Tuesday, March 31, 2015

ලස්සන සිරගෙයක් ලස්සන සංකල්පයකි. එහෙත් ඔබ ඊට කැමතිද

Bindi ලියන නෙළුම්විළ බ්ලොග් අඩවියේ වැදගත් මාතෘකාවක් සාකච්ඡා කර තිබිණි. සිංගප්පූරුවේ ලී ක්වාන් යූ ගැන ප්‍රශංසා මුඛයෙන් එම ලිපිය ලියා තිබිණි.  එහි මගේ අදහස් දැක්වීමක් කළත් වඩා සර්වසම්පූර්ණව එය සාකච්ඡා කළයුතු යැයි සිතේ.

එහි සබැදිය 


                                   Bindi  ගෙ අදහස්


                                ඔහු නැති සිංගප්පුරුවක සිට


හැත්තෑ හතේ විවෘත ආර්ථිකය ගෙනෙනා විට ලංකාව සිංගප්පුරුවක් කරන බව ඇසෙන විට මා පාසල් යන්නටත් පටන් නොගත් කුඩා දැරියකි. සෝබාව  දේ මෙපුර සිරි විසිතුරු ගීතයෙන් කියන්නේ සිංගප්පුරුව ගැන බවද කුඩා කල අසා ඇත්තෙමි. අහස සූරන මැදුරු කීවාම මම ඒ කාලයේ සිතුවේ බිල්ඩිමක් උඩට නැග අහස සුරන්නට හැකි බවයි.
ඒ මගේ පළමු සිංගප්පුරු මතක. පසු කලෙක කියවූ සිංගප්පුරු දරුවා සහ මැලේසියානු තරුණයා පොත් ද්විත්වය ඉතා ආසාවෙන් කියෙව්වා. එතනින් එහාට එච්චර කියන්න තරම් මේ රට ගැන මතකයක් නැත. 
පළමු වරට වියට්නාමයට යන අතර  මග කට්ට අව්වේ පොඩි එකිවත් කිහිල්ලේ ගහගෙන අර කටින් වතුර විදින කිඳුරු ඇඟක් ඇති සිංහ පිළිමය ගාවට ගොස් ආවෙමි. 

එදා පටන් අවුරුද්දකට වරක් එහා ගෙදර  ගමන් කීප විටක්ම දින දෙක තුන ගත කලේ කොයි කවුරුත් බලන්නට එන ජනප්‍රිය සංචාරක ආකර්ශන නැරඹීමටය 

කෙසේ හෝ අද අපේ තාවාකාලික නවාතැන මෙයයි. මගෙත් සිංගප්පුරුවෙත් නියමාකාර හාදකම ඇරඹුණේ එලෙසයි. 
පොත් සාප්පුවකට යන හැමවිටම නිතර අතපත ගා බලන පොතක් ඇත. හැමදාම බල බල ආවත් කවදාවත් මිලට නොගත් ඒ මහා පොත ලියු මිනිසා අද අවසන් නින්දේය.
අපි මේ පොතට ආසා එහි ලංකාව ගැන කියවෙන කුඩා කොටසක් ඇති නිසාය. 

වරෙක සිංගප්පුරුව කොළඹ මෙන් කරන්නට සිතු බව සහ මේ වන විට ආදර්ශයට නොගතයුතු උදාහරණයක් ලෙස එහි සඳහන් වේ. 
 මාළු දුපතක සිට වත්මන් සිංගප්පුරුව දක්වා ආ ගමන සැබවින්ම ආශ්චර්යයකි. ඔහුට හොඳ මොළයක් තිබුණි. සි අයි ඒ කාරයා ඔහුව මිලදී ගන්නට කල උත්සාහය ව්‍යර්ථ විය. යම් විදිහකට එකාධිපතියෙකි. නමුත් හොඳ ඒකාධිපතියෙකි. සිතියමේ තිතක් ලෙසවත් නොපෙනෙන කුඩා දුපත ලෝකයේ ලොකුතැනක ඔසවා තැබූ නියම නායකයෙකි.

