Saturday, February 14, 2015

දේශපාලන පක්ෂ ක්‍රමය සුදුසුද

දේශපාලන පක්ෂ හැට හුටාමාරක් පැවතියද සක්‍රිය තත්වයේ තිබෙන්නේ කිහිපයකි.එජාප,ශ්‍රීලනිප,ජවිපෙ සිංහල සමාජයේද ටී ඇන් ඒ දෙමළ සමාජයේද මුස්ලිම් කොන්ග්‍රසය වැනි පක්ෂ මුස්ලිම් සමාජයේද ඡන්ද පදනමක් සහිත පක්ෂ ලෙස සැළකේ. එහෙත් මේ පක්ෂ තුලින් ඇත්තටම ජනමතය නියෝජනය වෙයිද

අද වනවිට එජාප ශ්‍රීලනිප පක්ෂ දෙක අතර කිසිම වෙනසක් නැති බව පෙනේ.දෙපිරිසම ධනපති පක්ෂය.පසුගිය කාලයේ සංධාන ආන්ඩුවේ කැපී පෙනෙනෙ ඇමතිකම් දැරුවේ එජාපයෙන් ආ අයයි. එ නිසා ඇත්තටම පසුගිය කාලයේ තිබුනෙත් එජාප ආන්ඩුවක් යැයි කෙනෙකු රැවටුනොත් පුදුමයක් නැත.ශ්‍රීලනිපය බිහිවුනේද බණ්ඩාරනායක මහතාට අගමැතිකම නොළැබීම සම්බන්ධ ප්‍රශ්නයකි.ඒ වනවිට වර්ධනය වී තිබුන ජාතික ව්‍යාපාරයට ඔහු උපක්‍රමශීලීව නායකත්වය දුනි.

මෙරට අසාර්ථක විප්ලව දෙකක් කළ ජවිපෙ වර්තමානයේ ජනතාවාදී පදනමක ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුල ක්‍රියාත්මක වෙයි. වර්තමානයේ ඔවුන්ගේ නායකයන් සැබවින්ම නිර්ප්‍රභූ පුද්ගලයන් නොවේ.ඔවුන්ට අනුග්‍රහය දක්වන බලවේග අතර ප්‍රමුඛව සිටියේ චීනයය. නමුත් දැන් එම තත්වයට එජාපය පත්වී ඇති බව පෙනේ. චීන සල්ලි හෝ වෙනත් විදේශීය ප්‍රභව හරහා විදේශ විනිමය ලැබේ.ප්‍රධානම සුබ පතන්නා සහ සම්පත් දායකයා ලෙස එජාපය පත්වීමෙන් ජවිපෙ වඩා දේශීය වෙයි.

මෙම සියළුම පක්ෂවල උඩ සිට පහලට තීරන ගලා එයි.පක්ෂ මෙහෙයවන්නේ ප්‍රභූ පැළැන්තියයි.පක්ෂ පවතින්නේ ගල් ගැසුන සොබාඅවයකය.එනම් එකම  කණ්ඩායමක් සදාකාලිකව පාලනය කරයි. සංසරණයක් නැත. විජේවීර අපූරු උදාහරණයක් මගින් මෙය පෙන්වා දුන්නේය. විජේවීර යනු මෙරට ප්‍රථම නිර්ප්‍රභූ දේශපාලනඥයාය.ඔහු පෙන්වා දුන්නේ 1948 න් පසු සිදුවුනේ වලව්වෙන් වලව්වට බලය මාරු වීම බවයි. මෙය අද දක්වා සාධාරණය. ඇත්තටම ලංකාවෙ දේශපාලනය යනු  බෝතලේ වලව්වෙන් මැදමුලන වලව්වට බලය යාමය .ජනවාරි හතර වෙනිදා මැදමුලන වලව්වේ බලය විජේවර්ධන වලව්ව සහ හොරගොල්ල වලව්ව ඒකාබද්ධව කල අරගලයකින් පසු ඔවුහු ජයගත්හ.

මැදමුලන වලව්වද නිර්ප්‍රභූන් නොවුනත් ඔවුන් කොළඹ අහ්තේ ප්‍රභූ ට නොගැලපෙන බවක් පෙනේ.කොළඹ හතේ ප්‍රභූන් සිය මැදෞලනේ සහෝදරයා දෙස බැලුවේ සැකයෙනි. මේ සැකය තියුණු වුනේ නිදහස් උත්සව වැනි ඒවාට ප්‍රභූ පාසල් වලින් නොව ගංකබර පාසල් වලින් ද කණ්ඩායම් සහභාගී කරවීමෙනි.  ඒ මදිවාට ආරක්ෂක අංශ වලද උසස් තනතුරු  පීඩිත පාසල්වලින් ආ අයටද ලැබුනි. මෙය සම්ප්‍රදාය විරෝධී විය.

