Friday, February 20, 2015

අබිරහස මුහුණට මුහුණ හමුවේ.

ලං වන විට කලින්ට සැර බාල වී තිබුණි. මගේ බයද අඩුවිය. ලඟටම ඒමට හැකිවිය. වක්‍රාකාර කටාරමක් වැනි යමක් ලඟ නැවතුනෙමි.යමක් දිලිසෙනවා කැකෑරෙනවා පෙනුනි. මට කළ හැක්කේ බලා සිටීම පමණි.එහි තේරුමක් නැත. තිබෙන දෙය ටිකෙන් ටික නොපෙනී යයි. දැන් එළිවෙන්නටත් කිට්ටුය.

මම ආපසු යමි.මීට වඩා සූදානම්ව එමි.අඩුම ගනනේ කැමරාවක්වත් රැගෙන ආ යුතුය. එසේම තව උදව්කරුවෙක්ද කැදවා ගෙන ඒම ප්‍රයෝජනවත්ය. අඩුගනනේ සාක්ෂියක් ලෙස හෝ ප්‍රයෝජනවත්ය.

ආපසු එන අතර බස් එකේදි මගේ සිතට වැල නොකැඩී ආවේ මෙවැනි සිතිවිලිය. නිවසට ආ විගස ඇදේ ඇළවුනෙමි.නින්දත් නොනින්දත් අතර දෝලනය වී අන්තිමට නිදි දෙව් දුව සමඟ යහන්ගතවීමට හැකිවිය. අවදිවන විට ඇගේ පතේ අමාරු අඩුවී තිබිණි.

මේ සිද්ධියෙන් පසු මගේ දින චරියාව වෙනස් විය. ඊලඟට කුමක් කරන්නේද යන්න හතට වද දුන් ප්‍රශ්නයයි.මෙය කෙනෙකුට කීම නිශ්ප්‍රයෝජනය. කළ යුත්තේ උපක්‍රමශීලීව යම් වැඩසටහනක් සකස් කිරීමයි.

ඊලඟ ගමනේදී නවාතැන් ගන්නේ ගැමි ගෙදරකය. ගම්මුන් සමඟ සාකච්ඡාවෙන් කිසියම් පොටක් පාදා ගත හැක. එසේම ගුප්ත වැඩ වලට සම්බන්ධ කිහිප දෙනෙකුත් හවුල් කරගත යුතුය.එහෙත් ඔවුන් සිටින්නේ අතේ දුරිනි. මගේ හවුල්කාරයා ලෙස සියළු වැඩ ගුරුවරයෙකු වූ ලහිරු සූරියබණ්ඩාර සමඟය. ගුප්ත වැඩට පිරිසක් යොදාගන්නේ ගම්මුන් තුල ඇතිවිය හැකි සැකය දුරුකිරීමටය. 

.ලහිරු එකපයින් කැමතිවිය.ලහිරුගේ උදව්වෙන් ගුප්ත විද්‍යාව ගැන දැනුමක් ඇති පුද්ගලයෙක් සොයා ගත හැකිවිය. ඔහු කීවේ මෙහි නිධානයක් තිබෙන බවයි. අප තිදෙනා ගමට ගොස් ගෙවල් තුනක  නවාතැන් ගතිමු.

දින කිහිපයක් මෙසේ නවතැන් ගෙන පරීක්ෂා කළත් කිසිම හෝඩුවාවක් සොයාගත නොහැකිවිය. රහසිගතව රාත්‍රී කාලවල මාරුවෙන් මාරුවට මාත් ලහිරුත් මන්දිරයේ සැඟවී පර්යේශන කළෙමු. එහෙත් ප්‍රතිපයක් නැති තැන ඔහු කළකිරී සිටියේය. සියලලටම වඩා නිවාඩු කාලය අවසන් වීම නිසා ඔහු මේ හැංගිමුත්තම තවත් කළ නොහැකි විය. 

එදා ලහිරුගේ වාරයයි. "අද වැඩක් වුනේ නැත්නම් මං ආපහු යනව බන්" ඔහු පැවසුවේ මන්දෝත්සාහිවය.

එහෙත් මටනම් මෙය අතහැරදැමිය නොහැක.අඩුගානේ තව එක් ජීවමාන සාක්ෂියක් හෝසපයා ගත යුතුය. 

ගැමි ගෙදර නිදාගත් එකම දිනකවත් නින්ද මා වෙත ආවේ නැත. එදා මදුරුවන් තලමින් ඉන්න අතරෙ හීන් හඩින් ඇසුනේ ලහිරුගේ හඩය. මම එක පිම්මට දොර ඇරගෙන පැන්නෙමි.

 "වරෙන් මාර සෙල්ලමක් එතන යනවා " ලහිරු පැවසීය.

හිටහන් කැමරාව අරන් එනකම් කියා යළිත් ගෙතුලට ගිය මා ගෙදර අය අවදිවෙන නිසා සීරුවෙන්  කැමරාව සහ රෙකෝඩරය ගෙන ලහිරු පිටුපසින් ආවෙමි.

අප සෙමෙන් අද්භූත කවය අසල නැවතුනෙමු. ලහිරු මට එය පෙන්වීය. මචන් මේකද උඹ දැක්ක කිව්ව එක කියන විටම ඔහු ඇද වැටුනි. ඔහු වත්තන් කරගෙන පසුපසට විත් තනබිස්සෙ තබා පවන් ගැසීමි.

ලහිරු සෙමෙන් ඇස් ඇරියේය. "මොකද වුනේ බන් "මම ඇසුවෙමි

"මම ඒක දිහාට ඇදීගෙන ගියා " ලහිරු ගොත ගැසීය.

