Friday, February 27, 2015

හැම ආගමක්ම සමානද පන්සලේ පල්ලියේ කෝවිලේ මස්ජිදයේ දැල්වෙන්නේ එකම පහනද



මේ ප්‍රශ්නයට මා දෙන උත්තරය ඔවු යන්නයි. එහෙත් ඔවු කියන  සමහරු කියන්නේ  හැම ආගමකින්ම කියන්නෙ හොඳ දේ කරන්න කියානේ ඒකයි කියාය.

ඇත්තටම ඒක නොවේ. හැම ආගමකම පදනම මමත්වය නැතිකිරීමයි.මමය මාගේය කියන හැඟීම නැතිකිරීමයි.මෙහිදී නිර්මාණවාදී ආගම් දෙවියන් වහන්සේ ප්‍රයෝජනයට ගනී.දෙවියන් වහන්සේගේ මමත්වය තුල පුද්ගල මමත්වය ගිලා දැමීමයි. එහෙත් බුදුදහම වැනි ආගම් භාවනා ක්‍රම යොදා ගනී. මෙම භාවනා ක්‍රම අනාදිමත් කාලයක් විවිධ නිකායන් විසින් ප්‍රැක්ටිස් කළ අභ්‍යාස මිස කාගේවත් සොයාගැනීම් නොවේ.

තමනෙග් ආගම අනෙක් ආගම්වලින් වෙනස් බව බොහෝ ආගමිකයෝ කියති. මගේ මිතුරෙක් මෙසේ පැවසීය. අනෙක් ආගම්වල තියෙන්නෙ අන්ධ ඇදහිල්ලක් නමුත් බුද්ධාගමේ විතරක් අවබෝධය මත පදනම් වූ මාර්ගයක් කියාය. සම්පූර්ණ වැරදිය. අන්‍යාගමිකයන් ඔවුන්ගේ ග්‍රන්ථ වචනානුසාරයෙන් පිළිගන්න ලෙසම අප අපේ පොත් වල තිබෙන වාක්‍ය අන්ධානුකරනයෙන් පිළිගනිමු. අන්ධානුකරනයක් නැති ආගමක් නැත.මමත්වය නැතිකිරීම නම් වූ අරමුණ අන්ධානුකරනය තුල සැඟවී ඇත.විවිධ මෝඩ චාරීත්‍ර වලින් වැසී ඇත.

ආගම්වල ගජමිතුරා දේශපාලනයයි. දේශපාලනයෙන් වියුක්තව ආගම් පැවතී නැත.

ආගම්වල පදනම මමත්වය නැතිකිරීම නම් මේ මම යනු කවුද .මම යයි කියා ගන්නා සියල්ලම පරිසරයෙන් පටවන ලද ඒවා වන අතර ඒ සියල්ලේ පැවැත රදා පවතින්නේ සංයෝජනයෙනි. මෙම සංයෝජනය නැතිවූ පසු මම කියා ගත හැකි දෙයක් නැත. ඒ අනුව මම යන්න මනසින් නිර්මාණය කරගන්නා සම්මුතියක් බව පෙනේ.මෙම සාපේක්ෂ මමත්වය නැතිකරගත්විට ප්‍රශ්න නැත. එය පරම තත්වයකි.සැමගේම පැතුමයි .එය සාක්ෂාත්කරගන්නේ කෙසේද  මෙය ක්‍රමවේදයකි. මෙම ක්‍රමවේදය වෙනස්විය හැක.ඒ මමත්වය නැතිකර ගැනීමට යොදන විවිධ උපායන් අතිනි.එහෙත් අරමුණ එකමය.මමත්වය මනසේ නිර්මානයක් මිස නිරපේක්ෂ දෙයක් නොවන බව අවබෝධකර දීම ආගම් මගින් සිදුවේ.

බාහිර වස්තූන් අරභයා මනස විසින් නිර්මානය කරගන්නා දේවල් ඇත. ඒවා සාපේක්ෂය.බාහිර අරමුණු ( උපාදානයන් ) ගෙන් නිදහස් වීම යනු නිවනයි. බාහිර අරමුණු වලින් නිදහස් වීම සියල්ලන්ගේම අරමුණය. එහෙත් ඒ අරමුණ කරා යන මාවත් වෙනස්ය. සමහරු ඒ අරමුන කරා යාමට දෙවියන් වහන්සේ යන සංකල්පය ආධාර කර ගනිති. කිසි වරදක් නැත.

අප නින්දට ගියවිට දුක දැනෙනවාද නැත. ඒ කියන්නේ දුක අපේ උඩු සිතේ නිර්මාණයක් බවයි. සියළු හැඟීම් එසේය. ඒවා බාහිර වස්තූන් අතර සම්බන්ධය නිසා ඇතිවූ ඒවාය.සම්බන්ධය බිදුන විට හැඟීමද අවසන්වේ.උඩුසිත නිද්‍රාවට වැටුන විට තාවකාලිකව සම්බන්ධය විසන්ධි වේ.ආගම් මගින් පොරොන්දුවන පරම තත්වය එවැන්නකි.



එකිනෙකාගේ මාවත් වෙනස් වීමට හේතුව සංස්කෘති වෙනස් වීමයි.උදාහරණයකට දාර්ශනික ඉන්දියානුවාට වඩා මැදපෙරදිග වාසීන්ට මැවුම්කරු මැවිල්ලෙන් වෙන්කරගන්න යන කතාව තෙරුම් ගැනීම පහසුය.මැවිල්ලට තිබෙන ආශාව බැදීම දුකට ( පාපයට ) හේතුවන නිසා ඉන් බැහැරවෙන ලෙස එනම් මමත්වය නැතිකරගන්න ලෙස ඉගැන්වේ. 

බලපුවාම ඔක්කොම සමානය. එකම කතාව වටේ ගොහින් හතර අතේ කරකවා කියයි.

30 comments:

  1. ආගම කියන්නේ බිස්නස් එකක්.. ඒක හොඳට තෙරුම් ගන්න ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයක යන්න ඕන..
    ඇත්තක් නම් ළෝකේ තියෙන්නේ ඕන එක ආගමයි නේ...

    ReplyDelete
    Replies
    1. එච්චර දුර යන්න ඕනේ නෑ.....පොඩ්ඩ්ක් අනුරාධපුරේට ගියාම ඇති....

      හැබැයි ආගම් බිස්නස් උනාට ඕවාට පාදක වෙච්චි දර්ශනයන් නම් ඒ කැටගරි එකට දාන බෑ....

