Saturday, September 27, 2014

සීසර් ලගෙ කතන්දර

හරි දේට හරි කියාද වැරදි දේට වැරදි කියාද කියන්නට තරම් ධෛර්යක් තිබෙන මා කිසිම මතවාදයකට බන්ධනයකින් බැඳී නැත.එනිසා මගේ අදහස් නිදහස්ය.හැම දෙයක්ම බැතියකින් තොරව ප්‍රශ්න කරන නිසා මගේ ලෝකයේ වීරයන් නැත.ඉතිහාසයේ සෑම යුග පුරුෂයෙකුම ඔවුන්ට පැවරුන භූමිකාව රැඟූ අය පමණි.ඔවුන්ගේ පරාසයෙන් පිට ඔවුන්ට වලංගු බවක් නැත.මෙහි පරාසය යන්නට කාලය දේශය වැනි කරුණු අදාල වේ.

කරුණු එසේ වුවද සමහර අවස්ථාවල සමහර අරමුණු උදෙසා බන්ධනයන්ගෙන් බැදීමට සිදුවෙයි.එහෙත් ඒ බන්ධනයන්ගෙන් මිදුන විට දැනෙන සැනසිල්ල අපමනය.මා එසේ බන්ධනගත වූ අවස්ථාවක් නම් බ්ලොග් ලිවීමයි.බොහෝ බ්ලොග්කරුවෝ මෙන්ම බුකියේ ප්‍රචාරාත්මක කටයුතු වල නියැලෙන්නෝද මෙසේ හිට්ස් ආශාවෙන් සිතින් වද විදින්නෝ වෙති.ඔවුහු එය පිටතට නොපෙන්වති.මෙය කොතරම් බොළද වුනත් මම ද මෙහිදී බොළද වීමි.

හිට්ස්  වැඩි කරගැනීමට විවිධ උපායන් යොදති.බොහෝ බ්ලොග්කරුවෝ ලිංගිකත්වය අලෙවි කරති.ඕපා දූප වලට මිනිසාගේ ස්වාභාවික රුචියක් ඇත.ශිෂ්ටාචාර වීමට පොරොතුව අවුරුදු ලක්ෂ ගනනක් විවේකයගත කළේ ඕපාදූප කියමිනි.රතු ,කහ ,කොළ වර්ණයන්ට මිනිසාගේ රුචිය සේම මෙයද ජානගත වූවකි.

මට කෙටිකතා හෝ නවකතා ලියන්නට බැරිය.ඒ කුසලතාව මගේ අහලකින්වත් ගොස් නැත.ඕපා දූප ලියන්නත් බැරි නිසා ලිංගිකත්වයට බර යම් යම් දේ ලිව්වෙමි.එයද මට ගලපෙන්නෙ නැති බවක් හැඟුනි.

මේ කාලයේ එක් බ්ලොග්කාරියක් ඇයගේ ළමා කාලය ගැන පෝස්ට් කිහිපයක් දැම්මාය.බොහෝ දෙනා අනේ අනේ අනේ කියා කොමෙන්ට් කළැහ.හිට්ස් ද වැඩි විය.මෙය දුටු මා මෙන්න හිට්ස් නග්ගන ක්‍රමේ කියා සිතා

මමද මා කාර්යාල කාර්ය සහායකයෙකු බවත් දුප්පත්ම බ්ලොගකරුවා බවත් සාමාන්‍ය පෙළ කිහිපවරක් ලියා යන්තමින් පාස් වූ නූගතකු බවත් ගෙවල් ගානේ බඩු වික්ක අහිංසක යකු බවත් ඇගෙව්වෙමි.මම මොන මෝඩයෙක්දැයි සිතේ.බල්ලන් මා පසුපස ආවේ ඉන් පසුය.බොහෝ බ්ලොග්කරුවෝ ඉගෙනගෙන රැකියා කළත් විවිධ හීනමානයන්ගෙන් පෙළෙති.එම හීනමානයන් සල්ලිවලින් හෝ අධ්‍යාපනයෙන් යටපත් කල නොහැක.ඔවුහු සමාජයෙන් පලා යන්නේ මේ හීනමානය නිසාය.මට නම් එවැනි හීනමානයක් නැති නිසා ඔවුන්ගේ පීඩාව කෙබදුද යන්නවත් තේරුම් ගත නොහැක.

