Monday, April 27, 2015

අන්ධයන් අලියගෙ හැටි කීවා වගේ

මේ දවස්වල මා කරන මේ  බ්ලොග් හදුන්වාදීම මාස  ගනනකට පෙර මට ඇතිවූ සිතිවිල්ලකි. ඒ යටතේ මා සිත්ගත් බ්ලොග් ගනනාවක් හදුන්වාදුන්නෙමි. මට ඒ සදහා ලැයිස්තුවක් විය. එම ලැයිස්තුවේ ඉතිරිව ඇත්තේ කාලය බ්ලොගයයි.ලැයිස්තුවේ තිබූ සමහර බ්ලොග් දැන් අප්ඩේට් නොවන නිසා ඒවා හදුන්වාදීමක් නොකෙරේ. නමුත් පසුව ඉඩ ලැබෙන හැටියට මෙම හදුන්වාදීමේ කටයුත්තද සිදුකෙරේ. දැනට තිබෙන ලැයිස්තුව අවසන්ය.  

මහාචාර්ය නලින් ද සිල්වාගේ ලිපි කියවන්නට මා පුරුදුවුනේ පාසල් යන කාලයේ සිටය. ඔහු නිර්භයව විකල්ප අදහස් ඉදිරිපත්කිරීම මම අගය කළෙමි. ඔහු බටහිර විද්‍යාවේ ආධිපත්‍යයට එරෙහිව දැක්වූ අදහස් ඉතා වටී. විද්‍යාව ( බටහිර විද්‍යාව යන වචනය මම පාවිච්චි නොකරමි ) අදහන පරපරාවක් බිහිවී සිටි අතර ඔවුහු පංචේන්ද්‍රියන්ට ගෝචර නොවන සියල්ල ප්‍රතික්ෂේප කිරීමට පුරුදුව සිටියහ. මෙවන් පසුබිමක නලින් ද සිල්වා කල උඩුගංබලා පිහිනීම විශිෂ්ටය.


නලින් ද සිල්වා මගේ වීරයෙකු විය. ඔහුගේ විරුද්ධවාදීන්  කී ලෙස දරුවන් රෝයල් එකට යැවීම ,අධ්‍යාපනයට විදේශගත කිරීම වැනි දේ මට අදාල නැත. ඇත්තෙන්ම එකළ තිබූ වාතාවරනයට අනුව ඔහුගේ දරුවන් මෙරට විශ්ව විද්‍යාලවලට යැවිය නොහැකි තත්වයක් තිබුනි. ජවිපෙ ඔහුගේ මතවාදී සතුරෙකු විය. ජවිපෙ ඔහුට එරෙහිව ඔහුගේ දරුවන් යොදාගැනීමට හෝ ඉන් එහාට ගොස් ඔහුගේ දරුවන්ට යම් හිරිහැරයක් කිරීමට වුවද ඉඩ තිබිනි. ජේවීපීකාරයන් යනු මෙවැනි ඉතා පහත් වැඩ කරන පිරිසක් බව අප දනිමු.

නලින් ද සිල්වා සජීවීව රූපවාහිනියෙන් දුටු මුල්ම වතාවේ මට ඔහු ගැන කල කිරුනි. හිතන්න මගේ ලෝකයේ වීරයෙකුවූ පුද්ගලයා හැබහින් දුටු පළමුවන දින මට ඔහු ගැන කළකිරුනා කීම අපූරු කතාවක් නේද
මට එදා කතා කළ හැටි මතකය . ඔහු කතා කළේ දත්මිටි කමින් වචන හපමිනි. දැඩි ආවේගයෙනි. එසේම ඔහු තර්ක කරන විට අදාල කරුණ පසෙක දමා ප්‍රතිවාදියාගේ දැනුම උස් මිටිකම් ආදිය ගැන සමච්චල් කරනු පෙනේ.

මා කියන්නට යන්නේ බටහිර විද්‍යාව ගැන ඔහුගේ විප්ලවකාරී ප්‍රකාශයන් ගැනය.


