Wednesday, April 22, 2015

දෙවන විභීෂන ගෙ ධාතු සහ මළකුණු පෝස්ට් එක ගිය දුර

ඉතා සුන්දර බ්ලොග්කරුවෙක් වෙයි. වචන වෙඩි වගේය කියන දේ ඇත්තය. අලුත් වුනත් බ්ලොග් කලාවට අලුත් යැයි අපට සිතෙන්නේ නැත. අටුවා ටීකා කුමටද . මේ දෙවන විභීෂනය.

ඔහු ගේ ආසන්නම පෝස්ටුව  ගැන හොලි ටෙම්පල් බ්ලොග් අඩවියද විචාරයක් කර තිබිණි.

මෙන්න විභීෂනගෙ පෝස්ටුව එතනට ගොස් කියවන්න




මෙන්න හොලි ටෙම්පල් පෝස්ටුව එතනට ගොස් එය කියවන්න



ආගමික ශාස්තෲන්ට ජනතාව ගරු කරති. ඔවුන් අප අතරිවෙන්වී ගොස් බොහෝ කල්ය. අපට ඔවුන් ගූඩ පුද්ගලයන්ය.

බුදුන් වහන්සේ ගැන අපූරු කතාවක් වෙයි. එක් පුරයක මිනිසුන් එකිනෙකා පෙරලගෙන දුවන්නට වුනේ නගරයට කවුද එනවා කියාය. එක් මිනිසෙකුගේ ඇගේ හැපී හාමුදුරුනමක් ඇද වැටුනි.පසුව ආ තවත් පුරුෂයෙක් මෙම හාමුදුරුවන් නැගිටුවාලීය. මොකද මේ මිනිසුන් දුවන්නේ කියා ඇසීය.
ඇයි දන්නෙ නැද්ද අද බුදුහාමුදුරුවො එනව නගරයට කියා ඔහු කීවේය.

එවිට අර භික්ෂුව කීවේ මම තමයි බුදුහාමුදුරුවෝ කියාය.

පසුකාලීනව දෙතිස් මහා පුරුෂ ලක්ෂන වලින් හෙඹි ඒ මහා පුරුෂයා ඔහු ජීවත්වූ කාලයේ අරුමයක් නොවීය. බෞද්ධ සාහිත්‍යයේ බෞද්ධ රජුන් ලෙස කියවෙන ප්‍රසේනජිත් , බිම්බිසාර වැන්නන් ජෛන සාහිත්‍යයේ ජෛන රජවරු ලෙස කියවේ.

බුදුන් පමනක් නොව යේසුස් හා මහම්මද් ද මෙවැනිම පුරුෂයන්ය.යේසුස් ඔහු ජීවත්වූ කාලයේ සිටි මිනිසුන්ට අරුමයක් නොවීය. මහම්මද් යනු ආගමික නායකයෙකුට වඩා යුධ සෙනෙවියෙකි.

මේ ශාස්තෲන් වහන්සේලා පමනක් නොව ආදිකාලයේ සිටි රජවරුන්ද ගරු සත්කාරයට බදුන් වෙති. ශාස්තෲවරු ගැන කතා කිරීමට මම අකමැත්තෙමි. අප සිතමු ඉස්සර සිටි රජෙක් හදිසියෙන්ම අප අතරට ආවා කියා.


රජා : මට නම් අදහගන්නත් බෑ බන් . රජසැප කිව්වට අපි වින්දෙ මොනවද කියල හිතෙනවා. උඹලනෙ රජසැප විදින්නෙ.

යකා : අනෙ රජෝ අපි මොන සැපද බන් විදින්නෙ. උඹලනෙ සැප වින්දෙ. අනේ මගෙ කට

රජා : තරහගන්න කාරි නෑ බන්. බලහන් උඹල යන බස් එක. ඊට වඩාමොන රජසැපක්ද . අපි වලවල්වල වැටි වැටී දෝලාවෙ ගියා.