මෙම පක්ෂ ක්‍රමය ජනතා විරෝධී වෙයි.තීරණ ගැනීමෙහිලා ජනතාවට කිරීමට කිසිවක්ම නැත. මීට විසදුමක් අවශ්‍යය.

අපේ රටේ ජනගහනය කෝටි දෙකකි.මැතිවරණ කොට්ඨාසයක ආසන්න ජනගහනය ලක්ෂයක් පමන වේ. මන්ත්‍රීවරු  දෙසීයක් පත්වන අතර එක් අයෙක් දළ වශයෙන් පුද්ගලයන් ලක්ෂයක් නියෝජනය කරයි.එසේම මැතිවරන කොට්ඨාසයක ගම් දෙසීයක් පමන ඇත.

එක් ගමක ජනතාව එම ගමේ ජන සභාවක් පිහිටුවනවා යැයි සිතමු.එවිට මෙබදු ජනසභා දෙසීයක් එක් මැතිවරන කොට්ඨාසයක පවතී.ගමේ ජන සභාවේ සභාපතිවරයා පත් කරන්නේ ගමේ අයගේ ඡන්දයෙනි. මෙසේ ගම් දෙසීයටම ජන සභා පතිවරු දෙසීයකි. මෙම දෙසිය දෙනා ඡන්ද විද්‍යාලයක් ලෙස ක්‍රියා කරයි.පාර්ලිමේන්තුව නියෝජනය කරන  මන්ත්‍රීවරයා මෙම ඡන්ද විද්‍යාලයට වග කියයි.ඔහුගේ කටයුතු මෙම ඡන්ද විද්‍යාලය මගින් නියාමනය කෙරේ.ඔහුව ඉවත් කිරීමටද මෙම විද්‍යාලයට බලය ඇත.මෙසේ ජනතාව රහස් ඡන්දයෙන් පත් කරන තැනැත්තා යළිත් ජනතාවගේ ක්ශුද්‍ර නියෝජිතයන්ගේම පාලනයට ලක් වේ.ඔහු පරිබාහිර ප්‍රභූ පිරිසකගේ ප්‍රාණ ඇපකරුවෙකු නොවේ. මෙසේ යටින් උඩට බලය ගලා යයි.

එවැනි ක්‍රමයකින් නිර්ප්‍රභූ ජනතාවට එරෙහි ප්‍රභූ ආධිපත්‍ය බිද දැමිය හැක.

6 comments:

  1. Replies
    1. මචන් මං බ්ලොග් එකේ පොඩි වෙනසක් කළා. එහෙම කලේ කාලය ඉතිරි කරගන්නට. දැන් පැයකට වඩා අන්තර්ජාලයේ ඉන්නෙ නෑ. ගැඹුරු සංවාද වලට ගියාම කාලය නාස්තිවෙනව.බලපුවම ඇතිවැඩකුත් නෑ. දැන් මං කතන්දර දානව. ඒව කියවල කට්ටිය සතුටු වෙන්නෙ වත් නැතෑ.

      Delete
  2. //මැදමුලන වලව්වද නිර්ප්‍රභූන් නොවුනත් ඔවුන් කොළඹ අහ්තේ ප්‍රභූ ට නොගැලපෙන බවක් පෙනේ.කොළඹ හතේ ප්‍රභූන් සිය මැදෞලනේ සහෝදරයා දෙස බැලුවේ සැකයෙනි. මේ සැකය තියුණු වුනේ නිදහස් උත්සව වැනි ඒවාට ප්‍රභූ පාසල් වලින් නොව ගංකබර පාසල් වලින් ද කණ්ඩායම් සහභාගී කරවීමෙනි. ඒ මදිවාට ආරක්ෂක අංශ වලද උසස් තනතුරු පීඩිත පාසල්වලින් ආ අයටද ලැබුනි. මෙය සම්ප්‍රදාය විරෝධී විය.//
    පොයින්ට් එක!
    මැදමුලන කෙරෙහි සමහරුන්ගේ දේශපාලනයට එහා ගිය පැසවන වෛරයක් බ්ලොග් ලෝකයේ පවා පෙනේ.
    ඊට හේතුව සමහර විට සරස කියන්නාක් මෙන් වෙන්ඩ පොෂ් ටොයියන්ගේ හිත්වල තිබෙන හීනමානයක්ද? එහෙමත් නැත්නම් "අපි පොෂ්" නිසා ගංකබරයන්ට තැන දීමෙන් උන් සමඟ පෑහෙන්නට වීමේ මදි පුංචිකමක්ද? එහෙමත් නැතිනම් ගංකබරයෝ පොෂොන්ට වඩා කැපී පෙනීම නිසා ඇතිවූ පෞද්ගලික වෛරයක්ද?

