Friday, April 24, 2015

මෙන්න තොපිට වාසියක් නට නටා වරෙව් - මහා විප්ලවයක් සියල්ල උඩු යටිකුරු වෙයි


මින් ඉදිරියට දේශපාලන පෝස්ට් දැමීමේ හා සංවාද වලට සහභාගී වීමේ බලාපොරොත්තුවක් නැත. සිදුවන දේ පැහැදිලි නිසාත් ඒ ගැන කතා කර පලක් නැති නිසාත්ය.

දේශපාලනයට වඩා අපට ප්‍රයෝජනවත් අපේ ජීවිත වෙනස් කරන සුන්දර මාතෘකාවකට එළඹෙමි. එනම් තාක්ෂණයයි. අළුත් තාක්ෂනයන් ගැන දැනගැනීමට මම කැමැත්තෙමි. තාක්ෂනය සහ අලුත්  ගැජට් ගැන කතා කරන බ්ලොග් කිහිපයක් වෙයි.

මල් කැකුළු , ප්‍රභාශ්වර හා විද්‍යා ගවේශනයි.


මල් කැකුළු

ප්‍රභාශ්වර


විද්‍යා ගවේශන



ප්‍රභාශ්වර බ්ලොග් අඩවියේ පළවූ ඔබේ ජීවිතය වෙනස් කරන තාක්ෂනයන් යන ලිපිය ගැන කතාකරන්නට සිතුවෙමි.

ජලයෙන් ජලකර වායුව වෙන්කර බලශක්තිය සදහා යොදාගැනීම ගැන එහි සදහන්ය. ඛනිජතෙල් වලට විකල්ප සෙවීමේදී මෙය ඉතා සුදුසු නමුත් ප්‍රායෝගික වේදැයි සැක සහිතය. මන්ද ඛනිජතෙල් සමාගම් ලෝක දේශපාලනයේ ඉතා ප්‍රබල භූමිකාවක් රඟන බැවිනි.

අපද්‍රව්‍ය වලින් බලශක්තිය ලබාගන්නා ක්‍රමයක් ගැන පෝල් බස්කිස් නම් විද්‍යාඥයෙක් කළ පර්යේශනයක් සාර්ථකවූ බව මා ඇසුවේ 2004 දීය. එහෙත් එයට වුන දෙයක් නැත. 2004 දී කීවේ 2010 වනවිට ලොව උඩුයටිකුරුවන බවත් මැද පෙරදිග තෙල් මත යැපීමට සිදුනොවන බවත්ය. එය එසේ නොවූ බව අප දනිමු.

දෙවන ලිපියද ආන්දෝලනාත්මකය. ජෝන් විල්මට් වැනි විද්‍යාඥයන් ක්ලෝන තාක්ෂනය මගින් ඩොලී නමැති බැටළුවා නිර්මාණය කළේ දශ්කයකටපමන පෙරය . ආතර් සී ක්ලාක් ගේ ඉදිරි දිනපොතට අනුව 2002 වන විට මිනිස් ක්ලෝනයක් බිහිවනු ඇත. එය එසේ නොවූ බව අප දනිමු. මට හිතෙන ලෙස මෙහි ඇති ලොකුම ගැටළුවනම් සෛලය දානය කරන සත්වයාගේ වයස අලුත් ජීවියාගේද වයසද  වීමයි. අවුරුදු 40 ක කෙනෙක් ගේ සෛලයකින් ක්ලෝනයක් හැදුවොත් ක්ලෝන දරුවාගේ වයසද 40 කි. පියා හෝ මව සමගම වයසට යයි.

කෙසේ හෝ මෙම තාක්ෂනයෙන් අවයව නිර්මානය කර ගන්නට හැකිනම් මිනිස් අවයවද වෙළද පොලෙන් ගෙන ඒමට හැකිවනු ඇත. අද මිනිසාට හිතන්නට බැරිතරම් කාලයක් අනාගත මිනිසා ජීවත් වනු ඇත.

