Saturday, March 28, 2015

දුටුගැමුණු එළාර ප්‍රභාකරන් හා කිරිබත්

ප්‍රභාකරන්ගේ  මරණය ඇසූ ජනයා ස්වෙච්ඡාවෙන්  කිරිබත් කා උත්සව පැවැත්වීම සමහරුන්ට ප්‍රශ්නයකි. ඇත්තෙන්ම විදේශගත දෙමළ ඩයස්පෝරාව සමඟ ආර්ථික සම්බන්ධතා  තිබූ කිහිපදෙනෙකුට හැර සෙසු සියල්ලන්ටම ප්‍රභාකරන් යනු ත්‍රස්තවාදියෙකි . එකළ බසයකට නැගුනේ කොයිවෙලේ පුපුරයිද යන බියෙනි. එය යුද්ධය සම්බන්දව යුධ කලාපයෙන් බැහැරව ජීවත්වූ අප මුහුන දුන් පෞද්ගලික අත්දැකීමයි. යුධ කලාපයේ ජනයා  වර්ග සමූලඝාතන බියෙන් ජීවත් වූහ. උයා ගත් දේ කෑවේ කැළයේය. එසේම ආර්ථික මර්මස්ථාන විනාශ කිරීම හා වෙළද නැව් වලටපවා පහර දෙන මට්ටමකට ආ නිසා මුළු රටම ඛේදවාචකයට මුහුණ දී සිටියේය.

ඒ නිසා ප්‍රභා මළ දා රටම ප්‍රීතිවූහ. බින් ලාඩන් මළ විට ඇමරිකානුවන් ප්‍රීතිවූ ලෙසින්මය.

ප්‍රශ්නය මෙයයි . එසේනම් අතීත සිංහලයා එලාරගේ සොහොනට  ගරු  කළේ මන්ද යන්නයි.

මටනම් සිතෙන්නේ මේක සිංහලයාගේ යහපත්කමකටවත් දුටුගැමුනුගේ යහපත්කමකටවත් නොව දේශපාලන උපක්‍රමයක් ලෙස සිදුවූ බවයි. එළාරගේ මරණය ඔහුට පක්ෂව සිටි ජනතාවට විශාල දුකක් විය. එළාර ප්‍රචන්ඩ විනාශකාරී ත්‍රස්තවාදියෙකු නොවේ.එළාර වසර 44 ක් රට පාලනය කළ අතර රටෙන් බාගයකටත් වඩා එළාර හැර වෙන නායකයෙක් ගැන අසා තිබුනේද නැත.එළාර යුක්තිගරුක යැයි කියනු ලැබේ. ඔහුගේ යුක්තිගරුකකම ගැන වෙනම කතාවක් ඇත.ඔහු ජනතාව අතර ජනප්‍රිය අයෙකි. දුටුගැමුනු අනුරාධපුර වැසියාට පිටස්තරයෙකි. එහෙත් අනුරාපුර රජු ලෙස දුටුගැමුණු එළාරගේ මිනිසුන්ගේද සිත් දිනාගත යුතුය. ඒ සඳහා උපක්‍රමයක් ලෙස එලාරගේ සොහොනට ගරු කරන ලෙස නියෝග කෙරුණි. එසේම එළාරට හිතවත්ව සිටි අයට තනතුරු දී ඔවුන් ද තම පැත්තට නම්මා ගැනුනි.

එළාර ද්‍රවිඩයෙක්ද

එළාර දුටුගැමුණු සටන සිංහල දෙමළ සටනක් ලෙස අර්ථ දක්වන්නට වුනේ පසුකාලීනවය. පසුකලෙක සැබවින්ම දෙමල ආක්‍රමන ආ විට සිංහල වීර ගැලවුම්කරුවකු අවශ්‍ය විය. රට ආක්‍රමණය කළ සියල්ලන්ටම පොදුවේ දෙමළුන් යැයි හදුවන ලදී.සියළුම සටන් සිංහල දෙමල සටන් විය. එහි පරමාදර්ශය ද්‍රවිඩයෙක් ලෙස බෞතීස්ම කල වෙළද සමුද්‍රාධිපතියා සහ මාගම්පුර කුමාරයා අතර සටනයි.ළාර ජීවත්වූ යුගයේ දෙමළ කියා ජනවර්ගයක් නොවීය. එළාරද එකළ අනුරාධපුර වාසීන් මෙන්ම භාෂාවෙන් හා ඇදහිලිවලින් සමානව සිටි අයෙකි.