සියළු තරුණයින් පාසලින් පසු අනිවාර්ය හමුදා පුහුණුවක් සඳහා යා යුතුය. තරමක් දැඩි ලෙස පෙනුනද රටේ විනය සඳහා එය ඉතා හොඳය. 
" අප ඉතා කීකරු ජාතියක්. ඉංග්‍රීසින් ආ විට ඔවුන්ගේ කීකරු වැසියන් වුණා. ජපනුන් ආ විට සුදු රෙදි වල රතු බෝලයක් මසා එල්ලා දොරවල් වසා ගත්තා. රටේ ආරක්ෂාව සඳහා එයට වඩා උසස් වැඩ පිළිවෙලක් අවශ්‍යයි " ඒ ඔහුගේ වචන.

එකී මෙකි නොකී සිටලු දේවල් සඳහා වැඩපිළිවෙලක් ඔහු සතුව තිබු අතර එම ගමනේදී තදබල නීති ඇතිකරන්නද සිදු විය.

" මා කල සියලු දේවල් හොඳ දේවල් නොවේ. නමුත් ඒ සියල්ල කලේ හොඳ අරමුණකින් "

ඔහු වාසනාවන්ත මිනිසෙකි. පාසල් වියේ පෙම විශ්ව විද්‍යාලයේදී දළුලා වැඩි දැඟිලි බැඳුණු ප්‍රිය බිරිඳක් සහ දරු මුණුපුරන් ලැබූ වාසනාවන්ත මිනිසෙකි.

වැඩි සද්දයක් නැතුවම පැය පහ හය පෝලිමේ අවසන් ගෞරවය දක්වන්නට සිංගප්පුරු වැසියෝ ඇදෙති. රටේ අනෙක් කටයුතු පෙර පරිදි සිදුවෙත්.


 ............පසුතැවිල්ලක් නැතිව මිය යාහැකි  මිය ගියත් මිනිසුන්ගේ ආදරය හිමි නායකයින් සුලබ නැති ලොව කරන්නට බැරි දෙයක් කර පෙන්වූ " ලී ක්වාන් යු " ඔබට සුබ ගමන්...............

"අපේ රට සිංගප්පුරුවක් කරම්"  යන පොරොන්දු  අසමින් ලොකු මහත් වූ මා තුල අද වැඩිහිටියෙක් ලෙස ඉඳහිට සියුම් දුකක් ඇති නොවෙනවා නොවේ. ඒ අදත් ඒ පොරොන්දු අසා ලොකු මහත් වෙන ළමයින් ගැනය.

හරියටම අර පොත අතපත ගා ආවා  මිසක් කවදාවත් ගෙදර ගෙනාවේ නැතිවාක් මෙන්ය, කරන්නට පුළුවන් හෝ බැරි ඊයෙත් අදත් හෙටත් අපේ රට සිංගප්පුරුවක් කරන්නට දෙන පොරොන්දු .

( අපේ රට එහෙම කරන්නට බැරි දේශපාලන සහ සංස්කෘතික හේතු මහ ගොඩකි. ඒ  ගැන ලියන්නට අද දවස නොවේ ) 

######################################################

                                    මගේ අදහස්


සිංගප්පූරුව යන රට ගැන මුලින් කතා කරමු. එම රට කලින් මැලේසියාවට අයත්ව තිබුනු කුඩා බිම් කඩකි. එහි වැසියන් සියළුම දෙනා සංක්‍රමණිකයෝය.චීන , දෙමළ හා මැලේ වාසීන් එහි පදිංචියට ආවේ බ්‍රිතාන්‍ය යුගයේය. ලී ම කියන ලෙස සිංගප්පූරුවාසීන් බ්‍රිතාන්‍යයන්ට කීකරුවුන අතර පසුව ආ ජපනුන්ටද කීකරු වූහ. 


