Wednesday, April 23, 2014

කතන්දර හා කතන්දරකාරයෝ


අපි කතන්දර ඇසීමට කැමැත්තෙමු. අපට යමක් තේරුම් ගැනීමට සංගත තනදරයක් අවශ්‍යය.ඇතැම් කතන්දර ටයිපින් මිස්ටේක් වැනිය.මිස්ටේක් එක දුටුවද එයින් වෙනත් අර්ථ එන බැවින් නිවැරදි නොකර සිටිනවා සේය.මානවයා කතන්දර ඇසීමට කැමතිවූ නිසා මානවයන් අතරින් සමහර මානවයෝ කතන්දරකීමට ඉදිරිපත් වූහ. මානව ඉතිහාසය ඇරඹුන දා සිටම මෙසේ කතන්දරකාරයෝ සිටියහ.

කතන්දරයක් කියන්නේ කුමක් ගැනද කියා බලමු. එක්වරම නොතේරෙන යම් ගූඩ බවක් තිබෙන ඕනෑම දෙයක් ගැන කතන්දරයක් කීමට පුළුවන.එකයි එකයි දෙකයි කී විට ඒ ගැන වෙන කෙනෙකුට කීමට දෙයක් නැත. එහෙත් ලෝකය නිර්මාණය වීම ,මෝක්ෂය වැනි කරුණු ගැන සිත ගැන කතන්දර නිර්මාණය කළ හැක. එහෙත් මෙසේ කතන්දර නිර්මාණය කළත් ඒවා පවතින්නට නම් අධිපති මතවාදය හා බද්ධ විය යුතුය.


බුදුන් ලංකාවේ උපන්නායැයි මීවනපලානේ හිමියන් කියන නමුත් ඒ කතන්දරය අධිපති මතවාදය හා බද්ධ නොවීය.ඒ පොත් හරිහැටි මුද්‍රනය කර බෙදා හරින්නටද හැකිවී නැත.නමුත් සිරිදම්ම රහත් වීමේ කතන්දරය සදහා සිවිල් සමාජයේ බලවතුන් සම්බන්ද කර ගත හැකි වී ඇත.එහෙත් එහිද අඩුපාඩු ඇත.

ඉස්සර සිටි කතන්දරකාරයන්ට නොතිබූ ගැටළු වර්තමාන කතන්දරකාරයන්ට ඇත.එහෙත් ඉස්සර සිටි අයට වඩා සුරක්ෂිත බවක් ඇත. අඩු තරමින් ජිනීවා හෝ යාමට හැක. ඒ සුරක්ෂිත බව තිබෙන්නේ කතන්දරකාරයාටය.කතන්දරයට නොවේ.එහෙත් අපට වඩා වැදගත් කතන්දරකාරයා නොව ඔහු කියන කතන්දරයයි.

ඇත්තෙන්ම මේ යකා එන්නේ මොකාටද" කෙනෙකු තුල එසේ සිතිවිල්ලක් පැන නගිනවා නිසැකය. අපේ හිතවත් බ්ලොග් කරු සෑමා ගේ කලින් පොස්ට් එකේ මම දැමූ කොමෙන්ටුවකට ලැබුන පිළිතුරු නිසා මටද ඒ ගැන පෝස්ට් එකක් දැමීමට සිත් විය.මේ කතන්දරය ඒ ගැනයි.


මා එහි මෙසේද කියමනක් සටහන් කළෙමි
All Religions were invented by the Devil to conceal God from Mankind



සොක්‍රටීස් කතන්දරකාරයෙකි.එහෙත් ඔහු දේව පුත්‍රයෙකු නොවූයේ ඇයි? ඔහු වසබී මියගියේ අප වෙනුවෙන් කියා කතන්දරයක් හදා ගන්න බැරි වුනේ ඇයි.එසේ හදනවා නම් එය ඉතා අපූරු සිද්ධියකි. නමුත් සොක්‍රටීස් දාර්ශනිකයෙකු විය. ඔහු ජීවත් වූ ග්‍රීක් සමාජය එවැනි ඇදහිල්ලකට සූදානම් නොවීය. නැත්නම් මෙවැනි වදන් අපට අසන්නට ලැබෙනු ඇත.


සොක්‍රටීස් ඔබ බලවන්තයි බලවන්තයි බලවන්තයි
ඔබ මට ආදරෙයි ආදරෙයි ආදරේ
ඔබ වස බිව්වෙ මා නිසයි මා නිසයි මා නිසයි
මට ගැලවීම දෙන්න සොක්‍රටීස් පියානෙනි ඔබ මා දෙස බලා සිටින බව මම දනිමි හායි හූයි හායි හූයි

සොක්‍රටීස්ගේ පිළිම හන්දියක් හන්දියක් ගානේ නෙළා නැත. ඒ ඔහුගේ කතන්දරය ට සංගත බවක් නොවූ බැවිනි.සොක්‍රටීස්ට වුනේ අසාධාරණයකි.


පුරාණ ඊශ්‍රායලයේ තිබූ අපූරු සංකලපයක් නම් ගැලවීමයි. මෙහි තේරුම මෙයයි  .වහල් හිමියාගෙන් වහලාට අවශ්‍ය වුනේ ගැලවීමයි.මෙලෝ දුකෙන් වහලාට සදාකාලික ගැලවීමක් වුවමනා විය. මේ ගැලවීම දිය හැකි දෙවියෙක් නිර්මාණය කිරීමට අවශ්‍ය වුනේ එනිසාය. මෙවැනි නිර්මාණ කිහිපයක් අතරින් එකක් තෝරා ගැනුනි.යුදෙව් වහලුන් ග්‍රීක් වහලුන්ට මේ කතන්දරය කී විට ග්‍රීක් වහල්ලු ඊට රුචි කළහ. මේ කතන්දරය අසන ග්‍රීකයා පෙර සිටි දාර්ශනික ග්‍රීකයා නොව වහල් ග්‍රීකයෙකි.යුදෙවු දෙවිතුමා ග්‍රීකයන්ටත් ප්‍රේම කරන්නේ මේ පසුබිම තුලයි.

