Tuesday, April 21, 2015

දෙවන රාජසිංහව සමරමුද








දෙවන රාජසිංහ
දෙවන රාජසිංහ නමැත්තා අනුස්මරණය කිරීමට දෙනෙත් හරින්න නමැති බ්ලොගයක පළවූ ලිපියක් විචාරය කිරීමට සිත් වූයේ එම ලිපියේ සාවද්‍ය කරුණු බොහොමයක් තිබූ නිසාත් එම ලිපිය විද්‍යාත්මක විශ්ලේශනයකට ලක් කිරීම මැනවැයි සිතුන නිසාත්ය

.දෙනෙත් හරින්න බ්ලොගයේ ලිපියේ සබැදිය මෙතනට ගොස් එය කියවන්න


 දිවයිනේ තිබුණු ඔරිජිනල් ලින්ක් එක


http://www.divaina.com/2012/01/11/badada03.html

මාතෘකාව : යුරෝපීයයන්ට උණ ගැන්වූ උඩරට කීර්තිමත් මහ නිරිඳු - දෙවැනි රාජසිංහ

මගේ  කොමෙන්ටුව

යුරෝපීයයන්ට විතරක් නෙමේ රටටම උණ ගැනිල තිබුනෙ

රාජසිංහ දවසක් ගිලෙන්න ගිහින් කොල්ලො දෙන්නෙක් ඌව බේරුවලු. ඊට පස්සෙ රාජශරීරෙට අත තිබ්බ කියල අසරණ කොල්ලන්ගෙ හිස ගසා දැම්මලු. මිනිස්සු බලුකුක්කො වගෙ තියාගෙන හිටපු ඔය රජාල ගැන තව ලිපි ලියපල්ල.
රජාසිංහය ගැන චිත්‍රයක් තියනව ආරක්ෂකයො හිටියෙ මුල්කවාඩම් දාගෙනලු. ප්‍රශ්වාසෙ උගෙ ඇගට වදියි කියල.
බිම දිගාවෙවී පෙරලි පෙරලි කන්නලවු කරපු ඒ නීච අතීතය වෙනස් කළ සුද්දන්ට ජයවේවා
වත්තෙ ගෙඩියක් හැදුනත් රජාට. ලස්සන ගෑනු අන්තහ්පුරේට.මොන නාඩගමක්ද බන්
ඕන යකෙක් එක්ක හරි එකතුවෙලා මේ වැඩවසම් නීචයෝ පිටුදකින්න ඕන. උඩරට නිළමෙල කළ දේ හරි. නැත්නම් අදත් අපි රජා කියල කඩප්පුලියෙකුට වැද වැද ඉන්නව


මුලින්ම ලිපියේ සාවද්‍ය කරුණු මොනවාදැයි බලමු. අසවේදෝ ,කොන්ස්ටන්ටයින් හා කස්තෝ යන අය සමග රාජසිංහ සටන් කළ බව කියයි. මෙහි අසවේදෝ ( දොන් ජොරනිමෝ ද අසවේදෝ ) සමග සටන් කළේ පළමුවන විමලධර්මසූරිය රජුයි. දෙවන රාජසිංහගේ පියාගේ සහෝදරයාය.

විමලධර්මසූරිය ගැනද යමක් කිවයුතුය. ඔහු දෙවන රාජසිංහ තරම් නීචයෙක් නොවේ.  මේ කතාව ඊට නිදසුනකි. දළදා මාලිගය තනවා එහි චිත්‍ර අදින්නට ශිල්පීන් යෙදවූ විමලධර්මසූරිය වැඩකෙරෙන හැටි නරඹඉන් ඇවිද්දේය. පලංචියේ උඩුබැලි අතට හිද චිත්‍ර අදින සිත්තරා ආවතේවකරු අමතා

කෝ බොල කොල්ලො වර පඩික්කම තියපිය කියා කෑගසීය.  එකෙනේම පඩික්කම පලංචිය යටින් තැබීය.කෙළ ගසන්නට බිම බැලූ සිත්තරාට දවල් තරු පෙනුනි. පඩික්කම තබා ඇත්තේ චිත්‍රනරඹමින් සිටි රජුය.



