Friday, February 13, 2015

අද වැලන්ටයින් දවසෙ රූකඩ නටවන සහ රූකඩ වෙන සියල්ලන්ට සුබ පැතුම්


අද වැලන්ටයින් දිනය.

වැලන්ටයින් සාන්තුවරයා රෝමයෙ ක්ලෝ ඩියස් අධිරාජයාගෙ නියමයක් උල්ලංඝනය කරල තරුණවන් විවාහ කරවපු එකට උදහස් වුන ක්ලෝඩියස් වැලන්ටයින්ව මරල දැම්ම. එහෙම මරල දාපු දවස සමරන්න පසුකාලෙක ජනතාව පුරුදුවුනා. ඒත් රෝමයේ ආදරයේ දෙවගන වූ ජූනෝ සමරපු දවසත් මෙයමයි.මේ නිසා නත්තලට වගේම වැලන්ටයින් දව්සටත් පැහැදිලි රෝම උරුමයක්  තිබෙනව.

ලංකාවෙ අපි මේක සමරන්න පටන් ගත්තෙ අනූව දශකයෙ. වලන්ටයින් කියන වචනවත් අහල නැති ලංකාවෙ මිනිසුන්ගෙන් සිරස ඇහුව අද වැලන්ටයින් දවස නේද කියල.
අද ඔයා වැලන්ටයින් එකට මොකද කරන්නෙ කියල සිරසෙ ගෑනු ඔන්ලයින් ඇහුව
අක්කි අද වැලන්ටයින් ඩේ නෙ කියල සමහර අය මතක් කරපු අවස්ථාත් තිබුනා. ඇත්තටම මේ සන්වාදවල යෙදුනේ ජනතාව සමඟද කියා දන්න කෙනෙක් නෑ. අපි නොදන්න ලයිව් ද දන්නෙ නෑ. කොහොමත් මේකෙන් වාසි වුනේ වෙළෙන්දන්ට. ඇත්තෙන්ම ධනපති මාධ්‍ය වල වගකීම තමයි කොල්ලකාරී වෙලදපොල ක්‍රමය ප්‍රවර්ධනය කිරීම.ළමා මවුවරු බිහිකිරීම වගෙ අතුරු සේවාත් සිදුවෙනව.

නමුත් මේකට ප්‍රතිරෝධයක් ආව. බෞද්ධ ආගමික සංවිධාන එදාට ශීල ව්‍යාපාර පැවැත්තුව.කොහොම කොහොම හරි මුල් උණුසුම අඩුවුනා. සමහරු මේක දේශීයකරණය කරන්න හැදුවා.

මොකක්ද මේ දෙශීයකරනය කියන්නෙ
අපි හදාගෙන තියන රාමුවලට ආගන්තුක දෙයක් ප්‍රතික්ෂේප කරන පුරුද්ද නිසා අපේ රාමුව තුලම දැනට තියන ආදේශයක් හොයා ගැනීම.  ආගන්තුක දේ වුනත් කාලය එක්ක හුරුවුනහම ඒක දේශීය දෙයක්. එහෙනම් මේ රාමු කිසිම තේරුමක් නෑ. මේ රාමු කාලයත් එක්ක බිදවැටෙනව, තාක්ශනය එක්ක බිද වැටෙනව.  ඒ නිසා රාමුවට ආගන්තුක වීම නිසාම යමක් ප්‍රතික්ෂේප කරන එකත් තේරුමක් නෑ.


මොකක්ද මේ ආදරය කියන්නෙ .මේක උත්තරීතර දෙයක්ද  නෑ. මේකත් අපි හදාගෙන තියන රාමුවක් තුල ඒ සීමාවන් තුල අපට රැකවරණය ලබා ගනීමට යොදාගන්නා දෙයක්. ඇත්තටම කෙනෙක් තව කෙනෙකුට ආදරේද නෑ ආදරේ කරන්නෙ තමන්ට. එහෙම තමන්ට ආදරේ කරනව කියන්නෙ තමන්ගෙ මමත්වයට තිබෙන කැමැත්ත. මේ මමත්වයත් බාහිර ගොඩ නැගීමක්. මනස කියන ප්‍රපංචය ගොඩ නැගීමෙදි මම කියන කේන්ද්‍රය නිර්මාණය වෙනව. මේ කේන්ද්‍රය සෙස්සන්ගෙන් වෙන්කරගන්නව. ඊට පස්සෙ සෙස්ස මේ කෙන්ද්‍රය තුලින් විනිශ්චය වෙනව. කේන්ද්‍රය තුලින් තමයි පරිධියෙ තිබෙන දේ තීරණය වෙන්නෙ.


