Thursday, April 30, 2015

ම්ලේච්ඡයන් ට එරෙහිව මනුෂ්‍යයන් ගේ ව්‍යාපාරය - මරණ දඩුවම තුච්ඡ මිනීමැරුමකි


ප්‍රවීණ බ්ලොග්කරුවෙකු වන රසිකොලොජිස්ට් මරණ දඩුවම ගැන පළ කළ පෝස්ටුව අතිශයින්ම ඉදිරිගාමී එකකි. එම පෝස්ටුවට පාදක වුනේ ඊයෙ පෙරේදා ඉන්දුනීසියාවේදී විදේශිකයන් කිහිප දෙනෙක් මරණ දඩුවමට යටත් කිරීමයි. මෙයට ජාත්‍යාන්තර වශයෙන් දැඩි විරෝධයක් එල්ල විය.එම විරෝධයට පදනම වුනේ ශිෂ්ට ලෝකය මරණ දඩුවමට එරෙහි වීමයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බෑන් කී මූන් ද මෙය ලෝක මට්ටමින් අහෝසි කළ යුතුයැයි යෝජනා කළේය. දැනටද ලෝකයේ රටවල් වැඩි ප්‍රමාණයක මරණ දඩුවම අහෝසි කර හෝ අක්‍රිය මට්ටමක පවතී.විශාල වශයෙ මරණ දඩුවම ලබා දෙන්නේ චීනය ,ඉරානය හා සවුදු අරාබිය යන අන්තනෝමතික රටවල් වල සහ ඇමරිකාවේය. එහිදී චීනයේ මරණ දඩුවමට ලක් වන්නන් සැබෑ අපරාධකාරයන්ද නැත්නම් පාලක කොමියුනිස්ට් පක්ෂයේ විරුද්ධවාදීන්ද කියා දන්න කෙනෙක් නැත. එසේම එම නඩු විභාග කැන්ගරු උසාවි වලි විභාගවෙනවාද විය හැක.

මරණ දඩුවම ගැන මා මුලින්ම යමක් දැනගත්තේ ධර්මසිරි ගමගේ මහතාගේ ලිපිවලිනි. එතුමා මානව හිතවාදී කාරුණිකයෙකි. මරන දඩුවම ගැන දත්ත රැස්කිරීමක්ද කළේය. ඔහු එල්ලුම් ගහ නමින් සිනමා පටයකටද සම්බන්ධ විය. ධර්මසිරි ගමගේ මහතාගේ ලිපිවල එල්ලුම් ගහේ ම්ලේච්ඡත්වය මැනවින් නිරූපනය වී තිබිණි. එහෙත් කරුණු දැක්වීමේදී ඔහුද යම් සීමාවල සිටිබව විදේශීය මරණ දඩුවම් විරෝධීන්ගේ ලිපි කියවීමෙන් මට අවබෝධ විය.

මරණ දඩුවමට විරුද්ධ අය ඊට විරුද්ධවන්නේ විවිධ හේතුනිසාය. ජීවත්වීමේ අයිතිය පිළිබද කරුණ මෙහිලා ප්‍රධාන වෙයි. රජය සදාචාරාත්මක ආයතනයක් බවත් රජයට තවත් අපරාධයක් කිරීමට අයිතියක් නැති බවත් ඔවුහු කියති. මරණ දඩුවමට පක්ෂ අය එයින් අපරාධ අඩුවන බව කියති. එහෙත් දරුණු දඩුවම් කිසිත් නැති ස්කැන්ඩිනේවියානු රටවල අපරාධ ඉතා අඩුය. මරණ දඩුවම තිබෙන ඇමරිකාවේ එලෙස අඩුවක් නැත.

ශ්‍රී ලංකා ජනතාවගෙන් අති මහත් බහුතරයක් මරණ දඩුවමට පක්ෂය. මෙම සංඛ්‍යාලේඛන අසත්‍ය බව මා මුලින් සිතුවත් දැයට කිරුළ ප්‍රදර්ශනයේදී මට තේරුනේ මෙරට ජනතාව එල්ලුම් ගහෙන් අටෝරාසියක් ප්‍රශ්න විසදී රට සුරපුරයක් වන බව විශ්වාස කරන බවය. ඊට හේතුව මාධ්‍ය එල්ලුම් ගහට පක්ෂ ප්‍රචාරක ව්‍යාපෘතියක නිරත වී සිටීමයි. ජනමතය නිර්මාණය කරන්නේ මාධ්‍ය මගිනි. ඔවුහු රටේ අපරාධ රැල්ලක් ඇති බව කියති. එහෙත් එය මිත්‍යාවකි. රටේ ජනගහනයට සමගාමීව අපරාධවල විශාල වර්ධනයක් නැත.


මා මරණ දඩුවමට විරුද්ධ එහි ක්‍රමවේදයෙහි ඇති ම්ලේච්ඡත්වයටයි. මෙහිදී මරණ දඩුවම සහ පෙර සූදානම යැයි කොටස් දෙකකට බෙදමු. එල්ලුම් ගහ පෙර සූදානම සහ ක්‍රියාව යන දෙකින්ම ම්ලේච්ඡය. පළමුව ක්‍රියාව සහ දෙවනුව පෙර සූදානම ගැන කතා කරමු.

ක්‍රියාව ගත්විට අතීතයේ තිබූ අතිශයින්ම පිළිකුල් මරණ දඩුවම් ක්‍රම දෙස බලන විට ඊයෙ පෙරේදා ඉන්දුනීසියාවේ වෙඩි තබා සිදුකල මරන දඩුවම ශිෂ්ටය. හිසට තබන වෙඩි පහරකින් ඕනම එකෙක් එකපාරම මිය යයි. ඒ අනුව ඉන්දුනීසියාවේ මැරුම් කෑ අය දරුණු විදවීමක් කර නැත. ආයුධ පෙන්වන්න ගොස් පසුගියකාලයේ මිය ගිය අයද එසේමය. ඔවුහු තම මරණය ගැන දන්නේ පොලිස් කූඩුවේ දොර හැර සිලි බෑගයක් ඔළුවට දමා පොලිස් ජීප් එකට දමාගත් මොහොතේය. මරණ බිය දැනෙන්නේ වැඩිම වුනොත් පැයක් දෙකක් පමනි.ජපානයේද මරනයට පත්වන තැනැත්තා එය දන්නේ කලින් දා බව කියවේ.

එහෙත් ලංකාවේ එල්ලුම් ගහට ගිය අය දීර්ඝ කාලයක් මැරි  මැරි උපදිමින් වචනවලින් විස්තර කළ නොහැකි ආකාරයේ පීඩාවකට ලක්ව ඇත. ඔවුන් අතින් මියගිය අය නම් මැරුනේ එකපාරය. එහෙත් මොවුහු සියදහස් ගනනින් මැරි මැරී උපදිමින් දැඩි කායික මානසික පීඩනයකට පත්ව මරණයට පත්වූහ.අප එරෙහි වන්නේ මේ ම්ලේච්ඡත්වයටයි.

මරණැ දඩුවම් ක්‍රම දෙස බලන විට ඒවා ක්‍රම ක්‍රමයෙන් ශිෂ්ට වෙමින් පරිණාමය වන බව පෙනේ. මුලදී ඉතා දරුණු ක්‍රමවලින් මරණ දඩුවම් ලබා දුන් අතර රජවරු ඒවා නැරඹූහ. මිනිසුන් පනපිටින් හමගසන හැටි ජහන්ගීර් අධිරාජයා ආසාවෙන් නැරඹූ බව කියවේ. මෙවැනි දේවල් අඩංගු ෆෝරමයක කොමෙන්ට් කළ අය ගේ අදහස් දුටු මට සිතුනේ ඔවුහු සංවේදී පිරිසක් බවය. එහෙත් ඒ අදය.

එහෙත් ඔය කාලයේ සමීක්ෂනයක් කළානම් ඔය කුරිරු දඩුවම් වලට එම සමාජවල ජනයා 99% ක්ම කැමැත්ත පළ කරනු ඇත. අපේ සමාජය එල්ලුම්ගහට දක්වන මනාපය අනුව බිය නැතිවම අප ම්ලේච්ඡයන් බව කීමට පුළුවන. එහෙත් බටහිර මිනිසා අපට ඉදිරියෙනි.

ඉන්දුනීසියාවේ මරණ දඩුවම් ලබූ ඕස්ට්‍රේලියානුවන් දෙදෙනා ගැන සංවේදී වූ සමහර ඕස්ට්‍රේලියානුවන්ට උපදේශනය පවා ලබා දෙන මට්ටමට ආවාලු.  මෙහි කතා දෙකක් ඇත. එකක් නම් උපදේශනය වැනි දේවල් එම ජනයාට කොතරම් සමීපද යන්නයි. අනෙක මේ ඕස්ට්‍රෙලියානුවන් දෙදෙනාම සුදු කොකේසියානුවන් නොවේ. එකෙක්  දෙමළය අනෙකා චීන සම්භවයක් ඇත. එහෙත් ඕස්ට්‍රේලියානුවන්ට එය ප්‍රශ්නයක් නොවේ. මෙයද ඉතා දියුණු ලක්ෂනයකි.

