Wednesday, September 3, 2014

සිග්නල් වමට දමා ටෂ්කෙන්ට් සිට මීගමුවට සංචාරයක් වාරියපොල දක්වා සීමිත නැවතුම්

මාස කිහිපයක් බ්ලොග් එක යාවත්කාලීන කිරීම නවත්වා සිටි කාලයේ බ්ලොග්කරුවන්ට මා අමතක වී යනු ඇතැයි සිතා සිටියත් එසේ නොවන බව මීට දින දෙක තුනකට පෙර මට පසක් විය.ඇත්තටම බ්ලොග් අවකාශයද සැබෑ ලෝකයේම පිළිබිඹුවකි.එහි හොඳ මිනිසුන් මෙන්ම නරක මිනිසුන්ද සිටිති. බ්ලොග් ලෝකයේ දිගු ගමනක් යාමට සිතා බ්ලොග් ලොවට පිවිසුනත් මගේ බ්ලොගයට වෙනත් මතධාරීන්ගෙන් එල්ලවූ ත්‍රස්තවාදී ප්‍රහාර නිසා බ්ලොගය යාවත්කාලීන කිරීම නතර කළෙමි.බ්ලොග් වල හොරා පොලිස් සෙල්ලම ගැන කිසිවක් නොදැන සිටි මා අවංකව අදහස් පළකරමින් සම්මතයෙන් බාහිරව සිතමින් මට මෙන්ම අනෙක් අයටද එසේ සිතන්නට පොළඹවමින් මටම ආවේණික ගමනක් ගියෙමි.

බ්ලොග් ලෝකයේ පොලීසියක් මෙන්ම ත්‍රස්තවාදීන්ද සිටින බව මම නොදැන සිටියෙමි.සිංහල බ්ලොග් අවකාශය යනු සෝමාලියාව වැනිය.සෝමාලියාවේ නීත්‍යානුකූල රජයක් නැත.රට පාලනය කරන්නේ සන්නද්ධ කල්ලි වලිනි.සෝමාලියාවේ ඔළුව උසාගෙන ඉන්නට කිසියම් සන්නද්ධ කල්ලියකට කප්පම් ගෙවිය යුතුය.සිංහල බ්ලොග් අවකාශයේද මෙවැනි කල්ලි තිබෙන බව මම නොදැන සිටියෙමි.මට වැරදුනේ එතනයි.

බ්ලොග් එක පටන් ගත් කාලයේ මට හිට්ස් වැඩිකරගැනීමට ආශාවක් විය.එය මට නොගැලපෙන බොළද එකක් වුනත් එම අරමුණ සාක්ෂාත් කර ගැනීමට සමහර බ්ලොග් වල කොමෙන්ට් දැම්මෙමි.එම කොමෙන්ට් වලට කල්ලියක් ලෙසින් වටකරගෙන පහර දෙන සොභාවයක් මම දුටුවෙමි.එසේම මගේ බ්ලොග් එකට පැමිණ ඔළුව අතගාන සමහරුන්ම ඇනෝ කොමෙන්ට් දමමින් මට අපහාස කළෝය.

මෙම ඉරණමට ගොදුරු වූ එකම බ්ලොග්කරු මම නොවේ.සයිලන්ට් සහන් නමැත්තෙක් බ්ලොග් ලිවීම නතර කර දැම්මේය.විචාරක නමින් බ්ලොග් ලියන මහතාටද මුලදී කල්ලිවලින් ප්‍රහාර එල්ල විය.බ්ලොග් අවකාශය නිදහස් නිසා එහි රාමු සෑදීමට හදන ප්‍රයත්නයන් පරාජය කළ යුතුය.

ඊට එක් හේතුවක් නම් බ්ලොග් සින්ඩි මත රදා පැවතීමයි.බ්ලොග්කරුවන්ගෙන් 75%ම බ්ලොග් ලියන්නේ කාලය කා දැමීමටටය.ඊට අමතරව තමන්ට සාපේක්ෂව පොඩ්ඩන් ඉදිරියේ පොරවල් වීමට බ්ලොග් ලියන අයද සිටිති.බ්ලොග් ලිව්වත් නොලිව්වත් ඔවුන් පොරවල්ය කීම බොරුවකි.බ්ලොග් ලෝකයෙන් පිට ඔවුන් ගැන නමින් දන්න කෙනෙක් ඇත්තේම නැත.

සක්‍රිය බ්ලොග්කරුවන් 50 ක්වත් නැතිතරම්ය.පෙරටුගාමී පක්ෂයේ බ්ලොග් එක හැර වෙනත් කිසිම බ්ලොග් එකකට දවසට 2000 පන්නා හිට්ස් එන්නේ නැත.එම බ්ලොග් එක සින්ඩි මත රදා නොපවතින එකකි.එය බලන දේශපාලනික ප්‍රජාවක් සිටිති.ඒ හැර අනෙක් බ්ලොග්කරුවෝ එකිනෙකා හදුනති.කොමෙන්ට් දමන්නේද දුරකතනයෙන් කතාකරගෙනය.මේ අපේ බ්ලොග් ලෝකයේ සැබෑවයි.

මම බ්ලොග් වලට කැමති එහි නිදහස් බව නිසයි.මුද්‍රිත මාධ්‍යයේ මෙන් එහි අයුක්තියට ඉඩ නැත.මුද්‍රිත මාධ්‍යයේ සර්වබලධාරියා පත්තරකාරයා සහ ඔහුට ඉහලින් සිටින අයයි.එම අදහස්වලට අභියෝග කල හැක්කේ සිවිල් සමාජයේ බලවතුන්ටය.එහෙත් බ්ලොග් එකක අදහසකට ඕනෑම කෙනෙකුට අභියෝග කළ හැක.

මේ තරම් සුන්දර යුක්ති සහගත බ්ලොග් අප භාවිතා කරන්නේ වැඩක් ඇති ආකාරයෙන්ද?මට නම් බ්ලොග් එක වැදගත් වුනේ මා නොදන්න දේවල් අනුන්ගෙන් දැනගැනීමටත් මා දන්නා දෙයක් වේනම් ඒ ගැන ස්ථිර කරගැනීමටත්ය.

බ්ලොග් ගැන කතා ඇති.මේවා කිව්වේ කලක් මා නිහඩව සිටිබැවිනි.ඉදිරියටද පෝස්ට් දමන්නේ හිතුනොත් පමණි.ඇතැම්විට අවුරුද්දකට එකක් දෙකක් වීමටත් ඉඩ ඇත.

