Sunday, September 21, 2014

ඌවේ හූව කොයි අතකට යාදෝ

කඩින් කඩ පවත්වනු ලබන පළාත් සභා මැතිවරණ වලින් ආන්ඩුව අතිවිශිෂ්ට ලෙස ජය ගැනීම මෝස්තරයක් වී තිබුනි.යුද්ධය නිසා ආ ජන රැල්ල එක දිගට පැවතුනි.මෙය ආරම්භ වුනේ 2009 දී පැවැත්වුන උතුරු මැද සබරගමු මැතිවරණයේදීය.ඒ වනවිය යුධ ජයග්‍රහණය නිසැක බව පෙනී යමින් තිබුනි.කිලිනොච්චි ඔරලෝසු කණුව පෙනෙන මානයේදී වයඹ මධ්‍යම මැතිවරණය පැවැත්වුනි.එජාපය ගම් මට්ටමින් සේදී යන හැටි දැකගත හැකිවුනේ එහිදීය.එය විශිෂ්ට ජයග්‍රහනයකින් කෙළවර විය.ඉන් පසු යුධ ජයග්‍රහණයෙන් පසු පැවති ඌව මැතිවරණැයේදී 81% ක් තරම් ප්‍රතිශතයකින් ආණ්ඩුව ජය ගත්තේය.දකුණු පළෑත් සභා මැතිවරණයද එසේමය.ඊලඟට ජනාධිපතිවරණ හා මහ මැතිවරණය පැවතියේ ඒ රස්නය පිටය.රජයේ ජනප්‍රියතාව උපරිම විය.

එම යුගයේ ආණ්ඩුව පරමාදර්ශී විය.මහපාරේ දුම්බීම මෙන්ම පොලිතීන් තහනමද ආවේ එකළය.විපක්ෂයට කට උත්තර නැති වූ ඒ දවස්වල ආන්ඩුව වූ කලී ජනතාව විසින් අනුගමනය කළ යුතු පරමාදර්ශයක් විය.සදාචාරය පුරුෂාර්ථ හා ධර්මතා ගැන ගමේ කෙහෙල්කන් හොරෙන් කපන එකා පවා සිතන්නට විය.හොරකම් නොකරන මතට තිත තබන ජන දුක හදුනන දිව්‍යමය රජයක් ශ්‍රී ලාංකිකයා ඉදිරියේ පහළ වී ඇත.

මේ තත්වය මාස කීපයකට වඩා නොපැවතුනි.

ඉන්පසු ඒ හරිය ගැන කියන්නට ඕනෑ නැත.යුද්ධය නිසා පටි තද කරගෙන ජනතාව සිටියද යුද්ධය නිම වීම නිසා අත්වූ සහනයක් නැත.කොට අදින්නේ පොඩ්ඩෝය.ලොක්කෝ යුද්ධය තියන කාලෙත් සැප වින්දහ යුද්ධය අවසන් වූ පසු වැඩි පුර සැප වින්දහ.

 රටේ ප්‍රශ්න උග්‍ර වීම නිසා ක්‍රමක්‍රමයෙන් නැගෙන ආන්ඩු විරෝධය සමනය වීමට ප්‍රභසන එකින් එක පහල විය.ග්‍රීස් යකා පළමු නාට්‍යයි.එය ඇක්ෂන් එකක් විය.ඉන්පසු පිටසක්වලින් එළි මතුවන්නට විය.ලංකාවේ ආශ්චර්ය දැක පිටසක්වල ජීවීන් මෙහි එන බව සිතූ අප සතුටු වීමු.
නානා සහ නානසාර නාට්‍ය බොක්ස් ඔෆිස් වර්තා බිදිමින් තිරගතවන්නට විය.රටේ ප්‍රශ්නවලට හේතුව මුස්ලිම්වරු බව අප දැනගත්තෙමු.හොරකම් වංචා දූෂන කරන්නේ මුස්ලිම් වරුය.බඩු මිල ඉහල දමන්නේද මුස්ලිම් වරුය.කවර භාන්ඩ වලට ටැක්ස් ගසන්නේද කියා තීරණය කරන්නේ සිකුරාදා දේව මෙහෙයෙනි.බඩු මිල වැඩි මුස්ලිම්වරුන් විසින් බදු ගහන නිසා බව තේරුම් ගත්තෙමු.


