Tuesday, April 14, 2015

මහින්ද නැති අවුරුද්ද

අලුත් අවුරුද්දක් ලබා ගෙවී ගොස් ඇත. භෞතිකවාදියෙකු වන මට සූර්යයා ගේ ගමන් වලින් වැඩක් නැත. එසේම ජනතාව ජ්‍යොතිර්වේදීන්ගේ සිරකරුවන් වීම ගැනද ඇත්තේ කණගාටුවකි. කෙසේ වෙතත් චාරීත්‍ර වාරීත්‍ර හා ජ්‍යොතිර්වේදී මනස්ගාත පසෙක තබා ඥාති හිතමිත්‍රාදීන් අවුරුද්දට එක දවසක හෝ එකතුවී විනෝද වීම හා කුඩා දරුවන්ට ප්‍රීතිවීමට අවස්ථාවක් සැලසී තිබීම නම් සතුටකි.

මෙම අලුත් අවුරුද්ද සුවිශේෂය. මෙය අලුත් ආණ්ඩුවක් යටතේ අලුත් තත්වයක් යටතේ සමරන නිසාය. සමහරුන්ටතවම මහින්ද රාජපක්ෂ නැතිව බැරිවී ඇත. මහින්ද නැති අවුරුද්ද එපායැයි කට්ටියක් කියන විට මහින්ද නැති අවුරුද්ද ගැන තව පිරිසක් සවිදිය පුරති. මහින්ද රටේ කොයි තරම් කේන්ද්‍රීය චරිතයක් වී ඇත්දැයි මෙයින් පෙනේ.


මහින්දට ආදරය කරන අය එසේ කරන්නේද මහින්දට වෛර කරන අය එසේ කරන්නේද එකම එක හේතුවක් නිසාය. ඒ මහින්ද යුද්ධයට දේශපාලන නායකත්වය දුන් නිසාය. එහෙත් ඔහු තමන් ගැන අධිතක්සේරුවක සිටියේය. ඔහු වටා සිටින අය ඔහුව නැටවූවා විය හැක.

              ඔහුගේ චරිතයෙන් අපට පාඩම් ඉගෙනීමට තිබේ.

පළමු පාඩම නම් අප මොනම විටකවත් අප ගැන අධිතක්සේරුවක සිටිය යුතු නැත.

ඊට හේතුව  අපගේ සාර්ථකත්වයන් හි රහස තනිකරම අපතුල සැඟවී ඇති ගූඩබවක් නොවීමයි.සියළුම ක්‍රියා සාමූහික ප්‍රයත්නයන්ය. එසේම වෙනත් සමාජ ආර්ථික දේශපාලන හේතුද කාලයද ඊට බලපායි.

කිසිම කෙනෙකු අවතක්සේරු නොකළ යුතුය. තමන් ගැන අධිතක්සේරුවටම සම්බන්ධය. පසුගිය කාලයේ සමහර ඊනියා කුමාරවරු හැසිරී ඇත්තේ පුදුම අහංකාර ලීලාවකිනි. ජනතාව පල් මෝඩයන් ලෙස සිතූ ඔවුන් සිය ප්‍රතිවාදීහු අවතක්සේරු කළහ.

මිත්‍යා විශ්වාසවල ගැලීම

මෙය නම් ඕනෑම කෙනෙක් පිරිහෙන මාර්ගයකි.කර්මය ජ්‍යොතිෂය වැනි දේවල් මටහ් සියලු සංසිද්ධීන් විග්‍රහ කරන අය ගන්නේ මරිමෝඩ තීරනය.

දැන් මිත්‍යාව ටිකක් පල්ලම් බැස තිබේ. රාවණා කතාද නැත. එයින් මටනම් වුනේ පාඩුවකි. මිරැන්ඩෝලාගේ රාවණා කතා අසා හොදහැටි සිනාසී ලේ පිරිසිදුකර ගැනීමට මට අවස්ථාවක් පෑදී තිබිණි.

අවට සිටින අය නිරීක්ෂනය කර නිගමනයන්ට එළබීමට යම් හැකියාවක් තිබිය යුතුය.

පසුගිය ක්‍රියා කලාපය අධ්‍යනය කර හෙළ උරුමය වැනි ව්‍යාජ දේශප්‍රේමීන්ගේ අවස්ථාවාදීත්වය ගැන තක්සේරුවක් කිරීමට අසමත් විය.

පලිගන්නෙක් නොවිය යුතුය.

