Monday, March 30, 2015

කලාකරුවන් යනු අලිපුකෙන් ආ අයද

මින් ඉදිරියට අළුත් විශේෂාංගයක් හදුන්වාදීමට අදහස් කරමි. එනම් වෙනත් බ්ලොග්වල පළවන ශාස්ත්‍රීය ලිපි  ඒවායේ සබැදි සමඟ  මුළු ලිපියම පළකර විචාරය කිරීමයි ( මගේ අදහස් දැක්වීමයි ). මගේ ලිපි හා කතන්දරද පළ කරමි. අලුත් විශේෂාංගය සුපුරුදු ලිපිවලට අමතරවය.

අපගේ බ්ලොග් අවකාශයේ අන්වර් මනතුංග නම් බ්ලොග් කරුවෙක් වෙයි. මම ඔහු ප්‍රිය කරමි. ඊට හේතුව ඔහු ප්‍රකාශ කරන අදහස් තර්කානුකූල වීම  සහ ඔහුගේ අදහස් මගේ අදහස් වලට සමාන වීමයි.මම පළකරන්නට සිටි පෝස්ටුව කල්දමා කලාකරුවන් ගැන ඔහු කියන දේට ඉඩක් දුන්නෙමි. ඊට සවන් දෙන්න

සබැදිය මෙන්න

http://www.anvermanatunga.net/2015/03/31/namal-udugama-kidney-sinhala/

ඔහුගේ ලිපිය මෙසේය.

##################################################################

                                             

                           අන්වර් මනතුංග ගේ අදහස්

කලාකරුවන් සම්බන්ධයෙන් අපගේ මතවාදය වුයේ ලංකාවේ කලාකරුවන් සිටින්නේ ඉතාමත් අතලොස්සක් බවත් සිටින්නේ නලාකරුවන් (පොඩි දෙයක් කර ලොකු ඝෝෂාවක් දමන) සහ කලාබරයන් (කලාව පැත්තට පොඩ්ඩක් බර) පමණක් බවත්ය. ඉදින් කෙසේ හෝ මේ නලාකරුවන් සහ කලාබරයන් තමුන්ව අද කලාකරුවන් ලෙස හඳුන්වා ගනිති. ජීවත් වීමට දරන උත්සාහයක් ලෙස අප එය ලඝු කිරීමට අවශ්‍ය නැත. නමුත් උන් කලාකරුවන් ලෙස සලකා අන්ධ භක්තියෙන් බුහුමන් කිරීම සහ උන් කියන දේ හරි යැයි සිතා අන්ධ භක්තියෙන් කටයුතු කිරීම ජනතාව විසින් නොකළ යුතු බව අපගේ අදහසයි.


මේ ඊනියා කලාකරුවන් සිතන්නේ තමන් විසින් සමාජයට විශාල මෙහෙවරක් කරන බවත් එයට ජනතාව විසින් විශාල වශයෙන් කෘතගුණ දැක්විය යුතු බවත්ය. නමුත් අපගේ අදහස නම් උන් බහුතරයක් කරන්නේ කලා නිර්මානයක් ලෙස මොනවා හරි උලව්වක් සාදා ජනතාව වෙත විකුණා මුදල් කර ගැනීම බවයි. විශේෂිතම දේ නම් අපි විසින් කිසියම් භාන්ඩයක් මිලදී ගතහොත් එය අපට හිමි වස්තුවකි. නමුත් මේ ඊනියා කලාකරුවන් විසින් අපට විකුණන නිර්මාන වල අයිතිය කවදාවත්ම අපට හිමි නැත. එය සැමදා හිමි ඔවුනටය. නිදසුනක් ලෙස ගායකයෙකු ගෙන බලමු. ඔහු විසින් ගයන ලද ගීතයක් නැවත ඔහුගේ රසිකයෙක් විසින් ප්‍රසිද්ධ මාධ්‍යයක ගැයුවහොත් කුමක් සිදුවේද? එක පාරක් දෙපාරක් ඉවසනු ඇත. නමුත් දිගින් දිගටම කියන්නේ නම් එය වාරණය කිරීමට පියවර ගනු ඇත. බොහෝ විට ගායකයෙකු ස්වකීය ගී ගායන අයිතිය තමුන්ගෙන් පසුව තමුන්ගේ දරුවෙකුට නීත්‍යානුකූලවම පවරනු අප ඕනෑ තරම් දැක ඇත. මෙනයින් බලන කල ඔහු කර තිබෙන්නේ කලාවක් නොව ව්‍යාපාරයකි.

කිසියම් ගායකයෙකු ගීත තැටියක් නිකුත් කළ පසු එයින් බොහෝ විට ජනප්‍රිය වන්නේ එකක් හෝ දෙකකි. මෙහි යථාර්තය කුමක්ද? යථාර්තය නම් ගායකයා විසින් නිර්මාණශීලීව කර ඇත්තේ එක ගීයක් පමණි. නමුත් එක ගීතයක් පමණක් කර වෙලඳපොල මිලක් සාදාගත නොහැක. ඒ නිසා ජනතා රුචියට නොගැලපෙන තවත් ගීත රැසක් සාදා එය තැටියකට දමා අපට අලෙවි කරයි. මේ තැටියෙන් එක් ගීතයක් ජනප්‍රිය (හිට්) වුවා යැයි හිතමු. අද බොහෝ විට ගීතයක් ජනප්‍රිය වෙන්නේ එම ගීතයේ තිබෙන වචන සහ සංගීතය නිසාවෙනි. ඉදින් එෆ්.එම් නාලිකා, ෆෝන් රිගින් ටෝන් සහ සංගීත සංදර්ශන වල මේ ගීතය පට්ට ගැසෙන්නේය. ටික දවසක් යනවිට ජනතාවට මේ ගීතය එපා වන්නේය. ඒ ඇයි? හේතුව එම සංගීතය සහ වචන තවදුරටත් ජනතාවගේ දෙසවනට මිහිරක් ගෙන නොඒම නිසා නොවේද? ඉදින් මේ ඊනියා ගායකයන් කරනුයේ කන පිනවා මුදල් ගරා ගැනීමක් නොවේද?