    ReplyDelete
    Replies
    1. වැඩි දෙනෙක් කතා නොකළට මෙහෙම දෙයක් තියනවා. මහින්දගෙ කාලෙ මධ්‍ය මහා විද්‍යාලවලින් ( ඒ කියන්නෙ ගම්වලින් ) ආපු අයට සාධාරණයක් තිබුනා. ගම්වලින් ආපු අයට පන්තිය මාරුකරගන්න තිබුනෙ මෙඩිකල් කොලෙජ් හෝ ඉන්ජිනියරින් හෝ ගියොත් පමණයි. පන්තිය මාරුකරනව කියල කිව්වට මේක නිකම් ඔළුව ඉස්සීමක් විතරයි. නමුත් ගමේ එකෙකුට කොළඹ පොෂ් සමාජයෙ පවතින එක ලේසි නෑ. ඌ කැපිල කෙටිල සුන්නද්දූවිලි වෙනව.
      මහින්දට ගංකබරය කියල අපහාස කරනකොට ගම්වල මෝඩ යූඇන්පීකාරයොත් ඒක පුනරුච්ඡාරනය කළා.ගන්කබරය කිව්වෙ මහින්දට විතරක් නොවෙයි සමස්ත ග්‍රාමීය ජනතාවට.
      රෝයල් ඊ නිව්ස් එකෙන් තමයි ගන්කබර කතාව මුලින්ම දැම්මෙ.

      හමුදාවලනම් තනිකරම පාසල මත තමයි සියල්ල තීරණය වෙන්නෙ. මහින්දගෙ කාලෙ සෙන්ට්‍රල් වලින් ආපු අයටත් ඉහළ තනතුරු ලැබුන. ඒක චිරාත් කාලයක් තිස්සෙ ආපු සම්ප්‍රදාය කැඩීමක්ලු.

      මේ රටේ ධනපති පන්තිය කියන්නෙ පාසල මත පදනම් වූවක්. පාසල් විශමතාව හා පන්ති විශමතාව කියන්නෙ එකට බැඳුන විශම චක්‍රයක්

      පාසල්වාදය ලංකාවෙ තියන දරුණුම දෙයක්.ඊනියා ප්‍රභූ පාසල්වල අය තමයි රට ව්‍යාපාර,මාධ්‍ය හැම දෙයක්ම පාලනය කරන්නෙ. මේක ඉතාම සියුම්ව යන්නෙ. මුලින්ම අහන කොලෙජ් එක මොකක්ද කියන ප්‍රශ්නෙන් තමයි පීඩනය පටන් ගන්නෙ.
      පීඩිත පාසල්වලින් එන අයටත් සාධාරණය ඉටුවෙන්න ඕන. මහින්ද යුගයෙදි සිදුවුන අරවගෙ දේවල්වලට ප්‍රභූන් පුපුරන්න ඇති.

      මාටින් ලූතර කින් කළු මිනිස්සු හා සුදු මිනිස්සු එකට වාඩිවෙන සමාජයක් ගැන සිහින දුටුවා. පීඩක පාසල් හා පීඩිත පාසල් වල අය එකට හිදින සමාජයක් අපිත් සිහින දකිමු. ඒ සිහිනය දුර වගෙයි මට පේන්නෙ.

      පවතින තත්වය විග්‍රහ කළා මිස ප්‍රභූ පාසල්වල සියළු දෙනා ගැන කළු චිත්‍රයක් මැව්වා නොවේ. එම පාසල්වල බහුතරයක් යහපත් මිනිසුන්ය.පාසල්වල වරදක් නොවේ.නමුත් මෙහෙමත් පැත්තක් රටේ ඇත. මම එම පාසල්වලට ගරු කරමි. නමුත් පාසල් පදනම් කරගෙන මේ රටේ විශමතාවයක් නිර්මාණය වී ඇත.

      Delete
    2. සහතික ඇත්ත.! ++++++++++++++++++

      Delete