උතුරු ඉන්දියාවේ ක්‍රි:පූ 6 වැනි සියවසේ තිබූ තත්වය ඊට වෙනස්ය.එය කෘෂිකාර්මික සමාජයකි.රාජපුත්‍රයෝ හා ගෘහ්පතිපුත්‍රයෝ දැනුම් පිපාසයකින් පසු වූහ. සංගාරව ,උපාලි වැනි ගෘහපතියන් කාලාම,වච්ඡගොත්ත,කච්චායන වැනි බමුණන් බුදුන්ගෙන් ඇසූ ප්‍රශ්න දෙස බලන්න.ඉන්දියාවේ ඒ වන විට බුද්ධිමය සංවාදවලට සුදුසු වටපිටාවක් තිබුණි.

එසේම මෙම බුද්ධිමය ප්‍රශ්න නිරාකරණයට අවශ්‍ය කතන්දරකාරයෝද සිටියහ. මේ එක් කතන්දරයක් කියවූ අයට වඩා කතන්දර කීපයක් කියවූ අයට මේ කොයිඅක් ඇත්තද කියා හිතා ගන්නට බැරි තරම්ය. හැම කතන්දරයක්ම ලස්සනය,නියමෙට නිර්මාණය කර ඇත.ජෛන දහමේ කර්මය පෙන්වා දී ඇත්තේ යකඩ තුල ගිනි පුපුරු ඇති සේය.මෙවැනි උපමා රූපක බොහෝ ඇත. අපේ පසේනදි කෝසලලා ,බිබිසාරලා ජෛනයන්ගේත් ප්‍රධාන නළුවෝය දායකයෝය.ඓතිහාසිකව ගත් කළ ජෛනයන්ගේ කතා නිවැරදි යැයි මට සිතේ.කෙසේ වෙතත් සෑම බෞද්ධයකුම ජෛන දහම ගැන පොතක්වත් කියවිය යුතුය. පුදුම වෙනවා නිසැකය.පොටෝකොපි මැසිමකින් ගැසූ පොටෝ කොපියක් සේය.

කතන්දරයක් ජයගන්නේ තව කතන්දර රාශියක් අතරිනි.පොලවට දැමූ ඇට අතරින් එකක් දෙකක් පැළවෙනවා සේය.රාජානුග්‍රහය ආදිය අවශ්‍යය. රජෙක් ගෝත්‍ර නායකයෙක් පහදවගත්තානම් ගොඩේ ගොඩය.හැම ආගමක්ම පැතිරුනේ ඔහොමය.

යුදෙව්වාගේ සිතුම්පැතුමන් ඉන්දියානුවාගේ සිතුම් පැතුමන් සේම අරාබියාගෙ සිතුම් පැතුමන්ද අපේ වී ඇත. අරාබියාට අවශ්‍ය වුනේ යුදෙව්වාට මෙන් ගලවීමවත් ඉන්දියානුවාට මෙන් සිතට වෙන දේ ගැනවත් නොව එක්සත්කමය. මංකොල්ලකන ගෝත්‍ර වලින් බේරී ආරක්ෂිතව සිටීමය.ගෝත්‍රය වර්ධනය කර ගැනීමය.මේ අවශ්‍යතා වලට ගැලපෙන දහමක් ඔවුන්ට හිමිවිය.

අද තිබෙන ආගම් සාර්ථක වුනේ ගල උඩ සටන් වලිනි. එක් වරෙක යුරෝපයේ යේසුස්,ඇපලෝනියස් ඕර්ෆියස් හා මිත්‍රාස් අතර තරඟයක් විය. හැමෝම ඇස් අයාගෙන සිටියහ.අවසානයේ ජයගත්තේ කවුදැයි අප ද්හනිමු.
කොන්ස්ටන්ටයින් අධිරාජයා ක්‍රිස්තියානිය රෝමයේ රාජ්‍යාගම කළේය.එහෙත් ඔහු කළේ කපන්න බැරි අටහ්ක් සිඹීමකි. ඔහුගෙන් පසු බලයට පත් ජූලියන් (ආගම අත හැරි ජූලියන් )ක්‍රිතියානියේ තැන මිත්‍රාස් දහමට දුනි. ඇත්තෙන්ම ජූලියන් තව වසර කිහිපයක් ජීවත් වුනා නම් කිතු දහම අතු ගෑවී යනු නිසැකය.


Julian
ජූලියන්ට පර්සියානුවන් හා යුධ වැදීමට සිදුවිය.සටනින් පසු එන ගමන් ඔහු අභාවප්‍රාප්ත විය. ඔහුගේ අවසාන වචන "ගැලීලියානුවෙනි ජය ඔබටය යන්නයි". ජූලියන්ගෙන් පසු බලයට පත් තියඩෝසියස් ක්‍රිස්තියානි නොවන සියළු ආගම් තහනම්කර සමූලඝාතනය කළේය.

මෙහි අපූරුව මෙයයි.මිත්‍රාස් යනු පර්සියානුවෙ කි.මේ ආදිකල්පික  ඇදහිල්ල පුරාන ආර්ය සංක්‍රමන සමඟද සමබ්න්ධ වේ. මිත්‍ර,වරුණ,යම ඉන්ද්‍ර වැනි ඉන්දු ආර්ය දෙවිවරු ගැ ඔබ අසා තිබෙනවා නේද. මේ කියන මිත්‍ර තමයි මිත්‍රාස්.

එදා මිත්‍රාස් ජයගත්තානම්,නොහොත් ජූලියන් අදිරාජයා පර්සියන් සටනෙන් මළේ නැත්නම් අපේ සෑමා ගේ ඉරණම විසදෙන්නේ මෙසේය.

