Thursday, October 9, 2014

ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනය යා යුතු මඟ

සාමාන්‍ය ජනතාවට අධ්‍යාපනය ලබා ගැනීමේ අවස්ථාව ලැබුනේ මිශනාරීන්ගේ පැමිණීමෙන් පසුව බව පිළිගත යුතුමය.එහිදී අධිරාජ්‍යයට අවශ්‍ය ආකාරයේ අධ්‍යාපනයක් ලැබුණි.ඒ වනතුරු මෙරට පැවතියේ වැඩවසම් රාජාන්ඩුවට අවශ්‍ය ආකාරයේ අධ්‍යාපනයකි.එහිදී දැනුම ගලා ගියේ කුල ක්‍රමය මතය.

එහෙත් මේ ක්‍රමය තුල රැකියා ගැටළුවක් නොවීය.එදා සමාජයට අවශ්‍ය සහල්,හැලිවලං,රිදී රත්තරන් බඩු හා අවි ආයුධ මේ ක්‍රමයට නිෂ්පාදනය කෙරුණි.දැනුම කුලයට සීමා විය.එහෙත් අධිරාජ්‍යවාදීන්ගේ පැමිණීමත් සමඟ මෙය වඩා සාධාරන වී දැනුමට තිබූ තහංචි ඉවත් කර නව ලෝකයට ගැලපෙන අධ්‍යාපනයක් සැමටම ලබා ගත හැකි විය.එය තත්කාලීන වෙළද ලෝකයට ගැලපෙන එකක් විය.ඉන්පසු කාර්මික ලෝකයට ගැලපෙන ලෙස මෙය පරිණාමය විය.

නිදහස ලැබීමෙන් පසු අධ්‍යාපන ක්ශේත්‍රයේ සිදුවී ඇති එකම ධනාත්මක වෙනස නම් මධ්‍ය මහා විද්‍යාල බිහිවීමයි.ඒ හැර අධිරාජ්‍යවාදීන්ගෙන් උරුම වූ ක්‍රමය එලෙසම පවත්වාගෙන එන ලදී.අධ්‍යාපනයට ජනතාව අතර උනන්දුව අඩු වන තාක් කල් අවුලක් නැතිව මෙම ක්‍රමය පවත්වාගෙන ආවත් ඉගෙන ගන්න පිරිස වැඩි වන විට නිෂ්පාදනයට ඍජු සම්බන්ධයක් නැති පාඨමාලා රටට බරක් විය.

සමාජවාදී රටවල අධ්‍යාපන ක්‍රම වඩා ප්‍රගතිශීලී වන අයුරින් සකස් කර තිබුණි.එහෙත් අපේ රටේ නම් උසස් පෙළින් පසු සුළු පිරිසක් ගොඩ යන අතර බහුතරයක් යන එන මං නැතිවේ.බහුතරයක් තම ජීවිකාව සකසා ගන්නේ පාසලෙන් පිටවී කරන පාඨමාලා වලිනි.ඒ අනුව පාසල වැදගත් වනුවේ මූලික අධ්‍යාපන සහතික පත්‍ර ලබා ගැනීමට පමණි.

අපගේ පාසල් අධ්‍යාපනය මෙසේ නවීකරණය කළ නොහැකිද
දොලොස්  වසරක  ව්‍යායාමයෙන් පසු වෛද්‍ය ,ඉංජිනේරු වැනි රැකියා සුරක්ෂිත ක්ශේත්‍රවල පාඨමාලා සදහා උසස් අධ්‍යාපනයට යන පිරිස හැර ඉතිරි පිරිස තවත් වසර දෙකක් පාසලේ රදවා අනිවාර්ය වෘත්තීය පුහුණු අධ්‍යාපනයක් දිය නොහැකිද
මෙහිදී නිෂ්පාදන,ප්‍රවාහන,ගණකාධිකරන,ලෙස වර්ගීකරණය කර සැළසුම් සහගතව රටේ නිෂ්පාදනයට අදාල ක්ෂේත්‍රවල රැකියා සඳහා පුහුණුවක් ලබා දිය නොහැකිද
මෙහිදී මූලික පුහුණුව ලෙස සියළුම දෙනාට රියදුරු පුහුණුව,පරිගණැක දැනුම හා ඉංග්‍රීසි දැනුම දිය හැක.

