Friday, January 23, 2015

රජ්ජුරුවෝ උඩයි උඩයි මිටි කොල්ලෝ බිමයි බිමයි

සවුදියේ අබ්දුල්ලා මහතා ( රජු ) අභාවප්‍රාප්ත වී ඇත.විධායක බලය පාවිච්චිකරන අතලොස්සක් වන රාජාණ්ඩු අතර සවුදියට ලැබෙන්නේ ප්‍රමුඛස්ථානයකි.එහි සියළුම උසස් තනතුරු දරන්නේ රජපවුලේ අයයි.බුද්ධිමය කටයුතු යුරෝපීයයන්ද ශ්‍රමික කටයුතු ආසියානුවන්ද කරන නිසා මෙහි අවුලක්ද නැත.

රජවරු ගැන මිනිසුන් තුල ඇති ගූඩ හැඟීම විද්‍යාත්මකව පැහැදිලි කරන්නේ කෙසේද යන්න මට ඇතිවූ ගැටළුවකි.මෙම රාජ හැඟීම එක් ජනවර්ගයකට සීමා වූවක් නොවේ.දියුණු නොදියුණු හැම රටකම මිනිසුන් රජවරුන්ට දක්වන බැතිය පුදුමාකාරය.

කෙසේ හෝ කාලයත් සමඟ රජවරු පසෙකට තල්ලු විය.රජවරුන්ට එල්ලවූ ප්‍රථම ප්‍රතිරෝධය එල්ලවුනේ පැරණි රෝමයෙනි.රාජාණ්ඩුව අහෝසි කර පුරවැසියන්ගේ නියෝජිතයන් දෙදෙනෙකුට මාරුවෙන් මාරුවට බලය පැවරුණි.එහෙත් වසර පන්සීයකට පමන පසු රෝම අධිරාජයන් බිහිවිය.නව ලෝකයේ රාජාණ්ඩුවාදයට එල්ල වූ ප්‍රථම ප්‍රහාරය වූවේ පළමුවැනි චාල්ස් රජුගේ හිස ගසා දැමීමයි.ඇත්තෙන්ම චාල්ස් රජු නෙළා ගත්තේ ඔහුට පෙර සිටි පළමුවැනි ජේම්ස් රජු වගා කළ අස්වැන්නයි.ජේම්ස් රජු දේවවරම්වාදියෙකු වූ අතර ඔහු රාජ බලය දෙවියන්වහන්සේගෙන් ආවක් සේ තර්ක කලේය.ඔහුට අනුව නරක පාලකායෙක් පහළ වූ පසු ජනතාවට කළ හැකි එකම දෙය උනන්දුවෙන් යාඥා කිරීමයි.මන්ද නරක රජු දෙවියන් විසින් එවා ඇත්තේ ජනතාවගේ නොමනා ක්‍රියා වලට දඩුවමක් ලෙසය.


පළමුවැනි චාල්ස්ගෙන් පසු ඔලිවර් ක්‍රොම්වෙල් කැරළිකාර රදලයන් නියෝජනය කරමින් බලයට පත්වුනද රාජාණ්ඩුවාදීහු යළි බලය අල්ලාගෙන දෙවන චාල්ස් යටතේ පාර්ලිමේන්තුව සමඟ සම්මුතිගතවූ රාජාණ්ඩුවක් නිර්මාණය කලහ.1649 දී පළමුවෙනි චාල්ස් ගේ හිස් ගසා දමන ලදී.ඊට සියවස් එකහමාරකට පසු  පසු ප්‍රංශ ජනයා  එංගලන්තයෙන් ආභාෂය ලත් ප්‍රංශ ජනයා සිය රජුවූ 16 වන ලුවී ගේ හිස ගසා දැමූහ.එහෙත් එංගලන්තයට වෙනස්ව ප්‍රංශය රජ පවුල හා රදලයන් සෝදා හැර සමාජය පවිත්‍ර කළහ.වැඩවසම් ගූ  ගොඩවල් ඉවත් කළ ප්‍රංශ ජිරොන්ඩිස්ට් හා ජැකොබින් විලවවාදීන්ට අපගේ ආචාරය වේවා.

 ජිරොන්ඩිස්ට් හා ජැකොබින් වරුන්ගේ කාලයේ ප්‍රංශයේ රදලයෙක් වීම මරණ දඩුවමට සුදුසුකමකකි.මෙසේ සමාජය පවිත්‍ර කළද එය අවසන් වුනේ යළිත් අධිරාජයෙක් බිහිවීමෙනි.ඒ නැපෝලියන්ය.නැපෝලියන් තමා අධිරාජයා යැයි ප්‍රකාශයට පත් කළේය.එය කෝර්සිකාවේ ලිපිකරුවකුගේ පුත්‍රයකුට හිමිවූ අරුම තත්වයකි.නැපෝලියගේ වැටීමෙන් පසු ඔහුගේ රාජාණ්ඩුවද අහෝසි විය.

ප්‍රංශය හැරුන විට රාජාණ්ඩුවට දැඩි ප්‍රතිරෝධයක් එල්ලවුනේ රුසියාවෙනි.සාර් රජපවුල සමූලඝාතනය කෙරුනි.ඇනස්ටාසියා නම් කුමරියක් පමණක් පණ බේරාගෙන පලා ගියාය.රදලයන්ද සමූලඝාතනය කෙරුනි.රුසියානු සමාජය පවිත්‍ර කිරීමේ මෙම උත්සාහයේදී රජවරුන්ගේ ස්මාරකද විනාශ කළ යුතු විය.අපූරු කතාවක් මට මතක් වෙයි.

කොමියුනිස්ට් ආණ්ඩුව සාර්ගේ මාලිගයක් විනාශ කිරීම භාර කලේ යෙල්ට්සින්ටය.මෙය විනාශ කල යුතුවුනේ එසේ නොකළානම් ජනතාව මෙය ශුද්ධ ස්ථනයක් ලෙස සළකා වන්දනාමාන කරනු ඇතැයි බියෙනි.කොමියුනිස්ට් වාදයටත් ජනතාවගේ මෙම පසුගාමී දේවල් මුලිනුපුටා දැමිය නොහැකි වී ඇති බව පෙනේ.

රාජාණ්ඩුවට එරෙහිව ප්‍රතිරෝධය දක්වූ ඊලඟ විශාල ජාතිය චීනයයි.සුන් යත් සෙන් ගේ ව්‍යාපාරය අවසන් වී ඔහු තතුරින් ඉවත්වූ පසු ඊලඟට බලයට පත් යුවන් ශිකායි තමන් චීන අධිරාජයා ලෙස ප්‍රකාශයට පත් කළේය.එහෙත් ඔහුට එය ස්ථාපිත කිරීමට කාලයක් නොවීය.චීනයේ කොමියුනිස්ට් වාදයද ශක්තිමත් වෙමින් පැවතුනි.


