Tuesday, February 10, 2015

අරවින්ද් කෙජ්රිවාල් - දෙවැනියෙකුගේ අවශ්‍යතාවය

අරවින්ද් කෙජ්රිවාල්
අරවින්ද් කෙජ්රිවාල් දිල්ලි ප්‍රාන්ත මැතිවරණයෙන් විශිෂ්ට ජයක් ලබා ගෙන ඇත.ආසන 70 න් 67 ක්ම ජයගැනීම යනු ඇත්තෙන්ම විශිෂ්ට ජයග්‍රහණයකි.ඔහුගේ ප්‍රතිවාදියා ලෙස සිටියේ හිටපු පොලිස් කොමසාරිස් වරියක් වූ කිරාන් බ්‍රෙඩිය. ඇය රාජ්‍ය නොවන සංවිධානයක් පවත්වාගෙන යයි.
මෙහිදී ඉන්දියාවේ කොන්ග්‍රස් පක්ෂය අන්ත පරාජයක් ලබා ඇත.ඔවුන්ට එකද ආසනයක්වත් හිමි නොවීය.බී ජේ පීය ආසන තුනක් ජයගත්තද නරේන්ඩ්‍ර මෝඩි අගමැති දූරයට පත්වී  සුළු කලෙකින් පැවති මෙම මැතිවරණයෙන් ඔහුගේ ජනප්‍රියත්වය උරගා බැලීමක් සිදුවූ බව විචාරකයෝ පවසති.

ඉන්දියාවේ නිදහසින් පසු ප්‍රබලම පක්ෂය ලෙස පැවතියේ කොන්ග්‍රස් පක්ෂයයි.පසු කලෙක භාරතීය ජනතා පක්ෂය එහි අනෙකා බවට පත්වීමෙන් පසු ඉන්දියාවේ ද්විපක්ෂ ක්‍රමය ශක්තිමත් විය.බී ජේ පීය එරට ජාතික මතය නියෝජනය කරයි.බී ජේ පීයේ සාර්ථකත්වයෙන් පසු වමේ බලය තුන් වැනි හතරවැනි තැන්වලට පසුබැස ඇත.

අතල් බිජ්හාරි වජ්පායි අගමැති ධූරයට පත්වූ 1998 දී මෙන් නොව නරේන්ද්‍ර මෝඩි 2014 දී අගමැති වන විට බී ජේ පීය ගැන ඉන්දියානු උගත් සමාජය තුල විචිකිච්ඡාවක් නොවීය.මුල් කාලයේ රාශ්ට්‍රීය ස්වයන් සේවක් වැනි සංවිධාන සේම අන්තවාදී ආස්ථානවල සිටියද 2014 වන විට මුස්ලිම්වරුන්ගේ පවා සහාය ලබන මට්ටමට පරිණාමය විය.බාබරි මස්ජිද් පල්ලිය බිදදැමීම මුල් කාලයේ ඔවුන් ක්‍රියාකාරීව කටයුතු කළද අතල් බිහාරි වජ්පායි හෝ මෝඩි බලයට පත්වූ පසු මධ්‍යස්ථ ව කටයුතු කර ඇත.

හින්දුත්වා සංකල්පය මත ගොඩ නැගුන බී ජේ පී වැනි පක්ෂවලට වඩා සුළුජාතීන්ගේ සහාය ලැබුනේ කොන්ග්‍රසයටය. ඉන්දියාවේ ප්‍රථම අගමැති වූ පන්ඩිත් ජවහර්ලාල් නේරු ,ඉන්දිරා ගාන්දි,රාජ්‍යව් ගාන්දි හා දැනට ඔහුගේ වැන්දඹු බිරිද වන සෝනියා ගාන්දි හා පුත් රාහුල් ගාන්දි වශයෙන් කොන්ග්‍රසය ගාන්දි පවුලේ පුද්ගලික දේපළක් වී ඇත.

එහෙත් බී ජේපියට හෝ කොන්ග්‍රසයට ඉන්දියාව පුරාම බලයක් නැත.ප්‍රාදේශීය පක්ෂ සමඟ සභාග ආණ්ඩු පිහිටවීමේ ඉතිහාසයක් ඇත.එසේ නොවන අවස්ථාද ඇත.ඉන්දිරාගේ මරණින් පසු ඉක්බිතිවම පැවති මැතිවරණයේදී රාජ්‍යව්  ද පසුගිය මැතිවරණයේදී මෝඩිද තනිව ආණ්ඩු පිහිටවීමේ බලයක් ලබා ගත්හ.