එසේම පාසල් කීපයක් එක් කර පර්ශද පාසලක් පිහිටුවා එහි අංග සම්පූර්ණ විද්‍යාගාර ආදිය පිහිටුවා මෙම අතිරේක වසර දෙක ඇතුලත සමාජයට වැඩදායී පුරවැසියෙක් බිහි කළ නොහැකිද



මෙම වසර දෙක ඉලක්ක කර සාමාන්‍ය පෙළ හා උසස් පෙළ කාලයද සැළසුම් කෙරේ.මන්ද රැකියාවට සුදුසුකම් දෙන්නේ මෙම වසර දෙක තුල බැවිනි.

බොහෝ රැකියා ඉලක්ක කර ගත් පාඨමාලා වසර දෙකට අඩුය.මෙම වසර දෙක තුල බරවාහන පුහුණුව කැමති අයට එම පුහුණුව මෙන්ම  AAT කිරීමට කැමති අයට එම පුහුණුවද ලැබේ.මෙසේ කීවේ මෙය විවිධත්වයෙන් යුතු පුහුණුව ලබා දෙන වසර දෙකක් බව පෙන්වා දීමටය.නිදහස් අධ්‍යාපනය අර්ථවත් වීමට රජයේ වියදමෙන් මෙසේ ඩිප්ලෝමා පාඨමාලා සිදු කළ හැක. වියදමක් දරා වසර දෙකක පමණ ඇගළුම් කමහල් පුහුණුවකින් ඇගලුම් කම්හලක හොද රැකියාවකට යාමට පුළුවන.මාස තුනක හෝ හයක පුහුණුවකින් සාමාන්‍ය රැකියාවට යාමට පුළුවන .කැමති අයට මේ වසර දෙකෙන් පසු විශ්ව විද්‍යාල වලට ඇතුලත් වී තුන් වෙනි වසර අවසන් කර උපාධිධාරියෙක් වීමටද පුළුවන.



එසේම බොහෝ උපාධි පාඨමාලා යනු ගිරවා දැමීමකි.උපාධි පාඨමාලාවල විශය කරුණු හැකිතාක් පාසල් මට්ටමට දමා එම උපාධි ද නිෂ්පාදනයට අදාල වන සේ සකස් කළ යුතුය.පාසල හා විශ්ව විද්‍යාලය අතර දුරස්ථ බව අවම කර කෙටි ක්‍රම හරහා අවශ්‍ය සුදුසුකම් සපුරා උගතෙකු වීමේ වරම සිසුන්ට දිය යුතුය.


මේ තුලින් සමාජයේ තරාතිරම් අහෝසි කිරීමට අපේක්ෂා කෙරේ.ඒ අනුව බොහෝ දෙනා උපාධිධාරීන් වී උපාධිය යනු වෘත්තීය සුදුසුකම් සහිත අංගසම්පූර්න සහතිකයක් වෙයි.රැකියාවකට බදවා ගැනීමේ මූලික සුදුසුකම උපාධියයි.රැකියා ශ්‍රෙණි නැත.අවශ්‍යතාවය සඳහා ශ්‍රේණි සකස් කළත් ඒවා අනිවාර්යයෙන්ම සමාන්තර ශ්‍රේණි විය යුතුය.අධිරාජ්‍යවාදීන් හදුන්වා දුන් ධූරාවලි මත පදනම් වූ වහල් ක්‍රමයට තිත තැබේ.