දැයට කිරුළ ප්‍රදර්ශනයේදී එල්ලුම් ගහක් තිබිණි. එහිදී ඩමියක් එල්ලා පෙන්වීය. එය දකින විට ඉතා සරල දෙයක් බව සිතේ. එහෙත් කෙනෙක් එල්ලූ විට නහයෙන් කටින් ලේ එන බවත් මූන රතුවී ඉදිමෙන බවත් දිව එලියට එන බවත් ඇස් ඉදිරියට නෙරන බවත් මළ මුත්‍රා සහ ශුක්‍රාණු පහවන බවත් කියන්නේ නැත. එසේම එල්ලු විගසම මිය යන්නේද නැත. පැයක් දෙකක් දගල දගලා  මරණයට පත්වේ. මෙය බලා සිටිය නොහැකිව අලුගෝසුවා කඹය දිගේ පහලට බැස කකුල් දෙකින් බෙල්ල හිරකරන බවද කියවේ.
එසේම එල්ලීම වැරදී එක්කෝ බෙල්ල කැඩීයාමට හෝ හුස්ම හිරවීමටද පුළුවන. සදාම් හුසේන් එල්ලූ ආකාරය මුළු ලොවම දුටු අතර එහි ම්ලේච්ඡත්වයද දුටහ.


රසිකලොජියේ  සංවාදයේදී බොහෝ දෙනා තර්ක කළේ අපරාධකරුවන් මැරීමේ ප්‍රාථමික ක්‍රමය වෙනුවට යහපත් ශිෂ්ට ක්‍රම ආදේශ කළ යුතුබවයි. එය කිසිසේත්ම අපරාධකරුවන් වෙනුවෙන් පෙනී සිටීමක් නොවේ.

අපරාධයක් කිරීමට සාමාන්‍ය පුද්ගලයෙක් සාමාන්ය තත්ව යටතේ නොපෙළඹෙයි. මෙය දීර්ඝ ලෙස කතා කළ යුත්තකි. අපරාධකරුවන් බිහිවීමට හේතු ගනනාවකි.

 අපරාධකරුවන් ඔවුන්ගේ උප සංස්කෘතිවලින් පෙළබවීමක් සිදුවේ. 

අපරාධ සදහා ඉතා පැහැදිලි ජානමය බලපෑමක් ඇත. විවිධ දේශපාලන පදනම් මත වර්ථමානයේ මෙම එළඹුම ට එතරම් පිළිගැනීමක් නැත.

මානසික රෝග නිසාද කෙනෙක් පහසුවෙන් අපරාධවලට පෙලඹේ.

මෙහිදී මුලින් සදහන් කළ සංස්කෘතිකමය බලපෑම ගැන කතා කළ යුතුය. අනෙක් දේවල් කතා කරන්නේ අපරාධ විද්‍යාව ගැන කතා කරන පෝස්ටුවේය.

 සංස්කෘතික කතාව කියන්නෙ මේකයි. අප සමාජයේ වැඩි දෙනෙක් ප්‍රශ්න විසදාගන්න බලන්නේ ප්‍රචන්ඩත්වාය් තුලිනි.තමන්ට තනිවම ප්‍රචන්ඩතව්ය මුදා හැරිය නොහැකිනම් චන්ඩින් පාතාලය හා කුලී මිනීමරුවන් දක්වා දිගු වේ. අපගේ ආගමික සංස්ථා පවා සියල්ලටම පළමුව ඉස්සරහට දමන්නේ ප්‍රචන්ඩත්වයයි. ජනතාවද එයට කැමතිය. සාකච්ඡාවෙන් සමන්ත්‍රනයෙන් ප්‍රශ්න විසදා ගැනීමට වඩා ගහමරා මැනීමට කැමතිය. ගමක සංගීත සංදර්ශනයක පවා මේ ප්‍රාථමික ලක්ෂනය දැඛිය හැක. අපරාධ කරන්නේ මේ ප්‍රාථමික මිනිසුන්ය. සමීක්ෂනවලදී එල්ලුම්ගහට පක්ෂව අදහස් දක්වන්නේ මේ අයමය. 

අප කළ යුත්තේ ආපස්සට  ගමන් කිරීම නොව අනාගතයට යාමයි.මරණ දඩුවම තුලින් මුළු සමාජයම එය ආශ්වාදනය කෙරේ. මුළු සමාජයම තිරිසන්කරනය සිදුවේ. 

බිය ගැන්වීම වැනි ක්‍රම අවශ්‍ය වන්නේ ප්‍රාථමික සමාජ හික්මවීමටය. ශිෂ්ට සමාජයක උත්සාහ කරන්නේ අපරාධ වැළැක්වීම සදහා ක්‍රමවේද සකස් කිරීමය. මරණ දඩුවම ඉල්ලන්නෝත් අපරාධකාරයෝත් එකම පිරිසකි. දෙපිරිසම ප්‍රචන්ඩත්වය ගැන විශ්වාසය තබන්නෝය. දෙපිරිසම මතවාදී ව පිටුදැකිය යුතුය. අපරාධවලින් තොර සාමකාමී සුන්දර සමාජයක් ගොඩ නැගිය හැක්කේ මේ දෙපිරිසම එකට තබා පැරදවීමෙනි.

Monday, April 27, 2015

අන්ධයන් අලියගෙ හැටි කීවා වගේ

මේ දවස්වල මා කරන මේ  බ්ලොග් හදුන්වාදීම මාස  ගනනකට පෙර මට ඇතිවූ සිතිවිල්ලකි. ඒ යටතේ මා සිත්ගත් බ්ලොග් ගනනාවක් හදුන්වාදුන්නෙමි. මට ඒ සදහා ලැයිස්තුවක් විය. එම ලැයිස්තුවේ ඉතිරිව ඇත්තේ කාලය බ්ලොගයයි.ලැයිස්තුවේ තිබූ සමහර බ්ලොග් දැන් අප්ඩේට් නොවන නිසා ඒවා හදුන්වාදීමක් නොකෙරේ. නමුත් පසුව ඉඩ ලැබෙන හැටියට මෙම හදුන්වාදීමේ කටයුත්තද සිදුකෙරේ. දැනට තිබෙන ලැයිස්තුව අවසන්ය.  

මහාචාර්ය නලින් ද සිල්වාගේ ලිපි කියවන්නට මා පුරුදුවුනේ පාසල් යන කාලයේ සිටය. ඔහු නිර්භයව විකල්ප අදහස් ඉදිරිපත්කිරීම මම අගය කළෙමි. ඔහු බටහිර විද්‍යාවේ ආධිපත්‍යයට එරෙහිව දැක්වූ අදහස් ඉතා වටී. විද්‍යාව ( බටහිර විද්‍යාව යන වචනය මම පාවිච්චි නොකරමි ) අදහන පරපරාවක් බිහිවී සිටි අතර ඔවුහු පංචේන්ද්‍රියන්ට ගෝචර නොවන සියල්ල ප්‍රතික්ෂේප කිරීමට පුරුදුව සිටියහ. මෙවන් පසුබිමක නලින් ද සිල්වා කල උඩුගංබලා පිහිනීම විශිෂ්ටය.


නලින් ද සිල්වා මගේ වීරයෙකු විය. ඔහුගේ විරුද්ධවාදීන්  කී ලෙස දරුවන් රෝයල් එකට යැවීම ,අධ්‍යාපනයට විදේශගත කිරීම වැනි දේ මට අදාල නැත. ඇත්තෙන්ම එකළ තිබූ වාතාවරනයට අනුව ඔහුගේ දරුවන් මෙරට විශ්ව විද්‍යාලවලට යැවිය නොහැකි තත්වයක් තිබුනි. ජවිපෙ ඔහුගේ මතවාදී සතුරෙකු විය. ජවිපෙ ඔහුට එරෙහිව ඔහුගේ දරුවන් යොදාගැනීමට හෝ ඉන් එහාට ගොස් ඔහුගේ දරුවන්ට යම් හිරිහැරයක් කිරීමට වුවද ඉඩ තිබිනි. ජේවීපීකාරයන් යනු මෙවැනි ඉතා පහත් වැඩ කරන පිරිසක් බව අප දනිමු.

නලින් ද සිල්වා සජීවීව රූපවාහිනියෙන් දුටු මුල්ම වතාවේ මට ඔහු ගැන කල කිරුනි. හිතන්න මගේ ලෝකයේ වීරයෙකුවූ පුද්ගලයා හැබහින් දුටු පළමුවන දින මට ඔහු ගැන කළකිරුනා කීම අපූරු කතාවක් නේද
මට එදා කතා කළ හැටි මතකය . ඔහු කතා කළේ දත්මිටි කමින් වචන හපමිනි. දැඩි ආවේගයෙනි. එසේම ඔහු තර්ක කරන විට අදාල කරුණ පසෙක දමා ප්‍රතිවාදියාගේ දැනුම උස් මිටිකම් ආදිය ගැන සමච්චල් කරනු පෙනේ.

මා කියන්නට යන්නේ බටහිර විද්‍යාව ගැන ඔහුගේ විප්ලවකාරී ප්‍රකාශයන් ගැනය.


ඔහු කියන්නේ බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් කියාය. ඔහු එයින් අදහස් කෙරෙනුයේ සියළු දැනුම් පද්ධති මායාවක්ය යන දාර්ශනික අදහස් නම් අවුලක් නැත. 


මෙය සංවාදයක් අපේක්ෂාවෙන් දැමූ පෝස්ටුවක් නිසා තව කියන්නට දේ ඇතත් කතාව නවත්වමි.


නමුත් එකක් කියමි


බෞද්ධ පණ්ඩිතයන් සමහර ප්‍රශ්නවලදී අහස පොලව ගැටලමින් කරන වාද මම දක ඇත. මහන්සි වූ විට රේරුකානේ පොත් කියවන ලෙසත් මෙය අපේ බුද්ධි සීමාවෙන් ඔබ්බෙහි ඇත්තක් බවත් කියා නිහඩ වෙයි.


මේ එක දාර්ශනික ගැටළුවකි.එහෙත් මෙතන මෙච්චර වාද කරන්න දෙයක් නැත.


ප්‍රශ්නය


උපදින්නේ මළ තැනැත්තා නොවේ.