කෙජ්‍රිවාල්ගේ යනු හිටපු ආදායම් නිළධාරියෙකි.ඔහු පසුව ආමි ආද්මි පක්ෂය පිහුටුවා ගත්තේය.මෙය ඉන්දියාවේ උගත් මධ්‍යම පාන්තිකයන් අතර ජනප්‍රිය විය.දිල්ලිය යනු ඉන්දියාවේ ප්‍රබුද්ධම ප්‍රදේශයකි.මෙහි ආමි ආද්මි පක්ෂයට සරු තෝතැන්නක් විය.
 එහෙත්  දිල්ලිය යනු සමස්ත ඉන්දියාව නොවේ. ඉන්දියාවේ සෙසු ප්‍රදේශවල ජනයා දේශපාලනඥයන් වෙනුවෙන් දේවාල තනමින් ඔවුන් වෙනුවෙන් සිරුරට ගිනි තබා ගනිමින් නානා විප්‍රකාරවල යෙදෙති.දේශපාලනඥයන් මතු නොව ක්‍රිකට් ක්‍රීඩකයන් වෙනුවෙන්ද දේවාල සාදා බාර හාරවන ඉන්දියාව අපූරු රටකි.එහි එක පැත්තක  අවිද්‍යාලෝකය පතුරවමින්  විභූති මවන සාමිවරුය .තව පැත්තක අගහරු වෙත යානා යවන , කිලෝමීටර් 5000 ක් තරම් දුරට න්‍යෂ්ඨික මිසයිල ,න්‍යෂ්ඨික සබ්මැරීන සාදන විද්‍යාලෝකයයි.

ඉන්දියානු භූමියෙන් තුනෙන් එකක් පාලනය කරන්නේයයි කියන මාවෝවාදීන් හැරුනවිට ප්‍රජාතාන්ත්‍රික ලෝකයේ තුන්වැන්නෙක් නොව දෙවැන්නෙක් වීමට ආමි ආද්මි වැනි පක්ෂයකට බැරි නැතැයි සිතෙන්නේ මතකදී  නම් චිත්‍රපටය ජනප්‍රිය වූ සැටි දකින විටය. ආගමික මිත්‍යාවන් සරදමට ලක් කරන මෙම චිත්‍රපටය ඉන්දියානු උගත් තරුණ ප්‍රජාව අතර ජනප්‍රිය විය.එය සුබ ලකුණකි.ඉන්දියානු මුග්ධත්වය සංස්කෘතිකමය වශයෙන් ආරෝපනය කරනු ලැබූවක් මිසා ජානමය දෙයක් නොවේ.අලුත් පරම්පරාව වෙනසකට සූදානම්ය


අපටද දෙවැන්නෙක් අවශ්‍යය.ඒ සඳහා රික්තයක්ද ඇත.මෙම පෝස්ටුවේ වැඩි අවධානය ආමි ආද්මි පක්ෂයේ දූෂන විරෝධයට වඩා එය බී ජේපීයට හා කොන්ග්‍රසයට අභියෝගයක් වූ සැටි ගැන කතා කිරීමයි.අපේ දේශපාලනයේද මෙවැනි උත්සාහයන් තිබිණි.මෑත යුගයේ රාජාලියා පක්ෂය හා ජවිපෙ මේ ඉලක්කයට ආසන්න විය.