2010 ජනාධිපතිවරනයේදී මහින්දගේ පාඨය වුනේ ඔහු සංවේදී නායකයෙක්ය යන්නයි. එහෙත් දිනපු හැටියේම සරත් ෆොන්සේකා හිරේ දැම්මේය.  එසේම විරුද්ධවාදීන්ට චන්ඩි පාට් දැම්මේය. එහි ප්‍රතිපලය වුනේ අතිශයෝක්තියෙන් දක්වා විශාල පිරිසක් රට පැනීමයි. යහපාලනය ආවත් ඔවුන් ආපසු නො එන්නේ මේ හේතුවෙනි. ඌරන් කැකුන තලනකොට හබන් කුකුලන්ට රජ මගුල් කීවා සේය.

තමන්ට බාරදීපු වැඩේ තමන්ම කළ යුතුය.

රට බාර දුන්නේ මහින්දට මිස ඔහුගේ මල්ලිලාට හෝ පුතුන්ට නොවේ. ඒ අය සම්බන්ධකර ගත්තත් ඔවුන්ගේ සීමාවල රැදවිය යුතුව තිබිණි.

අවංක විය යුතුය.

හොරකම බොරුව වංචාව ත්‍රිමූර්තිය කරගත් විට ඕනා එකෙකුට කවදා හෝ වැඩ වරදී. විභාගයක් හෝ හොරට ලියාන්නෙ නැතිව පාස් වීමට ළමයින්ට ඉගැන්විය යුතුය.කපටිකම වැඩිවුනහමත් සියල්ල අවුල් වේ. 

හැම එකාම සතුටුකරන්නට නොයන්න

මහින්දගේ එක් උපායක් වූවේ හැම එකාම සතුටු කිරීඅයි. නීතිය බල්ලට ගියේ එහි ප්‍රතිපලයක් ලෙසය. මෙසේ සතුටුකිරීමේ දී ප්‍රදාන වශයෙන් ඉලක්ක කළේ හාමුදුරුවරු , කලාකාරයන් හා මාධ්‍යවේදීන්ය. එහෙත් තීරණාත්මක මොහොතකදී එය ප්‍රයෝජනවත් නොවීය. ඔහුගෙන් වාසි ලැබූ හාමුදුරුවරුම ඔහුට එරෙහි විය.


කෙනෙක් කළ යුත්තේ හරි දේය. එය අනුන්ටද හරි දේ විය යුතුය. මහින්දගේ වැරදි තේරුම් ගැනීම දේශපාලනඥයන්ට මතුනොව ඕනෑම කෙනෙකුට තම තමන්ගෙ ජීවිතවලටද ප්‍රයෝජනවත්ය.

23 comments:

  1. මහින්දගේ නායකත්වය තිබුන කාලේ ජාතියක් හැටියට යම් තරමකට ජාතික මතවාද වලින් අප ශක්තිමත්වයි හිටියේ. ඒ කාලේ අපට හිතන්න නිදහසක් ඇතුව මතවාදී නිවහල් භාවයකින් තරමක් දුරට හෝ සිංහල අළුත් අවුරුද්ද සමරන්න පුළුවන් උනා. නමුත් දැන් මේ සමරන දියාරු අළුත් අවුරුද්ද අපි සමරන්නේ ජාතියක් හැටියට මතවාදීව කිසිම නිදහසක් නැතිව නිවට නායකයෙකුගේ විජාතික ගැති ආණ්ඩුවක් යටතේ.

    ReplyDelete
    Replies
    1. ඔය තත්වයෙන් රටම ගලවගන්නනම් මහින්ද පරන වැරදි හදාගෙන අළුත් දේශපාලන ගමනක් යන්න ඕනේ.

      Delete
    2. Prathi WadhiyaApril 14, 2015 at 10:45 PM

      මහින්ද ඉන්න කාලේ තිබ්බ 'මතවාදී නිදහස'යි මහින්ද පැරදුනායින් පස්සේ නැතිවුන ඔය කියන 'මතවාදි නිදහස'යි මොකක්ද කියල පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද?

      Delete
    3. ප්‍රතිවාදියා අරවින්දගෙ ප්‍රශ්නයට යමක් කියන්න. ඔබගේ පැහැදිලිකිරීම අපටත් වැදගත් වේවි.

