Wednesday, September 17, 2014

මැද පෙරදිග මරු කතරේ කතන්දරය

මේ දිනවල ලෝකයේ දැඩි අවධානයට ලක් වූ සිදුවීම් අතර ඉහළ තැනක් ගත්තේ ISIS  ත්‍රස්තවාදීන්ට එරෙහිව යුධමය ක්‍රියාමාර්ගයක්  ගැනීමට ඇමරිකාව තීරණය කිරීමයි.මෙය සීමිත ක්‍රියාමාර්ගයකි.මේ තත්වය තේරුම් ගැනීමට සංසිද්ධීන් ගොඩනැගුන ඓතිහාසික සංදර්භය ගැන දැනුමක් අවශ්‍යය.

සිරියාවේ හා ඉරානයේ තිබෙන්නේ අනෙක් මැදපෙරදිග  රටවල මෙන්ම පිපාසිත ඉස්ලාමීය සමාජයකි.මෙය තේරුම් ගැනීමට ඉස්ලාමීය නොවන පුද්ගලයෙකුට අසීරුය.එසේම ලංකාව වැනි රටක ජීවත්වන මුසල්මානුවෙකුට පවා මේ තත්වය ආගන්තුකය.

මුස්ලිම් ආගමේ බැතිමතාට මහම්මත් තුමා හදුන්වා දුන් දේව රාජ්‍යය සිය ඇදහිල්ලේම කොටසකි.එය මෙලොව පරලොව ජීවිතය හා බද්ධ අති සුවිශේෂයකි.මෙම අරමුන සාක්ෂාත් කරගැනීමට දරණ ප්‍රයත්නයේදී ඔහුට ජීවිතය යනු නොවටිනා දෙයකි.මෙම තාවකාලික පරිවාස ජීවිතය වෙනුවට ඔහුට සදාකාලික සැපවත් දිවියක් ගැන පොරොන්දුවක් ලැබී ඇත.ඒ සදහා කළයුතු වත් පිළිවෙත් ඇත.එහිලා ප්‍රධානම දේ ශාරියා නීතියයි.

මැද පෙරදිග ජීවිතය මෙම රාමුව තුල පවතින්නකි.එවැනි සමාජයක මානව හිමිකම් හෝ ප්‍රජාතන්ත්‍රවාදය විහිලුවකි.කිසිදු මුස්ලිම් රටක සමාජවාදී විප්ලව සිදුවී නැත.එසේම බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදයද සාර්ථක නැත.සාර්ථක එකම දේ හමුදා ආණ්ඩු හා මුල්ලාවරුන්ගේ ආණ්ඩුය.මුස්ලිම් චින්තනය එබදුය.

ඇත්තෙන්ම මුස්ලිම් ආගම තරම් මනෝවිද්‍යාත්මක අන් සමාජ මෙහෙයුමක් මානව ඉතිහාසයේ නොවීය.සියල්ලම එක් ලක්ෂයකට ඌණනය කෙරෙයි.ආගමෙන් පිට කිසිම දෙයක් සිතන්නට බැරිය.සියලු සිතිවිලි ආගමික රාමුවක විය යුතුය.සියළු ක්‍රියාවන් අල්ලාගේ නාමයෙනි.වැඩක් කරන්නට පෙරත් පසුවත් කළ යුතු යාඥා වෙයි.මුස්ලිම්වරයා යනු ප්‍රෝග්‍රෑම් කළ ජීවියෙකි.පරිගනක වැඩසටහනක් සේය.

මේ දෘඩ ඉස්ලාමීය සමාජය ලෞකික දේශපාලනය හා සමබර කරන්නේ කෙසේද? ඇත්තෙන්ම වර්තමානයට එවනි ආදර්ශයක් අවශ්‍යය.මේ ආදර්ශය දෙපැත්තකින් සපයන ලදී.එක් පසෙකින් ඉස්ලාමයේ පරම හතුරා කොමියුනිස්ට්වාදය යැයි කියමින් ඇමරිකාවේ පූර්ණ රැකවරනය යටතේ ක්‍රියාත්මක වන සවුදියයි.අනෙක් පසින් ඇමරිකන් විරෝධී සමාජවාදී ඉස්ලාමීය ආන්ඩුයි.මේ දෙක මෙලෙස පවතින විට ඉස්ලාමීය ආන්ඩු සංකල්පයක් ඉරානයෙන් මතුවිය.ශියා ඉරානයට අරාබි ලෝකයේ නායකත්වය ගත  නොහැක.1979 දී මෙම ක්‍රමයද ආවෙන් තුන් විදියකට මෙම ගනුදෙනුව සිදුවිය.

