Thursday, April 23, 2015

අමුතු මුසල්මානයා

සුගතපාල සිල්වාගේ අමුතු ඉළන්දාරියා කතාව  ඔබ අතරින් කිහිප දෙන්ක්වත් කියවාඇතැයි සිතමි. බ්ලොග් ලෝකය නම් විශ්මයජනකය එය මේ යැයි අතැඹුලක් ලෙස ගෙන හැර දැක්විය නොහැක.බ්ලොග් සප්තමහ සාගරයේ විවිධාකාර මත්ස්‍යයෝ පිහිනති. ඔවුහු තම තමන්ගේ ලෝකවල සැරිසරති. එවැනි ලස්සන මත්ස්‍යයෙකි උන්මන්තක නොහොත් අමුතු මුසල්මානයා


ලිංගිකත්වය සමහරෙකුට හපූයියෙකි. එහෙත් අපේ අමුතු මුසල්මානයාට එය ගැන වගේ වගක් නැත. ඔහු ගෙන හැර පාන්නේ ආගම ,ලිංගිකත්වය හා මිනිස් සොභාවයයි.
ඔබ කෝපි බොන්නට වාඩිවන විට ,පොතක් කියවන්නට සැරසෙන විට , නිව්ස් අහන්නට ටී වී එක දමන විට ඔහු එය වළක්වා ලිංගිකත්වය ගැන කතාබහකට සූදානම් වෙයි.ඔහු කුණුහරප නොකියයි කියන්නේ ඔබේ සැබෑ කතාවය. ඔහුව නොවලක්වන්න. ඔහුට ඇරයුම් කරන කවරෙක් සමග වුනත් ඔහු කෑම කන්නේය. හදුනාගන්න මේ සුන්දර මිනිසා 


අමුතු මුසල්මානයා


මෙන්න උන්මන්තකගේ බ්ලොග් එක. එතනට ගොස් සියළුම ලිපි කියවන්න




මෙම මුස්ලිම් සහෝදරයාගේ ලිපිවලින් ඔබට  ශෘංගාර සාහිත්‍ය රස විදිය හැක. මෙම අපේ බ්ලොග් රාජ්ජයට අලුත් දෙයකි.බලන්න ඔහුගේ ලේඛන හැකියාව.ආගන්තුක සිංහල බසින් අකුරු කරන අපූරුව


මෙන්න ඔහුගේ එක් නිර්මාණයක් . එතනට ගොස් කියවන්න

http://unmanthaka.blogspot.com/2014/06/blog-post_2.html



මතාක් ඇතිව කොමෙන්ට් කරමු. ඔහු දිරිමත් කරමු.


15 comments:

  1. Replies
    1. අපට බැරිද ඔහුට උදව්වක් කරන්න. ඔහු ලස්සනට ලියනවා කොමෙන්ට් නැහැ.

      Delete
    2. ඕකට උත්තරේ උඹ ගන්න ඕන මාතලංගෙන්

      Delete
  2. ටිකක් අමුතු බුවෙක් වගේ.. හැක්.. වෙලාව තියෙන විදියට කියවන්න වටිනවා..

    ReplyDelete
    Replies
    1. කුණුහරප බ්ලොග් වෙනම තියනවා. ඒවට පබ්ලිසිටි දෙන්නෙ නැහැ.

      මෙයා ලියන්නෙ කුණුහරප නොවෙයි.මේ තමා ශෘංගාර සාහිත්‍යය. ඔහුගෙ නිර්මාණවලින් ශෘංගාර රස වෑහෙනවා. දෙමළ මවුබස වන ඔහු සිංහලෙන් නිර්මානකරනයට පෙළඹීමම අගය කළ යුතුයි.මිනිස් ආශාවන් ,මුස්ලිම් සමාජය ගැන ගැඹුරු විග්‍රහයක් ඔහු කරනවා.

      Delete
  3. මධ්‍යස්ත මතධාරියා @ මම වෙනුවෙන් ඉදිරිපත් වීම ගැන ඔබට මගේ හෘදයාංග ස්තූතිය​.............තෑන්කු.........තෑන්කු

    ReplyDelete
    Replies
    1. මම කවදාවත් තනියම කන කෙනෙක් නොවෙයි. ඒ වගේම පොඩ්ඩක් ඔළුව ඉස්සුවට පස්සෙ බලන්නෙ අනුන්ටත් දෙන්න. අපි හවුලෙ ගමනක් යමු. ඔබ වැනි බ්ලොග් තව තියනව ඒව ගැන කවුරුත් දන්නෙ නෑ.
      ඔබ වැනි බ්ලොගර් කෙනෙක් ඉදිරියට ගන්න එක අපටත් ගෞරවයක්