අපි දැන් මාතෘකාව දෙසට සෘජුව බසිමු. ප්‍රසිද්ධ ගායක නාමල් උඩුගම මහතාගේ අක්මාව නරක් වී ඔහුට අක්මාවක් බද්ධ කිරීමට සිදුවී ඇති බව පුවත් මගින් වාර්තා විය. දැන් නාමල් උඩුගම රැකගැනීමට කලාකරුවන් ඉදිරිපත් වී සිටිති. එක්තරා කලාකරුවෙක් ලෙස තමන් විසින්ම හඳුන්වා ගන්නා නලාකරුවෙක් රජයට චෝදනා කළේ නාමල් වෙනුවෙන් ආන්ඩුව කිසිවක් නොකල බවයි. ඉන්පසුව ආන්ඩු පක්ෂයේ සිටින අය එයට පිළිතුරු සපයමින් ජනාධිපති අරමුදලෙන් නාමල්ට ලක්ෂ 10ක් දුන් බව පැවසීය. ඒ නාමල් උඩුගමටය. එතකොට අපි? රටේ සාමාන්‍ය ජනතාවට අක්මාවන් නැද්ද? අක්මාව වන්නේ නාමල්ගේ අක්මාව පමණක්ද? රටේ එකම අක්මා රෝගියා නාමල් උඩුගමද? එසේ නොවේ නම් රටේ අනෙකුත් අක්මා රෝගීන්ට මුදල් එකතු කරන්නේ කවුරුන්ද? ඔවුන්ට ජනාධිපති අරමුදලෙන් ලක්ෂ දහය ගණනේ මුදල් ලබා දේද? මේ ඊනියා කලාකරුවන් ඒ අක්මා රෝගීන් වෙනුවෙන් මුදල් එකතු කළේද? උත්තරය නම් කිසිසේත්ම නැත යන්න නොවේද?

එසේ නම් අප විසින් කළයුතු වන්නේ කුමක්ද? අක්මා රෝගයෙන් පෙලෙන ජනතාව වෙනුවෙන් අරමුදලක් ගොඩ නැගීමයි. එසේ ගොඩනගා එක් එක් රෝගීයාගේ අවශ්‍යතාවය පමණට සරිලන මුදලක් ඔවුන්ට ලබා දීමයි. නාමල් උඩුගමත් අක්මා රෝගියෙක් නම් ඔහුටද අන් ජනාතාවට ලැබෙන ආකාරයේ ආධාර මුදලක් ලැබෙන්නට සුදුසු නම් එය ඔහුට ලබා දීම සම්බන්ධව මා විරුද්ධ නැත. 

################################################
                                   මගේ අදහස් 
කලාකරුවන් කියන උදවිය මහළුවියට ආ පසු අපට ආණ්ඩුව සළකන්නෙ නෑ කියා මැසිවිලි නගති. එහෙත් ඔවුහු කර ඇත්තේ රැකියාවකි. ඊට ගෙවීම් ලබාගෙන ඇත. ඔබගේ අපගේ දෙමාපියෝද තරුණ කාලයේ රැකියා කළහ. ඔවුන් බහුතරයක් රැකියා කළේ කුඹුරුවල , වැඩපොලවල් වල දහඩිය මුගුරු වගුරමිනි. ඔවුන්ගේ රැකියාවලට රූපලාවන්‍ය හෝ සුවපහසු ජීවිත අනිවාර්ය සාධක වුනේ නැත. කලකරුවන් මෙන්  අධික මුදලක් අය කලේද නැත. ඔවුහු මුදලක් ඉතිරිකර ගත්හ. මෙම කලාකරුවෝ කියන අය තමන්ට ලැබුන මුදල් නාස්තිකර වයසට ගිය විට ආණ්ඩුවලට දොස් නගති. මේ කිව්වේ පොදුවේ හිඟමනට වැටුන තරුණැ කාලයේ දිව්‍ය ලෝකවල දිවි ගෙවූ අයයි.

අනෙක් කලාකරුවෝ තමන් සුවිශේෂී පිරිසක් නිසා සාමාන්‍ය ජනතාවට නොදියයුතු වරප්‍රසාද ලැබිය යුතු යැයි සිතති. මෙය අසාධාරණය. එක් මාධ්‍ය සාකච්ඡාවකට ආ කලාකරුවන් පිරිසකගෙන් මාධ්‍යවේදියා ඇසුවේ ආණ්ඩුව කලාකරුවන්ට සළකනවා මදි නේද කියාය. එක් කලාකාරිනියක් සිනාසුනාය. තව එකෙක් කීවේ කලාකරුවා යනු රටේ පෙරගන්කරුබවත් උන්ට හොඳ ලයිෆ් එකක් තිබිය යුතු බවත්ය. කොමෙන්ට් දමන්නට බැරි නිසා සිටියේ දත්මිටි කමිනි. මතකයේ රැදුනේද එනිසාය.