      Delete
    2. ඇත්ත දැන් නම් ආගම හොඳ බිස්නස් එකක් කරන් කියලා තමයි පේන්නේ.
      හැබැයි මයියා කියනවා වගේ මේකට ඒ ඒ ආගම් වල දර්ශන ඇතුලේ ව්‍යාපාර නැහැ.ඒවා ව්‍යාපාර කරගත්තේ බැතිමත්තු.

      Delete
    3. මට නම් එකඟ වෙන්න පුළුවන් මාතලන් එක්ක විතරයි. හේතුව මේකයි .ඔය හැම ආගමක්ම මුල ඉදලම බිස්නස් එකක්. ඒ කියන්නෙ මාකට් කෙරුව. පූජකයො රජවරු මේ බිස්නස් එකෙන් ලාභාංශ ලබුවා. අදත් වෙන්නෙ ඒකයි.
      ඔය දර්ශන තියෙන්නෙ පොත්වල. එහෙමත් නැත්නම් දුගී තාපස නිකායවල. නමුත් ජනතාව එක්ක එකට ගිය ආගම නම් මහා ධනස්කන්ධයන් එක්කයි ඉදිරියට ගියෙ. ලෝකෙ හැම රටකම වුනේ ඒක. පන්සල්, පල්ලි, කෝවිල්, මස්ජිද වලට ධනය ගලා ගියා. වෙළෙන්දො රට රටවල ඇවිදල සෙනෙවියො දේශ දේශාන්තරවල යුද්ධ කරල ගත්ත ධනය අන්තිමට නතර වුනේ රජ මැදුරුවල පන්සල් පල්ලිවල. යුරෝපයෙ ඉඩම් ඔක්කොම අයිතිවුනේ පල්ලියට.යුරෝපයෙ මිනිස්සු ඒ තත්වයට එරෙහිව නැගී සිටිය. නමුත් සිවුරක් දැක්කම පුක උඩ දාන අපිට ඒ තත්වයට දැන්ම එන්න බෑ.
      ලංකාවෙ එක පන්සලකට ඉඩම් අක්කර 14,000 ක් තියනව. ටැක්ස් මොකවත් නෑ. සමන්තය කියන්නෙ අහම්බයක් නොවෙයි. හාමුලගෙ ඉල්ලීමක්.

      පන්සල් ලොකු අර්බුදයක. ඒ මොකවත් නොවෙයි. ධනයට කරන්න දෙයක් නැතිකම. හිතේ හැටියට කන්න බොන්න බෑ. දවස ගානෙ බඩු මාරුකරන්න සල්ලි තිබුනත් ඒකටත් විනයවර්ධනකාරයො උදැල්ල දානව. ඒ නිසා සංශෝධන පාරක් දාගන්න හාමුල කැමතියි. සමන්තය ඉස්සරහට දාල මුට්ටිය දාල බලනව. ඕකයි කතන්දරේ.

      සමන්ත කියල තියනව හාමුල සැප විදින්න ඕන කියල. හාමුල කියන්නෙ මහන්සිවෙලා උපයන පිරිසක් නොවෙයි. මේ රටේ දුක් මහන්සියෙන් මුදල් උපයන ජනතාව මොන තරම් දුක් විදිනවද. ඒ මිනිස්සුන්ට මොනතරම් ප්‍රශ්නද. හාමුලට කාපුව දිවගන්න එකනෙ ප්‍රශ්නෙ.

      ආගම කියන පට්ටපල් බොරුව සමාජමය වශයෙන් ආරෝපනය කළ දෙයක් බව තේරුම් ගන්නතුරු ප්‍රශ්නෙ මෙතනමයි. පින් පවු කතන්දරත් ආගම කියන පීඩාකාරී ආයතනය පවත්වාගන යාමට නිර්මානය කරපු උප්පරවැට්ටි.

      Delete
  2. ආගම යනු ලෝකයෙ පැරණිම මෙන්ම නරකම ව්‍යාපාරවලින් එකකි. එය ගණිකා වෘත්තියටද වඩා නරක් වන්නේ මෙම වෘත්තීන් දෙකේදීම කරණුයේ මිනිසාගේ හැඟීම් වලට මිළක් නියම කිරීම වුවත් ගණිකාවක් පවා තමා උපයන දෙයින් කොටසක් ආගම වෙනුවෙන් වැය කරද්දී ආගම සෑමවිටම ගණිකා වෘත්තිය (හා එවන් තවත් බොහෝ වෘත්තීන්) නැති කිරීමට කටයුතු කරමිනුයි. නොපෙනෙන ලෝකෙක ඇති සතුටක් ගැන අපිට බොරු කියමින් ගාන කඩා ගන්නා හොර ආගම් කාරයෙකුට වඩා තමන්ට හැකි පමණින් තවත් කෙනෙකුව හබැවටම සතුටට පමුණුවා සාධාරණ මුදලක් අය කරන ගණිකාව මටනම් වඩා හොඳය.

    මෙය මගේ පුද්ගලික අදහස වන අතර එය මෙහි පලකිරීමට අවස්ථාව දුන් ඔබට ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. මිනිසාට පාලනය කළ නොහැකි බලවේගයක් පිළිබද විශ්වාසයක් තමයි ආගම්වලට පදනම් වෙන්නෙ. එවිට කොන්දේසි විරහිතව යටත් වීමක් අවශ්‍ය වෙනවා.භක්තිය, ශ්‍රද්ධාව ඇතිවෙන්නෙ ඊට පසු. දිව්‍ය ලෝක අපායවල් ගැන කතන්දර හදන්නෙ ඊටත් පස්සෙ.
      දිව්‍ය ලෝක ගැන කරන විස්තර බලන්න. සංඝයාට දන් දීමෙන් දිව්‍ය සැප ලබෙනවාලු. මොනවද මේ සැප. රස බොජුන් , දිව්‍යාංගනාවන්. දැන් ඒ කියන්නෙ දිව්‍ය ලෝකය කියන්නෙ මිනිස් ලෝකයේ භ්‍රාන්තිමය ස්වරූපයක්ද
      මිනිස් ලෝකයටනම් ආහාර අවශ්‍ය ඒව දහනය කරල ශක්තිය ලබා ගන්න. විරුද්ධ ලිංගිකයන් අවශ්‍ය ලිංගික ප්‍රජනනයට.මේ මොකවත් ඊනියා දිව්‍ය ලෝකෙ නෑ. එහෙනම් මොකටද ගෑනු සහ කෑම.
      මැදපේදිග දිව්ය ලෝකවල ගෑනු 72 ක් ලැබෙනවලු. වතුරවල හිඟයක් ඇත්තෙම නෑලු. ලොකු මොල්ලි තියන ඔටුවො ,පතොක් ගස් තියනවලු. කතෝලික දිව්‍ය ලෝකවල පියාපත් තියන දේවදූතයො එහෙම ඉන්නවලු.බෞද්ධ දිව්ය ලෝකවල අස්ස කරත්ත එහෙම තියනවා.

