Thursday, March 19, 2015

යමපල්ලෙකුගේ චරිතාපදානය


උදෑසන බ්ලොග් සංචාරයේ යෙදී සිටින අතරතුර ට්‍රාන්සිල්වේනියා බ්ලොගයේ  අපූරු පෝස්ට් එකක් ඇස ගැටුණි. ලුවිස් අයියාගේ කතන්දරය මතක් වුනේ එය කියවන විටය.

ට්‍රාන්සිල්වේනියා බ්ලොගයේ තිබුනේ ෆීලික්ස් ශෙර්සින්ස්කි නම් මාක්ස්වාදී මිනීමරුවෙකු ගැන පුවතකි. වෙනස් මත දරණ අය සමූලඝාතනය කිරීමේ මාක්ස්වාදී ප්‍රතිපත්තිය මත 1918 න් පසු චෙකා නමින් හදුන්වන මිනීමරු ආයතනය විසින් කළ අපරාධ ගැන මෙම පෝස්ටුවේ දැක්වේ. මේවා ස්ටාලින් කළ අපරාධ නොවේ. ලෙනින් ගේ ඍජු අණදීම මත සිදුවූ ඒවායි. 1918 සිට වසර පහක් ඇතුලත ලක්ෂ 18 ක් ම්ලේච්ඡ ලෙස මරා දමා තිබුනි. ඔවුන් කළ වරද වෙනත් දේශපාලන මත දැරීමයි.මාක්ස්වාදෙන් අනුදකින්නේ තනි පක්ෂ ක්‍රමයකි. එම රටවල මැතිවරණ නැත. ජනතාවට පාලකයන් තෝරා ඝැනීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට බලයක් නැත. ජනතාව යනු පාලකයන්ගේ සිරකරුවෝය. 

ට්‍රාන්ස්ලිවේනියා සබැදිය

http://transyl2014.blogspot.com/2015/03/did-felix-dzerzhinsky-suffer-from.html


මා බොහෝ කොමියුනිස්ට් මිනීමරුවන් ගැන අසා ඇතත් මේ යක්ෂයා ගැන නම් ඇසුවාමය. මොහු විප්ලවීය රුසියාවේ මහත් බලයක් හොබවා ඇත. මොහු නියෝග ලබා ගත්තේ කෙළින්ම ලෙනින් මිනීමරු මහතා ගෙනි. 

කියන්න යන්නේ එය නොවේ.ලුවිස් අයියා ගැන කතාවකි. 

ලුවිස් සිඤ්ඤෝ යනු අපේ ගමේ සිටි වඩුවෙකි.ඔහු සමහරුන්ට ලුවිස් අයියා විය. සමහරුන්ට ලුවිස් මාමාය. වැඩි කලබලයක් නැති ලුවිස් තම රැකියාව කලේද ඕනවට එපාවටය. රැකියාව දියුණු කරගන්නටද වුවමනාවක් නොවීය. 

මට මේ මගුල එපා වෙලා බං තියෙන්නෙ " ලුවිස් වැඩපොලට එක අය සමඟ පවසයි.

වඩුවැඩ ඔහුට උරුමවුනේ පිය උරුමයෙනි.  වඩු රස්සාවට ලුවිස් ආසා කළේ නැත. ඔහු වැඩියක්ම ප්‍රිය කළේ කෝපි කඩයට ගොස් කයිවාරු ගැසීමටය. අපරාධවලට දෙන දඩුවම් ප්‍රමාණවත් නැති බව ඔහුගේ මැසිවිල්ල විය. රජ කාලේ දඩුවම් හා මැදපෙරදිග රටවල දැඩි නීති ගැන නිච්චි නිනවු නැතිව වර්ණනා කරයි . අනෙක් අයට තිබෙන්නේ අසා සිටින්නට පමණි. ඒ හැර ඔහුගෙන් මොන කරදරයක්ද

ලුවිස් ගේ ජීවිතය වෙනස් වුනේ පසුගිය භීෂන සමයත් එක්කමය. එකළ ලොකු ආණ්ඩුවට අමතරව පොඩි ආණ්ඩුවක් තිබිණි. පොඩි ආණ්ඩුවේ නීති සැරය. දඩුවම් ක්ෂනිකය.  දෙපාර්ශ්වයටම සවන් දීම හෝ චෝදනා ඔප්පු වන තුරු විත්තිකරු නිර්දෝෂී යැ‍යි සැළකීම , චෝදනා සාධාරණ සැකයෙන් තොරව ඔප්පුවීම වැනි ධනපති නීති විගඩම් එහි නැත. දෙපයින් ඇවිදින සියල්ලෝම මරනයට සුදුස්සෝය එය උද්‍යෝග පාඨයයි. කැරළිකරුවන්ගේ ප්‍රාදේශීය නායකයෙකුට අහවලා මරන්න ඕන කියා සිතුනොත් මරණය ස්ථිරය. ඇපල් ගැනීම් ඔය මොනවත් නැත. වැරදුනොත් ශෝකය පළකර බැනරයක් දමයි. එච්චරය.