මෙසේ දැනුම නිදහසේ ගලා යන අතර කෙනෙකුට මුදල් ගෙවා දැනුම ලබා ගැනීමට අවශ්‍ය නම් ඊටද ඉඩ තිබිය යුතුය.මොන ක්‍රමයකට දැනුම ලබා ගත්තත් දක්ෂතාව හා ජ්‍යෙෂ්ඨතවය මටහ් ඕනෑම කෙනෙකුට ඉදිරියට යාමට අවකාශය තිබිය යුතුය.කිසිම විටෙක වහල් ශ්‍රේණි ක්‍රම නොතිබිය යුතුය.


මෙසේ අධ්‍යාපනය තුල ඇති විශමතා දුරු කර ඒකාකාරී බඳවාගැනීම් පටිපාටියක් සකස් කිරීමෙන් සමාජ විශමතාද  අහෝසි වනු ඇත.

24 comments:

  1. ලංකාවේ අද්යාපන ක්‍රමයේ සමාජවාදී වෙනසක් අවශ්‍යයි කියලද මේ කියන්නේ ? නැත්නම් වෙනත් මානයක්ද ?

    ReplyDelete
    Replies
    1. සමාජවාදී කිව්වත් වරදක් නැහැ.මා අසා තිබෙනවා පැරණි සමාජවාදී රටවල හැමටම සාධාරණ කාර්මික අධ්‍යාපනයක් ලැබුන බව
      අපි කියමු සාධාරන අධ්‍යාපන ක්‍රමයක් කියල.යල් පැනගිය යටත් විජිත ක්‍රමය වෙනුවට සාර්ථකව ආදේශ කරන්න පුළුවන් වෙන්නත් ඕන
      ආදර්ශ පාඨය වෙන්න ඕන පාසලට ඇතුළුවන කිසිම කෙනෙකු රැකියාවකට සුදුස්සෙක් නොකර එළියට දාන්නෙ නෑ කියන එක.
      පාසලෙන් ඉවත් වෙන සිසුව කෙළින්ම යවන්න ඕන රැකියා ස්ථානයට.බහු විශයික ඇගයීම් ආදියෙන් සිසුවා පාසලේ සිටින කාලයේදීම කම්හල් ,ව්‍යාපාරික ස්ථාන එක්ක සම්බන්ධ කරන්න ඕන.

      Delete
    2. ඔව් එහෙම ක්‍රමයක් තමා තිබුනේ.

      Delete
  2. නිදහස් අධ්‍යාපනය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නිදහස් වීමට නම් තමන්ට අවශ්‍ය ඉලක්ක්කයට යාමය හැකිපරිදි නොමිලේ සහ මුදලට අද්‍යාපනය ලබාගැනීමේ නිදහස තිබිය යුතුය. දැනට මාස කිහිපයකට පෙර නීතියක් දැම්මා ජාත්‍යන්තර පාසල් වලින් උසස් පෙළ සමත් අයට රජයේ පාසල් වලට නොගන්නා ලෙස.(මා දන්නා පරිදි එය හකුලාගන්නා ලදී) මේවා නිදහස් අද්‍යාපනය වෙනුවෙන් ගත් තීරණද ජාත්‍යන්තර පාසල් වෙනුවෙන්(මොහාන් ලාල් ග්‍රේරු වැනි අය වෙනුවෙන්) ගත් තීරණද?

    කළා උපදියට රැකියා නැත්තේ ඇයි. වසරකට ඔවුන් බිහිවෙන ප්‍රමාණය ඔවුන්ට ඇති ඉල්ලුමට වඩා වැඩි නිසා නේද? ඇයි ඒවා පාලනය කරන්නේ නැත්තේ. නිදහස් අධ්‍යාපනය මෙන්ම පාඨමාලා කළමනාකරණයද වැදගත්ය.