      මම කියන්නම් මගේ මතයමහින්ද 2005 දී බලයට ආවේ ජවිපෙ හා මෙරට ජාතික බලවේගවල පිහිටෙනි. උතුරේ ත්‍රස්තවාදයේ ජයග්‍රහන නිසා දකුණේ ජාතික බලවේගයක් ගොඩනැගුන අතර විවිධ චින්තකයන් එය පෝෂනය කළහ. යුද්ධයක් ජයගැනීමට දේශපාල්න නායකත්වය තීරණාත්මකය. මෙසේ කීමෙන් යුධ නායකත්වය කිසි ලෙසකින්වත් අවතක්සේරු නොකෙරේ. දෙවන ලෝක සංග්‍රාමයේදී චර්චිල් ,රුස්වෙල්ට් , ස්ටාලින් වැනි අය දේශපාලන නායකත්වය දුන්හ. එසේම ප්‍රේමදාස ජේවීපී කැරැල්ල මර්ධනයටද දේශපාලන නායකත්වය දුන්නේය. නමුත් මහින්දට පෙර කිසිම නායකයෙකුට එල්ටීටී ඊය විනාශකර යුද්ධය ජයගත යුතු‍යැයි මතයක් නොවීය. ඒ වෙනුවට එල් ටී ටී ඊය දුර්වල කර දේශපාලන විසදුමක් දියයුතුයැයි ප්‍රකාශ කලහ. එහෙත් ජනතාවට අවශ්‍ය වූවේ කොටි විනාශ කිරීමටය.

      මහින්දටද මුල් කාලයේදී කොටි විනාශකිරීමේ අවංක වුවමනාවක් නොවීය. මෙම අවංක වුවමනාව ජවිපෙට තිබූ බව පිළිගත යුතුය.ජනතාව ජවිපෙ පසුපස පෙළැගසුනි. මෙම ජනමතය කොල්ල කා එජාප්ය දිනවීමට පෙරට ආවේ හෙළ උරුමයය. කිසිසේත ජාතික ව්‍යාපාරයේ නොසිටි භික්ෂු පිරිසක් පෙරට දමා සෝම හාමුදුරුවන්ගේ අපවත්වීමෙන් පසු ඇතිවූ ජනතා නැගිටීම ප්‍රයෝජනයට ගෙන ජනමතය කොල්ලකෑමට හෙළ උරුමය ගත් උත්සාහය ව්‍යවර්ථ විය. මහින්ද හා සංධානගතවීම හැර හෙළ උරුමයට වෙන විකල්පයක් නොවීය. හෙළ උරුමය මුල සිටම දක්ෂිනාංශික ප්‍රවණතාවක් පෙන්වූ අතර සාම්ප්‍රදායික සංස්කෘතිය කෙරෙහි නිර්ව්‍යාජ බැදීමක් පෙන්වා නැත. නලින් ද සිල්වා ඇතුළු පිරිස පමනක්.අවංකව සිය මතවාදය ඉදිරිපත් කළේය. නලින් ගේ විකාරරූපී බටහිර විරෝධය හා අපේම විද්‍යාවක් ගැන මනස්ගාතය හැරුන විට ඔහු උතුරේ ගැටළුව ගැන දැක්වූ ප්‍රවේශය නිවැරදිය.


      ජාතික ව්‍යාපාරය යන්නෙන් මට හිතෙන්නේ පැරණි සංස්කෘතිය මත පදනම් ව අපට ආවේණික ක්‍රමයකට අපේ සංස්කෘතිය ට රටේ ප්‍රධානම තැන දෙමින් අනාගතය සකස්කිරීමයි.

      ඒ මට හිතෙන හැටිය. නලින් ද බ්ලොග් එකක් ලියයි. එහෙත් එහි කොමෙන්ට් කිරීමට බැරිය. එහි කොමෙන්ට් කිරීමේ පහසුකම් ලබාදී නලින්ද අනෙක් බ්ලොග්වල කොමෙන්ට් කරන්නට එන්නේනම් මම සතුටුය. එවිට සංවාදයක් කළ හැක.

      නලින්ගෙ කාලය බ්ලොගයේ සබැදිය මෙන්න

      http://www1.kalaya.org/


      නලින්ට සමාන අදහස් දරණ වංශපුර දේවගේ ජානක එසේ නැත. එහි කොමෙන්ට් කළ හැක. එහි සබැඳිය මෙන්න