කැරළිකරුවන්ගේ වීරක්‍රියා ගැන  පුවත් ප්‍රචාරය කරන්නේ කඩ පිළේය. ලුවිස් දැන් උදේම කඩපිළට යයි. ලුවිස්ලා පරම්පරාවෙන් කැපුවත් කොළ යූඇන්පීකාරයන්ය. ඒත් දැන් ලුවිස්ට යූඇන්පිය පෙන්නන්නටවත් බැරිය. ඩී ඇස් ගේ කාලයේ සිට එජාප නායකයන්ට බණින්නේ අම්ම මතක් කරලාය. කැරළිකරුවන්ගේ පක්ෂය ගැන ලුවිස්ට උනන්දුවක් ඇති විය. අම්මට සිරි මේක මරු පක්ෂයකි. දඩුවම් දෙන්නේ ප්‍රසිද්ධියේය

කැරළිකරුවන්ගේ පක්ෂයට රහසින් වැඩ කරන අය ගමේ ප්‍රසිද්ධ රහසකි. සෝමසිරි එවැන්නෙකි. ලුවිස්ට ඉන්ඩ හිටින්ඩම බැරිවූ එක් රාත්‍රියක සෝමසිරි හමුවීමට ගියේය.

සෝමසිරි හමුවූ ලුවිස් ඔහුගේ ගැටළුව කියා පෑවේය. මේ රට හදන්න ඕන බව  ලුවිස් ගේ මතය විය. ලුවිස්ගේ උද්‍යෝගය දැක සෝමසිරි සතුටු විය.

ලුවිස් අයිය අපේ රට දැන් තීරණාත්මක අවස්ථාවක. විදේශ හමුදාවක් රට ආක්‍රමණය කරලා. ලංකාව ඉන්දියාවෙ 26 වාන් ප්‍රාන්තය වෙන්නයි යන්නෙ. මේ ද්‍රෝහිය ජේ ආර් රට ඉන්දියාවට පාවා දීල සෝමසිරි කීවේය.

ඒම බෑ මල්ලි අපි සටන් කරන්න ඕන ලුවිස් කෑගෑවේය.

ලුවිස්ට ඉන්දියාවෙන් වැඩක් නැත. නිර්ධන පන්ති විප්ලවවලින්ද වැඩක් නැත. එහෙත් සෝමසිරිගෙ මගපෙන්වීම මත පන්තියකට සහභාගි වීමට ලුවිස්ට සිදුවිය.

පන්තියේදී දේශකයා කී අන්ඩර දෙමළ ලුවිස්ට තේරුනේ නැත. ඔහු ප්‍රශ්න ලෙස ඇසුවේ දැඩි දඩුවම් ගැනය. ද්‍රෝහීන් හොරිකඩයන් මර්ධනය යන වචන ලුවිස්ගේ කණට මී පැණි වත්කරන්නක් මෙනි. 

එහෙත් දේශකයා ලුවිස්ට වරක් දෙවරක් තරවටු කළේය.
සහෝදරයා දඩුවම් කියන දේම මත රැදෙන්න එපා. අප හැකිතාක් උත්සාහ කළ යුත්තේ විරුද්ධවාදීන් නිවැරදි මගට ගන්නයි. අපේ සතුරා පුද්ගලයන් නොවෙයි ධනපති ක්‍රමය. දේශකයා අවවාද කළේය.

එහෙමනම් උන්ව කෝවෙ දාල මකන්න වෙයි ලුවිස් තමාටම කියා ගත්තේය.

ලුවිස්ට තේරුන ලෙස මෙම ව්‍යාපාරය සල්ලිකාරයන්ට විරුද්ධ එකකි. කෝපි කඩේට යන එකද සීමා කළ යුතු යැ‍යි ලුවිස්ට සිතුනි. සරදියෙල් මෙන් මග රැක සිට සල්ලිකාරයන් මර්ධනය කළ යුතුයැයි ලුවිස් කල්පනා කළේය.

දැන් ලුවිස් නිර්ධන පන්තියේ වීරයෙකි. ඔහුට පැවරුන රාජකාරිය වූවේ නිර්ධන පන්තියට විරුද්ධ ඉන්දියාව හා ඇමරිකාව සමඟ එකතුවී මවුබිමට ද්‍රෝහිකම් කරන අය ට දඩුවම් දීමය. මැරිය යුතු අයගේ ලැයිස්තු පක්ෂයෙන් ලැබේ. ලුවිස්ගේ කැපවීම හා විප්ලවකාරී ජීවගුණය පක්ෂයේ ඉහළ මට්ටමේ අයගේද පැසසුමට හේතුවිය. 