මේ සඳහා ඇති බාධක මොනවාද .ඇත්තෙන්ම සම්ප්‍රදායිකවම එක් පක්ෂයකට ඡන්දය දීමට පුරුදු වී සිටින අවාසනාවන්ත ජනතාව ප්‍රධාන බාධාවයි.අපේ රටේ ලේ කොළපාට ජනතාව එක්සත් ජාතික පක්ෂයට ඡන්දය දෙති. ලේ නිල් පාට ජනතාව ඡන්දය දෙන්නේ ශ්‍රීලනිපයටයි.තම පක්ෂය කරන කවරක් නමුත් පාක්ෂිකයාට හරිය.මේ හේතුව නිසා සර්වජන බලය විහිළුව්ක් වේ.ඇත්තෙන්ම මෙසේ පක්ෂවලට සින්න වී තිබෙන්නේ ප්ක්ෂයකින් සිදුවූ පුද්ගලික උදව්වකි,නැත්නම් සතුරුකමකි.මේ අයට පක්ෂය යනු ආගම වැනි දෙමවුපියන්ගෙන් උරුමවන දෙයක් මිස තම ප්‍රජාතාන්ත්‍රික අයිතීන් ප්‍රකාශකිරීමේ මෙවලමක් නොවේ.මේ නිසා කෙනෙක් සම්ප්‍රදායික පක්ෂයෙන් කඩන එක ඉතා අමාරුය.එජාපය වැනි පක්ෂයක සාමාජිකයෙකුගේ තත්වය වඩා අසාධ්‍ය විය හැක.ඊට හේතුව ඔවුන්ගේ ලකුණ කිසිදා වෙනස් නොවී තිබීමය.ඔවුන්ට ඡන්ද පත්‍රිකාවේ අලියාට කතිරය ගැසීම යම් ගූඪ පූජනීය දෙයක් විය හැක.එසේ නොකළැහොත් පවු සිදුවන නිසා කළ යුතු අභිචාර විධියක් වැන්න.අලියා ඔවුන්ට පූජා තෝටමයක් වී ඇත.

පාක්ශිකයා තුල කවර ස්වාභාවයක් තිබුනද සාපේක්ෂව එජාපය හා ජවිපෙ ප්‍රගතිශීලී නූතන දේශපාලන පක්ෂ වේ.ජවිපෙ,ෆොන්සේකාගේ පක්ෂය,පෙරටුගාමී පක්ෂය,ජාතික නිදහස් පෙරමුණ,හෙළ උරුමය වැනි පක්ෂවලට ඡන්දය දෙන ජනතාවද ප්‍රගතිශීලී බුද්ධිමත් පිරිසක් ලෙස සැලකිය හැක.මන්ද ඔවුන් උරුමයට නොව විචාරයට මුල්තැන දී වෙනස් වන පුරවැසියන් බැවිනි.

ආමි ආද්මි වැනි පක්ෂයක් අපට අවශ්‍යය.උගත් මධ්‍යම පාන්තිකයන් නියෝජනය කරන එවැනි පක්ෂය අඩුව දැනේ.වෘත්තිකයන්,සිවිල් ක්‍රියාකාරීන්,ආගමික නායකයන් දූෂන විරෝධී පදනමක සිට සංවිධානය වී එවැනි බලවේගයක් ගොඩ නැංවීමට කාලය එළඹ තිබේ.

12 comments:

  1. යහපාලන පොර ටෝක් දෙන මෝඩි තෙවන බලවේගයට පරාද විය....

    ඉන්දියානු අතපෙවීමකින් අහම්බයෙන් පොරක් වූ අපේ යහපාලන ගොය්යියා ද "ම එ පෙ" තුන්වන බලවේගයට පරාද වෙයි ද?

    ReplyDelete
    Replies
    1. තුනක් නම් නොවෙයි දෙකක් ගැනයි කතා කලේ. තුන්වැනි හතරවැනි බලවේග නම් දැනටත් තිබෙනවානෙ. ජවිපෙ නැත්නම් ෆොන්සේක පාටි එක තමයි තුන.
      එහෙම නොවෙයි අපට ඕන දෙවන බලවේගයක්. ඊලඟ පාර ආණ්ඩු හදන්න පුළුවන් එකක්.
      උගතුන් ,බුද්ධිමතුන්,ආගමික නායකයන්,ව්‍යාපාරිකයන්,විවිධ ක්‍රියාකාරීන් වගෙ අය එකතුවෙලා නැවුම් බලවේගයක් හදන්න ඕන.අනික තමා පිරිසිදු පුද්ගලයන් ගෙන් සමන්විත වෙන්න ඕන.ජාතික සංකේතයක් ලෙස පිළිගන්න පුළුවන් කෙනෙක් (මහින්දම කියල නෑ ) නායකත්වය අරන් බලවේගය මෙහෙයවන්න ඕන
      අර්වින්ද් ට දීල තිබෙන බලය බලන්න 67/70. මීට මාස කිහිපයකට පෙර මෝඩි දිනවපු ජනතාව එහෙම බලයක් දුන්නෙ

      Delete
    2. //උගතුන් ,බුද්ධිමතුන්,ආගමික නායකයන්,ව්‍යාපාරිකයන්,විවිධ ක්‍රියාකාරීන් වගෙ අය එකතුවෙලා නැවුම් බලවේගයක් හදන්න ඕන.//

      //අනික තමා පිරිසිදු පුද්ගලයන් ගෙන් සමන්විත වෙන්න ඕන//

      පිරිසිදු කමත් සාපේක්ශයි...