ඔහු කියන්නේ බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් කියාය. ඔහු එයින් අදහස් කෙරෙනුයේ සියළු දැනුම් පද්ධති මායාවක්ය යන දාර්ශනික අදහස් නම් අවුලක් නැත. 


මෙය සංවාදයක් අපේක්ෂාවෙන් දැමූ පෝස්ටුවක් නිසා තව කියන්නට දේ ඇතත් කතාව නවත්වමි.


නමුත් එකක් කියමි


බෞද්ධ පණ්ඩිතයන් සමහර ප්‍රශ්නවලදී අහස පොලව ගැටලමින් කරන වාද මම දක ඇත. මහන්සි වූ විට රේරුකානේ පොත් කියවන ලෙසත් මෙය අපේ බුද්ධි සීමාවෙන් ඔබ්බෙහි ඇත්තක් බවත් කියා නිහඩ වෙයි.


මේ එක දාර්ශනික ගැටළුවකි.එහෙත් මෙතන මෙච්චර වාද කරන්න දෙයක් නැත.


ප්‍රශ්නය


උපදින්නේ මළ තැනැත්තා නොවේ.


අලුත්ම කෙනෙක්ද නොවේ.


එසේනම් කවුද


පිළිතුර මළ තැනැත්තා ඇසුරින් ඇතිවූ නව සත්වයෙකි.

මේ ඇසුරින් කියන වචනයේ අඩුව නිසා අහස පොලව  ගැටලන චතුස්කෝටික වචන හරබයක් නිර්මානය වී ඇත. ඇසුරින් යන වචනය අඩුවුනේ ටයිප් කරන කෙල්ල මල් කඩන්න ගිය නිසා වෙන්න බැරිද. ලොකු හාමුදුරුවො එනවා දැක කලබලේට ටයිප් කරන විට එක වචනයක් හැලුනි. අහස පොලව ගැටලමින් අප තර්ක කරන්නේ ඇසුරින් යන වචනයේ අඩුව නිසාය.


නලින් ගේ තර්කත් එසේමය. යමක් පට්ටපල් බොරුවක් කියනවාට වඩා යම් පරාසයක් තුල එය සත්ය වනවිට වෙනත් පරාසයක අසත්ය වේ යන්න නිවැරදිය. ගුරුත්වාකර්ශනය හා අයින්සටයින්ගේ ප්‍රවාද ගැන මෙසේ පැහැදිලි කළ හැක.

පරාසය යන වචනය අඩුවීම නිසා අහස පොලව ගැටලමින් තර්ක කරමු.

විශ්වයේ ඇතැම් පරාසයන්හිදී ගුරුත්වය අසත්‍යක් විය හැක .එහෙත් එය බලපවත්වන වෙනත් පරාසයන් ඇත. අප අත්විදින ලෝකයේ ගුර්ත්වය සත්‍යයකි.හැම තැනටම සත්‍ය නොවූ පලියට පට්ටපල් බොරුවක් නොවේ. මෙම විභේදනය අත හැර කල්පනා කල විට අවුලකි. අවුල් නිරවුල් කෙරෙනුයේ විභේදනය තුලිනි. දැනට ඇති . ඉදිරි සංවාදයේදී තවත් කතා කරමි.



34 comments:

  1. යකා මේ බ්ලොග් අදුන්නලා දෙන වැඩේ නම් නියමයි,, ඊටත් නියම බ්ලොගක් මේක

    ReplyDelete
    Replies
    1. ඒක බ්ලොග් එකක් නොවෙයි. වෙබ් අඩවියක් පමණයි!
      ඔබට එය නොතේරීම ගැන මට පුදුමයි.