ලුවිස්ට මෙම රාජකාරිය ලැබුනේ එකවරම නොවේ. ඔහු එකවරම මෙය ඉල්ලීමට මෝඩ නොවීය. වෙනවෙන වැඩ කර විප්ලවයේ සතුරන්ට බැණ වදිමින් නායකයන්ගේ සිත් දිනාගෙන ගානට වැඩේට සෙට් විය. දැන් ලුවිස් කොයි වෙලේවත් ගෙදර නැත. පැය විසිහතරෙම පක්ෂෙ වැඩය. ගස් කපා බිම දමයි. පාරවල් වසයි ,බස් ගිනි තියයි ,කඩවල් වසයි  ලෝකෙ නැති වැඩය.


පුංචි ආණ්ඩුවේ වැඩවලින් රටම හෙම්බත් විය. ලොකු ආණ්ඩුව ගේමට සෙට් වුනේ වැඩේටම ගැලපෙන ආරක්ෂක රාජ්‍ය ඇමතිවරයෙකු සමඟය. සුදුසු පොලිස් හමුදා ලොක්කන් පත් කෙරුනි. ත්‍රස්ත මර්ධනයට අවශ්‍ය කණ්ඩායම් පත් කෙරුනි. සමහරු ඒවායේ සාමාජිකත්වය ලබා ගත්තේ පැණි හැලියට ඇඹලයන් ඇදෙන්නක් මෙනි.

කැරළිකරුවන්ට පොට වැරදුනි. කැරළිකරුවන්ගේ වැඩ වලින් පීඩාවට පත් ජනතාව කැරළිකරුවන් මර්ධනයට රජයට සහාය පළ කළේය.ඝාතන කල්ලිවලට සාමාජිකයන් බදවා ගැනීමේදී කැරළිකරුවන්ගෙන් පීඩාවට පත්වූ අයගැන විශේෂයෙන් සළකා බැලුනි.

ගම් රටවල් හොල්ලගෙන සිටි මහ වීරයෝ අතුරුදහන් වන්නට විය. හැමතැනම ටයර් සෑයවල්ය. අත් අඩංගුවට පත්වන අයට දරුණු වධ හිංසා ලැබෙන බව අසන්නට ලැබුණි. කැරළිකරුවන්ගේ කිසි ගතියක් නැති මිනීමැරුම් වලට වඩා මේවා ශෝයි බව ලුවිස්ට සිතුනේ වරක් දෙවරක් නොවේ. මිනීමැරීම  දේපොළැ වැනසීම වැනි යහපත් වැඩ තිබුනත් කැරළිකරුවන්ගේ දෙලොවටම නැති නීති තිබුනි. ස්ත්‍රී දූෂන තහනම් විය. ප්‍රතිවිප්ලවවාදියෙකු මරා උගෙ බිරිද හෝ දුව දූෂනය කිරීමෙන් ජනතාව වැඩිපුර බයවෙන බව ලුවිස් ප්‍රාදේශීය නායකයන්ට කීවේ වරක් දෙවරක් නොවේ. එහෙත් මේවා ඇසූ විප්ලවවාදීහු ලුවිස්ට තදින් තරවටු කලේය. තමාව පක්ෂයෙන් නෙරපයි කියා ලුවිස් බිය විය.

වැඩිය කන්ඩ ගිය රටේ වලහ කාපි පිඩි ගැටේ කිව්වෙ කට කහනවටයැයි ලුවිස් තමාටම කියා  ගත්තේය.

ඒ අලුගුත්තේරු නීති ලොකු ආණ්ඩුවට නැත. 

ගෙවල්වලට පැන මිනීමැරීමට වඩා අත් අඩංගුවට ගෙන වධකාගාරවලට යවා දරුණු වධ දෙයි. නාඹර කෙල්ලන් ගෙනා විට කල්ල මරේය. ලුවිස්ට පක්ෂය ගැන කළකිරීමක් ඇතිවිය. 
ඔහු තීරණයක් ගත්තේය.

බුලත් අතක් රැගෙන ඇමතිතුමා හම්බවෙන්නට ගියේය. තමන් නොමඟ ගොස් සිටි බව පවසා දණගසා වැද සමාව ඉල්ලීය. කැරළිකරුවන් මර්ධනයට තමන්ට සහාය විය හැකි බව කී විට ඇමතිවරයා බණ කියන්නට විය. මහමග මරාදමන තරුණයන් ගැන ඇමතිවරයාට අප්‍රමාණ කනස්සල්ලක් තිබුනි. 


මෙසේ පාලක පක්ශය සමඟ සබඳතා ගොඩනගාගත් ලුවිස් පක්ෂයට බැහැල වැඩකරන්නට විය.කොඩියක් දාන්න එකෙක් නැති කාලයක ලුවිස් නොබියව සැරසිලි කළේය. ඔහුගේ නිර්භයබව දැක ලොකු ලොක්කන්ද තුටු පහටු විය. මර්ධන කටයුතුවල යෙදෙන කණ්ඩායමකට සෙට් වෙන හැටි ගැන ලුවිස් උදේ හවා කල්පනා කලේය. සිහින දැක්කේය.