අන්තර්ජාලය තුල හුවමාරුවන දෙවල් වලින් මාධ්‍ය වලින් වසන්කරන බොහෝ දේ ජනතාව අතරට ගියේය.ලොකු ලොක්කන්ගේ ජීවිත ගැන අසා පුදුම වීමු.කන්න දෙන්න දෙයක් නැතිව අම්මලා ළැමයි අරන් ගඟේ මූදෙ පනින රටක පෙර පින් කළ අය විදින සැප ගැන කිසිම මාධ්‍යයකින් හෙළි නොකළත් ෆේස් බුක් හරහා ඒ තොරතුරු එයි.වෙබ් අඩවිද අවහිර කර ඇතත් ෆේස්බුක් හරහා මෙය සිදුවේ.රටේ ප්‍රශ්නවලට හේතුව ෆේස්බුක් බව පත්තරවල ලිපි පළවන්නට විය.ටික දවසකින් ඒ හාහෝව යටගියේය.


මේ මොනවා වුනත් කම් නැත.අපට සැබෑව තෝරා දෙන නාට්‍ය වැහි වැහැලාය.විජාතික කුමන්ත්‍රණ ගැන දිවා රෑ අපව දැනුවත් කරනු ලැබේ.ලෝකයේ සියළුම රටවල් සිටින්නේ ලංකාව  අල්ලාගන්නටය.හරිනම් අප නිකම් සිටිය යුතු නැත.ලෙමන් පෆ් පැකට් ගෙන මාරාන්තික උපවාස කළ යුතුය.
අප ගූගල් වර්ජනය කළෙමු.අපේ වර්ජනයෙන් ගූගල් සමාගම බිද වැටුනි.ඇමරිකානුවන් පාරෙ හිඟාකන මට්ටමට වැටුනි.පට දුක සිතුනි.ඒ නිසා යළි ගූගල් සර්ච් කරමු.

එක්තරා වයෝවෘද්ධ මහා බුද්ධිමතෙක් කොළඹ කඩගානේ ගොස් ඇමරිකන් පිටි ගෝනි දෙස බලා ඒ ගැන ප්‍රශ්න කරන හැටි කලකට පෙර පත්තරවල දුටුවෙමු.මේ තැනැත්තාගේ මුළු පවුලම ඉන්නෙ ඇමරිකාවෙලු.ඇත්තටම දුප්පතාට රටක් ජාතියක් නැත.මානව ඉතිහාසය මුලුල්ලේම රට ජාතිය ආගම පෙන්වා ජනතාව අන්ධ කර එකිනෙකා කාකොටා වැටෙන්නට සළස්වා ලොකු ලොක්කෝ සුර සැප වින්දහ.

පාසලකට ළමයෙක් දාන්නත් මුස්ලිම්වරුන්ට පගා දිය යුතුය.රටේ හැම තැනම අල්ලස වංචාව දූෂනයය.මේ සියල්ලම කරන්නේ මුස්ලිම්වරුය.1948 සිට මේ පාලනය කළ මුස්ලිම්වරු රට වැටී ඇති අගාධයට සම්පූර්නයෙන්ම වගකිව යුතුය.අපූරු මායා දැලකින් ඇස් වසන බව පෙනේ.හැම රෙද්දකටම අර අහක ඉන්න අහිංසක තම්බිය පලිය.රටේ ප්‍රශ්න අමතකය.මුස්ලිම් ආක්‍රමණයක් නැතැයි මෙහිදී නොකියවේ.

