Monday, April 13, 2015

මත්පැන් , පොරවල් හා විප්ලවකාරී පුකවල් ප්‍රගතිශීලීව මිරිකීම

පුණ්‍ය කාලය වෙලාවෙ බ්ලොග් පෝස්ට් එකක් දාන්න හිතාගෙන රෝලෙ වෙනත් බ්ලොග් බලමින් සැරිසරන විට සමහර බ්ලොග් කරුවන් සුබපැතුම් වල විශේෂත්වයක් දැකිය හැකිවිය. සුරා මතින් තොර අවුරුද්දක මිහිර විදීමට එක් බ්ලොග් කරුවෙක් යෝජනා කර තිබුණි. ඒ අප හිතවත් කුරුටු ගී පවුරයි.

සුරාවෙන් තොරව අවුරුද්ද සැමරිය හැකිද එය ප්‍රායෝගිකද යන්න විමසා බලමු. අවුරුද්ද වෙනුවෙන් පිරිමින් 90 % ක් පමන කරන ප්‍රධානම කටයුත්ත නම් සුරාපානයයි. සුරාපානය නොකරන අමධ්‍යප ටෝක් දමන අය සුරාපානය නරක දෙයක් ලෙස සළකති. සුරාපානය කරන අය සුරාව නොබොන අය පොන්නයන් හා පිරිමිකමක් නැති අය ලෙස හදුන්වති. කතාව ඇත්තද සුරාවට ඇබ්බැහි නොවූ අය ලෙඩ්ඩුද නියම පිරිමින් යනු බේබද්දන්ද

මට නම් හිතෙන්නේ යමකට ඇබ්බැහි වන්නේ පෞර්ෂ දුබලතා ඇති අය බවයි. උත්සව අවස්ථාවල මද පමනින් සුරාව ටික තොලගාන අයද සිටිති. කිසිසේත්ම සුරාව පානය නොකිරීමට වඩා මෙය මැද මාවතකි. එසේම අරක්කු වීදුරුවක් පෙන්නා අශ්වයා කැරට් අලය පසුපස යන ලෙස ඕනෑම තැනකට කැදවාගන යාහැකි දුර්වලයෝද සිටිති.

සුරාව නිසා සැබෑ මිනිසා මතුවේ. සමාජයට පෙන්වන ව්‍යාජ ප්‍රතිරූපය වෙනුවට සැබෑව එළියට එයි.එසේම සුරාවට කළ නොහැකි දෙයක් නැත. අපරාධ හා රිය අනතුරු වලින් වැඩි ප්‍රමානයකට මත්පැන් හේතු වේ. ගෙවල් වල ආරාවෞල් වලද ප්‍රධානම විත්තිකරු ඇල්කොහොල්ය. ශරීර සෞඛ්‍යටද අහිතකරය.  ඇල්කොහොල් වලට මොළය ඇබ්බැහි වූ විට මොලය එය දිගටම  ඉල්ලයි. නිකොටීන් හා තහනම් මත්ද්‍රව්‍ය වලින් සිදුවන්නේද එයයි. එබැවින් මෙය ට ඇබ්බැහිවීම වීර කමක් නොව දුර්වල කමකි. නියම පිරිමින් යනු මත්පැන්වලට වහලුන් වූ බේබද්දන් නොව කෙළින් කටින් පාරේ යාමට හැකි කිසිම දේකට ඇබ්බැහි නොවූ අයුක්තියට එරෙහිව හා දුර්වලයන් වෙනුවෙන් නැගීසිටින සත්පුරුෂයන්ය.බේබද්දෝ පොරවල් නොවෙති.එක් ගායකයෙකු සිරෝසිස් හැදී මරණ මංචකයේ සිටියදීත් ඇද යට අරක්කු බෝතලය තිබුනාලු.

සුරාව ,සූදුව, දුම් පානය, මත්ද්‍රව්‍ය (කුඩු ) පාවිච්චිය නරක දේවල් ලෙස හැදින්වෙන්නේත් බොහෝ ආගම්වලින් තහනම් කර ඇත්තේත් එබැවිනි. බුදුදහමේ පංචශීලයේ පස් වැනි සිල්පදය සුරාවෙන් වළකින බවයි. එහෙත් එය පිළිපදින බෞද්ධයන් නැති තරම්ය. එහෙත් ඉස්ලාමය මෙම තහනම දැඩිව අවධාරණය කරයි.