      Delete
    2. ඔවු මේකෙ කතුවරයා ටිකක් වෙනස් විදියට හිතන කෙනෙක්. ඔහු කියන යම් ප්‍රමාණයක් ඇත්ත. ඔහු කිසියම් අන්තවාදී දැක්මක් තියනවා හරියට මාක්ස්වාදීන්ට වගේ. මේ මහචාර්යතුමාත් කලින් මාක්ස්වාදියෙක් . අන්‍ය මත නොඉවසීම වගෙ ගුණාංග එතුමාට හුරුවෙන්න ඇත්තෙ එතනින් වෙන්න ඇති.
      නමුත් ඔහුගෙ අදහස් වැදගත් .ඔහුටත් ඉඩක් තිබිය යුතුයි.

      Delete
    3. @රසිකොලොජිස්ට්
      එය එය බ්ලොග් එකක් බ්ලොගර් බ්ලොග් එකක්. කමෙන්ට් ඕෆ් කර ඩොමේන් නමක් දැමු පමණින් එය බොලොගයක් නොවේ කීම වැරදියි

      Delete
    4. මෙය බ්ලොගයක් නොවන්නේ ඩෝමෙන් නම බ්ලොග්ස්පොට් හෝ වර්ඩ්ප්‍රෙස් හෝ එවැනි යමක් නොවන නිසා නොවේ.

      බ්ලොගයක් යනු සංවාදයකි. ලේඛක පාඨක දෙපිරිස අතර කෙරෙන අදහස් හුවමාරුවකි.

      නලින්ද සිල්වා ගේ ලිපි පළකෙරෙන මේ වෙබ් අඩවිය යනු ඒ ලිපි මුලින් පළ කෙරෙන දිවයින හෝ රිවිර හෝ පුවත්පත් තරම්වත් සංවාදාත්මක වේදිකාවක් නොවේ. පුවත්පතට නම් පාඨකයින්ට පිළිතුරු ලිපි ලිවිය හැකිය.

      මේ වෙබ් අඩවිය ඩයලොග් එකක් නොවේ, මෙනොලොගයකි.

      Delete
    5. මාත් බ්ලොග් එකට ඩොමේන් එකක් ගන්නවා අද , කලින් අරන් අයෙ අයින් කළා.. ස්තුති රසිකොලොජිස්ට් ඔබේ පැහැදිළි විග්‍රහයට .

      Delete
    6. මේ සංවාදයෙන් මම යමක් ඉගෙන ගත්තා. බ්ලොග් ගැන රසිකගෙ අදහස තමා හරියටම හරි. මෙතන වැදගත්ම දේ පාඨක ලේඛක සංවාදය . දැන් නම් නලින් ගෙ එක බ්ලොග් එකක් කියල මටත් කියන්න බෑ

      Delete
    7. // මේ වෙබ් අඩවිය ඩයලොග් එකක් නොවේ, මෙනොලොගයකි.//

      මේක ඩයලොග් එකක් කියා කවුරුත් කීවේ නැහැ නේ? බ්ලොග් එකක් නම් කමෙන්ට් කළ හැකි විය යුතුමයි කියා නීතියක් නැහැ.

      බ්ලොග් පිලිබඳ විකිපීඩියා පිටුවෙන්

      However, there are high-readership blogs which do not allow comments, such as Daring Fireball.

      Delete
    8. යමෙක් අන්තර්ජාලයේ අනුන්ට කියවීමට යම් සටහනක් තැබීමට පමණක් භාවිතා කරන වෙබ් අඩවි බ්ලොග් වේ blog is a web log. බ්ලොගයක් යනු සංවාද මණ්ඩපයක් නොවේ ඒවා forums වේ රසික බ්ලොග් සහ ෆෝරම් පටලවා පඬි ටෝක් දෙන දෙන්න එපා. කමෙන්ට් රහිත බ්ලොග් පැවතිය හැක. කමෙන්ට් වලට ඉඩ දීම හෝ නොදීම කතුවරයාගේ හිමිකමකි

      Delete
    9. කමෙන්ට් නැති බ්ලොග් එකක් තමයි මරුවගෙ බ්ලොග් එක. ඌත් අනුන්ගෙ කතා අහන්න බැරි නිසා කමෙන්ට් වහල දැම්ම.

      ඩොමේන් කතන්දරේ නං අපේ පැරාගෙ W3 එකෙත් තියනවනෙ.

