Thursday, April 16, 2015

සිරි අයියා හරි මිනිහා පක්ෂය බිම දාල ගියා ( සෝමවංශ අමරසිංහ ජවිපෙන් ඉවත්වීම ගැන විග්‍රහයක් )





සෝමවංශ අමරසිංහ මහතා ජවිපෙන් ඉවත්වී තිබේ. පුද්ගලයෙකු පක්ෂයකින් ඉවත්වීම ප්‍රවෘත්තියක් නොවුනත් මෙය ප්‍රවෘත්තියක් වන්නේ සෝමවංශ යනු ජවිපෙ සංකේතය වැනි බැවිනි. ඔහු මුළු ජීවිතයම ජවිපෙවෙනුවෙන් කැප කළේය. ජවිපෙ කැරළි දෙක ගැනම අත්දැකීම් සහිත සෝමවංස ජවිපෙ අනන්‍යතාවය පක්ෂයට ලබාගැනීමට අවශ්‍යම වූවෙකි. ඔහු ඉවත්වූ පසු සාමාන්‍ය සම්ප්‍රදාය ලෙස පාක්ෂිකයන් බුරා පනින්නේ නැත්තේ එබැවිනි. කොටින්ම කිව්වොත් ඔහු ලේසියෙන් ඉවත දැමිය නොහැකි චරිතයකි.

ජවිපෙ මතවාදී පක්ෂයකි. එහි පුද්ගලයාට වඩා වැදගත් මතවාදයයි. එහෙත් මතවාදද ක්‍රියාත්මක වන්නේ පුද්ගලයන් හරහා බැවින් අවසානයේදී පුද්ගලයාම වැදගත් වෙයි. පුද්ගලයාගෙන් වියුක්ත යාන්ත්‍රන නැත.

ජවිපෙ දෘෂ්ටිය යාන්ත්‍රිකය. එහිදී මිනිස් හැඟීම්වලට තැනක් නැත. ඔවුන් විශ්වාස කරන්නේ කිසියම් නියතිවාදයකට අනුව ලොව සියළු සිද්ධීන් සිදුවන බවයි.ඔවුන් දකින්නේ ආර්ථික මිනිසෙකි. ආර්ථිකය වෙනස්වන විට සමාජය යාන්ත්‍රිකව වෙනස් වෙයි. මිනිසා යනු යන්ත්‍රයක දැතිරෝදය.
මෙය මාක්ස්ගේ අවමගුල් දින එංගල්ස් කළ ප්‍රකාශයකින් ගෙනහැර දැක්වීම  අගී.

'' ශ්‍රේෂ්ඨතම සිතන ද්‍රව්‍යයේ සිතීම අවසන් විය "

සෝමවංශ නම් වූ සිතන ද්‍රව්‍යය පක්ෂයෙන් ඉවත්වීම වැදගත් වන්නේ ඇයි. පලයන් යන්න අපට සිතන ද්‍රව්‍ය බොහෝ ඇත කියා පක්ෂය නොකියයි. එසේනම් මෙහි කතාවක් තිබිය යුතුය. 

19 වන සියවසේ මාක්ස් දුටු ලොවට වඩා වෙනස් ලොවක් අප ඉදිරියේය. මාක්ස් එංගල්ස් ,ලෙනින් , මාඕ වැනි අය ලියා ඇති ශුද්ධ වාක්‍ය කටපාඩම් කරන මුග්ධ තරුණ පරම්පරාවක් අද නැත. ජවිපෙ වැනි පක්ෂවල ශක්තිය මේ කේඩරයයි. අලුත් විදියට සිතන්නට බැරි මේ අය ආදරණීය සගයන් ලෙස හැදින්වේ.නායකයන් ගන්නා තීරණ ක්‍රියාත්මක කිරීම ඔවුන්ගේ වගකීමයි. වාක්‍ය කටපාඩම් කරන මොව්හු මහා බුද්ධිමතුන් යැයි පක්ෂය විසින් හංවඩුවක්ද ගසයි.

