Sunday, April 19, 2015

සමරසේකර සිතිවිලි ගෙනෙයි මේ විමසිලි

මට කියන්නට අවශ්‍ය කරන දෙයක් වෙන කෙනෙක් කියන විට මා කරන්නේ වහා අසුන් පනවා මයික් එක දීමයි. මට වඩා හොදට අදහස් ප්‍රකාශනයේ දක්ෂ කෙනෙක් මුලසුන ගැනීම මට සතුටකි. මට ඇත්තේ හූමිටි තැබීම පමණි.

මම චීන සෝවියට් තනි පක්ෂ ආණ්ඩු විවේචනය කළෙමි. රාජාණ්ඩු විවේචනය කලෙමි. හමුදා ආන්ඩු විවේචනය කළෙමි. ඒ කියන්නෙ බටහිරරටවල පාලන ක්‍රම චෝයි කියාද

ඉහත කී ආණ්ඩු වලට වඩා නම් හොඳ බව ඇත්තය.එහෙත් එම රටවල මානව් හිමිකම් නිදහ්ස මානව ගරුත්වය රැකෙන බව කෙනෙක්  කීවොත් එය මුසාවකි. 

පරමාදර්ශී පාලන ක්‍රම මිහිමත කිසිදා නොතිබුනා විය හැක. අනාගතයේද සමහරවිට නොතිබෙනවා විය හැක. එහෙත්  බටහිර ලෝකයේ පරමාදර්ශී ආණ්ඩු තිබෙනබවට වූ මිත්‍යාව දුරලිය යුතුය.

විධායකය වටා සියල්ල බ්‍රමනය වන ආණ්ඩු ඇත. ව්‍යවස්ථාදායකය වටා සියල්ල බ්‍රමනය වන ආණ්ඩු ඇත. එසේම අධිකරණය වටා සියල්ල බ්‍රමනය වන ආණ්ඩු ඇත. එකක් අනෙකට වඩා හොඳ හෝ නරක නැත.

පැසුනු හිසකේ ඇති බුද්ධිමත් වෘත්තිකයෙකු මෙන්ම අදීන බ්ලොග්කරුවෙකු වන සමරසේකර මහතා ගේ මේ  අදහස් බලන්න.

මෙන්න සමරසේකරගෙ ලිපිය එතනට ගොස් කියවන්න




12 comments:

  1. පුදනකොටම කාපි යකා.
    සමරසේකර 304 කාඩ් සෙල්ලමට 305 කියා ටපලවා ගෙන.
    මුළු බිත්තරේම නොකෑවත්, එය කුණු වී ඇති බව එයින් තේරුණි.

    ReplyDelete
    Replies
    1. නිළධාරීවාදය ගැන ඔහු පළකරලා තියන අදහස් ඉතාම වටිනවා. මෙවැනි විකල්ප අදහස් ගැන සමාජය සංවේදී විය යුත්තේ එයින් වැඩිදෙනා නොදකින පැත්තක් පෙන්වා දී ඇති නිසයි.
      මේ අදහස් නොසළකා ඉදිරියට ගියොත් සමාජයම ටැපලෙන්න පුළුවන්

      Delete
  2. ලිපිය මමත් කියෙවුවා.

    ReplyDelete
  3. සමරසේකර මහතා කාලෙකින් 304ක් සෙල්ලම් කර නැති බව සිතෙයි.. ඒත් 19 ගැන කී කතා නම් නිකම්ම බැහැර කල නොහේ..

    ReplyDelete
    Replies
    1. එයා මේ 18 ගැනයි කතා කරන්නේ, ඒක 19 කියා ලියලා තියෙන්නේත් 304 ගේම් එක 305 කරපු විදියටමයි.

      Delete
  4. සමරසේකර මහත්තයා ඒක්ක බැණගෙන අපේ බ්ලොගයෙන් ඒළියට අාවා විතරයි..... සමරසේකර මහත්තයා අැණගෙන ඉන්නවා දැක්කා.... මොනවා වුණත් ඉලක්කමක් ඒහාට මෙහාට වුණාට ඒ තුළ ගත යුත්තක් සහ සංවාද කළ යුත්තක් තියෙනවා

    ReplyDelete
  5. මට ඕන වුනේ නිළධාරිවාදයේ අනතුර ගැන කතා කරන්න. 19 නරක දෙයක් නොවෙයි. නමුත් එයින් නිළධාරිවාදයක් ඇතිවීමේ අනතුරක් තියනවා. ඒ ගැන සංවාදයක් ඇති නොවෙන පාටයි. මෙම පෝස්ට් එක දැමීමෙන් මා බලාපොරොත්තුවුන දේ ඉටුවුනේ නෑ

