Friday, January 2, 2015

ජනවාරි දෙවැනිදා පරන මතකයන්

අද ජනවාරි දෙක.

ජනවාරි දෙක කියපුවම මට අමතක නොවන දවසක්.බහ තෝරන වියේ ඉදලම දේශපාලනෙත් එක්ක හිටපු මම ඉස් ඉස්සරවෙලාම සවිඥානකව මැතිවරණයක අත්දැකීම වින්දෙ 1989 මැතිවරණෙ.ජනාධිපතිවරනෙ ගැසට් කරපු දා ඉදන්ම මට වෙන සිහියක් තිබුනෙ නෑ.තිබුන එකම පරහ තමයි මට චන්දෙ නැතිකම.මම ඉස්සරවෙලාම චන්දෙ දුන්නෙ 1994 පාර්ලිමේන්තු මැතිවරනෙ.1989 ජනාධිපතිවරනෙන් ජයගත්ත රණසිංහ ප්‍රේමදාස මහත්තය දිවුරුම් දුන්නෙ 1989 ජනවාරි දෙවැනිද .අන්න ඒකයි මට එදා දවස මතකයෙ තිබුනෙ
.
අපේ ගෙදර අය බලාපොරොත්තුවෙන් හිටියෙ මැතිණි දිනනකම්.මට මතකයි අපේ ගෙදර ආපු කට්ටියක් කියනව කට්ටියක් කියනව "සුබසෙත කාරයට පුකෙන් යන්න වෙන්නෙ ( මගෙ කී බෝඩ් එකේ සියළුම අකුරු වැඩ කරන නිසා  අකුරු වෙනුවට තරු ලකුණු දැමීමේ අවශ්‍යතාවයක් නැත ) මැතිණි දිනනව කියල.ජේවීපී කලබල තිබූ නිසා  ඒ චන්දෙදි කවුරු දිනයිද කියල හොයන්න බැරි තරමට අවුල් විය.මේ වන විට එජාපය ජනතාවට එපාවී තිබුනත් එම චන්දයේ නියම ජයග්‍රාහකයා ප්‍රේමදාසම බව මට දැන් සිතේ.


චන්ද ප්‍රතිපල අහන්නට ටී වී අද මෙන් සියළුම නිවෙස් වල තිබුනේ නැත.ටී වී නොතිබුන අල්ලපු ගෙදරක කට්ටිය අපේ ගෙදර ඇවිත් චිත්‍රපට බලන්නට පුරුදුවී සිටියහ.කවර හේතුවක් නිසා හෝ චන්දය අහන්න මේ අය ආවේ නැත.නමුත් රෑ බෝ වන විට ඝෝෂාවක් ඇසුනි.ඒ ගෙවල්වල දොරවල්වත් ඇරපු නැති කාලයකි.භීෂනය මට මතකය.මැතිණි චන්දය පැරදීම නිසා ශෝකයට පත් ශ්‍රීලංකා කාරයන් හොඳටම බීගෙන දුක බෙදාගන්නට අපේ ගෙදර එයි.ඔවුහු ඒ ආවේද මග දිගට එජාපයට පමනක් නොව ජවිපෙටද කුනුහරපෙන් බනිමිනි.එහි ඇති භයානකකම වචනයෙන් විස්තර කළ යුතු නැත.මේ දෙදෙනා දුටු අම්මා සිරිමටවත් මුන්ට වගෙ අමාරුවක් නැතුව ඇති යි කීවාය.ඒ පැමිණි දෙදෙනාගේම පවුල් මේ වනවිට යූඇන්පී වී ඇති බව කිව යුතුය.



දේශපාලන වශයෙන් මුහුකුරා යනවිට සිරිමා යනු හිතන තරම් සුදු චරිතයක් නොවන බව මම දැන් ගතිමි.කිසිදු යුධ නීතියකට එකඟ නැති තිරශ්චීන අපරාධ සිදුවුනේ 1971 දීය.එදා චැනල් ෆෝ තිබුනානම් ඒ අයට ඕ . ටී කරන්නට සිදුවනු ඇත.එසේම එකළ ජනතාව පෝලිම්වල සිටින විට නායකයෝ සැප වින්දහ.එසේම කවුරු කීවත් එකළ ආර්ථික ප්‍රතිපත්තිය යැපුම් කෘෂිකර්මය හා අත් යන්ත්‍ර මත පදනම් වූ පසුගාමී එකකි.එහෙත් පවුලක් වශයෙන් ගතහොත් ඒ කාලය අපට ඉතා සමෘද්ධිමත් යුගයකි.ඒ එකළ ක්‍රියාත්මක වූ ආර්ථික ප්‍රතිපත්තිය නිසා සිදුවූ වක්‍ර වාසියකි.


