Sunday, March 15, 2015

කැටපත් පවුරේ කිවිදිය උදයා 2221 සරසවි සිසුවාට සමාව දෙන්න

අවන්හලේ කෙළවර මේසයේ පුටුවේ  වාඩිවී යන එන අය දෙස බැලුවේ ඕනවට එපාවටය. ඇත්තෙන්ම ශ්‍රී නිවාස් සමඟ ඇතිවූ හබය මා නොසන්සුන් කර තිබිණි. ශ්‍රීනිවාස් උස්  හීන්දෑරි නිතර සිනාසෙන මුහුණක් සහිත සුන්දර මිනිසෙකි. ඔහු සමඟ අමනාප කෙනෙකුටද ඔහු සමඟ දබර කළ නොහැක. කෙනෙක් වශී කරවන අපූර්වත්වයක් ඔහුගේ දෑස්වල දසන්වල තිබුණි.

ශ්‍රී නිවාස් සමඟ ගැටුනේ මහම මළ විකාරයකටය. 16 වන සියවසේ සමහර විට 18 වැනි සියවස වන තුරුම  ශ්‍රී ලංකාවේ දෙමළ රාජ්‍යයක් පැවති බව ඔහු කියයි. ඉතින් එහෙම වුනත් මට ඇති කාරිය කිම.

මා මෙලෙස දිගින් දිගට තර්ක කරනු ඇතැයි ශ්‍රීනිවාස් සිතුවේ නැත. මීට පෙර හූමිටි තබමින් ඔහුගේ මතය ස්ථිර කරමින් සිටි නිසා මෙලෙස වාද කිරීම ඔහුට පුදුමයක් විය. ආ දෙස සිනාමුසු මුහුණින් බලා සිට මහ හඩින් සිනාසෙමින් කොරිඩෝරය දෙසට ගියේය.

ඉතිහාසය හා පුරා විද්‍යාව හැඳෑරිය යුතු‍යැයි මට හැඟීමක් ආවානම් ඊට තුති පිදිය යුතු ශ්‍රී නිවාස්ටය. සිංහලයාගේ ඉතිහාසය අදට ඒ කියන්නෙ 2221 ට අවුරුදු හාරසීයක් වත් නැත. සිංහල බස දෙමළෙන් තද්භව වූවකි. විවිධ රටවලින් ආ කල්ලතෝනින්ගෙන් සිංහල ජාතිය හැදී ඇත. ශ්‍රී නිවාස් අපූරු තර්ක දමායි.ඇත්තෙන්ම ගම්පල කෝට්ටේ මහනුවර පාලකයන් ගේ දෙමල නම් දෙස බලන විට ඒවා ඇත්ත බවද සිතේ. ඊට පෙර ආදිකාලේ සිටිවිජය යනු විජයන්ය. දේවානම්පියතිස්ස යනු දේවා නම්බිය තීෂවන්ය , යක්ෂ ගෝත්‍රිකයන් ද්‍රවිඩයන් වන අතර චිත්ත රාජ හා කාලවේල යන නම් ඔහු ගෙන හැර දක්වයි.  බලනවිට ඇත්තය. 


ශ්‍රීනිවාස්ගේ මත එකහෙලා පිළිගත් නිසා ඔහු මට බොහෝ ළැදිවිය. මට දිගින්ද හරහින්ද කියා මම ද සිටියෙමි. 

ශ්‍රීනිවාස් සහ මා ගැටුනේ සීගිරිය සම්බන්ධවය.

සීගිරිය මහා දෙමළ රාජයකුගේ විශ්මිත නිර්මාණයක් බව ශ්‍රීනිවාස් කීය. ඔහු ඊට උදාහරනැයක් ලෙස පෙන්වා දුන්නේ එකළ සිටි උදයා නම් වූ කිවිදියක කැටපත් පවුරේ කළ නිර්මාණයයි. එය පැහැදිලි දෙමළ අකුරින් ලියා ඇති නිසා අනෙක් අකුරු අපැහැදිලි අකුරු කෑලි නිසාත් සීගිරියේ කැටපත් පවුරේ කාව්‍යයන් එකළ සිටි දෙමළ කිවිදියක වූ උදයා විසින් ලියන්නට ඇති බව පැහැදිලිය. සමහර විට උදයා එම කවීන්ගේ නායිකාව වන්නට ඇත.