      Delete
  2. සෑහෙන්න ස්තූතියි.. මේ බ්ලොග් එක මට කියවන්න අහු වෙලාම තිබුනේ නෑ..

    ReplyDelete
    Replies
    1. ඒක බ්ලොග් එකක් නොවෙයි. වෙබ් අඩවියක් පමණයි!
      ඔබට එය නොතේරීම ගැන මට පුදුමයි.

      Delete
    2. මේකෙ කොමෙන්ට් කරන්න බැහැ. ඒ පහසුකම තිබුනානම් බ්ලොග් ලෝකයේ සංවාදශීලීම වේදිකාව මෙය වෙන්නට තිබුනා

      Delete
    3. එනිසාම එය මෙනොලොගයක් මපණක් වේ, බ්ලොගයක් නොවේ!

      Delete
    4. මෙනොලොගයක් ඒ වචනෙ මට අලුත්. සංවාදය හරවත් කළාට ඔබට ස්තුතියි

      Delete
    5. // මේ වෙබ් අඩවිය ඩයලොග් එකක් නොවේ, මෙනොලොගයකි.//

      මේක ඩයලොග් එකක් කියා කවුරුත් කීවේ නැහැ නේ? බ්ලොග් එකක් නම් කමෙන්ට් කළ හැකි විය යුතුමයි කියා නීතියක් නැහැ.

      බ්ලොග් පිලිබඳ විකිපීඩියා පිටුවෙන්

      However, there are high-readership blogs which do not allow comments, such as Daring Fireball.

      Delete
  3. රසිකොලොජිස්ට් - RasikologistApril 27, 2015 at 5:48 PM @

    සමාවන්න ඔබ විසින් මකා දමා තිබූ කොමෙන්ටුව සම්පූර්නයෙන්ම මකා දැමීමට ගොස් ඊට යටින් තිබූ ඔබේ කොමෙන්ටුවත් මැකී ගියා.

    ඇත්තෙන්ම මෙය වෙබ් අඩවියක් තමයි. අන්වර්ගෙ එකත් වෙබ් අඩවියක්. එහෙත් ඔහු එය හදුන්වන්නෙ බ්ලොග් එකක් ලෙසයි. බ්ලොග් එකක ලිපි දමන ශෛලියෙන් පවත්වාගෙන යන නිසා වෙන්න ඇති.
    අනෙක් අතට එය බ්ලොග් සින්ඩියකට දමා බ්ලොග් එකක් ලෙසම යාවත්කාලීන කරනවා. වෙබ් අඩවියකින් කරන වෙනත් දේවල් මෙයින් කරන බවක් පේන්නේ නෑ

    ReplyDelete
    Replies
    1. kalaya.org යනු එකක් බ්ලොගර් බ්ලොග් එකක්. කමෙන්ට් ඕෆ් කර ඩොමේන් නමක් දැමු පමණින් එය බොලොගයක් නොවේ කීම වැරදියි

      Delete
    2. මෙය බ්ලොගයක් නොවන්නේ ඩෝමෙන් නම බ්ලොග්ස්පොට් හෝ වර්ඩ්ප්‍රෙස් හෝ එවැනි යමක් නොවන නිසා නොවේ.

      බ්ලොගයක් යනු සංවාදයකි. ලේඛක පාඨක දෙපිරිස අතර කෙරෙන අදහස් හුවමාරුවකි.

      නලින්ද සිල්වා ගේ ලිපි පළකෙරෙන මේ වෙබ් අඩවිය යනු ඒ ලිපි මුලින් පළ කෙරෙන දිවයින හෝ රිවිර හෝ පුවත්පත් තරම්වත් සංවාදාත්මක වේදිකාවක් නොවේ. පුවත්පතට නම් පාඨකයින්ට පිළිතුරු ලිපි ලිවිය හැකිය.

      මේ වෙබ් අඩවිය ඩයලොග් එකක් නොවේ, මෙනොලොගයකි.