අපේ සිතිවිලිවල සොභාවය තමයි සමාන සිතිවිලි සොයාගෙන දාම නිර්මාණය කිරීම.මේක අපට විශ්වය තුලිනුත් දකින්න පුළුවන් පොදු මූලධර්මයක්. මෙතන සමානය කියන්නෙ බාහිර සමානකම නෙමෙයි .යම් කිසිවක් අනිවාර්යයෙන්ම එහි පරස්පරය එක්ක සහසම්බන්ධයක් ගොඩ නැගෙනව.මේ දෙක අතර රේඛාවක් ඇන්දොත් එහි මධ්‍ය ලක්ෂය තමයි සොයා යන ඉලක්කය වෙන්නෙ.මේ කතා අපේ පසු ලිපිවල සොබාදහමෙ උදාහරනවලින් කතා කෙරෙනව.මෙතනට අදාල නිසා කෙටියෙන් කීවෙ.

අපේ මමත්වයට ආශා වෙන ගුණාංගවලටයි ඇත්තටම ආදරය කරන්නෙ. මේ ගුණාංග නියෝජනය කරන පුද්ගලයන්ට ආදරය කරනව වගෙ බාහිරට පේනව. හැබැයි පස්සෙ පුද්ගලයාට ආදරය කෙරෙනව. මෙහෙම වෙන්නෙ අන්තිමට මනස රැවටෙන නිසයි. ගුණාංග හා පුද්ගලයා අතර වෙනස කල් යාමෙදි මනසට හදුනාගන්න බැරි වෙනව. 

මුලදි  ආදරේ කරන්නෙ නිල් ඇස්වලට මිස නිල් ඇස් අයිතිකාරිට නෙමෙයි. දෙවනුව ඇස් නැතත් අයිතිකාරිට ආදරේ කරනව. එහෙම වෙන්නෙ මනස  අර කිව්ව විදියට හුරුවීම නිසා.

ගුණාංග නිසා බැදීමක් එනව වගේම අපි යමකට යම් කැපකිරීමක් කළොත් ඒ දේ ගැන බැදීමක් එනව.එහෙම වෙන්නෙ මනස යමකට වෙහෙස වුනොත් එහි පරස්පරය සිදුවීම නිසා.ඒ වෙහෙසට මනස ඇබ්බැහි වෙලාඑතනදි ඒ බැඳීම අපේ කැමැත්ත බවට පත් වෙනව. ඒ කියන්නෙ අපේ මමත්වය බාහිරින් යළිත් ගොඩනැංවීමක් කරල.අපි කැමති ගුණාංගය බාහිරින් ඉර්දේශ කරල. දැන් ඒක අපේ. ඒ කියන්නෙ අපේ මමත්වය බාහිර්න් වෙනස් කරල. මමත්වය කියන්නෙ බාහිරයෙ නිර්මාණයක්.සමස්තයෙන් මම වෙන් කරගන්න නිර්මාණයවෙන සංකල්පයක්.


මේ පසුබිම තුලයි ආදරය අර්ථ කතනය කරන්නෙ. එහෙම වෙනකොට නිරපේක්ෂ දෙයක් නෑ. ආදරයත් සාපේක්ෂයි. මෙතනදි ජීව විද්‍යාත්මක ආව්ශ්‍යතාවක් නිසා සොබාදහමෙන් දුන්න පෙළඹවී නිසා ලිංගික සහකරුවන් සොයායාමට තමන් කැමති ගුණාංග හිමිකරුවන්/කාරියන්ට ආශා කිරීමටම සීමාවෙන්නෙ නැතිව ආදරය ගැන පුළුල් විග්‍රහයක් කරනව.