නැගෙනහිර යුරෝපයම සෝදා හැර පවිත්‍ර කිරීමට සෝවියට් සමාජවාදී රැල්ල සමත් විය.නවලෝකය ලෙස හැදින්වෙන ඇමරිකානු මහද්වීප දෙකෙහිද රජවරු නැත.බටහිර යුරෝපයේ හා ආසියාවේ නාමික රජවරු සිටිති.එහෙත් රාජ්‍ය පාලනයට සම්බන්ධවන රජවරු සිටින්නේ මැදපෙරදිග හා අප්‍රිකානු ගෝත්‍රවලය.

ලංකාවේ රජු වෙනුවට විදේශිකයන්ට දොර හැරියේ 1815 දීය.මට මතක් වන්නේ පැරණි රෝමයයි.පැරණි රෝමයේ ගර්විත ටාක්වින්ට එරෙහිව නැගී සිටි රෝමවරු ප්‍රකාශකළේ රජෙකුට එරෙහිව යක්ෂයාට වුව පුරයේ දොරටු හැරිය යුතු බවයි.ලංකාවේ රාජාණ්ඩුව ඉංග්‍රීසීන් මැදහත්වී අහෝසි කලේ අපේ වාසනාවටය.නැත්නම් රජෙක් කියා මිනිහෙක් කේක් ගෙඩියක් සේ වඩම්මන්නට අපට සිදුවෙයි.සියළු මිනිසුන් සමානය.වැද වැටීම් අයිති අතීතයටය.

රාජාණ්ඩු නිතරම අතීතකාමය,ජාතිවාදය හා ආගම්වාදය සමඟ සම්බන්ද වෙයි.මේ රජවරුන්ගේ සම්භවය කෙබදුද

මොවුහු අතීතයේ සිටි ගෝත්‍ර නායකයන්ය.මැරවරයන්ය.මුඩුක්කුවාසීන් ඔවුන්ගේ පාතාලයන්ට දක්වන සැළකිල්ල වැන්නක් අතීත අනාරක්ෂිත ගෝත්‍රික ජනයා ඔවුන්ගේ මැර නායකයන් (රජුන් ) ට දැක්වූහ.වර්තමාන රාජත්වය එහි දිගුවකි.

රජවරු හා ආගම අතර ඇත්තේ අපූරු සම්බන්ධයකි.ක්‍රි:පූ 800 දී ප්‍රංශ රජු ශුද්ධ රෝම අධිරාජයා ලෙස ඔටුණු පැළැදවුනි.ඉන් පසු යුරෝපයේ අන්ධකාර යුගය ඇරඹුනි.ආසියානු රටවලද රජු ආගමේ ආරක්ෂකයා ලෙස භූමිකාවක් රඟපායි.ඇත්තෙන්ම රජු යනු තම වහල් ජනයාගේ ශ්‍රමය මංකොල්ල කා එහි ක්‍රෙඩිට් එක ගත් නරුමයාය.ශ්‍රේෂ්ට රජවරු ලෙස අප ඉගෙන ගන්නා අය ඉතා නරුමයෝය.පළමුවැනි පරාක්‍රමබාහු ශ්‍රේෂ්ටයෙක් ලෙස කියැවේ.එහෙත් ඔහුගෙන් පසු බලයට පත් නිශ්ශංක මල්ලගේ සේවාවන් ලෙස අප ඉගෙන ගන්නේ පරාක්‍රමබාහු විසින් බන්ධනාගාර ගත කළ විශාල සෙනගක් නිදහස් කිරීමත් බදු බර අඩුකිරීමත්ය.පරාක්‍රමබාහු තමන්ට එරෙහිවෙතැයි සකකළ සියළු දෙනා මරා දැමූ නිසා රාජත්වයට උරුමකරුවෙකු සොයාගැනීමටද අපහසු විය.මේ එක් උදාහරණයක් පමනි.


සියළු දෙනාගේ මහන්සියේ ප්‍රතිපල එක මිනිහෙකුට දෙන්නේ ඇයිද යන්න කල්ප්නාකර බැලිය යුතුය.මෙම වැඩවසම් ෆොසිලය අහෝසි වනතුරු මිනිස් වර්ගයාට තන දියුණු ජීවියෙක්යැයි කිව නොහැක.

38 comments:

  1. රජවරු නාමික වශයෙන් නොව කෙලින්ම රාජ්‍ය පාලනයේ ප්‍රධානියා වුණාම ඔහු කාලානුරූපව වෙනස් නොවීම (සිහසුන හැර නොයාම) නිසාත් අසීමිත බලයෙන් අන්ධ වීම නිසාත් ජනතාවට එපා වෙලා තමා අර කීව කැරලි ඇතිවුණේ. කොයි රජාටත් හොඳ පාඩම්.

    ඔය කාඩ් පැක්වල හාරත හේරා විදිහට ඉන්නෙ ප්‍රංශයේ චාල්ස් රජු බවයි කියන්නෙ. (ඉස්කෝප්ප - ජුදාහි ඩේවිඩ්, රුවිත - ජුලියස් සීසර්, කළාබර - මහා ඇලෙක්සැන්ඩර්)

    ReplyDelete
    Replies
    1. ඔයාගෙ කොමෙන්ට් එකෙන් මට තව දෙයක් මතක් වුනා.ඒ ඩේවිඩ් කියන නම දැකල. ජූදා හි ඩේවිඩ් ගෙන් රජවරුන්ගෙ සම්භවය ගැන අපූරු කතාවක් මතක් වුනා.බයිබලයෙ එනව මේ කතාව.ඩේවිඩ් ගෙ තාත්ත යෙස්සේ නම් කුඩා ගොපල්ලෙක්.ඩේවිඩ්ගෙ වීරක්‍රියා නිසා ඔහුට ඊශ්‍රායලයෙ රජකම ලබාගත හැකි වුනා.සමාජයෙ සිටි එකම දක්ෂය ඩේවිඩ් නොවෙයි නමුත් ඔහු රජවුනාට පසු සාමාන්‍ය සමාජයෙන් දක්ෂයන්ට ඉහළට එන්න බැරිවුනා.එහෙත් ඊට පසු උප්පැන්නය පමනක් එකම සුදුසුකම වුන විශාල පිරිසක් රජ වුනා.ඩේවිඩ්ට ඉහළට යන්න පුළුවන් වුනේ රජෙක් නොසිටි නිසා.රාජාන්ඩුව ආවට පස්සෙ ඩේවිඩ්ලට ලේ නෑ කම් නැති කාටවත් ඉහළට යන්න බැරිවුනා.සමාජය එකතැන පල්වුනා.