    ReplyDelete
    Replies
    1. මුදලට හෝ නොමිලේ හෝ හැමෝටම ඵලදායී අධ්‍යාපනයක් හිමිවෙන්න ඕන.පුද්ගලයන් ඉලක්ක කරල නොවේ හැමෝටම සාධාරණ ඵලදායී අධ්‍යාපනයක් දිය යුතුයි කියන මතයෙ ඉදලයි වැඩ කරන්න ඕන
      කලා උපාධියට කිසිම ඉල්ලුමක් නැහැ.අරූ මෙහෙම කිව්ව මූ මෙහෙම කිව්ව කියල ගිරා පෝතක මොට්ටයො ටිකක් බිහිකරනව.මෙහෙමත් කියන්න බැරිද කියල බය නැතිව ස්වාධීනව හිතන්න පුළුවන් එවුන් නිර්මාණය කරන්නෙත් නෑ.
      කලා විතරක් නොවෙයි බොහෝ විද්‍යා උපාධි කරපු අයත් රැකියා ලෙස කරන්නෙ තමන්ගෙ උපාධියාට් කිසිසේත්ම අදාල නැති ඒව.අපරාදෙනෙ අවුරුදු 4ක් නාස්තිකරල තියෙන්නෙ.

      පාඨමාලා කළමනාකරනය කළ යුතුමයි.දැනට ඉන්නව ඊලඟ සියවසටත් ඇති තරම් කලා කාරයො.මාත් කලා උපධිකාරයෙක්.මම වෙනත් සුදුසුකම් විශාල ප්‍රමාණයක් එකතුකර ගත්ත ඒක වෙනම කතාවක්

      රැකියා නැති බව දැන දැනත් කලා කරන්නෙ උපාධිය කියල මිත්‍යාවක් සමාජගත කරල තිබෙන නිසා.උපාධියට නිසි තැන දිය යුතුයි.හැබැයි ඒ මම මේ පෝස්ට් එකේ පෙන්නල තියන විදියෙ දෙලොවටම වැඩ තියෙන උපාධිවලට.
      ඒ වගේම ඕනම කෙනෙකුට උපාධි අරන් ඉහලට යන්න කෙටි ක්‍රම තියෙන්නත් ඕන
      එහෙම වුනොත් සමාජ විශමතා හුඟක් අහෝසි වෙයි.රාජ්‍ය හා පෞද්ගලික අංශයෙ වහල් ශ්‍රෙණි ක්‍රමය අහෝසි කරන්නම ඕන.

      Delete
  3. යකා.........................

    මිශනාරීන් තමයි ඔබ කියන විදිහට අධ්‍යාපනය ජනතාව අතර ගෙනිච්චේ. ඒත් ඊට පෙරත් පන්සල මුල් කරගත්තු අපේ ම අධ්‍යාපන ක්‍රමයක් අපිට තිබුණා... ලංකාවේ සිටි මහා පඩිවරු ඒ තුළින් බිහිවුණා.. අදටත් එම පිරිවෙන් අධ්‍යාපන ක්‍රමය නොනැසී පවතිනවා. ඒ තුළ ගැටළු තියෙන බව ඇත්ත..... නමුත් ඒ ක්‍රමය තියෙනවා. ඒ කියන්නේ අපිට මිශනාරීන් එන්නට පෙරත් සාර්ථක අධ්‍යාපන ක්‍රමයක් තිබුණා...

    කොහොම වුණත් ඔබ කියන කතාව හරි. මිශනාරීන් තමයි ප්‍රසිද්ධ අධ්‍යාපන ක්‍රමය ලංකාවට ගේන්නේ. නමුත් ඔවුන් අධ්‍යාපන යොදා ගත්තේ ආගම ප්‍රචාරය කරන මාධ්‍යය ලෙසටයි.. ඒ අධ්‍යාපනය ලබන්නන්ට විතරයි සුදු ආණ්ඩුවේ ලොකු රස්සා හම්බුණේ.