ඉස්සර මගේ විනෝදාංශය වුනේ පොත් කියවීමය.මේ විනෝදාංශය මම අතහැර දැම්මේ හිතාමතාය.කාලවේලාව සීමිතවීමත් පොත් කියවීමට වඩා කය හා මනස වෙහෙසවිය යුතු දේවල් තිබීමත් ඊට හේතුවයි.එහෙත් යළිත් පොත් සාප්පු පීරන්නට සිදුවුනේ විශයට අදාල පොතක් සොයා ගැනීමටය.මට අවශ්‍ය පොත තිබුනේ උඩුමහලේය.උඩුමහලට යන අතර මගේ නෙත ගැටුනේ ගෆූර් ගුල්යාම් ගේ මගේ හපන්කම් නමැති පොතටය.මේ පොත මා කියවූවේ පාසල් යන කාලයේය.එම පොතද මිළදී ගත්තෙමි.කෝච්චියේ යනවිට කියව කියවා යන්නත් පුළුවන් කියා සිතුවත් ගෙදර ගොස් අනෙක් හැම වැඩක්ම පස්සට දමා පොත කියෙව්වෙමි.එම පොතේ එන ප්‍රධාන චරිතය අපූරුය.එම කොළුවා කරන වැඩවලින් හිනාවී ඉළද ඇදෙන තරම්ය.

මා මුලින් සිතුවේ මේ පොත පාකිස්තානයේ ජනජීවිතය සා සම්බන්ධ එකක් කියාය.එහෙත් මෙහි එන්නේ මධ්‍යම ආසියාවේ ජනජීවිතයයි.ටැෂ්කෙන්ට් නුවරද අනෙක් සියලු නුවරවල් සේම දුෂ්ටකමෙන් පිරී ඇත.මිනිස් දුර්වලකම් මැඩීමට ආගම් සමත් වී නැත.අහිංසකයෙකුට ඔළුව උසන්නට ඉඩක් ඇත්තේම නැත.වංචනිකයන්ගෙන් බේරීමට වෙනම කෝස් කළ යුතුය.මේ කිසිවක් කතුවරයාගේ හිතළු නොවේ.යථාර්තය මත පදනම් වූ ප්‍රබන්ධයකි.

මෙහි මගේ අවධානයට ලක්වූ එක් දෙයක් තිබිණි.එනම් නීතියක් නැති සමාජයයි.නීතියක් නැති සමාජය කොයිතරම් භයානකද? බොහෝ නාගරිකයන් තුල ප්‍රශ්න විසදෙන්නේ සාමූහික ප්‍රචන්ඩත්වයෙනි.මැරවරයන්ගේ පාලනය මෙන්ම සාමූහික ප්‍රචන්ඩත්වයද ප්‍රශ්න විසදීමේ යාන්ත්‍රණයන් නොවේ.පුරාණ ගෝත්‍රවල ප්‍රශ්න විසදූ මෙම ක්‍රමවේදය වෙනුවට ස්ථාපිත නීතියක් බිහිවුනේ එනිසාය.

අකමැත්තෙන් වුනත් අපට පිළිගන්නට සිදුවන්නේ සුද්දා එන්නට පෙර අපට ශිෂ්ට නීතියක් නොතිබූ බවයි.අපරාධයට කිසිම සම්බන්ධයක් නැති කිරිදරුවන් වන්ගෙඩිවල දමා කොටන නීතියක් අපට තිබුනි.
සුද්දා අපට විධිමත් නීති පද්ධතියක් හදුන්වා දුනි.එහිදී පාලකයන්ට හිතෙන හිතෙන වේලාවට හිතෙන හිතෙන දඩුවම් දීම වෙනුවට දන්ඩනීති සංග්‍රහයක් විය.මැදපෙරදිග හමුරාබි යුගයේ සිට එන අත පය කැපීම වැනි ම්ලේච්ඡ නීති සුද්දා විසින් තහනම් කර තිබුනි.හමුරාබි (ක්‍රි:පූ 4500 පමණ ) සාධාරණ නොවීය.එහි ධනවතුන්ට හා කුලවතුන්ට එක නීතියකුත් දුප්පතුන්ට තව නීතියකුත් තිබුනි.බොහෝ නීති පද්ධතිවල මේ තත්වය තිබූ අතර නූතන නීති සංග්‍රහයන්ගෙන් මේ අගතිය බැහැර කර ඇත.

එසේම නූතනයේදී වරද ඔප්පු කරනතුරු සැකකරු නිර්දෝෂී යැයි පිළිගැනේ .මේ කරුණ අරභයා ශ්‍රී වික්‍රම රාජසිංහ විසින් මේජර් මුවර් මහතාට මෙසේ කියා ඇත." ඔබලාගේ නඩු විසදීම අකාර්යක්ෂ්මය.අපේ කෝපය නිවෙන විට අපරාධකරු මියගොස් අවසානය".ම්ලේච්ඡ නීති හා ශිෂ්ට නීති අතර වෙනස් මෙයින් පෙනේ.

දෙපාර්ශ්වයටම සවන් දෙන අතරසාක්ෂි විමසා (නූතනයේ නම්  DNA වැනි නවීන විද්‍යාත්මක සාක්ෂිද ඇතුළුව )දඩුවම් නියම කෙරේ.

මරණ දඩුවම ඇතුළු ම්ලේච්ඡ දඩුවම්ද ක්‍රියාත්මක නොවේ.ලෝකය ශිෂ්ටත්වය කරා යයි.එය සතුටකි.ඇත්තෙන්ම නීතියේ ආධිපත්‍ය රටක තිබේනම් ඒ රටේ මිනිසුන්ට වෙන මොකවත් ඕනෑ නැති තරම්ය.ඒ තරම් මෙය වැදගත්ය.

අපේ රටේද නීතිය හා යුක්තිය අඩුනැතිව තිබෙන බව පෙන්වූ උදාහරණයක් ඊයේ අසන්නට ළැබුනි.ඒ ගාමන්ට් යුවතියක් දූෂණය කර උඩුමහලෙන් බිමට තල්ලුකළ වෛද්‍යවරයාට මරණ දඩුවම දීමයි.ඇත්තෙන්ම මෙය සියළුම පුරවැසියන්ට සතුටුවිය හැක්කකි.මේ පුවත අසා මට පුදුමයක් ඇතිවිය.ෆෝන් එකට ආ මැසේජ් එක යළි කියවූවේ එබැවිනි.කතාව ඇත්තය.අපේ අධිකරණය ශ්‍රේෂ්ටය.ඊට මල්මිටක්  මගෙනුත්.