ද්‍රවිඩයන් ගැන මුලින්ම සදහන් වන්නේ කලබ්‍රයන් අතින් ඔවුන් නිදහස් වූ අවස්ථාවේය. මේ කලබ්‍රයන් ගැන ඉන් පසු සදහනක් නැත. කලබ්‍රයන්ගෙන් නිදහස් වූ පල්ලවයන් ද්‍රවිඩ වර්ගයක් ලෙස මුලින්ම බලවත් වූහ.


ලංකාවට එල්ල වූ පළමු ද්‍රවිඩ ආක්‍රමනය කළේ පල්ලවයන්ය. මාරන් යන නමින් පල්ලව රජුන් හැදින්වේ. පනය මාර , පිළය මාර යන අය මෙය සිදුකළහ.අනුරාධපුර රාජධානිය වැටුනේ ද්‍රවිඩ ආක්‍රමන නිසාය.

ද්‍රවිඩයෝ අනෙක් ජනවර්ග වලට වඩා අමුතු ප්‍රචන්ඩත්වයක් මෙරටට මුදා හැරියේ නැත. පොලොන්නරුව විනාශකළ මාඝ ඉන්දියාවේ ඔරිස්සාවෙන් හෝ මැලේසියාවේ තාම්‍රලිංග ප්‍රදේශයෙන් ආවෙකි. රජවරු ජනතාවට මුදාහැරි ප්‍රචන්ඩත්වයට ව්ඩා වෙනස් අමුතු දෙයක් ආක්‍රමනිකයෝ කළ බව සිතන්නටද බැරිය.

දෙමළ විරෝධය පසුකාලීනව පොත් ලියූ දුරදිග නොබලන මෝඩ හාමුදුරුවරුන්ගේ වැඩකි. දුටුගැමුනුට මහා උපාසකකම් පිරිනැමුවේද ඔවුන්ය. එහෙත් දුටුගැමුණු යනු උපාසකයෙකුට වඩා දේශපාලනඥයෙකි. ඔහුගේ පියා දක්ෂ රාජ්‍ය තාන්ත්‍රිකයෙකි. සෝම පුර සේරු පුර යාකරගැනීම් වලින් එය පෙනේ.දුටුගැමුණු දක්ෂ දේශපාලනඥයෙකු බව පෙනෙන්නේ එලාර සොහොන ට ගරු කිරීමෙනි.

18 comments:

  1. බින් ලාඩින්ගෙ කෙස් එකයි ප්‍රභාගෙ කේස් එකයි එහෙම සරලව සමාන කරන්න බෑ.
    බින් ලාඩින් සහ උන්ගෙ උන් මැරුවම ඉතිරි වෙන අනාතයො අමෙරිකාවට බරක් නෑ උන් විදේශිකයො.
    ප්‍රභා සහ උන්ගෙ උන්ගෙ උන් මැරුනම ඉතිරි වෙන අනාතයො කියන්නෙ අපේම රටේ ජනතාව.
    උන් එක්ක පස්සටත් එකට ජීවත් වෙන්න ඕනෙ
    ඒ අයව ආපහු නගා සිටුවන්නත් අනිත් හැම දේමත් අපිම (බදු සල්ලි) කරන්න ඕනෙ.
    ඒ නිසා ඔය ප්‍රීති විම එහෙම සමාන කරන්න බෑ.

    ReplyDelete
    Replies
    1. විජේවීර සහ ප්‍රභාකරන් නිසා පීඩාවට පත්වූ මිනිසුන්ට සතුටු වීමේ අයිතියක් තියනවා. මේ වාගෙ තිරිසන්නු තම නායකයන් යැයි යම් ජනකොටසක් කියනවානම් ඒ ජනකොටස ගැනත් ඍනාත්මක සිතිවිලි තමයි පහළ වෙන්නෙ. ඒ ජනකොටස පමනක් නොව අපි සැවොමත් මෙවැනි අය මේ රටේ ඉපදීම ගැන ලැජ්ජා විය යුතුයි.ඔවුන් මිනිස් පවුලේ සාමාජිකයන් වීම ගැන මිනිස් වර්ගයා ලැජ්ජා විය යුතුයි. හිට්ලර් , ලෙනින් , ස්ටාලින් , මාඕ සේතුන් , විජේවීර , පොල්පොට් , ප්‍රභාකරන් , බින් ලාඩන් වැනි අධමයන්ගෙන් බේරීම තමා මිනිසාගේ අභියෝගය.