සෑමා තම විවාහයට උපදෙස් ගන්නට මිත්‍රාස් පල්ලියට යයි.ලංකාවේ බටහිර මුහුදුබඩ තීරයම මිත්‍රස් පල්ලිවලින් පිරී ඇත.පූජකතුමා සෑමාට සිකුරාදා ගව බිලි පූජාවට ඇරයුම් කරයි.ඊට අකමැතිවුනොත් නම් මනමාලි හම්බවෙන්නේ නැත.මේ ගව බිලි පූජාවේදී මරණය හා නැවත උත්ථාන වීම සංකේතවත් කෙරේ.

මරණය හා නැවත් උත්ථාන වීමද සම්බන්ධවද කතන්දර රාශියකි. ඊජිප්තුවේ ඔසිරිස්ගේ මරණැය හා උත්ථානය,සුළු ආසියාවේ (නූතන තුරිකියේ ) ඇට්ටිස්ගේ මරණය හා උත්ථානය වැනි බොහෝ කතන්දර විය.මේවාගේ සදාකල් දේව සංකල්ප්ය ස්ත්‍රීලිංගික විය. යුදෙව්වෝ මාතෲ යන්නට පීතෲ ලෙස කට් කොපි පේස්ට් කළහ.
ලෝක නිර්මාණය,සිත වැනි කරුණු ගැන මිනිසුන් කතන්දර නිර්මාණය කළහ.නිත්‍ය අවසානයකට මිනිසා තුල ඇති බිය නිසා ඔහුට මෝක්ෂයක්,නිර්වාණයක් අවශ්‍ය විය.මේ සියල්ල සපිරුන එක ආගම නම් වේ. ආගම යනු අද සාමූහික සංස්කෘතියක් භුක්ති විදින තැනකි.එහි ඥානසාරලාද වටරැක විජිතලාද වෙයි.ඒ නිසා මෙය තව දුරටත් සිටහ් ගැන විග්‍රහයක් නොවේ.

ආර්ථිකය හා ලිංගිකත්වය ගැනද කතන්දර වෙයි. ආර්ථිකය ගැන සමාජවාදී විග්‍රහයේදෙ මාක්ස් නම් කතන්දරකාරයෙක් ජය ගත්තේය. තව තව අතුරු කතා නිර්මාණය කළ අයද වෙයි.ලිංගිකත්වය ගැන ද එසේමය.

අලුත් කතන්දරකාරයන්ගේ ඉරනම කෙසේදැයි බලමු.ඉස්සර නම් ඩේන්ජර්ය.තමන් හැර අනෙක් කතන්දරකාරයන් බොරුකාරයන්යැයි පරණ කතන්දරකාරයන් කියා ඇති නිසා අලුත් කෙනෙකුට තම කතන්දරය ඔසවා තබන්නට ලොකු කට්ටක් කන්නට සිදුවේ.පරණ එකා එහෙම කියා ඇත්තේ තම කතන්දරයට රක්ෂන සහතිකයක් ලෙසය.

ඉස්ලාමයේ මුහම්ම්දගේ ලෝක දැක්ම ඇසූ අරාබිවරු කුපිත වූහ.කෙසේ නමුත් ඔහු අවසානයේදී ජයග්‍රාහී විය.මුසයිලමා නමැත්තෙක් අලුත් කතන්දරයක් කියන්නට ආවේ ඉන්  පසුය.ඔහු මුහම්මද්ගේ නබිත්වය පිළිගත්තත් මුහම්මද් පමනක් නොව තමාද නබිවරයෙක් යැයි කීහ. අලුතෙන් ස්ථාපිත වූ මුස්ලිම් ආගමිකයො මුසයිලමා සමඟ යුධ වැදී ඔහුගේ අනුගාමිකයෝ සමූලඝාතනය කර දැමූහ.ඉස්ලාම් ඉතිහාසයේ සදහන් වන යමාමා යුද්ධය යනු එයයි.

වදුරඹ සිරිවර්ධනගේ කතන්දරය අසන්නට අප සූදානම්ද.මම උන් වහන්සේට මෙසේ කියමි.සිරිවර්ධනයානන් වහන්ස ඇසුව මැනව.ආගම් බිහිවන්නේ සමාජ ප්‍රගමනයේ එක් අවස්ථාවකය.මේ එයට සුදුසු කල නොවේ.අන්තිමට බිහිවූ දෙවියන්ද 17 වැනි සියවසේ කීර්ති බන්ඩාර නැමැති කෙනෙකි.ඒත් කන්ද උඩරට හද්ද පිටිසරය.

ඉන්දියාවේ සායිබබාලා යෝගීන් සිටින නමුත්කාටවත් අලුත් ආගමක් හදන්නට බැරි විය. දැන් නම් මේ අයත් එන්න එන්නම අඩුවේ.අලුත් කතන්දර ලෙහෙසි නැත. හැබැයි කල හොද නිසා මාධ්ය සාකච්ඡාය,ජිනීවාය,අරකය මේකය මහ ගොඩකි. පණ බේරේ ඒත් කතන්දරය ඉස්සර මෙන් නැගල නොයයි.

සියළුම කතන්දරකාරයෝ අප මෙන් සාමාන්‍ය මනුස්සයෝමය.නමුත් කතන්දරකාරයෙකුගේ මරණින් පසු ඔහු වටා අමුතු කතා නිර්මාණය කර ඔහු අද්භූත කෙනෙක් බවට පත් කෙරේ.

මේ දේවල් වලට හේතුව කුමක්දැයි බලමු. අපේ යටි සිත සතු තෘප්ත නොවූ ආශාවක් සංසිදවීම මේ කතන්දරවලින් සිදුවේ. ඇත්තටම දෙවියන් කියා අප අමතන්නේ අපේම යටි සිතටය.එනයින් හැම ආගමකම දෙවියන් එක සමානය.

පන්සලේද පල්ලියේද කෝවිලේද මස්ජිදයේද (මුස්ලිම් ) දැල්වෙන්නේ එකම පහනකි.

(1078 )

35 comments:

  1. කතන්දර කාරයෝ, කවදත් කොතනත් ජනප්‍රියය. වත්මන් කතන්දර කාරයාද එසේමය.