      http://janakawansapura.blogspot.com/


      මට එක ප්‍රශ්නයක් ඇත. ජාතික ව්‍යාපාරයක් අවශ්‍යද එය ප්‍රායෝගිකද යන්නයි. සංස්කෘතිය වෙනස්වන දෙයකි. එකළ කුඹුරු වැඩ කලේ නව වැදුම් වදිමිනි.මේ නව වැදුම් ආරම්භ වුනේ ප්‍රථම පස්පිඩැල්ල කැපීමෙනි. කමත් චාරීත්‍ර කමත් භාෂාවක්ද තිබිණි. අද කුඹුරු සාන්නේ අල්ලපු කුඹුරේ ට්‍රැක්ටරය කෙළින්ම කුඹුරට බැසීමෙනි. අස්වනු නෙලීම කබයින් හාවෙස්ටරයෙන් සිදුවන විට කමතක් ඕනෑම නැත. මෙසේ සියල්ල කාලානුරූපීව වෙනස් වෙයි. අපි අතීතයේ ජීවත් විය යුතු නැත.

      ලෙකයෙන් හුදකලාව අපට සිටිය නොහැකිවන අතර උතුරේ ප්‍රශ්නය ඇතුළු සියළුම ප්‍රශ්නවලදී අපට ලෝක මතය නොසළකා හැරිය නොහැකිවෙයි.එබැවින් කුඩා රටක් වන අපේ රටේ කොලහාල කර වැඩක් නැත එය කියුබාවට අත නොතබනු කියා ගමේ කඩේ ලග පෝස්ටර් ගැසීම වැනිය.

      ගූගල් වර්ජනය කරන කතා කියපු අයද පසුගියකාලයේ සිටියහ.අනේ අනිච්චන්

      මෙරට සිංහල ජනතාව 70 % කට අඩු වන අතර ඔවුහු පක්ෂවලට බෙදී සිටිති. මෙරට ජනතාවගේ පක්ෂ මානසිකත්වය නිසි ලෙස අධ්‍යනය නොකළ පිරිසක් පසුගිය කාලයේ මුස්ලිම් විරෝධයක් ඇති කිරීමට උත්සාහ කළහ. මුස්ලිම් විරෝධයේ ඉදිරියෙන්ම සිටි අය ජනාධිපතිවරණය ප්‍රකාශ කල මොහොතේම තම සැබෑ ආගම වූ පක්ෂයේ කදවුරට ගියේ මුස්ලිම්වරුන් හා කරට අත දමාගෙනය. දැන් මුස්ලිම් ආක්‍රමන කතා මොකවත් නැත.

      ජාතික ව්‍යාපාරයක් රටකට අවශ්‍ය වුනත් ( අවශ්‍යය යන මතයේ මම නොසිටිමි ) එය හැමෝම එක්ක කළ නොහැක.එය කළ හැක්කේ ශ්‍රීලනිප ජවිපෙ හා වමේ පක්ෂ සමඟ පමණි. මතවාදීමය ලෙස දේශීයත්වය හා සම්බන්ධ එම බලවේගයි. සිංහල බෞද්ධ යන් 67% න් එජාප පිරිසද ( 40 % ) අත හැරිය විට ඉතිරිවන්නේ 30 % ක් වැනි පිරිසකි. එවිට 70 % ක්ම ජාතික ව්‍යාපාරයකට විරුද්ධය. මේ නිසා ජාතික ව්‍යාපාරයක් මෙරට ප්‍රායෝගිකද නැත.



      Delete
  2. මහින්දට සිද්ද වුන දේ හරියටම කියල තියෙනවා...

    ReplyDelete
  3. වරද මහින්දට රට ගැන තුබුණ දැක්ම නෙවෙයි. වංචනික දේශපාලනය තුලම හිරවෙන්න මහින්දගේ ගෝලබාලයන්ට ඉඩ දීපු ඒක. මහින්දට පරන වැරදි හදාගෙන නැවත අළුත් දේශපාලනේකට අතගහලා රට සුරක්ෂිත කරන්න දැන් කාලේ හරි කියල එකයි මම විශ්වාස කරන්නේ.

    ReplyDelete
    Replies
    1. ප්‍රශ්නෙ මේකයි . මේ රටේ ජාතික මතවාදයටත් ඉඩක් ඕන. නමුත් අද ඒක නියෝජනය වීම පුද්ගල පෞර්ෂයකට ඌණනය වෙලා.
      ජාතික මතවාදය විතරක් නෙමෙයි රටක විපක්ෂයක කාර්යභාරය කරන්නත් අද කෙනෙක් නෑ. ජවිපෙ අනුරකුමාර එජාපය එක්ක තියන ඇගෑලුම්කම වැඩියි වගේ.