      Delete
    2. ඔබ දුන් ලින්ක් එක මගේ තුන්වෙනි කතාවයි, ඒකේ ගොඩාක් අකුරු/ව්‍යාකරන වැරදි තියෙනවා, පල කලායින් පසුවත් වැරදි නිවැරදි කරන්න මා උත්සාහ කලා, ඒවා සේරම හරි ගියේ නෑ. ඒ ලින්ක් එකට සම්භන්ද කතාව ඒ කතා පෙලේ තුන්වෙනි එක හින්දා සමහර විට අගක් මුලක් තේරෙන්න නැතිවෙන්න පුළුවන්, ඒ නිසා කියවන්න හිතෙන කෙනෙක් ' මතක නොකරන අමතක නොවන දවස​' (හැබැයි ටිකක් දිගයි) කතාවෙන් පටන් ගන්නවනම් හොඳයි.

      ස්තූතියි

      Delete
  4. කලින් දැක තිබේ. කියවීම දුෂ්කරයි. කතා කොටස් දිග වැඩියි.

    ReplyDelete
    Replies
    1. කියවීම ටිකක් දුෂ්කරයි තමා. හුගක් දෙනෙක් වර්ඩ්ප්‍රෙස් බ්ලොග් කියවන්න කැමති නෑ. ඒවට කොමෙන්ට් කරන්නත් අමාරුයි. මමත් ඔහුගෙ වර්ඩ්ප්‍රෙස් එකෙන් බ්ලොගර් එකට ගිහින් කියවන්නෙ.
      ඔහු ගෙ සිංහල දැනුම හොදයි නමුත් අපට ටිකක් ඔහුගෙ භාෂා හැසිරවීම නුහුරු ගතියක් තියනවා. ඒත් ඔහුගෙ නිර්මානවල ප්‍රතිභාපූර්නබව නිසා භාෂාවෙ පොඩි පොඩි අවුල් නැතිවෙලා යනව

      බ්ලොග් කලාවෙ එක සුන්දර පැත්තක් මේ. මේ වගෙ ෆේක් බ්ලොග්වලින් ලස්සන නිර්මාන කිරීම.

      හොද අනාගතයක් තියන බ්ලොග්කරුවෙක්.

      Delete
  5. ගියා. කමෙන්ට් එකකුත් දැම්මා. බලමු නේ?

    ReplyDelete
    Replies
    1. මොහුගේ බ්ලොගයෙන් මුස්ලිම් සමාජය ගැන තිබෙන බොහෝ මිත්‍යාවන් පුපුරා යනවා. දේව නීතිය හා මිනිස් ආශාවන් අතර ගැටුම සහ ප්‍රයෝජනවත් ලෙස මිනිස් ආශාවන් හැසිරවීමට දේව නීතියෙන් මගපෙන්වීමක් කෙරෙනවා. ඉස්ලාමය ලිංගිකත්වය සම්පූර්නයෙන්ම බැහැර කරන්නෙ නෑ. එතනයි වටිනාකම තියෙන්නෙ. එය අනුමත සීමාවන් තුල පවත්වාගෙන යාමට දිරි දෙනවා.
      අපේ කියන්නෙ මේක නරක දෙයක් . යහපත් දේ තමා සියළුම බැදීම් අත හැරීම කියලනෙ. මුස්ලිම් මතය වඩා ප්‍රගතිශීලී එකක්.

      එහෙත් සැබෑ ඉස්ලාම් සමාජය දේව කියමන් වලම රැදෙන්නෙ නෑ. ඇතැම්විට විතරාගීබව සහ දුරාචාරය අතරත් දෝලනය වෙනවා. මේ සුන්දරත්වය තමයි උන්මන්තක අප හමුවේ ගෙන හැර පාන්නේ.

      ඔබත් ශෘංගාර රසය මතුකරන කෙනෙක්නෙ. මෙයත් එහෙම තමයි. ඔබේ කොමෙන්ට් එක වඩා වටින්නෙ ඒකයි.

      Delete
    2. මධුමාධවී රස සරණිය@ ඔබේ කොමෙන්ටුවක් නැහැනේ කොයි බ්ලොග් එකේද, කොයි පෝස්ටුවද කොමෙන්ට් කලේ?

      Delete
  6. වෙනස්ම අදහස් තියෙන බ්ලොග් එකක්.. තැන්කිවු අපිතත් ඔත්තුව දුන්නට..

    ReplyDelete