    ReplyDelete
    Replies
    1. ඒ එසේමය. වත්මන් කතන්දරකාරයා සුන්දර මිනිහෙක් බව දැනගත්තේ අවුරුදු සැණකෙළිය දාය.මා සිතුවේ ඔහු සුර්ය දිව්‍ය රාජයෙක් කියාය.පුදුමයි ඒත් ඇත්තයි සරල සුන්දර නිහතමානී මිනිහෙකි.

      Delete
    2. මටත් මේක කියෝනකොට මතක් උනේ අපේ කතන්දරව නෙ.

      Delete
    3. යකා ආව ද? අපරාදෙ කතා කරන්න බැරි වුණේ :-((

      Delete
    4. යකා ආව ද? අපරාදෙ කතා කරන්න බැරි වුණේ :-((

      Delete
    5. කුරුටු ගෑ ගී පොතApril 23, 2014 at 10:39 AM
      ඒක තමයි .එන අවුරුද්දෙ සැණකෙළියට මතක ඇතිව එන්නකෝ

      Delete
    6. දිලිනි මේ පාර ආව යකෝ. යකා ආවට කොයි ඉතින් අපිට අඳුරන්නත් බැරිඋනානෙ.

      Delete
    7. ඔය යකා තමයි අර හෙවනැල්ලක් නැති ඇසිපිය ගහන්නැති එකා!

      Delete
  2. //පන්සලේද පල්ලියේද කෝවිලේද මස්ජිදයේද (මුස්ලිම් ) දැල්වෙන්නේ එකම පහනකි.//
    නමුත් පිටවන ආලෝකයේ වර්ණාවලියේ වෙනස් කම් පවතී.පහන දැල්වුවේ අඳුර නැසීමට වුවත් රතු ආලෝකය එන පහනෙන් කොළ වාස්තු කළුවට පෙනේ. නිල් ආලෝකය එන පහනෙන් කොළ වස්තු නිලට පෙනේ වස්තුවේ නියම පාට දැකීමට සුදු ආලෝකය එන පහනක් අවශ්‍ය වේ. සුදු ආලෝකය එන පහන ඇත්තේ ඔය කියන තැන් වලින් එකක පමණි. හැමතැනම එකම අවශ්‍ය තාවයට එකම වර්ගයේ පහන් ගත්තත්. සෑම පහනකින්ම පහන ආවට අඳුර දුරු වුවත් සෑම හැම පහනකින්ම වස්තුවල සත්‍ය පාට නොපෙනේ.

    ReplyDelete
    Replies
    1. සත්‍ය පාට ම දකින්න පුළුවන් පහන් නෑ යාළුවා.හැම පහනකම ආලෝකය විකෘති කරලා
      දිව්‍යමය ආගම් ඇතුළු සියළුම ආගම්වල පදනම මමත්වය නැති කිරීම.මෙහිදී දිව්‍යමය ආගම් මමත්වය පරිබාහිර මමත්වයකින් යටපත් කරනවා.උඩු සිතේ සියළු ආශාවන් මෙසේ සමස්තයට යටත් වෙනවා.මෙහි වාසි තිබෙනවා.තමන් සම්බන්ධ සියළු ක්‍රියා වල වගකීම තමන්ගෙන් ඉවත්වීමයි.එය හිතට සැහැල්ලුවක්.එවිට ඉතිරිවන්නේ යැදුම හා තුතිය පමණයි.ඕනම දෙයක් දෙවියන්ගෙන් (යටි සිතෙන් ) ඉල්ලනවා.
      චෛතසික ආගම්වල කරන්නෙත් ඒ ගනුදෙනුවමයි.සිතට කතා කරල මමත්වය ඉවත් කර ගන්නවා.මේ විරේකයත් අර විරේකයමයි.ඒත් දිව්‍යමය ක්‍රමය චෛතසික ක්‍රමයට වඩා පහසුයි.
      මේ සිද්ධාන්තය වටා කතන්දර ගොඩ නගනවා.එක එක නම් දානවා.වර්ගීකරන හදා ගන්නවා.ඔක්කොම එකයි.

      Delete
  3. ade yaka samaweyan mama Sinhala type karanna dan ne loke agam godak thibunata akalika dahamakata thiyenne Buddha darmaya witharai naweena widyawa soya ganna godak dewal budun wahanse a kalema deshana kala oya hema dewa agamakma deiyo loke mewwai eka engilla uda thiyagena innawai kiyaddi Buddha darmaye kiyanne anantha sakwala gena apo thejo patawi wayu walin lokaya nirmanaya weema gena widyawa thama diyunu madi budu dahame gebura therumganna tharam

    ReplyDelete
    Replies
    1. ඔන්න මං සිංහලට දැම්ම යුනිකෝඩ් කන්වර්ටර් එකෙන්.මේක ස්පෙලින් හදන්න කම්මැලියි .වැඩ දෙක වෙනව.කමක් නෑ

      අඩෙ යක සමවෙයන් මම Sඉන්හල ට්ය්පෙ කරන්න ඩන් නෙ ලොකෙ අගම් ගොඩක් තිබුනට අකලික ඩහමකට තියෙන්නෙ ඹුඩ්ද ඩර්මය විතරඉ නවීන විඩ්යව සොය ගන්න ගොඩක් ඩෙවල් බුඩුන් වහන්සෙ අ කලෙම ඩෙශන කල ඔය හෙම ඩෙව අගමක්ම ඩේයො ලොකෙ මෙව්වඉ එක එන්ගිල්ල උඩ තියගෙන ඉන්නවඉ කියඩ්ඩි ඹුඩ්ද ඩර්මයෙ කියන්නෙ අනන්ත සක්වල ගෙන අපො තෙජො පටවි වයු වලින් ලොකය නිර්මනය වීම ගෙන විඩ්යව තම ඩියුනු මඩි බුඩු ඩහමෙ ගෙබුර තෙරුම්ගන්න තරම්

      Delete
    2. යාළුවා ඔය කියන විද්‍යාතමක සොයා ගැනීම තම තමන්ගෙ ආගම්වල තිබෙනව කියල හැමෝම කියනව.බයිබලයෙ ගීතාවලියෙ තිබෙනව සෞරග්‍රහ මණ්ඩලය ගැන කවියක්.ඒ වගේම මුහුදු වතුර මිශ්‍ර නොවෙන තැනක් ගැන කළල රූප විකසනය ගැන කුරානයෙ තිබෙනව. හැබැයි මේව ඔක්කොම වචන වල තේරුම එහෙමෙහෙ කරල මීවනපලානෙ අහුබුදු සිස්ටම් එකට හදාගත්තුව . ඒවට ඔහොම තේරුම් ඕන තරම් හදා ගන්න පුළුවන්.