නැවතත් කතාවට එමු.ඔය කියන චන්දෙදි රනසිංහ ප්‍රේමදාස එජාප අපේක්ෂකත්වයට පත්වෙයි කියා කිසිවෙකු සිතා නැත.ඔහුට වලව් කාරයන්ගෙන් බොහෝ හිරිහැර සිදුවී ඇත.කවර තත්වයක් යටතේ හෝ ඔහුට නාමයෝජනා දීම එජාපයේ ප්‍රගතිශීලීත්වය පෙන්වන්නකි.එහෙත් ඔහු ජයගත් පසු වලව්කාරයෝ ඔහුට ආන්ඩුව ගෙනයාමට ඉඩ නොදුන්හ.ප්‍රේමදාස ආන්ඩුවද වත්මන් ආන්ඩුව සේම දූෂිතය.අද මෙන්ම එදාද ප්‍රධානම චෝදනාව බඩු මිල ඉහලයාමයි.මීට අමතරව තව දෙයක් ඇත.එනම් රැකියා ප්‍රතිපත්තියයි.තරුණ අසහන කොමිෂන් සභාවේ නිර්දේශ මත සුදුසුකම් මත රැකියා දීමක් ප්‍රේමදාස හදුන්වා දුන්නෙන් ගම් මට්ටමේ දූෂිත එජාප ක්‍රියාධටන් ඔහු හා අමනාප විය.ඔහු සමඟ තිබූ වෙනත් ආරාවුල් මත ගෙන ආ දෝෂාභියෝගයෙන් පසු ප්‍ර එ ජා පෙට චන්ද පදනමක් හැදුනේ එසේය.එජාප චන්ද කැඩී 1994 දී පොදු පෙරමුණැ බලයට ඒමට පවා මුල් බීජය හැදුනේ මෙම දෝශාභියෝගයෙනි.

ප්‍රේමදාසටද ජේ ආර්ට මෙන්ම යුද්ධය ජයගැනීමට නොහැකිවුනේ ඊට අවශ්‍ය ජාත්‍යාන්තර සහාය නොවූ බැවිනි.ප්‍රේමදාස  යුගයේ යහපාලනය බාරව සිටියේ සොත්ති උපාලි,මාළු නිහාල් වැනි අයයි.ගම් උදාව වැනි ජනහිතකාමී වැඩපිළිවෙළවල් තුලින් ජනාදරයට පත්ව සිටි ප්‍රේමදාස මහතා ජනාධිපතිවුන පසු සවුත්තු විය.ජනසවිය , නිළ ඇදුම් නොමිලේ දීම,පාසල් දිවා ආහාර වැනි ජනතාවාදී (සුබසාධක ) වැඩ සටහන් ක්‍රියාත්මක කෙරුණි.මේ කිසිවක් එජාපය පරාජයෙන් බේරාගැනීමට සමත් නොවීය.අපට මෙයින් ඉගෙන ගැනීමට ඇති පාඩම කුමක්ද .රජයක් යාවත්කාලීන නොවීම එම රජයේ පරාජයට හේතු වන බවයි.