      Delete
  4. //දැන් මිත්‍යාව ටිකක් පල්ලම් බැස තිබේ. රාවණා කතාද නැත. එයින් මටනම් වුනේ පාඩුවකි. මිරැන්ඩෝලාගේ රාවණා කතා අසා හොදහැටි සිනාසී ලේ පිරිසිදුකර ගැනීමට මට අවස්ථාවක් පෑදී තිබිණි.// මිථ්‍යාවට තිබුණේ තාවකාලික පල්ලම් බැසීමක් විතරයි. නැවත නැගිටින බවක් පෙනෙනවා. එය භාජනයේ හැඩය ගැනීමට හැකි ජලය වගේ දෙයක්. මිථ්‍යා වෙන් නායකයන් කෙසේ වෙතත් අනාගතයේ මිනිසුන් වන්නට ඉන්න ළමයින් හෝ මුදවා ගතයුතුව තියනවා. ඒත් කවුරුන් හෝ දරුවන් ඉලක්ක කරමින් වැඩසටහන් දියත් කරමින් සිටින බවක් පෙනෙනවා.

    ReplyDelete
    Replies
    1. ජ්‍යොතිෂකාරයො නම් තක්කඩි. ඒක බයනැතිව කියන්න පුළුවන්.මම ඕක ස්ටඩි කෙරුව. කේන්දරයෙ ග්‍රහපිහිටීම් වලින් මිනිස් ක්‍රියාකාරකම් ගැන කිසිම දෙයක් කියන්න බැහැ. දක්ෂ අනුමාන කිරීම් හැර.
      කේන්දරකාරයො කියන්නෙත් වැඩේ බාරදෙන කෙනා අනුව ග්‍රහයො තමන්ගෙ යටතට අරන් කේන්දරේ හදන්න කියල.
      ඔතන තියනව ක්‍රම රාශියක්.ලංකාවෙ 16 ක් විතර තියනව ඉන්දියාවෙ ඊටත් වඩියි. එක බොරුවක් වැරදුනොත් තව බොරුවක් කියන සිද්ධාන්තෙ තියෙන්නෙ. ඒ නිසා කෝක කිව්වත් හරි. ඔක්කොම වැරදුනොත් අන්තිමට කර්මය හෝ දේව කැමැත්ත කියල හරි බේරෙනව.
      මුන්ගෙ වාසිය තමා උන් කියපු අනාවැකි ජනතාවට ඉක්මනින් අමතක වීම.

      මම ජ්‍යොඅතිර්වේදියෙක් වුනා ඒ පර්යේශනයට අවශ්‍ය දත්ත ලබාගැනීමේ පහසුවට. මම නොමිලෙ කේන්දර හදල දුන්න. මට පුළුවන් වුනා හුගක් දෙනෙකුගෙ කේන්දර පරීක්ෂා කරල පොදු සිද්ධාන්ත තියනවද කියල පරීක්ෂා කරන්න. මම පලාඵලත් කිව්ව. ඒ කිව්වෙ අනුමාන කරල. සමහරු මම කියපු අනාවැකි හරිගියාකියල මට කියන්න තකහනියම මාව හමුවෙන්න ආව. එක මිත්‍යාවකින් අන්ධවුන කෙනා කෙළවරක් නැති මිත්‍යාවන්ට රැවටෙනව. ලංකාවෙ මිනිස්සු රවටන්න හරි ලේසියි.

      මේ තක්කඩින්ගෙ එකම රහස තමා පත්තරවල ටීවීවල මූණ පෙන්නල උන් කිව්ව කියල බොරු අනාවැකියක් ගැන කියන එක. ඒව අහන අය ගිනිකන වැටෙනව. ඇපොයින්ට්මන්ට් එකක්වත් ගන්න බැරිලු ඒ තරම් බිසි. එක බොරුවයි පත්තරේ දාන්න ඕන

      බොරුවෙන් දරුවන් ගලවාගත යුතුයි. බොරුවට බොරුව කියල කියන්න බිය නොවිය යුතුයි.