      Delete
    2. බින් ලාඩන්ට කෙස් එකක් නෙවෙයි ගොඩක් තිවුනා. රවුලකුත් තිවුනා

      Delete
    3. විජේවීර සහ ප්‍රභාකරන් නිසා පීඩාවට පත්වූ මිනිසුන්ට සතුටු වීමේ අයිතියක් තියනවා.+++++++++++++

      Delete
  2. මම හිතන්නේ ඔය කතාව පට්ට පල් බොරුවක්...

    ReplyDelete
    Replies
    1. දුටුගැමුණුට පෙර ඉතිහාසය නම් කොහෙත්ම විශ්වාස කරන්න බැරි තරම් සැකකටයුතුයි. කුඩා ගෝත්‍රික නායකයෙක් මුහුදු මගින් ආ බෞද්ධ දූත පිරිසකගෙ බලපෑමට ලක්ව බෞද්ධ වෙන්න ඇති. එහෙත් ඔහු ලංකාවෙම පාලකයා නොවෙයි. වෙරළබඩප්‍රදේශ නාගයන් රත්නපුර ප්‍රදේශ සබරයන් ආදී වශයෙන් ගෝත්‍ර විශාල ප්‍රමාණයක් තිබුනා. කාවන්තිස්ස් සේරු රට සෝම රට වගෙ රටවල් යාකරගත් බව කියන නිසා එකළ ලංකාවෙ ආණ්ඩු සියගනනක් තියෙන්න ඇති. තිස්ස කිසිසේත්ම මුළු ලංකාවෙම පාලකයා නොවෙයි.

      බුදු දහම මේ රටට ගෙනාවෙත් ඊට අනුග්‍රහ දැක්වූවෙත් වෙළද ප්‍රජාවක් වූ නාගයන් බවයි මගෙ අදහස.අශෝක කියන නමත් තියෙන්නෙ ලංකාවෙ මහාවංශෙ විතරයි.නාග කන්‍යාවන් ගැන හැමෝම කතා කරනවා. ඔවුන් ලස්සනලු. වෙන්න පුළුවන්. ඔවුන් වෙළදුන් නිසාත් මුහුදුබඩ සිටි නිසාත් හොඳ ජාන මිශ්‍රණයක් තියෙන්නෙ ඇති.

      දුටුගැමුණු මියගියෙ නාග විසෙන්ලු. නාග කන්‍යාවක් සම්බන්ධ කේස් එකක්. ඒ කාලෙ අනුරාධපුරේ රජ්ජුරුවො එක්ක ගේම ඉල්ලන්නත් නාගයො බයවෙලා නෑ. දුටු ගැමුණුගෙ අම්මත් නාග. අපූරු ජාන මිශ්‍රනයක්. තාත්ත කාවන්තිස්ස .ඒ කියන්නෙ කපුටෙක් මෙන් කළු තිස්ස.

      දුටුගැමුණු ගෙන් පස්සෙ සියළු කුඩා ගෝත්‍ර එක ආගමක් අදහන ජනකොටසක් බවට පත්වුනා. මෙහිදී සියලුම ගෝත්‍ර වල භාෂා ප්‍රාකෘතයෙන් වැසී යන්න ඇති. සම්බන්ධීකරණ භාශාව වූ බ්‍රාහ්මී අක්ෂර වලින් ලියූ බස ප්‍රධාන බස වෙන්න ඇති. නමුත් මේ දක්වාම ආරක්ෂා වී ඇති වචන කිහිපයක් තියනවා. ඒවා කිසිම භාෂා ගනයකට අයත් නෑ. කොහොමවත්ම ඉන්දු ආර්ය වචන නොවෙයි. ඒ වචන තමයි පුක , බඩ, කකුල , කිම්බ වගෙ ඒව.