මේ මේ අය තමන්ට උපතින් ලැබුන මිහිරි කටහඩ පාවිච්චිකර මුදල් උපයති .එහි වරදක් නැත. අන්වර් කියන ලෙසම අප භාන්ඩයක් මිළදී ගත්විට එහි හිමිකම අපටය. මේ අය සුපිරි මනුෂ්‍යයන් වීම අවශ්‍ය නැත.කලාකරුවාගේ හැකියාවට ආශාකර ඉන් නොනැවතී ඔහුගේ ඇයගේ පංචස්කන්දයටද ආශා කිරීම නිසා මෙම මුලාව ඇතිවී ඇත.නළුවන් මැරෙනවිට සිරුරට ගිනිතබාගන්නේ ඒ අයයි. හැකියාව පංචස්කන්දවලින් වියුක්තව බැලිය යුතුය. මෙසේ සිතන්නට පුරුදුවූ විට දේශපාලකයන් ඇදහීමද නැතිකර ගත හැක.

27 comments:

  1. වැඩේ හොඳයි හැකිතාක් කල් කරගෙන යන්න. කලාකරුවන් ගැන මගේ අදහසුත් මෙතන කියන්න ගියොත් වැඩේ අල වෙනවා. ඒ නිසා පෝස්ට් දෙකම කියවූ බව පමණක් කියන්නම්.

    ReplyDelete
    Replies
    1. ඔබ අගය කළේ වෙනත් බ්ලොග්වල පළවන ශාස්ත්‍රීය පෝස්ට් මෙහි යළි සැබැදි සමඟ පළකිරීම ගැන විය හැකියි. එහිදී කිසියම් ශාස්ත්‍රීය එකතුවක් වෙනව. ඒ වගේම සංවාදයන් යළි කියවන්න පහසුවෙනවා.පෝස්ටුව අලුත්වෙනව තව පිරිසක් අතට යාමෙන්.
      අපි බ්ලොග් කලාව තුල අලුත් අත්හදාබැලීම් කළ යුතුයි.

      කලාකරුවන් ගැන ඔබේ අදහසුත් කීවානම් තමා හොද

      Delete
  2. අන්වර්ගෙ ඔය නිවැරදි තර්කය මිනිහගෙ ආගම ගැන කතාකොරනොකට නැතිවීම තමා ලොකුම අවුල :v

    ReplyDelete
    Replies
    1. ආගම ගැන ඔහු කියන කතා බැහැරකරන්නම වෙනව. ඒව බැහැර කළාට පස්සෙ හොඳ අදහස් ටිකක් ඉතිරිවෙනවා.

      Delete
    2. මෙච්චර සිරා අදහස් තියෙන පුද්ගලයෙක් ආගම ගැන කථා කරද්දි අරෙහෙම වෙන්න හේතුවට ඇත්තටම පැහැදිලි කිරීම් තියෙනවා. ඉන් පළමුවැන්න තමයි... එක්කෝ ඕනේ නෑ.

      Delete
    3. අන්වර් කියන්නෙ හොඳ බ්ලොග්කරුවෙක්. එහෙත් ඔහු රැකියාවක් කරන්නෙ.කිසියම් ජනකොටසක් වෙනුවෙන් ලියනව. ඔහුගෙ අරමුණ වෙනස්. එහි කිසි වරදක් නෑ.

      Delete
  3. ඒ වගේම ක්‍රිකට් ක්‍රීඩකයන් වර්ල්ඩ් කප් වගේ දිනුවම සල්ලි සහ ඉඩම් දෙනව ඒ ඒ කාලවල ඉන්න ලොක්කන්ට හිතෙන හිතෙන විදියට. එහෙම දෙන්න පුලුවන්ද රටේ බදු සල්ලි.
    ජපානෙ ඔලිම්පික් යන ක්‍රීඩකයන්ට් දිනන රන්, රිදී, ලෝකඩ පදක්කම් සඳහා දිරි දීමනාවක් ලෙස අනුමත මුදල් ප්‍රමානයක් ගෙවනවා. ඒක එක එක්කෙනාට හිතෙන හිතෙන් ලෙස වෙනස් වෙන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. මහජන මුදල් හැන්දෙන් නෙමෙයි සවලෙන් බෙදපු හිටපු ලොක්ක ඔහොම යෝජනාවක් කළා. ක්‍රිකට් ක්‍රීඩකයො කියන්නෙ තම රැකියාවෙන් අධික ලෙස මුදල් උපයන අය. කීමටත් කියන්නෙ දුප්පත්තු බඩගින්නෙ ඉදගෙන බිස්නස්කාරයන්ට හුරේ දාන එක තමා ක්‍රිකට් කියන්නෙ කියල. ලංකාව දිනුවත් ඉන්දියාව දිනුවත් වෙන රටක් දිනුවත් අන්තිමට දිනන්නෙ ක්‍රිකට් කාරයො. උන්ට දෙන සහන , වරදාන වලට වක්‍රව අපිට ගෙවන්න වෙනව. උන්ට අනුග්‍රහය දක්වන සමාගම් අලෙවිකරන භාන්ඩ අපි මිලට ගන්නවනෙ.
      රට වෙනුවෙන් ක්‍රීඩාකරනව කියල යම් සහනයක් දුන්නත් ඔබ කියනව වගෙ ඇතෙක් බරට වස්තුව දෙන්න ඕන නෑ.

