Tuesday, February 17, 2015

මා තනිවම හොල්මන් මැදුරේ සිත ඔබමොබ යයි ගන අදුරේ

හුදකලාව බිහිසුණුය. හුදකලාවට ගුඪබව මුසුවූ විට එය අති බිහිසුණුය. එහෙත් බිය යනු සිතේ නිර්මාණයකි. බිය උපදින්නේ රැකගැනීමට යමක් තිබේනම්ය. මට රැකගනීමට යම් යම් දේ නැත්තේ නැත. එහෙත් අවදානම සොයා යාමේ අමුතු ගතියක් මට ඇත. මෙය මට දෙමවුපියන්ගෙන් උරුම වූවක්ද නොවේ. මටම ආවේණිකය.මේ ගතිය නිසා මට අහිමි වූ බොහෝ දේ ඇත.එහෙත් දහම්සොඩ රජු මෙන් නොදන්නා දේ සොයායාමේදී ජීවිතයද මට අලුයම කෙළ පිඩකි.

මන්දිරය විශාලය. එහි සොභාවය අතීත ගර්වය මොනවට පෙන්වයි. එදා මිතුරන් සමඟ පැමිණියාට වඩා අමුත්තක් දැනේ. මන්දිරයේ ඔබ මොබ ඇවිද්දෙමි.පන ඇති කිසිවෙක් නැතත් ගූඪ භාවය නම් අඩුවක් නැත. ඇත්තෙන්ම මෙම මන්දිරය සැදූ පුද්ගලයාද අපූරු කෙනෙකි.මන්ද කදු මුදුනක බියකරු හෙල් ඇති කිසිවෙකුට පහසුවෙන් ලංවිය නොහැකි තැනක මෙය ඉදිකළේ ඇයි.

මෙවැනි සිතුවිලි සිතට ඇතුළු වේ.තනිවම ඇවිද යමින් කාමර පිරික්සමින් ඇවිදින මා දුටු එක් අවදානමක් නම් පැරණි ඉදිකිරීම් ඔළුවට කඩා වැටෙයිද කියන බියයි.එහෙත් ඒවා වර්තමාන ඉදිකිරීම්වලට වඩා ශක්තිමත්ය. එසේම පිරිසිදු නොකළ කාමර කෘමීන්ගේ වාසභවන වී ඇත.මෙහි පර්යේශන සඳහා අවසර ලබා ගැනීම අපට පහසු වුනත් කලෙක මෙයට ඇතුළුවීමද සාමාන්‍ය මිනිසුන්ට සිහිනයක් වන්නට ඇත.

මට යමක් සොයාගත හැක යන විශ්වාසය මට තිබේ. මෙවැනි තැනක පර්යේශනයක් කිරීමට අගතිගාමී සිතිවිලිවලින් විනිර්මුක්ත වූ මනසක් අවශ්‍යය. ඇත්තෙන්ම මම හොල්මන් අවතාර නොපිළිගනිමි. 

එහෙත් විද්‍යාවට හසුනොවන යම් යම් දේ විශ්වයේ තිබිය හැකි බව මම සිතමි.


කෙමෙන් කෙමෙන් කළුවර ලඟා වෙයි. ගෘහභාන්ඩ පවා අදුරෙන් වැසී නියම හොල්මන් මන්දිරයක සිරි ගනී.සුලං හමා එයි. කැඩුන ජනේලවලින් ඇතුලටද සුලන් එයි. අදුරත් සමඟ අපූරු සිතුවම් මැවී ඇත. ඒවා මා දෙස බලා මූද මිනිහ මූද මිනිහ කියඉන් එකිනෙකා සමඟ වහසි බෙණෙන්නාක් මෙනි. නින්දද මා අසලට නො එයි. ඇත්තෙන්ම මා මෙහි ආවේ සුව විදින්නට නොවේ.පවුලේ අය නෑ හිතවතුන් මා මෙවැනි දෙයක් කරනු ඇතැයි සිහිනෙනුදු නොසිතති. දේවදූතයන් පා තබන්නට බිය තැන්වලට මෝඩයෝ කඩාවදින බවට කියමනක් ඇත. මා ඔළ මොළ වැඩකළත් ඒවා මේ තරම් දුර දිග නොයන බව ඔවුහු දනිති.