      Delete
  5. විග්‍රහය අනර්ගයි. වැරදි හදාගෙන අපතයො අයින් කරලා ආයිත් එන්න හිටපු ලොක්කට අවස්ථාවක් නැත්තෙමත් නෑ. ඒත් ඒ අවස්ථාව එයා යොදාගන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. අද තියන ශ්‍රීලනිපයනම් බණ්ඩාරනායක පවුලෙ පුද්ගලික දේපළක් නෙ. රාජපක්ෂ පවුල විතරක් නෙමෙයි බණ්ඩාරනායක පවුල මතත් රටක් රැදෙන්න ඕන නෑ. බණ්ඩ සියනෑකෝරලේ රදලය . සියනෑකෝරලේ මිනිස්සුන්ගෙ සැලකිල්ල රටෙන්ම ගන්න ශ්‍රීලනිපය හැදුව. මම නම් ඔය පවුල්වාද වලට වැඩවසම්වාද වලට කැමතිම නෑ.
      රටට විපක්ෂයක් අවශ්‍යයි විද්වතුන් , උගතුන් , බුද්ධිමතුන් ,සමාජ ක්‍රියාකාරීන් ගෙන් සමන්විත විපක්ෂයක් අවශ්‍යයි. හොර ලේබල් වැදිල තියන චාටර් ඩයල් ටික අයින් කරල අලුත් ගමනක් එන්න ඕන.

      හැබැයි ඒ ගමන රාජපක්ෂ රජපවුලක් ප්‍රතිෂ්ඨාපනය කිරීමක් නොවිය යුතුයි.

      Delete
  6. ලිපිය කියෙව්වා. නියමයි යකෝ

    ReplyDelete
  7. තන්ගේම දර්ශනයක් තුළ තමන්ම හිරවීම තමයි ඔහුට අත්වූ දේශපාලන ඉරණම.

    ReplyDelete
    Replies
    1. ඔහු ඔහුගෙම සෙවනැල්ලට වශීවුනා. ඊට එපිටින් තියන යථාර්තය දැක්කෙ නෑ.සියළුම සංසිද්ධීන් විග්‍රහ කරගැනීමට තක්කඩින්ගෙ සරණ ගියා. කේන්දරකාරයො අමුඩ ගැස්සෙව්ව කියලත් කියන්නෙ.
      බලපුවම රාජ්‍ය පාලනයක් කරල නෑ සංදර්ශන කරල තියෙන්නෙ.

      Delete
  8. සහතික ඇත්ත මචන් කතාව.

    ReplyDelete
  9. අනිවාර්යෙන්ම මහින්ද එනවා නම් නැවත ආ යුත්තේ වැරදුණු තැන් නිවැරදි කරගෙනයි

    ReplyDelete
    Replies
    1. ඔහු සම්පූර්නයෙන්ම වෙනස් වෙන්න ඕන. ජ්‍යොතිෂ තක්කඩි විතරක් නොවේ අවස්ථාවාදී බොරු ජාතිවාදීන්වත් ඉවත් කරල වෘත්තිකයන් ඉදිරියට අරන් අලුත් ගමනක් ගියොත් මිස වෙන විදියකින් නම් බෑ

      Delete
  10. මහින්දට වැරදෙන්න හේතු උනේ ඔහු ලං කර ගත්ත අයගේ තිබුන වැරදි හන්දයි.. එහෙම නොවුනනම් මේ දේවල් මීට වඩා වෙනස් වෙන්න තිබුනා..

    ReplyDelete
    Replies
    1. 2010 න් පස්සෙ හිටියෙ කලින් සිටි මහින්ද නෙමේ. සමහරවිට නාමල් ලගෙ උපදෙස්ද දන්නෙ නෑ. පළපුරුදු දේශපාලනඥයෙක් එහෙම මෝඩ වැඩ කරාවියැ.
      2010 න් පස්සෙ හොරු පාදඩයො වැඩිපුර ලංවුනා. මේ අය එජාපයෙ සිට ආ අයයි.
      ඔහු කළ අනික් මෝඩකම හාමුදුරුවරුන්ට සළකපු එක. බණ්ඩත් මේ මෝඩකම කළා. හාමුදුරුවරු කියන්නෙ සෑහීමකට පත්වෙන අය නෙමේ. පිටිපස්සෙන් පිහියෙන් ඇන්නෙත් හාමුදුරුවරුම තමයි.

      බල්ලන්ට බත් දුන්නම තමන්ගෙ ගොඩ ටිකක් කාල අනිකගෙ ගොඩ කන්ඩ යනව.ඇතිවීමක් නෑ.ඒ වගෙ තමා. අර රොටිය කරවෙච්චි උන්නාන්සෙත් ආයෙ පාරට බහිනවලු නේද.

      Delete
  11. Ube blog ekath asawen kiyawanawa. Eth MR aye awath karanne paligenilla misak wena deyak nemei. 2005 indala thiyena ath dekim walin MR thiya kisima desha paalakayek ratata sethak karayi kiya kiyanta poluwanida? Hithanta amarui machan..

    ReplyDelete