මා කිසි දින ගෙවල් ගානේ බඩු වික්කේ නැත.ඒ මිතුරෙකුගේ අත්දැකීමකි.ඔහු එම රැකියාව අත් හළ පසු අපි සමඟ ඒ ගැන විවේචනයක් කළේය.එය මගේ සිතේ තිබී මගේ කතාවක් ලෙස ලිව්වෙමි.

ඒ ගැන කතා ඇති.දැන් සීසර් ලගෙ කතා බලමු.

මා රෝම ඉතිහාසය හදාරන්නට සිතුවේ එහි විචිත්‍ර දේශපාලන ක්‍රමයන් හැදෑරීමේ අවශ්‍යතාවය නිසාය.දේශපාලනය ගැන උණුසුමක් වර්ධනය වන මේ දවස්වල යමක් කියන්නට සිතුවෙමි.රෝමවරු නව දේශපාලන ක්‍රම අත්හදා බලන්නට බිය නොවූහ.ඇත්තෙන්ම රෝමවරුන්ට මෙහිදී පූර්වාදර්ශ ලැබුනේ ඇතන්ස් හා ස්පාටා පෞර රාජ්‍යයන්ගෙනි.

ඇතන්ස්,තීබ්ස්,වනි ග්‍රීක් රාජ්‍ය ඍජු ප්‍රජාතන්ත්‍රවාදය අත්හදා බලන්නට බිය නොවූහ.මේ රජවරුන් ඉදිරියේ වැදවැටුන මිනිසුන්ගෙන් මිහිතලය පිරී තිබූ කාලයයි.ග්‍රීක්වරුද අටෝරාසියක් මිත්‍යාවන්ගෙන් භරිත වී සිටියහ.එහෙත් ග්‍රීක්වරු රජවරු පිළිකුල් කළහ.ඔවුන් රජවරුන්ට කීවේ ටයිරන්ට් ලා කියාය.එහි තේරුම ප්‍රජාපීඩකයා යන්නයි.මෙහිදී පාලකයා කොයි තරම් යහපත් වුවත් ඔහු ජනතාවගේ නියෝජිතයෙකු නොවී නම් ටයිරන්ට් කෙනෙකි.බලන්න ග්‍රීක් සිතිවිලිවල උදාරකම

පුරය සමෘද්ධ කළ ඉතා යහපත් පාලකයන් ග්‍රීක් පුරවැසියන් විසින් බලයෙන් පහකළේ ප්‍රජාපීඩක චෝදනා එල්ල කරමිනි.දාර්ශනික ග්‍රීක් මිනිසා සැවොම දේශපාලනිකව සමාන බව විශ්වාස කළේය.

මේ ක්‍රමය පුරවල ස්මෘද්ධියට නොව පිරිහීමට හේතුවේයයි චෝදනා එල්ල විය.විදේශීය ආක්‍රමන  ඉදිරියේ ස්ථිර නායකත්වයක් නැති ග්‍රීකයා පසුබසින බවක් ප්‍රජාපීඩකයන්ට හිතවත් දාර්ශනිකයෝ තර්ක කළහ.පර්සියානු ආක්‍රමනවලින් ග්‍රීක් පුර බේරාගැනීමට ඉතා අවදානම් අවස්ථාවකදී තීබ්සය සමත් වූ නිසා මේ සංවාදය යට ගියේය.මොනම හේතුවක් නිසාවත් සිය නිදහස සීමා කර ගැනීමට කැමති නොවීය.

තීබ්සය උදාර ලෙස ග්‍රීක් රාජ්‍යයන් රැක ගත්තත් ඇනෝ කොමෙන්ට් එහෙන් මෙහෙන් එන්නට විය .ස්පාටාවේ අති ධාවනකාරී ක්‍රමය නිසා එහි සාධාරණ බවක්ද පෙනුනි.එහෙත් ප්‍රසිද්ධියේ කිසිම ග්‍රීකයෙක් තම උදාරකම හැර වෙන දෙයක් නොපැවසීය.