වැඩිකළක් කට්ට කකා ඉන්නට සිදුවුනේ නැත. ලුවිස්ගේ කරල පැහුනේ කැරළිකරුවන් මර්ධනයට සහාය දෙන දේශපාලනඥයෙකු ගැන දැනගැනීමෙනි. ලුවිස් උපක්‍රමශීලීව ඔහු හා සම්බන්ධ විය. එම දේශපාලනඥයා ලුවිස්ගේ අනන්‍යතාවය ගැන උපාසක ඇමතිවරයාගෙන් විමසා බැලීය.ඔහු තමන්ගෙ මිනිහෙක් බව උපාසක ඇමතිද පවසා තිබුණි. මැර ඇමතිගේ සැක දුරුවූ පසු ලුවිස්ගේ තත්වය ස්ථාවර විය. දැන් මිළ මුදලින් මත්පැනින් අඩුවක් නැත. කොටින්ම ලුවිස්ට කළ නොහැකි දෙයක් නැත.

මෙසේ මර්ධන කල්ලිවල ටික කළක් සේවය කිරීමෙන් විශාල වධකාගාරයක සේවය කිරීමේ භාග්‍ය ලුවිස්ට ලැබුනි. ලුවිස් සේවය කළේ තමනට  කිසියම් ගුප්ත බලවේගයකින් නියම කෙරුන දේව කාර්යයක් ලෙසය. ඔහුගේ උද්‍යෝගය විශ්මයජනකය. ලුවිස්ට අසුවන කැරළිකරුවන්ට ඉතාම දරුණු වධ හිංසා මැද මියයාමට සිදුවෙයි. ලුවිස් ප්‍රාණවත් වන්නේ වධ හිංසා දෙන විටය.සිරකරුට කෑගැසෙන විට ලුවිස්ටද කෑගැසෙයි. කාරාතේ කාරයන් යාහ් කියා සතුරන්ට පහරදෙනවා මෙනි. මෙසේ ලුවිස්ගේ රැකියාව රඟ දැක්වුන නාට්‍යයක් විය.


ලුවිස්ගේ ප්‍රීතිමත් යුගය අවසන් වුනේ කැරැල්ල පරාජය වීමෙනි. කැරැල්ල පරාජය වෙනවාට ලුවිස් ඇත්තටම කැමති වුනේ නැත. එහෙත් කැරළිනායකයන් එකපිට එකා අසුවුන අතර රජය ත්‍රස්ත මර්ධනය නිළ වශයෙන් නතර කළේය. එහෙත් ඉන් පසු සාක්ෂි සැඟවීමේ ක්‍රීඩාව කරන අවස්ථාවයි. මෙතෙක් දඩයක්කරු වූ ලුවිස් දැන් දඩයම බවට පත් විය. 

ආරක්ෂක අංශවල ලොක්කන් තම යහළුවන් ලෙස ලුවිස් සැළකුවද ඔවුන්ට ලුවිස් යනු අකොළුවක් පමණැක් විය. ලුවිස්ට කුමක් සිදුවුනාදැයි දන්න කෙනෙක් නැත.
ඔහුගේ වඩුමඩුව දිරා යයි. ඉන්දියාවට හා ඇමරිකාවට එරෙහිව යුධ වැදී පසුව ධනපති ප්‍රජාතන්ත්‍රවදය වෙනුවෙන් මහ මෙහෙයක් කළ යුග පුරුශයෙකුගේ වැඩපොළ අද වේයන්ගේ රාජධානියකි. වතුපාලු වැනි වල් ගස් වඩුමඩුව තව පැත්තකින් ආක්‍රමණය කරයි.කාලයේ වැලි තලාවෙන් වැසී යන්නේ ගමේ එක්තරා යුගයක නටඹුන්ය.

එහෙත්

සමාන්තර විශ්වයක මෙය සිදුවුනේ මෙසේය. එහි විප්ලවය ජයගත්තේය.  හදිසියේම විදේශ රටක් කැරළිකරුවන්ට යුධ ආධාර දීම ඊට හේතුවයි.

1990 දී විප්ලවය ජයගත් අතර ඉන්පසු එළැඹුනේ නිර්ධන පන්තික ආඥාදායකත්වයයි
ජයග්‍රාහී කැරළිකරුවෝ 1995 වනතුරුම ප්‍රතිවිප්ලවවාදීන් මර්ධනය කළහ. රටේ ජනගහනයෙන් හතරෙන් එකක්ම මැරුම් කෑ මෙම යුගයේදී වධකාගාර අවශ්‍ය විය. ලුවිස්ගේ ක්‍රියාකාරකම් ගැන කැරළිකරුවන් අසා තිබුණි. විප්ලවීය රජයේ එක් ප්‍රධාන ක්‍රියාවක් වූයේ ලුවිස් විප්ලවීය නායකත්වය මුණ ගැසීමයි. නව විප්ලවීය රජයට සහාය දෙන්න ලුවිස් එකඟ විය. ඔහු සේවය කළ වධකාගාරය වසා නොදැමිනි. එසේම ලුවිස්ට නව තනතුරක් ලැබුනි. ප්‍රතිවිප්ලවවාදීන් මර්ධනය කිරීඑමි සමස්ත ලංකා අති විශේෂ කොමිසමේ ප්‍රධානියා ලෙස ලුවිස් පත් කෙරුනි. 