      Delete
  4. ඔය විකාරෙ පටන් ගත්තෙ මම හිතන්නෙ ප්‍රේමදාස

    ReplyDelete
    Replies
    1. ප්‍රේමදාසත් මහින්ද වගේම හිතුවෙ මිනිස්සු ඡන්දෙ දෙන්නෙ කලාකාරයො කියන පැත්තට . ඒ නිසා කලාකාරයන්ට සළකපුවම හරි කියල. ප්‍රේමදාසලගෙ මහින්දලගෙ පුද්ගලික මුදලින් කලාකාරයන්ට සැලකුවට අපට කමක් නෑ. නමුත් මහජන මුදල් යෙදවීම වැරදියි.
      මේ කතාව කියපු වෙලාවක එක්කෙනෙක් කියනව මම හැමදේම අලෙවිය කියන කාරනේ මත බලනවලු එහෙම නෙමේලු මනුස්සකම සංවේදීකම තියෙන්නෙ කලාවත් එක්කලු.ඒක වෙනත් භාන්ඩයක් එක්ක සසදන්න බැරිලු. මම ඇහුව එතකොට විශේෂ වරප්‍රසාද බලාපොරොත්තුවෙන එකද මනුස්සකම කියල.
      හැම එකාම කරන්නෙ සේවයක්. මුන් සින්දුවක් කියල සල්ලිත් හම්බකරගෙන තව රටම උන්ගෙ ණයකාරයො කරගෙන. මෙහෙමයි
      කණ පිනවන එකා ගායකය. ඌට ගෙවනව
      දිව පිනවන එකා කෝකිය ඌට ගෙවනව
      ඇස පිනවන එකා නැට්ටුව ඌට ගෙවනව
      ........ පිනවන එකී ගණිකාව ඒකිට ගෙවනව එච්චරයි.

      හරිනම් ගණිකාවො තමා කෑගහන්න ඕන . අපි ..... පිනවනව අපට ආණ්ඩුව සළකන්නෙ මෙහෙමයි හැබැයි කණ , ඇස පිනවන එවුන්ට කොළඹින් ගෙවල් අරක මේක කියල.

      Delete
  5. ලිපියෙ තියෙන්නෙත් පොදුවේ කොමන්ටුවල තියෙන්නේත් සිහිබුද්ධියෙන් ඉන්න අයගේ මතුපිටට නොපැමිණි අදහස් හා විවේචනමයි.

    ReplyDelete
    Replies
    1. සමාජය මතවාදී සිරගෙයක් කරගෙන කලාකාරයො කියන අයගෙන් පාටිඅරගෙන පට්ටපල් බොරුලියලිය මාධ්‍ය කරගෙන යනව. විද්‍යුත් මාධ්‍ය ජනතාවගෙ බුද්ධියට නිගාකරමින් කෝම්පිට්ටු උයමින් මුදලාලිලගෙ න්‍යාය පත්‍ර අනුව වැඩ කරනව. මහජනයට තමන්ගෙ මතය කියන්න ක්‍රමයක් නැහැ. මේ බ්ලොග් කලාව සහ සමාජ ජාල නිසා හඩක් නොමැති දස දහස් ගනනක් අද කතා කරනවා. සියළු බොල් පිළිම අයිති අතීත අන්ධකාරයට. එළබෙන්නෙ අපේ යුගය . ඒක මානුෂික සමාජවාදී සාධාරණ යුගයක්. තව දුරටත් පුද්ගල වන්දනාව වලංගු නෑ. සින්දුවක් කිව්වකියල ඌ මහ යෝධයෙක් වෙන්නෙ නෑ. කටහඩ මිහිරි නැති අය කරන සේවයෙන් කෝටියෙන් පංගුවක් ඔය නලාකාරයො කරන්නෙ නෑ.

      Delete
    2. හරියට හරි. මිනිස්සුන්ගේ හැඟීම් අවුස්සල තමන්ට ඕන පාරෙ දක්කන්න හැකි පිරිසක් විදිහට මුළු ජනතාවම වහළුන් කරගන්න දඟලනවා. ඒක හැබෑවටම මහ බොහොම පිළිකුලක්. මධ්‍යස්ථට මග හැරිච්ච තවත් පිරිසක් ඉන්නවා. තමන් මහ ලොකු උගතුන් බව ප්‍රචාරය කරවාගනිමින්. (ඇත්තේනම හදවත නැති ආත්මාර්ථය ඉහවහා ගිය දැනුම
      පමණක් තියන පිරිසක්) මේ වැඩේ ඉතිරි කොටස සම්පූර්ණ කරනවා. පුරා වස්තු වකුගඩු රෝගය, හෙළ වෙදකම, ධර්ම දේශනා සහ අභීචාර විධිත් හරහා මේ මේ වැඩේ ජයටම කළා. තවම අත හැරී නැහැ. මුළු රටම ගිනි ගත්තාට කමක් නෑ. දැවීයන්නෙ ජාති ආගම් කුල පක්ෂ විදිහට වර්ගවලට බෙදල මුලාවට දාල ඉන්න අහිංසකම මිනිස්සුයි උන්ගේ දරුවනුයි ඒ දරුවන්ගේ අනාගතයි විතර නේ.

      Delete
  6. ඔබ අන්වර් මනතුංග ගැන ඉදිරිපත් කල කාරණය ගැන නම් එකඟ වෙන්න අමාරුයි. අන්වර් මුස්ලිම් ආගම ප්‍රචාරය කරන්න ලිපි ලියන එක ගැන නෙමෙයි මම කියන්නෙ .ඔහු බාගෙට ධර්මය දැනගෙන බුදු දහමට සහ සංඝයා වහන්සේලා ගැන කරන අපහාස ගැනයි මගේ පළමු විරුද්ධත්වය. ඒක උත්තර ලිව්වාම ඒවා පල කරනේ නැහැ. ඒක තමයි දෙවෙනි විරුධත්වය. මේ නිසා අන්වර් මනතුංගට පිළිතුරු කියලා වෙනම blog එකක් පටන් ගන්න මට සිදු වුනා.
    සමරසේකර