      මමත්වය ඇතිවූ සැනින් සෙසු ලෝකය ගැන බිය සහ කුතුහලය ඇතිවෙනවා. මේ බිය සහ කුතුහලය තමයි ආගම් බිහිවෙන්නෙ හේතුවෙන්නෙ.සෙසු ලෝකය සමතික්‍රමනය කරන්න නම් මමත්වයෙන් මිදෙන්නෙ ඕන. ආගමෙන් කරන්නෙ ඒක. ඒක නිසා ආගම කියන්නෙ මානසික අවශ්‍යතාවයක්.
      තමන්ට නොතේරෙන්න යමක් කීවම ඒක කියවන්නත් ඉස්සර බයවෙනවනෙ. ව්‍යාජ වර්ගීකරන ,සංඛ්‍යාලේඛන වලට බය නොවී හැම ආගමකම පොත් කියෙව්වොත් නිරවුල් දැක්මක් අතිවෙනව.

      ඒ කිව්වෙ ආගම ගැන. ආගමික සංස්ථා ගත්තොත් නම් ඒව ව්‍යාපාරම තමයි.සමාජමය වශයෙන් මේ ව්යාපාරවලට බැදෙන්න අපට බල කෙරෙනවා.මේක අපට බලෙන් පටවන ලද්දක්.

      ලෝකෙ පරනම රස්සාව ගණිකා වෘත්තිය කියල කියනව. ඒ බොරු. ලෝකෙ පරනම රස්සාව පූජක වෘත්තිය. දඩයමක් කරල එන ශක්තිමත් පුරුෂයාට දුර්වල කපටියෙක් ඉර හද තරු ගැන බොරුවක් කියල කොටසක් ඉල්ලගන්න ඇති. ඒ කාලෙ ගණිකා වෘත්තියක් ඕන නෑ දකින ගෑනිව කැලේට ගෙනයන්න ශක්තිමතුන්ට ආව්ස්ථාව තිබුන. ඒ නිසා ඔය පරණම රස්සාව කියන එක ජනප්‍රිය මිත්‍යාවක්. කිසිම කර්මාන්තයක් නොදත් කපටි පිරිසක් පූජක කියන වෘත්තිය නිර්මාණය කළා. ඒකයි පරණම රස්සාව. බොරු කියල බඩ වඩා ගන්න මුන්ට වඩා ගණිකාවො දහස් වාරයක් පූජනීයයි.

      Delete
  3. හැම ආගමික ස්ථානයකම දැල්වෙන පහන් එක සමාන නැහැ. බෞද්ධයන් පහනක් දැල්විය යුත්තේ අධිෂ්ඨාන පූර්වකවයි. අනුගමනය කිරීම, පිළිපැදීම අවබෝධය තමා එහිදී ප්‍රධාන වන්නේ. යැදීමක් හෝ ඇදහීමක් සඳහා නොවෙයි.

    ReplyDelete
    Replies
    1. වෙන්න පුළුවන් . පුද්ගලිකව යහපත් චේතනාවෙන් ඒ දේවල් කරනවා . නමුත් ආගම්වල හරය එක බවයි කීවෙ. එසේම සියළුම ආගම්වල පූජක පක්ෂය සහ ආගමික සංස්ථාව ජරාජීර්ණ කුණුගදගහන දෙයක්.

      Delete
  4. දර්ශනයක් එහි අනුගාමිකයින් විසින් කස්ටමයිස් කරලා ආගමක් හදන්නේ. ඒකනේ එකම බුදුන්ගේ ධර්මය ථේරවාද, මහායාන විදිහට පිළිපදින්නෙ. එකම ජේසුගේ ධර්මය කතෝලික, ඇංග්ලිකන්, රෙපරමාදු කියලා වෙනස්ව වර්ග කරන්නෙ. ෂියා/සුන්නි වගේ බේදයක් තියෙන්නෙ.
    තම පැවැත්ම වෙනුවෙන් ආගම යොදාගැනීම නිසා අද වෙනකොට ශාස්තෘවරයා හීනෙකින්වත් හිතපු තත්ත්වයක් නෙමේ තියෙන්නේ. උඩම මාතලන් කීවා වගේ, තියෙනවානම් තියෙන්න ඕනි එකම ආගමයි. ඒ මනුෂ්‍යත්වයේ ආගම.

    ReplyDelete
    Replies
    1. ඔය ශාස්තෲවරු කියන අය මේ අපි වගෙ මිනිස්සු. පහුකාලෙක ඒ චරිත අමුතු වීරත්වයකට පත්කරලා ආයතන සාහිත්‍ය අරක මේක ලොකුවට හදාගෙන කන්ට මන්ග සූත්තරයක් කරගත්තා.
      හුඟක් දෙනෙක් කියවන්නෙ තමන්ගෙ ආගමේ පොත් විතරයි. ඕකයි අවුල. බෞද්ධ දර්ශනය, සාංඛ්‍ය දර්ශනය,ජෛන දර්ශනය එකටම යනව. පොඩි වෙනස්කමකින් තමයි දෙකට බෙදෙන්නෙ.
      චීනයෙ තාඕ දර්ශනයයි වෛදික බ්‍රහ්මන් එකම සංකල්පයක්.එකම කාලයක ඇතිවුනේ.
      යුදෙව් ,ක්‍රිස්තියානි, ඉස්ලාම් ආගම්වල සමානකම හැමෝම දන්නවනෙ.
      වියුක්ත දෙවියා ,සහසම්බන්ධිත දෙවියා, බලවේග ලෙස අතුබෙදී ගියා.අතරමැදි ලක්ෂනතිබුනෙ පර්සියාවෙ සරත්ස්ත්‍ර දර්ශනයෙ.බටහිරට වෙන්න පුද්ගල දෙවියෙක්, නැගෙනහිරට වෙන්න දෙවිය සංයුක්ත වෙනව ඊට පස්සෙ බලවේග වෙනව කර්මය වගෙ. මේ බලවේගවලින් මිදෙන්න තමයි නිර්වානය ඕන වෙන්නෙ. බටහිරදි යාඥාවක් වෙන එක නැගෙනහිරදි අභ්‍යාසයක් වෙනව.
      ඔය හැම එකකින්ම වෙන්නෙ මමත්වය නැතිකිරීම .පන්සලේදි පහනක් පත්තු කළත් පල්ලියෙදි යාඥා කළත් වෙන්නෙ එකම දේ. ඒ තමයි මමත්වය නැතිකිරීම.