      ආපෙඔ තේජෝ වායෝ පඨවි කියන මූලද්‍රව්‍ය වලින් ලෝකය හැදුන කියල හිතුවෙ ආදිකාලීනයො.අද මූලද්‍රව්‍ය එකසියගනනක් සොයාගෙනනෙ.ඊට එහා යන සියුම් අංශුත් සොයාගෙනනෙ.
      සක්වල විස්තරය වගෙ ඒව පරණ චෛතසික ආගම්වල පොත් වල තිබෙනව.ඒ ඔක්කොම සමානයි නම් විතරයි වෙනස්.
      මැදපෙරදිග යුදෙව් ආගම,පර්සියාවෙ සොරවැස්ටර් ආගම,ඉන්දියාවෙ බ්‍රහ්මාගම ඊට උතුරින් චීනයෙ තිබුන ටාඕ ආගම සුළු වෙනස්කම් ත්මයි තිබෙන්නෙ.මේ පරිනාමයෙ එක් අවස්තාවක වියුක්ත බ්‍රහ්මයා ,සංයුක්ත වෙලා පස්සෙ බ්‍රහ්මයව අයින්ම කරල දානවා.මේව හරියට වාමාංශික පක්ෂවල තිබුන චීන සෝවියට්,ස්ටාලින් ට්‍රොට්ස්කි බෙදුම් වගෙම තමයි.
      වියුක්ත හා සංයුක්ත බ්‍රහ්මයන් ඉවත් කලාට පස්සෙ සර්ව ව්‍යාපී බලවෙග එනව.කර්මය ජ්‍යොතිෂය ටා ඕ ව්ගෙ නියත වාද.
      සිතේ බලය තුලින් හාස්කම්කළ හැක යන්න ආවෙ ඉන් පස්සෙ.
      කපිලමුණිගෙ සාංඛ්‍ය දර්ශනයෙ සියල්ල වෙනස්වීමක් හා අනිත්‍යබවක් කියවෙනව.කපිලමුණි ක්‍රි:පූ 800 පමන සිටි කෙනෙක්. වෙනස්වීම කියන එක බැලූ බැල්මට පේන දෙයක්නෙ.එහෙම වෙනස්වීමක් තුල ආත්මයක් තිබෙන්නත් බැහැනෙ.මේක දාර්ශනික ගැටළුවක් වෙනව.මොකද එහෙම වුනාම සත්වයට කරන්න කාර්යභාරයක් නැහැනෙ.ඊට පස්සෙ දාර්ශනික ප්‍රයෝග ඕන වෙනව.සිතිවිලි පරම්පරාව වගෙ වෙන වචන දාල ආත්මය අලුතෙන් රෙජිස්ටර් කරනව.
      දැන් ගැටළුව හරි.ආත්මයක් තිබෙනව වෙන වචනෙකින්.දැන් ආයෙ මේක අහෝසි කරගන්න පුලුවන්.ප්‍රයත්නයක් අවශ්‍ය කරනව. මේ ප්‍රයත්නය තමයි දර්න්නෙ සමහරු ශරීරයට දුක් දීල අරහෙ මෙහෙ.
      බුදුන් වහන්සෙ කියනව ආත්මයක් නැති නිසා ප්‍රයත්නයකුත් අවශ්‍ය නෑ කියල.
      බමුණන්ට මේ කතාව මදි වෙනව. බත් පටහ්ක් දන් දී දිව භෝජන ලබන රෙදිකඩක් දන් දී දිව සලු ලබන බඩගිනි බුද්ධාගම බිහිවෙන්නෙ ඉන් පසුව.
      මේ බඩගිනි ආත්මය දිව්‍යමය ආගම්වල ආත්මය ඉක්මවා ගිය මමත්වයක්.

      Delete
  4. මමත් කතන්දර කියවමි..................

    ReplyDelete
    Replies
    1. හොඳයි හොඳයි .ඒත් කතන්දර කියන එක නම් ලේසි නෑ. කිව්වත් අධිපති මතවාදෙත් එක්ක බද්ධ වෙන්න නම් හරිම අමාරුයි.

      Delete
  5. කතන්දර ගොතන්න පුළුවන් අයට ඒ තැන ජය ගන්න හරි ලේසියි නේ..

    ReplyDelete
    Replies
    1. කතන්දර ගොතන්නෙ එක්කෙනෙක් නොවෙයි විශාල පිරිසක් ඉන්නව.මේවත් ජනකතා වගෙයි.කවුද කතෘ කියල කවුරුවත් දන්නෙ නෑ.අන්තිමේදි කතෘ කියල සංකල්පයක් ගොඩ නැගෙනව.ඇත්තටම පුදගලයන් ගනනාවක් එක්වී දිගු කලක් තිස්සේ නිර්මාණය වුන කතාවක මනහ්කල්පිත කතෘ කෙනෙක් නිර්මාණය කරගෙන ඉන්නව වෙන්න පුළුවන්.
      කතන්දර හැම එකක්ම කියවන්න හැමෝටම වෙලාව නෑ.එහෙම කියවන්න වාසනාවන්ත වුන කෙනෙක් දැන ගන්නව.මේ ඔක්කොම කතන්දර කියල.ඒ වගේම එකම කතන්දරයක් බෙදී බෙදී ගිය බවත් දැන ගන්නව.
      නමුත් මිනිස් සිත කතන්දර අහන්න ආසයි.ඒව විශ්වාස කරන්නත් ආසයි.මේ නිසා කතන්දර නැතිවෙන්නෙ නෑ

      Delete
  6. මේ ලිපියෙන් මොකක් අදහස් කළාද කියලා හරියටම වැටහුනේ නැතත් ඉතිහාස කරුණු ටිකක් ගැන විස්තර දැනගත්තා.