මිත්‍යා මත විශ්වාස කිරීම ,රෙද්ද බැනියම ඇදීම,වෙලේ නියරෙ යාම වැනි දේ වලින් සාමාන්‍ය ජනයා ට සමීප වූ ප්‍රේමදාසට එරෙහිව නැගුන ප්‍ර එ ජා පෙ රැල්ල මෙරට ප්‍රථම යහපාලන කතිකාව කිව හැක.ප්‍ර එ ජා පෙ නායකයෝ නීතීඥ වැනි ඉහළ මධ්‍යම පන්තියට අයත් ප්‍රභූවරු වූහ.ඔවුහු ජිනීවා ප්‍රජාවට අයත් වූහ.මෙම ජිනීවා ප්‍රජාව යන වචනය දෙවන ලෝක යුද්ධයට පෙර ඊනියා සභ්‍ය රටවල් හැදින්වීමට යෙදුනකි.සුබසාධන ප්‍රේමදාසට එරෙහිව යහපාලන රැල්ලක් එදා ඇතිවීම සිත් ගන්නා සුළුය.අද නම් උගත් මධ්‍යම අන්තියේ ප්‍රසාරණැය,මාධ්‍ය ප්‍රසාරණැය,සමාජ ජාල ආදිය නිසා  මෙහි අමුත්තක් ණැතත් වැඩවසම් ශ්‍රීලනිපයට සමගාමීව තවත් එජාප විරෝධී බලවේගයක් ලෙස යහපාලන කතිකාවක් ඇතිවීම පුදුම විශේෂ කරුණැකි.එහෙත් මෙම කතිකාව චන්ද්‍රිකාගේ ඊනියා මානුෂික මුහුණුවර හා මිශ්‍ර වී එහි ගිලී ගියේය.මේ කාලයේ සුළුවෙන් ජාතිකත්ව කදවුර ගොඩ නැගෙමින් පැවතුනි.

අන්ත දූෂිත ප්‍රේමදාස යුගයේ එජාප යේ අය සිතුවේ එම ආන්ඩුව කිසිදාක පරාජය කළ නොහැකි බවයි.විධායක ජනාධිපති ක්‍රමය නිසා ප්‍රේමදාස ජනාධිපති මැතිවරනයකින් පරාජය කිරීම දුෂ්කර වන්නට ඉඩ තිබිණි.ඇමතිවරු ප්‍රේමදාස සමඟ සිටියේ හිත හොඳකින් නොවේ.දෝශාභියෝගයට අත්සන් කළ ප්‍රමානය ඊට සාක්ෂියකි.ලෝරන්ස් මාෆියාව යනුවෙන් හැදින්වුන පොලිස් කන්ඩායමක් මගින් ෆයිල් පවත්වාගෙන ගොස් තිබුනි.

විධායක ජනාධිපති ක්‍රම තිබූ වෙනත් රටවල්වල කෙසේ වුවත් ලංකාවේ නම් අතීතයේ සිටි සියළුම දෙනාගේ හැසිරීම් වලින් එහි අයෝග්‍යබව පෙනේ.මෙවැනි ම අදුරු පැත්තක් දකුණු කොරියාවේ,සිංගප්පූරුවේ,තායිවානයේ තිබුනද ඊට වන්දියක් ලෙස එම රටවල් සංවර්ධනය කරා ගියේය.එහෙත් ලංකාවට එයද නැත.නමුත් යුද්ධය ජයගැනීමටනම් විධායක ක්‍රමය මහෝපකාරී විය.

ජනවාරි දෙවැනිදා ඉතා බලසම්පන්න නැකතකින් ජනාධිපති වූ ප්‍රේමදාස මහතාට එම ධූරකාලය කිසිසේත්ම වාසනාවන්ත නොවීය.ඔහුට ලැබුනේ දෙකොණ ගිනිගත් විළක්කුවකි.අද ජනවාරි දෙවැනිදා මට මතක් වුනේ අද වනිම දවසක සිදුවූ දේශපාලන සිදුවීම් අදට ගැලපෙන සැටිය.එදා තිබූ කතිකාවතම වෙනස් මුහුනුවරකින් අදද ඇත.එදා මෙන්ම අදද එකසේ දේශපාලනය උණුසුම්ය.එදා තිබූ උණුසුම අදත් මා තුල ජීවමානය.ඒ මගේ දේශපාලන උණ නිසාය.

එදා සීතල දුරුත්ත අද මෙන්ම දේශපාලනයෙන් උණුසුම් වූ සැටි එක සේය.එහෙත් මුහුණු වෙනස් වී ඇත.සතුරන් මිතුරන් වී ඇත.මිතුරන් සතුරන් වීඇත.අපූරුය,ඇත්තෙන්ම අපූරුය.