යකා : රජෝ තොගෙ අ...... තොපිනෙ කිසි වැඩක් නොකර ආතල් ගත්තෙ. අපි බස්වල කෝච්චිවල යන්නෙ ජොලියට කියල හිතුවද

තොපි කෙරුවෙ ප........... ගෙවෙනකල් බඩුගහපු එකනෙ. අනේ මගෙ කට


ඔන්න ඔහොම සංවාදයක් යන්නෙ. රජෙක් නෙමේ ශාස්තෲකෙනෙකුත් තක්කු මුක්කු වෙනව මිනිසා ලබා ඇති තාක්ෂණික දියුණුව දැක්කම.

දියමත ඇවිදින්න නෙමේ.දිය යටින් යන්නත් අද මිනිසාට පුළුවන්. අන්ධභාවය ගැන ජානමය රෝගත් සුව කරන්න පුළුවන්.ඇදහිල්ලක් ඕනම නෑ.

එදා මහා පුරුෂයො පවා ලෝහිත පක්ඛන්දිකා රෝගය හැදිල මළත් අද කුඩා පුරුෂයොත් ප්‍රතිජීවක ගන්නව.

කුරුසෙ ඇණ ගහල මරණ දඩුවම දුන්නෙ ඉස්සර. අද ඊට වඩා ශිෂ්ට ක්‍රම සොයාගෙන. ඒ විතරක් නොවෙයි යුරෝපා ප්‍රජාව වගෙ ඉදිරිගාමී මානවයන් මරණ දඩුවම වගෙ තිරිසන් ක්‍රමවේදයන් ප්‍රතික්ෂේප කරනවා. 

ආගම කියන්නෙ මෝඩයො මෙල්ල කරන කෙවිටක්. බුද්ධිමත් අයට ආගම් ඕන නෑ.

21 comments:

  1. පෘතිවිය වටා හිරු කැරකේ කියා ඔබත් විස්වාස කරනවාද?

    ReplyDelete
  2. මධ්‍යස්ත අර නිව්ස් වැඩේට මොකද වෙන්නේ ?

    ReplyDelete
    Replies
    1. කාල වේලාව තමයි ප්‍රශ්නෙ.අපේ පැත්තෙ මොනවහරි ප්‍රවෘත්තිමය වටිනාකමක් සහිත දෙයක් වුනොත් නම් කොහොම හරි ආවරණය කරනවා.

      Delete
    2. ඡායාරූප ගන්න කෙනෙක් ,වීඩියෝ කරන කෙනෙක් , එඩිට් කරන්න පුළුවන් කෙනෙක් වගෙ දාල අපට පොඩි ටීම් එකක් හදාගන්න පුළුවන්නම් .
      ටීම් එක වැඩ කරන්නෙ ස්වෙච්ඡාවෙන් නිසා වියදමක් යන්නෙ නැති තරම්. ඕන නම් සුළු මුදලක් යයි.එහෙම නම් වීඩියෝ ක්ලිප් අපි බ්ලොග් වලට සහ යූටියුබ් එකට දාන්න පුළුවන්.
      කුරුණෑගල දිස්ත්‍රික්කය ගත්තොත් ටීම් දෙකක් හොදටම ඇති. මේ විදියට පුරවැසි මාධ්‍යකරනය යටතේ රටම ආවරණය වන ජාලයක් හදාගන්න පුළුවන්.
      මට ඕන පුරවැසි මාධ්‍ය අනෙක් මාධ්‍ය එක්ක තරඟ කරන මට්ටමකට යනව දකින්න. මේක සජීවී මාධ්‍යයක් නිසා ජනතාව අනාගතයෙදි මේකත් එක්ක තදින්ම බැදේවි.