වාරියපොල සඟ පරපුරේ අපේ ස්වාමීන් වහන්සේලාගේ වැටලීම් අපට ටී වී එකෙන් දකින්නට ලැබේ.දුප්පත් කොල්ලො අවුස්සා උන් වහන්සේලා වඩින්නේ ප්‍රාඩෝ ,හැමර් වලිනි.උන් වහන්සේලා පෙර පින් කර ඇති බව අපි එයින් තේරුම් ගන්නෙමු.දුප්පත් කොල්ලන්ට ජාතිවාදී ගැටුම්වලට ගොස් පොලීසි උසාවි හිරගෙවල් එල්ලුම් ගස් ඇත.පින්කළ අපේ හාමුදුරුවරු සැපසේය.දෙවියනි සියළු දුප්පතුන්ට බුද්ධිබලය ලැබේවා

මේ සියල්ල කනපිට ගැහුවේ බස්නාහිර දකුණු පළාත් සභා මැතිවරණ වලදීය.මේ පළාත් දෙකේ උගත් මධ්‍යම පන්තියක් ඇත.මේ පළාත් දෙක අනෙක් පළාත්වලට වඩා සුවිශේෂීය.

මෙතෙක් අපරාජිත ආණ්ඩුව දෙදරන්නට වුනේ මෙහිදීය.විපාක්ෂිකයෝ ෆුල් ආතල් ගත්හ.ඔවුහු එළැබෙන ඌව චන්දය ගැන අහස උසට බලාපොරොත්තු තබා ගත්හ.එහෙත් ඌවේදී විපක්ෂයට හිතන තරම් ජයක් නොළැබෙන බව මම සිතුවෙමි.විශේෂයෙන් ලංකාවේ ඉතාමත්ම නොදියුණු පසුගාමී මොණරාගල වැනි පළාතල දේශපාලන වශයෙන් විඥානක ප්‍රජාවක් වෙසෙති.බදුල්ලේ අධික සුළුජාතික ඝනත්වය විපක්ෂයට වාසිදායක විය.හරින් ප්‍රනාන්දු වැනි තරුණ දක්ෂ නායකයෙකුගේ ආගමනයත් සමඟ එජාපය ප්‍රකෘතිමත් වූවා පමණි.

එහෙත් ජාතික මැතිවරණයකදී එජාපය ප්‍රකෘතිමත්වීම හා සුළුජාතික සාධකය සළකා බලා මෙබදු නිගමනයකට ඒමට පුළුවන.
කොළඹ,බදුල්ල,හම්බන්තොට,ගාල්ල,මහනුවර,නුවර එළිය,අම්පාර,පුත්තලම, යන දිස්ත්‍රික්ක හා උතුර නැගෙනහිර සියළු දිස්ත්‍රික්ක විපක්ෂය ජය ගැනීමටත් ගම්පහ,මාතර,කෑගල්ල,රත්නපුර,අනුරාධපුර,පොලොන්නරුවකළුතරකුරුණෑගල,මොණැරාගල යන දිස්ත්‍රික්ක ආණ්ඩුව ජයගැනීමටත් ඉඩ ඇත.

සුළුජාතික චන්දවලට අමතරව කතෝලික චන්දද විපක්ෂයට යනු ඇත.


ඊලඟ චන්ද සියල්ල ගල උඩ සටන් වනු ඇත.එසේම මෙතෙක් පැවති තනි අශ්වයාගේ රෙස් එක වෙනුවට යෝධයන් දෙදෙනෙකු කරට කර සිට සටන් කරනු ඇත.

