Sunday, February 15, 2015

හොල්මන් මන්දිරයේ රැයක්

මීට ටික කාලයකට ඉහත මහත් ආන්දෝලනයක් ඇති කළ හොල්මන් මන්දිරය ඔබට මතක ඇතැයි සිතමි. කලක් මාධ්‍යවල අංක එකේ පුවත් මවන තැනක් වූ මෙහි වැදගත්කම නැතිකර දැමුවේ අප විසිනි. අපගේ පර්යේශනයෙන් පසු මේ ගැන රටේ උනන්දුව අඩු විය. කෙසේ වෙතත්  මේ ගැන විවිධ මත තිබුණි.සමහරු පැවසුවේ හොල්මන් කතා පෙරට දමා යම් නීතිවිරෝධී ක්‍රියා සිදුවන බවය. මේ සියලු සංවාද අවසන් වුනේ අපගේ පර්යේශනයෙනි.

පර්යේශන කණ්ඩායමට වෛද්‍යවරු දෙදෙනෙක් විශ්ව විද්‍යාල සිසුන් දෙදෙනෙක් සහ මාධ්‍යවේදියෙක් ලෙස මා අයත් විය. ඇත්තෙන්ම මා හට මේ අවස්ථාව ලැබුනේ අහම්බෙනි.ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදියෙක් මේ සදහා ආයතනය විසින් කළින් නම්කර තිබුනත් ඔහුට හදිසි කාර්යයක් යෙදුනෙන් මට මේ අවස්ථාව ලැබුනි.

වෛද්‍ය දිස්නකාන්ත විදානගමගේ  සහ වෛද්‍ය සීවලී ලංකාපුර අපගේ කණ්ඩායමේ සිටි ප්‍රකට වෛද්‍යවරුන් දෙදෙනාය. ඇත්තෙන්ම ඔවුන් ප්‍රකට වුනේ මේ පර්යේශන නිසාමය. ඔවුහු හේතුවාදීහු වූහ. ඇත්තෙන්ම රට මිත්‍යාන්ධකාරයෙන් ගලවා ගැනීමට ඔවුන් නිස්සරණධ්‍යාසයෙන් කරන සේවය නිසා මට ඔවුන් ගැන තිබුනේ ගෞරවයකි.

සීවලී මහතා වඩා සුහදශීලී විය. ඔහු රාත්‍රිය පුරාම කතා කළේ මිත්‍යා විශ්වාස ගැනය. අප බඩ අලාගෙන සිනාසුනෙමු. සීවලී මහතා රට පුරාම ගොස් මෙවැනි දේ ගැන පර්යේශන පවත්වා ජනයාගේ මෝහාන්ධකාරය නැති කරයි. දිස්නකාන්ත මහතා ද කුෂාග්‍ර බුද්ධිමතෙකි.ඇත්තටම මොවුන් නැත්නම් කට්ටඩියන් රට යකුන් නැටූ පිටියක් කරනු ඇත. 

සීවලී මහතා තුල මා දුටු අනෙක් ලක්ෂනය නම් ඔහුට යමක් පැහැදිලිකර දීමේ දක්ෂතාවයි.ඇත්තෙන්ම ඔහු හොඳ ගුරුවරයෙකි. යකුන් වැහීම වැනි දේ ඔහු මායාවන් ලෙස පෙන්වා දුන්නේය. එසේම ගැමි සමාජයේ විශ්වාස ඔහු මානසික රෝගීන්ගේ ඇත්දැකීම් ලෙස පැහැදිලි කළේය.මා හටත් මිත්‍යා මත සමඟ ඇරියස් එකක් තිබුනත් මෙහිදී ගැටළුවක් විය. මා සීවලී මහතා සමඟ තර්ක කළෙමි. මේ මතවාදය තුල පංචේන්ද්‍රියන්ට ගෝචර නොවන දේවල් ගැන දැනුම බැහැර කෙරේ.මා ඔහු හා විවාද කළේ තත්වය mass hysteria පිලිබඳවයි.

එනම් කිහිප දෙනෙක් යම් පාරභෞතික දෙයක් අත්වින්දද එය සමූහ මායාරෝගයක් ලෙස බැහැර කෙරේ.එහෙත් එය මුග්ධකමක් ලෙස මට සිතේ. ඒක පුද්ගල අත්දැකීම් පවා මෙසේ අන්ධ ලෙස සැලකීම මේ ක්ශේත්‍රයේ ප්‍රයේශනවලට බාධාවකි.විශාල පිරිසක් ලබන අත්දැකීමක් නිකම්ම බැහැර කිරීම උගත් මෝඩකමකි.