    ReplyDelete
    Replies
    1. සමහරු කියනව තමන්ගෙ කතන්දරේ අනික් අයගෙ කතන්දරේට වඩා ලස්සනයි කියල.එහෙම දෙයක් නෑ.ඔක්කොම කතන්දර විතරයි.ඒ වටා හුඟක් පිරිසකගෙ ජීවනෝපාය සකස් වෙලා තිබෙනවා. ඒ වගේම සමාජ බල ධූරාවලියෙ ස්ථාන නිර්මාණය වෙලා.හරිම අපූරුයි

      Delete
  7. ආගම් බිහිවීම සහ ඒවායේ පැවැත්ම ගැන යකාගෙ විග්‍රහය ඉතාම කදිමයි. ඔබේ මතය පිළිබඳ මමද එකඟ වෙමි.

    ReplyDelete
    Replies
    1. ඇගයීම ගැන ස්තුතියි.
      දිව්‍යමය,අතරමැදි හා චෛතසික ලෙස ආගම් හා දර්ශන වර්ගීකරණය කිරීම මගේ වර්ගීකරණයක්.පහසුවට එසේ වර්ග කළත් මේ එකම කතාවක්.මේක එකම වාක්‍යයකට සාරාංශකරන්න පුළුවන්.
      "ඔබේ සිතත් බාහිරයත් අතර සම්බන්ධය (බැදීම් ) නැති කරගන්න"

      Delete
  8. කතන්දර අහපු නැති එකෙනෙක් නම් මේ ලෝකේ නැතුව ඇති...

    ReplyDelete
    Replies
    1. ආගම් පමණක් නොවෙයි ආර්ථික දේශපාලන වශයෙනුත් කතන්දර හදනවා.තම කතන්දරය ඇසුරින් අනාවැකි කියනවා.නිශ්චිතවම අවබෝධ නොවන තාක් එය කතන්දරයක් ලෙසයි මනස යමක් තේරුම් ගන්නේ.
      ඕනම දෙයක් එහෙමයි.
      ඊයෙත් අදත් හෙටත් හැමෝම කතන්දර අහනව.කතන්දර වලින් තොර ලෝකයක් නෑ.අප අත්විදින යතාර්ථය තුල මනසට සියල්ල අවබෝධ කර ගන්න බෑ.ඉතින් සෙසු සියල්ල තේරුම් ගන්නෙ කතන්දර ලෙසයි.

      Delete
  9. //පන්සලේද පල්ලියේද කෝවිලේද මස්ජිදයේද (මුස්ලිම් ) දැල්වෙන්නේ එකම පහනකි.//
    ඕක යකා තේරුම් ගත්තාට,හුගක් මිනිස්සු තේරුම් අරන් නැහැ.

    ReplyDelete
    Replies
    1. ඒක නිකම් බැලූ බැල්මට තේරෙන්නෙ නෑ. බාහිර වත් පිළිවෙත් ඇසුරින් නම් එහෙම දෙයක් පේන්නෙ නෑ.ඒත් අභ්‍යන්තරය නිරීක්ෂණය කළාම මේ එකම කතන්දරයක් බව පේනව

      Delete
  10. ehenam yako me lokaya wishwaya hedune kohomada maha pipurumen wishwaya hedunanam eka pipuruwe mona reddak asseda sathwaya ethi une kohomada parinamayen minisa diyunu molayak lebuwanam parinamayen harakata balata diyunu molayak lebune neththe ai hema minihama eka wage neththe ai mata man kiyala hegeemak denenne ai mata sithuwili pahala wenne kohomada uba yak putha wela ipadune ai uba siranthi nonage bade kalalayak widihata ethi nowune ai minissu duppath wela thawath aya posath wenne ai posath pawul wala ipaduna un uapanda sita sepa widinnei duppath un duk widinnei ai hemoma eka wage pahasukam nethuwa upadinne eka podi ekek ninewelves eke ipadila prado eken gedara yaddi thawa ekek padiyathalawe anduwe ispirithale ipadila landmastaren gedara yanne ai pare yanakota samahara unge ege wahana walin gelawila wisiwena tyre wedila merenne ai ahamben nam eka ai wena ekekge age nowedi ugema wadinne me serama sidda wenne karmaya anuwa