      කතන්දරේ කෙටියෙන් ඕකයි. ඉතින් පූජක පක්ෂය එක එක සාජ්ජ දදා ගිහිය සූරාකනවා.අපට සිතේ පිරිසිදුකම තනියම ඇතිකරගන්න පුළුවන්නම් ආගම් ඕන නැහැ.

      Delete
    2. "ඔය හැම එකකින්ම වෙන්නෙ මමත්වය නැතිකිරීම .පන්සලේදි පහනක් පත්තු කළත් පල්ලියෙදි යාඥා කළත් වෙන්නෙ එකම දේ. ඒ තමයි මමත්වය නැතිකිරීම."

      මද දැනීම නොදැනීමට වඩා භයානක බව ඔබේ උත්තරයෙන්ම පැහැදිලි වෙනවා.
      ක්‍රිස්තියානි,හින්දු ආදී සියලු ආගම් කියන්නෙ සත්වයා තුල නොබැඳුනු,නොකැඩුණු ආත්මයක් පවතින බවත් ඒ ආත්මය අවසානයේදී දෙවියන් සමග ස්වර්ගයේ සදාකාලිකව සිටින බවය.එතැනදී මමත්වය නැති වන්නේ නැත. බුදුන් වහන්සේ දෙසු ධර්මයේ තියෙන්නෙ භවයෙන් භවයට වෙනස් වෙමින් ගමන් කරන ආත්මය නිසා සත්වයා අඛණ්ඩය ඉපදෙමින් මැරෙමින් සසරේ ගමන් කරන බවය.බුදු දහමේ දැක්වෙන නිවන යනු මේ ආත්මයේ ගමන නැති කිරීමය.එය පහනක් නිව්වා මෙනි. එතැන කිසිවක් නැත.බුදු දහමෙ දැක්වෙන නිවන සහ අන් ආගම් වල දැක්වෙන ස්වර්ගය අතර කිසිදු සමාන කමක් නැත.
      කරුණාකර බුදු දහම ගැන විවේචන ඉදිරිපත්කිරීමට පෙර මැනවින් බුදු දහම හදාරා ඉන්න . ඔබ එසේ නොකළ හොත් ඔබගේ වැරදි මත තුලින් බදු දහම උගන්නා ආධුනිකන්ට යහපතක් වන්නේ නැත.
      ඔබ බුදු දහමට අපහාස කරන අටියෙන්ම මෙය ලියන්නේ නම එයද ඔබගේම කටයුත්තකි.එසේ අපහාස කිරීමට ගිය අයට අත්වූ ඉරණම අපේ රටේ සිදුවූ පංච මහා වාද හදාරා දැන ගන්න.
      සමරසේකර

      Delete
    3. Wmk SamarasekaraMarch 2, 2015 at 7:05 AM @

      හැම ආගමකම අරමුණ මමත්වය නැතිකිරීම . එහෙත් නිර්මාණවාදී ආගම්වල එය සිදුවන්නෙ මහා මමත්වයක ගිල්වීමයි.එහිදී මමත්වය සම්පූර්නයෙන්ම නැතිකරගැනීමක් අපේක්ෂා කරන්නේ නැහැ.
      නමුත් නිර්වාණයේදී මමත්වය සම්පූර්නයෙන්ම නැතිකරගැනීම ඉලක්කයයි.එය වෙන්නෙ සාමාන්ය ජීවිතයෙදි නොවෙයි.
      මෙහිදී සාකච්ඡාවට ගත්තේ සාමාන්‍ය ජීවිතය තුල මමත්වය නැතිකරගැනීම අතින් අනෙක් ආගම් එක සමාන බව.
      සිතිවිලි පරම්පරාව නම් ආත්මයට වෙනත් පර්යාය පදයක් .එය පසුකාලීනව ඇතුවුනක්.
      මම බුදුදහමට අගෞරව කරනවා නොවෙයි. බුදුන් වහන්සේගේ ධර්මයට මේ මහනුන් කරන නවනින්දාව හෙලා දකිනවා.
      බුදුදහම ආගමක් කරල ඊට චාරීත්‍ර එක් කරල දැන් බිස්නස් එකක් වෙලා.ඒක වුනේ අශෝකගෙ කාලෙ. බුදුදහම දේශපාලනීකරනය කිරීමෙන්.
      අප උත්සාහ කළ යුත්තෙ ලියාපදිංචි බෞද්ධයන් වෙන්න නොවෙයි සැබවින්ම බුදුහිමියන් ගිය මග යන්නයි.

      දැන් බලන්න මහරහතුන් වැඩිමං ඔස්සේ කියල පොත් වගයක් ජනප්‍රිය වුනා. ඒ ගැන මොන විවේචන තිබුනත් එතන කියන්නෙ බුදු මග. ඒ කියන්නෙ අත්හැරීම ප්‍රගුණ කිරීම. සැබෑ සතුට තියෙන්නෙ එතනයි. නැතිව පුදපූජා අභිචාරවල නොවෙයි.

      මා කියන දේවල් අනෙක් අය පිළිගන්නවා කියා මා සිතන්නෙ නෑ. මට අවශ්‍ය සංවාදය. දන්න දෙයින් නොදන්න දෙයට යන්න පුළුවන් එතනිනුයි. ඔබ වැනි දැන උගත් අය ඊට හවුල් වෙනවා කියන්නෙ සංවාද විචිත්‍රවත් වේවි.
      මේ වගෙ අදහස් දක්වන්න. ස්තුතියි.