අපට මාක්ස්වාදීන් සමඟ ගැටළු ඇත.ඒ මානව හිමිකම් හා බහුපක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධවය.එහෙත් කන්න නැතිව ගඟේ මූදෙ පනින මිනිසුන් චන්දය දිය යුත්තේ ජනතා විමුක්ති පෙරමුණටය.එහෙත් ඔවුන් දෙන්නේ ධනපති පක්ෂ දෙකෙන් එකකටය.පුද්ගල කපටිකම් වලට හා ද්‍රව්‍ය බෙදාදීම් වලට රැවටෙති.ජවිපෙ වැනි පක්ෂ ඉක්මනින් බිම් මට්ටමට ගොස් ධනපති පක්ෂවල ජඩකම් ගම්වල මිනිසුන්ට ඔවුන්ට තේරෙන බාෂාවෙන් කියා දිය යුතුය.ජවිපෙ ආසන ගනන අඩුවීම ගැනමටද කණගාටුය.පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු මහජන මුදලින් රට රටවල රෝන්දෙ යන විට ඊට එක් නොවුනේ ජවිපෙ අයයි .ඇත්තෙනම් සමහර සංචාර වැළැකුනේද ජවිපෙ මැදිහත්වීමෙනි.එහෙත් ජනතාව තවත් ධනපති පක්ෂයක් වන එජාපය දෙසට නැඹුරු වනු පෙනේ.එක්සත් ජාතික පාක්ෂිකයා යනු මහජන මුදල් ගසාකන්නට සාගින්දරෙන් පෙළෙන ප්‍රේතයෙක් වැන්නෙකි.අණ්ඩු බලය නැති නිසා හොරාකන්නට කොමිස් ගන්නට තව තව නොපනත්කම් කරන්නට බැරිව ලතවෙන්නෙකි.ඉවසිල්ලක් නැති එවුන් බයිල ලොරියක් කියාගෙන ආණ්ඩුවට එයි.


මේ සියල්ල වෙනස් වන්නේ අසුරු සැනෙකිනි.ආන්ඩුවෙන් කට්ටියක් විපක්ෂයට ගියොත් හෝ විපක්ෂයෙන් කට්ටියක් ආන්ඩුවට පැන්නොත් රැල්ල වෙනස් විය හැක.කෙසේ වෙතත් තවම විපක්ෂයට රැල්ලක් නැත.

යුද්ධයද තව දුරටත් මාකට් කළ නොහැකිබව ෆොන්සේකාගේ පරාජයෙන් පෙනේ.ෆොන්සේකගේ පක්ෂය ෆොන්සේකාගේ පුද්ගලිකත්වය මතම පදනම් වන්නකි.එවැනි පක්ෂවල ඉරණම රුක්මන් ගේ එක්සත් ලංකා ජනතා පක්ෂය,ලලිත් ගේ රාජාලියා පක්ෂය වැන්නක ඉරනමෙන් වෙනස් නොවේ.හෙළ උරුමය .සිහළ උරුමය වැනි පක්ෂවල ප්‍රෝඩාව ගැන ජනතාව දැනුවත්ය.එම පක්ෂවල අරමුණ ඇමති සැප විදීමයි.එජාප ශ්‍රීලනිප හැරුන විට රටේ අනෙක් පක්ෂය ජවිපෙය.ජවිපෙ බලවත් වන විට රටටත් හොඳය.හොරකම් ගැන කතා කරන්නෙ ඔවුන් බැවිනි.

රටේ දේශපාලනය ගැන අනාවැකි කීමට තවම කල් වැඩිය.සුලඟ කොයි අතට හමයිද කියා තවම කිව නොහැක.

පසුව ලියමි 

බලොග් අවකාශයේ පළවූ විචාර කිහිපයක් කියෙව්වෙමි.
 මූර්ධජ අකුරු හල් නොකරන බව නොදන්න ඉස්කෝල ගුරුවරු සිටින බව දැනගත්තේ එවිටය.කල්ලියේ කිසිම පණ්ඩිතයෙක් එය තවම නිවැරදි කර නැත.

(මේ ඡන්දයේදී ජවිපෙ එතරම් හොඳින් ඡන්ද ලබා ගෙන නැත. ඡන්දය දෙකොණ් සටනක් වී ඇති බව පෙනේ. ජවිපෙ තමන්ට අසුනක් නො තිබුණු මොනරාගලින් එක් අසුනක් හිමි කරගෙන බදුල්ල දිස්ත්‍රික්කයේ තිබුණු ආසනය රැකගෙන පමණක් තිබේ.)


දෙකොණ් කියා ලියන්නේ නැත.එය දෙකොන් විය යුතුය.



මේ චන්දෙන් ආණ්ඩුව පෙරලෙන බවට යමෙක් අනාවැකි කීමට ඉක්මන් වීම මුහුද හත් ගව්වක් තබා අමුඩ ගැසීමකි.ඒ ගැන ඔහුට කොමෙන්ට් වලින් පිළිතුරු ලැබී තිබුනි.