      ඩේවිඩ් නොවෙයි ඊශ්‍රායල්වරුන්ගෙ පළමු රජු.ඔහු සාවුල් නමැත්තෙක්.ඔහුත් රජවෙන්න ඉස්සර සාමාන්‍ය මිනිහෙක්.සමාජ ප්‍රගමනයෙ එක්තරා අවස්ථාවක තමයි රජවරු පහළ වෙන්නෙ.රජු කියන්නෙත් අපි වගේම සාමාන්‍ය මනුෂ්‍යයෙක් කියන එක අමතක කරල කිසියම් ගූඩ බවක් ආරෝපනය කරනව.ඒක අද කරන්න බෑ.මං චීනය හා ප්‍රංශය උදාහරනෙට අරන් පෙන්නුවෙ ඒකයි.

      කාඩ් කුට්ටමේ කතාව එහෙම වෙන්න ඇති .මං තව කතාවක් අහල තියනව අන්තිමට ඉතුරුවෙන්නෙ කාඩ් කුට්ටමේ රජවරු හා එංගලන්ත රජු විතරයි කියල.එලිසබෙත් වින්ඩ්සර් මහත්මියගෙ කට්ටිය නම් තව සෑහෙන කාලයක් ජාම බේරගෙන ඉදියි.

      Delete
    2. ඔව්... ඩේවිඩ් තමා දෙවන රජු. යේසුස් වහන්සේ පැවත එන්නෙත් ඔහුගෙන් බවට විශ්වාසයක් තියෙනවා. අනික ඉස්ලාම් භක්තිකයොත් ඩේවිඩ්ව අදහනවා.
      ආයි ඉතිං... රජකම කියන්නෙ එක්තරා ආකාරෙක තනතුරක් පමණයි. පිරිමි 5 දෙනෙක් ඉන්න ප්‍රදේශයක් ගම්මු. ඒ පස්දෙනාගෙ රංචුවෙ නායකයෙක් ඉන්නවා. (ඔය සත්තුන්ටත් ඉන්නෙ). එයාගෙන් පැවත එන අයට නායක කම දිගටම ලැබෙනවා. තනතුර නිසා ලැබෙන ලාභ ප්‍රයෝජන වලින් ධනය බලපුලුවන්කාර කම ඇතිකරගෙන ‘රජෙක්‘ වගේ සැප විඳිනවා. ඕක තමා මගෙ හිතේ ඔය රජකම් පටන්ගත්ත ක්‍රමය. ඇත්තටම අරූඪ කරගත් දේ හැර වෙන කිසිම වෙනසක් නෑ... සාමාන්‍ය මනුස්සයෙක්ම තමා.
      ‘එයාල‘ කෙසේවෙතත් මහත්මිය නම් සම්මෙට ඔටුන්න අතාරින්නෑ. හෙම්බිරිස්සාවකටවත් ඉස්පිරිතාලෙකට නොගිය එකේ... අදියි මයෙ හිතේ 120 ටත් වඩා. අනික් සෙට් එක ජපානෙ. (දෙවන ලෝක යුද්දෙ කාලෙ පුදුමයි රුසියාවෙ, චීනෙ වගේ ඉරණමක් අත් නොවුනා). මොනවා වුනත් දැන්නම් මේ කිසිම රටක (අරාබි රටවල් හැර) මං දකින්නෑ ඔවුන් රාජ්‍ය පාලනයට ප්‍රබල මැදිහත්වීමක්.

      Delete
    3. ඩේවිඩ් කියන්නේ ගොලියොත් යෝධයා කැටපෝලෙකින් විදල මරපු පොඩි එකා නේද? බයිබලයේ ඔය කතා ටික ඇතුලත් ලස්සන චිත්‍ර කතා පොතක් ගොඩාක් කාලෙකට කළින් අපේ ගෙදර තිබ්බා.. හරිම රසවත්.

      Delete
    4. //ඩේවිඩ් කියන්නේ ගොලියොත් යෝධයා කැටපෝලෙකින් විදල මරපු පොඩි එකා නේද?//
      ඔව් එයා තමයි.

      Delete
    5. එයා තමා.
      මේ .gif එක ඕනිවෙයි presentation කරන කෙනෙකුට.
      http://max.images.free.fr/album/personnage/slides/david_goliath_victory_lg_nwm.html
      ලිපියට අදාල නැතත් අවශ්‍ය කෙනෙකුගේ ප්‍රයෝජනයට දැම්මෙ. සමාවෙන්න යකා මහත්තයා

      Delete
    6. අනේ අනේ මදාවියෝ උඹලට ඕන දෙයක් දාගනිල්ල තමන්ගෙ එක කියල හිතාගෙන.
      බ්ලොග් එක ඕනෙ එකෙකුට ඕපන් බන්
      අනික මං මහත්තැන් කෙනෙකුත් නෙමේ බං

      Delete
    7. ඔය ඩේවිඩ් පහුගියදාක ලංකාවෙ සංගීතයක් බලන්න ඇවිත් හිටියෙ. අර මතකද දුන්න නිළියකට නාහෙ මැදටම.

      Delete
    8. ඒ ඩේවිඩ් හැර වෙන ඩේවිඩ් ලා සිටීද?

      ඉන්දික: මරු කොමෙන්ටුව

      Delete
  2. //නැත්නම් රජෙක් කියා මිනිහෙක් කේක් ගෙඩියක් සේ වඩම්මන්නට අපට සිදුවෙයි// පහුගිය අවුරුදු පහ හයක් අපි එහෙම වැඩැම්මුවා නේද යකා මචං? හෙක් හෙක්..

    පට්ට ඉන්ටරෙස්ටින් කතාවක් ඒ වගේම ඉන්ටරෙස්ටින් විදියට ලියල තියෙනවා.. මෙහෙම ලිපි කියවනවනම් ජාලේ රැඳිල ඉන්න වෙලාව අපතේ යන්නේ නෑ.. ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. ඇගයීමට බොහොම ස්තුතියි.
      ඇත්තටම ඉංග්‍රීසීන් එසේ නොකළා නම් මේ මායාවෙන් මිදෙන්න අපේ සමහරෙකුට අමාරු වෙන්න තිබුනා.ඉංග්‍රීසීන් කළේ අපට ආදරේට නොවන බව වෙනම කතාවක්.