      Delete
    3. මේ සංවාදයෙන් මම යමක් ඉගෙන ගත්තා. බ්ලොග් ගැන රසිකගෙ අදහස තමා හරියටම හරි. මෙතන වැදගත්ම දේ පාඨක ලේඛක සංවාදය . දැන් නම් නලින් ගෙ එක බ්ලොග් එකක් කියල මටත් කියන්න බෑ

      පාඨකයන්ට පිළිතුරු දිය නොහැකි ඒකාධිකාරී දේශනා වලට මම කැමතිම නෑ. අවශ්‍ය වන්නේ සමානයන් අතර සංවාදයක්.
      බ්ලොග් වල ලේඛකයා කිසිසේත්ම ප්‍රධානියා නොවෙයි . එයයි සුන්දර විශේෂත්වය. මා දැක තිබෙනවා සමහරබ්ලොග්වල කොමෙන්ට්කරුවන් සම්පූර්නයෙන්ම වෙනත් දිශාවකට පෝස්ටුව හරවනවා. ලේඛකයාටත් වෙන්නෙ ඒ රැල්ලෙ පීනන්නයි.

      Delete
    4. යමෙක් අන්තර්ජාලයේ අනුන්ට කියවීමට යම් සටහනක් තැබීමට පමණක් භාවිතා කරන වෙබ් අඩවි බ්ලොග් වේ blog is a web log. බ්ලොගයක් යනු සංවාද මණ්ඩපයක් නොවේ ඒවා forums වේ රසික බ්ලොග් සහ ෆෝරම් පටලවා පඬි ටෝක් දෙන දෙන්න එපා. කමෙන්ට් රහිත බ්ලොග් පැවතිය හැක. කමෙන්ට් වලට ඉඩ දීම හෝ නොදීම කතුවරයාගේ හිමිකමකි

      Delete
  4. කියවන අයගේ අදහස් දැක්වීමට ඉඩක් නොදෙන අඩවි කිසිවක් නොබලමි.

    ReplyDelete
    Replies
    1. එහෙම ඉඩ නොදෙනවා කියන්නෙ එතන ලේඛකයා හිතනවා මම කියන එක බාලාංසෙ ළමයි වගෙ අහන් ඉගෙන ගන්න ඕන කියල. ඒක උද්ධච්ච කමක්.
      අපට කාගෙවත් ගෝලයන් වෙන්න ඕන නැහැ. අපට ඕන පාඨක ලේඛක සංවාදය. අදහස් ගැටිල හොද ප්‍රතිඵලයක් ලබා ගන්න.

      Delete
    2. මට නම් මෙහෙම අවුලක් නැත. ඉගෙන ගන්න දෙයක් තිබේ නම් (හෝ ප්‍රතිවාදියාගේ මතය මොකක්ද කියා දැන ගැනීමට කුතුහලයක් ඇති නම්) කමෙන්ට් කරන්න බැරි පොතක් පත්තරයක් උනත් කියවමි, ටීවී උනත් බලමි!! බ්ලොග් කියවීම ඊට ලෙහෙසිය. කොපි පේස්ට් කරන්න බැහැ නේ පොතකින්.

      කමෙන්ට් කපන්නේ නම්, අදහස් ප්‍රකාශනයට ඉඩ නැති නම් ඒ සඳහා ගත හැකි ක්‍රියා මාර්ග ඇත. තමන්ගේ බ්ලොග් එකක් පටන් ගෙන උත්තර දීම එකකි.

      මා බලන බ්ලොග් වලින් නලින් සහ මරුවා කමෙන්ට් වලට ඉඩ නොදෙන්නේ මොකදැයි මා දන්නේ නැත. ඔය දෙන්නාම කියන දේ මම එහෙමට සීරියස් ගන්නෙත් නැත. නලින් පුවත්පත් වලදී නම් ප්‍රතිවාදී මත වලට මාස ගණන් උත්තර දෙනු දැක ඇත. සමහර විට එක එක කමෙන්ට් එකට උත්තර දීමට කාලය නැති තත්ත්වයක් තුල ප්‍රශ්න ඇසීමට ඉඩ දීම තමාගේ අජෙන්ඩා එක undermine කිරීමක් ලෙස හිතන නිසා විය හැක. එහෙම නම් ඉතින් ඒක පුද්ගලික තීරණයකි. ඒක උද්දච්ච කමකට සරලව ලඝු කල යුතුම නැත.