හොල්මන් මන්දිරයේ අප ගත කළ රාත්‍රිය සිනා සාගරයක් විය. අප ගත්තේ ආතල් එකකි. කිසිම පර්යේශනයක් සිදුනොවීය.ගම හරහා අප එනවිට හමුවූ ගැමියන් දෙස අප බැලුවේ අවඥාවෙනි. ඔවුන්ට අප පිටසක්වලින් ආ පිරිසක් මෙන් විය. ඊට හේතුව මේ ප්‍රදේශය ඉතා දුෂ්කර එකක් වීමයි.පරිසරය මනස්කාන්තය. මෙම මන්දිරය මුලින් ඉදිකළ සුද්දා මෙම පරිසරයට වශී වීම පුදුමයක් නොවේ. එහෙත් මේ සුන්දරත්වය ශාපයක් වී ඇත. ගම ලෝකයෙන් වෙන් කර ඇත.සුද්දාගෙන් පසු අතින් අතට ගිය මෙම මන්දිරය සංචාරක කටයුත්තකට යොදා ගැනීමට ව්‍යාපාරිකයෙකුට සිතක් පහළ විය. එහෙත් එය අසාර්ථක වුනේ හොල්මන් නිසාය.


ගැමියෝ දෙගිඩියාවකින් තොරව හොල්මන් විශ්වාස කළහ. දෙකට දෙවාරෙන් මේ දෙස බලන්නට බටහිර අධ්‍යාපනයක් ලැබූ අයද හිඟ නිසා හොල්මන් කතා සරුවට වැඩුනි. පත්තරකාරයන්ටද ඉල්ලමක් විය. අපේ වියත්තුනම් සත පහකට විශ්වාස නොකළහ. උඹ කැමති දෙයක් ලියාපන් බන් කියා සීවලී මහතා මට  පැවසීය. ඇත්තෙන්ම බොහෝඉන්ටවීව් අප කරන්නේ කලින් සූදානම් කළ ප්‍රශ්න අදාල පුද්ගලයාට යැවීමය.සමහර පිළිතුරු අප විසින් ද සංස්කරණය කෙරේ.

මේ ගැන ලිපිය අපේ පර්යේශකයන්ගේ සිතැගි අනුව සකස් කළෙමි.එහෙත් අප හරියට යමක් නොකළ බව මට දැනුනි. මේ සිතිවිල්ල මට වද දෙන්නට විය.මා තනිවම පර්යේශනයක් කිරීමට ඉටා ගත්තේ එනිසාය.

කාර්යාලයේ නිවාඩු දමා අවශ්‍ය අඩුම කුඩුමද  රැගෙන හොල්මන් මන්දිරයට රාත්‍රියක් ගත කිරීමට ගියේ එනිසාය.කලින් වතාවේ මෙන් නොව ගැමියන් සමඟ සුහද වීමි. අපගේ පර්යේශනය ගැන කී විට ඔවුහු සිනාසුනහ. අපොයි මහත්තයො හත් අට දෙනෙක් එක්ක ඉන්න කොට මොන හොල්මන්ද ඔවුහු කීහ. කතාව ඇත්තකි. යා යුත්තේ තනිවමය.

ඔවුන්ගේ කතාව මම පිළිගත්තෙමි. මෙහි රැයක් ගතකිරීමට මට සිතෙන බව කී විට ඔවුහු බිය වූහ. එහෙත් කිසිදා කිසිවකින් මැඩිය නොහැකි කුතුහලයක් සහිතව මෙලොවට ජනිතවූ මා නවත්වන්නට ඔවුන්ගේ විරෝධය සමත් නොවේ. ගැමියන්ගේ බියමුසු දැස් පසුකරමින් මම හොල්මන් මන්දිරයට ගොඩ වුනෙමි.

කතාව කොටස් වශයෙන්  ලියන්නෙමි. 

7 comments:

  1. මාත් කාලයක් හොල්මන් ගැන හෙව්වා. ලියාගෙන යමු. හොඳයි.

    ReplyDelete
    Replies
    1. මේක ටිකක් වෙනස් පැත්තකට යන කතාවක්. ඔහොම යමුකෝ.

      Delete
  2. මොකද්ද මේ හොල්මන් කතාව? මාව ෆුල් හොලමන් වුණා වගේ..කොහෙද ඔය මන්දිරේ තියෙන්නේ ම.ම?

    ReplyDelete
    Replies
    1. හොල්මන් මන්දිරේ තියෙන්නෙ මේ කතාවෙ ඇතුලෙ තමයි. මේක කොයි පැත්තට යනවද කියන එක කියවන කෙනෙකුට මේ පෝස්ට් දෙකෙන්ම තීරණය කරන්න බෑ.
      මේක වෙනස්ම විදියක අරුම පුදුම යකාගෙ කතාවක්
      සාමාන්‍යයෙන් අසාමාන්‍ය දෙයක්

      Delete
    2. හ්ම්ම්...හොඳයි දෙයක් හිතෙනවා නමුත් නොකියා ඉන්නම්..බලමු කතාව කොයි පැත්තට හැරේවිද කියලා..ඊලඟ කොටස කියවන්නට යමි. :)

      Delete
  3. http://mallepol.blogspot.com/2015/02/blog-post.html

    ReplyDelete
  4. යකාගෙන් යකාගේ කතාවක්

    ReplyDelete