අලුත්ම කෙනෙක්ද නොවේ.


එසේනම් කවුද


පිළිතුර මළ තැනැත්තා ඇසුරින් ඇතිවූ නව සත්වයෙකි.

මේ ඇසුරින් කියන වචනයේ අඩුව නිසා අහස පොලව  ගැටලන චතුස්කෝටික වචන හරබයක් නිර්මානය වී ඇත. ඇසුරින් යන වචනය අඩුවුනේ ටයිප් කරන කෙල්ල මල් කඩන්න ගිය නිසා වෙන්න බැරිද. ලොකු හාමුදුරුවො එනවා දැක කලබලේට ටයිප් කරන විට එක වචනයක් හැලුනි. අහස පොලව ගැටලමින් අප තර්ක කරන්නේ ඇසුරින් යන වචනයේ අඩුව නිසාය.


නලින් ගේ තර්කත් එසේමය. යමක් පට්ටපල් බොරුවක් කියනවාට වඩා යම් පරාසයක් තුල එය සත්ය වනවිට වෙනත් පරාසයක අසත්ය වේ යන්න නිවැරදිය. ගුරුත්වාකර්ශනය හා අයින්සටයින්ගේ ප්‍රවාද ගැන මෙසේ පැහැදිලි කළ හැක.

පරාසය යන වචනය අඩුවීම නිසා අහස පොලව ගැටලමින් තර්ක කරමු.

විශ්වයේ ඇතැම් පරාසයන්හිදී ගුරුත්වය අසත්‍යක් විය හැක .එහෙත් එය බලපවත්වන වෙනත් පරාසයන් ඇත. අප අත්විදින ලෝකයේ ගුර්ත්වය සත්‍යයකි.හැම තැනටම සත්‍ය නොවූ පලියට පට්ටපල් බොරුවක් නොවේ. මෙම විභේදනය අත හැර කල්පනා කල විට අවුලකි. අවුල් නිරවුල් කෙරෙනුයේ විභේදනය තුලිනි. දැනට ඇති . ඉදිරි සංවාදයේදී තවත් කතා කරමි.



Friday, April 24, 2015

මෙන්න තොපිට වාසියක් නට නටා වරෙව් - මහා විප්ලවයක් සියල්ල උඩු යටිකුරු වෙයි


මින් ඉදිරියට දේශපාලන පෝස්ට් දැමීමේ හා සංවාද වලට සහභාගී වීමේ බලාපොරොත්තුවක් නැත. සිදුවන දේ පැහැදිලි නිසාත් ඒ ගැන කතා කර පලක් නැති නිසාත්ය.

දේශපාලනයට වඩා අපට ප්‍රයෝජනවත් අපේ ජීවිත වෙනස් කරන සුන්දර මාතෘකාවකට එළඹෙමි. එනම් තාක්ෂණයයි. අළුත් තාක්ෂනයන් ගැන දැනගැනීමට මම කැමැත්තෙමි. තාක්ෂනය සහ අලුත්  ගැජට් ගැන කතා කරන බ්ලොග් කිහිපයක් වෙයි.

මල් කැකුළු , ප්‍රභාශ්වර හා විද්‍යා ගවේශනයි.


මල් කැකුළු

ප්‍රභාශ්වර


විද්‍යා ගවේශන



ප්‍රභාශ්වර බ්ලොග් අඩවියේ පළවූ ඔබේ ජීවිතය වෙනස් කරන තාක්ෂනයන් යන ලිපිය ගැන කතාකරන්නට සිතුවෙමි.

ජලයෙන් ජලකර වායුව වෙන්කර බලශක්තිය සදහා යොදාගැනීම ගැන එහි සදහන්ය. ඛනිජතෙල් වලට විකල්ප සෙවීමේදී මෙය ඉතා සුදුසු නමුත් ප්‍රායෝගික වේදැයි සැක සහිතය. මන්ද ඛනිජතෙල් සමාගම් ලෝක දේශපාලනයේ ඉතා ප්‍රබල භූමිකාවක් රඟන බැවිනි.

අපද්‍රව්‍ය වලින් බලශක්තිය ලබාගන්නා ක්‍රමයක් ගැන පෝල් බස්කිස් නම් විද්‍යාඥයෙක් කළ පර්යේශනයක් සාර්ථකවූ බව මා ඇසුවේ 2004 දීය. එහෙත් එයට වුන දෙයක් නැත. 2004 දී කීවේ 2010 වනවිට ලොව උඩුයටිකුරුවන බවත් මැද පෙරදිග තෙල් මත යැපීමට සිදුනොවන බවත්ය. එය එසේ නොවූ බව අප දනිමු.

දෙවන ලිපියද ආන්දෝලනාත්මකය. ජෝන් විල්මට් වැනි විද්‍යාඥයන් ක්ලෝන තාක්ෂනය මගින් ඩොලී නමැති බැටළුවා නිර්මාණය කළේ දශ්කයකටපමන පෙරය . ආතර් සී ක්ලාක් ගේ ඉදිරි දිනපොතට අනුව 2002 වන විට මිනිස් ක්ලෝනයක් බිහිවනු ඇත. එය එසේ නොවූ බව අප දනිමු. මට හිතෙන ලෙස මෙහි ඇති ලොකුම ගැටළුවනම් සෛලය දානය කරන සත්වයාගේ වයස අලුත් ජීවියාගේද වයසද  වීමයි. අවුරුදු 40 ක කෙනෙක් ගේ සෛලයකින් ක්ලෝනයක් හැදුවොත් ක්ලෝන දරුවාගේ වයසද 40 කි. පියා හෝ මව සමගම වයසට යයි.

කෙසේ හෝ මෙම තාක්ෂනයෙන් අවයව නිර්මානය කර ගන්නට හැකිනම් මිනිස් අවයවද වෙළද පොලෙන් ගෙන ඒමට හැකිවනු ඇත. අද මිනිසාට හිතන්නට බැරිතරම් කාලයක් අනාගත මිනිසා ජීවත් වනු ඇත.

තුන්වන ලිපිය ත්‍රිමාන මුද්‍රනය ගැනයි. මට සිතෙන්නේ කලින් කී දෙකටම වඩා මිනිසාට බාල්පෑමක් කරන්නේ මෙයයි. වෙළදපොළ උඩුයටිකුරු වන අතර පරිගණකයෙන් මෘදුකාංග නිෂ්පාදනය කරන ආකාරයෙන් ඉදිරියේදී තමන්ට අවශ්‍ය භාන්ඩ නිෂ්පාදනය කරගැනීමට තමන්ටම හැකිවනු ඇත. එසේම  3 D printing තාක්ෂනය තවත් ඉදිරියට ගොස් අප අතරට එන 4 D printing මගින් මෙතෙක් අප නො ඇසූ විරූ නිර්මාණ බිහිවනු ඇත. මෙහි ප්‍රතිපලයක් ලෙස කම්කරුවා යන වචනය ශබ්ද කෝෂයෙන් ඉවත් වනු ඇත. ඒ වෙනුවට නිර්මානකරුවා යන වචනය ආදේශ වෙයි. මෙය දෙවැනි වන්නේ රෝදය හා ගින්දර සොයාගැනීමටය.

මෙන්න ප්‍රභාෂ්වර ලිපිය එතනට ගොස් එය කියවන්න

http://vidathanet.blogspot.com/2015/04/blog-post_24.html



10 Technologies that will Transform your life by live science staff, January 10,2008

http://www.livescience.com/11368-10-technologies-transform-life.html


Thursday, April 23, 2015

අමුතු මුසල්මානයා

සුගතපාල සිල්වාගේ අමුතු ඉළන්දාරියා කතාව  ඔබ අතරින් කිහිප දෙන්ක්වත් කියවාඇතැයි සිතමි. බ්ලොග් ලෝකය නම් විශ්මයජනකය එය මේ යැයි අතැඹුලක් ලෙස ගෙන හැර දැක්විය නොහැක.බ්ලොග් සප්තමහ සාගරයේ විවිධාකාර මත්ස්‍යයෝ පිහිනති. ඔවුහු තම තමන්ගේ ලෝකවල සැරිසරති. එවැනි ලස්සන මත්ස්‍යයෙකි උන්මන්තක නොහොත් අමුතු මුසල්මානයා


ලිංගිකත්වය සමහරෙකුට හපූයියෙකි. එහෙත් අපේ අමුතු මුසල්මානයාට එය ගැන වගේ වගක් නැත. ඔහු ගෙන හැර පාන්නේ ආගම ,ලිංගිකත්වය හා මිනිස් සොභාවයයි.
ඔබ කෝපි බොන්නට වාඩිවන විට ,පොතක් කියවන්නට සැරසෙන විට , නිව්ස් අහන්නට ටී වී එක දමන විට ඔහු එය වළක්වා ලිංගිකත්වය ගැන කතාබහකට සූදානම් වෙයි.ඔහු කුණුහරප නොකියයි කියන්නේ ඔබේ සැබෑ කතාවය. ඔහුව නොවලක්වන්න. ඔහුට ඇරයුම් කරන කවරෙක් සමග වුනත් ඔහු කෑම කන්නේය. හදුනාගන්න මේ සුන්දර මිනිසා 


අමුතු මුසල්මානයා


මෙන්න උන්මන්තකගේ බ්ලොග් එක. එතනට ගොස් සියළුම ලිපි කියවන්න




මෙම මුස්ලිම් සහෝදරයාගේ ලිපිවලින් ඔබට  ශෘංගාර සාහිත්‍ය රස විදිය හැක. මෙම අපේ බ්ලොග් රාජ්ජයට අලුත් දෙයකි.බලන්න ඔහුගේ ලේඛන හැකියාව.ආගන්තුක සිංහල බසින් අකුරු කරන අපූරුව


මෙන්න ඔහුගේ එක් නිර්මාණයක් . එතනට ගොස් කියවන්න

http://unmanthaka.blogspot.com/2014/06/blog-post_2.html



මතාක් ඇතිව කොමෙන්ට් කරමු. ඔහු දිරිමත් කරමු.