      නලින් කරන්නේ කම්මැලි කමට තමා පත්තර වල ලියන ලිපි ද ඇතුළුව තමා ලියන දේ ඔහේ ඔන්ලයින් පල කිරීමයි. කමෙන්ට් කරන්නත් පුළුවන් උනත් වඩා හොඳ වුනත්, පත්තර මිලට ගෙන කියවනවාට සහ සල්ලි දී පොත් ගැනීමට වඩා මේ ක්‍රමය කම්මැලි මට නම් ලෙහෙසිය.

      Delete
    3. //කමෙන්ට් කරන්නත් පුළුවන් උනත් වඩා හොඳ වුනත්, පත්තර මිලට ගෙන කියවනවාට සහ සල්ලි දී පොත් ගැනීමට වඩා මේ ක්‍රමය කම්මැලි මට නම් ලෙහෙසිය//
      +++++++++++++++++++++++++++++

      Delete
    4. ප්‍රොෆයිල් ඇනෝ,
      මරුව නං ලොකු පොරටෝක් එකකුත් දීල (තොපේ කමෙන්ටු මට ඕන නෑ වගේ) කමෙන්ට් වැහුවෙ. නමුත් ඇත්ත කතාව නං උගේ මඩ වලට කමෙන්ට් දාන්න තිබුන නං පවතින්න බෑ. පාළු ගෙයි වලං බිඳින්න තියන කැමැත්ත.

      Delete
    5. රාජ්

      නලින් නම් පත්තර වල එක එකා ට උත්තර දෙනවා නේ, උත්තර දෙන්න සහජයෙන් බය කෙනෙක් නම් එහෙම කරන්නේ නැහැ නේ. බ්ලොග් එකේ ප්‍රශ්න ඕපන් කරොත් සමහර විට උත්තර දෙන්න බැරි තරම් අවුට් ඔෆ් කන්ට්‍රෝල් යාවි කියලා හිතනවා වෙන්න පුළුවන්.

      දැන් පැරා සමහර විට කමෙන්ට් මොඩරේට් කරනවා වැඩේ අවුට් ඔෆ් කන්ට්‍රෝල් යන කොට. බ්ලොග් සීන් එකේ තෙම්පරාදු පරාට හම්බ වෙන දේවල හැටියට නලින් ගේ බ්ලොග් එකේ කමෙන්ට් නිකන්ම ඕපන් කරලා තිබුනා නම් කන්න වෙන පෝරියල් එක මට හිතා ගන්න පුළුවන්. සමහර විට බුවාට ඕකට ටයිම් නැතුව ඇති. ඉතින් නලින් කමෙන්ට් ඇරලා තියද නැද්ද කියන එක මට ඇකඩමික් ප්‍රශ්නයක් විතරයි.

      නිර්මාල් නම් පොරගේ ෆේස්බුක් එකේ කොල්ලෝ බල්ලෝ ඔක්කොටම උත්තර දෙන්න කමෙන්ඩබල් ට්‍රයි එකක් දෙනවා. කොහොමත් නලින් කියන්නේ එහෙම එන්ගේජ් වෙලා, සාකච්ඡා කරන නේචර් එකේ පොරක් නෙවෙයි නේ. ඒක මට ලොකුම අවුලක් නෑ පොර එක්ක තියන වෙන අවුල් එක්ක ගත්තම. ඒක මට නිකම් මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහට වඩා approachable කියනවා වගේ එකක්.