බලන්න නිහතමානීකම. සිත්තරාට පඩික්කම් ඇල්ලූ මොහු වචනයක් වැරදුනා කියා ලන්දේසි අද්මිරාල්වරයෙක් ( ජොරිස් වෑන් ස්පිල්බර්ජන් ) සාකච්ඡා මේසයේදීම කඩුවෙන් කොටා මැරූ අයෙකි.

විමලධර්මසූරිය රාජ ලේ ඇති අයෙක් නොවේ.  උඩරටප්‍රභූවරයෙකි. රාජ සම්බන්ධය ගොඩනැගුවේ කුසුමාසන දේවි විවාහකරගැනීමෙනි.


අසවේදෝ යුද්ධයෙන් මිය නොගියේය.  දන්තුරේ සටනින් මියගියේ ඔහුට පෙරසිටි කපිතන් ජෙනරල් වරයා වූ පෙද්‍රෝ ලොපැස් ද සෞසාය.  සෞසා පරාජය කිරීමට විමලධර්මසූරියට හැකිවුනේ ලස්කිරිඥ්ඥ හමුදාවේ කාන්ගර ආරච්චි තම පක්ෂයට ගැනීමට හැකිවූ නිසාය.

රන්දෙනිවෙල සටන සිදුවන විට උඩරට පාලකයා සෙනරත්ය. පෘතුගීසීන්ගේ දක්ෂම සෙන්පතියෙකුවූ කොන්ස්තන්තීනුද සා නොරොඥ්ඥා ගේ යුධ උපක්‍රම වල අවසන් වාසිය ලැබුනේ උඩරට රජුටය. ඔහු අන්තෝනි බරෙත්තු ( කුරුවිට රාල ) වැනි කරළිකරුවන් මර්ධනය කිරීමේ වාසිය ලබුනේ උඩරට රජුටය. රන්දෙනිවෙල සටනේදී නොරොඥ්ඥා මරුමුවට පත්විය. 
දෙවන රාජසිංහ ගේ යුධ ව්‍යාපාරයකින් මළ පෘතුගීසි කැප්ටන් ජෙනරල්වරයා දියෝගු මෙලෝද කස්ත්‍රෝය.

ලන්දේසීන්ට අවශ්‍යවුනේ භූමිය අල්ලා ගැනීමට හෝ ආගම් ප්‍රචාරනයට නොව වෙළදාමටය.ඔවුහු උඩරට ආක්‍රමණය කළේ දෙවතාවකි. මේ නිසා රාජසිංහට ලන්දේසි යුගයේදී යුද්ධවලට උහුණදීමට සිදුනොවීය.

රාජසිංහට එරෙවිව අප නගන ප්‍රධානම චෝදනාව ඔහුගේ ප්‍රජාපීඩනයයි. සෑම රජෙක්ම ප්‍රජාපීඩකයෙක් වූ නමුදු රාජසිංහ කෲරත්වය අතින් සෙසු සියලුදෙනා පැරදවීය.ඔහු වසර 52 ක් රට පාලනය කළ නිසා ජනපීඩනය කෙබදුදැයි සිතාගන්නවත් බැරිය.