ලුවිස්ගේ පරණ වඩුමඩුව අද මනරම් මන්දිරයකි. දැසි දසුන් පිරිවරාගෙන  තේජාන්විතව නිවසට ඇතුළුවන්නේ බිය සැක දනවන මහා විප්ලවවාදියා වන ලුවිස්ය. ඔහු වග කියන්නේ උත්තරීතර නායකත්වයට පමණි. 

විප්ලවකාරී විමුක්ති හමුදාව අති විශේෂ කොමිසමේ කමාන්ඩර් ලුවිස් සහෝදරයාට ආචාරරරරර කරවු
ලෙෆ් රයිට් ලෙෆ් රයිට් ලෙෆ් රයිට් ලෆ් රයිට්

ලුවිස් සහෝදරයා සාඩම්බර ලීලාවෙන් එයි.ආයිත්තම් වලින් සැරසුන ඔහුගේ ඇදුමේ බරට ඔහු නොවැටෙන එක පුදුමයකි. එහෙත් ඔහු නොසැලී ඉදිරියටම එයි.

පරිසරය දෝංකාර දෙයි. ගස් වැල් පවා බියපත්ව ඇති සේය.

27 comments:

  1. //ලුවිස්ගේ ප්‍රීතිමත් යුගය අවසන් වුනේ කැරැල්ල පරාජය වීමෙනි. කැරැල්ල පරාජය වෙනවාට ලුවිස් ඇත්තටම කැමති වුනේ නැත. එහෙත් කැරළිනායකයන් එකපිට එකා අසුවුන අතර රජය ත්‍රස්ත මර්ධනය නිළ වශයෙන් නතර කළේය. එහෙත් ඉන් පසු සාක්ෂි සැඟවීමේ ක්‍රීඩාව කරන අවස්ථාවයි. මෙතෙක් දඩයක්කරු වූ ලුවිස් දැන් දඩයම බවට පත් විය.

    //

    ලුවිස් ගේ පුතා ගෙ නම අනුර දිසානායක ද?

    ReplyDelete
    Replies
    1. බලාගෙන ගියාම කුරුටු ගෑ ගී ත් තුට්ටු දෙකේ ජෙප්පෙක් නේ.... රස්සාවක් විදියට වුර්තීය ජෙප්පෙක් වෙන පාට තියෙනවා..... සන්තෝසයි...

      Delete
    2. පව් සා රසා ඉල්ලගෙන කාලා...

      Delete
    3. සා රස, තමුන්ගේ මතය දරන ගමන් අන් මතද ඉවසීමට පුරුදු වන්න. ඔය විදිහේ දේශපාලන අන්තවාදයක් මහින්දට වත් නැතුව ඇති.

      Delete
    4. අන්මත ඉවසන්න ලුවිස්ලාට බෑ

      Delete
    5. සා රස......... (අනික් අයත් මෙහෙම ශබ්ද කරන නිසා අැමතුවේ)

      ඔ්ක තමයි ඔබලාගේ වැරැද්ද.... කෙනෙක් අදහසක් කිව්ව ගමන් තමන්ගේ මිම්මට දාලා විචාරය කරනවා..... ඔබ දකින දේට ඒහා ගිය බොහොමයක් දේවල් තියෙනවා... ඒවා ගැනත් හිතන්න.... අපි හිතන දකින දේට වඩා දේවල් පිළිගැනීමට සහ ඉවසීමට පුරුදු වන්න......

      අාණ්ඩුවට විරුද්ධ වූ ගමන් ම කෙනෙක් යූඒන්පී කාරයෙක් වෙන්නෑ..... ජවිපෙට බනින ඒකට විරුද්ධ වූ පලියට ම කෙනෙක් ජේවීපී කාරයෙක් වෙන්නෑ...... ඊට වඩා පුළුල්ව හිතන්න... ඔබ නොදකින පැති බොහොමයක් තියෙනවා.... ඒවා ගැන ඉගෙන ගන්න............

      මෙහෙම කියන්න වුණාට සමාවෙන්න

      Delete
    6. ඕවා කියවලා වැඩක් නැතිවෙයි කුරුට්ටෝ.තමන්ගේ පැවත්ම,ප්‍රසිද්ධිය උදෙසා ගණිකාවකගේ තත්වයට පත්වීමේ අරුමය විතරයි මෙතනදී පෙන්වා දී තිබෙන්නේ.කියන්නේ මොකද්ද,කියන දේ කළුද සුදුද කියලවත් තේරුම්ගන්න උත්සහ නොකර "මම පොර"කීයල පෙන්වන්න කරන ගොන් චූන් එක දිහා තව සෑහෙන්න කල් බලන් ඉන්න සිද්දවෙයි උඹලට අපිට.