තුන්වන ලිපිය ත්‍රිමාන මුද්‍රනය ගැනයි. මට සිතෙන්නේ කලින් කී දෙකටම වඩා මිනිසාට බාල්පෑමක් කරන්නේ මෙයයි. වෙළදපොළ උඩුයටිකුරු වන අතර පරිගණකයෙන් මෘදුකාංග නිෂ්පාදනය කරන ආකාරයෙන් ඉදිරියේදී තමන්ට අවශ්‍ය භාන්ඩ නිෂ්පාදනය කරගැනීමට තමන්ටම හැකිවනු ඇත. එසේම  3 D printing තාක්ෂනය තවත් ඉදිරියට ගොස් අප අතරට එන 4 D printing මගින් මෙතෙක් අප නො ඇසූ විරූ නිර්මාණ බිහිවනු ඇත. මෙහි ප්‍රතිපලයක් ලෙස කම්කරුවා යන වචනය ශබ්ද කෝෂයෙන් ඉවත් වනු ඇත. ඒ වෙනුවට නිර්මානකරුවා යන වචනය ආදේශ වෙයි. මෙය දෙවැනි වන්නේ රෝදය හා ගින්දර සොයාගැනීමටය.

මෙන්න ප්‍රභාෂ්වර ලිපිය එතනට ගොස් එය කියවන්න

http://vidathanet.blogspot.com/2015/04/blog-post_24.html



10 Technologies that will Transform your life by live science staff, January 10,2008

http://www.livescience.com/11368-10-technologies-transform-life.html


14 comments:

  1. ඒ පාර බ්ලොග් හඳුන්වාදිම පටං ඇරං.
    කලිනුත් ඔහොම කළකිරිලා නිකං හිටියා නේද? අනේ මධ්‍යස්ථ එක එක්කෙනා කියන ඒවා උඩ තමන් කරන කියන දේවල් නවත්තන්න එපා. ඒවත් මධ්‍යස්ථ සිතින් විඳ දරාගන්න. තමන්ගෙ අදහස් නිර්භයව කීවාම ඊට ලැබෙන ප්‍රතිචාර අනුව අඩු ගානෙ ඒවා හරිද වැරදිද කියලා දෙපාරක් හිතන්න ලැබෙන අවස්ථාව වටින්නෙ නැද්ද තමන්ගෙ ජීවිතයට?

    ReplyDelete
    Replies
    1. කිසිම කලකිරීමක් නෑ. මේව හදුන්වාදෙන්නෙ ඒ ඇසුරින් මගෙ අදහස් කියන්නත් සැගවිලා තියන වටිනා බ්ලොග් කරළියට ගන්නත් තමයි.

      දේශපාලනයෙ සිදුවෙන දේ නම් හෙට ඉරපායනව වගෙ පැහැදිලියිනෙ. ශ්‍රී ලංකා එක තව මාස දෙකකින් විතර දෙකට කැඩෙනව. ඊටපස්සෙ යූඇන්පී ආණ්ඩුවක් එනව. අපි මොනව කිව්වත් ඔය වැඩේ තමා වෙන්නෙ.

      බ්ලොග් ගැන කිසිම කළකිරීමක් නෑ. මගෙ පැතුම කවදහරි බ්ලොග් කලාව රටේ ප්‍රධාන ධාරාවෙ මාධ්‍යයක් වෙනව දකින එක. මම බ්ලොග්කලාවට ආදරෙයි.

      Delete
  2. මමා එක පාරට එකක් හඳුන්වලා දීපන් වැඩ අස්සේ එකක් කියවගත්තත් පස්සෙ අනිත් දෙක මිස් වෙනවනේ.. අදනම් තුනම ඉතුරු කරා පස්සෙ කියවන්න. ත්‍රිමාණ ප්‍රින්ටින් ඉගෙන ගෙන ස්වයං රැකියාවක්වත් පටං ගන්න ඕනි මේ බ්ලොග් ඔක්කොම කියවන්න වෙලාව හොයා ගන්න නම්.

    ReplyDelete
    Replies
    1. ත්‍රිමාන මුද්‍රනය ගැන ලියන්න හිතන් හිටියෙ මාස හත අටකට ඉස්සර. මෙහෙම නොවෙයි දීර්ඝ ලිපියක් ලියන්න හිටියෙ. ඒත් අතපසුවෙලා ගියා.