16 comments:

  1. //පසුව ලියමි
    බලොග් අවකාශයේ පළවූ විචාර කිහිපයක් කියෙව්වෙමි.
    මුර්තජ අකුරු හල් නොකරන බව නොදන්න ඉස්කෝල ගුරුවරු සිටින බව දැනගත්තේ එවිටය.කල්ලියේ කිසිම පණ්ඩිතයෙක් එය තවම නිවැරදි කර නැත.//

    යකා මෙතනදී නනලල වත් මොකක් වත් වැඩක් නෑ. උඹට ඒවා ඕන නං උඹ ඒවා හරියට ලියහං.. අපි කරන්නේ අදහස් සම්‍ෙප්ෂණයක් විතරයි..

    ජාතකේ අතෑරල අන්තිමට කිව්ව අර පුස් වෙඩිල්ල ගැන කතාවට මාත් එකගයි..

    ReplyDelete
    Replies
    1. ඒක නම් මම නිකමට දැම්මෙ.ඔය බ්ලොග් එකට නිතරම යන කාලෙ නම් එතන කොමෙන්ට් එකක් විදියට ඕක දානව.අපේ බ්ලොග් වල වැරදි තිබුනත් ඔය කියන බ්ලොග් එක සර්වතෝබද්‍ර පාරිශුද්ධ උත්තරීතර අරුම පුදුම බ්ලොග් එකක් නිසයි මේක කිව්වෙ.

      Delete
    2. "මූර්ධජ අකුරු හල් නොකරන බව නොදන්න ඉස්කෝල ගුරුවරු සිටින බව දැනගත්තේ එවිටය.කල්ලියේ කිසිම පණ්ඩිතයෙක් එය තවම නිවැරදි කර නැත.

      (මේ ඡන්දයේදී ජවිපෙ එතරම් හොඳින් ඡන්ද ලබා ගෙන නැත. ඡන්දය දෙකොණ් සටනක් වී ඇති බව පෙනේ. ජවිපෙ තමන්ට අසුනක් නො තිබුණු මොනරාගලින් එක් අසුනක් හිමි කරගෙන බදුල්ල දිස්ත්‍රික්කයේ තිබුණු ආසනය රැකගෙන පමණක් තිබේ.)

      දෙකොණ් කියා ලියන්නේ නැත.එය දෙකොන් විය යුතුය.

      මේ චන්දෙන් ආණ්ඩුව පෙරලෙන... "

      අනවසරයෙන් ඇතුළු වී යකා නටනවාට නරයාට කමා කරත්වා. ඌවේ එකෙක් නිසා පෝස්ටුව රසකරමින් කියවීමි. ඒ ගැන වෙනම කොමෙන්ටුවක් කොටනු පසෙක තබා නොදත් යමක් 'ක්ලැරිෆයි' කර ගැනීමට මෙසේ අසමි. 'මූර්ධජ අකුරු හල් නොකරන බව නොදත් ගුරුවරු' කිසිවෙකුත් ආ'ණ්'ඩුව කියා ලියද්දී 'ණ' අකුර හල් කලේ මන්දැයි ඔබෙන් ඇසුවේ නැද්ද? මෙහි යම්කිසි හුටපටයක් තිබිය යුතුය. දන්නා අයෙක් 'ආන්සර්' කරත්වා.


      Delete
  2. මුර්තජ නෙවෙයි මූර්ධජ

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නිවැරදි කළා

      Delete
  3. ඔන්න මමත් ඇවිත් ගියා.

    ReplyDelete
  4. Replies
    1. හැම පක්ෂෙකම අය ආතල් ගන්න වෙලාවක් මේ.පැරදිච්ච කෙනෙක් නෑ.ඒත් ආන්ඩුවට රතු එළියක් දැල්විලා තියනව.ඒක පසුගිය බස්නාහිර දකුණෙත් අපි දැක්කා.
      යුධ ජයග්‍රහණය නිසා කෙළෙහිගුණදක්වපු අය මෝඩයො කියල හිතන්නත් පිරිසක් පුරුදු වුනා.සෝබන වැඩ ,කෙළි සෙල්ලම්,විකාර වැඩ වලට මහජන විරෝධයක් තිබුනත් බුලත් කොළයට චන්දය දුන්නෙ අර කෙළෙහිගුනය නිසා.ඒක ගොන්කමක් ලෙස හිතනවනම් වැරදියි.බොදුබල ඩ්‍රාමා වලින් ඩැමේජ් වහන්න බෑ.හොරකම ,බොරුව,වංචාව,දූෂණ,නීතිය අවභාවිතය ඇතුළු අටෝරාසියක් නොපනත්කම් වහන්න යුධ ජයග්‍රහණයට විතරක් බෑ