සාපේක්ෂ ආදරයෙ දිග පළල තීරනය වෙන්නෙ එහි කොන්දේසි මත.  ආබාධිතව උපන් ළමයි මැරෙනකන් බලා ඉන්න අම්මල මම දැකල තියනව. පියා කියන සංකල්පය ඇතිවුනේ සමාජ විපරිනාමයෙ පසු කළෙක.  ඒ නිසයි අම්මා උදාහරනයකට දැම්මෙ.ස්ත්‍රී පුරුෂ ප්‍රේමය නම් තනිකරම ගිවිසුමක් .ඒ ගිවිසුම සකස් කරන්නෙ සොබා දහම විසින්. සොබාදහමෙ අවශ්‍යතාවන් නිසා අපට දෙන අල්ලස් තිබෙනව.එයින් එකක් තමයි ඒ. මේ අල්ලස පදනම් කරගෙන අපේ මන්ස නිර්මානයක් කරනව.ඒ ලෝකයෙ ඉන්නෙ අපේ ගුණාංගය අයිති කෙනා විතරයි.අපේ මනස අපේම නිර්මාණයක් එක්ක මෝහනය වෙනව. ගුණාංගය බාහිර ලෝකයෙ නිර්මාණයක් බව අපට අමතක වෙනව.

සාපේක්ෂ ආදරයෙන් මත්වීම තුල සැබෑ සැනසිල්ලක් නෑ. මේකත් අනෙක් මත්වීම් වගෙම තමයි. ලෝකය අපෙන් වියුක්තයි. ඒ වියුක්තබව අමතක කරල සාපේක්ෂ රාමු තුල ව්‍යාජ සහසම්බන්ධයන් ඇතිකර ගැනීම විසදුමක් නොවෙයි.සියල්ල මමත්වයෙන් වියුක්ත වන අතර අවසාන විග්‍රහයෙදි මමත්වයත් එයින් වියුක්තවෙනව. නාගර්ජුන ගෙ ශුන්‍යතා සංකල්පයට සාංඛ්‍යයන්ගෙ නත්ථිවාදයට ( එය මගෙ වචනයකි ) සමානයි මම කියපුව.

වියුක්තබව සත්‍ය වුනත් අපි සංයුක්තයන් නිර්මාණය කරගන්නව. මනුස්සයො විදියට ජීවත් වෙන්න ඒක අවශ්‍ය කරනව. වෙළදපොල ක්‍රමයටත් පැවැත්ම තියෙන්නෙ ඒ තුල.එහිදී අපට කළ යුතු ක්‍රියාකාරකම් නිර්දේශ කෙරෙනව. ඒව කළ යුතු වෙනව.  හැබැයි ඇති දෙයකුත් නෑ. මෙතන වෙන්නෙ අපට කිසිසේත්ම අනවශ්ය සංයුක්තයන් මාධ්‍ය විසින් නිර්මාණය කරල අපට බලෙන් පැටවීම.රූකඩ නැටුමක් නටන එක. දාර්ශනිකව සොබාදහම එක්ක ගැලපීම් කරල බිම් මට්ටමට එනකොට මෙතන වෙන්නෙ කීප දෙනෙකුට මුදල් හම්බකරගන්න මනස සකස් කිරීමක් විතරයි. සොබාදහමෙ අල්ලස්වලට රූකඩ නටමු හැබැයි තක්කඩියන්ගෙ රූකඩ නොවී ඉමු.

13 comments:

  1. යකා වැලන්ටයින් දවසත් ඒක්ක ගැඹුරට ම ගිහිල්ලා වගේ.... මහා බරපතන විග්‍රහහක්.. ඉතින් ඒකග නොවී කොහොමද?????? අන්තිමට හැම දෙයක් ම බොරුවක් තමයි මචං

    ReplyDelete
    Replies
    1. ඇත්තටම අපේ නොවන දේවල් අපේ කියල බදාගෙන ඉන්න නිසයි. දුක හැම දෙයක්ම පොඩ්ඩක් පැත්තකින් තියාගෙන විදින්න පුළුවන් නම් සතුටින් ඉන්න පුළුවන්. ඔතාගෙන කන්නෙ නැතුව.