    නිදහසින් පසු තමයි මේ පාසල් රජයට පවරා ගනිමින් නිදහස් අධ්‍යාපන ක්‍රමය හදුන්වා දුන්නේ. ඒ කන්නන්තර මහතාගේ පනතත් එක්කයි. නමුත් ඔබ පටලවා ගන්නා තැන තමයි යකා සුද්දන්ගේ පන්ති භේදය ඇති කරමින් කරගෙන ගිය අධ්‍යාපනය ජනතාවගේ කරේ නිදහස් අධ්‍යාපනයයි. ඒ කියන්නේ මුදල් මත හෝ තත්වය මත පදනම් නොවූ අධ්‍යාපනයයි. ඉතින් ඔබ නැවතත් අන්තිමට කියන්නේ හැමෝට ම මුදල් මත අධ්‍යාපනය ලබා ගැනීමට ඉඩ දිය යුතු බවයි. ඉතින් ඒ කියන්නේ යකා ආයෙමත් නිදහස් අධ්‍යාපනය නැති කළ යුතුයි කියන එකනේ........

    නිදහස් අධ්‍යාපනය කියන එකට මුදල් ගෑවෙන තැනදී නිදහස් අධ්‍යාපනය එතනින් තුරන් වෙනවා. ඉතින් යකා ඔබ කියන ක්‍රමය තුළ නිදහස් අධ්‍යාපනය නැති වෙනවා. ඒක දියවෙලා යනවා. ඔබ මේ කතා කරන්නේ ඒක විය යුතුයි කියලාද?????

    ReplyDelete
    Replies
    1. නෑ නෑ නෑ කවුද එහෙම කිව්වෙ
      මම කියන්නෙ තවත් අමතර අවුරුදු දෙකක් දීල නිදහසේ වෘත්තීය පුහුණු අධ්‍යාපනයකුත් දෙන්න කියලනෙ
      හැබැයි සල්ලි දීල ඉගෙනගන්න කැමති අය එහෙම ඉගෙන ගත්තාවෙ.
      ඒත් අනෙක් හැමෝටම අතිරේක අවුරුදු දෙකේ ඩිප්ලෝමා මට්ටමේ වෘත්තීය පුහුණුවක් දීල අවශ්‍ය නම් තව අවුරුද්දකින් උපාධිය සම්පූර්ණ කරගන්නත් අවස්ථාව දෙනව.මේව කරන්නෙ නොමිලෙ
      සල්ලි තියෙන අය ඉන්ටනැෂනල් ස්කූල් යන්නෙ රජයේ පාසල් තියෙද්දි.ඒක වෙනම දෙයක්.අනෙක් ඔක්කොමට නිදහස් අධ්‍යාපනය දෙනව.ඒ විතරක් නොවෙයි පාසලට ඇතුලත් කර ගන්න ළමය පාසලෙන් කෙළින්ම දාන්නෙ රස්සාවට
      ළමයටවත් දෙමවුපියන්ටවත් බර දෙන්නෙ නෑ.රජය බැදී ඉන්නව රස්සාවක් දෙන්න.ඒ කියන්නෙ රජය ළමය පුහුණු ශ්‍රමිකයෙක් කරනව.ඒ ශ්‍රමිකය තමන්ගෙ ක්ෂේත්‍රයෙ අන්තිම ඉහලට යන්න පුළුවන් විදියෙ අංගසම්පූර්ණ අධ්‍යාපනයක් ලැබූ කෙනෙක්.දැන් තියන ශ්‍රේණි ක්‍රමයෙ කොයි තරම් දක්ෂ වුනත් හැමෝටම ඉහලට යන්න බැහැනෙ

      Delete
  4. එහෙම වෙනසක් කරලා වැඩේ කෙල උනොත් ආණ්ඩුව බයයි ඒ වැරැද්ද බාරගන්න.. අවුරුදු කීපෙකට කලින් අධ්‍යාපන ඇමති වරයෙක් නොකියා එහෙම කතාවක් කිව්වා.