මුස්ලිම්වරුන්ගේ ඉතිහාසය යනු ඔවුන් ක්‍රිස්තියානීන් සමඟ කළ යුද්ධය.මධ්‍යතන යුගය පුරාම මෙම යුද්ධ දැකිය හැකිවේ.මෙහිදී මුස්ලිම්වරුන්ගේ ආරක්ෂකයා වුනේ සෙල්ජුක් තුර්කීන් හා පසුව ඔටෝමන්  තුර්කීන්ය.අරාබි කාලිෆ්වරුන්ගේ ආරක්ෂකයන් වූ තුර්කීන් විශාල අධිරාජ්‍යයක් ගොඩ නැගූහ.තුර්කිය ලෝක බලවතෙක් වූ අතර නැගෙනහිර යුරෝපයෙන් වැඩි කොටසක බලවතා විය.

පළමු ලෝක යුද්ධයෙන් පසු තුර්කියට ඔවුන්ගේ භූමිය අහිමි විය.ඔටෝමන් තුර්කි අධිරාජ්‍ය බිද වැටීමෙන් පසු සිරියාව වැනි රටවල් බිහිවිය.නව මුස්ලිම් රටවල ට අන්තනෝමතික රජුන් හදුන්වා දුන්නත් රජුන් වෙනුවට සමාජවාදී වෙස් මුහුණු පැළැදගත් දාමරිකයන් පිරිසකට මුළු අරාබියම නතු විය.ඉරාකයේ සදාම් හුසේන් ,සිරියාවේ හපේස් අල් අසාද්,ලිබියාවේ ගඩාෆි,ඊජිප්තුවේ මුබාරක් මෙවැන්නෝය.
මොවුහු ලංකාවේ සමහරුන්ටද ප්‍රගතිශීලීය.

මොවුහු අන්ත තිරිසන් ම්ලේච්ඡ මිනීමරුවන් පිරිසකි.අරාබියට ගැලපෙන්නෙ එහෙම අයයැයි කෙනෙක් කීමට ඉඩ ඇත.ඒකත් ඇත්ත විය හැක.

1991 දී සමාජවාදී කදවුර බිද වැටීමෙන් පසු මේ මිනීමරුවන්ටද පැවැත්මක් නැති විය.ඔවුහු ඇමරිකාවේ සරන ගියහ.එහෙත් මේ අය ඇමරිකන් ක්‍රමයට නොගැලපේ.මොවුන් ඇමරිකන් විරෝධී කීවත් ඔවුන්ගේ බිස්නස් තිබෙන්නෙ බටහිරය.ළමයි ඉගෙන ගන්නෙ බටහිරය.ඔවුන්ගේ ජීවන රටාව බටහිරය.බටහිර විරෝධය මෝඩයන් චූන් කරවීමටය.

ටියුනීසියාවෙන් ඇරඹුන අරාබි වසන්තය මේ අන්තනෝමතික පාලකයන්ට ඇඩ්‍රස් නැතිකළේය.ඇමරිකාවද මොවුන් පළවා හරින්නට වෙර දැරීය.ඇත්තෙන්ම මේ පාලකයන් ගෝත්‍රික නායකයන්ය.එක් ගෝත්‍රයක් අනෙක් ගෝත්‍ර යටපත් කිරීමේ අප්‍රිකානු අරාබි ක්‍රමය හැර වෙන කෙහෙල්මලක් නැත.

ජලයේ තෙරපූ රබර් බෝලයක් අත ඉවතට ගත් සැනෙන් මතුවන්නා සේ අරාබි ස්වභාවය මතුවෙයි.දැන් අරාබියේ ගෝත්‍රික ගැටුම්ය.ඉස්ලාමය අපූරු ක්‍රමයකි.එහිදී එක් ලක්ෂයකට සියල්ල ඌණනය වෙයි.සියල්ල එම ලක්ෂය හරහා පෙරී ආ යුතුය.මෙහිදී ජාතිකත්වය වැනි අනෙක් සියල්ල නොවැදගත්ය.සෝමාලියාවේ ඇෆ්ගන්,පාකිස්තාන් සෙබලුන් සටන් කරන්නේද ඉස්ලාමීය රාජ්‍යයේ චෙච්නියානුවන් අරාබි නගර පාලනය කරන්නේද ඒ පදනමිනි.


