Wednesday, February 18, 2015

කුතුහලයට ඉවකර පියවර මනිමින්

ගුමු ගුමු හඩ ටිකෙන් ටික එන්ජිමක හඩක් මෙන් ඇසෙන්නට විය. දැන් නම් මට හිතෙන්නේ හොල්මනකට වඩා යම් මිනිස් ක්‍රියාකාරකම ඇති බවයි. එය එසේනම් මා සූදානම් මදිය. ඇත්තෙන්ම මම හොල්මන් විශ්වාස නොකරමි. නමුත් එහෙම දේවල් ඇත්දැයි නොදනිමි. මේ නිසා නූගත් ගැමියෙකු මෙන් හොල්මනකට මම බිය නොවුනත් ඒවා ප්‍රතික්ෂේපද නොකරමි.

එහෙත් මිනිස් ක්‍රියාකාරකමක් නම් වැඩේ ලේසි නැත. මෙතන හොරුන් මැරයන් හෝ ත්‍රස්තවාදීන් සිටින්නේනම් මට තනිවම කළ හැකි කිසිම දෙයක් නැත. කිසිම තේරුමක් නැතිව ඔවුන්ගෙන් මැරුම් කෑමට සිදුවේ.එසේනම්කළ යුත්තේ ආපසු යාමය. ඔවු මේ කෑලි කැපිය හැකි අදුරේම මා පිටවී යමි. මෙහි හොල්මන් නැතිනම් වෙනත් දේවල් විමසා බැලීම මාධ්‍යවේදියෙක් ලෙස මට වටිනා දෙයක් වුනත් මේ එයට සුදුසු ක්‍රමය නොවේ.  නමුත් මෙය මිනිස් ක්‍රියාකාරකමක් බව සැකහළ යුතුය.

මා තවත් ටිකක් ඉදිරියට ගියෙමි. ශබ්දය රිද්මයකට අනුව ඇතිවන්නකි. එසේනම් මෙය කිසිසේත්ම හොල්මනක් නොවේ. බලමු. මම තවත් ඉදිරියට ගියෙමි.

දෙවියනේ මා ඉදිරියට ඇදෙන්නට වෙයි.මුළු වෙර යොදා බිමට ආපස්සට පැන්නෙමි. අඩියක් පමන පස්සට විසිවිය.එහෙත් යළි ඉදිරියට ඇදෙයි.මගේ අතින් යකඩය අතහැරුනි. මගේ ඉටු දෙවියාද මා හැර ගොසිනි. අරුමයකි. යකඩය ඊයක් විලසින් ඉදිරියට යයි. එකෙනෙහිම එය අතුරුදන් විය.මම තව ටිකක් පස්සට පැන්නෙමි. ආරක්ෂිත යැයි සිතෙන තරමට පිටුපසට ගිය මම වාඩිලාගෙන කල්පනා කරන්නට වුනෙමි. දැන් නම් මට ආපසු යාමට නොසිතේ. අප මෙහි එනවිට හවස හය පසුවී ගොම්මන් අදුර වැටුනා පමනි. එවිට මේ ශබ්දය ඇසුනේ නැත.මා ආපසු ගොස් කිසිවෙකු රැගෙන ආ විට ඔහු මෙය අත්වින්දේ නැතිනම්.  මේ නිසාකරන දෙයක් මා තනිවම කරගත යුතුය. එහිදී ඇතිවන අවදානම දරා ගත යුතුය.

මීට පෙර දිනක මෙහි ආවේ පිරිසක්  සමඟ ආම්පන්න මත්පැන් ආදියද ඇතිවය. එදා මේ කිසිවක් නැත. එසේනම් මෙහි පැහැදිලිවම අබිරහසකි.


අබිරහස පිටුපස කිසිවෙකු සිටිනවා විය හැක. මා තනිව සිටින බැවින් මගෙන් බාධාවක් නැතයි සිතනවා විය හැක.සමහරවිට මා සිටින බව දන්නේ නැතිනම්. නැත. කලින් දැන නොසිටියත් දැන් නම් දනී යකඩ උලක් අබිරහස අතරට මැදිවී ඇත. දැන් අබිරහස පිටුපස සිටි උන් ප්‍රතිප්‍රහාරයකට සූදානම් වනවා විය හැක. කුමක් කරන්නද ඊට මුහුණ දෙනවා මිස. මගේ අනෙකා කෙබදුදැයි නොදනිමි. ඌ මහ ජගතෙක් නම් ආපසු ගොස් බේරෙන්නටද මට පුලුවන් කමක් නැත.

ගනු කඩුව එවසටනට කියා අභියෝග කිරීම හැර වෙන විකල්පයක් නැත. මම තවම මගේ සතුරා දැක නැත. යකඩ උල නිසා ඌ දැන් මා බලාපොරොත්තුවෙන් ඉන්නවා විය හැක. අතේ කිසිම ආයුධයක් නැතිව තමන් ඉදිරියට එන අමුත්ත පිළිගැනීමට ලකලැහැස්තිවෙමින් සිටිනවා වත්ද. ඇතැම්විට නිරායුධව මල්ලව පොරයට එන මා දැක ඌට සිනහ පහළ වී ඉළ ඇට කැඩෙන්නටද බැරි නැත. සමහරවිට දනටම එසේ වීද දන්නේද නැත.