ගාමන්ට් කෙල්ලන් යනු දූවිලි වැනි අජීවී වටිනාකමක් නැති දෙයක් ය යන මතය අවසන් වී ගාමන්ට් කෙල්ලන්ද මනුස්සයන් බව ලොවම දැනගත්තේ නඩුකාර හාමුදුරුවරු දුන් මේ උතුම් තීන්දුව නිසාය.අනෙක් අයට ගරු නොකරන උද්දච්චකම ඇත්තේ රෝහල්වල පමනක් නොවේ.බස්කාරයාගේ සිට හැම එකාම තමන්ට බලය ඇති තැන අනෙකා මඩින්නට සදයි.මේ සියල්ලටම විසදුම නීතියයි.යහපාලනයයි.එහෙත් මේ කතාව කියන්නටද පෙර දෙවරක් සිතිය යුතුය.අද පොලිස් සේවයට බැදෙන පොලිස් කොස්තාපල් පවා සිතන්නේ තමන් නීතිය රකින නිළධාරියෙක් නොව ලයිසන් චන්ඩියෙක් කියාය.සමාජයක් ලෙස අප පරිණාමය විය යුතුයැයි සිතෙන්නේ මේ නිසාය.ස්වාධීන අධිකරණයක් හා නීතියේ ආධිපත්‍ය නොමැති සමාජයක් ගැන සිතන්නටත් බැරිය.

වෛද්‍යවරුන් සේම හෙදියන්ද සිතන්නේ තමන් මනුෂ්‍යත්වය ඉක්මවූ අරුම පුදුම පිරිසක් ලෙසය.වෛද්‍යවරු පමණක් නොව බොහෝ ඊනියා අධිවෘත්තිකයෝ එසේ සිතති.අපේ දුර්දාන්ත සමාජයේ ඔළුව උසාගෙන ඉන්නනම් ලොක්කෙක් විය යුතුමය.සොක්කෙක් වුනොත් හැමතැනින්ම කෑම ලැබේ.සොක්කන් ඒ නිසා කටපියාගෙන කලස් පෙන්නන්නේ නැතිව සිටිය යුතුය.නැත්නම් වෙන්නේ වාරියපොල සෙල්වාට වුන දෙයයි.

කිසිම කෙනෙක් හැරිලාවත් නොබලන දැක්කත් අහක බලන කෙල්ලකගේ ඇදුමේ අඩුපාඩු කීමට ගිය සෙල්වාට සිවිල් සංවිධාන නෝනලා චෝදනා කරන්නේ ලිංගය එළියට දමාගෙන ස්වයන් වින්දනයේ යෙදෙමින් කෙල්ල පිටුපස යමින් ලිංගික සංසර්ගයක් සඳහා ඇරයුම් කරමින් දුරකථන අංකය ඉල්ලමින් කරදර කළ බවයි.මේ කතාව ගොතන්නට හේතුව පහරදීමේ සිද්ධියට සාපේක්ෂව හේතුව නිර්මාණය කළ යුතු නිසා විය හැක.මේ තරම් ප්‍රසිද්ධ තැනක සෙල්වා මෙසේ හැසිරුනානම් මුලු නගරයම එතැනට රැස්වෙන අරුම පුදුම දෙයක් වනු ඇත.

දැන් ඉතින් මේකත් අන්තිමට නතරවුනේ උසාවියේය.එය හොඳය ඇත්තෙන්ම මිනිසුන්ගේ අභයස්තානය අධිකරණයයි.එය දුකට පිහිට වෙන දෙවොලකි.එහි කවරක් සිදුවුනත් ඒ විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුවය.අන්තනෝමතිකත්වයක් එහි නැත.

ගෆූර් ගුල්යාම්ගේ පොතේ අවනීති වලින් වාරියපොල හරහා දැන් එන්නේ බාලා තම්පෝ ගැන කතා කරන්නටය.ඇත්තෙන්ම බාලාතම්පෝ යනු ශ්‍රේෂ්ටයෙකි.ඔහු ගැන එක් පුවත්පතක පළවුනේ නායකයා මියයයි "කියාය.වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නායකයකු වූ එතුමා කම්කරු ජනතාවට බොහෝ දේ දිනා දුන්නේය.බාලා තම්පෝ තුල විශේෂයෙන් දකින  මහ නරකක් නැත.මාක්ස්වාදයේදී නිළධාරීන් සැප විදින අතර කාඩරය දුක් විදිති.සෝවියට් දේශයේ ,චීනයේ,කියුබාවේ උතුරු කොරියාවේ කොහෙත් එහෙමය.සෑම වාමාංශික පක්ෂයකමත් එහෙමය.ධනපති පක්ෂවලට වඩා වාමාංශික පක්ෂවල වෙනස නම් නිදහස් ලෙස සිතන එක විනය විරෝධී වීමයි.පක්ෂ නිළැධාරීන්ගේ නොමනා ක්‍රියා විවේචනය විනය විරෝධීය.

මෙසේ විනය විරෝධී වන්නේ පක්ෂ නායකයාගේ නොමනා ක්‍රියා විවේචනාය් පමණක් නොවේ.තමන්ට ඉහලින් සිටින සියළුම නායකයන්ගේය.මෙවැනි පක්ෂ යාන්ත්‍රණයක සියළු සාමාජිකයන් සැබෑ සිරකරුවන්ය.

මොවුන් මෙසේ වී ඇත්තේ සියළු වැරදි වලට හේතුව ආර්ථික ක්‍රමය යන සරල මුග්ධ සිතිවිල්ල නිසාය.මිනිසා ඉතා හොඳ බවත් ආර්ථික ක්‍රමවල වරද නිසා නපුර ඇතිවන බාව්ත් මාක්ස්වාදීහු සිතති.ඇත්තෙන්ම මිනිසා යනු ආත්මාර්ථකාමී, කැපී පෙනෙන්නට සදන ධනය බලය හා කීර්තිය වෙනුවෙන් වෙහෙසෙන දුෂ්ටයෙකි.සියල්ල අවශ්‍ය ඔහු හික්මවන්නටය.

මාක්ස්වාදය මත පදනම් වූ රාජ්‍ය හොඳ නැතත් වාමාංශික පදනමකින් මෙහෙයවනු ලබන බාලාතම්පෝ වැන්නන්ගේ ප්‍රයත්නයන් මිනිසාගේ හිතසුව පිණිසම වෙයි.ඔහු මිනිසෙකු ලෙස තම ජීවිත කාලයේ කළ හැකි දේ උපරිමව කළේය.කුහකකමින් හා ඊර්ෂ්‍යාවෙන් සියල්ල විවේචනය කරන තම න් සියල්ල දන්නා (සර්වඥ ) ශුද්ධවූ උපාසකයෙකු යැයි කියාගන්නා මාක්ස්වාදීන්ට වඩා එතුමා සුවිශේෂ වෙයි.