      Delete
  5. අපායට යන්ට ඕනෑ නම් නුඹ ට
    කරපන් මහ ඇමතිකම එක දවසක ට
    නැත්නම් පන්සලක දේවාලයක සි ට
    අධිපති කම කරපන් තුන් දවසක ට
    - යක්කඩුවේ හාමුදරුවන්ගේ කවියකි

    ReplyDelete
    Replies
    1. යක්කඩුවේ හාමුදුරුවෝ ලියපු මේ කවිය නිසා මහාමාන්‍ය ඩි.එස්..සේනානායක මහතා සහ විද්‍යාලංකාර පිරිවෙන පිරිවෙන අතර ලොකු ගැටුමක් ඇති වුනා. සේනානායක මහතා පිරිවෙනට දෙන දන් නැවැත්වුවා.දානය සපයා ගන්න මුදල් හොයා ගන්න තමයි යක්කඩුවේ හාමුදුරුවෝ "වනකතා " කියන පොත ලිව්වේ.
      සමරසේජර

      Delete
  6. https://www.facebook.com/photo.php?fbid=10152693640637215&set=a.96409882214.91658.525942214&type=1&theater

    ReplyDelete
  7. මේ වාගෙ අත් ගෞරවනීය ස්වාමීන් වහන්සෙලත් වැඩ වසනවා. උන් වහන්සේලාට මාගේ දන්ඩ නමස්කාරය වේවා
    සාදු සාදු සා

    මෑත කාලෙ ලංකාවෙ හාමුදුරු කෙනෙක් කරපු විප්ලවීයම අදහස් දැක්වීම සිරසෙ සටන සංවාදයෙදි අහන්න ලැබුන. ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය, දඹර අමිල හාමුදුරුවො අලි ජාවාරම ගැන කරපු ඒ කතාව සහ මතුකල කාරණය, ලංකාවෙ අති බහුතර තක්කඩි හාමුදුරුවරුන්ට එරෙහිව එල්ල කරපු දැවැන්ත අභියෝගයක්. සංස්කෘතික කාරනා වලට මුවාවෙලා, සංවිධානාත්මකව ගෙනයන මේ තක්කඩි ජාවාරමට එරෙහිව මෑත කාලෙ දැක්ක හොඳම කතාවත් ඒක. දඹර හිමියන් කල කතාවෙ සාරාංශය මෙහෙමයි...

    " සංස්කෘතික කාරණාවල් සහ පෙරහැර ගැන මගෙ තියෙන අදහසනම් මෙහෙමයි. පුරාණ රජකාලෙ ඇත්, අස්, රිය පාබල සේනා කියල සේනා හතරක් එක්ක යුද්දෙට ගියා. මොකද ඒ කාලෙ තිබුනු සම්පත් තමයි ඒ. එහෙම කියල දැන් යුද්දෙට අලි ඇත්තු අරන් යන්නෙ නෑනෙ. යුද්ධ භූමියෙ තියෙන්නෙ නවීන යුද ටැංකි, මල්ටි බැරල් වගේ තාක්ෂණයෙන් සන්නද්ධ උපකරණ. අනිත් සංවර්ධන වැඩවලදිත් එහෙමයි. සත්තු යොදාගත්තෙ ඒ කාලෙ එහෙම තාක්ෂණයක් නොතිබුනු හින්ද. මේ තරම් තාක්ෂණයෙන් දියුණු ලෝකෙ ඇයි තාම අපි මේ විදියට සත්තුන්ට වද දෙන්නෙ. අපි මේ සත්තුන්ට ආයෙම කැලේට යන්න අරිමු. පෙරහැර කරන්න වෙන ඕන තරම් සංස්කෘතික අංග අපිට තියෙනව. කකුල් ගැට ගහල, දෙතිස් වද දීල මේ කරන හිංසාව බුද්ධාගමට කොහෙත්ම අදාල දෙයක් නෙමෙයි. සංස්කෘතිය වෙනස් වෙනව. රජකාලෙ ඉඳල තිබුන කියල අපි ඒ දේවල් සදහටම කරගහගෙන යන්න ඕන නෑ. ලෝකෙ වෙනත් රටවලින් උනත් හොඳ දෙයක් තියෙනව නම් අපි ඒ දේවල් ආදර්ශෙට ගන්න ඕන. ලෝකෙ පිටිපස්සට යන්නෙ නෑ. ඉස්සරහටයි මේක යන්නෙ. මම කියන්නෙ අපි රැඩිකල් විදියට තීන්දුවක් ගනිමු. මේ හිංසනය පන්සලෙන් ඈත් කරමු. අර කොළොන්නාවෙ අලියා පෙරහැරේ යන හැටි බලන්න. අනිත් අලි පැද්දි පැද්දි යනව. මේ අලිය යන්නෙ පැන පැන. පිටිපස්සෙ කකුල් දෙකම කොරවෙලා. කාලයක් එකතැනම බැඳල තිබිල අස්ථි ඇදවෙලා. මොන තරම් අපරාදයක්ද මේ. මේක බුද්ධාගමද. කොළොන්නාවෙ හාමුදුරුවන්ගෙ හරි උඩුවෙ හාමුදුරුවන්ගෙ හරි කකුල් බැඳල මාසයක් තියල පෙන්නන්න ඕන. දැනෙන වේදනාව මොකක්ද කියල තේරෙන්න.

    බුදු හාමුදුරුවො කියල තියෙන්නෙ තමන්ගෙන්ම ඉගෙන ගන්න. තමන්ට දැනෙන වේදනාව බයම අනිත් සත්තුන්ටත් දැනෙනව කියන සත්‍ය තේරුම් ගන්න. අපි මේක කතා කරමු. මේ අහිංසක සත්තු ආගමික අරමුණු වලට යොදාගන්න එක නතර කරමු. කවදහරි එහෙම දවසක් එනතුරු, ඕනම කියල හීතෙනවනම්, දළදා පෙරහැරට විතරක්, රජය විසින් පාලනය කරන අලිඇතුන් කීප දෙනෙක් තියාගනිමු. ඒත් ඒ සතුන්ගෙ නිදහස රැකෙන විදියට. පෙරහැරට ගෙනිච්ච. ආයෙම රජයට බාරදුන්න. හැබැයි ඒක උනත් දෙන්න ඕන නුවර පෙරහැරට විතරයි. අනිත් හැම පෙරහැරක්ම හාමුදුරුවරුන්ගෙ මහන්තත්ත්වෙ පෙන්නන්න හදාගත්ත ඩුප්ලිකේට් පෙරහැරවල්. මොනාද මේ. නවම් පෙරහැර කියයි, ඇසල පෙරහැර කියයි, මහාමායා පෙරහැර කියයි. තනිකර පිස්සුවක්නෙ. ඔය හත් ඉලව් කරන්න රටේ අලි ඇත්තු බිලිදෙන්න ඕන නෑ..."