      විද්‍යාත්මක සාක්ෂිවලින් සනාථවන ඉතිහාසය පටන් ගන්නෙ ඊට හුඟක් පස්සෙ. මේ පෝස්ටුවෙ ඔය කියන ඉතිහාසය නම් රදාපවතින්නෙ අපේ උපකල්පන මත තමා. වැරදි නිවැරදි බව නම් 50 ට 50 තමා.

      Delete
    2. ඔබවහන්සේටත් මහානායක කමක් දුන්නානම් මහින්ද රජ්ජුරුවෝ ගැන ඉතිහාසයේ ලියයි.

      Delete
  3. එව්ව කොහෙද, අපි පියෝ සිංහල ජාතිය. දෙමෙල්ලු කවදත් කොහොමටත් ද්‍රෝහියෝ..

    ReplyDelete
    Replies
    1. මිශ්‍ර නොවූ ජාතියක් ලොව නැහැ.ස්වීකරනය පිළිබද අපූරු සාක්ෂි තිබෙන්නෙ වාසගම්වල. ඒ ගැන රසබර ලිපි මට ලියන්න පුළුවන්. ඒත් ආචාර විද්‍යාත්මක හේතුමත එය නොලිව්වත් දෙමළ ජනතාවගේ සම්භවය ගැන සමහරුන්ට අලුත් කරුණු විය හැකි අපූරු කරුණු සහිත ලිපියක් ලියන්නම්.

      අමිශ්‍ර යැයි කියන සිංහල උප කුලකවල පොලිනීසියන් හා කළු අප්‍රිකානු ලක්ෂන තිබීම අපූරු කරුණක්. දූපත් රාජ්‍යයක් නිසා නිතර මිශ්‍රවීම් සිදුවුනා. යුරෝපීයයන් කළු වහලුන් ගෙනා විට ඔවුන්ගෙන් සමහරක් උඩරටට ගියා. රජුගෙ සිත්දිනාගත්තහම මේ අය කළු ආරච්චිල වුනා. ඊට පස්සෙ කුලීන. රජ්ජුරුවො තනතුරු දුන්නෙ කිසි වගවිභායක් නැතිව. දස්කොන්ට අදිකාරම්කමක් දුන්නෙ. ඒ වගෙ.

      සිංහලයන් ආර්යයන්ගෙන් පැවත එන බව මිත්‍යාවක්. ආර්ය ලක්ෂන සිංහලයන්ගෙ 1% ක්වත් නැහැ. තියන ඒවත් යුරෝපීයයන්ගෙන් ආපුව.

      Delete
    2. මතධාරියා.. ඔන්න ඔය කතාව ඔප්පු කරලා පෙන්නලා අපි කලවම් කියල පෙන්නුවොත් වත් අපේ වුන් මරාගන්න එක අඩු වෙයිද? අනේ මන්දා... මම ඔය කිව්වෙ මගේ මතය නොවේ. සමස්ත ශ්‍රීලංකා වාසී සිංහල ජනයාගේ හද ගැහෙන රාවය. අපි මන කවලමක්ද කව්ද අප්ප දන්නෙ. මොකාගෙන් කවලම් උනත් මිනිස්සු විදියට ජීවත් වෙනවා නම් එච්චරනෙ. මගේ නං ජාතිය මිනිස් ජාතිය. සිංහල,දෙමළ, මුස්ලිම් එකක් වත් මට අදාළ නෑ.

      Delete
  4. //එසේම එළාරට හිතවත්ව සිටි අයට තනතුරු දී ඔවුන් දතම පැත්තට නම්මා ගැනුනි.//

    ඒ කියන්නේ දුටුගැමුණුත් ජාතික ආණ්ඩුවක් ගහලා අරුන්ටත් ඇමතිකම් දුන්නද?