ට්‍රෝජන් යුද්ධය ගැන නොදන්න කෙනෙක් නැත.එම යුද්ධයේදී ඇගමෙම්නොන් පෙරමුණ ගත්තේ රජෙක් ලෙස නොව උදාර  ග්‍රීකයෙකු ලෙසයි.ඇකිල්ලීස් වැනි වීරයන් ගෙන් ග්‍රීක් සේනා ව සමන්විත විය.මෙම සේනාව සටන් කළේද සුළු ආසියාවේ ( වත්මන් තුර්කියේ )පෞර රාජ්‍යයක් සමඟය.ඒ ට්‍රෝයි පුරයයි.


ට්‍රෝයි පුරයේ විනාශයත් සමඟ ඊනියෑස් අතුළු පිරිසක් ඉන් පලා ගොස් ඉතාලියේ වාසය පිණිස තැනක් සොයන්නට විය.රොමියුලස්ගේ පුරාවෘත්තයට වඩා මෙය විශ්වාසකටයුතුය.මෙසේ විවිධ ජනකොටස් එක්වී රෝමපුරය නිර්මානය කළහ.

අප රෝමය ගැන කතා කළ යුත්තේ ඇයි. ග්‍රීකයන් අසාර්ථක වුනේ ප්‍රජාතන්ත්‍රවාදය නිසායැයි කියන අයට කනේ ඇගිලි ගහගන්න වැඩ කළේ රෝමවරුය.රෝමය මුලින්ම පාලනය කලේ එට්‍රස්කන්වරුය.එට්‍රස්කන් රජුන්ගේ පාලනය උදාර රෝමවරුන්ට අරුචි වූයෙන් ගර්විත ටාක්වින් නම් එට්‍රස්කන්වරයා පන්නා දමා පෞර රාජ්යයක් ගොඩ නැගූහ.මේ සියළු ග්‍රීක් රාජ්‍ය පිරිහුන කාලයයි.රෝමවරු ගත්තේ ලොකුම අවදානමකි.

සියළු රෝමවරු තමන් උදාර මිනිසුන් බව විශ්වාස කළෙන් කිසිවෙකු යටතේ සිටිනවාට වඩා නිළධාරී මණ්ඩලයක් යටතේ පාලනය වීම හොඳ බව සිතූහ.ඉරෙන් හදෙන් පහලවූ කිසිවෙකු රෝමයේ සිටියානම් රෝමවරු වැටෙන්නෙ ලොකු අමාරුවකය.කොනප්පු බන්ඩාර සෙංකඩගල රජවූ පසු ඔහුට උරුමය පෙන්වන්න සූර්යයා දක්වාම පරම්පරා කතාව ලියන්නට සිදුවිය.


රෝමවරුන් නිළධාරි මණ්ඩලයක් යටතෙ පාලනය වෙනව.මාරයිනෙ.ඒ කොහොමද  ඒ අය අතර විශමතා නැද්ද වර්තමානයේවත් නැති සමානාත්මතා සමාජයක් එදා තිබුනද වෙන්න බෑනෙ.ඔබ කියාවි


ඔවු ඇත්ත.විශමතා සියගානක් තිබුන.තමන් උදාරයි කියල සිතූ රෝමවරුන් තමයි මෙහි පෙරමුන ගත්තෙ.කුල ක්‍රමයක් තිබුන.පැට්‍රීෂියන්වරු උසස් කුළේ ප්ලේබියන්වරු අඩු කුලේ.
ඉතින් ප්ලේබියන්වරු හිතුවද අනේ අපි අඩුකුලේ .මේ ලබා උපන් හැටි තමා කියල.නෑ ප්ලේබියන්වරු නැග්ග කන්දකට .නැගල ස්ට්‍රයිඔක් එකක් කළා.ඒක තමයි මානව ඉතිහාසයේ පළමු වර්ජනය.ප්ලෙබ්වරු කිව්ව අපිත් උදාර රෝමවරු.ඒ නිසා අපට නියෝජනයක් නැත්නම් රෝමකමෙන් ඉවත්වෙනව කියල.පුදුමයි නේද

පැට්‍රීෂියන්වරුන්ට කරන්න දෙයක් නෑ.වංසෙ කබල් ගෑවට පැට්‍රීශියන්ලට කට්ටිය අඩුයි.බහුතරය ප්ලෙබ්ස් ල.ඉතින් පැට්‍රීෂියන්වරු ප්ලේබියන් ඉල්ලීම් වලට ඉඩ දුන්න.කැමැත්තකින් නොවෙයි.ටික ටික නොදී බැරිකමට දුන්නත් කාලයක් යද්දි එකම රෝම ජනතාවක් ( පොපුලුස් රොමානුස් ) වුනා .පාර්ලමෙන්ටුම් වගෙ ආයතන පිහිටුවන්ට හැකිවුනේ මේ නිසයි.