 මා කීවේ පසුකාලීනව දෙමළ කාන්තාවක් කැටපත් පවුරේ මෙසේ නම ලීවා විය නොහැකිද කියායි

ශ්‍රී නිවාස් සිනාසුනි 

ශ්‍රීනිවාස් තර්ක කළේ 21 වැනි සියවසේ සිංහල ආණ්ඩුවක් තිබියදී  ලණු තුනකින් පැන භාෂා තුනකින් තිබූ අවවාදය නොතකා ආරක්ෂකයන්ගේ ඇස් වසා දෙමළ තරුණියක් එසේ කරයිද කියායි.

ඒ කතාවත් ඇත්තය. මම බොරුවට ශ්‍රීනිවාස් තරහකර ගත්තෙමි. මට වරදකාරී හැඟීමක් සිතට එයි. මම සිතා මතා කිසිවෙකුට වරදක් නොකරමි. එහෙත් දෙමළ රජවරුන් ගේ විශ්මිත නිර්මාණයක් වන සීගිරියේ කැටපත් පවුරේ කුරුටු ගී ලියූ ඒ උදාර දෙමළ කලාකරුවන්ට නින්දා කර ඇත. 

තේජෝබල වීර විපුල මහා  ද්‍රවිඩ රාජයා පවා ඇබිටිල්ලන් මීයෙක් ලෙස සැළැකූ ඒ මහා කිවිදිය උදයා ගැන මට ඇත්තේ ක්ණගාටුවකි. උදයා ද චෝල පල්ලව කේරළ රාජසභා ආලෝකමත් කළ කිවිදියක වන්නට ඇත.එබදු එක් කිවිදියක් දෙමල සමාජයේ ප්‍රකට වුනේ දෙමළ ආච්චි යන නමිනි.

ශ්‍රීනිවාස් ගෙන් සමාව ගන්නෙමි. කල්ලතෝනින්ගේ විකාර තර්ක දෙස කුඩාවුන්ගේ  වැලිබත් ඉවීම් දෙස බලන වැඩිහිටියෙකු මෙන් එදා මහා දෙමළ රාජ්‍යෙයේ රාජසභාවේ සිටි මහා කිවිදිය උදයා බලා සිටී.උදයාගේ කරුණාබර දෑස් මා වෙත යොමුව ඇති සේය. මට තවත් ඒ දෑස් දෙස බලා සිටිය නොහැක. හනික යමි. ශ්‍රීනිවාස් ගෙන් සමාව ගනිමි. උදයාද මට සමාව දෙනු ඇත.

13 comments:

  1. බස්සී ඉස්ටැයිල් ලිපියක් වගේ. අදහස නරක නෑ.

    ReplyDelete
  2. නීතිය කියන්නේ නීතිය. එය කාටත් සමව ක්‍රියාත්මක වියයුතුයි. පහුගිය කාලයේ එය ක්‍රියාත්මක වුනේ අවලම් විදිහට. කොතනින් හරි ආපහු ආරම්භයක් තිබිය යුතුයි. සිංහල ගාමන්ට් කෙල්ලෙක් මේ වැඩේ කලත් දඬුවම දියයුතුමයි.

    ReplyDelete
    Replies
    1. මෙතන ජාති බේදයක් නෑ. බස් වල කුරුටු ගාන වැසිකිළිවල කුණුහරප ලියන ළමයි හදුනාගෙන ඔවුන්ට ප්‍රතිකාර කළ යුතුයි. එසේ කරන්නේ යම් පෞර්ෂ ආබාධ තිබෙන අය. ඔවුන්ට උපදේශනයන් මගින් කරන ප්‍රතිකාර ප්‍රමානවත්. එසේ ප්‍රතිකාර නොකළොත් ඔවුන් විවිධ අපචාරී පැතිවලට යන්න ඉඩ තිබෙනවා.
      මම පුද්ගලිකව කෙනෙකුට විපතක් වෙනවාට කැමති කෙනෙක් නොවෙයි. මට පුද්ගලිකව හිරිහැරයක් කරන කෙනෙකුට වුනත් සමාව දෙන කෙනෙක්. මේ දඩුවම ගැන මුලින්ම අහපු වෙලාවෙ ඇතිවුනේ දුකක්.
      මෙතන වෙන කතන්දරයක් තියන බවට සැකයක් තියනවා. කැටපත් පවුරෙ මොනවහරි ලියන්න අපේ ඉස්කෝල ළැමයි නම් බයයි.. මම ඒක හොඳින්ම දන්නවා. ගුරුවරු ඔතෙන්ට එක්කගෙන යන්නෙම බය කරල. මේකට අහුවුන හතරදෙනාම මඩකලපුවෙ. ඔවුන් කම්බි හත්පොටක් පැනල හරි මෙතන දෙමළ අකුරු ලියන්න ධෛර්යය්ක් තිබිලා. මේක පිටිප්ස්සෙ මොකක් හරි කතන්දරයක් තියෙන්න බැරිද
      මොකද අපි දන්නව ඉතිහාස මංකොල්ලයක් තියනවා. සිංහල ඉතිහාසය දෙමළැ ඉතිහාසයක් කියල දෙමළැ පිරිසක් කියනව. මෑතකදි මහාචාර්ය ගුණැපාල සේනාධීර මහතා ඒ ගැන ශාස්ත්‍රීය පැහැදිලිකිරීමක් කළා. ඒ බුඩිසම් බිට්‍රේඩ් පොතට එරෙහිව. අනුරාධපුර රජවරු දෙමළැ අය කියල කියන දෙමළ මුස්ලිම් කීප දෙනෙක්ම මට හමුවෙලා තියනව. අපි මේක පටු කෝණවලින් බලල දුප්පත් දෙමළ කෙල්ලෙක් කියල අනුකම්පා කරනව.

