Thursday, April 2, 2015

සැක්කර දෙයියන්ගෙ පිහිටයි



පහුගිය කාලයේ අපට තිබූ එකම අඩුවද සම්පූර්ණ විය.එනම් රහතන් වහන්සෙ කෙනෙක්ද ලැබීමයි එක්කෙනෙක් මදිවාට දෙදෙනෙක්ම ලැබුණි. මට මතක් වන්නේ ඇයි එකක් ඉල්ලන්නකො දෙකක් යන පැරණි වෙළද දැන්වීමය.

රහතන් වහන්සෙලා දෙදෙනා වෙනස් වීම පොඩි අවුලකි. එක් වහන්සේ කෙනෙක් බහුභාන්ඩිකය. එහෙත් කිසිවක නො ඇලී වැඩවසන සේක. අනෙක් වහන්සේ අල්පෙච්ඡය උන් වහන්සේද කිසිවක නො ඇලී සිටින සේක.
   
මේ සබැදිය


කෙසේ වෙතත් මේ දෙදෙනා එකිනෙකා රුස්සන බවක් නොපෙනේ. මුලින් කී සමන්ත රහතන් වහන්සේ ධර්ම විශාරදය. ඇත්තෙන්ම පිළිමලුන්ගේ කට උත්තර නැතිකරන සේක්යැ.

මට ඇත්තටම අවශ්‍ය මේ ගෝරනාඩු ගැන මගේ මතය ප්‍රකාශ කිරීමය. මුලින්ම කිව යුත්තේ මාම බෞද්ධ දර්ශනය සත්‍ය යැයි පිළිගන්නා කෙනෙක්මි.ඊට හේතුව එය මට  මට එය ප්‍රත්‍යක්ෂ බැවිනි. මමය මාගේය කියා යමක් නැති බවත් සියළු දුකට හේතුව මමය මාගේය යන හැඟීම බවත් පැහැදිලිය. මෙය අවබෝධකරගත හැක්කේ විදසුන් වැඩීමෙනි. ඒක හරිය. රහතන් වහන්සේ කෙනෙක් තුල උපරිම වශයෙන් වැඩෙන උපේක්ෂාව මේය.

මට හිතෙනෙනි බුදුදහම යනු සතිපට්ඨානය බවයි . එනම් සිහියෙන් සිටීමයි , සිත දියුණු කිරීමයි.කය අනුව සිතීම , දහම අනුව සිතීම, මනස අනුව සිතීම  ආදියෙන් සිහිය දියුණු කිරීම සිදුවේ එනම් මමය මාගේය කියා ගටහ් හැකි දෙයක් නැති බව අවබෝධ වේ. එවිට ද්වේශය, ආශාව, වැනි කෙළෙස් නැතිවී යයි.උපේක්ෂාසහගත වේ. චුල්ල පන්ථකට සුදුරෙද්දක් කිළිටිවන අයුරු අත්විදින්නට සැළස්වූවේත් තවත් හිමිනමකට ගලායන ජලය දෙස බාල මාර්ගඵල ලබා ගන්නට සැළස්වූවේත් එබැවිනි. වක්කලී හිමියන් සියතින් ගෙල සිදගන්නා මොහොතේ රහත් විය. උල තබන විට එම වේදනාව අරමුණු කරගෙන රහත් වූ උත්තමයන් ඇත.

රහතන් වහන්සේලා තමන් රහත්බව නොකියන දෑය. මේ අප අසා ඇති දෙයයි. මුන් වහන්සේලා දෙදෙනාම ප්‍රසිද්ධියේ කියයි. එක් වහන්දෑ නමක් එය පත්තරේම දමයි.

අරියඥා හිමියන් ගේ ලිපි ඉතා රසවත්ය. මම ඒ සියළු ලිපි කියෙව්වෙමි. සැබෑ බුදුදහම යනු මෙය බව පැහැදිලිය. සියල්ල අතහරින පණිවිඩය ඒවායේ ගැබ්ව ඇත. සමන්ත හිමියන්ගේ බණ මම අසා නැත. ඒවායේද කියන්නේ ඔය කතාවම විය හැක. 