Wednesday, April 22, 2015

දෙවන විභීෂන ගෙ ධාතු සහ මළකුණු පෝස්ට් එක ගිය දුර

ඉතා සුන්දර බ්ලොග්කරුවෙක් වෙයි. වචන වෙඩි වගේය කියන දේ ඇත්තය. අලුත් වුනත් බ්ලොග් කලාවට අලුත් යැයි අපට සිතෙන්නේ නැත. අටුවා ටීකා කුමටද . මේ දෙවන විභීෂනය.

ඔහු ගේ ආසන්නම පෝස්ටුව  ගැන හොලි ටෙම්පල් බ්ලොග් අඩවියද විචාරයක් කර තිබිණි.

මෙන්න විභීෂනගෙ පෝස්ටුව එතනට ගොස් කියවන්න




මෙන්න හොලි ටෙම්පල් පෝස්ටුව එතනට ගොස් එය කියවන්න



ආගමික ශාස්තෲන්ට ජනතාව ගරු කරති. ඔවුන් අප අතරිවෙන්වී ගොස් බොහෝ කල්ය. අපට ඔවුන් ගූඩ පුද්ගලයන්ය.

බුදුන් වහන්සේ ගැන අපූරු කතාවක් වෙයි. එක් පුරයක මිනිසුන් එකිනෙකා පෙරලගෙන දුවන්නට වුනේ නගරයට කවුද එනවා කියාය. එක් මිනිසෙකුගේ ඇගේ හැපී හාමුදුරුනමක් ඇද වැටුනි.පසුව ආ තවත් පුරුෂයෙක් මෙම හාමුදුරුවන් නැගිටුවාලීය. මොකද මේ මිනිසුන් දුවන්නේ කියා ඇසීය.
ඇයි දන්නෙ නැද්ද අද බුදුහාමුදුරුවො එනව නගරයට කියා ඔහු කීවේය.

එවිට අර භික්ෂුව කීවේ මම තමයි බුදුහාමුදුරුවෝ කියාය.

පසුකාලීනව දෙතිස් මහා පුරුෂ ලක්ෂන වලින් හෙඹි ඒ මහා පුරුෂයා ඔහු ජීවත්වූ කාලයේ අරුමයක් නොවීය. බෞද්ධ සාහිත්‍යයේ බෞද්ධ රජුන් ලෙස කියවෙන ප්‍රසේනජිත් , බිම්බිසාර වැන්නන් ජෛන සාහිත්‍යයේ ජෛන රජවරු ලෙස කියවේ.

බුදුන් පමනක් නොව යේසුස් හා මහම්මද් ද මෙවැනිම පුරුෂයන්ය.යේසුස් ඔහු ජීවත්වූ කාලයේ සිටි මිනිසුන්ට අරුමයක් නොවීය. මහම්මද් යනු ආගමික නායකයෙකුට වඩා යුධ සෙනෙවියෙකි.

මේ ශාස්තෲන් වහන්සේලා පමනක් නොව ආදිකාලයේ සිටි රජවරුන්ද ගරු සත්කාරයට බදුන් වෙති. ශාස්තෲවරු ගැන කතා කිරීමට මම අකමැත්තෙමි. අප සිතමු ඉස්සර සිටි රජෙක් හදිසියෙන්ම අප අතරට ආවා කියා.


රජා : මට නම් අදහගන්නත් බෑ බන් . රජසැප කිව්වට අපි වින්දෙ මොනවද කියල හිතෙනවා. උඹලනෙ රජසැප විදින්නෙ.

යකා : අනෙ රජෝ අපි මොන සැපද බන් විදින්නෙ. උඹලනෙ සැප වින්දෙ. අනේ මගෙ කට

රජා : තරහගන්න කාරි නෑ බන්. බලහන් උඹල යන බස් එක. ඊට වඩාමොන රජසැපක්ද . අපි වලවල්වල වැටි වැටී දෝලාවෙ ගියා.

යකා : රජෝ තොගෙ අ...... තොපිනෙ කිසි වැඩක් නොකර ආතල් ගත්තෙ. අපි බස්වල කෝච්චිවල යන්නෙ ජොලියට කියල හිතුවද

තොපි කෙරුවෙ ප........... ගෙවෙනකල් බඩුගහපු එකනෙ. අනේ මගෙ කට


ඔන්න ඔහොම සංවාදයක් යන්නෙ. රජෙක් නෙමේ ශාස්තෲකෙනෙකුත් තක්කු මුක්කු වෙනව මිනිසා ලබා ඇති තාක්ෂණික දියුණුව දැක්කම.

දියමත ඇවිදින්න නෙමේ.දිය යටින් යන්නත් අද මිනිසාට පුළුවන්. අන්ධභාවය ගැන ජානමය රෝගත් සුව කරන්න පුළුවන්.ඇදහිල්ලක් ඕනම නෑ.

එදා මහා පුරුෂයො පවා ලෝහිත පක්ඛන්දිකා රෝගය හැදිල මළත් අද කුඩා පුරුෂයොත් ප්‍රතිජීවක ගන්නව.

කුරුසෙ ඇණ ගහල මරණ දඩුවම දුන්නෙ ඉස්සර. අද ඊට වඩා ශිෂ්ට ක්‍රම සොයාගෙන. ඒ විතරක් නොවෙයි යුරෝපා ප්‍රජාව වගෙ ඉදිරිගාමී මානවයන් මරණ දඩුවම වගෙ තිරිසන් ක්‍රමවේදයන් ප්‍රතික්ෂේප කරනවා. 

ආගම කියන්නෙ මෝඩයො මෙල්ල කරන කෙවිටක්. බුද්ධිමත් අයට ආගම් ඕන නෑ.

Tuesday, April 21, 2015

දෙවන රාජසිංහව සමරමුද








දෙවන රාජසිංහ
දෙවන රාජසිංහ නමැත්තා අනුස්මරණය කිරීමට දෙනෙත් හරින්න නමැති බ්ලොගයක පළවූ ලිපියක් විචාරය කිරීමට සිත් වූයේ එම ලිපියේ සාවද්‍ය කරුණු බොහොමයක් තිබූ නිසාත් එම ලිපිය විද්‍යාත්මක විශ්ලේශනයකට ලක් කිරීම මැනවැයි සිතුන නිසාත්ය

.දෙනෙත් හරින්න බ්ලොගයේ ලිපියේ සබැදිය මෙතනට ගොස් එය කියවන්න


 දිවයිනේ තිබුණු ඔරිජිනල් ලින්ක් එක


http://www.divaina.com/2012/01/11/badada03.html

මාතෘකාව : යුරෝපීයයන්ට උණ ගැන්වූ උඩරට කීර්තිමත් මහ නිරිඳු - දෙවැනි රාජසිංහ

මගේ  කොමෙන්ටුව

යුරෝපීයයන්ට විතරක් නෙමේ රටටම උණ ගැනිල තිබුනෙ

රාජසිංහ දවසක් ගිලෙන්න ගිහින් කොල්ලො දෙන්නෙක් ඌව බේරුවලු. ඊට පස්සෙ රාජශරීරෙට අත තිබ්බ කියල අසරණ කොල්ලන්ගෙ හිස ගසා දැම්මලු. මිනිස්සු බලුකුක්කො වගෙ තියාගෙන හිටපු ඔය රජාල ගැන තව ලිපි ලියපල්ල.
රජාසිංහය ගැන චිත්‍රයක් තියනව ආරක්ෂකයො හිටියෙ මුල්කවාඩම් දාගෙනලු. ප්‍රශ්වාසෙ උගෙ ඇගට වදියි කියල.
බිම දිගාවෙවී පෙරලි පෙරලි කන්නලවු කරපු ඒ නීච අතීතය වෙනස් කළ සුද්දන්ට ජයවේවා
වත්තෙ ගෙඩියක් හැදුනත් රජාට. ලස්සන ගෑනු අන්තහ්පුරේට.මොන නාඩගමක්ද බන්
ඕන යකෙක් එක්ක හරි එකතුවෙලා මේ වැඩවසම් නීචයෝ පිටුදකින්න ඕන. උඩරට නිළමෙල කළ දේ හරි. නැත්නම් අදත් අපි රජා කියල කඩප්පුලියෙකුට වැද වැද ඉන්නව


මුලින්ම ලිපියේ සාවද්‍ය කරුණු මොනවාදැයි බලමු. අසවේදෝ ,කොන්ස්ටන්ටයින් හා කස්තෝ යන අය සමග රාජසිංහ සටන් කළ බව කියයි. මෙහි අසවේදෝ ( දොන් ජොරනිමෝ ද අසවේදෝ ) සමග සටන් කළේ පළමුවන විමලධර්මසූරිය රජුයි. දෙවන රාජසිංහගේ පියාගේ සහෝදරයාය.

විමලධර්මසූරිය ගැනද යමක් කිවයුතුය. ඔහු දෙවන රාජසිංහ තරම් නීචයෙක් නොවේ.  මේ කතාව ඊට නිදසුනකි. දළදා මාලිගය තනවා එහි චිත්‍ර අදින්නට ශිල්පීන් යෙදවූ විමලධර්මසූරිය වැඩකෙරෙන හැටි නරඹඉන් ඇවිද්දේය. පලංචියේ උඩුබැලි අතට හිද චිත්‍ර අදින සිත්තරා ආවතේවකරු අමතා

කෝ බොල කොල්ලො වර පඩික්කම තියපිය කියා කෑගසීය.  එකෙනේම පඩික්කම පලංචිය යටින් තැබීය.කෙළ ගසන්නට බිම බැලූ සිත්තරාට දවල් තරු පෙනුනි. පඩික්කම තබා ඇත්තේ චිත්‍රනරඹමින් සිටි රජුය.