පහුකාලෙක රෝමයෙ සැබෑ ප්‍රභූ වරු වුනේ ප්ලේබියන් වරු.පැට්‍රීෂියන්වරු දියවී ගියා.ක්‍රි: පූ 100 පමන වන විට මේ භේද නැත්තටම නැතිවුනා.ඒත් පැට්‍රීෂියනවරු තම උරුමයන් රැකගෙන ආව.

මන්ත්‍රන සභා ව සහ සෙනෙට් සභාව කියල සභා දෙකක්  දැන් රෝමපුරේ තියනව.මහජනතාව මන්ත්‍රන සභාවෙ.කුලීනයන් සෙනෙට් සභාවෙ.මේ සභා දෙක වෙලාවකට එකිනෙකාගෙන් ගේම ඉල්ලනව.පිටස්තර වලියකදි එකමුතුව මුහුන දෙනව.කොන්සල්වරු දෙදනෙක් පුරය පාලනය කරනව.මේ අය තෝරගන්නෙ චන්දෙන් කිසියම් කාලෙකට.අදවත් දකින්න නැති සුන්දර ක්‍රමයක්.මීට ආසන්න ක්‍රමයක් තියනව ස්විට්සර්ලන්තෙ.


කොන්සල්වරුන්ට අමතරව ප්‍රයිටර්වරු,මගිස්ට්‍රීට්වරු වගෙ නිළධාරීන් ඉන්නව.ප්‍රයිටර්වරු පාලනය කළේ නාගරික කටයුතු.කොන්සල්වරු තමයි පනත් සම්මත කරන්නෙ.අන්තනෝමතික ලෙස නීති හදන්න බෑ.ඒව සැමවිටම සාධාරන වෙන්න ඕන .චන්දයෙන් අනුමත වෙන්න ඕන.වහල්ලුන්ට චන්ද බලය නෑ.රෝම පුරවැසියන් විතරයි මේ ඔක්කොම වරප්‍රසාද භුක්ති විදින්නෙ.ජනගහනයෙන් බහුතරයක් පුරවැසියන් නොවන බවත් සිතේ තබා ගමු.මේක පහළ වුනේ සියලු මිනිසුන් සමාන කියල හිතපු කාලෙක නොවෙයි.සියළු රෝමවරුන් සමානයි කියල හිතුව දේශපාලනික අර්ථයෙන්.

රෝම සමාජයෙ තනතුරු වල ධූරාවලියක් තිබුන.සමානාත්මතාව තිබුනෙ නැහැ.නමුත් දේශපාලනිකව රෝම පුරවැසියට චන්ද බලය තිබුන.මේ චන්ද බලය කියන එක හරිම වටිනව.මරන දඩුවමට නියම වුන කෙනාටත් ඒ තීන්දුවට එරෙහිව චන්දෙ දෙන්න පුළුවන්.මරන දඩුවම දෙන්නෙත් චන්දෙකින්.වැඩි චන්ද ගත්තොත් නිදහස් .සොක්‍රටීස්ගෙ මරන දඩුවමත් එහෙමනෙ.හැම දේකටම චන්දෙ.හරිම සුන්දර සමාජ.අන්න ඒකයි පුරවැසියකු වෙන එක වටින්නෙ.පුරවැසියෙක් වුනොත් චන්ද බලය ලැබෙනව

මේ පෞර ක්‍රමය කුඩා නගරයකට සුදුසු වුනත් ලොකු ප්‍රදේශයකට කොහොම වෙයිද ඔන්න ඔතනනෙ ප්‍රශ්නෙ
රෝමවරු වසරකට දෙකකට පත්කරගන්න කොන්සල්වරු යටතෙ මුළු යුරෝපයම අල්ල ගත්ත.ගයස් ජුලියස් සීසර් කියන්නෙ මන්ත්‍රන සභාව හා සෙනෙට් සභාවෙන් පත් කළ කොන්සල් කෙනෙක්.ඔහුගෙ ප්‍රතිවාදී පොම්පෙත් එහෙම කෙනෙක්.ජුලියස් සීසර් තමා මේ ක්‍රමය වෙනස් කරල රාජාන්ඩුව ගේන්නෙ.ඒත් රෝමය අවසන් වන තුරුම මේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය තිබුන.නමට අහ්‍රි කොන්සල් වරු පත් කළා.