      විද්‍යාත්මක කරුණු තියන බ්ලොගක් ගැන හදුන්වාදෙන්න හිතන් ඉන්නකොට තමා දැක්කෙ නව තාක්ෂනයන් තුනක් ගැනම ප්‍රභාෂ්වර එකේ පෝස්ටුවක්. එක ගලෙන් කුරුල්ලො තුන් දෙනෙක්නෙ. ඔන්නොහෙ දැම්මා.

      Delete
  3. මධ්‍යස්ථත් හොඳම හොඳ වැඩත් කරනවා. මධ්‍යස්තට මගේත් ආචාරය ඔය ලින්ක් තුන කාලීන දැනුමින් නිතරම වගේ අප්ඩේට් වෙනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. ඒක නොවෙයි ඔයා ලියන එක නවත්තලද එහෙම එපා
      වැඩ අධික නම් මාසෙකට පෝස්ට් දෙකක්වත් දාන්න

      Delete
  4. මල් කැකුළු බ්ලොග් එකනම් මම දැන් සෑහෙන්න කාලෙක ඉදන් කියවනවා.. අනිත් දෙකනම් අදයි මම දැක ගත්තේ.. ස්තූතියි..

    ReplyDelete
    Replies
    1. මම හිතන්නෙ මේ බ්ලොග් වලින් වටිනා දැනුමක් ලබා දෙනවා. විද්‍යාව සහ තාක්ෂණය ගැන උනන්දුවක් ඇතිකරන්න සිසුන්ට ප්‍රයෝජනවත්. අපට වුනත් නවලොවට ඇතුළුවන්න හොද යතුරු ලෙස යි මේ බ්ලොග් මට පෙනෙන්නේ

      Delete
  5. 3D ප්‍රින්ටින් ගැන කතා කරද්දී මට නම් හැමදාම හිතෙන දෙයක් තමයි ලෝකේ තියෙන සුපිරිම 3D ප්‍රින්ටර් එක මිනිසා කියන එක. මොකද කියනවානම් මිනිහාට පුළුවන් ඕනෑම material එකකින් ඕනෑම මාධ්‍යයක් මත ඕනෑම දෙයක් නිර්මාණය කරන්න,. අපි මහන්සිවෙලා කොටි ගණන් වියදම් කරලා 3D PRINTING කියල කරන්නෙත් ඔය දේම නේද?

    ReplyDelete
    Replies
    1. එකඟයි .මිනිසා තමා අප දන්න තරමින් විශ්වයේ විශ්මය.
      3d printing ,4 D printing ඇතුළු සියළුම දේ සොයාගන්නෙත් මිනිසා තමයි.
      නමුත් මේ තාක්ෂනය කොහෙ යයිද කියන එකත් හිතන ඕන. ඒ වගේම අතුරුඵල ගැනත් දැණුවත් වෙන්න ඕන.

      මේකෙන් රැකියා ප්‍රශ්නයක් ඇතිවෙන්නෙ නැද්ද
      කුඩා පරිමාණ නිෂ්පාදකයන් , කම්කරුවන් පාරට වැටෙන්නෙ නැද්ද
      මිනිස් ශ්‍රමය මිනිසාට අනවශ්‍ය දවසක් උදා වෙන්නෙ නැද්ද
      මේ පැත්ත ගැන කිසිම කෙනෙක් කතා කරන බවක් පේන්න නෑ.
      3 D Printing ගැන පළවූ එකම ලිපියකවත් මම මේක ගැන දැක්කෙ නෑ.
      නමුත් එය අනාගතයේ මිනිසා මුහුණ දෙන ලොකුම ප්‍රශ්නය වෙන්න පුළුවන් -අනවශ්‍ය ශ්‍රමය ගොඩගැසීම.

      Delete
    2. අනවශ්‍ය ශ්‍රමයක් ගොඩගැහෙන එකක් නැහැ.

      මිනිස් ශ්‍රමය පාවිච්චි කරන්න සිද්ධ වෙන අලුත් රැකියා බිහිවෙයි.