ජපන් පාලනයේදී ලී එකක් ඉගෙන ගත්තේය. එනම් මරණ බිය ඇතිකළ පසු කළ නොහැකි දෙයක් නැති බවයි.ඉංග්‍රීසීන්ට වඩා ම්ලේච්ඡ ලෙස ජපනා සිංගප්පූරුවැසියා පෙළීය. වාසනාවට ජපනා ලංකාව අල්ලාගත්තේ නැත. ලංකාවේ සමහරුන්ට සුද්දට වඩා ජපනා හොදය. උඩින් බෝම්බ දමාගියත් ඍජු ආක්‍රමනයක් දියත් නොවීය. එසේ කළ හැම රටකම ජනයා මුහුණ දුන්නේ නාසි ජර්මන්ආක්‍රමණිකයන්ගේ කුරිරුකමට නොදෙවෙනි කුරිරුකම්වලටය. 


සිංගප්පූරුව සංවර්ධනය කරන්නට ලී ටා අව්ශ්‍ය වූ අතර එය සමකාලීන දකුණු කොරියා , තායිවාන , හොංකොන් ,තායිලන්ත , මැලේසියා වැනි රටවල පාලකයන්ටද තිබූ අවශ්‍යතාවයකි. එහෙත් ඒ කිසිම රටක් සිංගප්පූරුව තරම් මර්ධනකාරී නොවීය. සිංගප්පූරු වැඩිහිටියන්ට ලී ගේ යුගය ගැන අපූරු මතක සටහන් ඇත.



සිංගප්පූරු වැසියා අලුතෙන් කීකරු කරන්නට ලීට මහන්සිවෙන්නට වුනේ නැත. ජපනාගේ දරදඩු නීති එලෙසම පවත්වාගෙන ගියේය. සිංගප්පූරු වැසියන් යනු වැඩිහිටියන් නොව කුඩා ළමෝය. ඔවුන් කළ යුතු වැඩ පැවරීම රජයෙන් සිදුවේ. සිංගප්පූරුවේ ජනප්‍රිය දඩුවම් ක්‍රමයක් නම් වේවැල් පහර දීමයි. වේවැල් යනු පාසල්වල භාවිතා කරන වේවැල් නොවේ. මේ සදහා විශේෂයෙන් සකසා ඇති වේවැල් වර්ගයකි. එම වේවැල් පහර කෑ පසු තුවාල වල කැළැල් සදහට පවතී. 


සිංගප්පූරු පාසල්වල සිසුන්ට කායික දඩුවම් දීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින්  ධෛර්යමත් කෙරේ. ඒ සදහා පොත් පවත්වාගෙන යන අතර විනය නිළධාරීන් ලෙස පිරිසක් මේ සදහා පුහුණු කෙරේ. කායික දන්ඩනය නොකරන පාසල්වලින් නිදහසට කරුණු විමසයි. සිංගප්පුරු අධිකරන මගින්ද බාලවසකාරයන්ට දරුණු වේවැල් පහර දීම් සිදුකර ඇත.



ශික්ෂනය ලමා කාලයේදීම පුහුණු කෙරේ. අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සිසුන්ට වේවැල් පහර දීමට පාසල් පද්ධතිය ධිරිමත් කරයි. මේ සදහා විනය නිළධාරෙන් සෑම පාසලකටම පත් කෙරේ. මෙයින් රජය අපේක්ෂා කරන්නේ කීකරු බියපත් ජනතාවකි.

සිංගප්පූරු පාසල්වල වේවැල් පහර දීම් අපේ ඉස්කෝලවල සිදුවන ඒවා මෙන් නොවේ. දැඩි වේදනාවක් ලබා දීමට පුහුණුවක් ලැබූ වධකයෙකු විසින් සිදුකරන බැවිනි. සෑම ප්‍රධාන පාසලකටම වධකයෙකු පත් කර ඇත.


පහත වීඩියෝව නරඹන්න . 

https://www.youtube.com/watch?v=KaBMBVpsuwo

බලන්න ඒ සිසුන්ගේ බියපත් මුහුණු .එය සමස්ත සිංගප්පූරු ජාතියේම ආධ්‍යාත්මයේ ඛේදවාචකයයි.  මෙය මනෝවිද්‍යාත්මක උපක්‍රමයකි. භීෂන කාලයේ ජවිපෙද කළේ මෙවැන්නකි. එසේම ඉතා සුළුවැරදිවලට බරපතල සිරදඩුවම් හා විශාල වන්දි අය කෙරේ. මරණ දඩුවමද ජනප්‍රිය දඩුවම් ක්‍රමයකි. 