17 comments:

  1. මෙවර චන්දය දිහා බලනවිටනම් පෙනෙන්නේ ආණ්ඩු පක්ෂයත් විපක්ෂයත් දෙකම අච්චාරුවක් වෙලා කියන එක.

    ReplyDelete
    Replies
    1. විපක්ෂයට බලය යාම ලොකු අවුලක් වගෙයි මට පේන්නෙ.මටත් මේ ගැන හරි චිත්‍රයක් තවම නෑ.සිරිසේනනම් රූකඩයක් වගෙ නේද
      චන්ද්‍රිකාගෙ ඇගේ වෛරය ෆිල්ම් එක තමයි අපට බලන්න වෙන්නෙ

      Delete
  2. වෙන වතාවල මෙන් නොවේ මේ සැරේ අන්තර්ජාලය හරහා මහින්දට විරුද්ධව බොරු ප්‍රචාර හෝ ගාලා යනවා අපේ සිංහල බ්ලොග් ලියන කිඉහිප දෙනෙකුත් ලජජා නැතිව කටකතා පතුරවනවා. කොච්චර තාක්ෂනය ආවත් අපේ උන්ගේ වනචර ගති තවම තියෙනවා

    ReplyDelete
    Replies
    1. අපෝ කළුවා මෙතෙන්ටත් ඇවිල්ලා !!!

      Delete
    2. හප්පේ ඔවු.පුදුම අසාධාරණ කතා කියන්නෙ.බුකිය නම් අන්තෙටම පිරිහිලා.බුකියෙ යූඇන්පී අයගෙ මහා වීරය දැන් ප්‍රභාකරන්.උන් බොරුවට කරුණට බනිනව.මට පේන්නෙ උන් කරුන එක්ක ගේම ඉල්ලන්නෙ කරුන ඊළාම් අරගලය පාවා දුන්න කියල වෙන්න ඇති.
      මහින්ද සදාම්ට ගඩාෆිට සමාන කරල පුදුම වෛරෙකින් පෝස්ට් දාන්නෙ.පුදුම අසාධාරන කතා කොමෙන්ට් කරන්නෙ .උන් නම් රතු ලේ නහර වල දුවන මවු කිරි බීපු මිනිස් දරුවො නොවෙයි.කොළ පාට ලේ නහරවල දුවන මිනිස්කමට නොගැලපෙන තිරිසන් සත්තු ජාතියක්.

      Delete
  3. දෙකම එකක් කියල කියන්න අමාරුයි. බොරු ප්‍රචාර යනවනම් ඒවාට නිවැරදිව උත්තර දෙන්න. විපක්ෂයේ හොඳ කමකුත් නැහැ. නමුත් චම්පිකල ගියේ අයි කියන ප්‍රශ්නය තිබෙනවා. නැත්නම් රජිත් වගේ අයට මමත් කැමති නැහැ.

    ReplyDelete
    Replies
    1. චම්පික ගැන ගෞරවයක් මට තිබුනා.ඒත් එයාටත් තියෙන්නෙ පුද්ගලික ඇරියස් එකක් වගෙයි පේන්නෙ.පොටෝෂොප් මගඩියකුත් එලිවුනානෙ.
      ආන්ඩුවෙ හොරකම් තියනව.නමුත් ඔය විපක්ෂෙ අය කියන තරම් නම් නොවෙයි.ප්‍රොජෙක්ට් එකක් කරනකොට සන්තෝසෙන් දෙන දේවල් තියනව.ඒවැ නීතිවිරෝධිත් නැද්ද මන්ද
      ඔය වගෙ සන්තෝසම් දේශපාලකයන්ට විතරක් නොවෙයි පරීක්ෂක කියන නම අගට තියන වෘත්තීන් කරන හැමෝටම තියනව.අනෙක් රජයේ සේවකයන්ට සාපේක්ෂව සුපෝකභෝගී ජීවිතයක් ඒ අය ගෙවනව .ඒකයි ඇත්ත.
      කෝටි දෙදාහ තුන්දාහ ගහගන්නව කියන ඒව බොරුලු බන්

      Delete
    2. //ප්‍රොජෙක්ට් එකක් කරනකොට සන්තෝසෙන් දෙන දේවල් තියනව.ඒවැ නීතිවිරෝධිත් නැද්ද මන්ද// මේකට විරුද්ධ තාවයක් නොමැති වීම මගින්ම රට පත්වී ඇති තත්වය සිත ගත හැකියිනේ. ඔබට හිතෙන්නේ නැත්ද පවා දී වැඩ කර ගැනීමට පුළුවන්කම හොඳයි කියා.