      මම දකින උදාහරණයක් තමයි දැනට මුළු ලෝකෙම යටත් කරන ඉන්න BPO රැකියා අවස්ථා.
      මීට අවුරුදු දහය පහළොවකට කලින් අපිට නිකමට වත් හිතුනා ද ලෝකේ එහා කොනේ තියෙන , ජීවිතේට දැකලා නැති ගොඩ වෙලා නැති, මැරෙන්න කලින්වත් යාගන්න හිතෙන්නේ වත් නැති මල්ටි මිලියන් කොම්පැනි වල රස්සාවක් තමුන්ගේ ගෙදර ඉඳන් හරි, තමුන්ගේ රටේ කොහේ හරි තැනක තියෙන මුන්චි කාමර කෑල්ලක ඉඳන් කරන්න පුළුවන් වෙයි කියලා.?ඒ හින්දා මිනිස් ශ්‍රමය මම නම් කියන්නේ මිනිස් ශ්‍රමයේ අතිරික්තයක් එන එකක් නැහැ කියලයි.

      Delete
  6. ත්‍රිමාන මුද්‍රණය ගැන අහපුවාම නලීන් දසිල්වි මහත්තයා කියපු දෙයක් මතක් වුනා. ඒ තමා "බටහිර ක්‍රිස්තියානි නූතනත්වයට පරිසරය රකින්න බෑ" කියන එක. බලන්න එක පැත්තකින් ඊ බුක් රීඩර් හැදීමෙන් මුද්‍රණ කර්මාන්තය නිසා වන පරිසර හානිය අඩුවන නමුත් ඒ සමඟම අනිත් පැත්තෙන් ත්‍රිමාණ මෘද්‍රණය පැතිරිලා අරිට වඩා දරුණු විදියට පරිසරය වැනසෙනවා.

    ReplyDelete
    Replies
    1. නලින් ද සිල්වගෙ සමහර අදහස් මට පිළිගන්න බෑ. ඔහු සංවර්ධන විරෝධියෙක් බව පේනවා. ඔහු වරෙක මෙහෙම කීවා.අපේ ගැමියා මැටි වළදක් නිර්මාණය කළ විට වඩා සුඵෝඛභෝගී මැටි වළදක් නොතනයි. එය ඔහුගේ චින්තනයයි.
      අනුරාධපුර යුගයේ අයින්ස්ටයින් උපන්නානම් ඔහු නිර්ව්‍යාජ ගැමියෙක් වනු කීවා. යුදෙව්වන් අතර භෞතික විද්‍යාඥයන් බිහිවීම ගැන කියමින්.
      ඒ කියන්නෙ යුදෙව් චින්තනය වියුක්ත චින්තනයක් බවත් යුදෙව්වන් ඊට හුරුපුරුදු බවත් ඒ නිසා වියුක්ත දැනුම් පද්ධති වල ඔවුන්ට ඉදිරියට යා හැකි බවත් කීවා.
      නොබෙල් ත්‍යාගලාභීන් අතර බහුතරයක් යුදෙව්වන් සිටීම ගැන ඔහුට ඇත්තෙ ඒ වගෙ දැක්මක්.

      ඒත් අපේ මහලොකු දැනුම පද්ධති තිබුනය කියන අනුරාධපුර යුගය රජවරුන්ගෙ අන්ධකාර යුගයක් නේද
      යම් නිර්මාණයක් කරන එකෙක් උගෙ නිර්මානය අහවර වුන හැටියෙම මරල දාන කාලකන්නි යුගයක මොන තාක්ෂනයක්ද

      ඔය පරිසර ප්‍රශ්නත් තාක්ෂනයෙන්ම විසදන්න පුළුවන්. තාක්ෂනය මිනිසා වැරදි විදියට යොදාගැනීම මිනිසාගෙ මිස තාක්ෂනයෙ වරදක් නොවෙයි.

      කෙනෙක් පිහියෙන් ඇනල තවත් කෙනෙක් මැරුවම වැරැද්ද පිහියෙද පිහිය හදපු එකාගෙද

      කෙසේ නමුත් ඔබේ විකල්ප අදහස් මට වටිනවා .නලින් ගැන මම පෝස්ටුවක් දාන්නම් . මතක ඇතිව එන්න අපි කතා කරමු.

      Delete