රාත්‍රියේ හෝරාවන් එකිනෙක ගත වෙයි. අමුත්තක් නැත.මෙහි කිසිවක්ම නැද්ද 
කතා හුදෙක් මෝඩ ජනයාගේ පරිකල්පනයන් පමණක්ද  .කමක් නැත. මා මෙහි තනිවම පැමින කළ හිතුවක්කාරකම ගැන සගයන් හා කියමි.ඔවුහු කෙසේ ප්‍රතිචාර දක්වයිද. සමහර විට සිනාසෙනු ඇත. මට කම් කිම්ද

අදුර ටිකෙන් ටික දැඩිවෙයි. අදුර මා පරීක්ෂා කරන්නට සිතන භූතයෙක් වැන්න.එහෙත් මන්දිරයේ තිබෙන්නේ අදුර පමනක්ම නොවන බව මට දැනුනි. අමුතු ශබ්ද ඇසෙන්නට වෙයි. එහෙත් පාසලක වැනි කලබල කාරී තැනක වුනත් රාත්‍රියට අමුතු ශබ්ද ඇසෙන බව මා අසා ඇත. එසේම හිස් ගොඩනැගිල්ලක දෝංකාරය නැද්ද. අනෙක මේ පාළු නිවසේ නැත්තේ මොකාද .කැරපොත්තාගේ සිට සරපයා දක්වා ඕනෑම එකෙක් සිටිය හැක. ඇත්තෙන්ම මා කර ඇත්තේ උන්ගේ සම්ප්‍රදායික නිජභූමි උල්ලංඝනය කිරීමකි.


මටකුඩා කාලයේ වැඩිහිටියෙකුගෙන් උපදෙසක් ලැබී ඇත. එන හොල්මන යන මන හෙල්ලීම බවයි. සැකකටයුතු දෙයක් එවේලේම සොයා බලන ලෙසයි. සද්දයක් ඇසුනොත් වහාම එම තැනට ගොස් විමසා බැලීමට මම පුරුදුව සිටියෙමි. මෙතනත් මම කරන්නේ එයයි.

ඇත්තෙන්ම මම හොල්මන් වලට වඩා බිය මිනිස් ක්‍රියාකාරකම් වලටය. මට සිහියට එන්නේම ඩීමන් ආනන්දගේ පොත්වල සිදුවීම්ය. ඈත පදුරකට මුවාවී විකී ජයසිංහට වෙඩි තැබූ ඩග්ලස් ජෑන්ස් මට සිහිවිය. එහෙත් ඩීමන් ඒ රාත්‍රියේ සිටියේ ඩග්ලස්ටද නොපෙනෙන තැනකය. විකීට වෙඩි තබා පලායන ඩග්ලස් ඩීමන්ගේ වෙඩි පහරින් ඇද වැටුනි. එහෙත් මට එවැනි සූදානමක් නැත. හරි  නම් මා සිටිය යුතුව තිබුනේ මන්දිරයෙන් පිටතය. 

මට චකිතයක්ද දැනේ. එහෙත් ඉදිරියට තැබූ පය ආපස්සට ගැනීමක් නැත.
අමුත්තක් දැනී හිස ඔසවා පිටුපස නොබලාම නැගී සිටියෙමි. කිසියම් රිද්මයකට ශබ්දයක් ඇසේ. එයනම් සතකුගේ ක්‍රියාවක් වන්නටම බැරි බව මගේ සිත කියයි. එම ශබ්දය ඇසුන දිසාවට පියවර මනින්නට වීමි.

18 comments:

  1. තනියම ගියා එහෙනම්.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම් හ්ම්ම්ම්

      මේක ටිකක් වෙනස් විදියක කතාවක්. මට හිතුන මෙහෙම දෙයක් කරන්න.