      ෆේස්බුක් එකේ මම දැක්ක චානුක වත්තේගම සහ සුරේඛා සමරසේන මේ ගැන පළ කළ දේවල්.
      චානුකට අනුව මෙයා දෙමළ වීම නිසා සමාව දිය යුතුයි. සුරේඛාට අනුව මෙයා කාන්තාවක් වීම නිසා සමාව දිය යුතුයි. එහෙමනම් ඒක ව්‍යවස්ථාවට ඇතුලත් කරමු. දෙමළ ජාතිකයන් හා කාන්තාවන් වැරදි නොකරන බවට නොබිදිය හැකි පූර්ව නිගමනයක් ඇත කියල, මම දන්න විදියට නීතියෙ එහෙම නොබිදිය හැකි පූර්ව නිගමන තිබෙනවා. එහෙම වුනොත් දෙමළ අයට සහ කාන්තාවනට එරෙහි සියළුම නඩු නීතිපති හරහා ඉවත් කර ගත හැකියි. එසේම විවිධ වැරදිවලට සිරගතව සිටින සියළුම දෙමළ අය හා කාන්තාවන් නිදහස් වේවි. අපරාධ යුක්ති කොමිසම අහෝසි වුනහම ඒ යටතේ සිරගතව සිටි විනිමය හොරු නිදහස් වුනා වගෙ. චානුකගෙ මේ සහනය මුස්ලිම් අය දක්වා දීර්ඝ කරනවනම් ඒකත් හොඳයි.. මේ ලඟදි මීගමුවෙදි අල්ලපු කුඩු හොරාවත් ඒ අනුව නිදහස් වේවි.

      චානුකල සුරේඛලගෙ ක්‍රමය ආවොත් නීති ගැටුම් ඇතිවෙනව. දෙමළ කෙනෙක් කාන්තාවක් දූෂනය කළොත් එතනදි අර පූර්ව නිගමනය නිසා දෙමළ කෙනා නිදහස් වෙනව. සුරේඛට ආයෙ බුකියෙ කවි ලියන්න වෙනව

      Delete
  3. පාඨකයා ලේඛකයාගේ අරමුණ කරා ගෙන යන්නට ගෙතූ හොඳ ගෙත්තමක්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.
      මේ වගෙ සංවාද වල යෙදෙන සමහරු ( දෙපැත්තම ) ඉතාම ඉක්මනින් ආවේගශීලී වෙනව. බුකියෙ මේක මම දැකල තියනවා. හැඟීම්බර නොවී මධ්‍යස්ථව ප්‍රශ්නයක් දෙස හැම කෝණයකින්ම බලන්න ඒ අය පුරුදුවෙලා නැහැ. ඔය දුර්වලකම ඉස්සර මටත් තිබ්බා

      Delete
  4. උදයා ගැන මටත් මුල ඉඳලම වගේ තිබුනේ වෙනත් මානයක්.. ඒක යම්කිසි පසුතැවීමක් වගේ කියන්නත් පුළුවන්.. ඒත් දඬුවම අසාධාරණීකරණය කරන්න මගේ ඒ ඒක පුද්ගල හැඟීමට ඉඩ දෙන්න බෑ.. ඇත්තටම මේ ගැන හිතන්න ඕනි අදට සාපෙක්ශව නෙවෙයි අනාගතයට සාපේක්ශව.. හොඳ උත්සාහයක්..