      Delete
    3. විරුද්ධතාවයක් නැතිවාම නොවෙයි.ඒත් මම හැමදෙයක්ම බලන්නෙ සාපේක්ෂවයි.එන්න තියන පාලනය කුරිරු ධනවාදී එකක්.එහි පීඩාව තුලින් කරල පස්සගන්න ජවිපෙ වගෙ බලවේග කැමැත්තෙන් ඇති. ඒත් පෙර නොවූ විරූ ධනවාදී යක්ෂයෙක් දත් විලිස්සාගෙන අප ඉදිරියේ. සිංගප්පූරු තමසෙක් ආකෘතිය ගැනත් කතා වෙනවා.
      අපේ සමාජය ඒ යක්ෂයාගෙ පීඩාවට ලක් වෙනවට මම කැමති නෑ බන්. ඒකයි සාපේක්ෂව මුන්ගෙ පැත්ත ගන්නෙ

      Delete
  4. හොඳ අතීත සමාලෝචනයක්. මෙයට සමගාමී අත්දැකීම් මටත් තියෙනවා.
    ලැබුවා වූ නව වසර සතුට සැහැල්ලුව සපිරි සුභ නව වසරක් වේවා!

    ReplyDelete
    Replies
    1. ඔබටත් සියළු පැතුම් ඉටුවන සුබ ම සුබ නව වසරක් වේවා.
      ඔබේ අත්දැකීම් කවිරසය මුසු කරල අපට දෙන්නකො.

      Delete
  5. මැතිවරණ අතීතය මතක විදිහට ලියලා.................. අපිටත් විවිධ අත්දැකීම් තියෙනවා..... ඒකත් ඒක විදිහක දෙයක් තමයි නේද???

    ReplyDelete
    Replies
    1. ඊලඟ ඡන්දෙදි ඒ කියන්නෙ 1994 දි මටත් ඡන්ද බලය තිබුනා.ඡන්දෙ ගැසට් කළ දා ඉදන් වෙන සිහියක් තිබුනෙම නෑ.ඒ ඡන්දෙදි අපේ ගෙදර අය බලා සිටි ජයග්‍රහනය ඒ අයට ලැබුනා.හැබැයි මං පරාදයි.
      මං චන්දෙ දීපු පැත්තට ඇපත් නෑ ( මහජන එක්සත් පෙරමුණ )
      අපේ ගෙදර අය චන්ද්‍රිකා දිනවන්න මහන්සි නොබලා වැඩ කලේ ඒ කාලෙ එජාප භීෂණය පවා නොතකමින්.ඒත් ඒ වෙනකොට පොදු පෙරමුනට වඩා යූඇන්පී දිනනවනම් හොඳයි කියන මතයෙ මම හිටියෙ.මං යූඇන්පී කියල හංවඩුවකුත් වැදුන.
      අම්මයි අප්පච්චියි දෙන්නම ඈතට මාරුකරල දේශපාලන පලිගැනීම් වලට ලක්වුන නිසා ඒ අයට පොදු පෙරමුනේ ජයවැදගත් වුනා.ඒත් ඒ වෙනකොට යූඇන්පී පරදියි කියල මං බයේ හිටියෙ.මම හිටියෙ ඩී .බී විජේතුංගගෙ ප්‍රතිපත්ති එක්ක.ඒකයි හේතුව.
      ජාතික ප්‍රශ්නය ගැන චන්ද්‍රිකාගෙ මතය මට ඇල්ලුවෙම නෑ.