      සිරි ලංකාවෙ උගතුන් ,බුද්ධිමතුන්,ආගමික නායකයන්,ව්‍යාපාරිකයන්,විවිධ ක්‍රියාකාරීන් සීයට සීයක් කවදාවත් පිරිසිදු ව හිටියේ නැහැ...

      සාපේක්ශව ගත්තොත් මේ රටේ සාමාන්ය නූගත්, දුගී ජනතාව උගතුන් ,බුද්ධිමතුන්,ආගමික නායකයන්,ව්‍යාපාරිකයන්,විවිධ ක්‍රියාකාරීන් ට වඩා බොහොම පිරිසිදුයි....

      හැබයි ඒ ගොල්ල අර කපටි අපිරිසිදු කස්ටිය ව විස්වාස කරල චන්දෙ දෙනව...

      Delete
    3. මම උත්සාහ කරන්නෙ මේ ප්‍රශ්නෙට විසදුමක් ගේන්න සංවාදෙකට මුළ පුරන්නයි.සියළුම දෙනා දේශපාලන සමානාත්මතාව භුක්ති විදින සමාජයක මේ ප්‍රශ්න නැහැ.මේ මැතිවරණ ක්‍රම තුල පුරවැසි විඥානය ඇතිවෙන්නෙ නැහැ.ඒ වෙනුවට පුද්ගල වන්දනාව

      හැබයි ඒ ගොල්ල අර කපටි අපිරිසිදු කස්ටිය ව විස්වාස කරල චන්දෙ දෙනව.//
      වෙන විකල්පයක් නෑ. මේ පක්ශ ක්‍රමය වෙනස් කරන්න ඕන

      Delete
  2. ම.ම එක්ක එකඟයි,අපේ රටේ බහු පක්ෂ ක්‍රමයක් තිබ්බත් ප්‍රධාන පක්‍ෂ දෙකෙන් පිට තවත් පක්‍ෂයකට ආණ්ඩු පිහිටුවන්න තරම් අවස්ථාවක් අපේ ජන්ද දායකයින්ගෙන් ලැබෙන්නේ නැහැ.තුන්වෙනි බලවේගය පුළුල් අරමුණු සහිත සිවිල් බලයක් සහිත පෙරමුණක් විය යුතුයි.

    ReplyDelete
    Replies
    1. ඊනියා ප්‍රධාන පක්ෂ දෙක කියන්නෙ කිසිම තේරුමක් නැති බෙදීමක්.පොල් කෝම්බ වගෙ ටිකක් පාවෙලා එනවා.ලැයිස්තුවෙ අංක එකට එන්නෙ කුඩුකාරයො.මහින්ද මේක විගඩමක් කෙරුව.ගූගල් සෙක්ස් සර්ච් කරල අංක එකට ආවට පස්සෙ බඩු ටිකක් දැම්ම.උන් පරද්දල ජනතාව පෙන්වල දුන්න තමන් එච්චරම පහත් තත්වයට වැටිල නැති බව.
      කිසිම හරි දෙයක් කරන්න බැරි මේ ප්‍රධාන පක්ෂ දෙකට සීමාවෙලා නිසා.නමුත් මේ තත්වය වෙනස් කරන්න බැරි නෑ. අපටත් වඩා සම්ප්‍රදායික දිල්ලි වැසියන් ප්‍රධාන දෙකම පස්සට දාල විකල්පයක් හොයාගත්තනම් අපට බැරි ඇයි.

      අපේ ප්‍රධාන පක්ෂ දෙකනම් ලේ නෑකම් තියන ප්‍රභූ පවුල් දෙකතුනකට සීමා වෙලා. 1947 ඉදල බැලුවත් බෝතලේ වලව්වෙන් මැදමුලන වලව්වට බලය ගිය එකයි වුනේ.විජේවර්ධන වලව්ව සහ හොරගොල්ල වලව්ව ජයගත් එකයි ජනවාරි 8 වෙනිද වුනේ.