බලන්න නිහතමානීකම. සිත්තරාට පඩික්කම් ඇල්ලූ මොහු වචනයක් වැරදුනා කියා ලන්දේසි අද්මිරාල්වරයෙක් ( ජොරිස් වෑන් ස්පිල්බර්ජන් ) සාකච්ඡා මේසයේදීම කඩුවෙන් කොටා මැරූ අයෙකි.

විමලධර්මසූරිය රාජ ලේ ඇති අයෙක් නොවේ.  උඩරටප්‍රභූවරයෙකි. රාජ සම්බන්ධය ගොඩනැගුවේ කුසුමාසන දේවි විවාහකරගැනීමෙනි.


අසවේදෝ යුද්ධයෙන් මිය නොගියේය.  දන්තුරේ සටනින් මියගියේ ඔහුට පෙරසිටි කපිතන් ජෙනරල් වරයා වූ පෙද්‍රෝ ලොපැස් ද සෞසාය.  සෞසා පරාජය කිරීමට විමලධර්මසූරියට හැකිවුනේ ලස්කිරිඥ්ඥ හමුදාවේ කාන්ගර ආරච්චි තම පක්ෂයට ගැනීමට හැකිවූ නිසාය.

රන්දෙනිවෙල සටන සිදුවන විට උඩරට පාලකයා සෙනරත්ය. පෘතුගීසීන්ගේ දක්ෂම සෙන්පතියෙකුවූ කොන්ස්තන්තීනුද සා නොරොඥ්ඥා ගේ යුධ උපක්‍රම වල අවසන් වාසිය ලැබුනේ උඩරට රජුටය. ඔහු අන්තෝනි බරෙත්තු ( කුරුවිට රාල ) වැනි කරළිකරුවන් මර්ධනය කිරීමේ වාසිය ලබුනේ උඩරට රජුටය. රන්දෙනිවෙල සටනේදී නොරොඥ්ඥා මරුමුවට පත්විය. 
දෙවන රාජසිංහ ගේ යුධ ව්‍යාපාරයකින් මළ පෘතුගීසි කැප්ටන් ජෙනරල්වරයා දියෝගු මෙලෝද කස්ත්‍රෝය.

ලන්දේසීන්ට අවශ්‍යවුනේ භූමිය අල්ලා ගැනීමට හෝ ආගම් ප්‍රචාරනයට නොව වෙළදාමටය.ඔවුහු උඩරට ආක්‍රමණය කළේ දෙවතාවකි. මේ නිසා රාජසිංහට ලන්දේසි යුගයේදී යුද්ධවලට උහුණදීමට සිදුනොවීය.

රාජසිංහට එරෙවිව අප නගන ප්‍රධානම චෝදනාව ඔහුගේ ප්‍රජාපීඩනයයි. සෑම රජෙක්ම ප්‍රජාපීඩකයෙක් වූ නමුදු රාජසිංහ කෲරත්වය අතින් සෙසු සියලුදෙනා පැරදවීය.ඔහු වසර 52 ක් රට පාලනය කළ නිසා ජනපීඩනය කෙබදුදැයි සිතාගන්නවත් බැරිය.


මුකවාඩම් යෙදූ ආරක්ෂකයන් පිරිවරා සිටින රජුගේ අපූරු චිත්‍රයක් විදේශීය සිත්තරෙකු විසින් ඇද ඇත. රජු බේරාගැනීමට සිය දිවි දෙවෙනි කොට උත්සාහ කළ තරුණයන් දෙදෙනෙකුට ලැබුනේ අපූරු ත්‍යාගයකි.මොහු මොනතරම් අන්තනෝමතික කෲර පාලකයෙකුද කියා කියන්නට තවත් සාක්ෂි කුමටද


රජුවෙත පොදු ජනයා ආවේ බිම පෙරලෙමින් වැද නමස්කාරකරමිනි. ජනතාව තමන්ව හදුන්වාගත්තේ බලුකුක්කන් ලෙසය. කිසිම කෙනෙකුගේ ජීවිත සුරක්ෂිත නොවූ අතර රටේ සියළු දේපල අයත්වුනේ රජුටය. සියළුම කාන්තාවන්ගේ අයිතිකාරයාද රජුය.

සමහරු ඉල්ලන්නේ මෙහෙම පාලනයකි. අරිසෙන් අහුබුදු ,සූරිය ගුනසේකර හා තව දෙතුන් දෙනෙක් රාජාන්ඩුවක අසිරිය ගැන කියන විට අපට එය දිව්‍යලෝකයක් ලෙස මැවේ.ඇත්තය එය දෙව්ලොවක් වන්නේ රජාටය පොදුජනයාට අපායකි.

Sunday, April 19, 2015

සමරසේකර සිතිවිලි ගෙනෙයි මේ විමසිලි

මට කියන්නට අවශ්‍ය කරන දෙයක් වෙන කෙනෙක් කියන විට මා කරන්නේ වහා අසුන් පනවා මයික් එක දීමයි. මට වඩා හොදට අදහස් ප්‍රකාශනයේ දක්ෂ කෙනෙක් මුලසුන ගැනීම මට සතුටකි. මට ඇත්තේ හූමිටි තැබීම පමණි.

මම චීන සෝවියට් තනි පක්ෂ ආණ්ඩු විවේචනය කළෙමි. රාජාණ්ඩු විවේචනය කලෙමි. හමුදා ආන්ඩු විවේචනය කළෙමි. ඒ කියන්නෙ බටහිරරටවල පාලන ක්‍රම චෝයි කියාද

ඉහත කී ආණ්ඩු වලට වඩා නම් හොඳ බව ඇත්තය.එහෙත් එම රටවල මානව් හිමිකම් නිදහ්ස මානව ගරුත්වය රැකෙන බව කෙනෙක්  කීවොත් එය මුසාවකි. 

පරමාදර්ශී පාලන ක්‍රම මිහිමත කිසිදා නොතිබුනා විය හැක. අනාගතයේද සමහරවිට නොතිබෙනවා විය හැක. එහෙත්  බටහිර ලෝකයේ පරමාදර්ශී ආණ්ඩු තිබෙනබවට වූ මිත්‍යාව දුරලිය යුතුය.

විධායකය වටා සියල්ල බ්‍රමනය වන ආණ්ඩු ඇත. ව්‍යවස්ථාදායකය වටා සියල්ල බ්‍රමනය වන ආණ්ඩු ඇත. එසේම අධිකරණය වටා සියල්ල බ්‍රමනය වන ආණ්ඩු ඇත. එකක් අනෙකට වඩා හොඳ හෝ නරක නැත.

පැසුනු හිසකේ ඇති බුද්ධිමත් වෘත්තිකයෙකු මෙන්ම අදීන බ්ලොග්කරුවෙකු වන සමරසේකර මහතා ගේ මේ  අදහස් බලන්න.

මෙන්න සමරසේකරගෙ ලිපිය එතනට ගොස් කියවන්න




Saturday, April 18, 2015

එක් දිනක මගේ ඇස ගැටුන අධිමානසික විද්‍යා කරුණු අඩංගු පෝස්ට් තුනක් - සංවේදී , දෝංකාරය ,චන්දිම ගෝමස්

කිසිත් නොකියමි .ලින්ක් පමනක් පළ කරමි.

භෞතික ලෝකයෙන් එපිට විද්‍යාවට සොයාගත නොහැකිවූ දේවල් සාගරයක් සේ ඇත. අපට ඒවා ඍජුවම ප්‍රතික්ෂේප කළ හැකිද

මට නම් බැරිය

මෙන්න සංවේදී බ්ලොග් එකේ ලිපිය .එතනට ගොස් කියවන්න



මෙන්න දෝංකාරය බ්ලොග් එකේ ලිපිය එතනට ගොස් කියවන්න


මෙන්න චන්දිම ගෝමස්ගේ ලිපිය එතනට ගොස් කියවන්න



Thursday, April 16, 2015

සිරි අයියා හරි මිනිහා පක්ෂය බිම දාල ගියා ( සෝමවංශ අමරසිංහ ජවිපෙන් ඉවත්වීම ගැන විග්‍රහයක් )





සෝමවංශ අමරසිංහ මහතා ජවිපෙන් ඉවත්වී තිබේ. පුද්ගලයෙකු පක්ෂයකින් ඉවත්වීම ප්‍රවෘත්තියක් නොවුනත් මෙය ප්‍රවෘත්තියක් වන්නේ සෝමවංශ යනු ජවිපෙ සංකේතය වැනි බැවිනි. ඔහු මුළු ජීවිතයම ජවිපෙවෙනුවෙන් කැප කළේය. ජවිපෙ කැරළි දෙක ගැනම අත්දැකීම් සහිත සෝමවංස ජවිපෙ අනන්‍යතාවය පක්ෂයට ලබාගැනීමට අවශ්‍යම වූවෙකි. ඔහු ඉවත්වූ පසු සාමාන්‍ය සම්ප්‍රදාය ලෙස පාක්ෂිකයන් බුරා පනින්නේ නැත්තේ එබැවිනි. කොටින්ම කිව්වොත් ඔහු ලේසියෙන් ඉවත දැමිය නොහැකි චරිතයකි.