වාමාංශික පක්ෂවල සැබෑව එයයි. බිම් මට්ටමේ අය දන්න දේශපාලනයක් නැත. එකම වචන සෙට් එකක් උඩප්පරන් ගසන විට එම වචන නුපුරුදු අය සිතන්නෙ උන් වැඩ්ඩෝය කියාය. 
"පෙත්තප්පු බත් කෑවද "


ජවිපෙ යනු දේශද්‍රෝහීන් පුහුණු කරන පාසලක් ලෙසද ක්‍රියාකර ඇත. එය සිතාමතා නොවේ. යුද්ධ සමයේ එන්ජීඕ වලට බැදී රටට හතුරුකම් කළ අය පරණ ජේවීපී කාරයෝය. ජවිපෙ දේශප්‍රේමී නම් මොවුන් ජවිපෙට බැදී ඇත්තේ වෙන මොකක් හරි හේතුවක් නිසාය.

ජවිපෙ ප්‍රායෝගික නොවන උපායමාර්ග මුග්ද ලෙස අනුගමනය කර රටට විශාල විනාශයක් ගෙන ආවත් ජවිපෙට මෙරට ජන හදගැස්ම ගැන ඉවක් විය. ඊට හේතුව ජවිපෙට බැදුන බහුතර්ය නායක විජේවීරද ඇතුළුව මහපොලව හදුනන නිර්ප්‍රභූ මිනිසු වීමය.

ජවිපෙට මම අකමැති ඔවුන්ගේ මාක්ස්වාදය නිසාය. සපත්තුවේ හැඩයට කකුල කපන මෙම දර්ශනය යටතේ ජනතාව ප්‍රේක්ශකයන් වෙයි. පක්ෂය ජනතාවට ඉදිරියෙනි . පක්ෂය ජනතාවට වගනොකියයි. චීනය තියනනමෙන් චතුරශ්‍රයේදී සිසුන් මැරුවේ ආයෙ චන්දෙකට නොයන නිසාය. රතුපස්වල වෙඩි තැබූ පසුගිය රජයට උත්තර බැදීමට සිදුවිය. වෙනස් එයයි.
සෝමවංශ පසුපස තවත් 45ක්.. ජවිපෙ උඩුකුරුඤ්ඤං.. විජිත හේරත්ට මඤ්ඤං
මතවාදයට අනුව සමාජය කෘතිමව වෙනස්කිරීමේ කණගාටුදායක නිදසුන කාම්බෝජයයි. පැරණි ග්‍රාමීය කොමියුනිස්ට් මූලාදර්ශයක් නිර්මාණය කිරීමට සියලුදෙනා කුඹුරුවලට දැක්කීමට පොල්පොට් ක්‍රියා කළේය.

සමාජවාදය යැයි කියන ක්‍රමය තුලින් සමූපකාර මොඩලයේ සහන , සාමූහික වගා සංග්‍රාම , සලාක ක්‍රමයට බඩු බෙදීම , සාමූහික දිළිදු ගොවිපොලවල් හැර වෙන දෙයක්න නොළැබෙනු ඇත. සියළුම සමාජවාදී රටවල් ධනවාදය වැළදගෙන තිබෙන්නේ එබැවිනි. මානව හිමිකම් , බහුපක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය සහිත ඇමරිකාවත් ඒ මොනවත් නැති චීනයත් අද ප්‍රධාන ධනවාදී සංරචක වෙයි.


සමාජවාදය නරක දෙයක් ලෙස මෙයින් කියවෙන්නේ නැත. එය හොඳ දෙයකි. අපට අනුව එය ඇතිවන්නේ ධනවාදය අභාවයට යාමෙනි. විප්ලවය හා මර්ධනය අප ප්‍රතික්ෂේප කරමු. මෙය දියුණු සාමූහික සමාජයකි.එහි විලාප ගී නැත.සියල්ලෝම සමානය ඒ හැකියාවන්ගෙනි.ස්වයංපෝෂිතය. එවිට ස්වයංක්‍රීයව සමාජවාදය ඇතිවේ.මෙය මිනිසා අධ්‍යාත්මිකව දියුණු වීමත් සමඟ ඇතිවන්නකි.  මෙය වෙනම ලිපියකින් පැහැදිලිකළ යුත්තකි.එය පක්ෂයකට කෘතිමව කළ හැක්කක් නොවේ.