ආරිය හිමියන් ගේ පොත්වල අපූරු දර්ශනයන් ගැන සදහන්ය. මිනිස් ඇසට කණට හසුවන්නේ සීමිත පරාසයකි. සතුන්ට ඊට වඩා ඇසේ දැනේ. බියුගල් නලාව මිනිසාට ඇසුනේ නැතත් දඩයම් බල්ලන්ට ඇසෙන බව කියනු ලැබේ. උන් වහන්සේලා සිත දියුණු කර යම් බලයක් උපදවා ගත්තාද නොදනිමි. 

එහෙත් උන් වහන්සේ දුටු යක්ෂයන් දෙවියන් මාරයන් හා පිටසක්වල ජීවීන් ගැන අසන විට මටනම් ඇතිවන්නේ ධර්මය ගැන පැහැදීම නොව විච්කිච්ඡාව වර්ධනය වීමය.  


මාරයා ගැන රහතන් වහන්සේද බලංගොඩ හිමියන්ගේ නිර්මාණාත්මක අදහස් එහෙමම වදාරන බව පෙනේ. පිටසක්වල අලියා, නිළමේ හා මැරිගෝ රවුම් , නර්සරි අනේ මන්දාය. දිව්‍යමය සීනි වැළදූ සැටිත් අනේ මන්දාය. ප්‍රේතයන් හා යක්ෂයන් ගැනද කතන්දර ඇත.

මමය මාගේය හැඟීම දුරුකිරීම කෙසේ වෙතත් හාමුදුරුවරුන්ට දන්දී දිව සැප දහසක් අගබිසෝවරු පිරිවරාගත් සක්‍රසැප ලැබෙන බව බණ පොතේ කියා ඇත.  ලිංගික ප්‍රජනනයක් සිදුනොවන දිව්‍යලෝකයේ බිසෝවරු කුමටද අඩුගනනෙ ලිංගබේදයක්වත් අවශ්‍යද 

බුදුදහම බඩගිනි බුද්ධාගමක් වූ පසු භාවනාව යටට ගොස් දානය ඉස්මතු විය. ඉන්පසු විවිධ සෝබන පූජා ඇතිවිය.නිවන කල්දමා ඕනෑම කුජීත වැඩක් කරන තත්වයක් උදා විය. මෛත්‍රී බුදුන්ගෙන් බණ අසා නිවන්දකින්නත් ඊට පෙර දෙව් මිනිස් සැප ( රස ආහා හා ඇතැම්විට මදුද ඇත ප්‍රධානම දේ බඩු ගැසීමයි ) පතති. රජුන් සිටුන් ලබන සැප තමන්ට මතු හෝ ලැබේයායි පතා පැරණි උපාසකවරු පින් කළහ. බිසෝවරු දහසක් සමග සිටින සක්‍රයා සිහිවී රාත්‍රියට ශුක්‍ර මෝචනය විය. උපාසකම්මලා පැතුවේ සක්‍රයාගේ බඩ්ඩක් වීමටය. 

මේ සක්කරය ගැනත් මා කතාවක් අසා ඇත. සක්‍රයා බෞද්ධ පොත්වල හැරවෙන කිසිවක සදන නොවූවෙකි. මේ සක්කරයා යනු ඩේරියස් රජු බව සමහරු ප්‍රකාශ කරති. ඩේරියස් රජු හදුන්වන්නේ හක්ක මානුසීය යන වචනයෙනි. පර්සියන් භාෂාවේ හ යන්න අපේ ස යන්නයි. වෙනත් ඉන්දු ආර්ය භාෂාවල එකම වචනයේ ස යන්නෙන් එන යමක්  පර්සියන් වල හ යන්න වේ.කියපු එක තේරුනාද මන්දාය.