33 comments:

  1. පොත ගැන නෙමෙයි මුල් ටික ගැන කියන්නං..

    යකා බ්ලොග් ගැන කියන්න ඔයා තාම තරුණ වැඩියි.. මුලිකව කරන්න ඕන මේ යන විදිය අධ්‍ය්‍යනය කිරීමයි එසේ නැත්නම් ඉවසීමෙන් සිටීමයි.. හිට්ස් වලට කව්ද ආසා නැත්තේ. ඒත් කව්රුන් හෝ තමන්ගේ මතයක් ඉදිරිපත් කරනවා නං සාමාන්‍ය ලෝකේ වගේම ඒ දේ පිළිගන්න අය හුගක් අඩුයි.. මේක සෝමාලියාවක් වෙන්නේ හරියට නොදන්න නිසයි..

    ඔබ කියනවා පෙරටුගාමී රෙද්දක් ගැන.. මම ඕන තරං උදාහරණ දෙන්නං දවසට හිට් 2000 ට වැඩිය තියෙන.. ඒත මහ විකාර තර්කයක් සහ පුහු ආසාවක්.. බ්ලෙග් ලියන්නේ ආසාමටය උනත් ටික දවසක් යද්දි යම් ආරා්පණයක් ඇති වන බව සැබෑය. එයට අප එකග විය යුතුය. පොරවල් මොන සමාජයේත් සිටිති. එයයි සාමාන්‍ය ස්වරූපය.

    සමාජයට වෛර කරනවාට වඩා සමාජයත් සමග ගැටෙමින් සුහදව ජීවත් වීම වඩා යහපත් බවයි මගේ හැගීම..

    ReplyDelete
    Replies
    1. මට වැරදුන බව තේරුම් ගත්තෙ බ්ලොග් එක ලියන්න අරන් මාස දෙක තුනක් යනකොට.විශේෂයෙන් අනුන්ගෙ බ්ලොග්වල දීර්ඝ සංවාදවලට ගියෙ නොතේරුම්කම නිසාමයි.ඇනෝ කොමෙන්ට් වල හැසිරීම ගැන මට දැනුමක් තිබුනෙ නෑ.මම හිතුවෙ ඒ ප්‍රොෆයිල් නැති සාමාන්‍ය අය කියල.ඊට එහා යන මෙහෙයවීමක් තිබෙන බව මට තේරුනා.

      ඔබ කියන දේට 100% ක් එකඟයි.මට ඕන මගෙන් වුන වැරදි හදාගෙන ඉදිරියට යන්න.සමහර තැන්වල මම කලබල වුනත් වැඩියි.ඇත්තම කිව්වොත් මට ඕන එදිනෙදා දේවල් ගැන මගෙ අදහස් සමාජයත් එක්ක බෙදා ගන්න.

      Delete
    2. අන්න හරි එහෙම කරමු.. කාටවත් ඇගිල්ල දික් කරන්න එපා.. තමන්ගේ ගමන යන්න.. තිසර කිව්ව වගේ වෙල්කම් බැක් යකා.. අපි නටමු යකා..

      Delete
  2. //බ්ලොග් ලෝකයේ පොලීසියක් මෙන්ම ත්‍රස්තවාදීන්ද සිටින බව මම නොදැන සිටියෙමි.සිංහල බ්ලොග් අවකාශය යනු සෝමාලියාව වැනිය.සෝමාලියාවේ නීත්‍යානුකූල රජයක් නැත.රට පාලනය කරන්නේ සන්නද්ධ කල්ලි වලිනි.සෝමාලියාවේ ඔළුව උසාගෙන ඉන්නට කිසියම් සන්නද්ධ කල්ලියකට කප්පම් ගෙවිය යුතුය.සිංහල බ්ලොග් අවකාශයේද මෙවැනි කල්ලි තිබෙන බව මම නොදැන සිටියෙමි.//

    //මම බ්ලොග් වලට කැමති එහි නිදහස් බව නිසයි.මුද්‍රිත මාධ්‍යයේ මෙන් එහි අයුක්තියට ඉඩ නැත.මුද්‍රිත මාධ්‍යයේ සර්වබලධාරියා පත්තරකාරයා සහ ඔහුට ඉහලින් සිටින අයයි.එම අදහස්වලට අභියෝග කල හැක්කේ සිවිල් සමාජයේ බලවතුන්ටය.එහෙත් බ්ලොග් එකක අදහසකට ඕනෑම කෙනෙකුට අභියෝග කළ හැක.//

    :) welcome back

    ReplyDelete
    Replies
    1. මම යළි ආවෙ සම්පූර්ණයෙන්ම වෙනස් වෙලයි.ඒ වගේම බ්ලොග් ලෝකය ගැන කිසියම් දැනුවත්බවක්ද සමඟයි.කලබල නොවී ඉතාම හෙමින් ගමනක් යන්න ඕන.
      එක් බ්ලොග් එකක් හැර සියළුම බ්ලොග් කියවනවා.

      Delete
  3. //ගාමන්ට් කෙල්ලන් යනු දූවිලි වැනි අජීවී වටිනාකමක් නැති දෙයක් ය යන මතය අවසන් වී ගාමන්ට් කෙල්ලන්ද මනුස්සයන් බව ලොවම දැනගත්තේ නඩුකාර හාමුදුරුවරු දුන් මේ උතුම් තීන්දුව නිසාය//
    එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. ගාමන්ට් කෙල්ලන්ට වඩා වෛද්‍යවරු මගේ ජීවිතයට සමීපයි.අපේ නෑදෑයන් අතර (නෑ සබඳකම් පවත්වන ) ගාමන්ට් යන කිසිම කෙනෙක් නෑ.එහෙම බැලුවොත් වෛද්‍යවරු වැහි වැහැල.
      ඒත් ඔය අධිවෘත්තිකයන් කියන උදවියගෙ සමාජ ආකල්ප මම හොඳින්ම දන්නෙ ඒ අය ආස්සරේ කරලමයි.
      මමම ගත්තත් මට රැකියාවක් නැති කාලෙ අපේ ඥාතීන් මාව ගනන් ගන්නෙ නැති ගතියක් තිබුන.මගෙ සමහර හැසිරීම් ඒකට හේතුවෙන්නත් ඇති.මාව රස්තියාදුකාරයෙක් විරාගයෙ අරවින්ද වගෙ චරිතයක් කියල හිතාගෙන හිටිය.ජ්‍යෙෂ්ට ඉන්ජිනේරුවෙක් වුන අපේ ලොකු අයිය (අම්මගෙ අක්කගෙ පුතා )ගෙ බිරිද මා එක්ක කතාබහ කළෙත් ඕනවට එපාවට.නමුත් මට මේ රැකියාව ලැබුනට පස්සෙ මට තිබුන සැළකිල්ල උඩු යටිකුරු වුනා.මම හුඟක් දේවල් ඉගනගත්ත එතනදිත්.බොරුකාර මාන්නක්කාර සමාජය ගැන කළකිරෙන්න මා ඉගෙනගත්තෙ පවුලෙන්මයි.