      Delete
  3. සියල්ල කෙල වන විට වරද පවරන්නටත්
    කෙලවී ගෙන යන විට පිහිට අයදින්නටත්
    ක‍වුරුහරි හොයාගන්න එක අත්‍යවශමයි...
    එකටනේ ඉතින් දෙවියෝ ඉන්නේ....

    ReplyDelete
    Replies
    1. දෙවියො ඉන්නෙ යටිසිතේ. යාඥා කරනව කියල කරන්නෙ තමන්ගෙම යටිසිතෙන් යම් යම් දේ ඉල්ලීම. ඒක මනෝවිද්‍යාත්මකව හරිම සාර්ථක ක්‍රමයක්. කෙළින්ම ස්වයං යෝජනා කරනවට වඩා දෙවියන්ගෙන් ඉල්ලන එක පහසුයි.

      Delete
  4. මමනම් ඒහැටි බුද්ධියක් ඇති එකෙක් නෙවෙයි. ඒත් මාවත් ඔය කෙවිටෙන් මට්ටු කරන්න නම් බෑ.. හැක්.

    ReplyDelete
  5. එහෙත් අන් කවරදාටත් වඩා නියම ආගම් (දැන් ඇත්තේ ආගම් නොව බිස්නස්ය...) අවශ්‍ය වන්නේ අදටය.... මන්ද අපි සැම කෙනෙක්ම තමන් බුද්ධිමත් යයි කියා සිතන පට්ටපල් මෝඩයින් වන බැවිනි...

    ReplyDelete
    Replies
    1. ආගම් දැන් බිස්නස් වෙලා තියෙන්නෙ කාලානුරූපීව . ඉස්සර රජවරු එක්ක එකතුවෙලා ජනතාව මර්ධනය කළා. දැන් බිස්නස්කාරයො එක්ක එකතුවෙලා ජනතාව සූරගෙන කනවා. ජනතාව ගොනාට අන්දල තක්කඩි පෝසත්වෙනව දකින කොට කණගාටුවක් ඇතිවෙනව.අවශ්‍යවන්නෙ බුද්ධිවර්ධනය මිස බුද්ධිය මොටකරන එක නොවෙයි. මැටිමෝල්ලුන්ගෙයි තක්කඩින්ගෙයි සංවාසෙ තමා ආගම කියන්නෙ

      Delete
  6. //ආගම කියන්නෙ මෝඩයො මෙල්ල කරන කෙවිටක්. බුද්ධිමත් අයට ආගම් ඕන නෑ//

    අන්න හරි!

    ReplyDelete
    Replies
    1. ආගම් අදහන අයට වඩා ආගම් අදහන්නෙ නැති අය යහපත් මිනිස්සු කියල මට හිතෙන්නෙ.
      අපිව බයකරන්න දෙවියෙක් ,කර්මයක් ඕන නෑ
      එකිනෙකා කෙරෙහි ගරුත්වය , අන්‍යෝන්‍ය සහජීවනය ,සහෝදරත්වය ප්‍රමාණවත්

      Delete
  7. බුද්ධිමත් අයට ආගම ඕන නෑ...

    බුද්ධිමත් කියන්නේ උගත් නෙමෙයි..

    ReplyDelete
    Replies
    1. අන්න එහෙම මුළු කතාවම තනි වාක්‍යකින් කියන්න පුළුවන්.

      Delete
  8. //ආගම කියන්නෙ මෝඩයො මෙල්ල කරන කෙවිටක්. බුද්ධිමත් අයට ආගම් ඕන නෑ//තිරිසන් සතුන්ටත්(පරිනාමයෙන් පහළම මට්ටමේ ඉන්න සතුන්ට) ආගම් ඕන නෑ. උන්ට කවදාවත් තිබුණෙත් නැ. එතකොට ඔය බුද්ධිමතා කිව්වෙ සතෙක්ද ?