    දඹර අමිල හාමුදුරුවො වගේ කෙලින්, අභීතව කතා කරන තව මිනිස්සු මේ රටේ තාම ඉන්නව. ඒ මිනිස්සු මේ රට අඳුරෙන්, මිත්‍යාවෙන් එලියට අරගෙන, සතා සීපාවා වෙනුවෙන් උනත් සාධාරණය ඉටුකරල දෙන්න සටන් කරනව. වසන්ත සේනානායක ඇමතිවරයා පත්වෙලා මාස දෙකක් යන්නත් කලින් කරපු සාර්ථක වැඩ කොටසක් තියෙනව වගේම ඔහු මේ වෙනුවෙන් දක්වන උනන්දුව හා කැපවීම ගැන අපට යම් ඇගයීමක් තියෙනව. ක්ෂේත්‍රය පිළිබඳ ඔහුගෙ හැදෑරීමත් අගය කල යුතු එකක්. මෙතුවක් කල් වනජීවී අමාත්‍යංශය භාරව හිටපු මස් වැද්දන් වෙනුවට වැදගත් මනුස්සයෙක් විදියට ඔහු මේ ජාවාරම නවත්තන්න යම් දෙයක් කරයි කියන බලාපොරොත්තුවත්, ඒ සටන ඇතුලෙ අනිකුත් පරිසරවේදීන් එක්ක, දඹර අමිල වගේ දැවැන්ත ප්‍රතිරූපයක් අභීතව පෙනී ඉන්න එකත්, මේ ප්‍රශ්නෙ ගැන අවදියෙන් ඉන්න හැමෝටම ශක්තියක් වෙලා තියෙනව.

    ReplyDelete
    Replies
    1. දඹර අමිල හිමියන්ට ගරු කරන්නේ තව කී දෙනාද සොයන විට ඇතිවෙන්නෙ හරිම කලකරීමක්. ඉතිහාසය අවුස්සන විටද මෙවැනි හාමුදුරුවරුන් ලැබුවේ ඒ කලදසාවමයි. "බුදුහාමුදරුවො මොන ආගමේද" කියල ප්‍රශ්න කරපු හරිම වටිනා ලිපියක් කොහේදො දැක්කා . ඒ කොතැනදැයි සොයාගන්න විශාල වෙහෙසක් ගත්තා ඒත බැරිවුනා. කාට හෝ හමු වී ඇත්නම් ! ප්‍රසිද්ධ කළ හැකිනම් කාලීනව මහ විශාල සේවයක් වේවි. ඒ නිසා හැකිනම් සොයා බලන්නැයි ඇරයුම් කරනවා

      Delete
    2. මාධ්‍ය මගින් අන්ත දූෂිත භික්ෂූන් පුම්බනවා. ජනතාව මිත්‍යාන්ධකාරයේ ගිල්වමින් තම කළු ජීවිත සුදු කරගැනීමට මාධ්‍ය සරණ යන මෙම පුද්ගලයන් ගේ ගද ගහන අභ්‍යන්තරය රටට රහසක් වෙන්නෙ ඒකයි. කලින් පෝස්ටුවෙ දාපු කවි පන්තියෙ අන්තිම එක තමයි

      ඇදහිලි විශ්වාස ආගම් නමින් කියා
      ධන බිලි පුදන කපුවන් හට දෙනෙත් පියා
      කවුරුත් කරන ගොන් වැඩ පොඩි මෝඩ ක්‍රියා
      ලොකු කර බලන කණ්නාඩිය සමන්තයා

      Delete
    3. අද අපේ රටේභික්ෂුන් වහන්සේලාගේ විවිධ ගති පැවතුම් තිබෙන බව ඇත්තක්.එසේ වීමට හේතු ගොඩක් තිබෙනවා.
      1. පෙර දවස මහන කලේ ගමේ ඇති හැකි අයගේ දරුවන් පමණයි.ඒ අය මහන කලේ පන්සලේ දේපල ගෙදරට අද්දවා ගැනීමට නොවේ. අද මහණ වීමට ඇති හැකි අයගේ දරුවන් එවන්නේ නැත.භික්ෂුන් වහන්සේලා නැති නිසා බොහෝ පන්සල් වැසි ගොස් ඇත. මෙම රික්තය මදක් හෝ අඩුවී ඇත්තේ දුප්පත් අයගේ දරුවන් මහන කිරීමෙන්ය.ඔවුන් මහණවී ඇත්තේ දුප්පත් කමෙන් බේරී ජීවත්වීමට පමණි.මේ නිසා පන්සලේ දේපල ගැන අද විවිධ ආරවුල් ඇත.
      2.විද්‍යාලංකාර,විද්‍යොදය මහා පිරිවෙන් විනාශ කර ලෝකෝත්තර පැත්තට බරවූ භික්ෂු අධ්‍යාපනය ලෞකීක පැත්තට යොමු කිරීම යොමු කිරීම තුලින් ඉගෙනීම පිලිබඳ භික්ෂුන් වහන්සේලාගේ මනස ලෞකීක පැත්තට බර කිරීම.
      3. සාංගික දේපල පිලිබඳ අදහස ක්‍රමයෙන් පුද්ගලික දේපල පැත්තට බරවීම.
      4.තම සසර ගමන නිමා කර ගැනීමට කටයුතු කල යුතුය යන සිය පෞද්ගලික පරමාර්ථයත් එයට හාත්පසින්ම විරුධවූ අන්‍යන්ට සේවය කල යුතුය යන පොදු පරමාර්ථයත් අතර සමතුලිත තාවය තබා ගැනීමට අසමත්වීම
      5.බුදු දහම විනාශ කිරීමට තැත් කිරීමේ චේතනාවෙන්ම කටයුතු කරන අයගේ පැනිඋගුල් වලට හසුවීම.

      මේවා මැඩිමට අවශ්‍ය වන්නේ භික්ෂුන් වහන්සේලාගේ හැසිරීම විවේචනය කිරීම නොව ධර්ම සංගායනාවක් පැවැත්වීමය.

      Delete
  8. //හැම ආගමක්ම සමානද පන්සලේ පල්ලියේ කෝවිලේ මස්ජිදයේ දැල්වෙන්නේ එකම පහනද// නැත.
    පල්ලියේ සහ මස්ජිදයේ යථාර්තය පෙන්වන පහනක් කිසිදා දැල්වුනේ නැත. එතන ඇත්තේ යථාර්තය වසන දෙවියන් වහන්සේගේ ගනකම් අඳුරයි. පන්සලේ නම් යථාර්තය නිරාවරණය කරන පහනක් බුදුන් දල්වා ඇත නමුත් එහි එලිය දැන් ඉතා මලානික වී ඇත්තේ එම පහනට උඩින් ලාම්පු ආවරණ දා ඇති නිසාය.