එදා අරාබියේ සුරාව ට ලැබුනේ ප්‍රධානම ස්ථානයකි. ගෑනු පිරිමි බේදයක් නැතිව සුරාපානය කර වෙරිවී බල්ලන් මෙන් තැන් තැන්වල වැටී සිටියහ. අරාබීන්ට ඉස්ලාමය පහලවීමෙන් පසු මුහම්ම්ද නබි තුමා අල්ලා දෙවියන් විසින් මත්පැන් තහනම් කර ඇති බව නිවේදනය කළ විට සිදුවූවේ කුමක්ද

අරක්කු වීදුරුව අතට ගත් අය එය බිමට හැලූහ. කටට දාගත් අය උගුරය යා නොදී බිම දැමූහ. උගුරට ගිය අය බඩට යා නොදී වමනය කළහ. අරක්කු ගුදම් පිටින් මක්කාවේ වීදිවල බිම ගලාගියේ ගංගාවන් ලෙසය.ආගමකින් කළ හැකි සමාජ වෙනස එබදුය.

මේ ගැන අන්වර් මනතුංග  පුරුෂ ශිෂ්ටත්වය හා යථාර්තය යන නමින් පළ කළ ලිපිය. 

අරක්කු බීමෙන් පසු හැසිරීමේ වෙනසක් ඇතිවන බව අප දනිමු. ගමේ බැලගෙඩිකඩන එකාත් පශ්චාත් නූතනවාදය, පශ්චාත් ස්ත්‍රීවාදය පශ්චාත් මාක්ස්වාදය ගැන පඩිටෝක් දාන එකාත් අරක්කු බිවවහම හැසිරෙන්නේ එක විදියටද. එය නම් අපූරු පරීක්ෂනයකි.

බැලගෙඩි කඩන එකා ගමේ හොර අරක්කු තිප්පොලෙන් වඩියක් ගසා එන්නේ 
රාජ සගබෝ හිස දී දුගියාටා දාන පාරමී  චන්ඩි ඉන්නවනම් වරෙවු කියා වැනි වැනී වැටි වැටීය. ඉස්කෝලෙ හාමිනේ කෙනෙක් වත් දැක්කොත් වෙරි හිදේ. වරදකාරී හැගීමෙන් පසෙකට වෙයි.

එහෙත් පශ්චාත් නූතනවාදී  පශ්චාත් ස්ත්‍රීවාදී පශ්චාත් මාක්ස්වාදී ඔල්මොරොන්දම් බුවෙක් බියර් ටිකක් බිව්වොත් පුක් මිරිකන්නට ගෑනුන් පස්සේ එළවයි. බැලගෙඩි කඩන එවුන් වාගෙ නොවෙයි. මේ වගෙ අය මිරිකන්නේ විප්ලවකාරී පුකවල් ප්‍රගතිශීලී ලෙසය. එය ගැන ලැකාන් හා ජීජැක් කී දේවල් ඇසුරින් ශාස්ත්‍රීය විචාර අවශ්‍යය.


මුන් මොනවා හෝ වචන සෙට් එකක් කටපාඩම් කරගෙන ඔහේ දොඩවති . විදිමත් අධ්‍යාපනයක් නොළත් සහ බයෝ මැත්ස් කළ අය ට මේවා මැජික්ය. එහෙත් මේ දාර්ශනිකයන්ගේ මුල් පිටපත් ඉංග්‍රීසි බසින්හෝ කියවිය හැකිනම් මෙහි ඇත්ත අවබෝධවේ. මුන්ගෙ දේශනාවල හරබර බවේ රහස වෙනමොකක්වත් නොව දුර්වල පරිවර්තනයන්ය. භාෂාව හසුරුවා ඇති ආධුනික මුග්ධ ස්වරූපය නිසා කියවන කෙනාට වෙහෙසකි. එවිට මුන් නිකම්ම බුද්ධිමතුන් වේ.

තහනම් වචන බ්ලොගයේ මේ ගැන පළවූ ලිපිය මෙතනින් කියවන්න. 

http://thahanamwachana.blogspot.com/2015/04/come-let-us-modernize-your-posterior.html

මෙම ලිපිය උපුටන්නේ පසන්ගේ පරිවර්තන ගැන එහි ඇති සදහන නිසාවෙනි. 