    ReplyDelete
    Replies
    1. මටත් ඔබ වගේම තමයි. දඩුවම සැරවැඩියි කියන හැඟීම තිබුනා. දැනටත් තියනවා. ඒත් මේක පුරාවස්තුවක්. ලෝක උරුමයක්. අනාගතයට අයිති දෙයක්. ඒ දෘෂ්ටිකෝණයෙන් තමයි බැලිය යුත්තෙ. මේවට බොරු මානව හිතවාදෙන් කවි ලියන්න පුළුවන්. අපට යමක් දකින්න පැති කිහිපයකට.
      මෙහෙම තර්ක කරන්න ගියොත් ස්ත්‍රී දූෂකයෙක් වුනත් සාධාරණීකරනය කරන්න පුළුවන්. රැකියාවක් හොයාගන්න බැරිවුන ඒ නිසා විවාහයක් කරගන්න බැරිවුන කෙනෙක් ස්ත්‍රී දූෂණයක් කරනව. අපි යමක් දකින්න ඕන සමස්තයට සාපේක්ෂවයි. හේතු මොනවා වුනත් සිද්ධිය වැරදියි කියන ආස්ථානයෙ ඉන්න ඕන. පුද්ගල කේන්ද්‍රීයව ප්‍රශ්න දිහා බලන්න බෑ.
      බට්ටි කියල ගණිකාවක් ගැන ත් ඔහොම ගියා. පාසල් අසල ගණිකාවො හැසිරෙන්ම එක අනුමත කරන්න බෑ. බට්ටිට ගහපු එක වැරදියි. ඒක එහෙම වුනත් බට්ටිලා ඒ වගෙ තැන්වලින් අයින් කරන්න ඕන.

      වාරියපොල සිද්ධිය බලන්න. හැමෝම ගත්තෙ කොල්ලගෙ පැත්ත .බුකියෙ ඒ දවසව්ල එක ගිනිවිජ්ජුම්බරයයි. ඇත්ත ඒකද . කොල්ලට ගහපු විදිය වැරදි වුනත් කාන්තාවකට තමන්ට ඕන විදියට ඇදගෙන එක එකාගෙ වාචික හිංසනයන් වලට ලක් වෙන්නෙ නැතිව පාරෙ යන්න බැරිද එතන වරද සෙල්වාගෙ.

      මූලිකම දෙය තමයි ප්‍රධාන සිද්ධිය හදුනාගැනීම. ඊට හේතු හා ප්‍රතිපල පසෙක තැබීම ඊලඟට කළ යුත්තේ නිවැරදි කිරීම ඒකියන්නෙ යථා තත්වයට පත් කිරීම.වරද යනු යථා සොභාවය වෙනස් වීමයි.දඩුවමේ අරමුණ වෙන්න ඕන ආපසු යථා තත්වයට පත් කිරීමයි. පලිගැනීම නොවෙයි.

      Delete
  5. දෙමල්ලු ගැන කියනවානම් ඔවුන්ට තියෙන්නේ මාස් හිස්ටීරියා තත්වයක්. ඒ නිසා දෙමෙල්ලු සම්බන්ධ වැඩවලදී අනවශ්‍ය ලෙස දෙකටනැමෙන්න ගියොත් ඔවුන්ගේ පිස්සු ඩබල් වෙන බව මතක තබාගත යුතුයි. ඒ වගේම දෙමලු පුංචි දේවල් වලටත් හයියෙන් විලාප තියනවා ඒ ඔවුන් ගේ
    සංස්කෘතියේ හැටි (සක්කිලි පඩි ගත්තා වගේ කියා උපමාවක් හැදී ඇත්තේ ඒ නිසා) එයට අපි නොසැලිය යුතුයි.

    ඉතිහාසය ගැන කියනවා නම්,මටත් ගිරි නිඝන්ටයා (මහා කළුසිංහලයා පැනල යනවෝ කියපු කෙනා) ගැන ඔයවගේ අදහසක් තියෙනවා.
    ඉතිහායේ දැක්වෙන හැටියට නම් එයා ජෛන ආගමේ කෙනෙක්. ඒත් මට සැකයි ඕකා කතෝලිකයෝ කියවන අනුරාධපුරයේ හිටියා කියන නෙස්ටෝරියන් ක්‍රිස්තියානි කාරයෙක් වෙන්න බැරිද? මොකද මගේ අත්දැකීමේ හැටියට ඔයවගේ අලුගුත්තේරු කතා කියන්නේ ක්‍රිස්තියානි කාරයෝ හෝ මාක්ස් වාදියෝ තමයි.
    ගිරි නිඝන්ඨයාගේ නියම නම ග්‍රෙගරි වෙන්න පුලුවන්. එකල අනුරාධපුර යුගයේ දී අභය ගිරිය ආශ්‍රිතව ක්‍රිස්තියානි මධ්‍යස්ථානයක් ‍තියෙන්න ඇති. ග්‍රෙගරි ඒකෙ ලොක්කා වෙන්න ඇති. පසුව වලගම්බා රජතුමා ක්‍රිස්තියානි ආගම ජාතික ආරක්ශාවට තර්ජනයක් බව තීරණය කරලා එම ආගම තහනම් කරලා පූජක වරුන් රටෙන් පිටුවහල් කරලා අභයගිරි පල්ලිය කඩලා පල්ලි ඉඩම සම්පූර්ණයෙන් වැහෙන්න අභයගිරි දාගැබ හැදුවා. ඉප්පසු පෘතුග්‍රීසි කාරයො එනකම් මෙහේ ක්‍රිස්තියානි කාරයෝ හිටියේ නෑ