ඉස්ලාමීය රාජ්‍ය ලෙස මතුවුනේ මෙලෙස තෙරපාගෙන සිටි අරාබිකමය.මෙය ශිෂ්ට ලෝකයට නොගැලපෙන බව අමුතුවෙන් කිවමනා නොවේ.ඉස්ලාමීය ත්‍රස්තයන් ඔවුන්ගේ සිතියමෙන් පෙන්වූ කිසිවක් ඔවුන්ට ලබා ගත නොහැකි බවද හැමෝම දනිති.කුමන මොහොතක හෝ ඇමරිකානු මැදිහත්වීමක් සිදුවෙයි.එහෙත් මා සිතුවේ ඉස්ලාමීය ත්‍රස්තයන් ඉරානය සමඟ දිගුකාලීන ගැටුමට යනු ඇතැයි කියාය.මොවුන්ට බැග්ඩෑඩ් හා ඩමස්කස් නගර අල්ලා ගැනීමද සිහිනයකි.ඔවුන්ට සිරකරුවකුගේ බෙලි කැපීමෙන් එහා යන යමක් කළ නොහැක.එවනි උත්සාහයකට සෙසු ලෝකයෙන් දැඩි ප්‍රතිවිරෝධයක් එල්ල වනු ඇත.


ඇමරිකන් හමුදා ඉරාකයේ සිටි අවදියේම ජෝර්දාන් ජාතිකයෙකු වූ අබු මුසාෆ් අල් සර්කාවි මේ සටන ඇරඹීය.ඔහුගේ මරණින් පසු බැග්ඩෑඩි නායකත්වයට පත්ව සිටී.ඉදිරියේදී ඇමරිකාව ඉරාකයේ මතුනොව සිරියාවේ කටයුතු වලටද මැදිහත් වනු ඇති අතර මැද පෙරදිග තව තවත් උණුසුම් වනු ඇත.



11 comments:

  1. පවතින තත්වය ගැන හොඳ ලිපියක්.
    ඉස්ලාම් ජාතිවාදය අවශ්‍ය සාධක සපිරුණු විට ඉස්ලාම් අන්තවාදය කරා ලඟාවේ.
    ඉස්ලාම් අන්තවාදය (මුලධර්ම වාදය) = ත්‍රස්තවාදය.

    ලංකාවේ දැනට ඉස්ලාම් ජාතිවාදය තියෙනවා.(සිංහල සහ දෙමල ජාතිවාද එයට උත්ප්‍රේරක සපයනවා) එය ට යම් යම් සාධක එක් වූ විට වෙන්නේ කුමක්ද? ඒවා හොයන්නේ නැතව අර චානුක වත්තේගම කියපු විදියට නිදාගමු. බ්ලොග් කියවන සමහරක් උන්ගේ දැක්ම එයයි.

    ReplyDelete
    Replies
    1. චානුකගෙ ලිපියට පිළිතුරු ලෙස ඔබ දැමූ පෝස්ට් එක මම කියෙව්වා.චානුකගෙ අදහස කෙනෙක් නොමඟ යවන සුළුයි.ප්‍රස්ථාර හා සංඛ්‍යාලේඛන දුටු පමනින් මානසිකව වැටී චානුක මහ ලොකු දෙයක් කියනව වෙන්න ඇති කියා ලිපිය කියවන අය තමයි නොමඟ යන්නෙ.මෙච්චර ඕන නෑ පෙද පාසි උදාහරණය වගෙ එකකින් ගුණෝත්තර ශ්‍රේඩියක් ලෙස වර්ධනය වන හැටි පෙන්නුවම ඉවරයි.

      බ්ලොග් ලියන්නන් ගෙන් කොටසක් ඉන්නව මාක්ස්වාදය ආගමක් ලෙස අදහන අය.සුළු ජාතික ජාතිවාදය ප්‍රගතිශීලීයැ‍යි මේ අය කියන්නෙ ලෙනින් එසේ කියා ඇති නිසාලු.මා එක්ක මේ ලඟදි වාද කරපු මාක්ස්වාදියෙක් උගෙ ප්‍රධාන තර්කය ලෙස දැම්මෙ ඒක. ඌ ජයග්‍රාහී ලීලාවෙන් ලෙනින් එසේ කියා ඇති තැනක් උපුටලම දැක්වූවා.එහෙම දක්වල මගෙ මූණ දිහා බලා සිටියෙ ජයග්‍රාහී ලීලාවෙන්.ලෙනින් කියන මිනිහ මොනව කොහෙ ලිව්වත් අපට පාන්යැ.
      මොකා මොනව ලිව්වත් ඌ ලියල තියන එක මිස උගෙ උස් මිටි කම් බලල නොවෙයි තේරුම් ගන්න ඕන.