සෝමවංස පක්ෂයෙන් ඉවත්වනවිට සමාජවාදය කරා වේගයෙන් නොයාම ගැන කියා ඇතිනිසා මෙය සදහන් කළෙමු.


එජාපයේ තරුණ පෙරමුණ ලෙස ජවිපෙ නව ගමනක් අරඹා ඇත. මෙය සමාජවාදය කෙසේවෙතත් මහපොලවෙන් බිහිවූ පක්ෂයක් ලෙසත් මෙය අසවාභාවිකය. එජාප පාක්ෂිකයා සිතන ක්‍රමයක් ඇත. 


ඔහු 2004 දී ශ්‍රීලංකාකාරයන් මනාප තුනම ජවිපෙට දුන්ලෙස ඡන්දය නොදෙති. එජාපය යනු පක්ෂයකට වඩා ආගමකි. ජවිපෙ උපාය මාර්ගය වුනේ සීසීකඩ වන ශ්‍රීලනිප ඡන්දදායකයා අල්ලාගෙන දෙවන බලවේගය වීමයි. එදා ඉන්දියන් හමුදාව දකුණට නො ආ ලෙසම  මහින්ද යුද්ධය අනාගත්තේ නැතිලෙසම මෙයද සිදුනොවීය. ශිෂ්‍ය ව්‍යාපාරයේ සිටි නාන්නේ රෙදි හෝදන්නෙ නැති පැය 24 ම පක්ෂය වෙනුවෙන් කැපකරන කේඩරයන් නිර්මාණය කිරීම අසීරුය. මේ පුද්ගලයන් මෙම ව්‍යාපාරවලට සම්බන්ධවන මානසික පසුබිම මෙහි කතා නොකරමි.

ඒ නිසා පක්ෂයකට ජනසහාය අවශ්‍ය වෙයි. නැත්නම් වෙන්නෙ වික්‍රමබාහුගෙ පක්ෂය මෙන් මාධ්‍යමගින් පවත්වාගෙන යන පක්ෂයක් බවට පත්වීමටයි.මෙහිදී ජනතාව හිතන ලෙස සිතීමට පක්ෂයට සිදුවෙයි. එජාපය පක්ෂයකට වඩා ආගමකි. එජාපයෙන් බල්ලෙක් පූසෙක් ඉල්ලුවත් පාක්ෂිකයා ඡන්දය දෙයි. ඒ නිසා එජාප ඡන්ද ගැන ජවිපෙට බලාපොරොත්තු විය නොහැක. ගේම් ගසා ඡන්ද ඩැහැ ගැනීමටද නොහැක. ඒ නිසා කළ යුත්තේ න්‍යාය මතවාද පස්ස පැත්තෙ ගහගෙන රටේ මිනිස්සු හිතන විදියට සිතීමයි . නැත්නම් වාස්තවික තත්වය මෝරනකම් පැත්තකට වී සිටීමයි.


ජවිපෙ ඊට සූදානම් නැත. විමල් වීරවංශ වැනි කථිකයන් නැතිකර ගත්තේ ඒ පසුබිමේ සිටය. විමල්ට චෝදනා කරන අයට කියන්නෙ අනෙක් ජේවීපී කාරයනුත් විමල්ට වඩා ලොකු වෙනසක් නැති බවයි. 

සෝමවංශ අවධාරණය කරන්නේ පක්ෂයට දිනුම අවශ්‍ය නම් රටේ මිනිසුන්ගේ හද ගැස්ම තේරුම් ගන්නා ලෙසයි. එසේ නැතිව රටේ මිනිස්සු මාක්ස්ගේ ඊනියා ශුද්ධ වාක්‍ය කටපාඩම්කරගෙන ජවිපෙට කතිරෙ ගසන දවසක් එයි කියා සිතනවානම් ජවිපෙ අය ගැන අනුකම්පා නොකර බැරිය.