      Delete
  5. ඔව් වෙන්නෙ මොකක්ද කියල කියන්නනම් තාම කල් වැඩියි.අනික ඉගුරු දීල මිරිස් ගත්ත ජාතිය අපි.

    ReplyDelete
    Replies
    1. යූඇන්පී රජයකින් කිසිම වෙනසක් වෙන්නෙ නෑ.ආන්ඩුවට රිංගල ඉන්න යූඇන්පී හොරු ටික ආපහු මහගෙදරට යයි.හොරකම ,බොරුව,වංචාව ,අනීතිය ඇතුළු ඔක්කොම ජඩකම් මීටත් වැඩිය දරුණුව සිදුවේවි.ජේවීපිය සන්නද්ධව නැගිටින්න තරම් එදා බලවත් වුනේ ජේ ආර් ප්‍රේමදාස ආන්ඩුවල නොපනත්කම්.ඒ අය එක්ක සසඳන කොට දැණ් ඉන්න අය උපාසකයො.
      හැබැයි රනිල්ගෙ ආන්ඩුවකින් පවුල්වාදය හා ප්‍රදේශවාදය නම් නැතිවෙයි.සංවර්ධන සැළසුම් ජාතික අවශ්‍යතා මත පදනම් වෙයි.පටු ප්‍රාදේශීය අවශ්‍යතා මත ජාතික සැළසුම් හදන එක නම් වෙනස් වෙයි.වැඩවසම් පවුල්වාදයට වඩා නූතන ලිබරල් වාදයක් ජයග්‍රහණය කරයි.ඒ හැර අනෙක් ඒව නම් එහෙමමයි.

      Delete
  6. ජවිපෙ දැන් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් බවට පත්වෙලා තියෙන්නේ. මන් හිතන විධිහට ජවිපෙ වගේ පක්ෂයකට බලය ලැබුනොත් චීනයේ වැනි තනි පක්ෂයක බලය ඇති රාජ්‍ය ධනවාදයක් හා තමන්ට හැසිරවිය හැකි ධනපති භාණ්ඩ නිෂ්පාදකයන් ප්‍රමාණයක් තබා ගනීවි. ඊට වඩා හොඳයි හැබැයි දුෂණයෙන් තොර , මානව නිදහස සෑහෙන දුරට සුරකින ධනපති ආණ්ඩුවක්. එහෙම නැත්නම් ජවිපෙ එහෙම එකක් පිටුවනවා නම්. එජාපය ආවාත් මේ දුෂණය නතර වෙයි කියල හිතන්න අමාරුයි.

    ReplyDelete
    Replies
    1. මට මාක්ස්වාදීන් එක්ක තිබෙන අමනාපයත් ඕක තමයි.ජවිපෙ ආණ්ඩුවක් ආවොත් තනි පක්ෂ ආන්ඩුවක්ම තමයි.ව්‍යාපාරිකයන්ට හොඳට බිස්නස් කරන්න පුළුවන්.හැබැයි කම්කරුවො වර්ජන කළොත් උන්ට මරණය.චීනයෙ වියට්නාමයෙ වගෙ.රාජ්‍ය ධනවාදයක් තනි පක්ෂයකින් මෙහෙයවනව කියන්නෙ අන්තිම භයානක තත්වයක්.අපි දන්නවනෙ චීනෙ,වියට්නාමෙ,කියුබාවෙ මිනිසුන්ට අවම මානව හිමිකමක් වත් නැති තනිකරම පක්ෂය කියන දඩු අඩුවෙන් පාලනය වන කාලකන්නි තත්වයක් තියෙන්නෙ කියල.