    සිත සහ සිතුවිලි ඇතිවන ආආකාරය සහ ඒවයේ ස්වභාවය සම්පුර්ණයෙන්ම විශ්ලේෂණය කර පැහැදිලි කරන එය තේරුම් ගැනීම තුලින් නිවැරදිව යථාර්තය පෙන්වන එකම දහම බුදු දහම පමණි. බුදු දහමේ ගත යුතු දෙය වන්නේ ජාතක කතා, දෙවි ලෝක සහ දෙවියන් ගැන තොරතුරු. මෙන්ම පින්කලාම දේවිය ලෝකේ යාම, වැනි සුන්දර කතා නොවේ. දර්මයේ හරයයි.

    අභිදර්මය අධ්‍යනය කරන්න. මට පේන විදියට ඒ ගැන හරියට විස්තර කරන කිසිදු පොතක් නොමැත. නමුත් එම පොත්වල කරුණු තාර්කිකව අධ්‍යනය කරන්න. ඒවා ගැන විද්‍යාත්මකව සිතන්න. ඔබට යථාර්ථයේ චයාවක් හෝ පෙනෙනු ඇත. පන්සල් ගොස් මල් පුජා කරන බවුද්දයෙක් වී වැඩක් නැත

    ReplyDelete
    Replies
    1. සිත සහ සිතිවිලි ගැන අපූරු විග්‍රහයක් බුදු දහමෙ තියනව. හැබැයි ඒ විග්‍රහය බුදුදහමටම ආවේණික වූවක්නම් නොවෙයි. බෞද්ධ පොත් හැර වෙන කිසිවක් නොකියවූ අය මේවා බුදුන් වහන්සේ සර්වඥ ඥානයෙන් සොයාගත් ඒවා බව කීවත් මේවා අනාදිමත් කාලයක් තිස්සේ ඉන්දියාවේ පැවති දැනුම.
      මම බුදුන් වහන්සේට ගරු කරනවා සමාජ ශෝධකයෙක් හා විප්ලවවාදියෙක් ලෙස. උන් වහන්සේ තමන් වහන්සේට පෙර පැවති දැණුම සාරසංග්‍රහ කළ උතුමෙකු පමණයි. වෙනත් සුවිශේෂත්වයක් වීරත්වයක් ආරෝපනය කිරීම උන් වහන්සේට කරන අපහාසයක්.
      අභිධර්මය බුද්ධ දේශනාවක් නොවන බවටත් සමහරු තර්ක කරනවා. ඊට හේතුව මාර්ගඵ්ල ලැබූ අය එසේ ලබා ඇත්තේ බණ ඇසීමෙන් මිස භාවනා කිරීමෙන් නොවන නිසයි.

      විදර්ශනාව තුලින් මනස පිරිසිදුවෙනවා. එය මනසට අභ්‍යාසයක් පමණක් නොවෙයි විවේකයක්. විදර්ශනාව පැත්තකට දාල දානය ඉස්සරහට දාගෙන නිවන කල්දමාගෙන බඩගිනි බුද්ධාගමක් හදාගෙන.

      ඒ බඩගිනි බුද්ධාගම රැකබලාගන්න රජෙක් ඕන.එය නඩත්තු කරන සුඵෝඛභෝගී සංඝ සස්ථාවක් ඕන.පාලකයන්ට හා සංගයාට අවිහිංසා ව ඇතුළු කිසිම දෙයක් නෑ.ඔක්කොම නීති පොඩි එකාට. මේක නොවෙයි බුද්ධාගම. මේ ගැන පෝස්ටුවක් දාන්නම්

      Delete
    2. දාන්න. ඉක්මණින් දාන්න. හොඳ සාකච්ඡාවක් ඇතිවේවි. දඹර හිමියන් වැනි හිමිවරුන්ගේ ගේ ප්‍රකාශයන්ට වෙන කිසිම මාධ්‍යයකින් අවස්ථාව දෙන එකක් නෑ.
      මෙතනදි බළන්ගොඩ ආනන්දමෛත්‍රෙය රේරුකානේ චන්දවිමල වැනි හිමිවරුන් ගැන සිහිවෙනවා. උන්වහන්සේලා ජීවත්ව සිටියදීම දෙවිවරුන් බවට පත් කරන්න ගත්තා. එැවැනි අවස්ථාවල උන්වහන්සේලාගේ ප්‍රතිචාරයන්ට කිසිදු තැනක් මාධ්‍ය වලින්වත් පොත් පත් වලින්වත් වලින් වත් ලැබී නැහැ.බුදුහාමුදුරුවන් ක්‍රිස්තූස්වහන්සේ වන් අයටත් එහෙම වුන කොට එය ද පුදුමයක් නෙවෙයි.
      ඒ සියල්ල සිතමින් දඹර හාමුදුරුවන්ගෙ ප්‍රකාශය ද වෙනමම පෝස්ටුවක් විදිහටත් දැමිය හැකි දැයි බලන්න යි යෝජනා කරන්නෙ ඒ නිසයි හිතවත

      Delete
    3. "බුදුන් වහන්සේ සර්වඥ ඥානයෙන් සොයාගත් ඒවා බව කීවත් මේවා අනාදිමත් කාලයක් තිස්සේ ඉන්දියාවේ පැවති දැනුම."