අපි රෝමන්ස්ල ගැන කතා කරන්නෙ ඇයි

රෝමන්ස්ලගෙ ක්‍රමය මොකක්ද ඒක වැරදුනේ කොතනද කියල දේශපාලන විද්‍යාත්මකව විග්‍රහ කරන්නයි.ඒකට ඉතින් රෝම අධිරාජ්‍ය මන්ත්‍රන සභා මතින් ගොඩ නැගුන සැටිත් එය බිද වැටුන සැටිත් අධ්‍යනය කරන්න වෙනව.


රෝම මන්ත්‍රණ සභාවන් වෙනුවට ඒකාධිපති පාලනය පිහිටුවන එක ලේසි වුනේ නෑ.ඒක සාර්ථකව කලේ ඔක්ටේවියස් ( ඔගස්ටස් සීසර් ) ඒක කරපු හැටිත් රෝම අධිරාජ්‍ය බිද වැටුන හැටිත් පස්සෙ පෝස්ට් වලින් දැන ගනිමු.



රෝමයේ කතාන්දරය ඇත්තටම රස කතාවක් .ඒත් මම ඒ ගැන බ්ලොග් එකේ ලියන්නෙ ඒ කතාව කියන්න නොවෙයි.පෞර රාජ්‍ය ක්‍රමය හා බලය එක් රැස් වීම වැළැක්වීමට අතීතයේ සිටි උදාර මිනිසුන්ගේ ප්‍රයත්නයන් ගැන කියන්නයි.එම ක්‍රම බිද වැටෙන්න හේතුවුන සමහර දේවල් වර්තමානයට අදාල නැහැ කියල මට හිතෙනව.එකක් තමයි ප්‍රාකාර උඩින් පැන කඩා වදින ම්ලේච්ඡ ගෝත්‍ර අද නැහැනෙ.ඉතින් අද වගෙ කාලෙක මෙහෙම දෙයක් යම් සමාජයක් අත් හදා බලුවොත් වටිනව නේද?



ඊලඟ පෝස්ට් වලින් මේ ගැන සවිස්තරව කතා කරමු.මෙතන ලතින් නම් දැම්මෙ නෑ.නීරස වෙන නිසා.දැම්මනම් හොඳයි කියලත් හිතුන අද අපට ඉතා  හුරුපුරුදු දේවල් ආරම්භ වුනේ ඒ ලතින් සමාජයෙන් බව දැනෙන නිසා.පාර්ලමෙන්ටුම්,කොමිටියා, වගෙ ආයතන ප්‍රෙෆෙක්ට්වරුමැජිස්ට්‍රේට් වරු වගෙ නිළයන් ඉම්පෙරියුම් බලය,උර්බානුස් වගෙ තත්වයන් ඉංග්‍රීසිය හරහා ඇවිත් අපට කොයි තරම් හුරු වචන වෙලාද.ඒවගෙ ලතින් අර්ථය එහෙමම නොවුනත්.



බලමු බලමු ඉස්සරහට


11 comments:

  1. යකා , නියමයි පොස්ට් එක. යන ලයින් එකත් හරි. දැන් මම මාක්ස්වාදී ඇසකින් බලන නිසා සමාවෙන්න ඕනේ. නමුත් සමාජ පරිණාමය , දේශපාලන ක්‍රමයේ පරිණාමය කතා කරනව්චා කියන්නේ හුඟක් වැදගත් දෙයක්. එතකොට තමන්ටත් කියව්චාන් අයටත් වැටහෙනවා විකාශනය වුනේ කොහොමද? ඉදිරියට වෙනවනම් වෙන්නේ කොහොමද කියල. මන් හිතනවා තේරුම සමග ලතින් නම් දැම්මනම් හොඳයි කියල. ඒකෙන් අපි දැනට භාවිතා කරන වචන වැඩේ සිද්ධ වුනේ කොහොමද ලියන එක හොඳට වැටහෙනවා.