      ජේවීපී එකට මිනිස්සු චන්දෙ දෙන්නෙ නැත්තෙ ඔය අපි කියන කාරණා නිසා නොවෙයි.මේව ඒ අය දන්නෙත් නෑ.ජේවීපිය ජනතාවට ආගන්තුකයි.රතු පාට ඇදුම් ඇදගෙන රැවුල් වවා ගත්ත විදේශිකයන් තිදෙනෙකුගෙ දැවැන්ත පින්තූර ගෙන පෙළැපාලි යන මේ අය දිහා ගැමියා බලන්නෙ පිටසක්වල ජීවීන් දෙස බලන අයුරින්

      ජවිපෙ බොරු සෝබන ගතිය වැඩියි.අමුතුම පිවිතුරුබවක් පෙන්වනව.ඔබ කියන ලෙසම දූෂනයෙන් තොර මානව හිමිකම් රකින ධනපති ආණ්ඩුවක් තමයි හොඳ.තරඟයට මුහුණ දිය නොහැකිව මඟ රැදෙන අය රැක බලා ගැනීමටත් යම් ක්‍රමයක් අවශ්‍යයි.
      තනි පක්ෂ මොඩල නැති බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය පිළිගන්න මානව හිමිකම් රකින තුන්වැනි බලවේගයක් තියනවනම් වඩා හොඳයි.

      Delete
  7. අදහස් ටිකනම් පංකාදුයි යකෝ.
    දැන් චන්දේ දෙන්න කෙනෙක් හොයන එක තමයි අමාරු.

    ReplyDelete
    Replies
    1. ශ්‍රීලනිප පවුල් පසුබිමක් සහිත ව ඉපදී හැදී වැඩුන මට ණය අරන සල්ලි නාස්ති කරන සිස්ටම් එක අප්‍රසන්නව දැනෙනවනම් වෙනත් කෙනෙකුට කොහොම දැනෙනව ඇද්ද කියල මං කල්පනා කළා.ඒ වගේම ඊයෙ එජාපයෙ නිළවරණය තිබුන.කිහිප දෙනෙකුට උසස් තනතුරු ලැබුන.ඒ කිසිම කෙනෙක් රනිල් ගෙ පවුලෙ අය හෝ ඥාතීන් නොවෙයි.ඒ අතින් එජාපය හරිම ප්‍රගතිශීලී පක්ෂයක්.

      මම පවුල්වාදයට වගේම ප්‍රදේශවාදයටත් කැමතිම නෑ.ලංකාවෙ එක පළාතක මිනිස්සු සුවිශේෂයි කියන මතවාදය මමම් පිළිගන්නෙ නෑ.
      දැණ් බලන්න රුසියාව යූරල් කදුවැටියෙ ඉදන් ඇලියුෂන් දූපත් තෙක් දිවෙන මහ විශාල රටක්.හැමෝම රුසියානුවො.ලෝක සිතියමේ අඹ ඇටයක් වාගෙ ලංකාවෙ පුදුම බෙදීම් තියෙන්නෙ.යාපනේ දෙමළු මඩකලපු දෙමලු එහෙන් බේදෙ,උඩරට පහතරට බේද,දකුනේ ප්‍රදේශවාදය,කුල ප්‍රශ්න,ආගම් බේද මාර සමාජයක් මේක.ඔක්කොටම කලින් මේ වැඩවසම් කසල හේදෙන්නත් එක්ක ලිබරල් ධනවාදී මොඩලයක් ප්‍රයෝජනවත් කියලත් හිතෙනව.මට පෙනිල තියන විදියට දේශප්‍රේමය බටහිර විරෝධය එක්ක තමයි මේ හැම ජරාවම එන්නෙ.

      චන්දෙ දාන්න එකෙක් හොයන එක අමාරුයි තමයි.

      Delete
    2. //මට පෙනිල තියන විදියට දේශප්‍රේමය බටහිර විරෝධය එක්ක තමයි මේ හැම ජරාවම එන්නෙ.//
      ++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete