Saturday, April 18, 2015

එක් දිනක මගේ ඇස ගැටුන අධිමානසික විද්‍යා කරුණු අඩංගු පෝස්ට් තුනක් - සංවේදී , දෝංකාරය ,චන්දිම ගෝමස්

කිසිත් නොකියමි .ලින්ක් පමනක් පළ කරමි.

භෞතික ලෝකයෙන් එපිට විද්‍යාවට සොයාගත නොහැකිවූ දේවල් සාගරයක් සේ ඇත. අපට ඒවා ඍජුවම ප්‍රතික්ෂේප කළ හැකිද

මට නම් බැරිය

මෙන්න සංවේදී බ්ලොග් එකේ ලිපිය .එතනට ගොස් කියවන්න



මෙන්න දෝංකාරය බ්ලොග් එකේ ලිපිය එතනට ගොස් කියවන්න


මෙන්න චන්දිම ගෝමස්ගේ ලිපිය එතනට ගොස් කියවන්න



8 comments:

  1. සෑහෙන්න වටින ලිපි තුනක්.. හිතන්න ගොඩාක් දෙවල් ඉතුරු වෙලා.. මමත් සෑහෙන්න කුතුහලයෙන් පසුවන තවමත් නිගමනයකට ඒමට බැරිවූ විශයයක්.. දෝංකාරයේ ඉදිරි ලිපි කියවීමට කුතුහලයෙන්..

    ReplyDelete
    Replies
    1. දේශපාලනය වගෙ තේරුමක් නැති දේවල් නිකම් ආතල් එකට කතා කළාටමේ වගෙ විශයන් ගැන සංවාද කරන එක තමයි ප්‍රයෝජනවත් වෙන්නෙ.
      මේ විශය ගැන මෑතකදි ආලෝකයක් ඇතිවෙලා තියනව.
      අපට කළ හැකියි දත්ත රැස් කිරීම. ඉන්පසු කල්පිතයන් නියමයන් ගොඩනගන්න පුළුවන්
      මෙහිදී සම්ප්‍රදායික රාමු බිද වැටෙන්නත් පුළුවන්.

      Delete
  2. "යකෝ".

    බොහොම ස්තුතියි මේ වගේ සබ්ජෙක්ට් එකක් බ්ලොග් ඇතුලේ දිග ඇරියාට.

    උඹනම් "යකෙක්" ම තමයි.

    ===
    ප.ලි :- යකා= ම.ම (මධ්‍යස්ථ මතධාරියා)

    ReplyDelete
    Replies
    1. සිරාවටම කියන්නෙ උඹ පේන්න හිටියෙ නැතිව පහුගිය දවස් ටිකේ මම ෆුල් අප්සෙට් එකේ හිටියෙ.
      මොනවහරි ලියපන් විවේචන ගනන් ගන්න එපා උඹට බැන්නොත් බැනපන් හෙහෙ හෙහෙ

      ඒක නොවෙයි මට ඕන මොකක්ද මේක කියල හරියටම දැනගන්න. මේව ඇත්තද බොරුද කියල දැනගන්න
      විද්‍යාත්මක පැහැදිලිකිරීමක් අවශ්‍යයි.පටු ආගමික සීමාවල සිරකරන්නෙ නැතිව.
      විද්‍යාව සහ අධිමානසික විද්‍යාව අතර ගැප් එක නැතිකරන්න ඕන

      ඒක කරන්නෙ වෙන්නෙ පර්යේශන පැවැත්වීමෙන්. මං ආසයි මේ ගැන ස්ටඩි කරන්න

      Delete
    2. මම වැනිෂ් වුනේ විවේචන වලට අවුල් ගිහින් නෙමෙයි බන්. මේ මගුල් laptop එක කචල් වුනා. ඔන්න අද හවස තමයි හැදුවේ. මම පොඩි නෝටිස් එකකුත් බ්ලොගේ ඇලෙව්වා. ළඟදීම ලියනවා උඹලගෙන ආපහු බැනුම් අහන්න.

      තාම මම මග ඇරිච්ච බ්ලොග් කියෝන ගමන්.

      Delete
  3. Replies
    1. ඔවු අගනා නිල්කැට රතුකැට හැංගිලා තියනව. සමහර ඒව සින්ඩිවලත් නෑ. මෙහෙම කළාම ඒ අයටත් ප්‍රචාරයක් ලැබෙනව
      මටත් අවශ්‍ය වෙලාවක නැවත කියවන්න ලේසියි

      Delete
  4. ඔය සංවේදී බ්ලොග් එකේ තියනවා වගේම වැඩක් මට ගිය නොවැම්බර් අග උනා. මමත් යාලුවෝ කීප දෙනෙකුත් එක්තරා රැස්වීමකට ගියා, එතනට අදාළ පබ්ලිකේෂන් තියන බෑග් එකක් කාටත් හම්බ වුනා. keynote එක ඉවර වෙලා තේ බීල සුළු පිලිසඳරකින් පසු මට වෙන හදිසි වැඩක් තිබුණු නිසා මම ඉක්මනට එන්න පිටත් වුනා. එන්න කියන්න බලන කොට මගේ ළඟම යාළුව පොරගේ පරණ ගුරෙක් එක්ක බර කතාවක. මම පොරටත් කියල බෑග් එක ගන්න ගියහම යාලුවාගේ proceedings ටිකත් මම හිටි තැනම තියනවා. දැන් මෙතන මම මෙහෙම ලොජිකලි ස්ටෙප් බයි ස්ටෙප් හිතන්නේ නැහැ නේ.