      Delete
  4. ඔබේ පැමිණීම ගැන අපිට සතුටුයි...කවුරු බැලුවත් නැතත් තමන්ගෙ අදහස ප්‍රකාශ කරන්න පුළුවන්නේ...හරි දේට හරි වෙලාවෙදි තැනක් ලැබෙනවා...කා ගැනවත් නොහිතා තමන්ගෙ මතය සාධාරණ විදිහට සමාජයට දායාද කරන්න...ඒ ඇති...ඔබට ජය....!!!

    ReplyDelete
    Replies
    1. බ්ලොග්කරුවන් අතර සිටි ඉතාම යහපත් පිරිසක් ලෙස මා ඔබලාව දකිනවා.මා බ්ලොග් නොලිව්වත් ඔයාලගෙ බ්ලොග් එක බැලුවා.
      මෙතන අවශ්‍ය වෙන්නෙ සංවාදය.අපි සමාජයට ඉදිරියෙන් ඉන්න අය නොවෙයි.අපි සමාජයෙන් යමක් ඉගෙන ගන්න අතරම අපේ අදහස්ද මුසු කළොත් ඒක වටිනවා.මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යවලට වඩා පුළුල් බ්ලොග් ලෝකයේ දහසක් මල් පිපෙන්න ඕන.

      Delete
  5. ඇයි යකො මෙක මාර වැඩක් නේ.පිස්සු කෙලින්න අපා බන්.මෙකෙන් කාගෙවත් ලයිට් කපන්නවත් වතුර කපන්නවත් බැ.නිකන් වචන හරබයක් විතරයි.උබ උබෙ මතෙ හිටහන්.මඩෙන් එනකොට හිනාවෙලා පවු කියහන්.ගොඩින් එනකොට සන්වාද කොරහන්.එච්චරයි

    ReplyDelete
    Replies
    1. ඒ නිසාම යාවත්කාලීන කිරීම නතර කළා නොවෙයි.ඒකත් බලපෑව.සමහරු ආයෙ එන්න කියා ඉල්ලීම් කළා.කොහොමත් බ්ලොග් එක කිසියම් ශාස්ත්‍රීය පදනමක ඉදන් සමාජ දේශපාලන කරුණු ගැන කතා කරන්නයි ඉන්නෙ.ඒව කරන්නෙ කතන්දර ශෛලියෙන්.පංචතන්ත්‍රය .ඊසොප්ගෙ පොත් වගෙ ඒවගෙ තිබුන විදියෙ කතන්දර හා සිද්ධි එහෙමත් ඇතුළුව නිර්මාණයක් ලෙසයි පෝස්ට් එක හදන්නෙ.

      Delete
  6. අම්මට බොල යකා වෙල්කම් බැක් මස්සිනේ !!!!!

    ReplyDelete
    Replies
    1. හුටා..යකා මස්සිනා උඔ එතකොට මහසෝනාද? යාලුවා වෙච්ච මම රිරි යකාද?

      Delete
    2. ස්තුතියි.මම සමහර බ්ලොග්වල පොස්ට් කියවන්නෙත් පත්තර මල්ලිගෙ කොමෙන්ට් කියවන්නමයි.

      Delete
  7. නැවත දැකිම සතුටක් ඇත්තටම ..ආයේ ලියමු ...මම හිතුවෙ යකාට වෙලාව අඩු නිසා නොලිය ඉන්නවා කියලා .....

    ReplyDelete
    Replies
    1. වෙලාව නම් අඩුයි තමයි.මේසෙ උඩ වැඩ පිරිල.ඉස්සර වගෙ ක්ෂණික ආප්ප දාන්නෙ නැතිව සෙමින් යමක් කරන්නයි ඉන්නෙ.

      Delete
  8. කෙටි කාලයෙන් බ්ලොග් ලෝකය ගැන බොහෝ දේවල් ඉගෙන ගන්න ලැබුන එක ගැන සතුටු වෙන්න.. හැබැයි ඉතින් ඒ දේවල් එහෙමයි කියලා බ්ලොග් ගැන ආකල්පය කලින්ට වඩා වෙනස් කරන් අවාරේ පොල් වැටෙන විදිහට නම් ලියන්න එපා..

    ReplyDelete
    Replies
    1. බ්ලොග් ලියන්නෙත් සමාජයෙ ඉන්න අයම තමයි.අපි දැනගන්න ඕන කල්පනාවෙන් මිනිස්සු ඇසුරු කරන්න.මට ත්‍රස්ත ප්‍රහාර එල්ලවුනේ සැබෑ ලෝකයෙත් ත්‍රස්තයන්ගෙන් තමයි.ඒ අය දැන් විශ්‍රාමික.ඒ අයට අනෙක් අයගෙ මත ඉවසීමේ පුරුද්දක් නෑ.
      තමන්ගෙ මතය දේව වාක්‍ය ලෙස ආගමික ක්‍රමයට විශ්වාස කර වෙනත් මත දරණ අය සයිබීරියාවට,වැඩ කදවුරු වලට ,මානසික රෝහල් වලට යැවීම හෝ අධිකරණ විහිලු තුලින් මරා දැමීමයි ඒ අයට පුරුදු.ශිෂ්ට ලෝකය මෙය ඉවසන්නේ නැහැ.
      හැම මතයක්ම ඉවසිය යුතු අතර සංවාද කළ යුතුයි.බ්ලොග් ලෝකයට ඒකාධිපති පක්ෂවල වගේ පක්ෂ විනයක් අවශ්‍ය නැහැ.
      කලක් ගිය පසු මේ අය පරණ තරහ අමතක කරල කියා හිතල ඒ බ්ලොග් එකට ගියත් නැවත මට සුපුරුදු ප්‍රහාර එල්ල වුනා.ත්‍රස්තවාදීන්ගෙ ගුබ්බෑයම්වල රිංගන එකට හොඳ පාඩම් කියා හිතාගෙන නැවත ඒ පැත්තෙ නොයන්න හිතාගෙන ඉන්නෙ.