    ReplyDelete
    Replies
    1. මේ වගෙ අදහස් ආවෙ අද එයෙ නොවෙයි.හැටගනන්වල ඊරියගොල්ල මහත්තය කිව්ව විතරක් නොවෙයි කරලත් බැලුව.ඒ කාලෙට ගැලපෙන ලෙස ලුහු කර්මාන්ත එහෙම දැම්මලු.ඒත් සියළු ආයතන ඒකාබද්ධ කරල සම්පත් කළමනාකරනය කරල නොවෙයි.දැක්මක් තිබිලත් නෑ
      නිකම් හිතල බලන්න පිට්ටනි වල වාහන පුරුදු කරනව.පර්ශද පාසලේ ලොකු පිට්ටනියෙ බර වාහන ට්‍රේනින් .මාරයි.
      අතිරේක අවුරුදු දෙකේ සිසුන් කට්ටියක් ගාමන්ට් ට්‍රේනින් .තව කට්ටියක් මහ ලැබ් එකේ වෙන සබ්ජෙක්ට් එකක ට්‍රේනින්.
      කට්ටියක් දීමනාවක් සහිතව කම්හලක වැඩ.කිසිම කෙනෙක් නිකම් නෑ මොකක් හරි ආර්ථික ක්‍රියාවක.බෝක්කු උඩ කාලෙ නාස්තිකරන අය නැහැ.ඒ වගේම හැමෝම කරන දේ වලින් ඒ අයට ප්‍රතිලාභ ලැබෙනව.
      මේ අවුරුදු දෙකේ ලොකු ජීවන දැක්මක් ජීවිතයට ලැබෙනව.

      Delete
  5. ශ්‍රේණි... වලට හා .... හොරෙන් සපයා ගන්නා සහතික වලට උසස්වීම් දෙන ආකාරය මා දැක්කෙමි....එහිදී ..... මගේ දක්‍ෂතාද වරෙක උසස් වීමට මදි පාඩු උනි..... මන්ද..... marking scheem එකේ...... මට වූ ඉහල සුදුසුකම නොමැති වීම හේතුව විය.
    එහිදී...... මට වඩා අඩු සුදුසුකමට ලකුණු ලැබී...... මාව පසුකර අන් අය ඉහලට නැගුණි..... board එක වරද පිලිගැනුනිද......කල හැකි යමක් නොවිණි.....
    මා හට සිදුවුයේ...... මේ හේතුව මත..... රැකියාව මාරු කරන්නටය......... උන්නවුන්ට වඩා ඉහල සුදුසුකම් දෙක කරපින්නාගෙන ...... මා..... නැවතත්...... වෙනත් තැනකට අතික්‍රමණය කරන්නට සිදු වුයේ....... තියන අද්‍යාපන ක්‍රමයට හුමිටි තබමිනි.....

    ReplyDelete
    Replies
    1. ඒක තමයි ලොකු වෙනසක් කරන්න අවශ්‍ය වෙන්නෙ.දක්ෂතාව සහ සුදුසුකම් අනුව ඉදිරියට යන්නට පැහැදිලි ක්‍රමවේදයක් අවශ්‍ය කරන්නෙ.මෙහෙම ක්‍රමවේදයක් ඇතිකරන්න අසමත් වෙන තාක්කල් ඔය වගෙ සිද්ධි වෙනව.ප්‍රතිඵලයට හේතුවූ මුල්ම හේතුව මුලිනුපුටා දමනතුරු මෙහෙමමයි.
      අධ්‍යාපනයේ සියළු විශමතා අවසන් කළ පසු අනෙක් ඒව හදන එක හුඟක් පහසු වෙයි.
      අපේ අධ්‍යාපනය සකස් කරලම තියෙන්නෙ විශමතා ඇති වන විදියටත් දක්ෂයට යන එන මං නැතිවන විදියටත්.ඊට පස්සෙ දක්ෂයත් වැල යන පැත්තට මැස්ස ගහන්න පුරුදු වෙනව.රටට ඉදිරි ගමනක් නෑ.
      බඳවාගැනීම් ගැන නම් කියල වැඩක් නෑ.