      රජා ගෙ නම ගියාට ඌ කරල තියන එකම වැඩේ බඩු ගහපු එක.උගෙ ෆැන්ටසි වලට හරියන්න වයිවාරන්න ගෑනු හත් අට සීයක් ගාල් කරල තිබුන.හැම එකෙක් ලඟටම නොගියත් පෝලිමට තියල ,එකට නාල ජල ක්‍රීඩා කරල ,නටවල සෙල්ලම් කරන්න ඇති. උන්ගෙ හැමතැනක්ම තලල මිරිකල ආතල් ගන්න ඇති.අලුත්ම සුපිරිම ඒව මාළිගයට යන නිසා ඉස්සරවෙලාම පෙට්ටිය කඩන්නෙ රජා වෙන්න ඇති.පස්සෙ රදලයො.ධූරාවලියෙ යටට යනකම් බඩු ගැසීමේ අනුපිලිවෙලක් තිබුන.අන්තිමට කෙල්ලො වවුල් හප වෙලා ගංගොඩට විසිවුනා.

      දාඩිය මුගුරු දාගෙන ශ්‍රමය කැපකරල වැව් අමුණු හැදුවෙ ජනතාව.පොඩ්ඩ බැරිවුනොත් රජාගෙන් මැරුම් කෑවෙ ජනතාව.රජා සුමදුර සංගීතෙ අසමින් රස කෑම කමින් එක බඩුවක් ගහල අනික් බඩුවට මාරුවෙන්න ඉස්සර ඉන්ටවල් එකට ඕනනම් සී මැදුරු කවුලුවෙන් බලන්න ඇති මිනිස්සු ( වහල්ලු ) වැඩකරන හැටි.

      අඩුගානෙ ටීම් වර්ක් එකක්වත් නෙමෙයි.නමුත් ක්‍රෙඩිට් එක තනිකරම රජාට.

      කලිකාල සාහිත්‍ය සර්වඥ පණ්ඩිත දෙවන පරාක්‍රමබාහු රජතුමා පොතක් ලියන්න ඉස්සර ඒ ගැන හැදින්වීමක් කරන්න ගත්ත උපමාවක් දන්නවද.මම දැන් මෙය සාරාංශගතව කියන්නම් පස්සෙ විස්තර සහිතව කියන්නම් කියල කියන්න ගත්ත උපමාව මේකයි.

      මම පොඩි පියයුරු සේ කෙටියෙන් ලියා පසුව ලොකු පියයුරු සේ විස්තර සහිතව දක්වමි කියල.රජා උපමාවට ගත්තෙ ඌ නිතර දකින දේනෙ.උගෙ ලෝකෙ එතන.සාමාන්‍ය කෙනෙක් උපමාවට ගන්නෙ පරිසරයෙ එයා දකින දෙයක්.රජාට වෙන උපමාවක් තිබිලා නෑ.බලමුකො ඒකෙත් හැටි.
      රජාගෙ නම ගියාට ඕව ලියන්න ඇත්තෙත් වහලෙක් වෙන්න ඇති.

      Delete
    2. දාගැබ් මහා වැව් බැන්දේ ඩෝල්ටන්
      සීගිරි ගලේ කවි ලීවේ ඩෝල්ටන්
      පෑනෙන් එදා රජ කෙරුවේ ඩෝල්ටන්
      පැදුරේ මෙදා නිදියන්නේ ඩෝල්ටන්

      Delete
    3. //.සාමාන්‍ය කෙනෙක් උපමාවට ගන්නෙ පරිසරයෙ එයා දකින දෙයක්// suddo nathinam api thama owa (topless ganu) dakinawa, adath samahra latin american and aprian gothra wala udu kaya niruwathin ganu innawa wage.

      Delete
  3. මහින්දත් නායකයෙක් නොවී "රජෙක්"වෙන්න ගියායින් තමයි වැඩේ වරද්දා ගත්තේ.ප්‍රශස්ති වලට රැවටිලා රජෙක් වෙන්න උත්සහා නොකර නායකයෙක් වෙන්න මහින්දට බැරි වුණා.

    අතීතයේ තිබ්බ "රාජාණ්ඩු"සංකල්පයට වඩා දැන් ලෝකයේ තියෙන මේ ප්‍රජාතන්තවාදී ක්‍රමය දස දහස් ගුණයකින් හොඳයි.

    ReplyDelete
    Replies
    1. අර නිකම් කීමට කිව්වට මහින්දට නම් රජවෙන්න බෑ.යුද්දෙ දිනපු අලුත ගෞරවයට ආදරේට නිකමට වගෙ රජෙක් වගෙ කියල කිව්වට ඒක පහු පහුවෙනකොට සිරාවටම ගත්තද මන්ද
      අන්තිමට ඒ මායාවට ඔහුත් අසු වුනා.
      රජ පිස්සුව රට පාලනය කරපු හැමෝටම අඩුවැඩි වශයෙන් තිබුන.ඒකට හේතුව අපේ සමාජය ප්‍රජාතාන්ත්‍රික පරිණාමයකට ලක් නොවීම.ගහෙන් ගෙඩිය වැටුන වගෙනෙ සර්වජන ඡන්ද බලය ලැබුනෙ.
      රාජාණ්ඩුව කියන්නෙ වර්තමානයට නම් විකාරයක්.

      ඇත්තටම බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය යටතෙ ජීවත් වෙනව කියන්නෙ අපි හරිම වාසනාවන්තයො කියන එක.රාජන්ඩු,හමුදා ආන්ඩු කිසිවක් තිබුනෙ නැති කලාපයේ වාසනාවන්ත ජාතියක් අපි.
      දේශපාලන පරිණාමය ගැන ජනතාව දැනුවත් වෙන්න ඕන.1971 හෝ 1989 දි ජවිපෙ බලය ඇල්ලුවනම් ඒත් රජෙක් සමාන ඒකාධිපතියෙක් සහ කීප දෙනෙකුගෙ කල්ලියක ආණ්ඩුවක් එන්නෙ.අපි බඩ ගැන හිතල නිදහස පාවා දුන්නෙ නෑ.ඒ අපේ නිදහස උස් නිදහසක් වූ නිසා.

      1962 හමුදා කුමන්ත්‍රනය පරාජය කිරීමත් අපේ ජයක්.
      අප අද විදින නිදහස බන්දේසියක තියල දුන්න එකක් නොවෙයි.
      ඒ වගේම ඊට තියන තර්ජනත් අමතක කරන්න හොඳ නෑ.ලොව පුරාම ජනතාව කැපවීමෙන් රජවරු,හමුදා ලොක්කො,මාක්ස්වාදී තනි පක්ෂ ආන්ඩු එක්ක සටන් කරල ලබා ගත්ත ජයක්. ඒ සටන් වලදි දිවි පිදූ වීරයන්ට අපේ ගෞරවය හිමිවෙන්න ඕන.