බුදුන් වහන්සේ ශාක්‍ය වංශිකයෙක් බව අප දනිමු. මේ ශාක්‍යයෝ යනු කවරහුද . මේ ගැන ඇති වඩාත්ම පිළිගත හැකිමතය නම් සිකීතියන්වරුන් යන්නය. බුදුන් එක්කෝ බුදුවනබවත් නැත්නම් සක්විති රජවන බවත් බමුණෝ ප්‍රකාශ කළහ. කුමක්ද මේ සක්විති රාජ්‍ය . සක්විති රාජ්‍යයක් නැතිව ඒ ගැන කතා කළ නොහැක. ඇත්තටම තිබුනේ පර්සියන්වරුන්ගේ සක්විති රාජ්‍යයි. ශාක්‍යයන්ට පර්සියන්වරුන් හා එක්වී පහසුවෙන්ම චක්‍රවර්ති රාජ්‍යැ හදාගත හැකිවිය. පර්සියන්වරු වෙනත් ජාතීන් සමඟ සහයෝගයෙන් ඔවුන්ගේ යුද්ධ ව්‍යාපාරය කරගෙන ගිය අතර ඉතිහාස පොත්වල පර්සියානු අධිරාජ්‍ය හැදින්වෙන්නේ මේද පර්සියාව ( මීඩියන් හා පර්සියන් ) කියාය. 


පර්සියන්වරුන් හා එක්විය හැකි අනෙක් වර්ගය සිතියන්/සිකිතියන්වරුන්ය. ඔවුහු රණකාමීය. පර්සියන්වරුන්ගේ පළමු මහාධිරාජයා වූ සයිරස් මියගියේද සිකිතියන්වරුන් හා කළ සටනකිනි.


සයිරස්ගේ හිස සිකිතියන් /සිතියන් රැජින ටොමිරිස් වෙත ගෙන යාම
පර්සියන්වරුන් හා එක්විය හැකි අනෙක් වර්ගය සිකිතියන්වරුන්ය. ඔවුහු රණකාමීය. පර්සියන්වරුන්ගේ පළමු මහාධිරාජයා වූ සයිරස් මියගියේද සිකිතියන්වරුන් හා කළ සටනකිනි.මොවුහු ජීවත්වුනේ රුසියාවට දකුණින් හා ඉරානයට උතුරිනි . අමුදාර්යා ගඟබඩය. යුක්‍රේන් ,ක්‍රිමියා ප්‍රදේශවලටද ව්‍යාප්තවන්නට ඇත. එසේම සිතියන්වරු සංචාරක වර්ගයකි. ටාටර්වරු, හූන් හා නෝමැඩික ජනයා විශාල අධිරාජ්‍ය ගොඩනැගූ හැටි බලන්න.

ශාක්‍ය වංශිකයන් භාවිතා කළ කාසි පිලිබද ලිපියක් පහත සබැදියේ ඇත.ඒ පර්යේශන වලින් බොහෝ දේ සොයා නිරවුල් කරගත හැකිවනු ඇත.



http://www.ellamixcom.tk/2015/03/blog-post_31.html



සයිරස් හා සිතියන්වරු එක්වී දැවැන්ත අධිරාජ්‍යයක් පිහිටවිය හැකිවිය. ඇත්තෙන්ම ශාක්‍යයන් බලාපොරොත්තු වුනේද එයයි.

සුර අසුර සටන් ද ඇසිරියන්වරු හා උරාටු වරු අතර සටන් ලෙස පෙන්වා දිය හැක.ඇසිරියන්වරු මුළු මැදපෙරදිගම ත්‍රස්තකළැ ජනවර්ගයකි. වර්තමානයේ මොසුල් අවට ISIS ඉස්ලාමීය ත්‍රස්තයන් විසින් විනාශ කරන්නේ මේ ඇස්‍රියන් පුරාවස්තුය. ඒවා මිළකළ නොහැකි ඒවාය. ඇසිරියන් වරුන්ගේ අගනුවර නිනවේ ය. බයිබලයේ මෙය නිතර සදාහන් වේ. උරාටු යනු වත්මන් ආමීනියාවයි. නාගයන් යනු නැගෙනහිර ඉන්දියාවේ නාග ජනයා වන අතර නිරුදක කතරේ වෙළෙන්දන් මරා බඩු පැහැරගත් යක්ශයන් අරාබීන් විය හැක. දෙවිවරු යනු සුදු පර්සියානු ශිෂ්ට ජනයා විය හැක. එකළ මිනිසුන් වෙනත් ජාතීන් සතුන්ට සමාන කිරීම සාමන්‍ය දෙයකි. 