    ReplyDelete
    Replies
    1. ඔන්න මං යුනිකෝඩ් එකට දැම්ම

      එහෙනම් යකො මෙ ලොකය විශ්වය හෙඩුනෙ කොහොමඩ මහ පිපුරුමෙන් විශ්වය හෙඩුනනම් එක පිපුරුවෙ මොන රෙඩ්ඩක් අස්සෙඩ සත්වය එති උනෙ කොහොමඩ පරිනමයෙන් මිනිස ඩියුනු මොලයක් ලෙබුවනම් පරිනමයෙන් හරකට බලට ඩියුනු මොලයක් ලෙබුනෙ නෙත්තෙ අඉ හෙම මිනිහම එක වගෙ නෙත්තෙ අඉ මට මන් කියල හෙගීමක් ඩෙනෙන්නෙ අඉ මට සිතුවිලි පහල වෙන්නෙ කොහොමඩ උබ යක් පුත වෙල ඉපඩුනෙ අඉ උබ සිරන්ති නොනගෙ බඩෙ කලලයක් විඩිහට එති නොවුනෙ අඉ මිනිස්සු ඩුප්පත් වෙල තවත් අය පොසත් වෙන්නෙ අඉ පොසත් පවුල් වල ඉපඩුන උන් උඅපන්ඩ සිට සෙප විඩින්නේ ඩුප්පත් උන් ඩුක් විඩින්නේ අඉ හෙමොම එක වගෙ පහසුකම් නෙතුව උපඩින්නෙ එක පොඩි එකෙක් නිනෙවෙල්වෙස් එකෙ ඉපඩිල ප්‍රඩො එකෙන් ගෙඩර යඩ්ඩි තව එකෙක් පඩියතලවෙ අන්ඩුවෙ ඉස්පිරිතලෙ ඉපඩිල ලන්ඩ්මස්ටරෙන් ගෙඩර යන්නෙ අඉ පරෙ යනකොට සමහර උන්ගෙ එගෙ වහන වලින් ගෙලවිල විසිවෙන ට්ය්‍රෙ වෙඩිල මෙරෙන්නෙ අඉ අහම්බෙන් නම් එක අඉ වෙන එකෙක්ගෙ අගෙ නොවෙඩි උගෙම වඩින්නෙ මෙ සෙරම සිඩ්ඩ වෙන්නෙ කර්මය අනුව

      Delete
    2. විශ්වය තේරුම් ගන්නවටත් වඩා අමාරුයි මේ කොමෙන්ට් එක තේරුම් ගන්න එක.හෙහෙ හෙහෙ
      ඒත් ඔබ අසපු ප්‍රශ්න හොදයි මට එකින් එකට පිළිතුරු දෙන්න පුළුවන්.

      මා සිතන ලෙස විශ්වය යනු අනවරතව කම්පනය වන්නක්.මේ මහා චලනයන් ජාලාකාරව සිදුවෙනව.මෙය සංසරණයක්.මෙය අපෙන් වියුක්තව සිදුවෙනව.හැබැයි අප මේ සංසරනයේ විවිධ හැඩතල හදුනගන්නවා.මේ හැඩතල ගැන තමයි අප කතන්දර හදන්නෙ.අපෙන් වියුක්තව පවතින්නා වූ හැඩතල ගැනයි අපේ කතා.
      විශ්වයේ පදාර්ථයන් යනු ශක්තීන්ගේ වෙනත් ස්වරූපයි.
      අංශු ගැන දිගින් දිගට සොයන විද්‍යාඥයන් ක්වාර්ක්,මීසෝන,හිග් බෝසෝන ආදී වශයෙන් සොයාගෙන යනවා.ඒත් අන්තිමට අංශුව සහ ශක්තිය අතර වෙනසක් නොදැනෙන මට්ටමට එනව.තව විදියකින් කිව්වොත් ශක්තිය හා පදාර්ථය අතර වෙනස නැති මට්ටමට එනව.

      විශ්වය අනවරත කම්පනයක්.මේ කම්පනය තුල අප අත්විදින යතාර්ථයන් තිබෙනව.ඒ තුල අපේ අත්දැකීම් සත්‍ය කියා සිතනව.

      විශ්ව නිර්මාණය ගැන මගෙ උත්තරේ පැහැදිලි ඇති.

      ඊලඟට ඔබ පරිනාමය ගැන අහනව.පරිනාමය ගැන විද්‍යා ලෝකයේ මත ගැටුම් තිබෙනව.ඩාවින් ගැලපගස් දිවයිනේ කළ පර්යේශන අපූරුයි.පරිසරයට අනුව ජාන වෙනස් වී උචිතයා ජය ගැනීම ආදිය තර්කානුකූලයි.නමුත් සීලකාන්ත් වගෙ ජීවීන් පරිනාමය නොවන බව කියනවා.මේ ලඟදි සීලකාන්ත් මාලුවෙක් අල්ලගෙන ඌ ඩයිනෝසර කාලෙ වගේමලු.පරිනාමය නොවන ප්‍රාතමික ජීවීන් එහෙමත් ඉන්න බව කියනවා.
      එවැනි ගැටළු තිබුනත් පරිනාම කටහ්න්දරය තර්කානුකූලයි.
      ඉතින් ඒ පරිනාම ක්‍රියාවලියත් අර කලින් කියපු කතන්දර හැදුන වගේම තමයි.කතන්දර ගොඩකින් එකක් ඉතිරි වෙනව.ඒක ජයගන්නව.ඒ වගේම එක සතෙක් ජයගත්තනෙ .ජය ගත්තෙ මිනිහද බල්ලද ඌරද කියන එක නොවෙයි ප්‍රශ්නෙ.

      කොමෙන්ට් එක දිග වැඩි වෙන නිසා දෙකට කඩල දාන්නම්

      Delete
    3. සිත යනු කුමක්ද කියාත් මමත්වය ඇතිවෙන හැටිත් ඔබ අසා තිබෙනව.ඒක වෙන්නෙ මෙහෙමයි.අපෙන් බාහිර දෙයක් ගැන කරන හදුනාගැනීමේ සටහන තමයි සිතිවිල්ල.මේ සටහන් එක සමාන නැහැ.යම් සටහනක් කිසියම් විශේෂත්වයක් හා සම්බන්ධ වුනොත් ඉන් පසු එම සටහන විශේෂ වෙනවා.ඉන් පසු ලැබෙන වෙනත් සමාන සටහන් අර විශේෂ සටහන වටා එකතුවෙනවා පොදියක් ලෙස.
      මේ විදියෙ පොදි ගනනාවක් තිබෙනව.විශේෂ චේතනාව වටා චේතනා ගොනුවෙනව.නමුත් ප්‍රධාන චේතනාව එකවිටම පවතින්නෙ නෑ.වෙනස් විය හැකියි.එසේම මේ සිතිවිලි කාන්ඩ එකිනෙකින් වියුක්ත නැහ .සමබන්ධයි.මේ ප්‍රධාන චේතනා (භවාංග ) ත් එක් ප්‍රධාන චේතනාවක් වටා ගොනුවෙලයි තිබෙන්නේ.