      මේ මතයත් බාගෙට ඇත්ත.මා කියන්නේ අර්ධ සත්‍ය අසත්‍යට වඩා භයානක බවයි . ගෞතම බුදුන් බුදුන් වහන්සේට පෙර බුදුවරු 23න් නමක් ඉන්දියාවේදී ඉපිද තිවෙනවා.එම බුදුන් වහන්සේලා දෙසු දහම් කොටස් කාලය ගතවීම නිසා විවිධ ලෙස වෙනස්වී වෛදික ඉන්දියාවේ තිබිය හැකියි. අද සමහර අය මේ සියල්ලම අප බුදුන් වහන්සේගේ සමයේ පැවති හින්දු ආගමට ඇතලත් කිරීම නිසා ගොඩක් ගැටළු ඇතිවී තිබෙනවා. පන්සිල්, භාවනා,ධ්‍යාන ලැබීම බුදුන් වහන්සේට පෙර සිටම ඉන්දියාවේ තිබුනා.නමුත් ඒවායේ අරමුණ වුනේ මහා බ්‍රහ්මයාගේ පාලනය යටතේ තම ආත්මය සදාකාලික කර ගැනීමට පමණි.
      බුදුන් වහන්සේගේ ධර්මය මින් වෙනස් වෙන්නේ පහත කරුණු නිසාය.
      1.වෛදික ආගම් භවයෙන් භාවයට යන නොබිඳුණු,නොකැඩුණු,අඛණ්ඩ ආත්මයක් සහ අවසානයේදී එම ආත්මය බ්‍රහ්ම ලෝකයට ගොස් මහා බ්‍රහ්මයා සමග සදාකාලිකව හිඳීමක් විශ්වාස කලත් බුදුන් වහන්සේ විස්තර කරන්නේ භවයෙන් භවයට වෙනස් වෙමින් යන ආත්මයට අවසානයේදී නිවන මුණ ගැසුනොත් එහිදී එම ආත්මය නිම වෙන බවය.(ජෛන මහාවිර තුමා ඉදිරිපත් කර ඇති නිවන යන්නද මෙයට සමාන අර්ථයක් දෙනවා යයි අසා ඇතත් මා ඒ ගැන කියවා නැත.)
      2.බුදු දහමේ දැක්වෙන ආනාපාන සති භාවනාවෙන් කියවෙන්නේ හුස්ම ගැනීම ගැන නිරායාසයෙන් බලා ඒ අනුව සිත සමාධි ගත කර ධ්‍යාන වඩා සතරවන ධ්‍යානයෙන් පසු අවශ්‍ය නම් විදර්ශනා භාවනා වඩා නිවන් දොර ඇර ගැනීමේ මගට යන ලෙසටය.නැත්නම් දිගටම සමාධිය වඩා ඉතිරි ධ්‍යාන වඩා බ්‍රහ්ම ලෝක වල ඉපදිය හැකි උවත් එම පින ඉවරවූ පසු නැවත ආපසු සංසාර චක්‍රයටම පැමිණෙන බවය,
      ජෛන මහාවිර තුමා බුදුන් වහන්සේටත් වඩා ඉහලින් ශාන්තිය වැඩු උතුමෙකි.එය අන්තගාමි තත්වයක් ලෙස බුදුන් වහන්සේ විසින් බැහැර කර ඇත.කර්මය විඳීමෙන්ම අවසන් කල යුතුය යන්න එතුමාගේ තර්කය උවත්, බුදුන් වහන්සේ ඊට වඩා වෙනස් අන්දමින් කර්මය ගැන දේශනා කර ඇත.

      සමරසේකර

      Delete
  9. //බලපුවාම ඔක්කොම සමානය. //

    සියලු බිස්නස් වල මුලික පරමාර්ථය ලාබ ලැබීමය.

    ReplyDelete
    Replies
    1. මේ බිස්නස් එකෙන් මුළු ආධ්‍යාත්මයම විකුණන එකයි වෙන්නෙ.ඊට පස්සෙ කිසිම දෙයක් ඉතිරිවෙන්නෙ නෑ.

      Delete
  10. දැන් නම් ඉතින් ඔක්කොම එක වගේ තමයි.. කොයි දේටත් සල්ලි කඩා ගන්න එකනේ වැඩියෙන් වෙන්නේ..

    ReplyDelete
    Replies
    1. මේඅක විලාසිතාවක් වෙලා ගම්වලට ගියොත් බෞද්ධයන්ට සිදුවෙනව අතිසුපෝඛභෝගී කුමාර හාමුදුරුවරු පිරිසක් නඩත්තු කරන්න. බෞද්ධයන්ට රැකියා දෙකක් කරන්න වෙයි.මේ සුල්තාන්ලට සැප දෙන්න කණකර උගස්කරන්න වෙයි තියන දේවල් විකුණන්න වෙයි.
      දැනටත් පූජ්‍ය පක්ෂය මිනිස්සුන්ගෙ අමාරුකම් දන්නෙ නෑ. මේ සෙල්ලම ජයට ගියොත් ජනතාව ලොකු අමාරුවක වැටෙන්නෙ

      Delete
  11. ආගම් බිස්නස් එක මහ නරක තැනකට ඇවිත්. මේ මට දකින්න අහන්න අත්දකින්න ලැබුණ තත්ත්වයක්. තැන හෝ ගම ගැන සඳහන් කරන්නෙ නැතුවාට සමාව දෙන්න ඕන. මෙන්න පන්සලේ ප්‍රකාශයක් පිටිසර ගමක් පුරා ශබ්දවාහිනියෙන් අහපු හැටි “ අද හවස තුනට හැම ගෙයින්ම ඒකකෙනෙක්වත් පන්සලට එන්න ඔන්. නොආපු අය ගැන පාන්සකූලෙකට හරි දානෙකට පිරිතකට හරි ආරාධනා කරන්න ආපුවාම අපි බලාගන්නම්. අද නෑවිත් එදාට බුලත් අතක් අරන් ඇවිදින් අඬාවැටෙන්න හෙම එපා. අනේ හිතවතුනේ එදා හවස සේරම වැඩ දමාගහල පන්සලට මිනිස්සු ගියා. හැම ගෙදරකින්ම දැන් තීරණය කරගන්න මුදලක් අහවල් දවසට දායක සාබාවට දෙන්න ඕන අහවල් එක හදන්න. මිනිස්සු බය බිරාන්ත වෙලා ආපහු ආව වැඩියෙන් තියන අය වැඩියෙන් දීල ප්‍රධාන දායකකම අරගත්ත. නැතිබැරි එව්වො කොච්චර දුකක් විඳින්න ඇද්ද? එක ගෙදරක තිබුණ ගම්මිරිස් වැල් හූරන්න පටන්ගත්ත තරු පිටින්ම මේක දැකල මම කිව්‍ෙව “තව ටික දවසක් ඉන්නකො ගම්මිරිස ගණං යයි“ කියලයි. ඒකට ලැබුණ පිළිතුර තමයි අනේ ....... පන්සලට රුපියල් හාරසීයක් දෙන්න තියනව නේ. ඒකයි කඩන්නෙ ගෙදර හරියෙ පුංචි දේන්නට කැඳවතුර ඩිංගක් දෙන්න වත් සල්ලි නෑ. අපේ එක්කේනා ඈත ගමක වැඩ ගිය සත්යේ ඇවිත් සල්ලි දීල ගියා. ආයෙ එන්නෙ තව සති දෙකකින්“ මේ දුක කවුරු දකින්න ද ? අනේ මේවගේ අත්දැකීම් ලංකාව පුරාම ඇති තියනව නං පවසන්න මේව කීප දෙනකුටවත් දැනෙන් නැතෑ. පුංචි ගිනි පුපුරක් ඇති මහ ගිනිමැලයක් දල්වන්න. මධ්‍යස්ථ එක්ක එකතුවෙලා ගිනි මැලේ ආලෝකය පතුරවමු.

    ReplyDelete