      Delete
  2. සමහර ලුවිස්ලා මලේ නෑ.. ඔය ජිනීවා ගියපු දෙන්නම ලුවිස්ගේ වැඩෙත් කළා.. දන්නෝ දනිති.. චන්ද්‍රිකාගේ කාලෙත්, මහින්දගේ කාලෙත් ලුවිස්ලා උන්නා.. මම දන්නේ නෑ සිරිසේන මහත්තයා දැණුම්වත්ද කියලා.. තාමත් ලුවිස්ලා ඉන්නවා.. දැක්කනේ මේ දවස්වල ඇලවල් වල තිබුන මළ සිරුරු.. සියල්ලම දරුණු වද බන්දනවලට ලක් උන එවා.. මේ වගේ ළඳරු ආන්ඩුවක් තුල මිනීමරුවෝ ඉස්මතු වෙන එක මහ දෙයක් නෙමෙයි.. මිනීමරුවෝ ටී වී ඉනටර්වීව් වල වීරයන් වෙන වෙලාවේ..

    ReplyDelete
    Replies
    1. ලඟදී හමුවූ මළසිරුරු ගැන කවුරුත් කතා නොකළ එක පුදුමයි. සමහර සිරුරුවල ඇගිලිවල නියපොතු තිබී නැහැ. ඒවා වෘත්තීය වධදීම් බව පේනවා. පුදුමය කිසිම කෙනෙක් මේ ගැන කතා නොකළ එකයි.සුමිත් අතුකෝරාළලගෙ මිනී හම්බවුනෙත් සමකාමී කාලයක බව අමතක නොකළ යුතුයි. ජවිපෙ කියන්නේ එජාපයෙ තරුණ සංවිධානය නිසා ඔවුන්ට නම් තර්ජන නැතිව ඇති. පුදන කොටම කාපි යකා කියල වැඩ පටන් අරන්ද දන්නෙත් නෑ.ඒවත් දින සීයට ඇතුලත්ද දන්නෙත් නෑ.

      සමාජය ප්‍රචන්ඩත්වයට එරෙහිවිය යුතුයි. එසේම ප්‍රචන්ඩත්වයට හේතු නොසෙවිය යුතුයි. ප්‍රචන්ඩත්වය කාට එරෙහිවද යන්න නොසෙවිය යුතුයි. ප්‍රචන්ඩත්වයට එරෙහිවීම සියල්ලන්ගේම වගකීමක්.

      ප්‍රචන්ඩත්වයට එරෙහි වීමේ පදනම

      මම නැත්නම් වෙන කවුද
      අද නැත්නම් වෙන කවදද
      මෙතන නැත්නම් වෙන කොහෙද

      ලුවිස්ලා හදුනාගත යුතුයි. ආරක්ෂක අංශවල මෙන්ම සිවිල් සමාජයේද සිටින තාවකාලික නිද්‍රාවක සිටින පිරිසක් තමයි ලුවිස්ලා කියන්නේ. අවස්ථාව ලද විගසම අවදිවේවි.

      Delete
  3. ලුවිස්ලා තවම සිටින අතර යක්ෂයා තම සිත තුල සැඟවුණු වෙන්ඩ ලුවිස්ලාද අප අතරම සිටී.

    ReplyDelete
    Replies

    1. ලුවිස්ලා හදුනාගත යුතුයි. ආරක්ෂක අංශවල මෙන්ම සිවිල් සමාජයේද සිටින තාවකාලික නිද්‍රාවක සිටින පිරිසක් තමයි ලුවිස්ලා කියන්නේ. අවස්ථාව ලද විගසම අවදිවේවි.

      මේ කතාවට අනුව භීෂන සමයක් ඇතිනොවුනානම් ලුවිස් තවම වඩුමඩුවෙ. ඔහුගෙ විකෘති ලිංගික ආශාවන් තෘප්තිමත් කරගන පරිසරයක් නිර්මාණය වෙන්නෙ නැහැ.
      අප කළ යුත්තේ ලුවිස්ලා හදුනාගැනීම . ඔවුන් වීරයන් හෝ දරුණු මිනිසුන් නොව පෞර්ෂ අක්‍රමතා ( personality disorders )ඇති අය ලෙස හදුනා ගත යුතුයි. පාසල් දරුවන් ලුවිස්ලාගෙන් බේරා ගැනීමත් වැදගත්.

      Delete
  4. වඩු බාස් කෙනෙක්නං ඉතිං කියත්, නියන්, බුරුම, යතුකැට හෙමත් යහමින් පාවිච්චි වෙන්න ඇති. මිලේච්ඡත්වය උත්කර්ෂයට නැංවූ තවත් යුගයක්.