ගනු කඩුව එව සටනට  මම ඉදිරියට ගියෙමි.


මා යළිත් වේගයෙන් ඉදිරියට ඇදෙන්නට විය. මගේ ධෛර්යය බින්දුවටම සිදුනි. හැකිවෙර යොදා ආපස්සට පැන්නෙමි. මා පසෙකට ඇද වැටුනි. සියොලඟම දාඩියෙන් තෙත්වී ඇත. මේ මළ යකා මා සිතනවාට වඩා කෙරුම්කාරයෙකි.මගේ හිසෙන් දාඩිය වැගිරේ. තව මගේ ප්‍රතිවාදියා ඇහැට දැකලාවත් නැත.ඌ මාව දුටුවොත් දාඩිය දාගෙන හති අරින මට සරදම් කිරීමටද බැරි නැත.

මම බොහෝ වේලාවක් හිටිතැනම හිද සිටියෙමි. කලබලකාරී ගතිය අඩුවිය. සන්සුන් විය.මා කරන මේ විගඩම කුමක්දැයි මට සිතුනද දැන් නම් කොටි වලිගය අල්ලාගෙන සිටින නිසා ආපසු යාමක් නැත. හෝරාවකට ආසන්න කාලයක් සිටියත් මූමගෙන් ගේම ඉල්ලන බවක් පේන්නටද නැත. මූ මට බයේ වත්ද

යළිත් නැගී සිටියෙමි. සෙමෙන් සෙමෙන් යළි පියවර මැන්නෙමි. කලින් මෙන් ඇදී යන ගතියක් දැන් නැත.සුළුවෙන් පැවතියද එය මට මැඩගත හැක. කියන තරම් යකා කළු නැතිවා විය හැක. මොකා සිටියත් බෙල්ල මුලින්ම අල්ලා ගන්නෙමි. ඔහොම සිටුව.

මා තව තවත් ලං වුනෙමි.

17 comments:

  1. කියපන් යකෝ අගේ නොකර X 2 හැක් හැක්.. අඩේ ඉතුරු ටිකත් දාපං ඉක්මණට මටත් දැන් හීන් දාඩියක් දාගෙන එන්නේ..

    ReplyDelete
    Replies
    1. ඉඩ ලැබෙන ලැබෙන හැටියෙ දානවා. පුළුවන් වුනොත් ඩේලි අප්ඩේට් කරනවා කලින් තුන වගෙ.

      Delete
  2. ඉස්සර බලපු චිත්‍රකතා වගේ කුතුහලය ඇවුස්සනවා

    ReplyDelete
    Replies
    1. යේ............. කොමෙන්ට්ස් වැඩ!

      Delete
    2. චිත්‍රකතා වල ශෛලිය වෙනම එකක්. ඇත්තටම අදිසොභාවික දේවලුත් දාල අපූරු ලෝකයක් මවන්න චිත්‍රකතාකරුවන් සමත්වුනා. ඒත් ඒ මාධ්‍ය අදට ගැලපෙන්නෙ නෑ වගෙ. අලුතෙන් පටන්ගත්ත ඒවත් වැහුන.
      ඒ කතාවලත් නම් එකම තේමාව තියෙන්නෙ. හතර අතට කරකවනව. හුඟක් ඒව පරිවර්තන. ඒ අපූර්වත්වය රසවින්දෙ කලින් පරම්පරාව. කලින් කීවට ඒ අපිදෝ මන්ද . අපිත් ඉස්කෝලෙ යන කාලෙ කියෙව්වනෙ

      Delete
  3. ඒකනෙ....ඉතුරු ටිකත් දානවකො අෆ්ෆා...

    ReplyDelete
    Replies
    1. පුළුවන් තරම් ඉක්මනට දානවා

      Delete
  4. කලින් කොටසත් එක්ක ඔන්න දැනුයි දෙකම කියවන් ආවේ.. කෝ කෝ ඊලග එකත් ඉක්මනට දාමු..

    ReplyDelete
    Replies
    1. පුළුවන් තරම් ඉක්මනට දානවා

      Delete
  5. යකා හොදයි මෙගා නාට්ටියක් කරන්න
    කුතුහගේ නප්පෙටම නග්ගනව
    ඕ යේස්

    ReplyDelete
    Replies
    1. හිතල කුතු අලය නග්ගනව නෙමේ බන්. ලියන කොට කුතු අලය කෙළින් වෙනව බන්.

      Delete
  6. කොටස් තුන මුල ඉඳන්ම කියවන්න ඉඩක් ලැබුණෙ අද.. නියමයි ම.ම. ඊළඟ කොටස් දාමු ඉක්මණටම..

    ReplyDelete
    Replies
    1. වෙනසක් කරන්ඩ හිතුව . ඔයා ලියන අධ්‍යාපනික දේවල් වලින් කියවන අයට ප්‍රයෝජනයක් වෙනවා වගේ මාත් යම් ප්‍රයෝජනයක් වෙන දෙයක් කරන්න හිතුව.
      තේරුමක් නැති දේශපාලන සංවාදවලින් වැඩක් නෑනෙ

      Delete