කොන්ඩ රැවුල් වවාගෙන පිස්සෙක් සේ අස්වාභාවික ජීවිතයක් ගත කිරීම වීරකමක් නොවේ. එසේම ඊනියා ප්‍රබුද්ධ ( ඔල්මාද ) කන්ඩායම්වල මෙවැනි චරිත උත්කර්ෂයට නැංවේ.



ගැහැණිය යනු පුරුෂයාගේ ෆැන්ටසියකි. ඇයගේ මහපටඇගිල්ලේ සිට කෙස් කලඹ දක්වාම කාම කලාපයකි. කොටින්ම ස්ත්‍රියගේ මුළු සිරුරම ලිංගයකි. මෙසේ වී ඇත්තේ සොබා දහමෙන් වර්ගයා බෝ කිරීමට පිරිමියාගෙ ආකර්ශනය ලබා ගැනීමටය. සොබා දහම නිතරම සාධාරණ නැත. සොබා දහමෙන්වත් දඩුවම් ලැබෙයි කියා සමහරු අයුක්තියක් වූ විට දෙස් තැබුවත් ඇත්තටම සොබා දහමේ නීතිය අසාධාරන අසමානාත්මතා අයුක්ති සහගත එකකි. සොබා දහමේ නීතිය යනු කැලෑ නීතියයි.

දරුවන් ලැබීම සදහා ස්ත්‍රියගේ ශ්‍රෝණි ප්‍රදේශය පලල් වී ඇත. මේ නිසා ස්ත්‍රියගේ නිතබ ලොකුය. කිරිදීමට නිර්මාණය වූ පියයුරුද ගර්භාෂය දැරීම නිසා විශාල වූ නිතඹද පුරුෂයාට මහ මෙරකි. ඊට වහ වැටෙන පුරුශයා ස්ත්‍රිය හා එක්වී ඊලඟ පරම්පරාවට ජාන සම්ප්‍රේෂනය කරයි. දාරක සෙනෙහස ආදියද මෙම ජාන හුවමාරුවට උපකාරී ලෙස තිබෙන සොබා දහමේ උපක්‍රමය.

වෙන මැජික් එකක් නැත. විප්ලවකාරී පුක් වල හාස්කම්ද නැත.


යුතුකම සංවාද කවය විසින් පශ්චාත් මාක්ස්වාදී පශ්චාත් ස්ත්‍රීවාදී පශ්චාත් නූතනවාදී පුක මිරිකීම ගැන කළ විචාරයක්.



මේ බලන්න හිනාකාල පනයන විග්‍රහය.



මේ ගැන බුකියේ ගොඩේ බයියාගෙ මතය



විප්ලවකාරී පුකවල් දාර්ශනිකව මිරිකීම

2 comments:

  1. අයියෝ ලොක්කා මේක අගක් මුලක් නැති අච්චාරුවක්නේ අග මුල හොයාගන්න බැරි මළ වාතයක්. කොටස් දෙකතුනකට කඩලා ආයෙත් දැම්මොත් බලන්නම්

    ReplyDelete
    Replies
    1. පසුගිය කාලෙ ඊනියා ප්‍රබුද්ධ අමුතු කල්ලියෙ අය අතර සිදුවුන සිද්ධිය තමයි ගෙන හැර දැක්වූවේ. පැටලිල්ලක් තියෙන්නෙ ලිපි කීපයක් උපුටා දක්වල නිසා. ඒක ඉදිරියෙදි හරි ගස්සන්නම්

      මා බ්ලොග් ලියන්නේ දත්ත රැස් කිරීමේ අවශ්‍යතාවයද සහිතවය.මෙයින් යම් සිද්ධියක් ගැන වෙනත් බ්ලොග් වල තිබූ දේ කවදා හෝ මට සවිස්තරව බලා ගත හැකි අතර එසේම එම බ්ලොග්වලටද ප්‍රචාරයක් ලැබේ.
      මෙම පෝස්ටුවේ මෙම ක්‍රියාව ටිකක් ඕවර් ගොස් ඇත. මෙය ගැන බොහෝ රසවත් ලිපි බුකියේ සහ බ්ලොග් වල පලවූ බැවිනි.

      Delete