      මට ග්‍රැෆික් පුළුවන් වෙලා තිබුන නම් මෙය චිත්‍රයක් ලෙස පළ කරන්න තිබුනා.මේ ආකෘතිය සමාජයටත් ගලපන්න පුළුවන්.මෙහිදී ප්‍රධාන චේතනාව යන්න සමාජ ප්‍රතිගෘහිත යන නමින් හැදින්වුවොත් මෙවැනිම ආකෘතියක් තමයි සමාජයේ තිබෙන්නේත්.

      ඔබ ඇසූ නිසයි මේවා කීවේ.

      මමත්වය මනසේ නිර්මාණයක්.අප ටයිප් කරන අකුරු වලට පන ආව කියල හිතන්න ඒව මමත්වයක් සහිත වුනොත් අපි මොනව කරඳ?මමත්වය පහසුවට සාදාගත් සංකල්පයක්.එය වෙනත් මමත්වයකින් යටපත්කරන්න පුළුවන්.

      Delete
    4. දුප්පත් පොහොසත් බේදයට සමාජ ආර්ථික කරුණු බලපානවා.තනි පක්ෂ ආණ්ඩුව හා මානව හිමිකම් ප්‍රශ්න නිසා මම මාක්ස්වාදයට විරුද්ධ වුනත් සෝවියට් දේශය වගෙ සමාජවාදී අත්හදා බැලීම් කළ තැන්වල දුප්පත්කම තිබුනෙ නෑ.භාවිතාවේ නොගැලපීම් එක්ක ප්‍රායෝගික වෙන්න ගිහින් නිළධාරිවාදයක් ඇතිවුනා.ඒක වෙනම දෙයක්. නමුත් පවු කරල දුප්පත් වෙනව පින් කරල පෝසත් වෙනව කියන්නෙ කුහක කතාවක්.
      මොනවද පවු පින් කියන්නෙ කියල ඊලඟට හිතන්න වෙනව.ක්‍රියාව තනිද සාමූහිකද? මම හිතන්නෙ විශ්වයේ තිබෙන්නෙ සාමූහික ක්‍රියා සහ ප්‍රතිපල ලෙසයි.ඒ ගැන වෙනම කතා කළැ යුතුයි.

      අවසාන වශයෙන් අහම්බය ගැන කියන කතාවට උත්තර දෙන්නම්.මම ගල් දහයක් ගහනව එකක් ගහක වදිනව.ඒ ගහ ට එහෙම වුනේ කුමන අකුසල අක්‍රමයක් නිසාද? ගහ එහෙම නොසොතන්නෙ ගහට මමත්වයක් නැති නිසා.නමුත් මමත්වය කියා එකක අපි නිර්මාණය කරගෙන එතනයි අවුල මිත්‍රයා.

      කෙනෙකුට රුපියල් සීයක් පාරෙ තිබිල හම්බවෙනව ඒක අහම්බයක්. හැබැයි එයාට රුපියල් ලක්ෂයක් හම්බවුනොත් ඒක කුසලකර්මයක් පල දීමක්.
      කෙනෙකුට සෙම්ප්‍රතිශ්‍යාව හැදුනොත් ඒක අහම්බයක් .හැමෝටම හැදෙන්නෙ.හැබැයි ඒඩ්ස් හැදුනොත් ඒක අකුසල කර්මයක්.එතකොට පින් පවු කියන්නෙ අහම්බයේ දිගුවක්ද?

      ජානමය හේතු,සමාජ ආර්ථික හේතු නිසා ප්‍රශ්න වලට මුහුණ දෙන අය ඒව පෙර ආත්ම වල තමන් කළැ පවු කියල හිතල නිකරුණේ වරදකාරී හැඟීමකින් ජීවත් වෙනව.මේ සේරටම හේතුම අපි නිර්මාණැය කර ගන්න මමත්වය කියන සංකල්පයයි. ඇපි හැමෝම ෆේක් ප්‍රොෆයිල් තමයි මිත්‍රයා.

      හම්මේ මහන්සියි.මේ වගෙ දිග උත්තර දෙන්න වෙනස් පැති වලට යන්න හිතුවෙවත් නෑ මේක පෝස්ට් එක දමනකොට .

      Delete
  11. very well said ! the way you've explained is really interesting and effective.

    ReplyDelete
  12. යකා අර ඇනෝ කෙනෙකුට දුන්න උත්තරේ හරි. විශ්වය, මුලද්‍රව්‍ය සිය ගානක් හොයා ගැනීම වගේ. හැබැයි ආගම වල සමහර විද්‍යාත්මක කලිත් තියෙනවා. තර්කනයෙන් හොයා ගත් දේ. බුදුහාමුදුරුවෝ පැවතීම හා නොපැවතීම යන දෙක ගැන දේශනා කලා. (existence and nonexistence). ඊට පස්සේ හිටපු මහායාන හාමුදුරුවරු මේක දියුණු කලා . පදාර්ථයේ පැවතීම හා නොපැවතීම යන තත්ව දෙක අතරට අතරමැදි තත්වයක් තියෙනවා. එතකොට නව ක්වන්ටුම් භය්තිකයේ හොයාගෙන හෝ දැන් ඉගෙන ගන්නවා , පදාර්ථයේ ඉතාම කුඩා අංශුන් තත්ව තුනක හෝ ඊට වැඩි ගණනක පවතිනවා කියල. පැවතීම , නොපැවතීම හා ඉන් අතරමැද.

    ReplyDelete
  13. කෝ මේ යකා?
    බෙර පලු දෙකම නෑ නේද?

    ReplyDelete
  14. යකා විමානෙන් එළියට වැඩලා වගේ.. නැත්තම් ඉතින් අපේ පැත්තේ එහෙම ඇවිත් හැම වෙලාවෙම යකා නටනවානේ..........

    ReplyDelete
  15. කතන්දර කොහොමත් රසවත්ය.. :D :P

    ReplyDelete