      පාලු ගෙවල් වල වලන් බිඳිනවා කියන එක ඉතින් එක විදියටම අදාළ නොවුනත්, නලින් මරුවා දෙන්නටම වැලිඩ් විවෙචනයක්. මම කියන්නේ එහෙම උණු පලියට ඒක බ්ලොග් එකක් නෙවෙයි කීම නිකන් මහින්දට චන්දේ නොදෙන උන් දේශප්‍රේමී නැහැ කියනවා වගේ කතාවක්.

      Delete
  5. මටත් ඕනි මොනා හරි කියන්නයි. සමහර වෙලාවට දෙයක් හරියට හිතට එන්නෑ. හිතට එනකොට පොස්ට් එක ගිහිං..ෙවන ඒකක් අැවිත්.

    ReplyDelete
    Replies
    1. මටත් හිතට අල්ලන පෝස්ට් එකක් කියෙව්වොත් මොනව හරි දාන්නමයි හිතෙන්නෙ

      Delete
  6. නලින්ගෙ ලිපි ඉස්සර කියෙව්ව. නලින් කියන්නෙ ඇකඩමික් බුවෙක් කියන එක විවාදයක් නෑ. නමුත් දන්න ගණිතයෙන් ඔබ්බට ගිහිල්ල නාථ ගැනයි, බොරු බටහිර විරෝධයයි, මැක්ක වගේ මහින්ද ලඟ නැවතීමයි වගේ කාරණා නිසා කොල්ලොයි බල්ලොයි හැමෝම ඔහුට ගල් ගහන්න ගත්ත. අන්තිමට උනේ ඒ මනුස්සය ජෝක් එකක් බවට පත්වීම. දැං ඉතිං මැරෙනකල් මෙතනින් ගැලවීමක් නෑ.

    ReplyDelete
    Replies
    1. නලින් සවුත්තු වුනේ නාථ ගැන කියන්න ගිහින්. නාථ කතාවෙන් පස්සෙ නලින් මෙච්චරකල් ගොඩනගාගත්තු සියල්ලම කඩාවැටුනා.ඔහු දීර්ඝ කාලයක් තිස්සෙ මහන්සි වෙලා ගොඩ නැගූ බුද්ධි සම්ප්‍රදාය පොලවටම සමතලා වුනා
      නලින්ගෙ බටහිර විරෝධයත් සීමාව ඉක්මවා ගිය එකක් තමයි. බටහිර කියන වචනය ඇහෙනකොටත් පුපුරන හැටියට මොකක් හරි පුද්ගලික ප්‍රශ්නයක්ද කියල හිතෙනවා. ඔහු එංගලන්තෙ ඉගෙනගෙන තියනව. එහෙදි ලබපු අප්‍රසන්න අත්දැකීමක්ද දන්නෙ නෑ

      Delete
  7. මට ඔය යකාව එපාවුනේ නාමල්ට දෙකට නැමිල වැඳපු දවසේ.. බ්ලොගක් උනත් නැතත් රෝලට දා ගත්තා.. හොඳ දෙයක් තිබ්බොත් කියවන්න. කොමෙන්ට් දාන්නත් නැති නිසා අවුලක් නෑ. හැක්.

    ReplyDelete
    Replies
    1. ඒ නලින්ද සිල්වා නොවෙයි කිසිසේත්ම. වෙනත් සීයා කෙනෙක්.

      Delete
    2. ඒ නම් නලින් ද සිල්වා නොවෙයි. ඒක සහතිකයි. මොනව කලත් නලින් අදීන චින්තකයෙක්. නාමල්ට වදින තරම් පහත් මට්ටමකට වැටෙන්නෙ නෑ. ඒ ඡායාරූපය දකින කෙනෙක් නාමල් ගැන කලකිරෙනවා.
      ඒ ඡායාරූපයේ සිටින කෙනා නලින්ට ටිකක් සමානයි තමා. නමුත් අසමානකම් ද දැකිය හැකියි. නලින් න්ම නෙමෙයි. කවුරුහරි හම්බන්තොට දිහා වෙද මහත්තයෙක් හරි මුල් ගුරුවරයෙක් වෙන්න ඇති.

      Delete