    ReplyDelete
    Replies
    1. ඔය ද්‍රවිඩ , ජෛන කියන නම් පොදුවෙ භාවිතා වුන දේවල්. පෘතුගීසීන්ටත් ද්‍රවිඩ සේනාව කියල හදුන්වල තියනවා.ද්‍රවිඩ කියන නම මුලින්ම එන්නෙ සංගම් සාහිත්‍යයෙ.
      ඔබ මතුකරන ක්‍රිස්තියානි වලගම්බා මහරජතුමා ( ක්‍රි .පූ.103-102 , ක්‍රි.පූ.102-89 , ක්‍රි.පූ.81-76 ) කාලයේ සිටියෙ. ඒ කාලෙ ක්‍රිස්තියානි ආගම බිහිවෙලා තිබුනෙ නෑ.
      ග්‍රෙගරි වගෙ නම් මුලින්ම හමුවෙන්නෙ රෝම ඉතිහාසයෙ අධිරාජ්‍ය යුගයෙ.. ඒ නමට බොහෝ ක්‍රිස්තියානි නම් වලට වගෙ යුදෙව් මූලයක් නෑ. සමහර විට නැගෙනහිර යුරෝපීය මූලයක් ඇති.
      වලගම්බා යුගයෙ සිටි ගිරි ක්‍රිස්තියානිකාරයෙක්වත් මාක්ස්වාදියෙක්වත් වෙන්න බෑ.

      Delete
    2. වලගම්බා රජ්ජුරුවො හිටියේ ක්‍රිස්තු පූර්ව ගනන්වල බව දැනන් හිටියේ නෑ දැනුවත් කලාට ස්තුතියි.

      ඔන්න දැන් සිංහල ක්‍රිස්තියානි කාරයන්ට නියම පරිප්පුවක් කන්න වෙලා
      සිංහල මාලුකාරයන්ට නැගෙනහිර වෙරල තහනම් වෙලා.
      දැන් එයාලා ධීවර ජනතාව වෙනුවෙන් අලුත් පක්ෂයක් හදන්න කටයුතු කරනවලු.

      Delete
  6. ඔබේ කතාවෙන් කිවයුතු බොහෝ දේ කියවෙනවා..එකක් සිංහලුන්ගේ නිවට නියාලු ගතිය..බොහෝමයක් සිංහලයෝ දේවල් තීරණය කරන්නේ පුද්ගල කෙන්ද්‍රීයව..මේ කියනවා වගේ //ශ්‍රීනිවාස් උස් හීන්දෑරි නිතර සිනාසෙන මුහුණක් සහිත සුන්දර මිනිසෙකි. ඔහු සමඟ අමනාප කෙනෙකුටද ඔහු සමඟ දබර කළ නොහැක. කෙනෙක් වශී කරවන අපූර්වත්වයක් ඔහුගේ දෑස්වල දසන්වල තිබුණි//

    ඒකට අර අපේ තිබෙන සහජ කාරුණිකත්වයත් බලපානවා ඇති.මොකද කාරුණිකත්වය දක්වන්නේත් රැහෙන් පිට හෝ අසරණවෙලා කියලා තීරණයකට එළඹෙන කෙනා ගැන නේ..ඉතින් ඒ වගේ තමයි දැන් අන්‍ය ජාතිකයෙකුට හෝ ආගමිකයෙකුට යමක් කියූ සැණෙන් අපේ අය රෙදි කරට ගෙන වලියට එන්නේ..එහෙව් අය හිටි නිසානේ ඉතිහාසයත් ඔහොම වුණේ..නැත්නම් ලංකාව රටක් හැටියට ඊට වඩා දියුණු තත්වයක තියෙන්න පුළුවන් කියලා හිතන්වා...ප්‍රශ්නය දිහා නොබලන තාක්කල් අපි ජාතිවාදියෝ ආගම්වාදියෝ විදියට හංවඩු ගැහෙයි ඇත්ත කතා කරන්න ගියහම..

    ReplyDelete