      Delete
  2. යකාගෙ අඩවියක්නේ
    ඔන්න මාත් එකතු වුණා
    ලිපිය අගෙයි

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නවා. එක එක ජාතියෙ කතන්දර යන බ්ලොග් එකක්. කොටස් වශයෙන් යන කතා. දේශපාලන ප්‍රබසන ,විද්‍යා ප්‍රබන්ධ, බූත කතා ,විහිළු කතා එකක් කියල නෑ . දේශපාලන ලිපිත් දානව.

      Delete
  3. උඹ අපිව බය කරන්නද හදන්නේ?

    අඩෝ යකාට බයනම් යකාගෙ බ්ලොග් එකට එන්නෑ බොලව්..

    ReplyDelete
    Replies
    1. අන්න එහෙම වරෙන් බන්.
      දැන් මට නොදැනීම කතාව යන විදිය කියවෙනව. කලින් තනිතරුව අහපු වෙලාවෙ අමාරුවෙන් බ්‍රේක් කරගත්තෙ.

      Delete
  4. Replies
    1. මම එහෙම තමයි බන් . ඒක නෙමේ මොකෝ බං නම වෙනස් කරලා. අලුත් යහපාලන සිස්ටම් එකට හැඩ ගැහුනද

      Delete
  5. මම හිතුවේ ලයිට් ගිය වෙලාවක අරලියගහ මන්දිරේ ඇතුලටවත් ගියාද කියලා.

    ReplyDelete
    Replies
    1. අරලිය මන්දිරේ තමා නියම හොල්මන් මන්දිරේ. 47 ඉදන් මේ වෙනකම් හිටපු හොල්මන් ටික ඇති ඕක ඇතුලෙ. ආයෙ ඕක දාලයන්න කියලයැ. ආසාවට ලොබ බැදගෙන ඇති

      Delete
  6. හුදකලාව බිහිසුණුය. හුදකලාවට ගුඪබව මුසුවූ විට එය අති බිහිසුණුය.

    _ මම බොහෝ කලක් තිස්සේ එ බිහිසුනු බව විදිනවා
    ගුප්ත බව හරිම අමුතුයි එත් මම ඒකට කැමති ඇයි කියන්න දැන්නේ නැ

    ReplyDelete
    Replies
    1. එක එක්කෙනාගෙ රුචිකත්වයන් විවිධයි. හුදකලාව ආශ්වාදයක් වුන අය ඉන්නවා. මාත් හුදකලාවට කැමතියි. ඒත් ඒ අර්ධ හුදකලාවට. සම්පූර්ණ හුදකලාව තරම් නරක දෙයක් තවත් නෑ.

      Delete
  7. Replies
    1. ආ දැං හරි.. කොමෙන්ට්ස් කේස් වුනා කලින් පාර

      Delete
    2. නිසරු දේශපාලන සංවාදවලින් බැහැරවෙලා කතන්දර ලියන්න පටන් ගත්තා.

      Delete
  8. කලිං එකටත් කොමෙන්ටු දාන්ට හැදුවට හරි ගියෙ නෑ...
    හ්ම් ඉතුරු ටිකත් ලියන්ටකො බලං ඉන්නං ලියනකං
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. දිගටම කතන්දර ලියන්නෙ. අදහස් පළ කරන්න. ඊට අනුකූලව කතන්දර වෙනස් වේවි. හොල්මන් කතා රහස් පරීක්ෂක කතා, විද්‍යා ප්‍රබන්ධ, ලවු ස්ටෝරි පරිවර්තන ඔක්කොම

      Delete
    2. අදයි මේ බ්ලොග් එකට ආවෙ, මුළු බ්ලොග් එකම වගේ එකදිගට කියෙව්වා, කතන්දර හැමෝම ලියනවා, ඔයාට හොද දැනුමක් තියෙනවනේ ඒකනිසා සමාජය ගැන ලිපි දිගටම ලියන්න, ගොඩක් අය බ්ලොග් වල ලියන්නේ මෙලෝ තේරුමක් නැතිදෙවල් ඔයාගේ වගේ බ්ලොග් ගොඩක් අඩුයි ඒකනිසා කලින්වගේම හරවත් ලිපි දිගටම ලියන්න
      - කුසල් ධනංජය

      Delete