සිංගප්පූරුවෙ පාලනය අගය කරන සමහරු මේ ගැණ හරිහැටි නොදන්න අයයි. එහි වැඩවර්ජන , පිකටින් කළ නොහැක. කළොත් පිට්ටනියකට ගෙන ගොස් වෙඩි තබා දමනු ලැබේ. මුල් කාලයේදී මෙය සිදුවුනත් දැන්නම් එය අපහසුවනු ඇත. මේ ක්‍රමයට බිය ගැන්වූ ජනතාවක් ඕන තැනකට දක්කගෙන යාමට පුළුවන.



සිංගප්පූරුවේ ආදායම් මාර්ග මොනවාද . ප්‍රධාන වශයෙන් සංචාරක කර්මාන්තය හා වෙළැද මධ්‍යස්ථානයක් ලෙස අයකරන  බදුය. සිංගප්පූරුවේ ව්‍යාපාර කරන විදේශිකයන් විශාල පිරිසක් සිටිති. ආයෝජකයන් හා සංචාරකයන් ඉලක්ක කරගත් සිංගප්පුරු ආර්ථිකයේ තහනම් දේ අඩුය.කැසිනෝ වැනි ඕනෑම දෙයක් ඇත.  ඕනෑම මත්පැන් වර්ගයක් පහසුවෙන් මිළැදී ගත හැකිනමුත් පාරෙ කලබල කළොත් සොරි ඩොට් කොම්ය. මේවා යහපත් දේ බව මමද පිළිගනිමි. එහෙත් සීමාව ඉක්මවායාම් වැඩිය. ටොපි කොලයක් බිම දමා අසුවුනොත් අතිවිශාල දඩයකි. අවුරුද්දක පඩිය සේය.


කිසිම කම්කරු අයිතිවාසිකමක් නැත. සියල්ල තීරණය කරන්නේ ආයතන ප්‍රධානීන්ය. කතා කිරීමේ නිදහසක් නැත. මහජන මතය සංවිධානය කිරීමේ කිසිම ක්‍රමයක් නැත.මැතිවරණ විහිළු ඇත. එහිදී ජනතාවට කළ හැක්කේ පාලක පක්ෂයට ඡන්දය දීම පමණි. 


සිංගප්පුරුවේ ජනවර්ග ප්‍රශ්න විසදන්නේ බලෙන් මිශ්‍ර කිරීමෙනි. ඒ අනුව චීන , දෙමළ  හෝ මැලේ ලෙස කිසිවෙකුට සංවිධානය වෙන්නට බැරිය. සියළුම භාෂාවලින් වැඩ කෙරේ.ඕනෑම කෙනෙකුට ඕනෑම තනතුරකට පත්විය හැක. නමුත් බලය බෙදිලි කතා නැත.


ආර්ථිකය ශක්තිමත් කරගත් සිංගප්පුරු වැසියන් කරන්නේ හැකි ඉක්මනින් එරටින් පිටවීමයි. ඒ සදහා රජයට ගෙවීමක් කළ යුතුය. සිංගප්පූරුවාසීන් සමහරකට දැන් මානව හිමිකම් වැනි විශයන් ගැන උනන්දුවක් ඇත. ලංකාව සිංගප්පුරුවක් කරන්න ඕන කියන බොහෝ දෙනෙක් ඇත්තටම එසේ වුනොත් සිටින්නේ සිරගෙවල්වලය , නැත්නම් දරුණු කායික දඩුවම් ලබා ඇත. විශාල වන්දි ගෙවා ඇත. පීඩනය ඉවසිය නොහැකිව සියදිවිනසාගෙනද විය හැක



අරමුණ යහපත් නිස ලී ඉතා සාධාරණ කෙනෙක් කියා ඔබට සිතෙනු ඇත. ඔබ වැරදිය. එහි පවුල් පාලනය තදින් පවතී. වර්තමාන අගමැති ලී ගේ පුත්‍රයාය. සිංගප්පූරුවේ ආර්ථිකය හසුරුවන තමසෙක් ආයතනයේ   අධ්‍යක්ෂ ජෙනරාල් ඔහුගේ බිරිදය. නමුත් ලී ගේ විරුද්ධවාදීන්ට නම් නීති තදය. ලී ගේ පවුලේ කෙනෙක් වරදක් කර හසුවූ විට ඔහුට ලැබුනේ අවම දඩුවමය.