ජවිපෙ මතවාදී පක්ෂයකි. එහි පුද්ගලයාට වඩා වැදගත් මතවාදයයි. එහෙත් මතවාදද ක්‍රියාත්මක වන්නේ පුද්ගලයන් හරහා බැවින් අවසානයේදී පුද්ගලයාම වැදගත් වෙයි. පුද්ගලයාගෙන් වියුක්ත යාන්ත්‍රන නැත.

ජවිපෙ දෘෂ්ටිය යාන්ත්‍රිකය. එහිදී මිනිස් හැඟීම්වලට තැනක් නැත. ඔවුන් විශ්වාස කරන්නේ කිසියම් නියතිවාදයකට අනුව ලොව සියළු සිද්ධීන් සිදුවන බවයි.ඔවුන් දකින්නේ ආර්ථික මිනිසෙකි. ආර්ථිකය වෙනස්වන විට සමාජය යාන්ත්‍රිකව වෙනස් වෙයි. මිනිසා යනු යන්ත්‍රයක දැතිරෝදය.
මෙය මාක්ස්ගේ අවමගුල් දින එංගල්ස් කළ ප්‍රකාශයකින් ගෙනහැර දැක්වීම  අගී.

'' ශ්‍රේෂ්ඨතම සිතන ද්‍රව්‍යයේ සිතීම අවසන් විය "

සෝමවංශ නම් වූ සිතන ද්‍රව්‍යය පක්ෂයෙන් ඉවත්වීම වැදගත් වන්නේ ඇයි. පලයන් යන්න අපට සිතන ද්‍රව්‍ය බොහෝ ඇත කියා පක්ෂය නොකියයි. එසේනම් මෙහි කතාවක් තිබිය යුතුය. 

19 වන සියවසේ මාක්ස් දුටු ලොවට වඩා වෙනස් ලොවක් අප ඉදිරියේය. මාක්ස් එංගල්ස් ,ලෙනින් , මාඕ වැනි අය ලියා ඇති ශුද්ධ වාක්‍ය කටපාඩම් කරන මුග්ධ තරුණ පරම්පරාවක් අද නැත. ජවිපෙ වැනි පක්ෂවල ශක්තිය මේ කේඩරයයි. අලුත් විදියට සිතන්නට බැරි මේ අය ආදරණීය සගයන් ලෙස හැදින්වේ.නායකයන් ගන්නා තීරණ ක්‍රියාත්මක කිරීම ඔවුන්ගේ වගකීමයි. වාක්‍ය කටපාඩම් කරන මොව්හු මහා බුද්ධිමතුන් යැයි පක්ෂය විසින් හංවඩුවක්ද ගසයි.

වාමාංශික පක්ෂවල සැබෑව එයයි. බිම් මට්ටමේ අය දන්න දේශපාලනයක් නැත. එකම වචන සෙට් එකක් උඩප්පරන් ගසන විට එම වචන නුපුරුදු අය සිතන්නෙ උන් වැඩ්ඩෝය කියාය. 
"පෙත්තප්පු බත් කෑවද "


ජවිපෙ යනු දේශද්‍රෝහීන් පුහුණු කරන පාසලක් ලෙසද ක්‍රියාකර ඇත. එය සිතාමතා නොවේ. යුද්ධ සමයේ එන්ජීඕ වලට බැදී රටට හතුරුකම් කළ අය පරණ ජේවීපී කාරයෝය. ජවිපෙ දේශප්‍රේමී නම් මොවුන් ජවිපෙට බැදී ඇත්තේ වෙන මොකක් හරි හේතුවක් නිසාය.

ජවිපෙ ප්‍රායෝගික නොවන උපායමාර්ග මුග්ද ලෙස අනුගමනය කර රටට විශාල විනාශයක් ගෙන ආවත් ජවිපෙට මෙරට ජන හදගැස්ම ගැන ඉවක් විය. ඊට හේතුව ජවිපෙට බැදුන බහුතර්ය නායක විජේවීරද ඇතුළුව මහපොලව හදුනන නිර්ප්‍රභූ මිනිසු වීමය.

ජවිපෙට මම අකමැති ඔවුන්ගේ මාක්ස්වාදය නිසාය. සපත්තුවේ හැඩයට කකුල කපන මෙම දර්ශනය යටතේ ජනතාව ප්‍රේක්ශකයන් වෙයි. පක්ෂය ජනතාවට ඉදිරියෙනි . පක්ෂය ජනතාවට වගනොකියයි. චීනය තියනනමෙන් චතුරශ්‍රයේදී සිසුන් මැරුවේ ආයෙ චන්දෙකට නොයන නිසාය. රතුපස්වල වෙඩි තැබූ පසුගිය රජයට උත්තර බැදීමට සිදුවිය. වෙනස් එයයි.
සෝමවංශ පසුපස තවත් 45ක්.. ජවිපෙ උඩුකුරුඤ්ඤං.. විජිත හේරත්ට මඤ්ඤං
මතවාදයට අනුව සමාජය කෘතිමව වෙනස්කිරීමේ කණගාටුදායක නිදසුන කාම්බෝජයයි. පැරණි ග්‍රාමීය කොමියුනිස්ට් මූලාදර්ශයක් නිර්මාණය කිරීමට සියලුදෙනා කුඹුරුවලට දැක්කීමට පොල්පොට් ක්‍රියා කළේය.

සමාජවාදය යැයි කියන ක්‍රමය තුලින් සමූපකාර මොඩලයේ සහන , සාමූහික වගා සංග්‍රාම , සලාක ක්‍රමයට බඩු බෙදීම , සාමූහික දිළිදු ගොවිපොලවල් හැර වෙන දෙයක්න නොළැබෙනු ඇත. සියළුම සමාජවාදී රටවල් ධනවාදය වැළදගෙන තිබෙන්නේ එබැවිනි. මානව හිමිකම් , බහුපක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය සහිත ඇමරිකාවත් ඒ මොනවත් නැති චීනයත් අද ප්‍රධාන ධනවාදී සංරචක වෙයි.


සමාජවාදය නරක දෙයක් ලෙස මෙයින් කියවෙන්නේ නැත. එය හොඳ දෙයකි. අපට අනුව එය ඇතිවන්නේ ධනවාදය අභාවයට යාමෙනි. විප්ලවය හා මර්ධනය අප ප්‍රතික්ෂේප කරමු. මෙය දියුණු සාමූහික සමාජයකි.එහි විලාප ගී නැත.සියල්ලෝම සමානය ඒ හැකියාවන්ගෙනි.ස්වයංපෝෂිතය. එවිට ස්වයංක්‍රීයව සමාජවාදය ඇතිවේ.මෙය මිනිසා අධ්‍යාත්මිකව දියුණු වීමත් සමඟ ඇතිවන්නකි.  මෙය වෙනම ලිපියකින් පැහැදිලිකළ යුත්තකි.එය පක්ෂයකට කෘතිමව කළ හැක්කක් නොවේ.

සෝමවංස පක්ෂයෙන් ඉවත්වනවිට සමාජවාදය කරා වේගයෙන් නොයාම ගැන කියා ඇතිනිසා මෙය සදහන් කළෙමු.


එජාපයේ තරුණ පෙරමුණ ලෙස ජවිපෙ නව ගමනක් අරඹා ඇත. මෙය සමාජවාදය කෙසේවෙතත් මහපොලවෙන් බිහිවූ පක්ෂයක් ලෙසත් මෙය අසවාභාවිකය. එජාප පාක්ෂිකයා සිතන ක්‍රමයක් ඇත. 


ඔහු 2004 දී ශ්‍රීලංකාකාරයන් මනාප තුනම ජවිපෙට දුන්ලෙස ඡන්දය නොදෙති. එජාපය යනු පක්ෂයකට වඩා ආගමකි. ජවිපෙ උපාය මාර්ගය වුනේ සීසීකඩ වන ශ්‍රීලනිප ඡන්දදායකයා අල්ලාගෙන දෙවන බලවේගය වීමයි. එදා ඉන්දියන් හමුදාව දකුණට නො ආ ලෙසම  මහින්ද යුද්ධය අනාගත්තේ නැතිලෙසම මෙයද සිදුනොවීය. ශිෂ්‍ය ව්‍යාපාරයේ සිටි නාන්නේ රෙදි හෝදන්නෙ නැති පැය 24 ම පක්ෂය වෙනුවෙන් කැපකරන කේඩරයන් නිර්මාණය කිරීම අසීරුය. මේ පුද්ගලයන් මෙම ව්‍යාපාරවලට සම්බන්ධවන මානසික පසුබිම මෙහි කතා නොකරමි.

ඒ නිසා පක්ෂයකට ජනසහාය අවශ්‍ය වෙයි. නැත්නම් වෙන්නෙ වික්‍රමබාහුගෙ පක්ෂය මෙන් මාධ්‍යමගින් පවත්වාගෙන යන පක්ෂයක් බවට පත්වීමටයි.මෙහිදී ජනතාව හිතන ලෙස සිතීමට පක්ෂයට සිදුවෙයි. එජාපය පක්ෂයකට වඩා ආගමකි. එජාපයෙන් බල්ලෙක් පූසෙක් ඉල්ලුවත් පාක්ෂිකයා ඡන්දය දෙයි. ඒ නිසා එජාප ඡන්ද ගැන ජවිපෙට බලාපොරොත්තු විය නොහැක. ගේම් ගසා ඡන්ද ඩැහැ ගැනීමටද නොහැක. ඒ නිසා කළ යුත්තේ න්‍යාය මතවාද පස්ස පැත්තෙ ගහගෙන රටේ මිනිස්සු හිතන විදියට සිතීමයි . නැත්නම් වාස්තවික තත්වය මෝරනකම් පැත්තකට වී සිටීමයි.