      මගෙ මතකයට එන මෑත කාලයෙ එහෙම වීරයො දෙන්නෙක් තමයි චෙකොස්ලොවැකියාවෙ වැක්ලාව් හැවල් හා පෝලන්තයෙ ලෙක් වැලෙන්සා,මියන්මාරෙ අවුන් සාං සුකි වගෙ අය.

      1215 මැග්නාකාර්ටා සම්මුතිය අස්සන් කල කාලෙ නැත්නම් ඊටත් පෙර ගර්විත ටාක්වින්ලට එරෙහිව සටන් කළ රෝම කුලීනයන්ගෙ කාලෙ ඉදන් අද වෙනකම්ම කරපු කරන සටන්වල ප්‍රතිපලයි අපි භුක්ති විදින්නෙ.කොමියුනිස්ට් තනි පක්ෂ ආණ්ඩුවට එරෙහිව තියනන්මෙන් චතුරශ්‍රයෙ සාමකාමී උද්ඝෝෂන වල නි‍යැලිලා යුධ ටැංකි තමන්ව යට කරගෙන යනකම් අභීතව සිටි චීන තරුණයන්,අරාබි වසන්තයෙදි දිවි පිදූවන් සදාකල් අපේ මතකයේ රැදිය යුතුයි.එහෙම නොවුනොත් මේ වටිනා මාණික්‍යය අප නොදැනුවත්වම අපෙන් ගිලිහේවි.මොකද නිකම් ලැබුන එකක් නිසා ප්‍රජාතන්ත්‍රවාදය අපට අගේ නෑ.

      ඒ වීරයන්ට අප සදා ණයගැතියි.

      Delete
    2. //.යුද්දෙ දිනපු අලුත ගෞරවයට ආදරේට නිකමට වගෙ රජෙක් වගෙ කියල කිව්වට ඒක පහු පහුවෙනකොට සිරාවටම ගත්තද මන්ද//

      පට්ටෙ හොඳම එක බං

      Delete
  4. කොමෙන්ට්ස් ටිකත් කියෙව්වයින් පස්සේ හිතෙන දේ තමයි සාමාන්‍ය ජනයා අතරින් එන එකා පිස්සු කෙලින්නේ හීනමානය නිසාය කියලා. ලංකිය ඉතිහාසය තුලත්, ඔය විදියට රජ උන අය වැඩිකල් හිටියේ නෑ. ඒ වගේම තමයි පොහොසත් උන අයත්. වැඩි පිරිසගේ ව්‍යාපාර අඩුම ගනනේ ඊළඟ පරම්පරාවටවත් ගෙනියන්න බැරි උනා. උදාහරණ - දාස, ස්වීට් හව්ස්, සහ් මැණික් ව්‍යාපාරිකයෝ. උන් නැත්තටම නැති වෙනවා. සව්දිය තුලත් දිනක හටගන්නා විප්ලවය ඉතිහාසයේ දරුණුම නැගිටීම වෙන්න පුළුවන්. මම එහේ සති දෙකයි හිටියේ.

    ReplyDelete
    Replies
    1. සාමාන්‍ය ජනයා අතරින් එන එකා මේ අධිරංගනයේ ගොදුරක් වුනහම ඌ දන්නෙ නෑ ඌට මොකද වෙන්නෙ කියල.ඌ විතරක් නොවෙයි ඌට නමස්කාර කරන එව්වොත් එකම මායාවක පැටලිලා.සියවස් දෙක තුනකට එහා මේක වුනානම් ගොඩ දාගන්න පුළුවන් කියමු.ඒත් අදනම් බිම පය ගහල ඉන්නෙ නැති කෙනෙකුට හරි අමාරුයි රැදෙන්න.
      ව්‍යාපාරිකයන් පිලිබඳ ඔබ කියන කතාව මාත් නිරීක්ෂනය කරල තියනවා.

      ආගමික මිථ්‍යාවන් වපුරමින් ලෝකයෙන්ම හුදකලාව සවුදිය යන ගමන කොහෙන් කෙලවර වෙයිද මන්ද.ආගමෙන් මිනිසුන්ගෙ ඔළු ඔල්මොරොන්දම් කරල නිසා අල්ලගෙන හිටියත් බිද වැටීම කාලය පිළිබඳ ප්‍රශ්නයක් විතරයි.සවුදිය කියන්නෙ ගිනි කන්දක්.කොයි මොහොතක හෝ පුපුරාවි.

      Delete
    2. හොද වෙලාවට සති දෙකෙන් ආවේ

      Delete
  5. 1952 ගමාල් අබ්දුල් නසාර්ගෙ විප්ලවය නිසා මොනැකෝවට පැනල ගිය ඊජිප්තුවෙ ෆාරුක් රජා කිව්වල අන්තිමට ඉතුරුවෙන්නෙ කාඩ් කුට්ටමේ රජවරු හතරයි එන්ගලත්තෙ රජපවුලයි විතරයි කියල! ඒත් ඔබ කියනව වගේ "උතුම් රාජ ලේ ගැන භය තිබෙන තුරු" විවිද වෙසින් රජවරු බිහිවෙනව. ඒකයි ෆාරුක් රජා එලවපු ගමාල්ගෙ විප්ලවීය ඊජිප්තුවට තවත් අවුරුදු 60 පස්සෙ පාරට බැහැල "පාර්ලිමේන්තු රජු" මුබාරක් එලවන්න වෙන්නෙ.


    ලෝක තෙල් බලය තමන්ගෙ අතේ තීනකල් සෞදිය පුපුරන්නෙ නෑ. ඒත් ඒක නැතුව, මිනිස්සුන්ට සල්ලි බෙදන්න බැරි දා වෙනකොට සෞදිය පුපුරල විනාස වෙනව.

    මැදපෙරදිග රටවල ඉන්න ස්වදේශිකයො පරම්පරා තුනක් තිස්සෙ නිකන් ඉඳල හම්බු කරන්නෙ. තව දෙක තුනක් යත්දි උන්ට රැකියාවක් කරල ජීවත්වෙන්න හැකියාවක් නෑ. එතකොට ලිබියාවට වඩා දරුණු අවි ගත්තු සත්තු ලෝකෙට මුදාහැරෙනව. ඒක ලෝක අවසානය වෙන්න පුළුවන්.

    මැදපෙරදිග පාළකයො මේක දන්නව, ඒ නිසයි ඒ අය නොයෙකුත් නීති දාල තාන්ගෙ උන් වැඩට යවන්න බලන්නෙ. ඒත් රජා නිකන් තෙල් වලින් සැපගන්නකොට වැසියො කැමතිවෙයිද මහන්සි වෙන්න!