බණපොත්ද කියවිය යුත්තේ සිහිබුද්ධියෙනි. 



15 comments:

  1. හොඳ විකල්ප ලෙස බැලීමක්. මේකේ දාපු ලින්ක් එකේ බ්ලොගයත් හොඳයි.

    ReplyDelete
    Replies
    1. බණපොත්වල තියන සුරංගනා කතා බැහැර කලේ පොඩිකාලෙමයි. මම උපන්නෙත් විච්කිච්ඡාව අතේ මිටමොලවගෙන. මට හිතෙන්නෙ බෞද්ධ දර්ශනය කියන්නෙ මහ ගාම්භීර සාමාන්‍ය මිනිසුන්ට නොතේරෙන දෙයක් නොවෙයි. ඒක ඉතාම සරලයි. සිහියෙන් ඉන්න කියන එකයි කියන්නෙ. මේක කාලෙන් කාලෙට පණ්ඩිත ? හාමුදුරුවරු මෙලෝ යකෙකුට නොතේරෙන දෙයක් කරලා. හොඳම උදාහරණය මිලින්ද ප්‍රශ්නය.

      වැඩිකල එළියක් නැති බ්ලොග් වලට මට පුළුවන් විදියට සහයෝගයක් දීමත් මේකෙ එක අරමුණක්.

      Delete
  2. කාලෙන් කාලෙට එන රැළි විදියටයි මම නං මෙව්වා දකින්නේ...

    ReplyDelete
    Replies
    1. අද කාලෙ මේ වගෙ දේවල් වලට සුදුසු නෑ . මීට අවුරුදු 200 කටවත් ඉස්සර මේව වුනානම් කවුරුවත් ප්‍රශ්න කරන්නෙත් නෑ මේ අය පූජනීය වෙලා ඉවරයි. නමුත් අද රහත් වෙන්න ඉස්සර දෙපාරක් හිතන්න ඕන.
      කිසියම් බලයක් ලබපු කෙනෙක් වුනත් ඔහොම නාඩගම් නටන්නෙ නෑ.
      ඔය ආරිය රහතන් වහන්සෙ ගෙ ලිපි පත්තරේ පළ කරපු හාදය අස්වාභාවික ගෑනු හබේකටත් පැටලුනා.
      එයාම සංස්කරනය කරපු නිළ මැස්සයි ඔබයි දෙන්නම දැන් සමයි කියන ලිපිය කියවලා නෑ.
      මේ පොත් පුදුම විදියට ජනප්‍රිය වුනා . සල්ලි තමයි.ආප්ප පුච්චනව වගෙ එකම දේ හතර අතට කරකෝනව

      Delete
  3. මටත් අාසයි රහත් වෙන්න..... දැන් ඔය රහතන් වහන්සේලාට ඍදියෙන් වඩින්නත් බැරියෑ..... පෙළහර පාන්නත් බැරියෑ....... හෙට අනිද්දා පෙළහර ප්‍රදර්ශනත් බලන්න බැරියෑ

    ReplyDelete
    Replies
    1. නැවත ඉපෙදන්න තියන අාසාව අත අැරල දාන්න, ඒ්කට තමයි නිවන් යනව කියන්ෙන්. ඔය අනිත් ඒ්ව කරන්න නං ඒඩ පවඅලට නෑදෑ කමක් හදාගන්න.

      Delete
    2. මටනම් හිතෙන්නෙ අහසින් යන කතා නම් ඔක්කොම බොරුකියල. රහත්කම කියන්නෙ සියල්ල කෙරෙහි නො ඇලෙන ස්ථාවරයකට පත්වීම. ඒක කල්දාල අනෙක් වැඩකළාට ඔය හැම දෙයක්ම මේ භවයෙ ලබාගතයුතු දේවල් මිස මෛත්‍රී බුදුන්ගෙන් බණ අහල ලබන දේවල් නොවෙයි. මෙය ඉතා අසීරු ඉලක්කයක් කරල ඒ ඉලක්කය කල්දාල ඒ වෙනුවෙන් සෝබන වැඩ කරන මහා දාන මාන පතන මහා බඩගිනි ආගමක් කරගෙන.

