුප්ත පණිවිඩ වරදවා වටහා ගෙන කියල. අපි සරලව හිතමු පිටසක්වල ජීවීන් ගෙ පණිවිඩයක් ලැබුන කියල. ඒ පණිවිඩය සරවබලධාරියෙකුගේ පණිවිඩයක් ලෙස අරන් යාඥා කරන්න ගත්ත වෙන්න පුළුවන්.
      ආගම් දර්ශන පැත්තකට දාල මේ විශය ගැන මැදහත්ව බලන්න ඕන.

      Delete
    2. පැහැදිලිවම එකඟයි. මධ්‍යස්‌ථව, අපක්ෂපාතීව කරුණු විමසලා, පර්යේෂණ කරලා මිථ්‍යා මත බැහැර කරනව නම් හේතුවාදය තමයි සුදුසුම විකල්පය. නමුත් දැන් තියෙන හේතුවාදය සෑහෙන දුරට අන්තවාදී යි සොයා බැලීමක්වත් නැතුවයි නිගමන වලට එන්නේ.

      //මට මෙහෙම හිතෙනව ඔය ආගම් බිහිවෙලා තියෙන්නෙ විශ්වයේ ගුප්ත පණිවිඩ වරදවා වටහා ගෙන කියල. අපි සරලව හිතමු පිටසක්වල ජීවීන් ගෙ පණිවිඩයක් ලැබුන කියල. ඒ පණිවිඩය සරවබලධාරියෙකුගේ පණිවිඩයක් ලෙස අරන් යාඥා කරන්න ගත්ත වෙන්න පුළුවන්.//
      ආතර් සී. ක්ලාක් මහත්මයාගේ 2001 සිව් ඈඳුතු කතාවෙ වෙනව වගේ.

      Delete
  3. මරණෙන් පස්සේ මොකද වෙන්නේ කියන මේ ලෝකෙට කිසිම වැඩක් නැති ප්‍රශ්ණෙට උත්තර හොයනා එකා තරම් ගොනෙක් තවත් ඉන්නවද. ආගම් පැත්තකට දාලා, මිනිස්සු වශයෙන් මනුස්සකම් ඇති කරගනෙ වැඩ කරලා, ජීවත් වෙන කාලේ අනුන්ටත් කරදරයක් නොවී තමනුත් හොඳින්, සාර්තකව ජීවත් වෙනවා නම් මරණින් පසු මොනවා වුනත් මොකද?

    ReplyDelete
    Replies
    1. ගල් යුගයෙ හිටපු අය අතර සිටි අලුත් විදියට හිතපු කීප දෙනා නිසයි ගල්ගුහා වලින් එළියට ආවෙ .

      Delete
  4. මාත් මැරෙන්න ගිය මොහොතක එහා ලොවයි මෙහා ලොවයි අතර කොටස දැක්කා. නමුත් පසුව හිතුනේ ඇත්තටම දැක්කා ද, නැතිනම් හිතේ තිබුණු, අසා තිබුණු, දේ මැවිලා පෙනුනා ද මන්දා කියායි.

    ReplyDelete
    Replies
    1. මරණාසන්න අත්දැකීම් කියන අය එකසමාන දේවල් කියනවා. අදුරු ගුහාවක් තුලින් ගියා ආලෝකයකට නිරාවරණය වුනා වගෙ දේවල්. මොළය පිළිබද පර්යේශන සහ ක්වොන්ටම් භෞතික විද්‍යාව වගෙ විශයන් වල දියුණුව තුලින් මෙම ක්ශේත්‍රයට ආලෝකයක් ලැබේවි.

      Delete
  5. කොවුර්ගේ පෙට්ටගමට ගිනිතියල ඉවරයි

    මිත්‍යාව යනු කුමක්ද? විද්‍යාව දන්නා බවද? විද්‍යාව නොදන්නා බවද? සැක හැර දැන ගන්න. පහත Facebook පේජ් එකට යන්න.

    https://www.facebook.com/JyotishLanka

    ReplyDelete