      Delete
  6. ආණ්ඩු මාරුවෙන වාරයක් පාසා වෙනස්වන අධ්‍යාපන ප්‍රතිපත්ති තියනතාක් කල් අපේ රටට හරියන්නේ නැහැ. පෞද්ගලික අභිමතාර්ථ පැත්තක දමා ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් අනුගමනය කල හැකි කරන්නට දන්න නියම උගතුන් වෙත බලය ලබාදීමෙන් පමණයි විසඳුමක් ලැබෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ප්‍රායෝගික වශයෙන් අධ්‍යාපනය දිය යුත්තේ තෘප්තියකින් යුතුව රැකියාවක් කිරීමට සුදුස්සෙක් කිරීමටයි.සංස්කෘතිය ඊලඟ පරම්පරාවට ප්‍රේරණය කිරීම හෝ පෞර්ෂය වර්ධනය දෙවනුව තෙවනුව කියන බයිල.අපේ රටේ නොළැබෙන්නෙත් ඒකයි
      සෑම කෙනෙකුටම අංග සම්පූර්ණ අධ්‍යාපනයක් ලැබිය යුතුයි.එම අධ්‍යාපනය තම දක්ෂතාව සහ ජ්‍යේෂ්ඨත්වය මත ඉහළට නැගීමට හැකි එකක් විය යුතුයි.එසේම එය නිදහස් අධ්‍යාපනය යටතේ පාසල් හෝ අනුබද්ධ ආයතන වලින් ලබා ගත හැකිවිය යුතුයි.
      කැමති කෙනෙකුට මුදල් ගෙවා හෝ ලබා ගත හැකි විය යුතුයි.
      රැකියාවට අදාලව අධ්‍යාපනය දීමට ක්‍රමවේදයක් තිබුනානම් කාලය ධනය ශ්‍රමය හැම දෙයක්ම ඉතිරියි.අපේ සිසුන්ගෙන් 99% ක් ම තමන්ගෙ කාලය මුදල් වියදම් කරල තියෙන්නෙ අනවශ්‍ය දේවල් ඉගෙන ගන්නයි.

      Delete
  7. අධ්‍යාපනය මේ රටට ගැලපෙන විදිහට සකස් කළයුතු කාලය දැන් උදාවෙලා කියලයි මට හිතෙන්නේ. ගොඩදෙනෙක් ඉගෙනගන්නේ ලේසියෙන් ලොකු පඩියක් ගන්න පුලුවන් රස්සාවක් කරන්න. මෙහෙම උනහම රස්සාව මත තවත් අනවශ්‍ය බෙදීම් ඇතිවෙනවා අනෙක ශ්‍රමයෙන් වැඩකරන පිරිස බාල්දු වෙනවා. මේක සාධාරන නෑ. වෙනස් වියයුත්තේ මෙන්න මේ වගේ දේවල් ඇත්තෙන්ම.

    ReplyDelete
    Replies
    1. ඔබ ඉතා වැදගත් දෙයක් මතුකරනව.ඇත්තටම අපි ශ්‍රමයට දක්වන සැළකිල්ල ඉතාම මදි.මානසික ශ්‍රමය කියල විශාල වටිනාකමක් දීල තියනව.මේව සාකච්ඡාවට බදුන් කළ යුතු කරුණු.

      Delete
  8. අදහස් යෝජනා නම් හොඳයි. මේව කරන්න මොලේ තියෙන එවුන් දෙශපාලනේ කරන්නේ නැති එකයි ප්‍රශ්නේ.