    ReplyDelete
    Replies
    1. ධනය සහ බලය එක් රැස් වීමේ නපුරෙන් මිදුන පරමාදර්ශී සමාජයක් ගැන සංවාදයක් ගොඩ නගන්නයි යන්නෙ.එතනදි පුද්ගලයන් හා ආයතන විවේචනයක් නෑ.
      රෝම පෞර රාජ්‍ය කියන්නෙ අපේ ග්‍රාම රාජ්‍ය සංකල්පය වගෙ එකක්.දැනටත් යුරෝපයෙ නගර සභා ලොකු බලයක් භුක්ති විදිනව කියල මම හිතනව.මේ බලය නීති සම්පාදනය ,ක්‍රියාත්මක කිරීම ආරක්ෂාව ආදිය දක්වාත් පුළුල් වූවක් මිස මල් පාත්ති වලට වතුර දැමීමේ බලයක් නොවෙයි.

      ඒකක ප්‍රසාරණය තුලින් අර්බුදය ඇතිවූ බවයි මගෙ අදහස .එහෙමනම් වෙන්න ඕන ඒකකය කුඩා වීමයි.එහිදී ඒකකයෙන් පිට ආර්ථික ගනුදෙනු නෑ.මෙතන ප්‍රශ්නයක් එනව දැවැන්ත සංවර්ධන ක්‍රම ක්‍රියාත්මක කරන්නෙ කෙසේද කියන එක.ඒ සඳහා තමයි සංවාදය අවශ්‍ය වන්නෙ.

      මම දැක්ක ඔයාගෙ බ්ලොග් එකේ මාක්ස්වාදය ගැන හැඳෑරීමක් යනව.මමත් හුඟක් දේවල් එතනින් ඉගෙන ගත්ත.මට හිතෙන්නෙම මාක්ස්වාදය තුලින් පාර කැපෙන්නෙ ආඥාදායකත්වකට කියලයි.ඒක ලිබරල්වාදය තරම්ම නරක ඒ නිසයි.ඒ මිසක් මාක්ස් සීයත් එක්ක වෙන අරෝවක් නෑ.ලංකාවෙත් මාක්ස්වාදී පක්ෂවල වෛරය මත පදනම් වුන දැඩි නිළධාරිවාදයක් තියෙන්නෙ.ඔවුන් බලයට ආවම උතුරු කොරියාවෙ වගෙ බල්ලො කවන සමාජයක් එන්නෙ.ඒකට එරෙහිවයි අපි ලියන්න ඕන.හොඳම විකල්පය මොකක්ද කියල සංවාද කරන්න ඕන.පොතේ තියන කල් කොච්චර හොඳ දෙයක් වුනත් ප්‍රායෝගික වුනහම ඒක ව්‍යසනයක් නම් එයින් පලක් නෑ.මහත් කැපකිරීම් තුලින් ව්‍යසනයන් උදා කර ගත නොයුතු නිසා.

      මා නම් කැමතියි ඔබ අනන් මනන් ලියනවට වඩා මාක්ස්වාදී සංවාදය දිගටම ඔබේ බ්ලොග් එකේ ගෙනයනවනම්.

      Delete
  2. උඹට පිස්සු බං !!!

    අර විභීෂණ ළඟ උඹට ගන්න ගොඩක් දේ තියනවා කියලා මට හිතෙනවා බොක්කෝ… !!!

    ReplyDelete
    Replies
    1. මම ලියන්නෙ මට යමක් ඉගෙනගන්නත් මා දැනටමත් දන්නා දේ ස්ථිර කර ගන්නත් තමයි. විභීෂනගෙ බ්ලොග් එකට මා කාලෙකින් ගියෙ නෑ.යන්න ඕන. කොහොමත් මම ශිෂ්‍යයෙක් මිස ගුරුවරයෙක් නොවෙයි

      Delete
  3. උඹත් හිට්ස් පෙරේතයෙක් මට හිතෙන්නේ. මොකද හිතේ තියෙන ඉරිසියාව තමා ඔය පැහැව පැහැව උඩින් ඇවිත් තියෙන්නේ..