      Delete
  9. සයිලන්ට් සහන් බොලොග් නැවැත්තුවේ කරපු බොරු හෙළිවීම නිසා දෙන්න පිළිතුරක් නැතිවීම නිසා මිසක් කල්ලියක් කල අසාධාරණ පහර දීමක් නිසා නොවේ. ඇනෝ ඇවිත් ඇත්ත හෙළිකරන අයට මඩ ගැහුවේ සහන් මිස අන් අය නොවේ. ඉන්දික, විශ්ව සහ ප්‍රොෆයිල් ඇනෝ මේ ගැන කියලා තියන කරුණු තේරුම් ගන්නවත් මොලයක් නැති හරකෙක් මෙතන දේශපාලන ලිපි ලියන්න එනවා.

    ReplyDelete
    Replies
    1. සයිලන්ට් සහන් ගෙ බ්ලොග් එකට ගිය මට අදහගන්න බැරිවුනා ඔහු මොන වගෙ කෙනෙක්ද කියල.ටික දවසක් යනකොට තේරුනා ඔහු බොරුකාරයෙක් කියල.ඔහුගෙ ලිපි ඉතාම ශාස්ත්‍රීයයි.ඒව ලියන්නත් හුඟක් මහන්සි වෙනව.ඔහු මොන අරමුනෙන් ඒ බොරුව කළාද කියල හිතාගන්න බෑ.
      මට ඔහුගෙ බොරුව තේරුනේ ඔහු ක්ශේත්‍ර ගනනාවක විශේෂඥයෙක් ලෙස පෙන්වූ විට සහ ඔහුගෙ රෝග ගැන කියපු කතා අනුව.විටෙක චන්ද්‍රිකා පිළිබද විශේෂඥයෙක් වුන ඔහු තවත් විටෙක ආරක්ෂක අංශයක ප්‍රබලයෙක්.තවත් විටෙක ව්‍යාපාරිකයෙක්.එසේම පැය බාගයකට වරක් හුස්ම ගන්න අසාධ්‍ය රෝගියෙක්.ඔහු ගෙ පවුලෙ අය ගැන කියපුවත් පරස්පරයි.
      විශේෂඥ දැනුමක් ඇති අය විශය කරුණු ගැනත් සැක මතුකළා.
      නමුත් ඔහුගෙ බ්ලොග් එකෙන් මම යමක් ඉගෙන ගත්ත.ඔහු අපූරු ලිපි ලිව්ව.

      Delete
  10. කියන්න හිතපු දේ උඩ හැම කොමෙන්ටුවකම කොටල තියෙන හන්ද මම මොකවත් කියන්න යන්නෙ නෑ...
    ඒත් මාන්දමික වෙන්න එපා... හිට්ස් වලට කොමෙන්ට් වලට ආස වෙන එක තමන්නෙ කැමැත්ත නෙ...
    ඒත් තමන් කියන දේට ප්‍රතිපක්ෂව කව්රුහරි දෙයක් කියද්දි තමන්නෙ මතය වෙනුවෙන් පෙනී ඉන්න ඕන...
    මං මේ කියන්නෙ පොරක් වෙන්න කියල නෙවී... තමන්නෙ මතයට ගරුකරන්න අනුන්නෙ මතයට වගේම... එක එක ජාතියෙ අය ඉන්නව තමා... මොකෝ වෙන්නෙ.. කැමති කෙනෙක් කැමති දෙයක් කියපුවාවෙ..
    ඒත් ඔයා දෙයක් කියද්දි ඒ දේට ඔයා පෙනී ඉන්න ඕන ඒකෙන් පැනල යනේක නෙවී... කාලයක් යද්දි හැම එකාටම හැම දේම එපා වෙනව.. ඒක ස්වභාවයක්.. ඒ වගේ ඔය එක එක කතා කියන අය නැති වෙලා යයි...
    ඒත් උංට බයේ මාංදමික විදියට පසු බහිනව නං යකා ගෙන් වැඩක් නෑ....
    වචන විතරක් නෙවී යකා ක්‍රියවෙනුත් ඔප්පු කරන්න ඕන....

    ReplyDelete
    Replies
    1. ඔවු ඇත්ත.කියල තියෙන දේ ගැන 100% ක් එකඟ වෙනව.ප්‍රචන්ඩත්වයට අසාධාරණයට වගේම ඒ හැම දෙයක්ම උපදින ඒක ධ්‍රැවීය දෘෂ්ටියටත් එරෙහිව පෙනී සිටින්නයි මට ඕන.විවේචනවලට කලබල වෙලා පලා යන දුර්වලකම දැන් නෑ.

      මට ඇනෝ ප්‍රහාර එල්ල වුනේ ධනය ඒකරාශීවීමේ අනතුර සේම බලය ඒකරාශීවීමේ අනතුරද භයානක බව කියන්නට යාමෙන්.ඒක මගේ සොයාගැනීමක් නොවෙයි.කාටත් පේන්න තියන දේ.මෙය මා මුලින්ම දැක්කෙ මාටින් වික්‍රමසිංගහෙ පොතක.එතුමා සෝවියට් දේශය උදාහරණයට ගනිමින් රාජ්‍ය අහෝසිවීම ගැන මාක්ස් කියපු දේ විචාරයට ලක් කරල තිබුන.

      ධනය ඒකරාශීවීමටත් වඩා නරකයි බලය ඒකරාශී වීම.ලෙඩ කීපයක් තිබෙන සමාජ දේහය කියන ලෙඩාගෙ එක ලෙඩකට බේත් කරනකොට ඊට වඩා දරුණු ලෙඩක්වන බලය ඒකරාශීවීම මතුවෙනවනම් ඒ බේත් කෙරිල්ලෙන් වැඩක් නෑ.1215 මැග්නා කාර්ටාවෙ ඉදන් ලබා ගත්ත මානව හිමිකම් නැත්තටම නැතිකරගෙන රාජාන්ඩුවකට පමනක් හොද විකල්පයක් වන අන්තනෝමතික දේශපාලන ක්‍රමයක හිරකාරයෙක් වෙන එක ඔක්කොටම වඩා නරකයි.

      මම මොනව ලිව්වත් ඒක ධ්‍රැවීය ලෝකයට එරෙහිවයි ලියන්නෙ.ඕනම සංසිද්ධියක හැම පැත්තක්ම බලන්න ඕන කියල මම කියන්නෙ.අපි ඌණිතවාදීන් වෙන්න ඕන නෑ.සංසිද්ධියකට එක් හේතුවක් පමණක් නොවෙයි තියෙන්නෙ.මේ විදියට හිතන්න පුරුදු වුනොත් සියළුම අන්තවාදයන් පරාජය වේවි.

      Delete
  11. සිංහල බ්ලොග් වලට හිට්ස් එන්නේ සින්ඩි සහ බ්ලොග් රෝල් හරහා බ්ලොග් වලට යාම සහ කමෙන්ට් කිරීම සිදු වන්නේ සීට්ටු දානවා වගේ. (උදාහරණයකට අපි යකා ගමු. යකාගේ හිතවතුන් පොස්ට් දැම්මාම යකා කමෙන්ට් කරන නිසා ඔවුන් යකා දාන පොස්ට් වලට කමෙන්ට් කරනවා). මෙම කමෙන්ට් රටාව නිසා සමහර පලක් නැති මුල මැද අග සම්බන්දයක් නැති පොස්ට් වලට පවා "නියම පොස්ට් එකක් " වැනි කමෙන්ට් දාන සමහරක් අය ඉන්නවා. සමහර අය ඉන්නවා ලිපිය කියවන්නේ නැතිව ඔහේ කමෙන්ට් කරන. ඔවුන් සමහර විටක මම ලිපිය කියවුවේ නැහැ පස්සේ කියවන්නම් කියලා කමෙන්ට් කරනවා(ණය ගෙවන්න කමෙන්ට් කරනවා). නැත්නම් ලිපිය කියවූවා වාගේ කමෙන්ට් කරනවා.
    කොහොමත් බොහෝ බ්ලොග් කරුවන් තර්ක සහිත ලොකු වචන සහිත මෙන්ම දිග පොස්ට් නම් කියවනවා හොරයි. සුපිරි ලිපියක්, හොඳ කතිකාවතක් කියලා කමෙන්ට් එකක් දෙයි යන්තම් කියවලා. එක නිසා හරයක්ක් නැතත් ලොකු තර්ක අමාරු වචන සහ දිග ලිපි ලියලා කාට හරි පොරක් වෙන්න පුළුවන්. හැබැයි කවුරු හරි තේරුම් ගෙන මුලින් කමෙන්ට් කලොත් මේක වැඩක් නැති ලිපියක් කියලා බහුතරයක් කමෙන්ට් වල ඒ අදහස තියේවි.

    ReplyDelete
    Replies
    1. කතාව සම්පූර්ණ ඇත්ත
      ඒත් බ්ලොග් ලියන හැමෝම වගෙ එක්තරා මට්ටමක ඉන්න පිරිසක් කියලයි මට හිතෙන්නෙ.ඔවුන්ගෙ කිසියම් සුවිශේෂත්වයක් තියනව සමාජ ආර්ථික දේශපාලන වශයෙන්.
      නිකම් කාපු බීපු දේවල් කතාකරනවට එහා ගිය බ්ලොග් කලාවක් අපට අවශ්‍යයි.

      සංවාදශීලී ලෙස කොමෙන්ට් කිරීමක්නම් දකින්න ලැබෙන්නෙ නෑ.මට වූ දෙයම බලන්න.

      අර්බුදය ඇතිවෙන්නෙ නිෂ්පාදන මාර්ග පිරිසකට හිමිවීම නිසා නොව ඒකක පරිමාව ප්‍රසාරණය වීම නිසා බවත් ඊට නිෂ්පාදන ක්‍රමවේද වෙනස්වීම බලපාන බවත් මා කී විට කිසිම කෙනෙක් ඒ ගැන සංවාදශීලී වුනේ නෑ.මේ තුලින් සේවකයන් දමා වැඩගන්නා ව්‍යවසායකයා වගේම ටියුෂන් ගුරුවරයා ගැනත් කතා කරන්න මට ඕන වුනා.ටියුෂන් ගුරුවරයා කියන්නෙ මානසික ශ්‍රමය වැයකරන කම්කරුවෙක් කියන කතාව විහිළුවක්නෙ.
      මාක්ස්වාදීන් මා එක්ක මේ නිසා ඔරොප්පුවෙලා නින්දා අපහාස කරන්න ගත්තා.ඔවුන්ට අනුව ඔවුන්ගෙ අදහස්වලට එරෙහිව අදහස් දක්වන එක සාතන්ගෙ වැඩක්ලු.

      "නිහඩ බහුතරය ස්ථිර අධිෂ්ඨානයෙන් යුත් සුළුතරයට වක්‍රාකාරව සහාය දෙති."
      අපි නිහඩ බහුතරය නොවෙමු.සියල්ල ප්‍රශ්න කරමු.අපි අපිවම ප්‍රශ්න කරමු.පිළිම වන්දනාවෙන් බැහැර වෙමු.

      Delete
    2. මකාසි එකඟ වෙන්න පුළුවන් කමෙන්ට් එකක්.ගොඩක් වෙලාවට තියෙන්නේ පිට කසා ගැනීමේ කමෙන්ට් කලාවක්.මම නම් හිතන්නේ ලිපිය නොකියවා කමෙන්ට් කරන එකෙන් ලිපිය ලිව් කෙනාට ලොකු අසාධාරණයක් වෙනවා කියාලායි.

      Delete
  12. යකා නැවත ආපු එක ගැන සතුටුයි. මන් ඇත්තටම හිතුවේ නැහැ යකා නවත්තලකියල. මමත් අන්වර්ථ නම් කීපයකින් බ්ලොග් කලා. ඉන් පස්සේ ඇත්ත විස්තර දාල කොලඹ ගමය පටන් ගත්තේ . මම හිට්ස් වැඩිය බලා පොරොත්තු වෙන්නේ නැහැ. වැඩිය පබ්ලිසිටි දෙන්නෙත් නැහැ. මම අනිත් අයට කොමෙන්ට්ස් දාන්නේ ඒ අය මට දායි කියන බල පොරොත්තුවෙන් නෙමෙයි. අනික මම කැමති බ්ලොග් එකක් තිබෙනවානම් මම ඒ අය දන්නේ නැතත් මගේ බ්ලොග් එකට ඇතුලත් කරනවා. යකා එක්ක , සමාජ සුභ සාධක එක්ක , අරුණි ශපිරෝ එක්ක ගිය සංවාද වලින් මමත් යමක් ඉගෙන ගත්ත. ඒ නිසා අදහස් පල කරන්න. අපි සංවාද කරමු.

    ReplyDelete
    Replies
    1. මම බ්ලොග් එක පටන් ගත් දිනවල මම වෙනත් බ්ලොග් වල දුටු දෙයක් තමයි පොඩිකාලෙ දුක් වින්ද හැටි වගෙ දේවල් දාපුවම හිට්ස් එනව කියන එක.හිට්ස් බලාපොරොත්තුවෙන් මාත් ඇත්ත බොරු 50 ට 50 කලවමේ දැම්ම.ඒ වගේම තන් බුරි ගැනත් දැම්ම.ඒත් ඒ වැඩේ තේරුමක් නෑ.ශාස්ත්‍රීය මට්ටමක ඉදන් එදිනෙදා සිදුවීම් ඇසුරින් සමාජ දේශපාලනික කරුණු කතා කරන එකයි වැදගත්.
      ඔයාගෙ බ්ලොග් එකෙන් මම හුඟක් දේවල් ඉගෙන ගත්තා.ඒකෙ මාක්ස්වාදය ගැන සංවාදය නතරවෙලා ඇයි.ඔබ මාක්ස්වාදය ගැන විද්‍යාත්මක හැඳෑරීමක් එහි කරමිනුයි ආවෙ.මාක්ස්වාදය රස්තියාදුකාරයන්ගෙන් ඉගෙන ගත් අපේ තරුණයන්ට ඔබේ බ්ලොග් එක හුඟක් වටිනව.
      ඔබේ බ්ලොග් එක මා කැමතිම බ්ලොග් එකක්.අපි නවත්තපු තැන ඉදන් පටන් ගනිමු.

      Delete
  13. මුලින්ම යකාව ආයෙමත් දැක ගන්න ලැබීම ගැන සතුටු වෙනවා.කකා පවා යකා ගැන අහලා තිබ්බා දවසක්.
    සංවාදශීලි කතිකාවන් බ්ලොග් වල වෙන්නෙම නැහැයි කියලා කියන්නත් බැහැ.බ්ලොග් කියන්නෙත් එක්තරා මාධ්‍යක් තමයි.එකම දේ එක වඩාත් නිදහස් මාධ්‍යක් වීමයි.

    ගෆූර් ගුල්යාම් ගේ පොත ගැන අසා තිබුනත් කියවා නැහැ.මිගමුව සිදුවීම තුලින් පමණක්ම රටේ අධිකරණ පද්ධතිය ස්වාධිනයි කියලා පිළිගන්න අමාරුයි.නීති පොත් වල නිතිය සැමට සාධාරණ වෙන්න ඕනේ කියලා ලියවෙලා තිබුනත් ක්‍රියාත්මක වෙන කොට එහෙම නොවෙන බව අපි හොඳටම අත්දැකීමෙන්ම දන්නවානේ.

    බාලාතම්පෝ කියන්නේ නියම වමන්ශිකයෙක්.මම වමේ කෙනෙක් නොවුනත් තමන්ගේ මතය වෙනුවෙන් පෙනි ඉන්න ඔහු සතු අයිතියට ගරු කරනවා.ඔහු පැතු රටක් ඔහුගේ මරණය දක්වා ඔහුට දකින්න නොලැබෙන්න ඇති,.නමුත් ඒ වෙනුවෙන් ඔහු කෙරු කැපකිරීම මම අගයනවා.

    ReplyDelete
    Replies
    1. ගෆූර් ගුල්යාම්ගෙ පොතෙන් මධ්‍යම අසියාවෙ ජනජීවිතය ගැන හුඟක් දේවල් ඉගෙනගන්න ලැබෙනවා.පරිවර්තනයත් සුපිරියි.පූජක පැළැන්තියෙ වංචනික ස්වභාවය අපූරුවට පෙන්වල තියනවා.හාස්‍ය,උපහාසය පිරිල.මම පාසල් යන කාලෙ කියවා තිබුනත් තමන් ලඟ පිටපතක් තියෙන්න ඕන නිසා ගත්ත.

      මීගමුව සිද්ධිය ගැන මම පුදුම වුනා කියා මුලින් කීවෙත් ඒකයි.ලංකාවෙ දුප්පතාට බැරි එකාට කිසිම පිළිසරණක් නෑ.මීගමුව සිද්ධිය අටවෙනි පුදුමය වගෙයි.මේක ප්‍රවණතාවයක්නම් ඒක හොදටම හොඬ්හ්යඉ.

      බාලාතම්පෝ කියන්නෙ මේ රටේ පරණ වමේ සිටි අවසාන පුරුක කියලයි මට හිතෙන්නෙ.මිනිස්සු ඔළුව උස්සගෙන ඉන්නෙ තම්පොල වගෙ අය නිසයි.ඔහු කම්කරුවන්ට දිනා දුන් දේ බොහෝමයි.

      Delete
  14. මම යකා මලා කියලා හිතලා මගේ බ්ලොග් රෝලෙනුත් ගලවලා දැම්මා.. ආයෙ දාගමු එහෙනම්.. :D

    සිංහල බ්ලොග් කල්ලි තියනවා කියලා තේරුම් ගන්න යකාට ගිය කාලයක්...!!! මමනම් සිංහල බ්ලොග් කෙරුවාවට කියන්නෙ "දැලි පිහියෙන් කිරි කනවා " කියලා..

    දැන් ආයෙ ආපු එකේ ඔහොම පරිස්සමෙන් කිරි ටිකක් කාගෙන යන්.. ඉඳලා හිටලා දිව ටිකක් කැපෙයි ගනන් ගන්න එපා.. රතු ළුනු ගෙඩියක් හැපුවම අඩු වෙනවා...ඊට පස්සෙ ආයෙ කන්න තමා තියෙන්නෙ.. :)

    "එක ඕනා අයට, එක දෙන්න." ඕක මම බ්ලොග් වලදි වගේම තත්‍ය ජීවිතේදිත් අනුගමනය කරණ ප්‍රතිපත්තිය..

    ReplyDelete
    Replies
    1. කතාව සම්පූර්ණ ඇත්තයි

      Delete
  15. ela ela yako uba apahu apu eka waliyak daganna wath puluwan agam gena,,,,,,, oka thamai yako 8lo dahama kiyala budunwahanse deshana karala thiyenne eken selenna epa uba buddagama gena denwath wiwasa korahan" anichchawatha sankara " siyalu sanskarayo nesena sului apramadawa kusal karanna nethnam ube panditha niragama nisa ubata kalpagaanak sathara apaye thamai inna wenne

    ReplyDelete