සෝමවංශ  සිය දිගුකාලීන  අත්දැකීම්තුලින් තේරු ගත්තේ එයයි.හුට එය තේරුම් ගැනීමට අවුරුදු 50 ක් ගත විය. බලමු අනෙක් ජේවීපීකාරයනුත් මෙය තේරුම් ගැනීමට අවුරුදු 50 ක්ම ගනීවිද කියා.

11 comments:

  1. යකා............

    සෝමවංශ අමරසිංහ පක්ෂයෙන් යෑම ප්‍රකාශ කරමින් පැවැත්වූ මුද්‍රිත මාධ්‍යය සදහා වූ සාකච්ඡාවේදීත් විජිත හේරත් ගිහින් තිබුණා.... ඒත් ඔහුට පැත්තකට යන්න කියලා කියමින් ඔහු ඉතා නිවුණු විදිහට තමයි මේ වැඩේ කරේ... සමහර විට පක්ෂයෙන් ඉවත් වූවන් ඒකතු කරන විදිහක් වෙන්නත් පුළුවන්.... ඒකට සුදුසුම මොහු කියලා හිතුවද දන්නෑ...

    ReplyDelete
    Replies
    1. එහෙමත් වෙන්න පුළුවන්. ඔහුගෙ මාධ්‍ය සාකච්ඡාවෙ කියපුවත් හරිම පරස්පරයි.ජවිපෙ විවේචනය කළේම නෑ. මුළුජීවිත කාලයම එක් පක්ෂයකට කැප කරල ජීවිතයෙ සන්ධ්‍යා සමයෙ අලුත් පක්ෂයක් හදනව කියන එකත් හරිම විප්ලවකාරී අදහසක් තමා.

      Delete
  2. හේතුව ඔය මක්කත් නෙමෙයි... ධනවාදයට දොල දුකක් ඇති වීම...

    ReplyDelete
    Replies
    1. ඕනම එකෙක් ආසයි අනුන්ට නොදී කන්න. ඒ තමයි ස්වාභාවික මනුෂ්‍යයා.
      සමාජයෙන් තමයි හොඳ නරක කියල දෙන්නෙ. හොඳ නරක කියන්නෙ ආරෝපනයක්.
      ඔය දොළදුක සැප බෙදාගැනිල්ල තමා. ආදරණීය සගයන් වෙනුවෙන් මහත් අකමැත්තෙන් පක්ෂය විසින් පැවරූ වගකීම් හා යුතුකම් ( වරදාන හෝ තනතුරු නොවේ ) ලෙස සැප වළදන මාක්ස්වාදී පක්ෂ නායකයා ගෙ කුහකකම දිහා බලනකොට ඕන එකෙකුට හරිහම්බකරගෙන සැප විදින්න අවසර දෙන ධනපති පක්ෂය අවංකයි.
      ස්වාභාවික මිනිසා බලයට ධනයට කෑදරයි මාක්ස්වාදී ආණ්ඩුව අසවාභාවික විකෘතියක්. නමුත් ස්වාභාවික කෑදරකම ඉක්මවායන අසීමිත තැනකුත් තියනවා. මේ ඒ වගෙ එකක්.

      මෙන්න මේ ප්‍රස්ථා පිරුළ බලන්න


      " සප්ත මහ සාගරයේ ජලය වාෂ්ප වී යත හැක. මහපොලවේ ධූලි සුලඟට ගසාගනයතහැක. අහසේ තරු සිය ආයුකාලය ගෙවා නිවී යනු ඇත.
      එහෙත් බණ්ඩ පවුලෙ බලයට ඇති පෙරේතකම නම් කිසිදා නැති නොවන්නේමය " කියල

      සුබාසිතේද මන්ද තිබ්බෙ

      Delete
  3. සෝමවංශ යනු ජ.වි.පෙ. නොවේ. ජ.වි.පෙ. යනු සෝමවංශ ද නොවේ. ජ.වි.පෙ. මේ අවස්ථාවේ මුහුණ දී ඇති අභියෝගය සෝමවංශගේ නික්මයාමද නොවේ. නමුත් සෝමවංශගේ නික්මයාම යනු ජ.වි.පෙ. මේ අවස්ථාවේ මුහුණ දී ඇති ප්‍රධානම අභියෝගය කරලියට පැමිණීමයි. ජ.වි.පෙ. ඊලඟ පියවර ඒ පක්ශයේ අනාගතය තීරණය කරාවී!