    ReplyDelete
    Replies
    1. අන්වර් මනතුංග කියන්නෙ ස්වාධීන පුද්ගලයෙක් නොවෙයි. ඔහු කිසියම් ආගමික කණ්ඩායමක් වෙනුවෙන් වැඩ කරන කෙනෙක්.එය ඔහුගෙ රැකියාව. ඔහු සංඝයා වහන්සෙලා විවේචනය කරනවානම් ඒ අර ආගමික බලවේගයේ වුවමනාවට.
      අපිත් සමහර වෙලාවට සංඝයා වහන්සෙල විතරක් නොවෙයි ආගමික සංකල්ප පවා විවේචනය කරනවා . ඒ ට්‍රැක් එකෙන් පිට පැනලා නොවෙයි. සාධනීය අරමුණකින්. එහෙත් අන්වර්ලා විවේචනය කරන්නෙ ඔවුන්ගෙ ව්‍යාපාරයේ අවශ්‍යතාවයට. එහෙම වැඩකරන කෙනෙකුට අනෙක් අයගෙ අදහස් වලට ඉඩ දෙන්න බෑ. එතකොට න්‍යායපත්‍රය අවුල් වෙනවනෙ.

      හැබැයි ඔය අන්වර් සමහර දේවල් ගැන තර්කානුකූලව බලනව. ඒක බොහොම බුද්ධිමත් දැක්මක්. ආගම ඔහුගෙ රැකියාව නිසා ආගම දෙස එහෙම බලන්න බැරුව ඇති.

      Delete
  7. මේ කළාකරුවන්ගේ කටේම තියන වචනය තමයි "කළාකරුවෝ කියන්නේ හරි සංවේදී මිනිස්සු ටිකක්" කියන දේ.ඒක අනූව කළාකරුවන් ඔවුන්ගේ නිර්මාණ අලවිකරන්නේ මහා රළු පරළු ගොරහැඬි මිනිස්සු වෙච්ච අපිට.ඒත් ඔවුන් සමාජය තුල වැඩි පිළිගැනීමක් ,තත්වයක් අපෙක්ශා කරන්නේ ඒ ගොරහැඬියන්ගෙන්මයි.
    ඕක කළාකරුවන්ගේ විතරක් නෙමෙයි.ගොඩක් වෘත්තීයයන්ට මේ දේ වෙලාතියනවා.හැබැයි ඒ දේ කරන්නේ,ඒඅදහස කාවද්දන්නේ තවත් පිරිසක් ;ඔවුන්ගේ අරමුණු ඉශ්ඨ කරගන්නත් එක්කයි.උදහරණයක් විදිහට යුද්දේ දින්නහම රණ විරුවන් කියන්නේ දෙවිවරු පිරිසක් කියන එක දේශපාලකයන් සමාජගතකරා ඔවුන්ගේ නමුත් ඒ ජයග්‍රනයට ඈදාගන්න ඕනේ නිසා.මාධ්‍ය ආයතන එකතුවෙලා කළාකරුවන්ව අති සංවේදී මිනිස්සු කොට්ඨශයක් බවට පත්කලා,ඔවුන්ගේ පැවත්ම වෙනුවෙන්.දොස්තරවරුන්,ඉංජිනේරුවන් සුපිරි වෘත්තිකයන් පිරිසක් බවට පත්කලා සමාජයේ මධ්‍යම පාන්තිකයන් විසින් තමන්ගේ තත්වය ප්‍රදර්ශනය කිරීමට.ඒත් කවුරුවත් ගොවියන්ව,කම්කරුවන්ව ඒ තත්වයට උස්සල තියන්නේ නෑ.
    හැමෝම මිනිස්සු කියන එක හිත්වල රෝපණය කරනකම් මේ දේවල් මේ විදිහටම හැමදාම සිද්දවෙයි.

    ReplyDelete
    Replies
    1. ඔබ කියන දේ හරියටම හරි. මෙහිදී කිසියම් මිනිසුන් පිරිසක් අනෙක් අයගෙන් වියුක්තව ඔසවා තබනවා.ඔවුන්ගෙ ඇති සංවේදීකමක් නෑ .අපෙන් වියුක්තව උන්ට පැවැත්මක් නෑ . සෑම දෙයක්ම සාමූහික ක්‍රියාවක්. අප දැවැන්ත යන්ත්‍රයක දැතිරෝද පමණයි.කසල සෝධකයවවත් අයින් කරල අපට කතා කරන්න බෑ. හැමෝම අවශ්‍යයි.කාටවත් විශේෂත්වයක් දෙන්න නරකයි. ඔය කලාකාරයො කියන අයනම් එකිනෙකාගෙ පිටකහගන්න අයනෙ. ඔය ඔක්කොම ප්‍රතිරූප සමාජ ගොඩනැංවීම්. පත්තරකාරයන්ට අරක්කු පෙවීමේ ප්‍රතිපල.

      හොඳ කලා නිර්මානකරන්න පුළුවන් වෙන්නෙ බිව්වහමලු. මරිජුවානා වගෙ මත්ද්‍රව්‍ය ඇතැම්විට එල් එස් ඩී වගෙ මත්ද්‍රව්‍යවලින් හොඳ කටහඩක් එනව කියනවනෙ. මොකක්ද ඔය කියන්නෙ. කලා නිර්මානකරන්න යම් නුහුගුණ ගතියක් තියෙන්නෙ ඕන කියල කියනවනෙ. ස්කිසොප්‍රේනියා රෝගීන්ට උසස් ගනයේ කලා නිර්මාණ කළ හැකියි. ලෝක ප්‍රකට කලාකරුවන් මෙවනි රෝග යටතේ කැටගරයිස් කරල තියනවා. ඔවුන්ගෙ නම් ඇහුවොත් ඔබ පුදුම වෙයි.