      ඔබ කියන බලවේගයකට අවශ්‍ය පසුබිම දැන් තියනව.බුකියෙ කොමෙන්ට් බලපුවමත් හරි දේට හරි කියන වැරදි දේට වැරදි කියන පරම්පරාවක් නිර්මාණය වෙන බව පේනව.පුළුල් අරමුණු සහිත සිවිල් බලයක් සහිත පෙරමුණක් හදන එක අමාරු නැහැ.එම පෙරමුණ නිර්ප්‍රභූ එකක් විය යුතුයි.නිර්ප්‍රභූ විඥානයක් ගොඩනගන්න ඕන.සාමාන්‍ය මිනිසුන්ට පුළුවන් වෙන්න ඕන ප්‍රභූන්ට අඩගහල කියන්න " ඕගොල්ල මෙච්චරකල් කලානෙ දැන් මහන්සිත් නැතෑ පොඩ්ඩක් ඉන්න අපිත් ට්‍රයි කරල බලන්න කියල ".

      කවුරු හරි ස්ටාර්ට් කරන්න ඕන. ඊට පස්සෙ රැල්ලක් හැදෙයි.සියල්ල උඩුයටිකුරු වෙයි. නැතිව හැමදාම ප්‍රභූවරුම හැමදාම පත් කරල හරි යන්නෙ නැහැ. වලව්කාර ප්‍රභූවරු 1947 ඉදන්ම කළානෙ .ඔය මදෑ. නිර්ප්‍රභූ අයටත් චාන්ස් එකක් දෙන්න ඕන. වැඩ පුළුවන්ද බලන්න

      Delete
  3. එජාපය තනි පක්ෂයක් වශයෙන් වැඩිම මනාප ගන්නේ ඔය නිසයි. එයින් කියවෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදීව මේ රටේ බලය හිමිවියයුත්තේ එජාපයට බව නොවේ. වඩාත් නිවැරදි තීරණය බහුතරයම වියයුතු නොවේ.

    ReplyDelete
    Replies
    1. එජාපයට ඡන්දෙ දෙන අය අලියට හුරුවෙලා. මේක ඇබ්බැහියක්. ෆොන්සෙකල ,හෙල උරුමෙ අය එජාපයෙන් තරඟ කරන්න අකමැති ඒකයි.යූඇණ්පී අය තමන්ගෙ පක්ෂෙ අයට මිසක් වෙන අයට මනාප දෙන්නෙ නෑ.2004 දි ශ්‍රී ලංකා එකේ උනේ ඕකේ අනික් පැත්තනෙ.සමහර ශ්‍රී ලංකා අය මනාප තුනම ගැහුව ජේවීපී අයට,

      මේ පක්ශ ක්‍රමය වෙනස් වෙන්න ඕන.මේකෙන් ජනමතය විකෘති වෙනව

      Delete
  4. මාත් කැමතියි එකම එක වතාවක්වත් ජවිපේ බලයට එනවා බලන්න.. විපක්ශේ ඉදන් කියන කතා අනික් පක්ශ දෙකම බලයට ආවම වෙනස් වෙනවා අපි දැන් හැමදාම දැකලා තියෙනවනේ.. ජවිපෙත් එහෙම වෙයිද යමක් කරයිද කියලා බලන්න ආසයි..

    ReplyDelete
    Replies
    1. වැඩ විවේචනය කිරීමයි වැඩ කිරීමයි කියන්නෙ දෙකක්
      රාජ්‍ය ධනවාදය තුල පැරණි ජවිපෙ සාමාජිකයො හැසිරෙන හැටි දැක්කම ජවිපෙ ගැනත් සුදු චිත්‍රයක් මවා ගන්න බෑ. සමහරු ඔවුන් ගැන අධිතක්සේරුවක ඉන්නවනෙ.ඒකයි එහෙම කිව්වෙ

      එහෙම අධිතක්සේරු ඕන නෑ. ඒත් දැනට ඔවුන් කරන සේවය අන්තිම ඉහළයි.ඔවුන්ට රාජ්‍ය බලය ලැබිය යුතුයි. මම ප්‍රාර්ථනා කරනව අලුත් ව්‍යැවස්ථාව යටතෙ ජවිපෙ නායකයෙක් අගමැති වෙයි කියල

      Delete