    ReplyDelete
    Replies
    1. වංශකතාවලට අනුව ඕක මුලින්ම කලේ පණ්ඩුකාභය. ඔහු යක්ෂ ගෝත්‍රිකයන්ට උසස් තනතුරු දුන්නා. ආක්‍රමනිකයන්ට යක්ෂ ගෝත්‍රිකයන් සම්පූර්ණයෙන්ම සමූලඝාතනය කරන්න බැරිවුනා. යක්ෂ නාග දේව කියන්නෙ මේ රටේ ආදිවාසීන්. ආක්‍රමණික ජාන මහා ජාන සාගරයේ ගිලී ගියා. ලෝකයේ වාපී සංස්කෘතියක් නිර්මාණය කළේ යක්ෂයන්. ආර්යයන් ග්‍රාම වාසීන්. එහෙත් යක්ෂයන් පෞර රාජ්‍ය තිබුනා. සිරසවත්ථුපුර එවන්නක්. ශිෂ්ටාචාර ඇතිවුනේ ගංගා නිම්න ආශ්‍රිතව වුනත් වැව් මත පදනම් වූ කෘෂි ශිෂ්ටාචාරයක් යක්ෂයන් නිර්මාණය කළා.යකඩ භාවිතා කළා. ඒකටනම් සාක්ෂි හමුවී තිබෙනවා.රෙදි නිශ්පාදනය කළා. ආර්යයන් ආවේ මේ දියුණු ශිෂ්ටාචාරයටයි.

      මා ජීවත්වන ප්‍රදේශයේ යකා කියන නම තිබෙන ග්‍රාමනාම රාශියක් තිබෙනවා. ගොවිතැන් කළ යකුන් ගැන ජනප්‍රවාද තිබෙනවා. අශ්වයන් පවා හීලෑ කළ නගුල භාවිතා කළ දියුණු කෘෂිකාර්මික සමාජයක් තිබෙන්න ඇති.ආර්යයන්ට මෙය යටපත් කරන්න බැරිවෙන්න ඇති. ඒ කියන්නෙ ජාතික ආණ්ඩු හැදෙන්න ඇති.
      දෙගොල්ලම එක්වී එකම ජාතියක් හැදෙන්න ඇති.

      ඉන්පසු මෙය කිහිපවරක්ම සිදුවුනා. දුටුගැමුණු යගයේ තමයි ආගම මත පදනම්ව රටේම ජනයා එක් ජාතියක් බවට පත්වුනේ. ඉන්පසු කාලිංඝ මාඝ බලෙන් ඒකාග්‍රතාවක් කළා.

      Delete
  5. වංශකතාවල සඳහන් ගැමුණු පුවතේ අගට යනකොට විහාරමහා දේවිය හැලී ගීහින්. විහාර මහා දේවිය යුද්දෙදි විතරයි ඉස්සර වෙලා ගෙනාවෙ. ඇයි එතකොට සාමන්‍ය නාග මින්සුන්ගේ විරොධය අඩු වෙනවා නේ. මහා ථූපයත් බෞද්ධ නාගයන්ගේ සිත් ගන්නට කරපු දෙයක්. ඒත් ආරම්භ කළේ නාගයන්ට රිදවලා. ගැමුණු කොච්චර දේශපාලන කපටියෙක්ද කියන එක එළාරට ගෞරව කරන්නට නියෝග දීමෙන් පැහැදිලි වෙනවා. ඒත් නූතන ගැමුණුලාට ඒ බුද්ධිය තිබුනේ නැති හන්ද අවුල් කරගත්තා කියල අනාගතයේ ඉතිහාසය ලියවේවිද මන්දා.

    ReplyDelete
    Replies
    1. මට හිතෙන්නෙ එළාරත් නාග ගෝත්‍රිකයෙක්ද කියල. නාගයන් ජලය ශුද්ධ ලෙස සැලකුවා. සූරතිස්ස රජු මරා රජවූ සේන හා ගුත්තික යන වෙළද දෙබෑයන් ජලය ශුද්ධ ලෙස සැළකුවාලු. අසේල ඔවුන් මරා රජවුනා. එලාර රජවුනේ අසේල මරා දමලායි. එළාරත් සේන හා ගුත්තික මෙන්ම නාග ගෝත්‍රිකයෙක් වෙන්න ඇති.එළාරගේ පරාජය සැළවී භල්ලුක සටනට ආවාලු. ඒ කියන්නෙ භල්ලුක ඉදල තියෙන්නෙත් කිට්ටුව. ඒ කියන්නෙ නැගෙනහිර ඉන්දියාවෙ නාග ගෝත්‍රිකයෙක්. මේකෙන් මොකක්ද පේන්නෙ. ඔය කාලෙ වෙළදාමෙ ආ නාගයන් රාජ්‍ය බලය වෙනුවෙන් කල අරගලයක්. විහාර දේවියත් නාග නිසා එළාරත් දුටුගැමුණුගෙ ඥාතියෙක් වෙන්න පුළුවන්. ද්වන්ද්ව සටන් බොහෝවිට ඇතිවුනේ සමානයන් ( ඥාතීන් ) අතර.දුටුගැමුණුගෙ රජවීමෙන් මෙම බල අරගලය සදහටම අවසන් වුනා.