    ReplyDelete
    Replies
    1. කාඩ් කුට්ටමේ කතාව මම දැනන් හිටියට ඒක කවුද කිව්වෙ කියල දැනගෙන හිටියෙ නෑ.ඒ ගැන දැනුවත් කළාට ස්තුතියි.එහෙනම් අපේ ෆාරුක් දෙයි හාමුදුරුවන් වහන්සෙ තමයි ඒක කියල තියෙන්නෙ.
      අරාබි රටවල් නිදහස් වුනාට පස්සෙ ඔවුන්ට ඕන වුනේ ඒකාධිපතියො.අරාබි සංස්කෘතියට ප්‍රජාතන්ත්‍රවාදය ගැලපෙන්නෙ නැද්ද මන්ද
      අබ්දුල් ගමාල් නසාර් ගෙ අවමගුල තමයිලු ලොව වැඩි දෙනෙක් සහභාගි වුන අවමගුල.අරාබිකාරය කැමති ඒ වගෙ අයට තමයි.අරාබීන්ගෙ සිස්ටම් එකට ගැලපෙන්නෙ රජවරු නැත්නම් හමුදා මැරයො . අධිරාජ්‍යවාදීන් ඉවත්වුන රික්තයට ආදේශ වුනේ ඒ අය .නසාර්ට ඕන වුනෙත් සිරියාවත් එකතුකරගෙන මහා අරාබිය හදාගෙන කාලිෆ් වෙන්න.ඒක තමයි අරාබි ආඥාදායකයන්ගෙ සිහිනය.නසාර්ල,සදාම්ල. කාගෙත් පොදු හීනය.
      මුබාරක්ල එලෙව්වත් ඒ තැනට ආදේශ වුනේ තවත් මැරයෙක්.ඉස්සරහටත් එහෙමයි.

      ආර්ය ඉරාණය හැර කිසිම අරාබි රටක ප්‍රජාතන්ත්‍රවාදයක් නෑ.අවුරුදු තුන් හාරදහසක් අතීතයට ගියත් ලේ ගංගා ගලා ගිය ප්‍රදේශයක් මැද පෙරදිග කියන්නෙ.තරමක් වත් සාමකාමීව සිටියෙ ෆිනීෂියන්වරු ( ලෙබනනයේ සිටි වාණිජ ජනකොටසක් ,පසුව කාතේජය හා ස්පාඥ්ඥයේ ජනපද පිහිටවූහ.) පමණයි.ආකේඩියන්,සිරියන්,ඇසිරියන්,යුදෙව්,බැබිලෝනියන්,කවුරුත් තරඟෙට ලේ වැගිරෙව්වා.
      එසේම මේ මිනිසුන් පාලනය වෙලා තියෙන්නෙත් ඉතාම දරුණු නීති යටතේ.ක්‍රි:පූ 2500 පමන ඈත හමුරාබි ලගෙ නීති අතිශයින්ම සාහසිකයි.ඉන්දියානු පුරාවෘත්ත වල සඳහන් යක්ෂයන් කියන්නෙත් අරාබි මංකොල්ලකරුවන්ය කියලත් කියනවා.
      ඉතින් මේ චන්ඩ සාහසික මිනිසුන්ට දියුණු ප්‍රජාතන්ත්‍රවාදය ගැලපෙන්නෙ නෑ.දැන් මහා මන්දිරවල සිටියට තවම කූඩාරම් මානසිකත්වය තියෙන්නෙ.පරිණාමයේ එකතැන හිරවුන පිරිසක් බවයි පේන්නෙ.ජීව විද්‍යාත්මකවත් ප්‍රශ්නයක් ඇති


      කිසිම වැඩකට පුහුණුවක් නැතිව ඔලමොට්ටල ජීවන චර්යාවකට සියවස් ගනනක් හුරු වුන මේ අය තෙල් නැති ලෝකෙකට කොහොම හුරුවෙයිද මන්ද
      ලේසිම වැඩේ මරාගෙන මැරෙන එක.ස්වර්ගයට යන්නත් ලේසිනෙ.

      Delete
  6. ඔන්න ඔය රජවරු සහ ජාතිවාදය අතර සම්බන්ධයක් තියන බව තමයි මං මෙතන ලියන්නෙ.

    //නරක රජු දෙවියන් විසින් එවා ඇත්තේ ජනතාවගේ නොමනා ක්‍රියා වලට දඩුවමක් ලෙසය.//
    ජනතාවගෙ නොමනා ක්‍රියා වලට සපෝට් එකටයි නරක රජු මෙහාට නම් එවල තිබුනෙ.

    ReplyDelete
    Replies
    1. මේ කාරනය පැහැදිලි කරන්න මම ගෝත්‍රය කියන මූලික ව්‍යුහය ගන්නව.මේ ගෝත්‍රයෙ ස්ථාවර නායකත්වයක් නැහැ.සියල්ල සංසරණය වෙනව.යම් යම් ක්‍රියාවන්ට මූලික වෙන්න ඕන අය ඒ වැඩේට විතරයි.මෙන්න මෙහෙම තත්වයක් තිබුන.
      මේ ගෝත්‍රය ට වෙනම භාෂාවක් තිබුන.සිරිත් විරිත් ,විශ්වාස තිබුන.
      ගෝත්‍ර සංවිධානය වෙන්න ගත්තහම එහි ආරක්ෂාව සඳහා සමූහය කියන මිත්‍යාව ගොඩ නගනවා.සමූහය කියන වචනය ගත්තෙ ජාතිය එක්ක පැටලෙන නිසා.

      මේ සමූහයට අයිතිකාරයෙක් ඉන්නව.ඵලවැල හොය හොයා ගිය දඩයක්කාර මූලික කණ්ඩායමට වඩා මේක වෙනස් වෙන එක ලක්ෂණයක් තමයි අයිතිකාරයෙක් ඉන්න එක.සමූහයේ ගෑනු පවා අයිති මේ ඊනියා අයිතිකාරයට.ඌ කලින් සාමාන්‍ය ගෝතිකයෙක්.ඒ අයිතිකාරය තමා රජා වෙන්නෙ.භාෂාව වත් වෙන මොකක්වත් වැදගත් නෑ.කල් යනකොට භාෂා විශාල ගනනක් භාවිතා කරපු ගෝත්‍ර එක භාෂාවකට හුරුවෙනව.
      මැදපෙරදිග ආකේඩියන් වගෙ භාෂා අවශිෂ්ට වුන හැටි සහ ඉතාලියේ ඔස්කන් ,සැබයින් වගෙ භාෂා අවශිෂ්ට වුන හටියෙන් මේක පේනව.බ්‍රිතාන්‍යයේ ගෝලික් භාෂා අවශිෂ්ට වුනෙත් එහෙමයි.