    ReplyDelete
    Replies
    1. ජවිපෙ රටේ මිනිස්සු හිතන විදියට හිතපු වෙලාවෙ මන්ත්‍රී ධූර 41 ක් දුන්න. ඊට පස්සෙ පොතේ හැටියට හිතන්න ගත්ත.

      Delete
  4. සෝමවංශ සහ මහින්ද රාජපක්ෂ අතර ඇති සම්බන්ධතාව සොයාබැලීම ද වටී

    ReplyDelete
    Replies
    1. සෝමවංශ වගෙ පලපුරුදු විප්ලවවාදී නායකයෙක් මුළුජීවිත කාලෙම කැපකරපු පක්ෂෙට විරුද්ධව මහින්දගෙ සල්ලි වලට යටවෙයි කියල හිතන්න බෑ . ඊට වඩා තර්කානුකූලයි අනුර කුමාරය රෝ සංවිධානෙන් මෙහෙයවනව කියන එක.
      දැන් සල්ලි ඉල්ලල යූඇන්පී කාරයො ලඟ වැද වැටෙනව කියන්නෙ. ජවිපෙ එජාපයෙ තරුණ සංවිධානය වීමෙන් ජාතික යොවුන් පෙරමුණට තමා අවුල.

      දැන් ජවිපෙ පැරණි උරුමය නැත්තටම නැතිවෙලා.

      Delete
  5. 71 කැරැල්ල සහ සෝමවංශ අමරසිංහ භූමිකාව
    http://transyl2014.blogspot.ca/2015/04/71.html

    ReplyDelete
  6. සෝමවංශ අමරසිංහ ජවිපෙන් ඉවත් වීමෙන් දෙන සිග්නල් එක ගැන කියන්න දැන්ම කල් වැඩියි.ජවිපෙ එකෙන් වුනත් සෝමවංශට තවමත් ප්‍රහාර එල්ල කරන්නේ නැහැ.සෝමවංශ අමරසිංහ කියන්නේ සංඛේතයක් විතරයි.සංඛේත වලට කරන්න පුලුවන් දේවලුත් බැරි දේවලුත් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔවු කල් වැඩියි. ඇත්තටම සෝමවංශට නායකත්ව හැකියාවක් නෑ. නමුත් ඔහු තමයි ජවිපෙ පරම්පරා දෙකක් එකට යාකරන පුරුක. වෙන කිසිම කෙනෙකුට ඒ හැකියාව නෑ. සමහරුන්ට විජේවීරගෙ හුලගවත් වැදිල නෑ. ඒ නිසා සෝමවංස නැති ජවිපෙයකින් ඇති වැඩක් නෑ.
      මහා සංහාරයෙන් පස්සෙ ජවිපෙ නගා සිටවීම ගැන ගෞරවය ලැබිය යුතු කිසිවෙක් දැන් ජවිපෙ නෑ.
      ජවිපෙ අනෙකා වෙලා ඉන්නෙ ජාතික යොවුන් පෙරමුණ . මෙහෙම ජවිපයක් රටට ඕනද. එජාප නායකයන්ගෙ හිත දිනාගන්න යොවුන් පෙරමුණත් එක්ක රණ්ඩුකරන තරුණ සංවිධානයක් මිස වෙන වැදගත්කමක් නෑ
      මම හිතනව නියම ජේවීපී කාරයන් තුල අසහනයක් තියනව. සෝමවංසගෙන් පුපුරල තියෙන්නෙ ඒක. සෝමවංස නියෝජනය කරන්නෙ බිම් මට්ටමේ නියම ජේවීපී කාරයගෙ හද ගැස්ම.
      ජවිපෙට ජයවේවා කියාගෙන මැරිල වැටුන සහ වධකාගාරවල අනන්ත දුක් විදිද්දිත් මරනාසන්න මොහොතෙ වත් පක්ෂයෙ රහසක් හෙළි නොකළ උදාර ජේවීපීකාරයන්ගෙ ආත්ම සෝමවංස සමඟයි.

      Delete