      සින්දුවක් කියපු පලියට ඌව අදහන්න ඕන නෑ. සින්දුව කිවවට පස්සෙ ඒක වෙන එකෙකුට කියන්න නොදී පේටන්ට් අයිතිය හදාගන්නව. මිනිස්සුන්ට හුරු අර කටහඩ විතරයි. ඕනම කෙනෙකුට ඕනම සින්දුවක් කියන්න අයිතිය තියනව. පේටන්ට් අයිතියක් සින්දුව ලියපු එකාට තනුව හදපු එකාට නම් දුන්නට කමක් නෑ.

      සින්දුවක් කිව්වාට් පස්සෙ මොකක හරි ඔලුබක්කෙකුගෙ හරි චරිතයක් රඟපෑවට පස්සෙ ඌ සමාජයෙ පෙරගමන්කරුවෙක්. ඌට සමාජය ණයගැතියි. ඌට සැපසම්පත් දෙන්න ඕන. ඌ ජනතාවට ඉහලින් ඉන්න දෙයියෙක්.

      Delete
  8. පළමු ලිපිය සහ උඹේ අදහස් දෙකම අනර්ඝයි. මේ ගැන මගේ ඔලුවත් අලුත් පැත්තකට යොමු කලා. එල කිරි මචන්.

    ReplyDelete
    Replies
    1. හැම දෙයක්ම ප්‍රශ්න නොකරන තාක්කල් අපට නිදහස ලැබෙන්නෙ නෑ. සියළුම බොල්පිළිම බිද දැමූවිට සැනසිල්ල ලැබේවි. එහෙත් අපව සිතන්නට හුරුකර ඇත්තේ එම බොල් පිළිම නැතිව අපට ජීවත්වෙන්නට බෑ කියලයි. ඒ නිසයි මිනිසා එම පිළිමවල සෙවනට ඇදෙන්නේ. එහෙත් ඔය පිළිම බිදවැටුන දා මිනිසුන්ට තේරෙනව තමන් මෙතෙක් කල් සිටියෙ අන්ධකාරයක් බවත් බොල් පිළිමවල දැවැන්තබව නිසා හිරු එළිය නොවැටුන බවත්.

      අපි කෙනෙකුට නමස්කාරකරනව , භක්තිවන්තවෙනව කියන්නෙ අපේ හීනමානයයි. අපි අධිසොභාවික බලවේගවලට භක්තිවන්තවුනහම එයින් පරාවර්තනය වන රශ්මියෙන් පූජක පැළැන්තිය සැප විදිනව. එතනත් ඒ වගෙම දෙයක්. අපට සින්දුකියන්න බෑ කියමු. ඒ හීනමානය නිසා සින්දුකියන එකා අපට දෙයියෙක් වගෙ පේනව. ලොවින් එකෙක් එක දෙයකට වෙයි සමත කිව්වලු.

      මනස ක්‍රියාකරන්නෙ බාහිර ලෝකය ගැන බියෙන් හා කුතුහලයෙන්.මනස උත්තල කාචයක්. ඔය නළුවො ගායකයො විතරක් නෙමේ රජවරු පූජකයො බිහිවුනෙත් මනසේ තියන මේ ස්වාභාවික දුබලකම නිසා. මනසට x යන්න x ලෙස තේරුම් ගන්න බෑ. එක්කෝ x+ 1 නත්නම් x-1 ලෙසයි තේරුම් ගන්නෙ. මේ නිසා අපගේ විශ්වාසයන්වල නිතරම අතිරික්තයක් තියනව. අපගේ එම ප්‍රතිබිම්බයට අපි ඇබ්බැහිවෙනව. ඊට පස්සෙ ඒක අපට නැතිවම බෑ.

      අපට ඔය හැම එකාම පේන්නෙ තියනවට වැඩියෙ ලොකුවට. ඔය හැම එකාම පුක බඩපයිය තියන එවුන් . හැකියාවන් පංචකන්දවලින් වියුක්තයි වගේම අවස්ථාවන්ට සාපේක්ෂයි. උත්තරීතර කටහඩවල් ,රඟපෑම් කියල දේවල් නෑ.රඟපෑම් ගැන කියනවනම් ඔය නළුවො උන්ගෙ සාමාන්‍ය හැසිරීම ඔය පෙන්නන්නෙ.

      Delete
  9. පළමු ලිපිය කියවුවේ නෑ වගේ මතක හන්දා ඒක බැලුවේ දැන්.. කලාකරුවෝ අද එයාලට තියෙනවයි කියලා හිතන ජනප්‍රියත්වට මේ වගේ වෙලාවට මාකර්ට් කරලා කීයක් හරි හොයා ගන්න ට්‍රයි කරනවා.. මොකද හොදට බැළුවොත් අපේ පරණ හොද නළු නිළියෝ අද බෙහෙතක් ගන්නවත් බැරුව ඉන්න දුක දැක්කම වෙලාව ආව වෙලේ එහෙම කරන්න හිතෙනවා ඇති..

    ReplyDelete
    Replies
    1. කලාකරුවො කියන්නෙ පුක ඉදිමුණ පිරිසක්. පුක ඉදිමුණත් කමක් නෑ මොකක් හරි සාධාරණ හේතුවක් ඇතිව. මුන් මේ තාලෙට සින්දුවක් කියල මහමෙර ඉල්ලනවා.
      ඔබ ඔය කියන ප්‍රතිභාපූර්ණ කලාකාරයො කලාවැඩ කලේ නොමිලෙ නොවෙයි. ඔවුන් හම්බකරපුව නාස්තිකළා. එක කලාබරයෙක් මා එක්ක කියනව. කලාබරයන්ට වියදම් වැඩිලු. රූ සපුව ලස්සනට තියාගන්න ඕනලු. කෑම බීම සුපිරියට සෞඛ්‍යාරක්ෂිතව ඕනලු. මම කිව්ව ඉතින් දෙයියනේ තමන්ගෙ පසුම්බියෙන් ඕන මගුලක් කරගන්න එකනෙ ඇත්තෙ කියල.