ලස්සන සිරගෙයක් ලස්සන සංකල්පයකි. එහෙත් ඔබ ඊට කැමතිද

12 comments:

  1. ඔබ කියු එක හරි. අපේ අදහස් සමානයි තමයි.

    මාත් මේ ලී ක්වාන් යූ කියන ඒකාධිපතියා ගැන ලියන්නත් හදලා නොලියා හිටියා හිරිකිත නිසා.

    ඔය රටට ජොබ් කරන්න ගියාට කවුරුත් නතර වෙන තැනක් නොවෙයි. ඒකෙන්ම තේරෙනවා තත්වය.

    විපක්‍ෂේ ඉන්න අය වචනයක් රජයට විරුද්ධව කිව්වොත් අපහාස නඩු දාලා මිලියන් ගණං දඩ ගහලා අර මිනිස්සුන්ට නැති කරලා දානවා.

    චීනේ බැටරි කුකුල් ෆාම් එක වෙනුවට සිංගප්පූරුවේ එළිහන් කුකුල් ෆාම් එකක්! බිත්තරේ දෙතැනම කිකිළිට අහිමියි!

    ReplyDelete
    Replies

    1. මේ පුද්ගලයාව පරමාදර්ශයක් කරගන්නා අය හිතන්නෙ සිංගප්පූරුව කියන්නෙ දිව්‍යලෝකයක්ය කියල. මගෙ අදහස මනුස්සයෙකුට තියෙන්න ඕන ලොකුම දේ නිදහස කියන එක.
      සිංගප්පූරුවෙ ඇත්ත කතාව හරිම භයංකාරයි. ඇත්තටම සිංගප්පූරු වැසියන් හිරකාරයන්. ලංකාවෙ සමහරු ලංකාව සිංගප්පූරුවක් කරන්න ඕන කිව්වට ඒ අයට එහෙම රටක අවුරුද්දක්වත් ඉන්න බැහැ.
      නෛතික භීෂනය තුලින් තමා රටම බය බිරාන්තවෙලා තියෙන්නෙ
      චීනයෙ මිනිස්සුයි සිංගප්පූරුවෙ මිනිස්සුයි එකම මාදිලියක හිරකාරයො. ඒ අයට ඒ අයගෙ ජීවිතවත් අයිති නෑ


      ප්‍රචන්ඩත්වයට එරෙහිව ලියනව. ඒ වගේම සාධාරණත්වය වෙනුවෙන් රැඩිකල් විදියට ප්‍රශ්න දෙස බලන්නත් මේ බ්ලොග් එකෙන් උත්සාහ ගන්නව.
      මහා යෝධයන් ලෙස වැජඹෙන නමස්කාරයට බදුන් වන බොල් පිළිමවල ඇතුල් පැත්ත ගැන දැනුවත් කරන්නෙ මිනිසුන් නොමඟ යන එක වළක්වන්නයි.

      Delete
  2. ඒ ලස්සන සිරගෙට මමනම් කැමතියි

    ReplyDelete
    Replies
    1. ඔබ අදහස් කරන්නෙ ආර්ථික සමෘද්ධිය ලබෙනවනම් අනෙක් දේවල් ඊට කැපකළාට කමක් නෑ කියන මානසිකත්වයෙන්. ඒත් අංක එකට දන්න ඕන මානව හිමිකම් , ප්‍රජාතන්ත්‍රවාදය නැතිව හොඳට කන්න බොන්න තියන තැනකට මමනම් කැමති නෑ. අපි කැමතිදේ කරන්න තීරණ ගන්න මොකවත් බැරිනම් වැඩක් නෑ. හැම දේම වෙන කෙනෙක් තීරණය කරනවනම් අපි රොබෝලද
      අනික ඔය කුරිරු දඩුවම් සහිත ම්ලේච්ඡ රටවල් වලට කොහෙත්ම මම කැමති නෑ. නීතියේ නාමයෙන් කරන අපරාධ වලට විරුද්ධයි. සිංගප්පූරුවෙ අපරාධ අඩුයි. නීතිය විසින් අපරාධ කරන නිසා. හැබැයි නීතිය විසින් අපරාධ නොකරන යුරෝපෙත් අපරාධ අඩුයි
      යුරෝපා රටවල ඔය ම්ලේච්ඡත්වය නෑ ඒත් අපරාධ අඩු සාමකාමී රටවල්. මට ඕන අන්න ඒ ශිෂ්ට දියුණුව.
      අපට ඕන අපායෙ සමෘද්ධිය නොවෙයි දිව්‍යලෝකයෙ සමෘද්ධිය