      Delete
  2. පට්ට කතාව සහෝ ............

    ReplyDelete
  3. ආදරේට එක දවසක් කියලා නැහැ.ඒ නිසා මට අද විශේෂයෙන් මේකේ සමරන්න කියලා දෙයක් නැහැ.

    ReplyDelete
    Replies
    1. ඔවු මටත් එහෙමයි . හැම දේකටම දවස් වෙන්කරන්නෙ රූකඩ නටවන්න. වාසිය ජාවාරම්කාරයන්ට

      Delete
  4. අම්මෝ.... ගැඹුරු විග්‍රහයක්..

    //සොබාදහමෙ අල්ලස්වලට රූකඩ නටමු හැබැයි තක්කඩියන්ගෙ රූකඩ නොවී ඉමු.//
    එකඟයි...

    ReplyDelete
    Replies
    1. දවස් වෙන් කරගෙන ගොන් පාට් දාන අය හිතන්නෙ අපි ඒ අයගෙ රූකඩ කියල. නමුත් මීඩියා වලට ඕන හැටියට ජනතාව නටන්න ඕන නෑ .මීඩියා කියන්නෙ ජාවාරම්කාරයන්ගෙ කළු සල්ලි සුදුකරන වෙල්ලහැලියනෙ

      Delete
  5. උබ හිතන්නෙ උබ පොරක් කියලද.

    ReplyDelete
    Replies
    1. නැහැ . මම නමින් දන්නෙ එකම එක පොරයි. ඒ තමයි යුක්‍රේනයෙ ජනපති පෙට්‍රෝ පොර ශෙන්කෝ. මිනිහ නමින්ම ලෝකෙටම කියනව එයා පොරක් කියල. වෙන පොරක් ගැන අහල නෑ. ඔබ දන්නවානම් කියන්න. අපටත් දැනගන්න.

      Delete
  6. මං නම් අද වෙනකන් වැලන්ටයින් සමරල නැහැ.. ඉස්සරහටත් එහෙමම වේවි..

    යකාගේ ව්ග්‍රහය එක්ක එකඟයි.. අද හැබෑ ආදරය කියන දේ හැංගිලා ගිහින් මේ වගේ දේවල් වෙනුවෙන් දගලන පරිසරයක් තමයි ඇති වෙලා තියෙන්නේ..

    ReplyDelete
    Replies
    1. මෙතන ඇති ආදරයක් නෑ බොරු සෝබනේ මිස.කූට ව්‍යාපාරිකයන්ට මිස වෙන කාටවත් වැඩක් නෑ. ළමා මවුවරු බිහිකිරීම මිස වෙන දෙයක් නැහැ. දැන් කියයි තාත්ත දුවව දූෂණය කරන සමාජයක් නේද මේක කියල. එහෙම දෙයක් නෑ .ඔය වගෙ ඒව කෝටියට එකක් වගෙ තියනව. ඒවට මාධ්‍ය , බටහිර එන්ජීඕ වලින් ප්‍රචාරයක් දෙනව. ඒක උන්ගෙ බඩ රස්සාව.

      නමුත් මේ වගෙ විශේෂාංග හදුන්වල දුන්නහට පස්සෙ ඔය අපචාර වසංගත වුනා. ඉතින් ඇයි ආන්ඩු පියවර නොගත්තෙ කියල කෙනෙක් අසාවි. කොහොමද පියවර ගන්නෙ.ඒව ට නීති දැම්මොත් ඇමරිකාව සරම උස්සගෙන ගේමට එනවනෙ. ඇමරිකාව කැමති නැති ආන්ඩු පෙරලනවනෙ. ඉතින් හැමෝටම තියෙන්නෙ කරබාගෙන තමන්ගෙ වැඩක් බලාගෙන ඉන්න තමයි.

      වෙනිසියුලාවෙ ජනාධිපති කියල තිබුනෙ ඇමරිකාව පිටුපස සිටි හමුදා කුමන්ත්‍රනයක් මැඩලුවා කියල.

      Delete