      පරණ නළු නිළියො ගැන කියපු නිසා මේ කියන්නෙ. අපේ සීයල ආච්චිල රැකියා කළේ නෑ .අපේ සීයල ප්‍රතිභාපූර්ණ ගොවියෙක්. ආච්චි ප්‍රතිභාපූර්ණ ගෘහිණියක්. ඒ අය නාහෙන් අඩනව මම නම් දැකල නෑ. අනේ අපේ ප්‍රතිභාපූර්ණ කමට ආණ්ඩුව සළකන්නෙ නෑ කියල. ඕනම කෙනෙක් ඕනම රැකියාවක අවුරුදු තිහ හතලිහක් යෙදිල ඉන්නකොට ඒ විශය ගැන ප්‍රවීණත්වයක් එනව. ඔය කලාබරයන්ටත් වෙලා තියෙන්නෙ ඕක. උන්ගෙ මොළවල සෛල මෝස්තර ඒ විශයන්ට අනුරූපව හැඩගැහිල.
      ජානමය සහායකුත් ඕකට තියනව.
      කලාකාරයො කියන කතා අහල තියනවද කලාකාරයෙක් වුනහම කන්න බොන්න ඕන බඩුගහන්න ඕන ජොලි කරන්න ඕන කියල උන් කතාවෙන්නෙ. ඊට පස්සෙ උන්ට රැවටිල ඉන්න ජහමනය උන්ගෙ බර අදින්නත් ඕන.

      Delete
  10. අබුද්දස්ස කාලෙ ද මන්දා? යකා (මධ්‍යස්ථ) සමගත්, අන්වර් මනතුංග සමගත් එකඟ වෙන්නට සිදුවෙනවා.

    මේ අසනීපය සහ ලක්‍ෂ ගානං කේස් එකෙන් කියවෙන්නේ කලාකරුවන් ට නොව ප්‍රසිද්ධ පුද්ගලයින්ට, හොඳ සබඳතා ඇති අයට රජයෙන් විශේෂ සැලකිලි ඇති බවයි.

    නාමල් උඩුගම ගේ එක සින්දුවක්වත් මට නම් මතක නෑ. අමරදේව ගේ වුනත් මං අහන සින්දු මං ඔහුගේත්, සංගීත වාදක / ගී පද රචක / නිෂ්පාදක යන අයගේ සම්මාදමට නිසි මිල ගෙවා ලබා ගත් ඒවා. එතැනින් එහාට මට ඒ පුද්ගලයින් ගේ ශරීර සෞඛ්‍යය ගැන වගකීමක් නෑ.

    ReplyDelete
    Replies
    1. මම බොහෝ දුරට ඔබට සමාන අදහස් දරණ කෙනෙක් හැබැයි එක කාරනේකදි හැර. ඒ තමයි යුද්දෙ .මම නිරීක්ෂනය කරල තියනව හුඟක් අවස්ථාවල අපි එකඟ වෙනව.
      මම සැබවින්ම අසරණ පුද්ගලයන්ට මට පුළුවන් විදියට උදවු කරන කෙනෙක්. අන්ත අසරන වුන මිනිස්සු ඉන්නව. මේ ලඟදි හම්බවුනා තරුණ යුවලක්. ඔවුන්ගෙ දරුවො දෙන්නම ජානමය රෝගයකට ලක්වෙලා. මිනිහ කරන්නෙ ගඩොල් පෝරනුවල වැඩ. අතේ තිබුන සල්ලි දුන්න. ට්‍රේන් එකේ අයගෙනුත් හිතපුනැති ගානක් එකතුවුනා. ඒ අම්මයි තාත්තයි ඇඩුව.අපි ඒ අයට උදවු කරන්න වැඩපිළිවෙළක් පස්සෙ හැදුව.

      තව දවසක් ගෑනුකෙනෙක් කම්කරු උසාවියට යන පාර ඇහුව. ඒක පිටුපසත් තිබුනෙ කදුළු කතාවක්.. මිනිහට පිළිකාවක් හැදිල. ලොකු ළමය උසස් පෙළ. මේ ගෑනු කෙනා රස්සාව් කරපු තැනින් අස් කරල. සිකියුරිටි එක ලඟට යනකොට බල්ලෙක් එලවනව වගෙ එළවනවලු. මම යන ගමන නවත්තල ඒ මනුස්සයට උදවු කළා. මේ ජීවිතේටම සැපක් නොවිදපු දාඩිය මහන්සියෙන් වැඩ කරන ජනතාව.

      ඒ වගෙ අයට කවුරුත් උදවු කරන්නෙ නෑ. හැමෝම උදවුකරන්නෙ ඇති හැකි කලාකාරයන්ට. උන් උදවු ඉල්ලන්නෙත් හරියට අපි උන්ගෙන් ගත්ත පරණ ණයක් ඉල්ලනව වගෙ.


      මමත් සින්දුවක් ඇහුවොත් හරි ෆිල්ම් එකක් බැලුවොත් හරි ඒ ශිල්පීන්ට මුදල් ගෙවන නිසා උන්ගෙ සෞඛ්‍ය ගැන මට වගකීමක් නෑ. එහෙම වගකීම ගන්නවනම් කඩේ මුදලාලි ,තැපැල්කාරය , පාන්කාරය මේ ඔක්කොගෙම සෞඛ්‍ය ගැන වගකීම ගන්න වෙනව.