      Delete
  3. සිංගප්පූරු හිර ගෙදර ගැනනම් අත්දැකීමක් නෑ.. චීන සිර ගෙදර ගැන නම් සාමාන්‍ය අවබෝධයක් තියෙනවා.. දකුණු කොරියාව උනත් ටිකක් ඒ වගේ මට හිතෙන්නේ. මොන දේ තිබ්බත් මොකද නිදහස නැතුව.. බින්දිටත් ඔබටත් රසිකටත් තුන්දෙනාටම ස්තූතියි. රසිකගෙ කොමෙන්ට් එකෙත් ලොකු කතාවක් තියෙනවා..

    ReplyDelete
    Replies
    1. නිදහස නැතිවෙලා මොනව ලැබුනත් වැඩක් නෑ. නිදහස නැතිවෙන්නෙ පොඩි මිනිහගෙ. චීනයෙවත් සිංගප්පූරුවෙවත් ලොකු මිනිස්සුන්ට ප්‍රශ්නයක් නෑ. ඔය මොන නීතියක්වත් ලොකු මිනිස්සුන්ට නෑ. නිදහස වටින්නෙ ඒකයි.
      ආර්ථික සංවර්ධනය උදෙසා නිදහස බිලිදිය යුතුයි කියල තර්කයක් නෑ. එහෙම නොවන රටවල් ඕන තරම් තියනව. මෙතන වෙලා තියෙන්නේ ඒකාධිපතියන්ගෙ දුෂ්ට ආශාවන් මුදුන්පත්කරගැනීමේ ඕනෑකම

      Delete
  4. Replies
    1. රට සුරපුරයක් වුනාට මොකටද (වෙන්නෙ කොහොමද) මානව නිදහස නැති කල?
      (කලින් කමෙන්ටුවෙ ස්පෙලිං මිස්ටේක් එකක්)

      Delete
    2. සුරපුරයක් නොවෙයි අපායක්. නිදහසක් නැති තැන මොනවද තියෙන්නෙ. මොකක්ද ඒ රටෙන් ඇති වැඩේ . විපක්ෂෙ මන්ත්‍රී කෙනෙක් පාර්ලිමේන්තුවෙ කතා කරපුවම ලොකු දඩයක් ගහනවනම් . ඒක රටක්ද අපායක්ද

      Delete
    3. ඊයෙ මව්බිම එෆ්ටී එක බලන්න මධ්‍යස්ථ. නියම සම්මුඛ සාකච්ඡාවක් තියෙනවා ලී ක්වාන් යූ එක්ක.

      Delete
  5. හිතන්න කතාකරන්න තමන් ගැන තමන්ට තීරන ගන්න පුළුවන් වාතාවරනයක වැඩි පොහොසත්කම් නැතත් සාමාන්‍ය විදිහට ඉන්න තිබුණත් ඒක ලොකු දෙයක්.

    ReplyDelete
    Replies
    1. ඔබ සිංගප්පූරුවේ ජීවත්වන්නේනම් ඔබට රෝගී වීමට හෝ වියපත්වීම තහනම්ය කියල ප්‍රකට කතාවක් තියනව. අවුරුදු 70 ආච්චිලත් බරවැඩලු. කිසිම අනුකම්පාවක් තෙතමනයක් නැති යකාගෙ සමාජයක් ඒක.

      Delete