    ReplyDelete
    Replies
    1. මේ යුගය එකපාරටම ඇතිවුනා නොවෙයි. කුඩා උල්පත්වලින් එන පුංචි දිය පහරවල් එක්වී මහා ගංගාවක් හැදෙනවා වගේ සෙමින් සිදු වූවක්. මෙහි මූලිකයා නිරෝගී මනසක් තිබුන කෙනෙක් නොවන බව ඔහුගේ හැසිරීම නිරීක්ෂනය කළ විට පේනවා. සන්නද්ධ හමුදා සමඟ සටනට ලීකෑලි ගත් කොල්ලන් කෙල්ලන් යැවූ මොහු යුගයට ඉදිරියෙන් සිටි අයෙක් නොව ලේ දැකීමේ ආශාවෙන් සිටි නරුමයෙක්. ඔහුව සමාජය තේරුම් ගන්නෙ එහෙමද .අන්න ඒකයි වැදගත්. ඉක්මනින් කලබල වන බිසසුළු භයානක මිනිසෙක් වුන මොහු සිය ළමා කාලයේ කටුක අත්දැකීම් සමාජයට මුදා හැරියා.

      මෙවැනි අය හදුනා ගැනීමට සමාජය ප්‍රබුද්ධ වෙනවානම් මහා ව්‍යසනයන් වළකා ගත හැකියි. ප්‍රතිකාර අවශ්‍ය පෞර්ෂ අක්‍රමතා වලට පර්යාය පද නොසෙවිය යුතුයි. ඔවුන්ට කිරුළු පැළැදවීමත් නොකළ යුතුයි. නගරවල සිටින මැරවරයන්ද මේ කුලකයේම පිරිසක්. සමාජය මොවුන්ට බියවෙනවා. ඒ වෙනුවට මොවුන්ගේ මානසික අසරණකම අවබෝධකරගන්නවානම් සමාජයටත් හොඳයි මොවුන්ටත් හොඳයි.

      Delete
    2. පරපීඩක කාමය
      සමාජයේ බහුල රෝගයක්..
      ප්‍රභාකරන්ටත් තිබ්බලු..මං ලිපියක කියෙව්වා ප්‍රභාකරන් පොඩි කාලේ මිරිස් ගෝනිවලට බැහැලා ඉන්නවලු ඒක ස්වපීඩක කාමය..

      Delete
    3. මහේෂ්ට දුන්න උත්තරේ දැක්කේ දැනුයි..:)

      Delete
  5. ලුවිස්ල තාම ඉන්නව ඒත් වැඩේ කියන්නෙ මේ ලුවිස්ල ඉන්නෙ උපාසක රෙද්දෙන් ටයි කෝට බෑයවලින් වැහිල
    ඒකට මිනිස්සු රැවටෙනව

    ReplyDelete
    Replies
    1. පරපීඩක කාමුකත්වයෙන් පෙළෙන අය හදුනාගන්න සමාජය දක්ෂ වෙන්න ඕන. සමාජය චන්ඩින්ට ගරුකරනවානම් යුක්තිය චන්ඩින් හරහා බලාපොරොත්තුවෙනවානම් ඒ සමාජය ව්‍යසනයන් ලගා කර ගන්නවා.
      නවක වදය කියන්නෙ පරපීඩා කාමුකයන්ගේ කෙළිබිමක්. සමාජය මේකට එක එක අර්තකථන නොදී සමස්තයක් ලෙස හෙළා දකිනවානම් එය නවතිනවා.
      මෙහි ඊලඟ භයානක දේ තමයි අලුත් කාමරෝගීන් බිහිවීම. කෙනෙක් කාමරෝගියෙක් බවට පත්වූ පසු ඔහුගේ මනසට ආහාර ලැබීම අවශ්‍යයි.ඔහුගේ සියළු ප්‍රයත්න ඒ සදහායි.

      Delete
  6. මිනිස්සු බහුතරයක් බලය ලැබුනම ම්ලේච්ඡ වෙනවා.ඔවුන්ගේ බලය ඔවුන්ට දැනෙන්නේ අනිත් උන් ඔහු අතින් වේදනා විඳිද්දි.

    http://www.imdb.com/title/tt0997152/?ref_=nv_sr_1

    ReplyDelete
    Replies
    1. ලින්ක් එකට ස්තුතියි.
      පරපීඩාකාමුකයන්ට රිසිසේ ක්‍රීඩා කළ හැකි පරිසරයන් නිර්මාණය වීම වැළැක්වීම
      ඔවුන්ට වීරයන් , අයුක්තිය නො ඉවසන්නන් , විප්ලවවාදීන් ලෙස ඔටුණු පැළැදවීම වෙනුවට ප්‍රතිකාර සදහා යොමුකිරීම
      පරපීඩාකාමුකත්වය හදුනාගෙන එය පිටුදැකීම ආදිය අවශ්‍යයි.
      මේ සදහා මෙම ක්ශේත්‍රය ගැන විද්‍යාත්මක අධ්‍යන අවශ්‍යයි.

      පරපීඩාකාමුකත්වය මිනිස් මනසේ මිස සමාජ ක්‍රමයක හෝ වෙන දෙයක වරදක් නොවෙයි.

      Delete
  7. ඇත්ත..ඔවැනි ලුවිස්ලා අදත් ඉන්නවා ඇති..සමහරවිට අප්‍රසිද්ධ..රෝගය හඳුනාගැනීම වැදගත්...සමහරවිට ඔය පුංචි ආණ්ඩුවේ ලොක්කාගෙත් ඔය ලෙඩේ අඳුනාගත්තානම් ඔච්චර විනාසයක් නොවෙන්න තිබ්බා...ප්‍රභාකරන් තව උදාහරණයක්..