මම සිනාසුනෙමි.බියපත් දෑසින් මා දෙස බලා සිටී.

"උඹ  මහ බයගුල්ලෙක්නෙ බන්. අපි ආවෙ රිසර්ච් එකකට .උඹ මට එක පොරොන්දුවක් වෙන්න ඕන. "මම කීවේ ඔහුගේ ඇස් දෙක දිහා ම බලාගෙනය.

මොකක්ද ලහිරු ඇසීය

ගනින් මේ කැමරාව .මෙන්න රෙකෝඩර් එක. උඹ මෙතන වෙන හැම දෙයක්ම පොටෝගන්න ඕන රෙකෝඩ් කරගන්න ඕන . තේරුනාද මම කීවේ නියෝගයක් ලෙසිනි.

"එතකොට උඹ "ලහිරු ඇසීය

"ඒකට තමයි මේ පොරොන්දුව ගන්නෙ. කියපන් උඹ බයද කියල මේකට"

"නෑහ් " දැන් ලහිරු පිළිතුරු දුන්නේ ලැජ්ජාවෙනි. බොඉයවීම ගැණ ඔහු දැන් ලැජ්ජා වෙයි. එය හොදය.

"මම දැන් මේ කරන දේ මොකක් වුනත් උඹ බය නැතිව ඉන්නව කියල දිවුරපන්." මා දැඩි ස්වරයෙන් ඇසීමි.
"හරි උබ මොකක්ද කරන්නෙ".ලහිරු විමසුවේය.

"උඹට කිසිම අවදානක නෑ. අවදානම සීයට සීයක් ගන්නෙ මම. උඹ ට තියෙන්නෙ මම දැන් කරන දේ බලා ඉන්න එක. වෙන දෙයක් රෙකෝඩ් කරපන් , පොටෝ ගනින් " මගේ දෑස් ඔහුගේ දෑස් එක එල්ලේය.

"එතකොට උඹ"

"මම මේ මගුල ඇතුලටම යනව " මම කීවේ බිම් බලාගෙනය.

"මොනවා  " ලහිරු කෑගැසීය.

"වෙන්න පුළුවන් උපරිම දේ මොකක් වුනත් ඒක වෙයි. මම බය නෑ මේකෙ ඉන්න මළ යකා මොකා වුනත් මම ඌ එක්ක මේ ගණුදෙනුව බේර ගන්නවා ".මම කෑගැසුවෙමි.

ලහිරු හිත හොඳ කොල්ලෙකි.ඔහු මා අතහැර පැන නොදුවන බව විශ්වාසය. අනෙක් අතට ඔහුට අවදානමක් නැත. වැඩේ වැරදුනොත් ඔහුට තිබෙන්නේ ගෙදර යාමය.

මම ඉදිරියට පියවර එසෙව්වෙමි.

"පරෙස්සමෙන්" ලහිරු මුමුනයි. මම ඔහු දෙස සරදම් බැල්මක් හෙලා අබිරහස වෙතට පය ඉක්මන් කළෙමි.

කලින් දිනක යකඩය මේ තුලට ඇදී ගියේය. එසේම මෙම තොවිලය හැමදාම නැත. එකම තැනකද නැත. ආකර්ශනය සුළුවෙන් පටන්ගෙන වේගවත් වී පසුව අඩුවේගන යයි. මට ආවේ මේ සිතිවිලිය. අනෙක මම හොල්මන් අවතාර විශ්වාස නොකරමි. බලමු මොකද වෙන්නෙ කියා.

දැන් දැන් ආකර්ශනය වැඩි වෙයි . මම ආපසු බැලීමි. ලහිරු මා දෙස බලා සිටී. මම තවත් පය ඉක්මන් කළෙමි. 

8 comments:

  1. කොටස් වශයෙන් යන එකක්ද බං..

    ReplyDelete
  2. ඉක්මනට ඉතුරු ටිකත් දාපන් යකෝ

    ReplyDelete
  3. කතාවට අදාල නැත..
    // නිදි දෙව් දුව සමඟ යහන්ගතවීමට හැකිවිය// සුරාන්තයට ඔන්න මෙන්න තියල එලාම් එක වදිනකොට තමයි.. හුක්.. ටොයිලට් එකට යන්නේ මල අතේ තියන්.. හැක් හැක්..

    කතාවට අදාලව..

    පය ඉක්මන් කරනවා හොඳටම මදිය.. තව තව.. දැන්නම් කුතුහලේ හොඳටම වැඩිය..

    ReplyDelete
    Replies
    1. ඇත්ත

      කතාවට අදාලව = වේගෙ මදිනම් දුවන්නම් හෙහෙ

      Delete
  4. කතාව ඉක්මණට දැනගැනීමට මටද "මේ මගුල ඇතුලටම යන්නට" සිතේ.

    ReplyDelete
    Replies
    1. ඇතුලටම නොගිහින් වැඩක් නෑ.
      පිට ඉදන් පොටෝ අරන් යමක දැනගන්න බෑ. ඇතුලට යාමෙන් වෙන්න තියන උපරිමය පුද්ගලික හානියක්. ඒත් යමක් දැනගත්තොත් ඒක හැමෝටම
      මේ වගෙ අවදානම් ගත්ත මිනිස්සු කවදත් හිටිය. වස පලතුරුද හොඳ ඒවද කියල දැනගත්තෙ කාල බලල. වස ඒව කාපු අය මැරුන. හොඳ ඒව දැනගත්තම ඒව අදවෙනකම් පාවිච්චි වෙනව. ඒක තත් වැරදි ක්‍රමය තමයි. ඒත් වෙන විකල්පයක් නෑ

      Delete