    ReplyDelete
  6. මා ගැන මෙන්ම මගේ ලිපියට ප්‍රසිද්ධියක් දීම ගැන ස්තුතියි.ක.කා මගේ වැරැද්දක් පෙන්වීමෙන් ලොකු මෙහෙයක් ලිපියට කළා. 304 වෙනුවට 305 ලිවිම වැරැද්දක් උනත් ඒකෙන් ලිපියේ හරයට හානියක් වෙලා නැතිව ඇති කියලා හිතෙනවා. දේශපාලනය මට නීරස මාතෘකාවක් උනත් මට පෙන්නන්න උවමනා උනේ නීතිඥයෝ එකතු වෙලා අපේ කනෙන් රිංගන්න හදන හැටියි. ඒගොල්ල ඕනෑ ප්‍රශ්නයක් දෙස බලන්නේ කොහොම හරි නඩුව දිනන ඕනෑ යන ආකල්පයෙන් මිස හරිදේ හරියට කිරීමේ චේතනාවෙන් නෙමෙයි. මට හිතෙන අන්දමට රටක් දියුණු කරන්න නම් නීතිඥ බලපැමෙන් රට මිදෙන්න ඕනෑ. නිලධාරි වාදයේ අයහපත් භාවයේ තරම අද පාර්ලිමේන්තුවේදී අල්ලස් කොමසාරිස් ජනරාල් ගේ කෙරුවාවෙන් තෙරුනානෙ. peo tv තියෙන නිසා මා 91 චැනල් එක දැන් බලුවාවිතරයි.
    @ කුරුටු ගැ පවුර,
    ඔබ සමග ඇන ගන්න උනේ ඔබ සංඝයාට අපහාස කල නිසයි.ඔබට උත්තරයක්දෙන්න ඕනැ කරන ලිපියක් පසුගිය මහාමේඝ සඟරාවේ තිබුනා ඒක හොයා ගත් හැටියේම මා මගේ පිළිතුර ඔබට ලියනවා.

    සමරසේකර

    ReplyDelete
    Replies
    1. මේ ලිපිය පළකලෙත් ඔබ ඔය කියන සුවිශේෂී අදහස් නිසාමයි.ලේන්සුව අතට අරන් දිසාපති හාමුදුරුවන් ලගට වැදගෙන යන වරදක් වුනොත් පොලිස් හාමුදුරුවන්ගෙන් ගුටි කන ඊට පස්සෙ නඩුකාර හාමුදුරුවො උදහස් වෙලා හිරේ දාන යුගය ආයෙ ඒ විදියටම එන්නෙ නැතිවෙයි. ඒත් ඒක වෙනත් ස්වරූපයකින් එයි. මිනිස්සුන්ට දුක කියන්න කෙනෙක් නෑ. කට ඇරියොත් දඩුවම් වැඩිවෙයි. බිම බලාගෙන දත්මිටි කන්න තමා වෙන්නෙ.

      1972ට පෙර ජනතාව නිළධාරීන්ගෙන් දැඩි පීඩනයකට පත්වුනා. 1956 දී බණ්ඩාරනායක මහතාට ඔහුගේ ඇතැම් ප්‍රගතිශීලී ප්‍රතිසංස්කරන කරන්නට ඉඩ නුදුන්නේත් නිළධාරීන්. 1972 ව්‍යවස්ථාව ගෙනත් සියළු නිළධාරීන් ජාතික රාජ්‍ය සභාව යටතට ගෙන ජනතා පරමාධිපත්‍ය සහතික කළා. මොකද ඒවන විට ඒක විහිළුවක් වෙලා තිබුනෙ . නිළධාරීන් ජනතාව පත්කරන ආණ්ඩුව ගනන් ගන්නෙ නැතිව ගියා. මේක අපේ සීයලගෙ කතාවක් අපට මේක හරියට හිතාගන්නත් අමාරුයි.

      අද කොමිෂන් මගින් නිළධාරීවාදයක් ආවට පස්සෙ ඒක පරන එක තරම් නිරුවත් බිහිසුනු බවක් නම් නැතිවේවි. ඒත් ආදායමෙන් යම් කොටසක් පෙරකදෝරුවන්ට පුදන්න තබා ගත්තොත් හොදයි.

      නිළධාරියාගෙ හැටි නොදැනයි සමහරු ඔහුට පාවඩ එලන්නෙ. විදුහල්පතිවරු , කස්ටම් එකේ අය , පරීක්ෂක කියල අගට නම යෙදෙන සියළු නිළධාරීන් ගෙ ආදායම වැටුප මෙන් කී ගුනයක්ද .ඔවුන්ගෙ ආදායම සීමාවක් නෑ. මේ නිළධාරීවාදී සමාජයක නොවෙයි. නිළධාරීවාදය ආවොත් මොකකින් මොකක් වේවිද
      අද විකිනෙන්නෙ නැත්තෙ මොනවද නිළධාරීන් කෝටිපතියො වෙයි. වෙන මොකුත් නෑ. මේක ඍනාත්මක අදහසක් නොවෙයි. නමුත් කිඹුල්ලු නැහැ කියල හිතාගෙන දියට බහින්න බැහැ.

      බටහිර රටවල ඔය කියන තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදයක් නෑ. ඒ රටවල ජනතාව පාලනය කරන්නෙ අධිකරනයෙන්. මේක බැලූ බැල්මට පේන දෙයක් නොවෙයි. මරණ දඩුවම් ,කුරිරු දඩුවම් නොමැතිවීම සහ බන්ධනාගාරවල යහපත් තත්වය ආදිය නිසා මෙහි බිහිසුනු බව පෙනෙන්නෙ නැහැ.

      Delete