    ReplyDelete
    Replies
    1. ප්‍රභාකරන්ගේ ළමා කාළය ගැන නම් සමහර විද්වතුන් අදහස් දක්වා තිබෙනවා. නමුත් විජේවීර ගැන එවැනි අධ්‍යනයක් මා දැක නැහැ. විජේවීර කුඩා කාළයේදී එජාප මැරයන් ඔහුගේ පියාට පහරදී සදාකල් ආබාධිත කර තිබෙනවා. ළමා විජේවීරගේ මනස ට එය බලපාන්න ඇති. විජේවීර සමාජයට මුදාහැරි ප්‍රචන්ඩත්වය තුලින් ඔහුගේ දුරවබෝධ මනස හදුනාගත හැකියි. විජේවීරගේ රෝගී මනස හේතුවෙන් එක් පරම්පරාවක්ම වන්දිගෙව්වා. කෝටි ගනන් මහජන දේපොළ විනාශ වුනා.විශාල පිරිසකගේ අධ්‍යාපනය කඩා කප්පල් වුනා. ඔහු නිසා පීඩාවට පත්නොවූ එකෙක්වත් නැහැ. මෑතක් වනතුරු විශ්ව විද්‍යාලවලට ඇතුලත් කර ගත්තේ අවුරුදු දෙකක් ගෙදර හිටියට පස්සෙයි. රටම කදුළු ගංගාවක් කළ එක් රෝගී මනසක්. සිතන්නට අපූරු දෙයක්.

      Delete
  8. ලුවිස්ල ඉන්නවා දැනුත්.. හැබැයි හොයන්න බෑ.. ඔය ගති හිත ඇතුලේ තදකරන් අවස්තාවක් එනකල් බලන් ඉන්නවා එලියට දාන්න.. හැබැයි ඒ කියුං කෙරුං එලියට එන්නත් කල් යන නිසා හොයන්නම බෑ වර්තමානේ ඇතුලේ ඉඳන්...

    ReplyDelete
    Replies
    1. මනෝවිද්‍යාව විශේෂයෙන් අසාමාන්‍ය මනෝවිද්‍යාව ගැන දැනුමක් තියන අයට මේව පැහැදිලියි. ඒ දැනුම තුලින් සමාජය මෙවැන්නන්ගෙන් මුදා ගත හැකියි. මේ අය අයුක්තියට එරෙහිවන භූමිකාවක් රඟනවා .මේ අය සමාජයේ වීරයන් .පළමු කාරනේ මේ අය හදුනාගැනීම.

      රසිකලොජි බ්ලොග් එකේ ඔබ නියම සයිකොලොජිකල් පොයින්ට් එකක් දාල තිබුන. පුද්ගලයව නියමෙට ඇනලයිස් කරන්න පුළුවන්. පට්ට මචෝ පට්ට.

      Delete

  9. මම මනෝවිද්‍යා කටුකෝස් එකක් කළා. මේක කරපු අය උපදේශකයන් ලෙස සමාජයේ වැජඹෙනවා. නමුත් මේ කෝස් එක ගැන විවේචන ආවා.මෙය මෙහෙයවූ මහාචාර්යවරයාටත් අදාල විශය ගැන ආචාර්ය උපාධියක් නැතිබව ට චෝදනා ආව. ඒව මට කමක් නෑ. මට වැදගත් වුනේ ඔහු දුන් දැනුම. අසාමාන්‍ය මනෝවිද්‍යාව ගැන දැනගත්තෙ එතනින්. සමහර ඒව පුදුමාකාරයි. සමහර ඒවට බඩදගලනව. ඒතරම්ම පිළිකුල්. මට මතක් වුනේ සබ්බේ පුථුජ්ජනා උන්මත්තකා කියන බුදුවදන.

    හැබැයි සාමාන්‍ය හා අසාමාන්‍ය කියන දෙක ඉරක් ගහල වෙන් කරන්නත් බෑ. අසාමාන්‍ය කියන එක සාපේක්ෂයි. සමහර කාලවල සමහර ප්‍රදේශවල අසාමාන්‍ය වුන දේවල් තවත් කාලවල තවත් ප්‍රදේශවල සාමාන්‍ය දේවල්.

    ReplyDelete
  10. කතාවක් වශයෙන් හොදයි.
    යතාර්තය බොහොම දුරයි.
    ලුවිස්ලා වගේ අය කෑරලි ගහන්නේ වෑඩකරන්න කම්මෑලිකමට.......විප්ලවාවාදී කමාන්ඩර් වරයෙකු වී ලෙෆ්ට් රයිට් ගහන්න තියන ආසාවට........ වගේ බොහෝම බුද්දිමත් කතා කියන ඔබතුමා බොහොම හොද මද්‍යස්ත මතාදාරියෙක් කියලා පේනවා.

    ReplyDelete