      Delete
    3. ඇනෝ @ ඒඩ පවඅලට නෑදෑ කමක් හදාගන්න.//
      කියන්නෙ මොකක්ද

      Delete
  4. මම බෞද්ධ දර්ශණය පිළිගන්නවා.. නමුත් බෞද්ධ සාහිත්‍යය බැහැර කරනවා.. ඒ වගේම අනෙක් ආගමික සාහිත්‍යයත්.. උදාහරණයක් විදියට සිදුහත් කුමාරයා ඉපදුන ගමන් නෙළුම් මල් උඩ ඇවිද්ද කියල මං පිළිගන්නේ නෑ.. ඒ වගේම ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අම්මා සර්වබලධාරී දෙවියන් නිසා ගැබ් ගත්ත කියනෙකත් මං පිළිග්න්නේ නෑ..
    ඔය කියපු රහතුන් වහන්සේලා දෙන්නවත් මං පිළිගන්නේ නෑ.. නමුත් තාර්කිකව ඔවුන් ඉදිරිපත් කරන ධර්මයනම් සිත්ගන්නා සුළුයි

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්.. බෞද්ධ සාහිත්‍යය කියන්නෙ නූගත් මිනිස්සුන්ව බොරු කියල හරි තමන් වෙතට ගෙන්නාගෙන හරි පාර කියාදෙන්න හදපු කතන්දර. ජේසුස් වහන්සේත් එහෙමයි. බුදුන් වහන්සේත් එහෙමයි. මේ සමාජයේම ඉපදිලා මිනිස්සු යහමගට ගන්න දර්ශණයක් ඉදිරිපත් කරපු එක ඇරෙන්න නෙළුම් මල් හතයි ඇවිදිල්ලයි, මරියතුමියගේ කන්‍යා භාවයයි ප්‍රශ්නකරන එක, ඒවා ඔලුව උඩ තියන් ඉන්න එක මෝඩ කමක්. අපේ මිනිස්සුන්ට වැදගත් දර්ශනය නෙවෙයි, අරවා. ඔය කොතනත් වෙන්නෙ ඒකයි.

      Delete
    2. ඇත්තටම ඔවුන් කියන කතා ලස්සනයි. මමත් ඒ කතා කියෙව්වෙ කතා රසය නිසායි. මම නම් ඔය හාස්කම් ප්‍රාතිහාර්ය ඔය කිසිම දෙයක් පිළිගන්නෙ නෑ. මට හිතෙන්නෙ බුදුදහම කියන්නෙ ඕනම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් ඉතාම සරල දෙයක් .ඒක ආගමක් නොවෙයි. ඕනම ආගමක කෙනෙකුට ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. මානසික අභ්‍යාසයක්

      Delete
  5. ඩේරියස් රජු පැරණි පර්සියාව නොහොත් වත්මන් ඉරානයේ සිටි රජකෙනෙක් කියල මමත් අහල තියෙනවා. සක්‍රයා ඔහු බවට විවිධ මත පළවෙනවා. බොහොම ස්තුතියි ලින්ක් එක සමග ලිපිය සංසන්දනාත්මකව ඉදිරිපත් කළාට.

    ReplyDelete
    Replies
    1. මේ ගැන ලැනරෝල් කියල මහතෙක් පොතක් ලියල තියනවා. ඒක හරිම තර්කානුකූලයි .අහුබුදුගෙ විකාර වගෙ නොවෙයි. ශාක්‍යයන් ඉන්දියාවට එනවිට ගෙනා ජනකතා වලින් එන්න ඇති. ශාක්‍යයන් කියන්නෙ හූනාවරු ( හන් වරු ) ,රාජ්පුත් , කුශානයන් වැනි ඉන්දියාවට පැමිණ ජනාවාස හදාගත් ජනකණ්ඩායම් වෙන්න ඇති.

      Delete
  6. කාලෙකින් කියවපු හොඳ ලිපියක්

    ReplyDelete