    1. දැන් D කාරය W එක්ක බර කතාවක්, ඕක ඉවර වුනහම පොරට පොත් ටික අමතක වෙන්න බැරි නැහැ .
    2. පොර එනකොට බෑග් එකක් අරන් ආවෙත් නැති නිසා, සමහර විට එහෙම්මම පිටවෙලා යන්නත් ඉඩ තියනවා.
    3. පොරට මතක් වෙලා හෙව්වත්, මේක මෙතන නැති වුනොත් මම අරන් ගියා කියල උපකල්පනය කරාවි, කලබල වෙන එකක් නැහැ.
    4. හොඳම වැඩේ තමයි මම පොරගේ පොත් ටිකත් අරන් ගිහින් පොරගේ ඔෆිස් එකෙන් තියන එක.

    එහෙම ස්ටෙප් බයි ස්ටෙප් හිතුවේ නැතුවට කොමන් සෙන්ස් යටින් වැඩ කරනවා නේ, ඉතින් මම එහෙම තමයි කරේ. පොර පස්සේ මට තෑන්ක් කරා නැත්නම් පොරට ඕක ෂුවර් අමතක වෙනවා කියල. මම නම් ඉතින් නොපෙනෙන බලවේගෙකින් මට මග පෙන්නුවා කියල කියන්න ගියේ නෑ "මට නිකන් හිතුන අරන් ආවොත් හොඳයි කියල" කියල මිසක. . දැන් මොකක්ද ආයෙත් සංවේදී ගේ පොයින්ට් එක?

    ඊලගට ඔය මැරෙන්න යන වෙලාවට එලි පේන එක හෝ ඇඳෙන් උද ගියා වගේ තේරෙන එක. මැරෙන්න ගියාට මරුනේ නැහැ නේ. ඉතින් ඕක මරණාසන්න මිනිස්සුන්ට පොදුවේ එන ස්නායු උත්තේජනයක් හෝ හැලුසිනේෂන් එකක් වෙන්න බැරි ද? එහෙම සමාන අත්දැකීම් ආපු පලියටම ඒක පරනොර්මල් වෙන්න ඕන නැහැ නේ. දැන් අර sleep paralysis හැදුනු ගොඩක් උන් දිවුරලා කියනවා, කවුරු හරි පපුව උඩ නැගලා හිටිය, ඉන්න කෙනා malevolent බව හොඳටම තේරුණා වගේ දේවල්. ඒත් ඕක ඩොකියුමන්ට් කරලා තියන මෙඩිකල් සංසිද්ධියක්.

    අනික් ටෙලිපති කතාවේ දෙන්නම් කාසි මිසක් දීපු දෙයක් නැහැ නේ. දුන්නු දවසට එයාල ගෙන් අහන්න හරි ප්රූෆ් එකකට double blind ටෙස්ට් එකක් කරන්න ලේස්ති ද කියල. අපිට "අනුකම්පාවක්" ඕනෙ නෑ බටහිරින් වුනත් කෝටි ගණන් දෙයි රිසර්ච් වලට.

    මම විද්‍යාව වෙනුවෙන් තර්ක කරන්නෙක් නොවෙයි. විද්‍යාවට පැහැදිලි නැති දේවල් කොතෙකුත් ඇති. දැන් නිවුටන් ගුරුත්වාකර්ෂණ තියරි හොයා ගන්න කලින් උද පන්න මිනිස්සු බිම වැටුන නේ. ඒත් මේ වගේ කොමන් සෙන්ස් වලිනුත් explanation එකක් හොයා ගන්න බැරි නැති සිල්ලර කාරණා ගැන රැෂනල් විදියට නොහිතා "භෞතික ලෝකයෙන් එපිට විද්‍යාවට සොයාගත නොහැකිවූ දේවල්" ගානට දාන එක නම් මම හිතන්නේ pseudo -philosophical මෝඩ චූන්. ඒ හේතුව උඩම මෙහෙම මතුපිට අල්ලා ගැනීම් dignify කිරීමට කැමැත්තක් නැති නිසා මෙතනින් එහාට මේ ගැන මත දැක්වීම ෂුවර් නැත.

    ReplyDelete