      ඔබ කියන ලෙසම ජාතිය කියන සංකලය මෑතක පටවපු එකක්.ජර්මනිය එක්සත් කිරීමෙදි ජර්මන් කතාකරන ගෝත්‍ර එක්සත් කරන එක තමා වුනේ.ප්‍රශ්නෙ වුනේ ප්‍රසියාවෙ අයිතිකාරය යටතෙද ඔස්ට්‍රියාවෙ අයිතිකාරය යටතෙද ඒක කරන්නෙ කියන එක.ඉතාලිය එක්සත් කිරීමත් එහෙමයි.

      ඊට සියවස් ගනනකට එහාට ගියොත් ඉංග්‍රීසීනුත් කතා කලේ ජර්මන් භාෂානෙ.ඒ කා;ලෙ මේ සංකල්පය ආවනම් විශාල භූමියක් එක්සත් කරන්න වෙනව.

      යුරෝපීය ජාතීන් යටතේ තිබූ භූමිය බෙදල රටවල් බවට පත් කළේ ඉතාම අවිධිමත්ව.ඉංග්‍රීසීන් යටතේ තිබූ දකුණු ආසියාවේ විශාල භූමියක් ඉන්දියාව කියලත් පසුව ආගම මත පාකිස්ථානය කියලත් බෙදුවෙ එහෙම.

      ආගම් ගැන බැලුවොත් යම් ආගමකට ගිහිල්ල තියෙන්නෙ ගෝත්‍රයක් පිටින්මයි.අයිතිකාරය ගියාම එයාගෙ දේපළවුන අනෙක් අයත් ඒ ආගමට යනව.

      ස්ථාවර වන සමාජය යළි සංසරණය වෙන්න ගන්නව .එතනදි රජු කියන ගල්ගැසුන සංකල්පය තව දුරටත් පවතින්නෙ නෑ.ජාතිය රාජ්‍ය කියන මිත්‍යාවන් කියන මිත්‍යාවන් අහෝසිවෙනකොට රජු කියන භූතයාත් අහෝසි වෙනව.

      Delete
  7. /මෙම වැඩවසම් ෆොසිලය අහෝසි වනතුරු මිනිස් වර්ගයාට තන දියුණු ජීවියෙක්යැයි කිව නොහැක./

    මේ කතාව නම් සහතික ඇත්ත.

    ReplyDelete
    Replies


    1. සරල සංසරන අවස්ථාවක තිබුන සමාජය ස්ථාවර වන විට එහි කනු ,බිත්ති ලෙස මිථ්‍යාවන් අවශ්‍ය වුනා.ජාතිය හා රාජ්‍ය එවැනි මිත්‍යාවන්.එහිදී රජු නම් වූ සංකේතීය හිමිකරුවාත් හමුවෙනව.ස්ථාවර වූ සමාජය යළි සංසරන අවස්ථාවකට එනව.එතනදි අර කණු බිත්ති ඉදිරිලා වැටෙනව.ඇමරිකානු හා යුරෝපා සමාජ දැන් ඒ තත්වයට පත්වෙමින් තියෙන්නෙ

      ස්ථාවර වන සමාජය යළි සංසරණය වෙන්න ගන්නව .එතනදි රජු කියන ගල්ගැසුන සංකල්පය තව දුරටත් පවතින්නෙ නෑ.ජාතිය රාජ්‍ය කියන මිත්‍යාවන් කියන මිත්‍යාවන් අහෝසිවෙනකොට රජු කියන භූතයාත් අහෝසි වෙනව.

      රජු නමැති භූතයා අහෝසි වනතුරු එම සමාජය දියුණු හෝ ශිෂ්ට යැයි කියන්න බැහැ.

      Delete
  8. //කොමියුනිස්ට් ආණ්ඩුව සාර්ගේ මාලිගයක් විනාශ කිරීම භාර කලේ යෙල්ට්සින්ටය.මෙය විනාශ කල යුතුවුනේ එසේ නොකළානම් ජනතාව මෙය ශුද්ධ ස්ථනයක් ලෙස සළකා වන්දනාමාන කරනු ඇතැයි බියෙනි// යෙල්ට්සින් ඒ කාලේ හිටියේ නැහැනේ සහෝ?

    ReplyDelete
    Replies
    1. මේ ප්‍රශ්නය මතුවෙයි කියල මට හිතුන.නැහැ මේක වුනේ බුල්ගනින්ගෙ හෝ කොන්ස්ටන්ටයින් ශර්නෙන්කෝගෙ කාලෙ වෙන්න ඕන.ස්ටාලින් ලගෙ පැරණි ස්මාරක විනාශ කිරීමේ ව්‍යාපාරයට අයත් එකක් නොවෙයි.හුදකලා සිද්ධියක්.සෝවියට් දේශය කඩා වැටුන අලුත් මං අහපු කතාවක්

      Delete
    2. The Cathedral of Christ the Saviour (Russian: Храм Христа Спасителя, Khram Khrista Spasitelya) is a cathedral in Moscow, Russia, on the northern bank of the Moskva River, a few blocks southwest of the Kremlin. With an overall height of 103 metres (338 ft),[1] it is the tallest Orthodox Christian church in the world.[2]

      The current church is the second to stand on this site. The original church, built during the 19th century, took more than 40 years to build. It was destroyed in 1931 during the Communist rule of Joseph Stalin. The demolition was supposed to make way for a colossal Palace of the Soviets that was never built, so the church was reconstructed in the 1990s on the same site.

      Delete
    3. චෙර්නෙන්කෝ ආපු කාලේ මං රුසියාවට ගියේ. පොර වෙන්න බැහැ කොහොමොටත්.

      Delete
  9. අපට රජුන් මෙන්ම රුකඩ පාලකයන්ද අවශ්‍ය නොවේ. අවශ්‍ය වන්නේ රටට හොඳ මෙහෙයවන්නෙකි

    ReplyDelete
    Replies
    1. සමානයන් අතරින් පත් කර ගන්නා නිළධාරියෙක් පමණයි.මෙහෙයවීම සඳහා යාන්ත්‍රණයක් අවශ්‍යයි.පුද්ගලයාට වැඩි තැනක් නොළැබෙන සමූහයට තැනක් ලැබෙන යාන්ත්‍රණයක් අවශ්‍යයි.සියළුදෙනාම තමන්ගේ දේශපාලන පරිපූර්ණබව අවබෝධ කරගන්නා සමාජයක තමයි ඒක සාර්ථක වෙන්නෙ.එවිටයි එකිනෙකාගේ හැකියාවන් හුවමාරු කර ගනිමින් පිරමිඩය වෙනුවට සමාන්ත්‍රාශ්‍රාකාර සමාජයක් ගොඩනැගෙන්නෙ

      Delete
  10. ඔච්චර මිනිස්සු ගරු කරත් මහ රැජිනත් පැත්තකට වෙලා ඉන්නේ රජ කමට වැඩිය ප්‍රජාතන්ත්‍රවාදය වටින නිසානේ.. සාමාන්‍ය මිනිහෙක්ව රජෙක් කරපු අයම තමයි අන්තිමේ උන්දැව එලව ගත්තෙත්..