      දුටුගැමුණු පැහැදිලිවම කපටියෙක්. දේශපාලනඥයෙකු ලෙස එය ඔහුගේ සාර්ථකත්වයට වදගත් වුනා.

      නාග ගෝතිකයන් ගැන තවත් යමක් කියන්නම් . ශ්‍රී ලංකාවේ පැරණි සභ්‍යත්වය හා මොහෙන්දොජාරෝ හරප්පා සභ්‍යත්වය අතර මා සමානකම් දකිනවා. හරප්පාවාසීනුත් ජලය ශුද්ධ ලෙස සැළකුවා. ඔවුන්ගේ පෞර රාජ්යවල අපූරු ජලසම්පාදනයක් සහිතයි. දැනටත් ජලයේ ආරක්ෂක සංකේතය නාගයා. මොහෙන්දොජාරෝවේ මොන්ගොලොයිඩ් ලක්ශන ඇති මිනිසුන්ගේ රූප හමුවී තිබෙනවා. ආර්ය ආක්‍රමන නිසා නැගෙනහිරට තල්ලුවූ මේ නාගයන් මොන්ගෝලීය ජනකොටසක් විය හැකියි. ඉන්දියාවේ නාගලන්ත ජනයා මොන්ගෝලීය ජනකොටසක්.

      බෞද්ධ සාහිත්‍යයේ එන මුචලින්ද අරවින්ද වැනි නාගයන් සර්පයන් නොව නාග ගෝත්‍රිකයන් විය හැකියි. බුදුදහම , ජෛනදහම ආදී ආගම්වල ආරක්ෂකාය්න් හා අනුග්‍රාහකයන් වුනේ මේ අනාර්ය මිනිසුන්.


      දේව ජනකොටස ආර්යයන් විය හකියි. බුදුන් බුදුවීමේදී අවහිර කලා යැයි කියන මාරයා ( මාරන් ) බෞද්ද විරෝධී පල්ලව කුමාරයෙක් විය හැකියි.

      Delete
    2. මට හිතෙන්නේ සිංහලයෝ අහසින් පාත්වෙච්චි ජාතියක් ඕනෙම එකෙකුට ඇවිල්ල ඔලුවට රීලා යන්න පුළුවන් ජාතියක්. යන්තම්වත් තමන්ගේ ජාතියට ආදරේ නොකරන අනුන්ගේ ජාතියට ආවඩන පර හැත්තක්.

      Delete
  6. ඉතිහාසේ බොහෝ තැන් අවස්ථානුකූලව වගේම වාසි සහගත විදිහට වෙනස් වුනානේ කාලෙන් කාලෙට..

    ReplyDelete
    Replies
    1. ඉතිහාසය කියන්නෙ ඒක තමයි. ඒ වෙනස්වීම් තුලින් ගන්න දෙයක් තියනවද කියල බලමු.

      Delete
  7. මගේ අදහසත් එළර-දුටුගැමුණු යුද්ධය දෙමල-සිංහල එකක් ලෙස පැවසීම මහා වැරැද්දක් බවයි. මේ අය හිටියේ විජයාගමනයෙන් අවුරුදු තුන්සීයක් යන කාලේ.

    මේ යුද්ධය ඊට වඩා පහසුවෙන් ඉන්දියාවේ ්‍රුද්ධයක ලංකාවේ දිගුව ලෙස සලකන්න පුළුවනි. හරියට ඉංගිරිසින් සහ ප්‍රංශුවන් අතර ඇමරිකාවේ ඇතිවුණු යුද්ධ වගේ!

    ReplyDelete