      Delete
  6. //ඔහුට ලැබුනේ දෙකොණ ගිනිගත් විළක්කුවකි//.. මේ කතාව ප්‍රේමදාසම කියනව මට මතකයි.. "දැං ඒකෙන් එක පැත්තක් නිවල ඉවරයි" එහෙම තමයි ඔහු කිව්වේ 89 ජවිපේ කැරැල්ල මර්ධනය කිරීමෙන් අනතුරුව ප්‍රකාශ කලේ. ජනාධිපති පුටුවේ වගකීම් නිසා අගමැති ප්‍රේමදාස තරම් ජනාදිපති ප්‍රේමදාසට මිනිස්සුන්ට ලංවෙන්න බැරි උනා.. එහෙම නැත්නම් ඔහු ඒවා වැරදියට වටහා ගත්තා විය හැකියි.. මොනවා උනත් අදටත් ප්‍රේමදාස තමයි නොම්මර එකේ ජනතාවාදී පාලකයා..

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ආපසු හැරිල බලනකොට මේ රටේ හිටපු වඩාත්ම ජනතාවාදී පාලකය ප්‍රේමදාස බවයි මට හිතෙන්නෙ.ඔහුගෙ ජය පොදු ජනයාට විශේෂයි.ප්‍රභූ පැළැන්තියට එරෙහිව ඔහු ආ ගමන සියළුම නිර්ප්‍රභූ මිනිසුන්ට ආඩම්බරයක්.ඔහු එජාපයට පමනක් අයත් කෙනෙක් නොවෙයි.පොදු ජනයාගේ මිනිහෙක්.එහෙත් ඔහුට ප්‍රභූන් වැඩ කරන්න දුන්නෙම නෑ.ඔහු අතින් 1988 දි පරාජය වුනේ මහා වලව්කාරියක්.
      රදලයන් මේ පොදුජන පුත්‍රයට එරෙහිව කදවුරු බැද ගත්තෙ සියළු විශමතා අමතක කරමින්.ප්‍රේමදාස වගෙ කෙනෙක් ආයෙ එයිද කියන්නත් බෑ.


      විජේවීර අපූරු දෙයක් කිව්ව..මේ රටේ දේශපාලනය වලව්වෙන් වලව්වට මාරුවුන දෙයක් මිස ප්‍රජාතන්ත්‍රවාදයක් නොවෙයි කියල.බෝතලේ වලව්වෙන් පටන් අරන් දැන් මැදමුලන වලව්වෙ.
      දැන් සටන තියෙන්නෙ ඒක ආයෙ හොරගොල්ලෙ වලව්වට හෝ විජේවර්ධන වලව්වට ගන්නෙ කොහොමද කියල.
      මැදමුලනෙ අයත් නිර්ප්‍රභූන් නොවුනත් අධිපතිවාදී වලව් පැළැන්තියට මැදමුලනත් මදි.ඉතින් ඒ අය කෙහෙල්වත්තෙ ප්‍රේමදාසට කොහොම ප්‍රතිචාර දක්වන්න ඇද්ද

      ඒ අතින් ප්‍රේමදාස කළේ ප්‍රාතිහාර්යයක් බව කිව හැකියි.ඔහුට එසේ ප්‍රාතිහාර්ය පෑමට හැකිවුනේ නූතනවාදී ප්‍රගතිශීලී එක්සත් ජාතික පක්ෂය නිසා බවත් කියන්න ඕන.ශ්‍රීලනිප නායකත්වයට බන්ඩ පවුලෙන් පිට කෙනෙක් ගන අදහසක් ආ විට කෙනෙක් ( සට්ටැඹි රාළෙක් ) කිව්වා නායකත්වයට එන්න හැමෝටම බෑ.ඒකට හොඳ පවුලකින් එන්න ඕන කියල.කවුරුවත් එයාගෙන් ඇහුවෙ නෑ එහෙමනම් ශ්‍රීලනිපයට නරක පවුල්වල චන්දෙ හොඳත් නෑ නේද කියල.ශ්‍රීලනිපයෙ එහෙම සම්ප්‍රදායක් තියනවනම් ඒ පක්ෂය ට සාමාන්‍ය ජනතාවගෙන් ඡන්දය ඉල්ලන්න සදාචාරාත්මක අයිතියක් නෑ.

      Delete

  7. ( Video ) ----- https://www.youtube.com/watch?v=-4FBpN_vjoM

    ReplyDelete