    ReplyDelete
    Replies
    1. මේ දේශපාලන රටාවත් එක්ක කිසිවක් කරන්න බෑ.ඒ ගැන තව පෝස්ට් එකක් දාන්න ඕන.අපේ වරණීය ක්‍රමවේදය සාධාරණද,ඉන් අපේක්ෂිත අරමුණු ඉටුවෙනවද කියන එක සාකච්ඡා කරන්නට

      Delete
  9. මේ තියෙන්නේ අපේ අලුත්ම සිංහලSyndiya.com ඔයාගේ බ්ලොග් / වෙබ් සයිට් එකත් අදම එකතු කරන්න.

    ReplyDelete
    Replies
    1. ඉතාම හොඳයි. සින්ඩි හුඟක් තිබෙන එකෙන් කිහිප දෙනෙකුගෙ ඒකාධිකාරය බිද වැටෙනවා.දහසක් මල් පිපෙන්න ඕන.බ්ලොග් කල්ලි වල තියෙන්නෙ පටු දේශපාලන වුවමනාවන්
      මං එව්ව රික්වෙස්ට් එකක්.එය කාරුණිකව සළකා බලන්න

      Delete
  10. ප්‍රිය ඇඩ්මින් වෙත,

    ඔබේ බ්ලොග් අඩවියත් විකසිත සින්ඩියට එක්කර ගන්න. (Blog Syndicator)
    Blogger සහ WordPress බ්ලොග් අඩවි සදහා එම අඩවියේ URL එක සහ බ්ලොග් එකෙහි නම ලබාදුන් සැනින් ස්වයංක්‍රියව සින්ඩිය හා ඇමුණුම සිදුවේ.
    බ්ලොග් නොවන නමුත් Feeds සක්‍රිය වෙබ් අඩවි වුවද සින්ඩිය හා ඇමිණිය හැකිය.
    විකසිත සින්ඩිය :- http://syndi.wikasitha.com/

    මිට හිතාදර
    ඇඩ්මින් - විකසිත සින්ඩිය. (info@vweb.lk)

    ReplyDelete
    Replies
    1. ඉතාම හොඳයි. සින්ඩි හුඟක් තිබෙන එකෙන් කිහිප දෙනෙකුගෙ ඒකාධිකාරය බිද වැටෙනවා.දහසක් මල් පිපෙන්න ඕන.බ්ලොග් කල්ලි වල තියෙන්නෙ පටු දේශපාලන වුවමනාවන්
      මං එව්ව රික්වෙස්ට් එකක්.එය කාරුණිකව සළකා බලන්න

      Delete
  11. යකා සහ සමාජ සුභ සාධක නිස්සද්ද මොකද කියල බැලුවේ ඇවිල්ල. මම ප්‍රාග්ධනය අමතක කරලා නැහැ. ඔහොම යමින් ගමන් ඒකත් දානවා.

    ReplyDelete
    Replies
    1. ප්‍රාග්ධනය වගේම ඔබ දැන් දමන ලිපිත් ඉතාම වටිනවා.විශේෂයෙන් කිව යුත්තේ ඔබේ අලුත් ලිපිය ඉතාම වටින විද්‍යාත්මක ලිපියක් බවයි.මීට පෙර මෙවැනි හරවත් ඒ වගේම බ්ලොග් අවකාශය ආලෝකවත් කරන ලිපි ලියන්නන් සිටියත් දැන් නම් එහෙම කෙනෙකුට ඉන්නේ ඔබ පමණයි.බහුතරය ලියන්නෙ දෙලොවටම නැති කුනුහරප
      විශේෂයක් නැහැ.ඔබ ලියන හැම ලිපියම වටිනවා.අප යමක් ඉගෙන ගන්නවා

      Delete
  12. █ මේ තියෙන්නේ අපේ අලුත්ම www.tinyurl.com/sinhalasyndi සිංහල Syndiya ඔයාගේ බ්ලොග් / වෙබ් සයිට් එකත් අදම එකතු කරන්න

    ReplyDelete