මුකවාඩම් යෙදූ ආරක්ෂකයන් පිරිවරා සිටින රජුගේ අපූරු චිත්‍රයක් විදේශීය සිත්තරෙකු විසින් ඇද ඇත. රජු බේරාගැනීමට සිය දිවි දෙවෙනි කොට උත්සාහ කළ තරුණයන් දෙදෙනෙකුට ලැබුනේ අපූරු ත්‍යාගයකි.මොහු මොනතරම් අන්තනෝමතික කෲර පාලකයෙකුද කියා කියන්නට තවත් සාක්ෂි කුමටද


රජුවෙත පොදු ජනයා ආවේ බිම පෙරලෙමින් වැද නමස්කාරකරමිනි. ජනතාව තමන්ව හදුන්වාගත්තේ බලුකුක්කන් ලෙසය. කිසිම කෙනෙකුගේ ජීවිත සුරක්ෂිත නොවූ අතර රටේ සියළු දේපල අයත්වුනේ රජුටය. සියළුම කාන්තාවන්ගේ අයිතිකාරයාද රජුය.

සමහරු ඉල්ලන්නේ මෙහෙම පාලනයකි. අරිසෙන් අහුබුදු ,සූරිය ගුනසේකර හා තව දෙතුන් දෙනෙක් රාජාන්ඩුවක අසිරිය ගැන කියන විට අපට එය දිව්‍යලෝකයක් ලෙස මැවේ.ඇත්තය එය දෙව්ලොවක් වන්නේ රජාටය පොදුජනයාට අපායකි.

11 comments:

  1. යකෝ කොපියක ලින්ක් එක් නොදා දිවයිනේ තිබුණු ඔරිජිනල් ලින්ක් එක දාන්න.
    http://www.divaina.com/2012/01/11/badada03.html

    ReplyDelete
    Replies
    1. ස්තුතියි . එය නිවැරදි කළා .

      Delete
  2. නිකම්ම නිකම් පුස්වෙඩිල්ලකි.

    ReplyDelete
  3. මටනම් තියෙන්නේ මේ වගේ අදහසක්. රජ්ජුරුවන්ගේ නායකත්වය ආදර්ශයට ගත්තත් රජ කාලේ රදල නීති ආදර්ශයට ගන්න බෑ.

    ReplyDelete
    Replies
    1. රජු රදල කියන්නෙ දෙකක් නොවෙයි එකක්. මේ දෙගොල්ල ගැටෙන අවස්ථාවල අවසන් වාසිය ජනතාවට ලැබුනා. රජුන් පත්වුනේ රදලයන් අතරින්

      Delete
  4. ඇස් ඇරෙන පෝස්ටුවක්.... නියමයි...

    ReplyDelete
  5. ඒක ටිකක් විතර හොදයි
    පෝස්ටු දෙක්කම ලිංක් තිබ්බ හන්ද...
    එතකොට කොපි කරන අයත් ඉන්නව තාම ම්ම්ම්

    ReplyDelete
  6. ඔය රජවරු ඉන්න කොයි රටෙත් ඒ අයව අදහාගෙන තමා ඉන්නෙ. එංගලන්තෙ ජාතික ගීයත් තාම කියන්නෙ රැජින රැකදෙන්න කියලා දෙවියන්ගෙන් ඉල්ලමින්. අපි බේරිලා නේද එ් අතින්?

    ReplyDelete
    Replies
    1. මම මේ බ්ලොග් එකේ රජවරු විතරක් නොවෙයි කලාකාරයො ක්‍රීඩකයො වදින පුදන එකටත් විරුද්ධව කතා කරනවා.
      මේ රාජ ආලය හරි පුදුම දෙයක්. ඒක ආදිකාලයේ ගෝත්‍රනායකයට තිබුන ආලයේ දිගුවක් වෙන්න ඇති. මේ ගැන පෝස්ටුවක් වෙනම දැම්මා.
      රජවරුන්ගෙ ආදිම මුත්ත සාමාන්‍ය මිනිහෙක්. මීට අවුරුදු හාරදහසකට පමන පෙර රජවරු හිටියෙ නෑ.
      ඇයි මේ අපි වගෙම පුක බඩ පයිය තියන එකෙක් කේක් ගෙඩිය වගෙ තියාගන පුද සත්කාර කරන්නෙ.

      Delete