ජවිපෙ ඊට සූදානම් නැත. විමල් වීරවංශ වැනි කථිකයන් නැතිකර ගත්තේ ඒ පසුබිමේ සිටය. විමල්ට චෝදනා කරන අයට කියන්නෙ අනෙක් ජේවීපී කාරයනුත් විමල්ට වඩා ලොකු වෙනසක් නැති බවයි. 

සෝමවංශ අවධාරණය කරන්නේ පක්ෂයට දිනුම අවශ්‍ය නම් රටේ මිනිසුන්ගේ හද ගැස්ම තේරුම් ගන්නා ලෙසයි. එසේ නැතිව රටේ මිනිස්සු මාක්ස්ගේ ඊනියා ශුද්ධ වාක්‍ය කටපාඩම්කරගෙන ජවිපෙට කතිරෙ ගසන දවසක් එයි කියා සිතනවානම් ජවිපෙ අය ගැන අනුකම්පා නොකර බැරිය.

සෝමවංශ  සිය දිගුකාලීන  අත්දැකීම්තුලින් තේරු ගත්තේ එයයි.හුට එය තේරුම් ගැනීමට අවුරුදු 50 ක් ගත විය. බලමු අනෙක් ජේවීපීකාරයනුත් මෙය තේරුම් ගැනීමට අවුරුදු 50 ක්ම ගනීවිද කියා.

Tuesday, April 14, 2015

මහින්ද නැති අවුරුද්ද

අලුත් අවුරුද්දක් ලබා ගෙවී ගොස් ඇත. භෞතිකවාදියෙකු වන මට සූර්යයා ගේ ගමන් වලින් වැඩක් නැත. එසේම ජනතාව ජ්‍යොතිර්වේදීන්ගේ සිරකරුවන් වීම ගැනද ඇත්තේ කණගාටුවකි. කෙසේ වෙතත් චාරීත්‍ර වාරීත්‍ර හා ජ්‍යොතිර්වේදී මනස්ගාත පසෙක තබා ඥාති හිතමිත්‍රාදීන් අවුරුද්දට එක දවසක හෝ එකතුවී විනෝද වීම හා කුඩා දරුවන්ට ප්‍රීතිවීමට අවස්ථාවක් සැලසී තිබීම නම් සතුටකි.

මෙම අලුත් අවුරුද්ද සුවිශේෂය. මෙය අලුත් ආණ්ඩුවක් යටතේ අලුත් තත්වයක් යටතේ සමරන නිසාය. සමහරුන්ටතවම මහින්ද රාජපක්ෂ නැතිව බැරිවී ඇත. මහින්ද නැති අවුරුද්ද එපායැයි කට්ටියක් කියන විට මහින්ද නැති අවුරුද්ද ගැන තව පිරිසක් සවිදිය පුරති. මහින්ද රටේ කොයි තරම් කේන්ද්‍රීය චරිතයක් වී ඇත්දැයි මෙයින් පෙනේ.


මහින්දට ආදරය කරන අය එසේ කරන්නේද මහින්දට වෛර කරන අය එසේ කරන්නේද එකම එක හේතුවක් නිසාය. ඒ මහින්ද යුද්ධයට දේශපාලන නායකත්වය දුන් නිසාය. එහෙත් ඔහු තමන් ගැන අධිතක්සේරුවක සිටියේය. ඔහු වටා සිටින අය ඔහුව නැටවූවා විය හැක.

              ඔහුගේ චරිතයෙන් අපට පාඩම් ඉගෙනීමට තිබේ.

පළමු පාඩම නම් අප මොනම විටකවත් අප ගැන අධිතක්සේරුවක සිටිය යුතු නැත.

ඊට හේතුව  අපගේ සාර්ථකත්වයන් හි රහස තනිකරම අපතුල සැඟවී ඇති ගූඩබවක් නොවීමයි.සියළුම ක්‍රියා සාමූහික ප්‍රයත්නයන්ය. එසේම වෙනත් සමාජ ආර්ථික දේශපාලන හේතුද කාලයද ඊට බලපායි.

කිසිම කෙනෙකු අවතක්සේරු නොකළ යුතුය. තමන් ගැන අධිතක්සේරුවටම සම්බන්ධය. පසුගිය කාලයේ සමහර ඊනියා කුමාරවරු හැසිරී ඇත්තේ පුදුම අහංකාර ලීලාවකිනි. ජනතාව පල් මෝඩයන් ලෙස සිතූ ඔවුන් සිය ප්‍රතිවාදීහු අවතක්සේරු කළහ.

මිත්‍යා විශ්වාසවල ගැලීම

මෙය නම් ඕනෑම කෙනෙක් පිරිහෙන මාර්ගයකි.කර්මය ජ්‍යොතිෂය වැනි දේවල් මටහ් සියලු සංසිද්ධීන් විග්‍රහ කරන අය ගන්නේ මරිමෝඩ තීරනය.

දැන් මිත්‍යාව ටිකක් පල්ලම් බැස තිබේ. රාවණා කතාද නැත. එයින් මටනම් වුනේ පාඩුවකි. මිරැන්ඩෝලාගේ රාවණා කතා අසා හොදහැටි සිනාසී ලේ පිරිසිදුකර ගැනීමට මට අවස්ථාවක් පෑදී තිබිණි.

අවට සිටින අය නිරීක්ෂනය කර නිගමනයන්ට එළබීමට යම් හැකියාවක් තිබිය යුතුය.

පසුගිය ක්‍රියා කලාපය අධ්‍යනය කර හෙළ උරුමය වැනි ව්‍යාජ දේශප්‍රේමීන්ගේ අවස්ථාවාදීත්වය ගැන තක්සේරුවක් කිරීමට අසමත් විය.

පලිගන්නෙක් නොවිය යුතුය.

2010 ජනාධිපතිවරනයේදී මහින්දගේ පාඨය වුනේ ඔහු සංවේදී නායකයෙක්ය යන්නයි. එහෙත් දිනපු හැටියේම සරත් ෆොන්සේකා හිරේ දැම්මේය.  එසේම විරුද්ධවාදීන්ට චන්ඩි පාට් දැම්මේය. එහි ප්‍රතිපලය වුනේ අතිශයෝක්තියෙන් දක්වා විශාල පිරිසක් රට පැනීමයි. යහපාලනය ආවත් ඔවුන් ආපසු නො එන්නේ මේ හේතුවෙනි. ඌරන් කැකුන තලනකොට හබන් කුකුලන්ට රජ මගුල් කීවා සේය.

තමන්ට බාරදීපු වැඩේ තමන්ම කළ යුතුය.

රට බාර දුන්නේ මහින්දට මිස ඔහුගේ මල්ලිලාට හෝ පුතුන්ට නොවේ. ඒ අය සම්බන්ධකර ගත්තත් ඔවුන්ගේ සීමාවල රැදවිය යුතුව තිබිණි.

අවංක විය යුතුය.

හොරකම බොරුව වංචාව ත්‍රිමූර්තිය කරගත් විට ඕනා එකෙකුට කවදා හෝ වැඩ වරදී. විභාගයක් හෝ හොරට ලියාන්නෙ නැතිව පාස් වීමට ළමයින්ට ඉගැන්විය යුතුය.කපටිකම වැඩිවුනහමත් සියල්ල අවුල් වේ. 

හැම එකාම සතුටුකරන්නට නොයන්න

මහින්දගේ එක් උපායක් වූවේ හැම එකාම සතුටු කිරීඅයි. නීතිය බල්ලට ගියේ එහි ප්‍රතිපලයක් ලෙසය. මෙසේ සතුටුකිරීමේ දී ප්‍රදාන වශයෙන් ඉලක්ක කළේ හාමුදුරුවරු , කලාකාරයන් හා මාධ්‍යවේදීන්ය. එහෙත් තීරණාත්මක මොහොතකදී එය ප්‍රයෝජනවත් නොවීය. ඔහුගෙන් වාසි ලැබූ හාමුදුරුවරුම ඔහුට එරෙහි විය.


කෙනෙක් කළ යුත්තේ හරි දේය. එය අනුන්ටද හරි දේ විය යුතුය. මහින්දගේ වැරදි තේරුම් ගැනීම දේශපාලනඥයන්ට මතුනොව ඕනෑම කෙනෙකුට තම තමන්ගෙ ජීවිතවලටද ප්‍රයෝජනවත්ය.

Monday, April 13, 2015

මත්පැන් , පොරවල් හා විප්ලවකාරී පුකවල් ප්‍රගතිශීලීව මිරිකීම

පුණ්‍ය කාලය වෙලාවෙ බ්ලොග් පෝස්ට් එකක් දාන්න හිතාගෙන රෝලෙ වෙනත් බ්ලොග් බලමින් සැරිසරන විට සමහර බ්ලොග් කරුවන් සුබපැතුම් වල විශේෂත්වයක් දැකිය හැකිවිය. සුරා මතින් තොර අවුරුද්දක මිහිර විදීමට එක් බ්ලොග් කරුවෙක් යෝජනා කර තිබුණි. ඒ අප හිතවත් කුරුටු ගී පවුරයි.

සුරාවෙන් තොරව අවුරුද්ද සැමරිය හැකිද එය ප්‍රායෝගිකද යන්න විමසා බලමු. අවුරුද්ද වෙනුවෙන් පිරිමින් 90 % ක් පමන කරන ප්‍රධානම කටයුත්ත නම් සුරාපානයයි. සුරාපානය නොකරන අමධ්‍යප ටෝක් දමන අය සුරාපානය නරක දෙයක් ලෙස සළකති. සුරාපානය කරන අය සුරාව නොබොන අය පොන්නයන් හා පිරිමිකමක් නැති අය ලෙස හදුන්වති. කතාව ඇත්තද සුරාවට ඇබ්බැහි නොවූ අය ලෙඩ්ඩුද නියම පිරිමින් යනු බේබද්දන්ද

මට නම් හිතෙන්නේ යමකට ඇබ්බැහි වන්නේ පෞර්ෂ දුබලතා ඇති අය බවයි. උත්සව අවස්ථාවල මද පමනින් සුරාව ටික තොලගාන අයද සිටිති. කිසිසේත්ම සුරාව පානය නොකිරීමට වඩා මෙය මැද මාවතකි. එසේම අරක්කු වීදුරුවක් පෙන්නා අශ්වයා කැරට් අලය පසුපස යන ලෙස ඕනෑම තැනකට කැදවාගන යාහැකි දුර්වලයෝද සිටිති.