    ReplyDelete
    Replies
    1. ඔය මහ රැජිනල කියන අයත් එක් කාලයක සාමාන්‍ය මිනිස්සු තමයි.ඔවුන් වෙත පටවපු ව්‍යාජ ආරෝපනයක්.මේ අය කිසි වැඩක් නොකර සුපිරි මනුෂ්‍යයන් ලෙස සැප විදිනවා.අතීත අන්ධකාරයේ ජීවමාන සංකේත ලෙස ප්‍රදර්ශනය වෙනවා.ඔවුන්ගෙ සුපිරිකමට එකම හේතුව උප්පැන්න සහතිකය.මේව වර්තමාන ලෝකයට අවශ්‍යද කියන එකයි ගැටළුව.

      Delete
  11. ම.ම............................

    ඔය රාජ ක්‍රමය සහ ලාංකේය ජනතාව ගැනත් විශේෂයෙන් සිතිය යුතුයි... අපි තාම රජවරු හොයන ඒක සාමාන්‍ය දෙයක්.. මොකද අපි ප්‍රංශය, රුසියාව වගේ රටවල් ගත්තාම ඔවුන් රජවරුන් ඒපා වෙලා... මරලා තමයි ජනතාව බේරගත්තේ...... ඒ කියන්නේ ඔවුන්ට රජා ඒපා වෙලා මැරුවා.......

    ඒත් අපි ගැන හිතන්නකෝ... අපිට රජවරු ඒපා වෙලා තිබුනේ නැහැ... ඉන්දීය බලපෑම් රජ පරම්පරා වලට අාව නිසා අපේ අය අපේම රජෙක් හෙව්වා මිසක් රජවරු අපිට ඒපා වෙලා නැති වෙලාවක සුද්දා අැවිත් රජා අරන් ගියා.... ඉතින් අැත්තට ම අපි තාම අපේ නැතිවුණ රජා හොයනවා... ඒකනේ අපි හිටපු ජනාධිපතිත් රජෙක් කරගත්තේ... අනේ පව් අහිංසකයා...........

    ReplyDelete
    Replies
    1. රාජත්වය සම්බන්ධ ආලය එක ජාතියකට සීමා වූවක් නොව පොදු මානව මනෝභාවයක්ය කියන එක තමයි මා මතු කලේ.මට තියන ප්‍රශ්නය මොකද එහෙම වෙන්නෙ කියන එක.සමානාත්මතාව ,මානව හිමිකම් .නූතනත්වය වගෙ සංකල්ප ඉහළින් පිළිගන්න දියුණු යුරෝපීය රටවල ජනතාව පවා රජුන්ට දක්වන්නේ පුදුම ආදරයක්.මෙය මෙහෙම පොදු හැඟීමක්නම් ප්‍රංශ රුසියන් ජනයාත් යටිසිතින් රජෙකුට කැමති ඇති.ජාතිකත්වය නම් වූ සංකල්පය පවතින තුරු රජුන් සිටීවි.
      මිනිසා දේශපාලන වශයෙන් ස්වයංපෝෂිත වන විට ,සම්පූර්ණවන විට අතීතකාමය අහෝසිවී උප්පැන්නය මත සුවිශේෂයන් ඇදහීම අහෝසි වේවි.මෙහිදී රජු නමැති බූතයා පමණක් නොවේ රදලය කියන භූතයාත් අහෝසි වෙන්න ඕන.
      ප්‍රංශය හා රුසියාව වගෙ රටවල රජුන් රදලයන් මරා දමා සමාජයන් පවිත්‍ර කිරීම හොඳ දෙයක්.ඒත් ඒ රටවල සමාජ විඥානය පරිපූර්නවීමෙන් සිදුවුන දෙයක් ලෙස නම් එය සළකන්න බැහැ.ඊට හේතුව සාර් වෙනුවට ආදේශ වූ රුසියාවේ ලෙනින් ,ස්ටාලින් වගෙ ඒකාධිපතියන් ( ඔටුණු නොපලන් රජුන් ) හා ප්‍රංශයේ නැපෝලියන් නැගීඑම තුලින් එය අවබෝධයෙන් සිදුවූවක් නොවන බව පේනවා.

      Delete
  12. රජවරු ජාතිවාදයට උදව් කරනවා කියන්න බෑ නෙ. උදාහරණයක් හැටියට වික්ටෝරියා රැජින විවාහ වුනේ ඉංග්‍රීසි බැරි ජර්මන් කුමරෙක් සමඟ රුසියාවෙ අවසාන රජු විවාහ වුනෙත් ජර්මන් කුමරියක් සමඟ. ලංකාවෙත් ඊට වෙනස් නෑ. මට තේරෙන හැටියට නම් යුරෝපයේ රජවරු විතරක් නෙමෙයි කතෝලික සභාවත් ජාතියට විරුද්ධ වුනා යුරෝපීය ජාතික වාදීන් මේ දෙපිරිසටම විරුද්ධව සටන් කලා උදාහරණයක් හැටියට පාප් වහන්සේට ලෝකයේ කුඩාම රාජ්‍යය බාර දුන්නේ ඉතාලි ජාතික රාජ්‍යයට පාප් වහන්සේගේ බලපෑම ඉවත් කරන්න.

    ReplyDelete
    Replies
    1. විවාහය කියන්නෙ පුද්ගලික දෙයක්නෙ.ඔය කියන අය තමන්ගෙ කාලයෙදි ඔවුන්ගෙ ජාතීන් හැකිතරම් ප්‍රවර්ධනය කළා.රජවරුන් කියන්නෙ සමානාත්මතා සමාජයකට බාධාවක්.

      Delete
  13. උගත් නාගරිකයන් ගෙන් කොටසක් හැරුන විට අපේ ග්‍රාමීය ජනතාව තවමත් ඉන්නෙ පුරාණ රාජ යුගයේ වගේ ඒ හින්ද //එකිනෙකාගේ හැකියාවන් හුවමාරු කර ගනිමින් පිරමිඩය වෙනුවට සමාන්ත්‍රාශ්‍රාකාර සමාජයක් ගොඩනැගෙන්නට// මෙතැනට කිසියම් තරමකින් හෝ කිට්ටු වීම සිතන්නට පවා තව බොහෝ කලක් යාවියි සිතෙනවා.

    ReplyDelete