    ReplyDelete
    Replies
    1. මුලදි නම් හිට්ස් වැඩි කරගන්න ලොකු ආසාවක් තිබ්බා.සමහර වීක් එන්ඩ් බ්ලොග් කියවිල්ලටම වෙන් කළා.හැම තැනම ගිහින් කොමෙන්ට් කළා. සංවාද වලට බලෙන්ම සම්බන්ධ වෙලා දිවා රෑ සංවාද කළා.මගෙ ඉලක්කය වුනේ අවුරුද්දක් ඇතුලත ලක්ෂ දෙකක්වත් ගන්න
      ඒත් ඒක කවදාවත් කරගන්න බැරි බව මට තේරුනා.මට හිතෙන හැටියට අලුත් බ්ලොග් වලට එහෙමට හිට්ස් එන්නෙ නෑ.පරන ඒව කියවන්න පුරුදු අය ඒවටම යනව.
      දැන් නම් මම හිට්ස් පස්සෙ යන්නෙ නෑ.වැදගත් දෙයක් කවුරුහරි කියල තිබුනොත් අදහස් දක්වනව එච්චරයි.

      Delete
    2. ඔය තියෙන්නේ.. ඔය තියෙන්නේ.. මං බලාපොරොත්තු උනේ උඹ මට හොදවයින් දෙකක් මල පැනල කියාවි කියලා.. අන්න එහෙම යමු.. එතකොට සාර්ථකයි.. අවුරුදු දෙකට වැඩිම හිට් ගත්ත එකා කව්ද කියල උඹ දන්නවද?

      Delete
  4. බ්ලොග් එක නැවත අප්ඩේට් කරන්න පටන්ගත්ත එක හොඳයි.

    ReplyDelete
  5. උබේ ලිපිය නම් ගොඩක් වටිනවා යකෝ නමුත් මේ වගේ දේවල් කියවන්න ඉන්න මිනිස්සු ප්‍රමාණය කමෙන්ට් අනුව හිතන්න පුළුවන්. විශ්ලේෂණාත්මකව ලියන ලිපි කියවන උන් අඩු එක ගැන දුකයි යකෝ

    ReplyDelete
    Replies
    1. ලිපි කියවන පිරිස නම් අඩුයි තමයි.ඒත් සින්ඩිවල සහාය තිබුන කාලෙට වඩා ලොකු අඩුවකුත් නෑ.මගෙ පෝස්ට් වල බලය එක් රැස් වීමේ ආදීනව ගැනයි කතා කළේ. ධනය එක් රැස් වීම ගැන කතා කරමින් සියල්ල ආර්ථික දෘශ්ටියකින් විග්‍රහ කළ කාල් මාක්ස්ටත් මම ගරු කරනවා.එහි කිසිම දෙගිඩියාවක් නෑ.කකුල් හතරෙන් ගිය මිනිසා දෙපයින් නැගී සිටියේ මාක්ස්ගෙ ඉගැන්වීම් නිසයි.ඒත් එතනදි මම මාක්ස්ට වඩා මැක්ස්වේබර් ට කැමතියි.ඔහුගෙ නිළ බල ක්‍රමය ගැන විග්‍රහය වඩා සත්‍යාසන්නයි.
      මම නම් සිතන්නෙ විශාලම අනතුර සිදුවන්නෙ බලය එක් රැස් වීම නිසා කියන එකයි.එතනදි පැවති සමාජවාදී තනි පක්ෂ ආදර්ශයන් අපේ සමාජයටත් වඩා පසුගාමීයි.

      බලය හා ධනය එක් රැස් වන්නේ ඒකකය ප්‍රසාරණය වීමේදීයි.මානව ඉතිහාසය කියන්නෙ ඒකක ප්‍රසාරණය පිළිබඳ කතා පුවතක්.මෙය තව දුරටත් හැඳෑරීමට විවෘතයි.හීනමානයෙන් පෙළෙන ජනකොටස් හෝ අවුරුදු 18 කොල්ලො උසි ගන්නන සරල දෙයක් නොවෙයි.මෙහි වෛරය ඇවිලවීමකුත් නෑ.ඒ නිසා ආකර්ශනයත් අඩුයි.කොමෙන්ට් අඩුත් ඒකයි.කොමෙන්ට් වැඩි ලිපි දෙස බලන්න .ඒකපාර්ශ්විකව ප්‍රහාර එල්ල කරන ඒවානෙ.මධ්‍යස්ත විචාර කියවනවා අඩුයි.

      Delete