සුරාව නිසා සැබෑ මිනිසා මතුවේ. සමාජයට පෙන්වන ව්‍යාජ ප්‍රතිරූපය වෙනුවට සැබෑව එළියට එයි.එසේම සුරාවට කළ නොහැකි දෙයක් නැත. අපරාධ හා රිය අනතුරු වලින් වැඩි ප්‍රමානයකට මත්පැන් හේතු වේ. ගෙවල් වල ආරාවෞල් වලද ප්‍රධානම විත්තිකරු ඇල්කොහොල්ය. ශරීර සෞඛ්‍යටද අහිතකරය.  ඇල්කොහොල් වලට මොළය ඇබ්බැහි වූ විට මොලය එය දිගටම  ඉල්ලයි. නිකොටීන් හා තහනම් මත්ද්‍රව්‍ය වලින් සිදුවන්නේද එයයි. එබැවින් මෙය ට ඇබ්බැහිවීම වීර කමක් නොව දුර්වල කමකි. නියම පිරිමින් යනු මත්පැන්වලට වහලුන් වූ බේබද්දන් නොව කෙළින් කටින් පාරේ යාමට හැකි කිසිම දේකට ඇබ්බැහි නොවූ අයුක්තියට එරෙහිව හා දුර්වලයන් වෙනුවෙන් නැගීසිටින සත්පුරුෂයන්ය.බේබද්දෝ පොරවල් නොවෙති.එක් ගායකයෙකු සිරෝසිස් හැදී මරණ මංචකයේ සිටියදීත් ඇද යට අරක්කු බෝතලය තිබුනාලු.

සුරාව ,සූදුව, දුම් පානය, මත්ද්‍රව්‍ය (කුඩු ) පාවිච්චිය නරක දේවල් ලෙස හැදින්වෙන්නේත් බොහෝ ආගම්වලින් තහනම් කර ඇත්තේත් එබැවිනි. බුදුදහමේ පංචශීලයේ පස් වැනි සිල්පදය සුරාවෙන් වළකින බවයි. එහෙත් එය පිළිපදින බෞද්ධයන් නැති තරම්ය. එහෙත් ඉස්ලාමය මෙම තහනම දැඩිව අවධාරණය කරයි.

එදා අරාබියේ සුරාව ට ලැබුනේ ප්‍රධානම ස්ථානයකි. ගෑනු පිරිමි බේදයක් නැතිව සුරාපානය කර වෙරිවී බල්ලන් මෙන් තැන් තැන්වල වැටී සිටියහ. අරාබීන්ට ඉස්ලාමය පහලවීමෙන් පසු මුහම්ම්ද නබි තුමා අල්ලා දෙවියන් විසින් මත්පැන් තහනම් කර ඇති බව නිවේදනය කළ විට සිදුවූවේ කුමක්ද

අරක්කු වීදුරුව අතට ගත් අය එය බිමට හැලූහ. කටට දාගත් අය උගුරය යා නොදී බිම දැමූහ. උගුරට ගිය අය බඩට යා නොදී වමනය කළහ. අරක්කු ගුදම් පිටින් මක්කාවේ වීදිවල බිම ගලාගියේ ගංගාවන් ලෙසය.ආගමකින් කළ හැකි සමාජ වෙනස එබදුය.

මේ ගැන අන්වර් මනතුංග  පුරුෂ ශිෂ්ටත්වය හා යථාර්තය යන නමින් පළ කළ ලිපිය. 

අරක්කු බීමෙන් පසු හැසිරීමේ වෙනසක් ඇතිවන බව අප දනිමු. ගමේ බැලගෙඩිකඩන එකාත් පශ්චාත් නූතනවාදය, පශ්චාත් ස්ත්‍රීවාදය පශ්චාත් මාක්ස්වාදය ගැන පඩිටෝක් දාන එකාත් අරක්කු බිවවහම හැසිරෙන්නේ එක විදියටද. එය නම් අපූරු පරීක්ෂනයකි.

බැලගෙඩි කඩන එකා ගමේ හොර අරක්කු තිප්පොලෙන් වඩියක් ගසා එන්නේ 
රාජ සගබෝ හිස දී දුගියාටා දාන පාරමී  චන්ඩි ඉන්නවනම් වරෙවු කියා වැනි වැනී වැටි වැටීය. ඉස්කෝලෙ හාමිනේ කෙනෙක් වත් දැක්කොත් වෙරි හිදේ. වරදකාරී හැගීමෙන් පසෙකට වෙයි.

එහෙත් පශ්චාත් නූතනවාදී  පශ්චාත් ස්ත්‍රීවාදී පශ්චාත් මාක්ස්වාදී ඔල්මොරොන්දම් බුවෙක් බියර් ටිකක් බිව්වොත් පුක් මිරිකන්නට ගෑනුන් පස්සේ එළවයි. බැලගෙඩි කඩන එවුන් වාගෙ නොවෙයි. මේ වගෙ අය මිරිකන්නේ විප්ලවකාරී පුකවල් ප්‍රගතිශීලී ලෙසය. එය ගැන ලැකාන් හා ජීජැක් කී දේවල් ඇසුරින් ශාස්ත්‍රීය විචාර අවශ්‍යය.


මුන් මොනවා හෝ වචන සෙට් එකක් කටපාඩම් කරගෙන ඔහේ දොඩවති . විදිමත් අධ්‍යාපනයක් නොළත් සහ බයෝ මැත්ස් කළ අය ට මේවා මැජික්ය. එහෙත් මේ දාර්ශනිකයන්ගේ මුල් පිටපත් ඉංග්‍රීසි බසින්හෝ කියවිය හැකිනම් මෙහි ඇත්ත අවබෝධවේ. මුන්ගෙ දේශනාවල හරබර බවේ රහස වෙනමොකක්වත් නොව දුර්වල පරිවර්තනයන්ය. භාෂාව හසුරුවා ඇති ආධුනික මුග්ධ ස්වරූපය නිසා කියවන කෙනාට වෙහෙසකි. එවිට මුන් නිකම්ම බුද්ධිමතුන් වේ.

තහනම් වචන බ්ලොගයේ මේ ගැන පළවූ ලිපිය මෙතනින් කියවන්න. 

http://thahanamwachana.blogspot.com/2015/04/come-let-us-modernize-your-posterior.html

මෙම ලිපිය උපුටන්නේ පසන්ගේ පරිවර්තන ගැන එහි ඇති සදහන නිසාවෙනි. 

කොන්ඩ රැවුල් වවාගෙන පිස්සෙක් සේ අස්වාභාවික ජීවිතයක් ගත කිරීම වීරකමක් නොවේ. එසේම ඊනියා ප්‍රබුද්ධ ( ඔල්මාද ) කන්ඩායම්වල මෙවැනි චරිත උත්කර්ෂයට නැංවේ.



ගැහැණිය යනු පුරුෂයාගේ ෆැන්ටසියකි. ඇයගේ මහපටඇගිල්ලේ සිට කෙස් කලඹ දක්වාම කාම කලාපයකි. කොටින්ම ස්ත්‍රියගේ මුළු සිරුරම ලිංගයකි. මෙසේ වී ඇත්තේ සොබා දහමෙන් වර්ගයා බෝ කිරීමට පිරිමියාගෙ ආකර්ශනය ලබා ගැනීමටය. සොබා දහම නිතරම සාධාරණ නැත. සොබා දහමෙන්වත් දඩුවම් ලැබෙයි කියා සමහරු අයුක්තියක් වූ විට දෙස් තැබුවත් ඇත්තටම සොබා දහමේ නීතිය අසාධාරන අසමානාත්මතා අයුක්ති සහගත එකකි. සොබා දහමේ නීතිය යනු කැලෑ නීතියයි.

දරුවන් ලැබීම සදහා ස්ත්‍රියගේ ශ්‍රෝණි ප්‍රදේශය පලල් වී ඇත. මේ නිසා ස්ත්‍රියගේ නිතබ ලොකුය. කිරිදීමට නිර්මාණය වූ පියයුරුද ගර්භාෂය දැරීම නිසා විශාල වූ නිතඹද පුරුෂයාට මහ මෙරකි. ඊට වහ වැටෙන පුරුශයා ස්ත්‍රිය හා එක්වී ඊලඟ පරම්පරාවට ජාන සම්ප්‍රේෂනය කරයි. දාරක සෙනෙහස ආදියද මෙම ජාන හුවමාරුවට උපකාරී ලෙස තිබෙන සොබා දහමේ උපක්‍රමය.

වෙන මැජික් එකක් නැත. විප්ලවකාරී පුක් වල හාස්කම්ද නැත.


යුතුකම සංවාද කවය විසින් පශ්චාත් මාක්ස්වාදී පශ්චාත් ස්ත්‍රීවාදී පශ්චාත් නූතනවාදී පුක මිරිකීම ගැන කළ විචාරයක්.



මේ බලන්න හිනාකාල පනයන විග්‍රහය.



මේ ගැන බුකියේ ගොඩේ බයියාගෙ මතය



විප්ලවකාරී පුකවල් දාර්ශනිකව මිරිකීම