      Delete
  11. අන්වර් මනතුංගගෙ වැදගත් ලිපි සමහරක් තියෙනවා. ඒත් ඔහු අන්තවාදී වගේම විවිධ මිත්‍යාවන් පතුරවනවා. අනෙක මේ නමින් එක්කෝ කීප දෙනෙක් ලියනවා. සමහර ලිපි, කමෙන්ට්ස් එහෙම පුුදුම හිතෙනවා මොන අදහස්ද කියලා. මේ ලිපියේ මතුකරන දේ ගැන මමත් යම් පමණකට එකඟ වෙනවා.

    ReplyDelete
    Replies
    1. හිනා තමයි ඉතින්.
      ඔය සයිට් එක ටීම් වර්ක් එකක් . කොමෙන්ට්ස් නම් ඒ අයම දාන ඒව වෙන්න ඇති. සමහර ප්‍රශ්න අහන විදිය ලස්සනයි ලස්සනට බෝලෙ පාස් කරල දෙනව අන්වර්ට. එතන තියෙන්නෙ වීරය දුෂ්ටය සටනක්. වීරය දුෂ්ටය අධ්‍යක්ෂ එක්කෙනෙක් වෙන්න ඇති
      හැබැයි ඔහු /ඔවුන් සමාජ ප්‍රශ්න විග්‍රහ කරන හැටි අපූරුයි.

      Delete
  12. මේක ටිකක් වෙනස් කතාවක් කියලා මට හිතෙනවා.
    ලංකාවේ කලාකාරයෝ ගැන නම් ඔවුන් කරන්නේ රැකියාවක් විතරයි කියන එක බොහෝ දුරට ඇත්ත, ඒත් ලෝකේ අරගෙන බැලුවොත් සමාජයක යහපත් පරිවර්ථනයකට දිවි හිමියෙන් කැපවුන සහ දිවි පූජාකරපු කලාකාරයෝ ඉන්නවා. ඒ අය ගැන ඒ විදිහට කතා කරන එක සාධාරන නැහැ.

    ඒත් ලංකාවෙනම් මේ තත්වය නැහැ. ඔවුන් කරන්නේ බිස්නස් එකක් තමයි, ඒත් අන්වර් කියන ලෙසම අප භාන්ඩයක් මිළදී ගත්විට එහි හිමිකම අපටය, කියන තර්කය මෙතනට ගැලපෙන්නේ නැහැ. කලාව කියන්නේ පාරිභෝගික භාන්ඩයක් නෙවෙිය. ඒක බුද්ධිමය දේපලක්. බුද්ධිමය දේපලක් විකුණන්න පුළුවන් වුනාට ගන්න කෙනාට ඒකේ අයිතියක් නැහැ. පාරිභෝගක භාන්ඩයක් වුනත් උදාහරණයකට කොකා කෝලා බෝතලයක් අපි මිලදී ගත්තොත් ඒක අපිට බොන්න පුළුවන්, තව කෙනෙකුට දෙන්න පුළුවන් ඒත් එක ආයෙත් කොකා වලින් හෝ ඊට සමාන දේකින් පුරවලා විකුනන්න තහනම්. ඒ නිසා ඉහල පෙන්නපු තර්කය නම් සම්පූර්ණයෙන්ම් අසත්‍යයයි.

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නෙ ඔවුන් දේශපාලනය කළා කියන එකනෙ. ඒ කියන්නෙ ඔවුන් දේශපාලනඥයන්. ප්‍රභාකරන්ටත් කවියෙක් හිටියලුනෙ. කවියක් ලියන එක නාට්‍යක් කරන එක මහා ප්‍රඥාවක් අවශ්‍ය කරන අරුම උදුම දෙයක් නොවෙයි. ඔවුන් මහමෙර බලාපොරොත්තුවෙන එක නම් වැරදියි.ඔය සමාජ පරිවර්තන කරපු අනෙක් අයගෙ වටිනාකමක් නැද්ද

      ගීතයක් ගත්තොත් එය අහවල් හඩින්ම අහන්න කියල නිර්දේශකරන එක වැරදියි. ප්‍රශ්නෙ සමහර කටහඩවල් වලට මිනිස්සු පුරුදුවෙලා තිබීම.තනු හදන , පද රචනය කරන අයගෙ නම්වත් අපි දන්නෙ නෑනෙ. තිරය පිටුපස සිටින විශාල පිරිසක් පාගගෙන තමා මේ අය මතුවෙලා තියෙන්නෙ. මෙතන කලාකරුවො කියන්නෙ ගායකයො නළුවො. මේ අය තමන්ට උපතින් ලබුන කටහඩ පාවිච්චිකරනව මිස බුද්ධිමය දේපළක් නෑ. පාරිභෝගිකයො වශයෙන් අපි ඒ බුද්ධිමය දේපළ වලට අයිතිවාසිකම් කියන්නෙ නෑ . අපි මිලට ගන්නෙ භාන්ඩය. ඒක හදපු තාක්ෂනය නොවෙයි. මෙතන ප්‍රශ්නෙ මේ භාන්ඩය සපයන අය සමාජයෙන් මහා කෘතවේදීත්වයක් අපේක්ෂා කිරීම.
      එහෙම කෘතවේදී වෙන්න ඕන නෑ. ඒ අය කලේ අපට අලෙවිකරණයක්. ලෝක ඉතිහාසය පුරාම යම් හැකියාවක් ඇති කෙනෙක් ඒ හැකියාවන් නැති අයට තම හැකියාව අලෙවි කළා. ඒකෙ වරදක් නෑ. නමුත් මේ කලාව කියන එක මාකට් කරන අය එහෙම අලෙවි කරල එයින් නොනැවතී සමාජයට නාස් ලනුව දාන්න එනව.

      Delete