    ReplyDelete
    Replies

    1. ආගම් කොටස් දෙකයි මානව ප්‍රේමී හා ගව ප්‍රේමී.මිනිසුන්ට ආදරය කරන යුදෙව් ,ක්‍රිස්තියානි හා ඉස්ලාම් යන මානව ප්‍රේමී ආගම්වල මානවයන්ට වාසි සහගත දේවල් තියන කොට ගව ප්‍රේමී ආගම් (හින්දු ආගම , බුද්ධාගම ) වගෙ ඒවගෙ ගවයන්ට හිතකර දේවල් තියනව.

      මේ උදාහරණය බලන්න

      ඉස්ලාම් ආගමේ පොලී ගැනීම තහනම්. ඒක ඉතාම හොඳයි. මහමදු හිමියන් අරාබියෙ වැඩවාසය කරන කාලෙ යුදෙව්වො අසාධාරණ පොලී ගත්තා.මහමදු හිමි මේක නතරකළේ ලස්සන ක්‍රමයකට. මේ නීතිය නිසා කී දෙනෙක් සැනහෙනවද
      පොලී නිසා සබ්බ සකලමනාවම නැතිවෙලා පාරට බැහැපු සියදිවිනසාගත්ත අය කී දෙනෙක්ද
      බලන්න මේ තිරිසන් සහගහන රස්සාව ආගමෙන් නැතිකරල තියන අපූරුව.බලන්න මිනිස්සු හික්මවල තියන අපූරුව. පොලී ගන්න එකේ වැරැද්ද පෙන්නල දීල කෙනෙක් ඒකෙන් ඈත් කරනවට වඩා හරිම ලේසි ක්‍රමයක්.

      මේ ක්‍රමයට සමාජවාදය ඇති කරන්නත් තිබුන.

      " බුරම්පි නම් දෙවියෙක් මෙලොව මවා පාලනය කරයි.
      ඔහු කිසිසේත්ම නො ඉවසන පාපය නම් තමන්ට සමානයන් තැබීමයි. එනම් මිනිසුන් සේවයේ යෙදවිය හැක්කේ බුරම්පි දෙවියන්ටම පමණි. මිනිසුන්ගේ ස්වාමියා බුරම්පි දෙවිය.
      බුරම්පි දෙවිගේ වහලුන් වන මිනිසුන් එක්ව නිෂ්පාදනය කරන දේවල් සියළු දෙනා අතර බෙදා ගත යුතුය.
      ලාභ ලැබීම පාපයකි. භාන්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනාය කර එය අලෙවි කර ලාභයක් ළබන තැනැත්තාට බුරම්පි දෙවි දැඩි දඩුවම් දෙයි.
      මේ අනුව අතිරික්ත වටිනාකම හිමි බුරම්පිට මිස මිනිස් ව්‍යවසායකයන්ට නොවේ.
      බලන්න ආගමික අර්ථකතනයකින් සමාජවාදය ඇතිවෙලා. වැඩ කරන්නා වැඩෙහි ඵල ලබන උත්කෘෂ්ට සමාජය බිහිවෙල. ධනපතියො ,රදලයො මොකෙක්වත් නෑ

      වැඩ කරනව අවශ්‍යතාවය පරිදි බෙදාගන්නව. ඊට පස්සෙ බුරම්පිට යාඥා කරනව.
      ශෝයි නේ.

      එක එක කාලවල බිහිවුන නුවනැත්තො ආගම් නිර්මාණය කලේ මෝඩයො මෙල්ලකරගන්න තමා.

      නමුත් බුද්ධිමත් අයට තනියම හිතල යහපත් වැඩ කරන්න අනුන්ට කරදරයක් නොවී ඉන්න පුළුවන්

      Delete
  9. මචන් ම.ම.,

    යකෝ මේ පොස්ට් එක දැක්කේ අදනේ..

    මමවත් හිතුවේ නැහැ මගේ පොස්ට් එක මෙච්චර දුර දිග ගිහින් කියලා...

    ReplyDelete