      ඔබ සමහර බ්ලොග් වල අදහස් දක්වන කොට ත්‍රස්තවාදීන්ට හුරු ක්‍රමයට ඇනෝ වෙසින් ඇවිත් ඔබට එක එක දේවල් කියනව මම දුටුව.ත්‍රස්තවාදියෙක් ත්‍රස්තවාදියෙක් වෙන්නෙ උගෙ වැඩ නිසා.ඒකට පැහැදිලි නිර්වචනයක් තිබිය යුතුයි.ක්‍රිස්තියානි මුස්ලිම් අය ඒ අයගෙ පොත්වලින් උපුටා දක්වන විදියට මුනුත් උන්ගෙ මුනිවරුන්ගෙ එළිදරවු පොත් ශුද්ධ ලියවිලිවලින් උපුටා දක්වනව.
      එහෙම උපුටා දක්වීම් වලින්පෙන්වන්නෙ මාක්ස්වාදීන්ගෙ ක්‍රිස්තියානි උරුමය යි.නමුත් මාක්ස් මුනිවරයා ගේ පොත්වල දිව්‍ය භාෂිතයක් තිබෙනව කියල අපි පිළිගන්නෙ නෑනෙ.

      මාක්ස්වාදීන්ට අනුව මුස්ලිම් අන්තවාදය ප්‍රගතිශීලියි.උන්ගෙ ගොබ්බ තර්ක හොද උන්ටම තමයි.මාක්ස්වාදීන් සුළු පිරිසක් වුනත් උන් දේශපාලනිකව ඉතාම සංවේදියි.උන්ගෙ පත්තර මාකට් වල වේලෙනව.ඒත් උන්ගෙ බ්ලොග් වල හිට්ස් දවසකට 1000 පන්නන්නෙ හිට්ස් වැඩිකරන්න මතක ඇතිව බලන නිසා.

      Delete
  2. මමත් ඇවිත් කියවලා ගියා.

    ReplyDelete
    Replies
    1. හොඳයි ,ස්තුතියි. මම දැන් ලියන්නෙ මේ වගෙ සමාජ දේශපාලනික ලිපි තමයි.ඉස්සර හිට්ස් බලාගෙන ලියපු නිසා ජනප්‍රිය වේවි කියල හිතෙන ඒව ලිව්ව.දැන් එහෙම නැති නිසා හිතට සහනයක් දැනෙනවා.
      ඉඩ තිබෙන වෙලාවට යහපත් බ්ලොග්කරුවන්ගෙ බ්ලොග් වල මට සංවාද කළ හැකි මාතෘකාවක් ගැන ලිපියක් තිබුනොත් කොමෙන්ට්ස් දානවා

      Delete
  3. ඉන්න තැන වනසන උන් බන්. මට නම් තිත්තම වෙලා....

    ReplyDelete
  4. යකා, දැන් මම තරමක් මාක්ස් ලෙනින් වාදය ඉගෙන ගෙන තිබෙන නිසා සහ ඒ ගැන ලිපි ලියන නිසා කියන්නේ. ඔබේ මෙම කතාවට මම එකඟ වුනත් ලෙනින්ට පහර දීම අනුමත කරන්නේ නැහැ. මෙතන වෙලා තිබෙන්නේ අර මාක්ස් ආගම අබින් කිව අකියල මාක්ස්ට ගරහන විධිහට , නොදැන කතා කිරීමක්. ලංකාවේ මක්ස්වෛයෙක් එක පාරක් මාත් එක්ක ඔය අබින් කතාව අරගෙන කියපු දේවල් වලට මට හිනා ගිය හැම තැනින්ම. පස්සේ මම තේරුම් කරලා දුන්න මාක්ස් හරියට කිවේ මොකක්ද කියල.
    ලෙනින් ඔය කතාව කිවේ පෝලන්ත ප්‍රශ්නයේදී සාපේක්ෂව රෝසා ලක්සම්බර්ග් ට දුන් පිළිතුරු ලිපියක. එතැනදී පෝලන්ත ජාතිවාදීන් ප්‍රගතිශීලි කියල.
    නමුත් ලෙනින් ඒ කතාව ඉන්පසු රිපීට් කරලා නැහැ. ඊටපස්සේ කිවේ සෝවියට් වරු මුස්ලිම් රටවල් ආක්‍රමණය කරද්දී (අසර්බයිජානය , කිර්ගිස්තනය් වගේ ) , සමාජ පරිණාමය ප්‍රතිගාමී කරවන සුළු ජාතික ජාතිවාදය ඇති රටවල සෝවියට් ප්‍රගතිශීලි සම්ජවාදය ගෙන යා යුතුයි කියල. ඊට පස්සේ හමුදා යවල ඈදා ගත්ත. ඉතින් ලෙනින් තත්වයෙන් තාවයට වෙනස් තර්ක පාවිච්චි කලේ.

    ReplyDelete
    Replies
    1. මාක්ස්වාදය මානවයාගේ ප්‍රගමනයට කළ සේවය මිළ කළ නොහැකියි.වෙන මොකක්වත්ම ඕන නෑ මාක්ස්වාදයේ ආභාෂය ලබපු කෙනෙක් තුල අදීන බවක් තිබෙනව.පෞර්ෂ වර්ධනයට ඒක හොඳ බෙහෙතක්.ධනය ඒකාරාශී වීමේ ගැටළුව ගැන එහි විග්‍රහය ගැන නොවෙයි මූලික ගැටළුව.එතනත් ප්‍රශ්න තියනව.පුද්ගලයා ඉස්සරහට යන්න නව නිර්මාන කරන්න මෝටිවේට් නොවෙන කම්මැලි සමාජයක් බිහිවෙන්නෙ.ඒක පැත්තකින් තියමු.අපි සංවාදශීලී වෙන්න ඕන බලය ඒකරාශී වීමෙන් වෙන හානිය ගැන.සියළුම සමාජවාදී රටවල් අන්තනෝමතික ආන්ඩු තිබුනෙ.බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය නැති දාමරික රහස් පොලිස් ආන්ඩු .අපි ඒ ගැනයි කතා කළ යුත්තෙ.

      සෝවියට් හමුදාව මධ්‍යම ආසියාවේ රටවල් ආක්‍රමණය කරල පස්සෙ කිව්ව ඒ රටවල විප්ලවවාදීන්ගෙ ඉල්ලීමට හමුදා එව්ව කියල.නැගෙනහිර යුරෝපයත් අල්ල ගත්තෙ එහෙමයි.මම නම් ඒකාධිපති ආන්ඩු වලට කැමැත්තක් නෑ.

      Delete
  5. මට කුඩාකල විටින් විට OCD රෝගී තත්වය මතුවුනා දැන්නම් ඒක නෑ නමුත් නිදා සිටින යකෙක් වගේ මගේ ඒක මගේ සිත ඇතුලෙ මේක හැංඟිලා ඉන්නබව යන්තම් දැනෙනවා මේ OCD නිසාම මට ඉස්ලාමයේ ඇති හලාල්/ හාරම් වට්ටෝරු ගැන හොඳටම පැහැදිලියි
    මේවා බලන්න
    http://www.wnd.com/2011/06/310969/
    http://www.missionislam.com/health/compulsivedisorder.htm

    ReplyDelete
    Replies
    1. ඔබේ සොයාගැනීම විශිෂ්ටයි.ඒ ගැන විස්තර සහිත කොමෙන්ටුවක් මෙහි පළ කරන්න.OCD ( Obsessive-Compulsive Disorder )කියන්නෙ එකම දේ නැවත නැවත කරන එකනෙ.ඉස්ලාමයෙත් සමහර දේවල් අමුතුයි තමා.

      Delete
  6. මේක උදාහරණයකින් පැහැදිලි කලහැකි
    OCD තියෙන කෙනෙක්ට හිතෙනවා පාරට ගියාම දකින හැම දෙයටම තට්ටු කරන්න. නමුත් මේක කරන්න බැරි නිසා එයා යම් වට්ටෝරුවක් හදා ගන්නවා ඒ තමයි පාරේ යනකොට සෑම ලයිට් කනුවකටම තට්ටු කරන්න (සමහර විට එක ලයිට් කනුවක් මඟ හැරුනොත් ගමන නතර කරලා ආපස් මුලසිටම තට්ටු කරන්න පෙළඹෙන්න පුලුවන්) මෙහෙම හැසිරුන ලේඛකයෙක් ගැන අහලා තියෙනවා.
    OCD තියෙන අය හදා ගන්න මෙහෙම වට්ටෝරු සහ ඉස්ලාමයේ ඇති වට්ටෝරු කොයිතරම් සමානද? මේක මතුපිටින් බලපුවාම පෙනෙන්නේ හැම දේම පිලිවෙලට කරන්න උගන්වන ආගමක් හැටියට තමා OCD තියෙන කෙනෙක්ට (ඒ වගේම ඒක ලෙඩක් කියලා දන්න) මේ මොනවද කියන එක තේරෙනවා

    ReplyDelete